10.09.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබව දියමන්තියක් සේ කරවන පියා ගැන කිසිම විටෙක සැක ඇති කර නොගන්න. සැක ඇති
බුද්ධියක් තිබීම යනු තමාට පාඩුවක් සිදු කර ගැනීමයි.
ප්‍රශ්නය:
මනුෂ්‍යයයෙකුගෙන් දේවතාවක් වීමට ඇති මෙම අධ්‍යයනයේ විභාගයෙන්, සමත් වීමේ ප්‍රධාන
පදනම කුමක්ද?
පිළිතුර:
විශ්වාසය බුද්ධියේ විශ්වාසය තිබීමට නම් එඩිතරකම තිබිය යුතුයි. මායා මෙම එඩිතරකම බිඳ
දමයි. ඇය ඔබගේ බුද්ධිය, සැක කරන බුද්ධියක් බවට පත් කරවයි. ගමන් කරන අතර, ඔබට මෙම
අධ්‍යයනය පිළිබඳව හෝ ඔබට උගන්වන උත්තරීතර ගුරුවරයා කෙරෙහි සැකයක් පහළ වන්නේ නම්, ඔබ
තමන්ට මෙන්ම අන් අයටත් විශාල පාඩුවක් සිදු කර ගනී.
ගීතය:
සෙනෙහසේ මහා
සයුර ඔබයි. ඉන් එක් බිඳුවකට අපි පිපාසිතව සිටින්නෙමු.
ඕම් ශාන්ති.
ශිව බාබා
ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. ඔය දරුවන් පියාට ප්‍රශංසා කරමින් මෙසේ කියයි
සෙනෙහසේ මහා සාගරය ඔබයි. ඥානයේ මහා සයුර කියාද ඔහුට කියයි. ඥානයේ මහා සයුර වන්නේ
ඒකායන ඔහු පමණයි. වෙනත් අය අඥාන බව කියයි, මන්ද මෙය ඥානය අඥානය ගැන නාටකයකි. ඥානය
ඇත්තේ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයට පමණයි. නව ලෝකය ස්ථාපිත කරනු ලබන්නේ මෙම
ඥානයෙනි. ඔහු නව ලෝකයක් නිර්මාණය කරනවා නොවෙයි ලෝකය අනවිනාශීය. පැරණි ලෝකය
පරිවර්ථනය කර, එය අළුත් කිරීම පමණයි සිදුවන්නේ. සම්පූර්ණ ශුන්‍ය වීමක් සිදු වන්නේ
නැත. මුළු ලොවම කිසි විටෙක විනාශ වන්නේ නැත. ලෝකය පැරණි වී ඇති අතර එය පරිවර්ථනය
කර, නව ලෝකයක් බවට පත් කරවනු ලබනවා. ඔබ අසුන් ගෙන සිටින මෙම නිවස පැරණි වී ඇති බව
පරම පියා විස්තර කර දී තිබෙනවා. අප නව නිවහනට යන බව ඔබ දන්නවා. ඒ අන්දමින්ම පැරණි
දිල්ලිය දැන් විනාශ වීමට යනවා. එය වෙනුවට අළුත් එකක් නිර්මාණය වෙයි. දැන් එය අළුත්
කරන්නේ කෙසේද? පළමුවෙන්ම එහි සිටීමට තරම් වටිනා අය අවශ්‍ය වනවා. නව ලෝකයේ, ගුණධර්ම
වලින් පිරි අය සිටියි. ඔය දරුවන්ට ඔබගේ අරමුණ සහ ඉලක්කය තිබේ. ඔවුන් කවුරු බවට පත්
