11.01.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මේ යෝගාව ඔබේ සියලු පාප දවාලන ගින්නක් හා සමාන වන අතර ඔබ ජීව සත්තාවන්
සතෝප්‍රධාන් කරවයි. ඒ නිසා, එකම පියා පිළිබඳ ස්මෘතියෙන් සිටින්න.
ප්රශ්නය:
ඔබ
පුණ්‍යවන්තයින් වෙමින් සිටින අතර, වඩාත් ප්‍රවේසම් විය යුත්තේ කුමක් ගැනද?
පිළිතුර:
ඔබ බොහෝ ප්‍රවේසම් විය යුතුයි මුදල් දෙන්නේ කාටද කියා. ඔබ කෙනෙකුට මුදල් දී ඔහු එය
මත්පැන් හෝ නරක වැඩකට යෙදුවොත්, එහි පාපය ඔබ වෙත එයි. ඔබ පාපීන් සමඟ තව දුරටත්
ගණුදෙනු නොකළ යුතුයි. ඔබ මෙහිදීම පුණ්‍යවන්ත ජීව සත්තාවන් බවට පත් විය යුතුය.
ගීතය:
ඔහු අපෙන්
වෙන් නොවේ, ඔහුට අපේ ආදරයද නැති නොවේ...
ඕම් ශාන්ති.
මේ යෝගාවට
ස්මෘති ගින්න යැයි ද කියැවේ. යෝගා ගින්න යන්නෙහි තේරුම ස්මෘති ගින්න යන්නයි.
‘ගින්න‘ යන වචනය යොදන්නේ කුමක් නිසාද? එයින් ඔබේ පාපයන් පිච්චෙන නිසාය. තමෝප්‍රධාන්
බවින් සතෝප්‍රධාන් බවට පත් විය හැක්කේ කෙසේ දැයි දන්නේ ඔබ දරුවන් පමණි. සතෝප්‍රධාන්
වීම යන්නෙන් පුණ්‍යවන්තයෙක් වන බවත් තමෝප්‍රධාන් යන්නෙන් පාපී ජීව සත්තාවක් යන්නත්
අදහස් වේ. යමෙක් බොහෝ පුණ්‍යවන්තයි හෝ බොහෝ පාපී යැයි කියැවේ. ඉන් ඔප්පු වන්නේ
ජීවාත්ම සත්තාවන් සතෝප්‍රධාන් වන බවත් ජීවාත්ම සත්තාවන් නැවත උපත් ගැනීමේ දී
තමෝප්‍රධාන් වන බවත්ය. මේ නිසාය ජීවාත්ම සත්තාවන් පාපී යැයි කියැවෙන්නේ. එමනිසා,
මිනිසුන් පාරිශුද්ධ කරුවාණන් වන පියා සිහි කරමින් මෙසේ කියයි පැමිණ අප ජීවාත්ම
සත්තාවන් පාරිශුද්ධ කරන්න! ඔබ ජීවාත්ම සත්තාවන් පාපකාරී කළේ කවුද ? කිසිවෙක් මෙය
නොදනී. ඔබ දන්නවා ඔබ පිරිසිඳුව සිටි කල භාරතයට කීවේ රාම (දෙවියන්) රාජ්‍යය කියාය.
