10.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබලාගේ ගීත කැසට් පටය ඔබට ජීවය දෙන්නකි. එම ගීත වාදනය කිරීමෙන් ඔබගේ පරවුණු
හැඟීම් සියල්ල ඉවත් කර ගත හැකියි.
ප්රශ්නය:
ඇයි ඔබගේ
තත්ත්වය විනාශයට පත් වන්නේ ? ඔබගේ තත්ත්වය හොඳින් තබා ගැනීමට කුමන ක්රමයද ඔබ
අනුගමනය කළ යුත්තේ ?
පිළිතුර:
1). ඔබ දැනුමේ නර්තනය නටනවා වෙනුවට ඕපාදූප කතා කරමින් සිටිනවා. ඔබගේ තත්ත්වය මේ
නිසා විනාශයට පත්වෙනවා. 2). ඔබ අන් අයව අසතුටට පත්කරනා විට ඔබගේ තත්ත්වය විනාශයට
පත් වෙනවා. ඔබ ඉතාමත්ව සුමිහිරිව සිටිනා විට සහ සිහි කිරීමේ යෙදෙනා විට ඔබගේ
තත්ත්වය ඉතාමත් හොඳට තිබෙයි. ඔබ නින්දට යාමට පෙර අඩුම වශයෙන් පැය භාගයක්වත්
සිහිකිරීමේ සිටින්න. පසුව, ඔබ උදයට අවදි වන විට නැවතත් සිහි කිරීමේ යෙදෙන්න. මේ
මඟින් ඔබගේ තත්ත්වය හොඳින් තබාගත හැකියි.
ගීතය:
අමෘතයේ
හිමිදිරි පාන්දර මගේ සිත් දොරකඩට ආවේ කවුරුන්ද?
ඕම් ශාන්ති.
බාබා මෙය
දරුවන් වන ඔබ සඳහා පටිගත කර තිබෙනවා. කිසිවෙකු නොව දරුවන් වන ඔබ පමණයි මෙම ගීතයේ
තේරුම දන්නේ. බාබා කිහිපවතාවක්ම කියල තිබෙනවා ඔබගේ නිවසේ හොඳ කැසට් පට තබාගත යුතුයි
කියලා. එවිට ඔබ පරවුණු අවස්ථා වලදී ඒවාට ඇහුම් කන් දිය හැකියි. ඒවායේ අර්ථය ඉතා
ඉක්මණින් ඔබගේ බුද්ධියට ඇතුළු වන නිසා පර නොවී සිටිය හැකිවනු ඇත. මේ කැසට් පට ජීවය
ලබා දෙන ඖෂධ පැළ වගෙයි. බාබා උපදෙස් ලබා දෙනවා නමුත්, ඔබ ඒවා ක්‍රියාවෙහි යෙදිය
යුතුයි. කවුරුන් ගැනද මේ ගීතයෙන් කියන්නේ ? කවුරුන්ද මගේ, ඔබගේ සැවොමගේම මනසට ආවේ ?
කවුරුන්ද ආවේ ? දැනුමේ නර්තනය නටනා කෙනා ආවා. ඒ කියන්නේ ගෝපීවරුන් ක්‍රිෂ්ණාගේ
නර්තනයේ යෙදෙනවා. නමුත් එය ඒ වගේ නැහැ. බාබා දැන් කියනවා : අහෝ සලිග්රාම දරුවනි!
ඔහු සෑම දෙනාටම මෙය කියනවා. පාසල කියන්නේ අධ්‍යාපනය ලබනා ස්ථානයයි. මෙයත් පාසලකි.