වෙයිද කියා, ඉගෙන ගන්නා අයට වැටහෙනවා ’මා ශල්‍ය වෛද්‍යවරයෙක් වනවා‘ හෝ ’මම
නීතිඥයෙක් වනවා‘. ඔබ මෙහි පැමිණ සිටින්නේ සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට
පත් වීමට බව ඔබට වැටහෙනවා. අරමුණක් සහ ඉලක්කයක් නොමැතිව කිසිම කෙනෙකුට පාසැලක අසුන්
ගැනීමට නොහැක. කෙසේවෙතත්, මෙම පාසැල කෙතරම් විශ්මිත ද යත්, අරමුණ සහ ඉලක්කය වටහාගෙන
ඔවුන් ඉගෙන ගනිමින් සිටින අතර, ඇතැම් අය ඉන්පසුව මෙම අධ්‍යයනය අතහැර දමා යයි. මෙම
ඉගෙනුම වැරදි බවත්, ඔවුන්ගේ අරමුණ සහ ඉලක්කය මෙය නොවන බවත්, මෙය කිසි විටෙක සිදු
විය නොහැකි බවත් ඔවුන් සිතන්නට පටන් ගන්නවා. ඔවුන්ට උගන්වන කෙනා කෙරෙහිද ඔවුන් සැක
උපදවා ගන්නවා. ඇතැම් විට ලෞකික ඉගෙනුම් වලදී, ශිෂ්‍යයන්ට ඉගෙන ගැනීමට සෑහෙන මුදල්
නොමැති විට හෝ ඔවුන්ට එඩිතරකමක් නොමැති විට, ඔවුන් තම ඉගෙනුම හැර යයි. නීතිඥයෙකු
වීමට ඇති දැනුම වැරදි බව හෝ උගන්වන කෙනා වැරදියි කියා හෝ ඔබ නොකියයි. මෙහි
මනුෂ්‍යයින්ට විශ්මිත බුද්ධි තිබේ! ඉගෙනුම කෙරෙහි ඔබ සැක උපදවා ගන්නා බැවින්, මෙම
අධ්‍යයනය වැරදියි, මෙය උගන්වන්නේ පරමාත්ම දෙවියන් නොව, ඔබට රාජධානියක් හිමි
කරගැනීමට නොහැක ආදියත්, මේ සියලුම දේ බොරුවක් බවත් ඔබ පවසයි. මේ අන්දමින් සිතා බොහෝ
දරුවන් මෙම ඉගෙනුම අත්හැර දමයි. සෑම කෙනෙක්ම මෙසේ කියනු ඇත මනුෂ්‍යයින්ව දේවතාවන්
බවට පරිවර්ථනය වන එම ඉගෙනුම, ඔබට ඉගැන්වූයේ පරමාත්ම දෙවියන් බව ඔබ පැවසුවා. එසේ නම්
සිදුවූයේ කුමක්ද? ඔබ කියන්නේ නැහැ! නැහැ! ඒ සියල්ලක්ම බොරු. ඔබට අරමුණ සහ ඉලක්කය
නොවැටහෙන බව ඔබ පවසයි. විශ්වාසයෙන් ඉගෙන ගත් ඇතැම් අය සිටියා. පසුව ඔවුන් තුළ සැක
පහළ වූ සැනින්ම ඔවුන් ඉගෙනගැනීම නතර කළා. ඔවුන්ට විශ්වාසය ඇති වූයේ කෙසේද, පසුව
ඔවුන්ගේ බුද්ධියට සැකය ඇතුළු කළේ කවුද? එම පුද්ගලයා තවමත් ඉගෙනගනිමින් සිටියේ නම්,
ඔහුට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට හැකි වන්නට තිබුණු බව කියයි. බොහෝ දෙනෙක් දිගටම
