10.11.24 Avyakt Bapdada
Sinhala
Murli 14.11.2002 Om Shanti Madhuban
බ්‍රහ්මින් ජීවිතයේ
සහ සාර්ථකත්වයේ පදනම වන්නේ බුද්ධිය තුල විශ්වාසය තිබීමයි.
අද දින, සර්ව බලධාරී
පියා, සෑම තැනකම සිටින ඔහුගේ සර්ව බලධාරී දරුවන්ව දකිනවා. සෑම දරුවෙක්ම සියළු බල
ඇති අය වී ඇති අතර පියාට සමාන වීමේ ශ්‍රේෂ්ඨ උත්සාහයේ නියැලී සිටිනවා. දරුවන්ගේ මෙම
ගැඹුරු ආශාව දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. දරුවන්ගේ මෙම අධිෂ්ඨානයට බාප්දාදා බොහෝ
ප්‍රිය කරනවා. බාප්දාදා දරුවන්ට පවසන්නේ: ඔබට පියාට වඩා ඉදිරියට යා හැක, මන්ද
සිහිවටන වලත් පරම පියාව එක් ස්වරූපයකින් වන්දනා කරන නමුත් ඔය දරුවන්ව ස්වරූප
දෙකකින් වන්දනා කරයි. එමෙන්ම ඔබ බාප්දාදාගේ හිස මත කිරුළයි. දරුවන්ගේ ආත්ම අභිමානය
දැක, බාපදාදා සෑම විටම පවසන්නේ: අපූරුයි! ශ්‍රේෂ්ඨ ආත්ම අභිමානයක් ඇති අය, තමන්ගේ
පාලකයන්, දරුවන්, අපූරුයි! සෑම දරුවෙකුගේම විශේෂත්වය සෑම කෙනෙකුගේම නළල මත බැබලෙන
අතර එය පියාට පෙනෙයි. ඔය සෑම කෙනෙක්මත් ඔබගේ විශේෂත්වය දැන් හදුනාගෙන, එය නොකඩවා
ලෝක සේවය වෙනුවෙන් භාවිතා කරයි. ඔය සෑම කෙනෙක්ම කෙතරම් දුරට පරමාත්ම දෙවියන්ගේ
සෙනෙහසට සහ පවුලේ අයගේ සෙනෙහසට පාත්‍ර වී සිටින්නේද කියා පරීක්ෂා කර බලන්න, මන්ද,
පරම පියා බ්‍රහ්මින් පවුල නිර්මාණය කරන්නේ සංගම යුගයෙදිය. එබැවින් පරමාත්ම
දෙවියන්ගේ සෙනෙහස ලැබීම මෙන්ම පවුලේ සෙනෙහස ලැබීමත් අත්‍යාවශ්‍යයි.
අද බාප්දාදා සියළුම
දරුවන්ගේ බ්‍රහ්මින් දිවියේ අත්තිවාරම දෙස බලමින් සිටියා. අත්තිවාරම රදා පවතින්නේ
ඔබගේ බුද්ධිය තුල විශ්වාසය තිබීම මතයි. මේ නිසයි, විශ්වාසය ඇති තැන, සෑම
සිතිවිල්ලකින් සහ කාර්යයකින්ම ජයග්‍රහණය සහතික වී තිබෙන්නේ. සාර්ථකත්වය, ජන්ම
උරුමයක් ලෙස ඉබේටම සහ පහසුවෙන් හිමි වෙයි. ඔබගේ ජන්ම උරුමය වෙනුවෙන් වෙහෙස වී වැඩ
කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. බ්‍රහ්මින් ජීවිතයේ සාර්ථකත්වය, ඔබගේ ගෙල වටා ඇති
මල්දමයි. බ්‍රහ්මින් දිවියක් යනු, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමය. බ්‍රහ්මින්
දිවියේ, සාර්ථකත්වය තිබෙයිද, නැද්ද, පිලිබද ප්‍රශ්නයක් නැත. බුද්ධියේ විශ්වාසය ඇති
අය, සෑම විටම පරම පියා සමග ඒකාබද්ධ වී සිටියි. එබැවින් පරම පියා ඔබ සමග එකාබද්ධ වී
ඇති තැන, ඔබ නිරන්තරයෙන් සාර්ථකත්වය ලබාගනී. එබැවින් ඔබ කෙතරම් දුරට සාර්ථකත්වයේ
ප්‍රතිමූර්තියක් වී ඇද්ද කියා පරීක්ෂා කර බලන්න. සාර්ථකත්වයේ ප්‍රතිශතයක් තිබෙන්නේ
නම්, එයට හේතුව, ඔබගේ විශ්වාසයේ ප්‍රතිශතයක් තිබීමයි. පරම පියා කෙරෙහි පමණක්
විශ්වාසය තිබීම ඉතා හොදයි, නමුත් විශ්වාසය යනු, පියා කෙරෙහි විශ්වාසය තිබීම, තමන්
ගැන විශ්වාසය තිබීම, නාටකය පිලිබද විශ්වාසය තිබීම සහ පවුල පිලිබදවද විශ්වාසය
තිබීමයි. මෙම කාරණා සතර ගැන ඔබට විශ්වාසය තිබීමේ පදනමට අනුව, ඔබට ඉබේටම සහ පහසුවෙන්
සාර්ථකත්වය හිමි වෙයි.