දරුවන් වන ඔබ දන්නවා ඔබගේ හදවත තුළ සිටින්නේ කවුරුන්ද කියලා. මේවා අන් අයගේ බුද්ධිය
තුළ නැහැ. දරුවන් වන ඔබ ඔහුව සිහිකිරීමේ යෙදෙන එකම කාලය මේ තමයි. කිසිම කෙනෙකු ඔහුව
සිහිකරන්නේ නැත. සෑම දිනකම මා සිහිකරන්න, එවිට ඔබට දැනුම හොඳින් උකහාගත හැකි වෙනවා
කියා පියා කියනවා. ඔබ මගේ උපදෙස් අනුව මා සිහිකරන්නේ නැත්ද? මායා ඔබට මා සිහිකිරීමට
ඉඩ දෙන්නේ නැත. ඔබ මාගේ උපදෙස් ටිකක් අනුගමනය කරනා අතර මායාගේ උපදෙස් ගොඩක් අනුගමනය
කරනවා. මම ඔබට කීප වතාවක්ම කීවා නින්දට යාමට පෙර බාබාව පැය භාගයක්වත් සිහිකරන්න
කියලා. ඔබ විවාහක යුවළක් නම්, ඔබ එකට සිටින්නට හෝ වෙන වෙනම සිටිනවා වෙන්න පුළුවන්,
නමුත් ඔබගේ බුද්ධියේ පියා පමණයි සිටිය යුත්තේ. කෙසේවෙතත්, හද පතුලෙන්ම බාබාව
සිහිකරනා අය සිටින්නේ ඉතාමත් ටික දෙනයි මායා ඔබට අමතක කරවනවා. ඔබ කොහොමද බාබාගේ
උපදෙස් පිළිනොපැද හොඳ තත්ත්වයක් ලබා ගන්නේ ? ඔබ ඉතාමත්ම දක්ෂ ලෙස බාබාව සිහිකළ
යුතුයි. ශිව බාබා, ඔබ තමයි සෑම ජීවාත්මයකගේම පියා වන්නේ. සෑම කෙනෙක්ම ඔබගේ උරුමය
දිනා ගන්නවා. උත්සාහයක් නොදරණ අය පවා උරුමය ලබා ගන්නවා; සෑම කෙනෙකුම බ්‍රහ්මාණ්ඩයේ
පාලකයෙකු බවට පත්වෙනවා. නාටකය අනුව ඔවුන් කිසිම දෙයක් නොකළත් සෑම ජීවාත්මයක්ම
නිර්වාණ දේශය වෙතට යනවා. කෙසේවෙතත්, කල්ප භාගයක් පුරා භක්තියේ නිරතවුණු කිසිම
කෙනෙකුටවත් මගේ මඟපෙන්වීම නොමැතිව නිවසට යා නොහැකිය. කිසිම කෙනෙකුට නිවසට යන මාර්ගය
පෙන්විය නොහැකියි. කවුරු හෝ එය දුටු කෙනෙක් සිටිනවා නම්, අන් අයත් මදුරු රෑණක් සේ
ඔහුව අනුගමනය කරාවි. කිසිම කෙනෙක් දන්නේ නැහැ අශාරීරික ලෝකය කියන්නේ කුමක්ද කියා.
එය කල් තබාම තීරණය වුණු නාටකයක් බව ඔබ දන්නවා. එය නැවත සිදු වෙනවා. ඔබ දිනපතාම ඔබගේ
වෙළඳාම කරගෙන යන ගමන් කර්මයෝගියෙක් ලෙස කරගෙන යන්න. ඔබ නිවසේ වැඩකටයුතුත්, ඉවීමේ
වැඩකටයුතුත් සියල්ලම කළ යුතුය. ඇත්තටම කියනවා නම්, ක්‍රියා අත්හැරීම හෝ නතර කිරීම
කියා දෙයක් ගැන කතා කිරීම වැරදියි. ක්‍රියා කොකර සිටීමට කිසිම කෙනෙක්ට බැහැ.
’ක්‍රියා නතර කළ අය‘ කියා ඔවුන්ට දමාගෙන තියෙන නම් සියල්ල මිත්යාවනුයි. ඔබගේ වැඩ
කටයුතු කරගෙන යන ගමන් පියාවත් දහවල් කාලයේදීත් උදේ කාලයේදීත් සහ රාත්‍රී කාලයේදීත්
ඉතාමත් හොඳින් සිහිකරන්න. ඔබට අයිති කෙනාව දැන් ඔබ සිහිකළහොත් ඔබට ඔහුගෙන් උදව් ලබා
ගැනීමට පුළුවනි. නැතහොත් උදව් ලබා ගැනීමට නොහැකි වනවා. පොහොසත් අය දැන් ඔවුන් පියාට
අයිති බව දැන ගත්තාම හදවත ගැහෙන්නට පටන් ගන්නවා. එමනිසා, ඔවුන් හොඳ තත්ත්වයක් ලබා
ගන්නේ නැහැ. ඔහුව සිහිකිරීමට ඉතාමත් පහසුයි. ඔහු අපේ පියා, ගුරුවරයා සහ සත්ගුරු ද
වෙනවා. ඔහු අපට මේ ලෝක ඉතිහාසය නැවත නැවත සිදුවන අයුරු කියා දී තිබෙනවා. ඔබ පියාව
සිහිකරන අතර ස්වදර්ශන චක්‍රයද කරකැවිය යුතුයි. එකම පියා පමණයි සෑම කෙනෙක්ම නැවත
නිවස වෙතට ගෙන යන්නේ. ඔබ තුළ එවැනි සිතිවිල්ලක් තිබිය යුතුය. ඔබ නින්දට යාමට පෙර
මෙම දැනුම ඔබගේ බුද්ධියේ මතගාන්න. එවිට ඔබ අවදි වන විට එය ඔබට සිහියට ඒවි.