ඉගෙනගනී. නීතිඥයන් වීමට ඉගෙනගන්නා අතර, ඇතැම් අය මගදි එය නතර කරන අතර වෙනත් අය
දිගටම ඉගෙනගෙන නීතිඥයින් බවට පත් වෙයි. සමහරු ඉගෙනගෙන සමත් වන අතර තවත් අය අසමත්
වෙයි එවිට ඔවුන්ට අඩු තත්ත්වයක් හිමි වෙයි. මෙය වැදගත් විභාගයකි. එය සමත් වීම සඳහා
ඔබට බොහෝ එඩිතරකමක් අවශ්‍යයි. පළමුවෙන්ම ඔබගේ බුද්ධිය තුළ විශ්වාසය තිබෙන්නට, ඔබට
එඩිතරකම අවශ්‍ය වෙයි. මායා කෙසේද යත්, එක් මොහොතක ඔබට විශ්වාසය ඇති අතර ඊලඟ මොහොතේ
ඔබට සැක ඇති බුද්ධි තිබෙයි. මෙහි ඉගෙනගැනීමට බොහෝ දෙනෙක් පැමිණෙන නමුත් ඇතැම් අයට
මොට වූ බුද්ධි තිබේ ඔවුන් සමත් වන්නේ අංක පිළිවෙලටයි. පුවත්පත් වලද ලැයිස්තුවක් පළ
වෙයි. මෙහිද එය එසේම සිදු වෙයි. මෙහි ඉගෙනගැනීමට බොහෝ දෙනෙක් පැමිණෙයි. සමහරුන්ට
හොඳ බුද්ධි ඇති අතර සමහරුන්ට මොට වූ බුද්ධි තිබේ. ඔවුන්ට මොට වූ බුද්ධි ඇති නිසා
ඔවුන්ට සැක පහළ වී, පිට වී යයි. එවිට ඔවුන් අන් අයටද හානි සිදුකරයි. මෙවැනි කියමනකි
සැක ඇති බුද්ධි තිබෙන අය විනාශය කරා යයි. ඔවුන්ට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට
නොහැක. ඔබට විශ්වාසය තිබෙන නමුත් ඔබ සම්පූර්ණයෙන්ම ඉගෙන නොගන්නේ නම්, ඔබට සමත් වීමට
නොහැක, මන්ද ඔබගේ බුද්ධියෙන් ඵලක් නොමැති නිසා. ඔබට ඥානය ධාරණය කරගැනීමට නොහැක. ඔබ
ජීවාත්මයක් බව ඔබට අමතක වෙයි. පරම පියා පවසන්නේ මා ඔය ජීවාත්මයන්ගේ පියාය. පරම පියා
පැමිණ ඇති බව ඔය දරුවන් දන්නවා. ඇතැම් අයට බොහෝ බාධක තිබේ, එබැවින් ඔවුන් සැක පහළ
කරගනී. එවිට ඔවුන් කියන්නේ මට මේ-මේ ගුරුවරයා ගැන විශ්වාසයක් නැහැ. බ්‍රහ්මණ
ගුරුවරුන් කුමන ආකාරයේ වුවද, ඔබ ඒත් ඉගෙන ගත යුතු නොවේද? ඔබගේ ගුරුවරයා ඔබට හොඳින්
උගන්වන්නේ නැතිනම්, ඔබට ඉගැන්වීමෙන් ඇයව නිදහස් කිරීමට ඔබ සිතන නමුත්, ඒ වුවද ඔබ
ඉගෙන ගත යුතුයි. මෙය පරම පියාගේ ඉගෙනුමයි. ඔබට උගන්වන්නේ, උත්තරීතර ගුරුවරයාය.
බ්‍රහ්මණ ගුරුවරුන්ද ලබා දෙන්නේ ඔහුගේ (පරම පියාගේ) ඥානයයි. එබැවින් ඔබ මෙම ඉගෙනුමට
අවධානය යොමු කළ යුතුයි. ඔබ ඉගෙනගත්තේ නැතිනම් ඔබට විභාගය සමත් වීමට නොහැකි වෙයි.