ඔය සියළුම දරුවන්ට
පියා පිලිබද විශ්වාසය තිබේ, එමෙන්ම ඔබ මෙහි පැමිණ ඇත්තේද ඒ නිසයි. පියා තුලත් ඔබ
සියළු දෙනා කෙරෙහි විශ්වාසය තිබේ, ඔහු ඔබව ඔහු සතුකර තිබෙන්නේද මේ නිසයි. කෙසේවෙතත්
බ්‍රහ්මින් දිවියේ පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වීම සදහා, තමන් පිලිබද විශ්වාසය තිබීම
අත්‍යාවශ්‍යයි. බාප්දාදාගෙන් ඔබට හිමි වී ඇති, ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් වීමේ උසස්
ආත්ම-අභිමානය නිරන්තරයෙන් ඔබගේ අවධානයේ තබා ගන්න. “මා, පරමාත්ම දෙවියන්ගෙන් ගෞරවය
ලබ ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයක්.” ඔබ සාමාන්‍ය ජීවාත්මයක් නොවෙයි, නමුත් ඔබ දෙවියන්ගෙන්
ගෞරවය ලබා ඇති ජීවාත්මයක්. එබැවින් සෑම සිතිවිල්ලක සහ ක්‍රියාවකම ආත්ම-අභිමානය
තිබීමෙන්, ඔබට සාර්ථකත්වය ලබා ගැනීමට අනිවාර්යෙන් මග පෑදෙයි. ඔබ සාමාන්‍ය ක්‍රියා
සිදු කරන ජීවාත්මයක් නොවෙයි, නමුත් ඔබ ආත්ම අභිමානයේ ස්ථාවරව රැදී සිටින
ජීවාත්මයකි. සෑම ක්‍රියාවකම ආත්ම අභිමානය තිබීම, ඔබට පහසුවෙන් සාර්ථකත්වය ලබා
ගැනීමට මගපාදයි. තමන් පිලිබද විශ්වාසය ඔබගේ බුද්ධිය තුල තිබීමේ ලක්ෂණය වන්නේ, ඔබට
සාර්ථකත්වය සහ ජයග්‍රහණය ලැබීමයි. ඒ අන්දමින්ම, ඔබට පරම පියා කෙරෙහි ස්ථිර
විශ්වාසයක් තිබේ, එමෙන්ම එහි විශේෂත්වය වන්නේ ඔබ නිරන්තරයෙන් පියාට අයත් වීම සහ
පියා ඔබට අයත් වීමයි. නිරන්තර ජයග්‍රහණයේ පදනම මෙයයි. “මගේ බාබා” නිකම්ම “බාබා”
නොවෙයි, නමුත් “මගේ බාබා”. ඔබගේ දේකට ඔබට අයිතියක් තිබේ. බුද්ධිය තුල විශ්වාසය
තිබෙන සහ “මගේ බාබා” යයි පවසන ජීවාත්මයකට සාර්ථකත්වයට සහ ජයග්‍රහණයට නිරන්තර
අයිතියක් තිබේ. ඒ අන්දමින්ම නාටකය පිලිබදව සම්පූර්ණ විශ්වාසයක් තිබිය යුතුයි.