ප්‍රථමයෙන්ම අප බ්රහමිණ්ව සිට පසුව දේවතාවන් බවටත් ක්ෂත්රියන් බවටත් ඉනික්බිතිව
වෛශ්‍යයන් සහ ශුද්‍රයින් බවටත් පත්වුණා. පසුව බාබා ඇවිත් ශුද්‍රයින්ව සිටි අපව
බ්‍රහමිණ් බවට පත්කළා. බාබා ත්‍රිමූර්ති, ත්‍රිකාලදර්ශී සහ ත්‍රිනේත්‍රී වෙනවා. ඔහු
ඔබගේ බුද්ධියේ අගුළු විවර කරන්නා ද වනවා. අපි දැන් තුන්වැනි ඇස නම් වූ දැනුම ලබා
ගන්නවා. පියා මෙන් කිසිම කෙනෙකු නොමැත. පියා නිර්මාණකරු වන අතරම අපගේ මව ද වනවා.
ඔහු ජගදම්බාව (ලෝක මාතාව) සෑම කෙනෙකුවම බලාගන්නා උපකරණය බවට පත් කරනවා. පියා
බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වී දරුවන් වන ඔබ සමඟ ක්‍රීඩා කරනවා. ඔහු අපව ඇවිද්දවනවා.
අපි බාබාව සිහිකරනවා. ඔබ දන්නවා ඔහු පැමිණ මොහුගේ රථයට ඇතුළු වන බව. ඔබ කියනවා බාබා
මා සමඟ සෙල්ලම් කරනවා කියා. සෙල්ලම් කරන අතර පවා, බාබා ස්මරණයේ යෙදීමට උත්සාහ
කරනවා. බාබා කියනවා : මම ඔබ සමඟ මොහු මඟින් සෙල්ලම් කරනවා. ඔහු තමයි සචේතනික ජීවය.
ඔබ තුළ එවන් සිතිවිලි තිබිය යුතුයි. ඔබත් මේ පියාට කැපවිය යුතුයි. භක්ති මාර්ගයේදී
ඔබ කියනවා ඔහුට කැප වෙනවා කියා. පියා කියනවා : දැන් මේ එක උපතට ඔබ මා ඔබගේ
උරුමක්කාරයා කරගතහොත් මම ඔබට ඔබේ රාජධානියේ වාසනාව උපත් 21කට ලබා දෙනවා. ඔබ ඔහු
කියනා උපදෙස් පිළිපැදිය යුතුයි. ඔහු දකින දේට අදාලව උපදෙස් ලබා දෙනවා. ඔබ ඔහුගේ
උපදෙස් පිළිපදිනා විට ඔබගේ බැඳීම් සියල්ලම අවසන් වෙනවා. කෙසේවෙතත්, සමහර දරුවන්
බයයි. බාබා කියනවා : ඔබ මට කැපවන්නේ නැහැ. ඉතින් කොහොමද මම ඔබට උරුමය ලබා දෙන්නේ ?