කෙසේවෙතත්, පරම පියා කෙරෙහි ඔබගේ විශ්වාසය බිඳුනොත් ඔබ ඉගෙනීම නතර කරයි. ඔබ ඉගෙන
ගන්නා අතර, ඔහුගේ මාර්ගයෙන් ඔබට යම් තත්ත්වයක් හිමි වෙයිද නැද්ද කියා ඔබ ගුරුවරයා
කෙරෙහි සැක උපදවා ගන්නේ නම්, ඔබ ඉගෙනුම නවතා දමයි. එවිට ඔබ අන් අයටත් එය පළුදු
කරයි. ඔබ අපහාස කරන විට, ඉන් වඩාත් හානියක් සිදුවෙයි. විශාල පාඩුවක් අත්විඳියි. පරම
පියා පවසන්නේ මෙහි යමෙක් පාපයක් සිදු කළොත්, ඔහුට සිය ගුණයක දඬුවම් විඳීමට
සිදුවෙයි, මන්ද ඔහු තව බොහෝ දෙනෙකුගේ සිත් නරක් කිරීමට උපකරණයක් වන බැවින්. ඔබ
කොපමණ ප්‍රමාණයකට පුණ්‍යවන්ත ජීවයක් වී සිටියාද, ඔබ එවිට පාපතර ජීවයක් වේවි. ඔබ මෙම
ඉගෙනුම තුළින් පුණ්‍යවන්ත ජීවාත්මයක් වෙයි. ඔබව පුණ්‍යවන්ත ජීවාත්මයක් බවට පත්
කරවන්නේ ඒකායන පියා පමණයි. ඇතැම් අයට ඉගෙන ගැනීමට නොහැකි නම්, නිසැකයෙන්ම යමක්
නිවැරදි නැහැ. එවිට ඔවුන් කියන්නේ මගේ භාග්‍යයේ ඇති දේ! ඉතිං මා කුමක් කරන්නද?
ඔවුන්ට හෘදයාබාධයක් වැලඳී ඇති සේය. මෙහි පැමිණ ජීවමාන මරණයක් ලද අය, ඉන්පසුව රාවණගේ
රාජධානියේ ජීවමාන මරණයකට ආපසු යයි. තමන්ගේ ජීවිත දියමන්තියක් මෙන් කිරීමට ඔවුන්ට
නොහැක. මනුෂ්‍යයින්ට හෘදයාබාධයක් වැළඳුන විට, ඔවුන් වෙනත් උපතක් ගනී. මෙහිදී,
ඔවුන්ට හෘදයාබාධයක් වැළඳුන විට, ඔවුන් රකුසු සමාජයට යයි. මෙය, ඔබගේ ජීවමානව මියැදෙන
උපතයි. ඔබ මෙහි පැමිණෙන්නේ නව ලෝකයට යාම සඳහා, පියාට අයත් වීමටය. ජීවාත්ම එහි යයි.
ජීවාත්මය වන මා, ශරීරයේ අවධානය අත්හල විට, මා ජීව අවධානයට පත් වී ඇති බව වැටහෙයි.
මා එක් දෙයක් වන අතර, ශරීරය වෙනත් දෙයකි. ජීවාත්මයක් එක් සිරුරක් අතහැර වෙනත් එකක්
ගනී. එබැවින් ජීවාත්මය නිසැකයෙන්ම වෙන් වූ දෙයක් වෙන්නට ඇති. ඔබ ශ්‍රීමත්
පිළිපැදීමෙන්, භාරතයේ, දිව්‍ය ලෝකය ස්ථාපිත කරන බව, ඔය ජීවාත්මයන්ට වැටහෙයි.