සාර්ථකත්වය සහ ගැටළු - නාටකයේ දෙයාකාරයේම සිදුවීම් පැමිණෙයි. කෙසේවෙතත් ගැටළුකාරී
අවස්ථාවකදි ඔබගේ බුද්ධියේ විශ්වාසය තිබීමේ සලකුණ වන්නේ, විසදුම් වල ප්‍රතිමූර්තියක්
වීමයි. විසදුම් වල ප්‍රතිමූර්තියක් වීමෙන් ඔබට තත්පරයකදි ගැටළු පරිවර්ථනය කළ හැක.
පැමිණීම, ගැටළු වල යුතුකම වන අතර, බුද්ධියේ විශ්වාසය තිබෙන ජීවාත්මයන්ගේ යුතුකම
වන්නේ විසදුම් වල ප්‍රතිමූර්තියක් වීමෙන්, ගැටළු පරිවර්ථනය කිරීමයි. ඇයි? ඔය
බ්‍රහ්මින් ජීවාත්ම, බ්‍රහ්මින් උපත ගත් සැනින් ඔබ මායාට අභියෝග කළා. ඔබ ඇයට අභියෝග
කර තිබෙනවා නේද? එසේ නැත්නම්, ඔබ මායා ජයගන්නා අය වීමට යන බව, ඔබට අමතකද? එබැවින්
ඔනෑම ගැටළුවක ස්වරූපයක්, මායාගේ ස්වරූපයකි. ඔබ ඇයට අභියෝග කර ඇති නිසා, මායා
සැබවින්ම ඔබට විරුද්ධ වෙයි. ඔබ ලවා ඔබගේ අභියෝගය ඉටු කිරීම සදහා, ඈ ඔබ වෙතට විවිධ
අන්දමේ ගැටළු ආකාරයෙන් පැමිණෙයි. ඔබගේ බුද්ධියේ විශ්වාසය තිබීමෙන් ජයගෙන, ඔබ ඇයව
මැඩලිය යුතුයි. ඇයි? අළුත් දෙයක් නොවෙයි! ඔබ කී වතාවක් ජය ගෙන තිබෙනවාද? ඔබ සංගම
යුගයේ මෙවර පමණක් එක වතාවක් ජය ගන්නවාද, නැත්නම් ඔබ මින් පෙර අනේක වාරයක් පත් වූ එම
අය බවට නැවත පත් වෙමින් සිටිනවාද? මේ නිසයි ගැටළු ඔබට අළුත් දෙයක් නොවන්නේ. අළුත්
දෙයක් නොවෙයි! ඔබ බොහෝ වාර ගණනක් ජයගෙන තිබෙන අතර ඔබ දැන් එය වන අතර ඔබ අනාගතයේද
නොකඩවා එය බවට පත් වෙයි. මෙයත් හැදින්වෙන්නේ ඔබගේ බුද්ධිය තුල නාටකය පිලිබද
විශ්වාසය තිබීමෙන් ජයග්‍රහණය කිරීම ලෙසයි. අනෙක් විශ්වාසය, බ්‍රහ්මින් පවුල
පිලිබදවයි. ඇයි? බ්‍රහ්මින් පවුල යනු සාමුහීක එකතුවයි. මෙය කුඩා පවුලක් නොවෙයි.
බ්‍රහ්ම පියාගේ බ්‍රහ්මින් පවුල, වඩාත්ම ශ්‍රේෂ්ඨ සහ විශාලතම පවුලයි. එබැවින් පවුල
තුල, පවුලේ අය වෙනුවෙන් සෙනෙහසේ වගකීම ඉටු කිරීමේදි ඔබ ජයගනී. ඔබ මෙසේ නොකියයි:
“පියා මට අයිතියි, මා පියාට අයිතියි, එපමණයි! මෙහි සියළු දේම ඇතුලත්ය. මට
සම්බන්දයක් තිබෙන්නේ පියා සමග පමණයි. මට පවුලේ අය සමග කිසිදු සම්බන්දයක් නැහැ.”
කෙසේවෙතත් මෙයත් විශ්වාසයේ විශේෂත්වයකි. ජය ගැනීම සදහා කාරණා සතරම ගැන විශ්වාසය
තිබීම අත්‍යාවශ්‍යයි. පවුලද ඔබව බොහෝ අවස්ථාවන්හිදි ශක්තිමත් කරයි. පවුලේ සිටින සෑම
කෙනෙක්ම අංක පිලිවෙලට ධාරණාවේ පුතිමූර්තියක් බව, ඔබගේ අවධානයේ තබා ගන්න.