මට ඔබගේ මුදල් අවශ්‍ය නැහැ. බාබා කියනවා : අච්චා, හොඳයි කිසියම් හෝ මුදලක් ඔබ ළඟ
තිබෙනවා නම්, ඒවා පොත්පත් වෙනුවෙන් පාවිච්චි කරන්න. ඔබලා භාරකාරයන්ය. බාබා
නිරන්තරයෙන්ම උපදෙස් දෙනවා. බාබා ළඟ තිබෙන සෑම දෙයක්ම ඔබ සඳහායි. ඔහු දරුවන් වන
ඔබගෙන් කිසිම දෙයක් ගන්නේ නැහැ. ඔහු ඔබට උපායශීලීව පැහැදිලි කරනවා ඔබ ළඟ තිබෙන
බැඳීම අවසන් කරන්නේ කොහොමද කියලා. බැඳීම ඉතාමත් බලවත් පාපයක්. බාබා කියනවා : ඔබ
වඳුරන් වගේ බැඳීම් ඇතිකර ගන්නේ ඇයි? සෑම ගෙයක්ම දේවස්ථානයක් බවට පත් කරවන්නේ
කොහොමද? මම ඔබව වඳුරු ජීවිතයෙන් මුදවා දේවාල වල වැඳුම් පිදුම් ලබන්නන් බවට පත්
කරවනවා. ඔබ එවැනි කුණුවලට බැඳීම් ඇතිකර ගන්නේ ඇයි? බාබා සෑම දෙයක්ම බලා ගන්නේ කෙසේද
කියා උපදෙස් ලබා දෙනවා. එසේ කියාදීලත් මේ කිසිම දෙයක් ඔබගේ බුද්ධියේ රැඳෙන්නේ නැහැ.
ඔබගේ බුද්ධිය මේ සියල්ලක්ම තේරුම් අරගත යුතුයි. බාබා උපදෙස් දෙනවා, අම්රිත්
වේලාවේදී බාබා සමඟ කතා කරන්නේ කොහොමද කියලා. බාබා, ඔබ අපගේ අසීමිත පියා සහ ගුරුවරයා
වෙනවා. ඔබට පමණයි මේ අසීමිත ඉතිහාසය ගැන අන් අයට කියාදිය හැකි වන්නේ. ලක්ෂ්මී සහ
නාරායන උපත් 84ක් ගන්නා අයුරු මේ ලෝකයේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ජගදම්බාටත් මව
කියා කියනවා. ඇය කවුද? ඇය ස්වර්ණමය යුගයේ සිටිය නොහැකියි. එහිදී අධිරාජිණිය සහ
අධිරාජ්‍යයා ලක්ෂ්මී සහ නාරායන. සිහසුනට උරුමකම් කියනා ඔවුන්ගේම දරුවෙක් ඔවුන්ට
සිටිනවා. අපි කොහොමද ඔවුන්ගේ දරුවන් බවට පත්ව සිහසුනට උරුමය ලබාගන්නේ ? අපි දැන්
දන්නවා ජගදම්බාත් බ්‍රහමිණ් කෙනෙක් කියා. ඇය සරස්වතීයි, බ්‍රහ්මාගේ දුවයි. මිනිසුන්
මේ රහස ගැන දන්නේ නැහැ. බාබාව රාත්‍රී කාලයේදී සිහිකරන එක ඉතාමත් හොඳ ගුණයකි. ඔබ
මෙය පුරුද්දක් ලෙස කරනා විට ඔබගේ සතුට ඉතාමත් ඉහළ යන අතර ඔබ කිසිම විටෙක
අපහසුතාවයක් අත්දකින්නේ නැත. ඔබ කියනවා එකම පියාගේ දරුවන් වන අප සහෝදර සහෝදරියන්ය
කියා. එකම එක පියාගේ දරුවන් කියා කියමින් අපිරිසිඳු දැක්මක් ඇතිකර ගතහොත් එය මහා
පාපකාරී ක්‍රියාවක් වේ. සතෝ, රජෝ හා තමෝ යන මට්ටම් වල කුල්මත්භාවයන් ඇත. ඔබගේ
කුල්මත්භාවය තමෝගුණී නම්, ඔබ මරණයට පත් වේ. බාබාව ටික වේලාවක් හෝ සිහිකිරීමට පුරුදු
වන්න, පසුව ගොස් බාබාගේ සේවය කරන්න. ඔබ මෙසේ කරනා විට ඔබ කිසිම විටෙක මායාට හසු
වන්නේ නැත. ඔබගේ කුල්මත්භාවය දවස පුරාම පවතින අතර ඔබගේ තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමක
පවතිනු ඇත. ඔබගේ යෝගාවත් පැහැදිලි වෙනවා. එවැනි කැසට් පට තබාගෙන සිටීම ඉතාමත්
හොඳයි. ඒවාට ඇහුම්කන් දෙන විට සතුටින් නටමින් ප්‍රබෝධමත් වීමට හැකිවනු ඇත. ඉතාමත්
හොඳ කැසට් පට හතරක් පහක් තිබෙනවා. දුප්පත් අය මෙම සේවයේ නිරත වී සිටිනා විට ඔවුන්ට
මාළිගා ලැබෙනු ඇත. ඔබට ශිව බාබාගේ ධන ගබඩාවෙන් සියල්ල ලබාගත හැකියි. බාබා සේවය කරන
ඔහුගේ දරුවන්ට කිසිවක් නොදී ඉඳියිද ? ශිව බාබාගේ ධන ගබඩාව සෑම විටම පිරී ඇත. දැන්
වාදනය කළ ගීතයෙන් දැනුමේ නර්තනය ගැන කියැවෙනවා. බාබා ඇවිත් ඔබව දැනුම් නර්තනයේ
යෙදෙන ගෝපිකාවන් සහ ගෝපීන්ලා බවට පත් කරවනවා. ඔබ කොහේ සිටියත් පියාව සිහිකරන්න.