මේ වත්මනේ, සියලු ජීවාත්ම සත්තාවන් පාපකාරී වන අතර ඒ නිසා මේ ලෝකයට රාවණ් රාජ්‍යය
යැයි කියැවේ. පාරිශුද්ධ වන්නේත් අපිරිසිඳු වන්නේත් භාරතයයි. භාරතයේ මිනිසුන්
පාරිශුද්ධ කළ හැක්කේ පියාට පමණයි. අනෙක් සියලු ජීවාත්ම සත්තාවන් පාරිශුද්ධ කර ඔවුන්
සාම දේශය වෙත ගෙන යයි. මේ ලෝකය දැන් දුක් ලෝකයයි. මෙතරම් පහසු දෙයක් ඔවුන්ගේ
බුද්ධියට ගත නොහැකියි! මෙය හදවතින්ම තේරුම් ගත් විට ඔවුන්ට සැබෑ බ්‍රහ්මිණ් වරු බවට
පත් විය හැකිය. ඔබට බ්‍රහ්මිණ් කෙනෙක් නොවී පියාගේ උරුමය ලැබිය නොහැකියි. මෙය වූ
කළී සංගම යුගයේ බිලි පූජා යාගය වේ. එවැනි යාගයකට බ්‍රහ්මිණ් වරු නියතයෙන්ම
අවශ්‍යයමයි. ඔබ දැන් බ්‍රහ්මිණ්වරු බවට පත් වී ඇත. ඔබ දන්නවා මෙම මරණ දේශයේ අවසාන
යාගය මෙය බව. මරණයේ දේශයේ බිලි යාග තිබූ නමුත් අමරණීය දේශය තුළ බිලි පූජා නොමැත.
භක්තිවන්තයින්ට මේවා බුද්ධියට ගත නොහැකිය. භක්තිය සම්පූර්ණයෙන්ම ඥානයෙන් වෙනස්ය. ඒ
මිනිසුන් අදහන්නේ ආගමික හා වේද ග්රන්ථ ඥානය ලෙසයි. එම පොත් වල ඥානය තිබුණා නම්
ඔවුන්ට ආපසු නිවහන බලා යා හැකි විය යුතුයි. කොහොම වුවත්, නාටකයට අනුව තාම කිසිවෙකුට
ආපසු නිවහනට යා නොහැක. බාබා තේරුම් කර දී තිබෙනවා සතෝ රජෝ හා තමෝ තත්ත්වයන් පසු
කරන්නේ මුල් තත්ත්වයට එන අය පමණක් නොවන බව. ඉතින් කොහොමද ඉතිරි අය සතෝ කොටස පමණක්
පසුකර ආපසු ගෙදර යන්නේ ? ඔවුන්ද ඔවුන්ගේ තමෝප්‍රධාන් තත්ත්වයට ඇතුල් විය යුතුයි.
ඔවුන්ද ඔවුන්ගේ කොටස මෙහිදී රඟපෑ යුතුය. හෑම නළුවෙකුටම ඔහුගේම වූ කොටස රඟපෑ යුතු
වෙයි. හැම නළුවෙකුටම ඔහුගේම වූ ශක්තිය ඇත. වැදගත් නළුවන් බොහෝ ප්‍රසිද්ධය. මේ
නාටකයේ නිර්මාණක, අධ්‍යක්ෂක සහ ප්‍රධාන නළුවා කවුද? ඔබ දැන් තේරුම් ගෙන සිටිනවා
පියා වූ දෙවියන් ප්‍රධානම කෙනා බව. ඉක්බිතිව ජගත් මාතාව සහ ජගත් පීතෘ වරයා සිටී.
ඔවුන් ලෝක හිමිකරුවන් වේ. ඔවුන්ගේ කොටස් නියතයෙන්ම බොහෝ උසස් අතර ඔවුන්ගේ වැටුපද
ඉතා ඉහළය. ඉහළම ඉහළ කෙනා වන පියා ඔවුන්ට ගෙවීම කරයි. ඔහු මෙසේ කියයි ඔබ මට එසේ බොහෝ
උදව් කරන නිසා, ඒ අනුව ගෙවීම් සිදු වේ. ඔබට ඉගැන්වූයේ බැරිස්ටර් කෙනෙක් නම් ඔහු
කියාවි, ඔබට ඉහළ තත්ත්වයක් ලබා දුන්නේ ඔහුය කියා. ඉතින් ඔබ දරුවන් මේ ඉගෙනීමට විශාල
අවධානයක් යෙදිය යුතුයි. ඔබ තම පවුලත් සමඟ ගෙදර සිටිය යුතු වෙයි. ඔවුන් (සන්යාසීන්)
අත්හරින්නේ කර්ම යෝගාය. ඔබට ගෙදර සිටියදී සියලු දේ කරනා ගමන් මෙම උත්සාහය දරමින්
පියාගෙන් ඔබේ උරුමය ලැබිය හැකියි. මෙහි කිසිඳු අපහසුවක් නැත. ඔබ ගෙදරදී සියලු වැඩ
කරන අතර තුරම ශිව බාබා පිළිබඳ ස්මෘතියෙන්ම සිටිය යුතුයි. ඥානය ගැනීම පහසුය.