විවිධත්වයක් තිබේ. මෙහි සිහිවටනය වන්නේ 108 ටේ මාලාවයි. ඒ ගැන ටිකක් සිතන්න: පලවෙනි
අංකය සහ 108 වන අංකය අතර බොහෝ වෙනසක් තිබේ. මෙයට හේතුව කුමක්ද? සියළු දෙනාම අංක එක
නොවූයේ ඇයි? 16,000 සිටියේ ඇයි? මෙයට හේතුව කුමක්ද? සාර්ථක වීමේ ස්ථිතිය වන්නේ,
සංස්කාර වල විවිධත්වය වටහාගැනීම, දැනුමින් පිරිපුන් වී අන්තර්-සම්බන්දතා පැවැත්වීම
සහ එම වගකීම ඉටු කිරීමයි. ඔබ කොහොමත් එකට ගමන් කළ යුතුයි. ඔබ පවුල අත්හැරියේ නම් ඔබ
යන්නේ කොහාටද? ඔබට මෙතරම් විශාල පවුලක් සිටීමේ කුල්මත්බවද ඔබට තිබේ. එබැවින් විශාල
පවුලක, එකිනෙකාගේ සංස්කාර හැදිනගෙන, පරිත්‍යාගශීලී හදවතක් ඇතිව ඔබ ගමන් කළ යුතුයි.
නිහතමානිව, සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් ඇතිව ගමන් කිරීම - ඔබගේ බුද්ධිය තුල පවුල
පිලිබද විශ්වාසය තිබීම නිසා ජය ගැනීමේ ලක්ෂණය මෙයයි. එබැවින් ඔබ සියළු දෙනාම
ජයග්‍රාහී අය නේද? ඔබ ජය ගන්නා අයද?
ඔය ද්විත්ව
විදේශිකයන් ජයග්‍රාහී අයද? ඔබ ඉතා හොදින් ඔබගේ අත් වනනවා. එය හොදයි. බාප්දාදාට
සතුටුයි. අච්චා, ඔය ගුරුවරු ජයග්‍රාහී අයද? එසේ නැත්නම් ඔබට ටිකක් ... “මා කුමක්
කරන්නද?” එය මෙසේ නොවෙයි නේද? “කෛසේ?” (කෙසේද?) කියනවා වෙනුවට, “එයිසේ” (මෙහෙමයි)
යන වචනය භාවිතා කරන්න. “මා මෙය කරන්නේ කෙසේද?” නොවෙයි, නමුත්, “ මා මෙය කළ යුත්තේ
මෙහෙමයි.” ඔබට පවුල සමග උපත් 21ක සබැදියාවක් තිබෙනවා. මේ නිසයි මෙම පවුල පිලිබද
කාරණාවෙන් සමත් වූ අය, සෑම දේකින්ම සමත් වී ඇත්තේ.
එබැවින් විශ්වාසයේ
ආකාර සතරම පරීක්ෂා කරන්න, මන්ද, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලැබීමත් සමගම පවුලේ අයගේ
සෙනෙහස ලැබීමත් උපරිම ලෙස අත්‍යාවශ්‍යයි. කාරණා සතරම පිලිබදව ඔබට ඇති විශ්වාසයේ
ප්‍රතිශතයේ පදනමට අනුව ඔබට අංකයක් ලැබෙයි. මෙසේ නොසිතන්න: “මා අයිති බාබාටයි එමෙන්ම
බාබා අයිති මටයි, එපමණයි!” එය එසේ නොවෙයි. ඔබ ඉතා හොද අන්දමකින් “මගේ බාබා” කියයි,
එමෙන්ම මෙම විශ්වාසයෙන් ඔබ නිරන්තරයෙන් නොසැලී සිටියි. එබැවින් එයට සුබ පැතුම්!
කෙසේවෙතත්, අනෙක් තුනද තිබෙනවා. ගුරුවරු, සතරම අවශ්‍යද? නැද්ද? තුනක් අවශ්‍ය නමුත්
සතරවැන්න අවශ්‍ය නැද්ද? සතරම පිලිබදව විශ්වාසය තිබීම අවශ්‍ය බව සිතන අය එක අතක්
ඔසවන්න. ඔබ කාරණා සතරටම කැමති අයයි. කාරණා තුනකට පමණක් කැමති අය, අත ඔසවන්න!