මනුෂ්‍යයින්, දේවතාවන් බවට පරිවර්ථනය කරන කලාව ඉගෙන ගත යුතුයි. වෙනත් සත්‍යයේ
ආශ්‍රයක් නැති බව ඔය දරුවන්ට පවසා තිබේ. සත්‍යය යැයි කියන්නේ ඒකායන පරම ජීවයට
පමණයි. ඔහුගේ නම ශිවා වන අතර, ස්වර්ණමය යුගය ස්ථාපිත කරන්නේ ඔහු පමණයි. කලි යුගයේ
කාල වකවානුව අනිවාර්යෙන්ම අවසන් විය යුතුයි. මුළු ලෝකයේම චක්‍රය, බ්‍රමණය වන ආකාරය,
චක්‍රයේ පිංතූරයේ ඉතා පැහැදිලිය. දේවතාවන් වීම සඳහා, සංගම යුගයෙදී ඔබ පරම පියාට
අයත් වනවා. ඔබ පරම පියාව හැර ගියොත් ඔබ නතර වන්නේ කලි යුගයේය. බ්‍රහ්මණයෙකු වීම ගැන
යමෙකුට සැක ඇති වන්නේ නම්, ඔහු ගොස් ශුද්‍ර සමාජයේ කොටසක් බවට පත් වනවා. එසේ නම්
ඔහුට දේවතාවක් විය නොහැක. දිව්‍යලෝකයේ ස්ථාපනය සඳහා අත්තිවාරම තැබෙන ආකාරය ගැනද
පියා විස්තර කර දෙනවා. පළමුව, අත්තිවාරම තබන උත්සවයත් ඊට පසුව විවෘත කිරීමේ
උත්සවයත් පවත්වයි. මෙහි, සෑම දෙයක්ම අදෘෂ්‍යමානයි. ඔබ දිව්‍ය ලෝකයට යාමට සූදානම් වන
බව ඔබ දන්නවා. එවිට, අපාය ගැන සඳහනක් ඇති නොවෙයි. අවසානය දක්වාම, ඔබ ජීවත් වන
තුරාම, ඔබ අනිවාර්යෙන්ම ඉගෙනගත යුතුයි. ඔබව පිවිතුරු කරන ඒකායන පියා පමණයි,
පාරිශුද්ධකරු වන්නේ. පරම පියා ඔබව පිවිතුරු කිරීමට පැමිණෙන, සංගම යුගය, මෙය බව ඔය
දරුවන්ට දැන් වැටහෙනවා. ඔබ මෙසේ ලිවිය යුතුයි සාමාන්‍ය මනුෂ්‍යයන්, නාරායන බවට
පරිවර්ථනය වන්නේ මෙම වඩාත්ම ශුභදායක සංගම යුගයේදීය. මෙය ඔබගේ දේවමය උපත් අයිතිය
බවත් ලියැවේ. පරම පියා ඔබට දැන් දිව්‍යමය ද්‍රිෂ්ඨියක් ලබා දෙනවා. මෙම 84 හි චක්‍රය
දැන් අවසන් වී ඇති බව, ජීවාත්ම දන්නවා. පියා මෙතැන අසුන් ගෙන පහදා දෙන්නේ
ජීවාත්මයන්ටයි. ජීවාත්මය ඉගෙන ගන්නා නමුත් ඔහු චක්‍රයෙන් භාගයක්ම ශරීර අවධානයෙන්
සිට ඇති නිසා, ඔහු නැවත නැවතත් ශරීර අවධානයට පත් වෙයි. එබැවින් ජීවාත්ම අවධානයට පත්
වීමට කල් ගත වනවා. පරම පියා මෙතැන අසුන් ගෙන සිටින අතර ඔබට කාලය දී තිබේ.
බ්‍රහ්මාගේ ආයුෂ කාලය වසර 100 ක් බව කියන අතර එය අඩුද විය හැක. කෙසේවෙතත්, බ්‍රහ්මා
පිටවී ගියොත්, ස්ථාපනය සිදු වන්නේ නැතැයි ඉන් කියැවෙන්නේ නැහැ. සේනාව වන ඔබ, තවමත්
මෙහි අසුන් ගෙන සිටිනවා. පරම පියා ඔබට එම මන්ත්‍රය ලබා දී තිබේ. ඔබ ඉගෙනගත යුතුයි.
ලෝක චක්‍රය බ්‍රමණය වන ආකාරය ඔබගේ බුද්ධියේ තිබේ. ඔබ සිහිපත් කිරීමේ වන්දනාවේ සිටිය
යුතුයි. ඔබගේ පාපයන් දුරු වන්නේ සිහිපත් කිරීම තුළිනි. භක්ති මාර්ගයේ ඔබ සෑම
කෙනෙක්ම පාප ක්‍රියා සිදුකරමින් සිටියා. නව ලොවෙහි සහ පැරණි ලොවෙහි ගෝල දෙක, ඔබ
ඉදිරියේ ඇත. ඔබට මෙසේ ලිවිය හැක රාවණගේ රාජධානිය වන පැරණි ලෝකයට මරණය වන අතර, ඥානයේ
මාවත, රාමාගේ රාජධානිය වන නව ලෝකයට ජය. පිදුම් ලබන්නට සුදුසුව සිටි අය, වඳින්නන්
බවට පත් වී ඇත. ක්‍රිෂ්ණා ලස්සන මෙන්ම පිදුම් ලබන්නට සුදුසුව සිටියා. කෙසේවෙතත්
පසුව, ඔහු රාවණගේ රාජධානියේ අවලස්සන වඳින්නෙක් විය. මෙය විස්තර කර දීම පහසුයි.