මිනිසුන් මෙසේ හඬගායි පාරිශුද්ධ කරුවාණනි, එන්න! පැමිණ අපව පිරිසිඳු කරන්න!
පිරිසිඳු ලෝකයේ පිරිසිඳු රජ දහන ඇති අතර පියා ඔබව එම රජ දහනට වටිනා සේ සකස් කරයි.
මෙම ඥානයේ ප්‍රධාන විෂයන් දෙකක් ඇත ඇල්ෆා (‘අ‘ යනු) සහ බීටාය (‘ආ‘ යනු). ස්ව දර්ශන
චක්‍රය කරකවමින් පියා සිහි කිරීම මඟින් ඔබ සදා සෞඛ්‍යමත් සහ සදා ධනවත් වේ. පියා
මෙසේ කියයි ගෙදරදී මෙන් මාව සිහි කරන්න. ඔබ නිවහනද (නිර්වාණය) සිහිකළ යුතුමයි. එසේ
සිහිකිරීමෙන්, ඔබට එහි යා හැකි වේ. ස්වදර්ශන චක්‍රය කැරකීමෙන් ඔබ පෘතුවි ගෝලයේ
පාලකයින් බවට පත් වේ. ඔබ ඉතා ප්‍රවේසමින් සියල්ල බුද්ධිය තුළට ගෙන තබා ගත යුතුයි.
වර්තමානයේ දී, සියලු දෙනා සම්පූර්ණයෙන් තමෝප්‍රධාන්ය. සතුටු දේශයේ ඔබට සාමය, සතුට
හා සෞභාග්‍යය ඇත. එහි ඇත්තේ එකම ආගම පමණි. දැන් හැම ගෙදරකම සාමයෙන් තොර වී ඇත.
බලන්න ශිෂ්‍යයින් මොන තරම් කලබල කරනවාද කියා! ඔවුන් ඔවුන්ගේ නැවුම් රුධිරය පෙන්වයි.
මෙම ලෝකය සම්පූර්ණයෙන් ජරපත් අපිරිසිඳු එකක් වන අතර ස්වර්ණමය යුගය නැවුම් පිරිසිඳු
ලෝකයයි. පියා පැමිණ ඇත්තේ මෙම සංගම යුගයේය. මහාභාරත් යුද්ධයද සිදුවන්නේ මෙම සංගම
යුගයේ දීය. මෙම ලෝකය දැන් වෙනස් විය යුතුය. පියා මෙසේ කියයි මම සංගම යුගයේ දී
පැමිණියේ නව ලෝකය ස්ථාපනය කිරීමටයි. මේ අතිශයින්ම සුබ සංගම යුගයයි. මිනිසුන්
පුණ්‍යවන්ත මාසය (පුරුෂෝත්තම්, අතිශයින්ම උතුම්) සහ පුණ්‍යවන්ත කාලය සමරන නමුත්
කිසිවෙක් පුණ්‍යවන්ත සංගම යුගය ගැන නොදනී. පියා මෙම සංගම යුගයේ පෙනෙන ඔබ දියමන්ති
හා සමානව සකසයි. ඔබ මෙහිදී ද අනුපිළිවලින් සිටී. රජුන් දියමන්ති සේ වන අතර වැසියන්
රන් හා සමාන වේ. දරුවෙක් උපදිනවාත් සමඟම උරුමයට අයිතියක් ලබයි. ඔබ දැන් පිරිසිඳු නව
ලෝකයට අයිතිය ලබමින් සිටී. කොහොමනමුත්, එහිදී ඉහළ තත්ත්වයක් ලැබිමට නම් ඔබ උත්සාහ
කළ යුතුයි. ඔබ දැන් දරණ උත්සාහයම සෑම චක්‍රයකම දරණ උත්සාහය වේ. යමෙක් දැන් දරණ