එවිට ඔබගේ තත්ත්වය ඉතාමත් හොඳට තිබේවි. බාබා දැනුමෙන් සහ යෝගාවෙන් ලැබූ කුල්මත්භාවය
අත්දකිනා සේම දරුවන් වන ඔබටත් එයම ඉගැන්වූවා. එමනිසා, මෙම කුල්මත්භාවයේ සතුට ඔබ තුළ
තිබිය යුතුයි. එසේ නොමැති නම් ඔබගේ තත්ත්වය නිකම්ම නිකම් ගෝපී කෙනෙක් පමණි. එවිට
ඔබගේ තත්ත්වය විනාශ වෙනවා. උදෙන්ම අවදිවන එක හොඳ ගුණයකි. බාබාව සිහිකරන අතර ඔබට ඔහු
සමඟ සුමිහිරිව කතා කළ හැකිය. දේශන දෙන අය පවා දැනුමේ සාගරය හොඳින් කැලතිය යුතුයි.
එමෙන්ම යම් යම් කරුණු පැහැදිලි කරනා ආකාරය ගැන කල්පනා කළ යුතුය. සමහර දරුවන් බාබාට
කියනවා ඒ අයට රැකියාව අත්අරින්න ඕනෑ කියලා. කෙසේවෙතත්, බාබා කියනවා : සියල්ලට පළමුව
ඔබ කළ සේවය ඔප්පු කර පෙන්වන්න. බාබා ඔබට සිහිකිරීමේ යෙදෙන්නට ක්‍රම කියා දෙනවා.
නමුත් මිලියන ගණනකින් අල්ප මාත්‍රයක් පමණයි මෙම පුරුද්ද ඇතුලාන්තයට උකහා ගන්නේ.
ඉතාමත් ගැඹුරු ලෙස සිහිකිරීමේ යෙදෙන අය සිටින්නේ ඉතාමත් ටික දෙනයි. කුමාරීන් වන ඔබ
ඉතාමත් හොඳයි. සෑම කෙනෙක්ම කුමාරීන්ගේ දෙපා ළඟ වැඳ වැටෙනවා. ඔබට භාරතයට උපත් 21ක
ස්ව අධිරාජ්‍යයේ උරුමය ලබා දෙන්නට පුලුවන් වෙනවා. ඔබ සඳහා දේවාල පවා සාදා තිබෙනවා.