කිසිවෙක් නොමැත. එම වගකීම ඉටු කිරීම අපහසු නැද්ද? එය ඉතා හොදයි. ඔබගේ හදවතින්ම ඔබ
අත ඔසවා ඇත්නම් ඔබ සියළු දෙනාම සමත් වී තිබේ. අච්චා.
බලන්න, බොහෝ විවිධ
ප්‍රාන්ත වලින් බොහෝ අතු මධුබන් වලට පැමිණ, එක ගසක් බවට පත් වී ඇත. ඔබ මධුබන් වල
සිටින විට, ඔබ දිල්ලියේ කෙනෙක්, ඔබ කර්නාටක කෙනෙක්, ඔබ ගුජරාත් වලින් කියා ඔබට මතක්
වෙනවාද? ඔබ සියළු දෙනාම මධුබන් නිවාසීන්. එබැවින් එය එක ගසක් නේද? මේ වෙලාවේ ඔබ
සියළු දෙනාම සිතන්නේ කුමක්ද? ඔබ මධුබන් වල නිවාසීන්ද නැත්නම් තම තමන්ගේ ප්‍රාන්ත වල
වැසියන්ද? ඔබ මධුබන් නිවාසීන්ද? ඔබ සියළු දෙනාම මධුබන් නිවාසීන්ය. එය ඉතා හොදයි.
කොහොම වුනත් සෑම බ්‍රහ්මින් කෙනෙකුගේම ස්ථිර ලිපිනය මධුබන්ය. ඔබගේ ස්ථිර ලිපිනය
කුමක්ද? එය බොම්බායද? එය දිල්ලියද? එය පන්ජාබයද? ඔබගේ ස්ථිර ලිපිනය මධුබන්ය. ඔබව
මධ්‍යස්ථාන වලට යවා ඇත්තේ සේවය කිරීමට පමණයි. එය සේවය කිරීමට ස්ථානයක් වන අතර ඔබගේ
නිවස මධුබන්ය. අවසානයේ ඔබට සරණ ලැබෙන්නේ කොහේද? ඔබට එය ලැබීමට තිබෙන්නේ මධුබන්
වලයි. මේ නිසයි මෙතරම් ගොඩනැගිලි තැනෙන්නේ, එහෙම නේද?
ඔබ සියළු දෙනාටම ඇති
අරමුණ වන්නේ, පියාට සමාන වීමටයි. එබැවින් දවස පුරාම මෙම අභ්‍යාසය සිදු කරන්න: මනසේ
අභ්‍යාසය. සිරුරේ යහපත් සෞඛ්‍යය වෙනුවෙන් ඔබ ශාරීරික අභ්‍යාසයේ යෙදෙයි. එය නොකඩවා
සිදු කරන්න, මන්ද වර්ථමානයේ ඖෂධ වලට වඩා ව්‍යායාම් අවශ්‍යයි. එය සිදු කරන්න, එය
බොහෝ සේ කරන්න, නමුත් එය නිසි වෙලාවට කරන්න. සේවය කරන වෙලාවේ දිගටම ව්‍යායාම්
නොකරන්න. නිසි වෙලාවට ව්‍යායාම් කිරීම හොදයි. කෙසේවෙතත් එය සමගම ඔබගේ මනසටද නැවත
නැවතත් ව්‍යායාම් කරන්න. පියා හා සමාන වීමට ඔබට අවශ්‍යයි - එක්කෙනෙක් අශාරිරික වන
අතර අනෙක් කෙනා අව්‍යක්ත සුරදූතයෙකි. එබැවින් ඔබට කාලය ඇති ඔනෑම විටෙක තත්පරයකදි
පියාට සමාන, අශාරීරික ස්ථිතියේ ස්ථාවර වන්න. ඔබට පියා හා සමාන වීමට අවශ්‍ය බැවින්
අශාරීරික ස්ථිතිය, පියාට සමාන වීමයි. ඔබගේ කාර්ය සිදු කරන අතර සියළු ක්‍රියා
සුරදූතයෙක් ලෙස කරන්න. සුරදූතයෙක් යනු ආලෝකමත් සහ සැහැල්ලු වීමයි. කාර්යයේ කිසිදු
බරක් නොතිබිය යුතුයි. කාර්යයේ බර, ඔබට අව්‍යක්ත සුරදූතයෙක් වීමට ඉඩ නොදෙයි. එබැවින්
විටින් විට ඔබගේ මනස අශාරීරික සහ සුරදූත ස්ථිතියේ අභ්‍යාස කරන්න, එවිට කිසිම
වෙහෙසක් නොතිබෙයි. ඔබ බ්‍රහ්ම පියාව ශාරීරික ස්වරූපයේ දුටුවා: ඔහු ආලෝකමත්ව සහ