පළමුව පිදීම ආරම්භ වූ විට, ඔවුන් විශාල දියමන්ති ලිංගමයක් නිර්මාණය කළා. එය බොහෝ සේ
වටින්නේය, මන්ද පරම පියා ඔබව බොහෝ ධනවත් කළ නිසා. දියමන්තිය වන්නේ ඔහුමය. එබැවින්
ඔහු ජීවාත්මයන්වත් දියමන්ති මෙන් කරවන්නේය. ඔබ ඔහුගේ දියමන්ති පිළිරුවක් සාදා, එය
තබා ගත යුතු නොවේද? දියමන්තියක් සෑම විටෙකම තබන්නේ මැදය. එය ගරුඩ පාෂාණ ආදියෙන්
තැනුවේ නම් එතරම් වටින්නේ නැත. දියමන්තිය, මැද තැන්පත් කරන්නේ මේ නිසාය. මාණික්‍ය
අටක් ඔහු විසින් ජයග්‍රාහී මාලාවේ පබුළු බවට සාදනු ලබයි. වැඩිම වටිනාකමක් ලබා
දෙන්නේ දියමන්තියකටයි. අන් සියල්ලම අංක පිළිවෙලට වෙයි. ඔබව මෙය බවට පත් කරවන්නේ ශිව
බාබාය. පියා හැර වෙනත් කිසිම කෙනෙකුට මෙම දේවල් විස්තර කළ නොහැක. ඉගෙන ගන්නා අතර
ඇතැම් අය මෙම ඥානයෙන් විශ්මයට පත් වෙයි. ඔවුන් ’බාබා! බාබා!‘ යැයි කියන අතර ඉන්පසුව
ඔහු හැර යයි! ඔබ ශිව බාබාට ’බාබා‘ කියා පැවසූ පසු, ඔහුව කිසිම විටෙක හැරදා නොයා
යුතුයි. එසේ නැත්නම්, එය ඔබගේ වාසනාව බව කියනු ලබයි! ඔවුන්ගේ භාග්‍යයේ වැඩි දෙයක්
නොමැති අය, සිය ගුණයක දඬුවම් විඳින්නට සිදුවන අන්දමේ ක්‍රියා සිදු කරනු ඇත.
පුණ්‍යවන්ත ජීවයක් වීමට ඔබ උත්සාහ දැරිය යුතුමයි. ඉන්පසුව, පාපයක් සිදු කළොත්, එම
පාපය සිය ගුණයක් බවට පත් වෙයි ඔවුන් ඉන්පසුව කුරුමිට්ටන් බවට පත් වෙයි ඔවුන්ට
වර්ධනය විය නොහැක. ඔබට සිය ගුණයක දඬුවම් තිබේ නම්, ඔබගේ ස්ථීතිය ශක්තිමත් වන්නේ
නැත. ඔහු මාර්ගයෙන් ඔබ දියමන්ති මෙන් වන, පරම පියා කෙරෙහි, ඔබ සැක උපදවා ගන්නේ ඇයි?