බ්‍රහ්ම කුමාර සහ බ්‍රහ්ම කුමාරීන් කියන නම ඉතාමත් ප්‍රසිද්ධියට පත් වෙනවා. කුමාරි
කෙනෙක් යනු පරම්පරා 21ක් ඔසවා තබනා අයයි. එමනිසා, එහි තේරුම ඔබ තේරුම්ගත යුතුය. මෙම
පටය වසර 5000ක් පුරා පවතින බව දරුවන් වන ඔබලා දන්නවා. කුමක් සිදුවුවත් එය අතීතයට
අයිති දෙයකි. කුමක් හෝ වරදක් සිදුවූවා නම් එය නාටකයට අයිති කොටසකි. කෙසේවෙතත්, ඔබගේ
වාර්තාවේ මෙය නැවත සිදු නොවීමට හරියක් දමාගත යුතුය. මේ සඳහා මහත් උත්සාහයක් දැරිය
යුතුයි. නමුත් මෙමඟින් පමණයි ඔබට එවන් උසස් තත්ත්වයක් දිනාගත හැකි වන්නේ. ඔබ බාබාට
අයිති වූ පසුව බාබා ඔබට උරුමය ලබා දෙනවා. තමාගේ නොවන දරුවන්ට ඔහු මෙම උරුමය ලබා
දෙන්නේ නැහැ. ඔහුගේ කාර්යය උදව් කිරීමය. ඥානවන්ත දරුවන් සෑම ආකාරයකින්ම බාබාට උදව්
කරනවා. බලන්න බාබා ඔබට කොපමණ උදව් කරනවාද කියලා! ඔබ ධෛර්යමත් වූ විට බාබා ඔබට උදව්
ලබා දෙනවා. ඔබ තුළත් මායාව ජයගැනීමට ශක්තියක් තිබිය යුතුය. එකම ආධ්‍යාත්මික පියා
පමණක් සිහිකරන්න. සැවොම කෙරෙහි ඇති බැඳීම නවතා එකම කෙනා සමඟ පමණක් සම්බන්ධ වන්න.
බාබා තමයි දැනුමේ සාගරය වන්නේ. ඔහු කියනවා : මම මොහුට ඇතුළු වී කතා කරනවා. වෙන
කිසිම කෙනෙක්ට ඔබගේ පියා, ගුරුවරයා හෝ සත්ගුරු විය නොහැකියි. බ්රහ්මා, විෂ්ණු හා
ශංකර්ගේ නිර්මාතෘ වන්නේ පියා පමණයි. මේවා දරුවන් වන ඔබ පමණයි තේරුම් අරගන්නේ.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ ළඟ
තිබෙන සියලුම කුණු වලට ඔබගේ බැඳීම අත්හරින්න. පියාගේ උපදෙස් පිළිපැද සියලුම බැඳීම්
අවසන් කරන්න. භාරකාරයෙක් මෙන් ජීවත් වන්න.
2. මෙම අවසන් උපතේදී
දෙවියන් ඔබගේ උරුමක්කාරයා බවට පත්කර ඔහුටම කැපවෙන්න. එවිට පමණයි ඔබට උපත් 21ක උරුමය
වන අධිරාජ්‍යය ලබාගත හැකි වන්නේ. පියාව සිහිකරන ගමන් සේවයත් කරන්න. ඔබේ කුල්මත්භාවය
පවත්වා ගන්නා අතරම ඔබගේ වාර්තාව විනාශ නොවීමට ඉතාමත් අවධානය යොමු කරන්න.
වරදානය:
ඔබ පරාර්ථකාමී
සේවාධාරියෙකු වී අතීන්ද්‍රිය සුඛයේ ස්වරූපයෙන් ක්ෂණික ඵලය අත්විඳිත්වා.
සංගම යුගයේ කළ
ක්‍රියාවන්ගේ ඵල ඔබට ස්වර්ණමය යුගයේදී ලැබෙන නමුත් සංගම යුගයේදී, මෙහිදී ඔබට
ප්‍රායෝගික, ක්ෂණික ඵලය පරමාත්ම පියාට අයිති උරුමය ලෙස ලැබේ. ඔබ සේවය කරන විට
එයින් ද සතුටක් ලැබේ. ස්මරණයෙහි රැඳී පරාර්ථකාමීව සේවය කරන්නාට ඒ සේවයේ යම්
ප්‍රායෝගික, ක්ෂණික ඵලයක් නියත වශයෙන්ම ලැබේ. ප්‍රායෝගික, ක්ෂණික ඵලය ඔබව සදා
නිරෝගී කරවන නැවුම් ඵලයකි. යෝගයුක්ත මනෝ ස්ථිතියක හිදිමින් කරන නිවැරදි සේවයේ ඵලය
වන්නේ සතුට, අතීන්ද්‍රිය සුඛය සහ ද්විත්ව ආලෝකයේ අත්දැකීමයි.
පාඨය:
විශේෂ
ජීවාත්මයක් යනු ඔහුගේ හැසිරීම තුළින් අධ්‍යාත්මික රාජකීයත්වයේ දීප්තිය සහ
කුල්මත්භාවයේ අත්දැකීම ලබා දෙන අයෙකි.