සැහැල්ලුවෙන් සිටියේ. සේවයේ බරක් පවා නොතිබුණි. අව්‍යක්ත සුරදූත ස්වරූපය. එවිට ඔබ
පහසුවෙන්ම පියාට සමාන වෙයි. ඔය ජීවාත්ම අශාරීරිකයි, එබැවින් ඔය ජීවාත්ම අශාරීරික
මනෝ ස්ථිතියේ ස්ථාවර වන්නේ නම්, අශාරීරික පියාගේ සිහි කිරීම, ඔබව පහසුවෙන් සමාන බවට
පත් කරවයි. ඔබට මේ දැන් තත්පරයකදි අශාරීරික ස්ථිතියේ ස්ථාවර විය හැකිද? ඔබට මෙය කළ
හැකිද? (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය). මෙය නොකඩවා නැවත නැවතත් පුහුණු කරන්න. ඇවිදින
විට, එහෙ මෙහෙ යන එන විට සහ සෑම දෙයක්ම කරන අතර මෙයට අවධානය යොමු කරන්න. මෙම
පුහුණුව ඔබගේ මනසින් සේවය කිරීමට ඔබට උපකාරී වන අතර බලවත් යෝගා ස්ථිතියක් ඇති
කිරීමට ඔබට බොහෝ උපකාර ලැබෙයි. අච්චා.
ද්විත්ව විදේශිකයන්ට
කතා කරමින්:
බලන්න, මෙම
වාරයේ විවිධ හේතු නිසා සෑම කණ්ඩායමකම සිටීමට ද්විත්ව විදේශිකයන්ට අවස්ථාවක් ලැබී
තිබෙනවා. ඔබට සෑම කණ්ඩායමක් සමගම පැමිණිය හැක; ඔබට මෙම නිදහස තිබෙනවා. මෙය
භාග්‍යයයි, එහෙම නේද? එය දෙගුණයක භාග්‍යයක්. එබැවින් මෙම කණ්ඩායමේද සමහරු ප්‍රථම
වතාවට පැමිණ ඇති අතර සමහරු පලමු හමුවීමෙන් පසුව තවමත් සිටින බව බාප්දාදා දකිනවා.
බාප්දාදාගේ ද්‍රිෂ්ඨිය සියළු විදේශිකයන් මත තිබේ. ඔබ තුල පියා කෙරෙහි කෙතරම් සෙනෙහස
තිබෙන්නේද, පියා තුල ඔබ කෙරෙහි එයට වඩා කෝටි ගුණයක සෙනෙහස තිබේ. මෙය හරිද? බාබාට
කෝටි ගුණයක සෙනෙහස තිබෙනවාද? ඔබගේ සෙනෙහසත් හදවතේ සෙනෙහසයි, ඔබ මෙහි ලගා වී ඇත්තේ ඒ
නිසයි. ද්විත්ව විදේශිකයන්, මෙම බ්‍රහ්මින් පවුලේ අලංකාරයයි. විශේෂ අලංකාරය ඔබයි.
සෑම රටකම ඔවුන් ස්මරණයේ අසුන්ගෙන සිටින බව බාප්දාදාට පෙනෙනවා. ඔවුන් සවන් දෙමින්
ස්මරණයේද සිටිනවා. එය ඉතා හොදයි!
ගුරුවරු:
ගුරුවරු කණ්ඩායමත් විශාලයි. බාප්දාදා ගුරුවරුන්ට නම්බු නාමයක් ලබා දෙනවා. ඔහු ඔබට
ලබා දෙන නම්බු නාමය කුමක්ද? සියළු දෙනාම කොහොමත් මිතුරන්ය. ප්‍රථමයෙන් ද්විත්ව
විදේශිකයන් මිතුරන්ය. ඔවුන් මිතුරා යන සම්බන්දතාවයට කැමති. බාප්දාදා “ගුරුබායි” (එම
ගුරූගේම පියසටහන් අනුගමනය කර ගුරූට සමාන වන සහෝදරයන්.) යන නම්බු නාමය ගුරුවරුන්ට
ලබා දෙයි, නමුත් වටිනා ගුරුවරුන්ට පමණයි. වැඩිමහල්ම පුත්‍රයා පියාට සමාන වන සේම,
ගුරුවරුන්ද “ගුරුබායි” වෙයි, මන්ද, ඔවුන් පියාගේ සේවය කිරීම සදහා නිරන්තර උපකරණයි.