ඔබ මොනම හේතුවකට හෝ පියා හැර දමා ගියොත් ඔබට බොහෝ අවාසනාවන්ත ජීවයක් යැයි කියයි. ඔබ
කොහේ ජීවත් වුවත්, ඔබ පරම පියාව සිහිපත් කළ යුතුයි, එවිට ඔබ දඬුවම් විදීමෙන් නිදහස්
වෙයි. ඔබ මෙහි පැමිණෙන්නේ අපවිත්‍ර බවින් පිවිතුරු වීමටයි. ඔබ අතීතයේ යම් ආකාරයක
ක්‍රියා සිදුකර ඇති නිසා, ශරීරය තුළින් බොහෝ වේදනා විඳීම සිදුවෙයි. දැන් ඔබව
චක්‍රයෙන් භාගයකට ඉන් මුදවනු ලබනවා. ඔබ කොයි තරම් දුරට ප්‍රගතිය කරා යනවාද, අන් අයට
සේවය කරනවාද කියා, තමන්ව පරික‍්ෂා කර බලන්න. ලක‍්ෂ්මි සහ නාරායනගේ පිංතූරයේ මුදුනේ
ඔබට මෙසේ ලිවිය හැක මෙය දැන් ස්ථාපිත වෙන, ලෝකයේ සාමයේ රාජධානියයි. ඔබගේ අරමුණ සහ
ඉලක්කය මෙයයි. එහි, සියයට සියයක් පාරිශුද්ධත්වය, සාමය සහ සතුට තිබේ. ඔවුන්ගේ
රාජධානියේ වෙනත් ධර්මයක් නැත. එබැවින් දැන් පවතින සියලුම ආගම් අනිවාර්යෙන්ම විනාශ
වෙයි. මෙම දේවල් විස්තර කිරීමට මහා නුවණක් අවශ්‍යයි. එසේ නැත්නම් ඔබ විස්තර කරන්නේ
ඔබගේ ස්ථීතියට අනුවයි. පිංතූර ඉදිරියේ අසුන් ගෙන මේ සියලුම දේවල් ගැන සිතන්න. ඒ සෑම
එකක්ම ඔබට විස්තර කර දී ඇත. ඔබ ඒවා වටහාගෙන ඇති බැවින් ඔබ එය වෙනත් අයට විස්තර කළ
යුතුයි. මේ නිසයි බාබා ඔබව කලාගාර විවෘත කිරීමට දිරිමත් කරවන්නේ. ’දෙව්ලොව දොරටුව‘
ඉතා හොඳ නමකි. එහි තිබෙන්නේ ’දිල්ලි දොරටුව‘ සහ ’ඉන්දියා දොරටුවයි‘. මෙය දෙව්ලොවේ
දොරටුවයි. ඔබ දැන් දෙව්ලොවෙහි දොරටු විවර කරනවා. මිනිසුන් වංකගිරියක (අවුල් ජාලයක)
පැටලෙන ආකාරයෙන්, භක්ති මාර්ගය ඒ තරමටම අවුලට පත් වී ඇත කිසිම කෙනෙකුට පිටවන මාර්ගය
සොයා ගත නොහැක. සෑම කෙනෙක්ම මායා රාජධානියේ සිරවී සිටියි. ඔබව ඉන් මුදවාගැනීමට, පරම
පියා දැන් පැමිණ සිටියි. සමහරු ඉන් මිදෙන්නට අකමැතිය, එවිට පියා කුමක් කරන්නද? පරම
පියා මෙසේ පවසන්නේ ඒ නිසාය ඔබට වඩාත්ම අවාසනාවන්ත අයව දැකගැනීමට වුවමනා නම්, මෙහි
ඉගෙන ගැනීම නතර කරන අයව දැකගන්න. ඔවුන්ට සැක ඇති බුද්ධි තිබෙන අතර, බොහෝ උපත්
ගණනාවකට තමන්ව මරා දමයි. මෙය සිදු වන්නේ, ඔවුන්ගේ වාසනාව පළුදු වූ විටයි. නරක දශා
තිබෙන විට, ලස්සන වනවා වෙනුවට, ඔවුන් අවලස්සන වෙයි. ඉගෙනගන්නේ අදෘෂ්‍යමාන
ජීවාත්මයි. ජීවාත්ම සෑම දෙයක්ම කරන්නේ සිරුරු තුළින්ය. ශරීර නොමැතිව, ජීවාත්ම වලට
කිසි දෙයක් කළ නොහැක. තමන් ජීවාත්මයක් බව සැලකීමට, උත්සාහයක් දැරීමට අවශ්‍ය වෙයි.