ඔබ පියා හා සමාන සේවාධාරීන්ය. බලන්න, ගුරුවරුන්ට මුරලිය කියවීම සදහා පියාගේ
සිංහාසනය ලැබෙයි. ඔබට ගුරූගේ ගදිය ලැබෙනවා නේද? මේ නිසයි ගුරුවරුන් යනු නිරන්තර
සේවාධාරීන් වන අයයි. එය සිතිවිලි, වචන හෝ ක්‍රියා සහ නෑ සම්බන්දතා තුලින් වුවද, එය
නිරන්තර සේවාධාරියෙක් වීම සදහාය. ඔබ මෙවන් අය නේද? අච්චා.
දිල්ලිය සහ අග්‍රා
මෙවර සේවය කිරීමේ වගකීම දැරීය:
අග්‍රා
සහකරුවෙකි. දිල්ලියේ සේනාව ඉතා විශාලයි. ස්ථාපනය සදහා අත්තිවාරම දිල්ලියේ තිබුණු
අතර එය ඉතා හොදයි. දැන් පියාව හෙලිදරව් කිරීමේ අත්තිවාරම තිබෙන්නේ කොහිද? දිල්ලියද,
මහාරාශ්ත්රද? කර්නාටකද, ලන්ඩන්ද? එය කොහේ සිදු වෙයිද? එය දිල්ලියේ සිදු වෙයිද?
ඔවුන් නිරන්තර සේවය සහ තපස්යාව සිදු කරයි! සේවය සහ තපස්යාවේ සමබරතාවයෙන් හෙලිදරව්ව
සිදු වෙයි. සේවය සදහා ඔබ සාකච්ඡාවක් නිර්මාණය කළ සේම, ඒ අන්දමින්ම ඔවුන් තපස්යාව
ගැන කතාබස් කරන සාකච්ඡාවක් දිල්ලියේ පවත්වන්න, මන්ද, දිල්ලිය යනු දිල්ලියයි, කියා
ඔවුන් පවසන්නේ එවිට පමණයි. ඔබගේ හදවත කොහොමත් අයිති පියාටයි, නමුත් යම් දෙයක් අත්කර
ගැනීමෙන් ඔබ මෙය ප්‍රායෝගිකව පෙන්නූ විට, ඔබට පියාගේ සෙනෙහස ලැබෙයි. පාන්ඩවයන්, ඔබ
මෙය කිරීමට යනවා නේද? ඔබ එය සිදු කරයි, ඔබ අනිවාර්යෙන් එය කරයි. සියළුම සලබයන්
දිල්ලියේ විශේෂ ස්ථානයට “බාබා, බාබා!” කියමින් පැමිණෙන අන්දමට එවන් තපස්යාවේ
සිටින්න. සලබයන් පැමිණ “බාබා, බාබා!” කියන විට එවිට හෙලිදරව්ව සිදු වී ඇති බව ඔබට
කිව හැක. එබැවින් ඔබ මෙය කළ යුතුයි. මෙම සාකච්ඡාව ලබන වසරේ පවත්වන්න. සලබයන් කී
දෙනෙක් “බාබා, බාබා!” කියමින් පැමිණ, තමන්ව කැප කළාද, යන ප්‍රතිඵලය ඔබ බාබාට ලබා
දිය යුතුයි. මෙය හොදද? එය ඉතා හොදයි! බොහෝ මව්වරුන්ද සිටිනවා.
කුමාර් සහ කුමාරීන්:
ශාලාවෙන් භාගයක් කුමාර් සහ කුමාරීන්ගෙන් පිරි තිබේ. කුමාර් සහ කුමාරීන් හොදින්
සියල්ල සිදු කර ඇත. කුමාර් සහ කුමාරීන් යනු ගින්නේ තීව්ර ස්වරූපයක් බවට පත් වී
ජීවාත්ම පිවිතුරු කරන අයයි. කුමාර් සහ කුමාරීන්, වත්මන් කුමාර් සහ කුමාරීන්ට
අනුකම්පා කළ යුතුයි. ඔවුන් බොහෝ සේ වටේ සැරිසරමින් සිටිනවා. සැරිසරන ඔබගේ
සමකාලීනයන් නිවැරදි මාවතට ගෙන එන්න. අච්චා, පැමිණ සිටින ඔය සියළුම කුමාර් සහ
කුමාරීන් අතරින්, මේ වසරේදි සේවයෙන් වෙනත් ජීවාත්මයන්ව ඔබ හා සමාන බවට පත් කළ අය,
අත ඔසවන්න. ඔය කුමාරීන් වෙනත් කිසිවෙකුව ඔබ හා සමාන බවට පත් කර තිබෙනවාද? ඔබ ඉතා
හොද සැලසුම් සාදනවා. නේවාසිකාගාරයෙන් පැමිණි අය අත් ඔසවනවා. ඔබ සේවයේ කිසිම
සාක්ෂියක් ගෙනවිත් නැහැ. එබැවින් ඔය කුමාර් සහ කුමාරීන් සේවයේ යම් සාක්ෂියක් රැගෙන
පැමිණිය යුතුයි. මෙය හොදද?
සෑම තැනකම සිටින
ජයග්‍රාහී ජීවාත්මයන්ට, බුද්ධියේ නිරන්තර විශ්වාසය තිබීමෙන් පහසු සාර්ථකත්වයේ
ප්රතිරූප වන දරුවන්ට, සාර්ථකත්වයේ ප්‍රතිරූ වන සහ “මගේ බාබා” යයි නිරන්තරයෙන්
පැවසීමේ අයිතියෙන් ඔවුන් සිදු කරන සෑම සේවයකින්ම සාර්ථකත්වය ලබා ගන්න අයට, නිරන්තර
විසදුම් වල ප්‍රතිරූ වන අයට, ගැටළු පරිවර්ථනය කරන පරිවර්ථක ජීවාත්මයන්ට, පරම පියාව
හෙලිදරව් කරන සැලසුම් නිරන්තරයෙන් ප්රායෝගිකත්වයට නගන ශ්‍රේෂ්ඨ දරුවන්ට,
බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ සුබ පැතුම් - කෝටි ගුණයක සුබ පැතුම් - සහ නමස්කාරය.
දාදිජීට කතා කරමින්:
සියළු දෙනාම ඔබට සෙනෙහස දක්වනවා, පියා තුලත් ඔබ වෙනුවෙන් සෙනෙහස තිබේ.
(රතන් මෝහිනි දාදිට):
සහයෝගී වීමෙන් ඔබ සූක්ෂ්ම අන්දමකින් බොහෝ දේ අත්කර ගනී. එය එහෙමයි නේද? ඔබ ආදි
මැණිකක්. ආදි මැණිකක් වන ඔබ, තවමත් උපකරණයකි. අච්චා.
වරදානය:
“සියල්ල
ඔබගේය” පවසා “මගේ” යන කුඩාම අවධානය පවා අවසන් කිරීමෙන්, ඔබ ආලෝකමත් සහ සැහැල්ලු
වේවා.
“මගේ” යන ඔනෑම
අවධානයක්, එය “මගේ ස්වභාවය, මගේ සංස්කාර, - “මගේ” වන ඔනෑම දෙයක් බරක් වන අතර බරක්
ඇති අයට පියාසර කළ නොහැක. “මගේ” යන මෙම අවධානය, ඔබව කිලිටි කරන අතර මේ නිසයි ඔබ
දැන් “ඔබගේ, ඔබගේ” පවසා පිරිසිදු විය යුත්තේ. සුරදූතයෙක් යනු, “මගේ” යන සුළු
අවධානයක් වත් නොමැති කෙනෙකි. ඔබගේ සිතිවිලි වල තවමත් “මගේ” යන යම් හැගීමක් ඇත්නම්,
ඔබ අපිරිසිදු වී ඇති බව වටහා ගත යුතුයි. “මගේ” යන මෙම අවධානයේ බර අවසන් කර, ආලෝකමත්
සහ සැහැල්ලු වන්න.
පාඨය:
ලොවෙහි ආලෝක
යනු තම දෑස් තුල බාප්දාදාව මුසු කරගන්නා අයයි.