තමන් ජීවාත්මයක්, යන විශ්වාසය ඔබට නැති විට, ඔබ ශරීර අවධානයට පත් වෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. උත්තරීතර
ගුරුවරයා අපට උගන්වන ඉගැන්වීම්, අපව මනුෂ්‍යයින්ගෙන් නාරායන බවට පරිවර්ථනය කරයි.
මෙම විශ්වාසය ඇති කරගෙන, ඔබගේ ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඔබට උගන්වන
ගුරුවරයා දෙස නොබලන්න.
2. ජීවාත්ම අවධානයට
පත් වන්නට උත්සාහ දරන්න. ඔබ ජීවමානව මිය ගොස් ඇති බැවින්, ඔබගේ ශරීරය පිළිබඳ සියලු
අවධානය අත්හරින්න. පුණ්‍යවන්ත ජීවාත්මයක් බවට පත් වන්න. කිසිම පාපකාරී ක්‍රියාවක්
සිදු නොකරන්න.
වරදානය:
ඔබ සියලු
නිධානයන්ගෙන් පිරී ගොස් ස්ව දර්ශන චක්‍රය භ්‍රමණය කිරීමේ අවධානය ඇති කර ගැනීමෙන්
ඔබේ පරිපූර්ණත්වයේ ස්ථිතිය නිරන්තරයෙන් අත්විඳිත්වා.
ස්ව දර්ශන චක්‍රය
නිරන්තරයෙන් භ්‍රමණය කරන අය මායා භ්‍රමණයේ බොහෝ ආකාර වලින් නිදහස්ව සිටිති. ස්ව
දර්ශන චක්‍රය සියලු නාස්තිකාර භ්‍රමණයන් අවසන් කරයි. එය මායා පලවා හරියි. මායාට
එවැනි ජීවාත්ම ඉදිරියේ සිටිය නොහැක. මන්ද, ස්ව දර්ශන චක්‍රය භ්‍රමණය කරන දරුවන්
නිරන්තරයෙන් පිරී ඇත; ඔවුන් නොසැලී සිටිති. ඔවුන් සියලු නිධානයන්ගෙන් පිරී සිටින බව
අත්විඳිති. මායා ඒවා හිස් කිරීමට උත්සාහ කරන නමුත් ඔවුන් නිරන්තරයෙන් ප්‍රවේශම්
සහගත අවදියෙන් සිටින සහ දැල්වෙන ආලෝකයන් වන බැවින් මායාට ඔවුන්ට කිසිවක් කළ නොහැක.
තම අවධානයේ ආරක්ෂක භටයින් අවදියෙන් තබාගෙන සිටින අය නිරන්තරයෙන් ආරක්ෂිතව සිටිති.
පාඨය:
ඔබගේ වචන තුළට
පවිත්‍ර සහ උසස් හැගීම් මුසුකර ගැනීම තුළින් එම වචන ඉතා බලවත් කරගන්න.
අව්‍යක්ත සංඥාව: දැන්
සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.
බලවත් ස්මරණය ලබා
ගැනීමට නම්, ඔබේ සෙනෙහස අවංක හදවතකින් පැමිණිය යුතුය. අවංක හදවත් ඇති අයට
තත්පරයකින් තිතක් බවට පත්විය හැකි අතර “බාබා” තිත සිහිපත් කළ හැකිය. ඔවුන්ගේ අවංක
හදවත් වලින් පරමාත්ම දෙවියන්ව සතුටු කිරීම නිසා, එවැනි ජීවාත්ම පරමාත්ම පියාගෙන්
විශේෂ ආශිර්වාද හිමිකර ගනී. එමගින් ඔවුන්ට පහසුවෙන් එකම සිතිවිල්ලක ස්ථාවර වීමට
හැකි වේ. ඔවුන් ගිණිකඳු ස්වරූපයෙන් ස්මරණය අත්විඳින අතර සෑම තැනකම බලවත් කම්පන
පතුරුවනු ඇත.