උත්සාහයට වඩා උත්සාහයක් තව දුරත් දැරිය නොහැකි සේ දැනෙනවා යනු සෑම චක්‍රයකම ඔවුන්
මේ ප්‍රමාණයේම උත්සාහයක් දරණවා යන්නයි. සෑම උපතකම සහ සෑම චක්‍රයකම ඔවුන් එක්කෝ යටත්
වැසියන් වේවි. නැතිනම්, පෝසත් වැසියන්ගේ දැසි දසුන් වේවි. සැම කෙනෙක්ම
අනුපිළිවෙලින් සිටින අතර ඔබේ හැම දෙයක්ම ඔබ ඉගෙන ගන්නා තරම අනුව දැන ගත හැකිය. ඔබ
දැන් මේ අවස්ථාවේදීම ශරීරය අතහැර යනවා නම්, ඔබට සිදු වන දේ බාබාට දැන්මම කිව
හැකියි. දිනෙන් දින කාලය කෙටි බවට පත් වේ. ඔබ කවුරු හෝ දැන්මම ශරීරය අතහරින්නේ නම්.
නැවතත් ඉගෙන ගැනීමට ලැබෙන්නේ නැත. ඔව්, ඔබේ බුද්ධියට යමක් ඇතුළු වී ඔබ ශිව බාබාව
සිහි කරාවි. එය හරියට කුඩා දරුවෙකුට ශිව බාබාව සිහි කරන්න යැයි කිවහොත් දිගටම ඔහු
‘ශිව බාබා, ශිව බාබා‘ යැයි පවසයි. එම ජීවාත්ම සත්තාවට එවිට යමක් ලැබේ. කුඩා දරුවෙක්
පාප ගැන කිසිවක් නොදන්නා නිසා, මහත්මා කෙනෙක් හා සමාන බවක් කියැවේ. කෙසේ වුවත්,
දරුවා වැඩෙන විට පාපයන්ගේ බලපෑම ඇති වේ. තරහ හෝ බැඳීම් හෝ ඇති වේ. ඔබට දැන් කියා
දෙන්නේ, මේ ලෝකයේ භෞතික ඇසින් දැකිය හැකි කුමකට හෝ ඇති ඇලීම් සියල්ල අහවර කළ යුතු
බවයි. ඔබ දන්නවා මුළු ලොවම සොහොන් පිටියක් වන බව. සෑම දෙයක්ම ජරපත් වී සම්පූර්ණ
අපිරිසිඳු වී ඇත. කෙනෙක් මළ පසු ඔහු සතු සියල්ල කානිගෝ නම් වූ විශේෂ බ්‍රාහ්මණ
පූජකයෙකුට දෙනු ලබයි. අසීමිත බ්‍රාහ්මණයා වන්නේ පියාය. රෙදි සෝදන්නා වන්නේ ද ඔහුය.
ඔහු ඔබෙන් ගන්නේ මොනවාද? ඔහු ඔබට දෙන්නේ මොනවාද? ඔබ බාබාට දෙන කුමන හෝ සුළු මුදලක්
කොහොමත් විනාශ වී යයි. එසේ වුවද පියා මෙසේ කියයි ඔබේ මුදල් ඔබ ළඟම තබා ගන්න ඊට ඇති
බැඳීම් සියල්ල අස් කර ගන්න. එහි ගිණුම් සියල්ල දිගටම බාබාට දෙමින් උපදෙස් ලබා ගන්න.
කොහොමත් පිදුරු හා සමාන ඔබ ළඟ ඇති සුළු දේ, සෞඛ්‍ය හා ධනය ලබා දෙන විශ්ව
විද්‍යාලයීය රෝහලට යොදවන්න. රෝහල් ඇත්තේ ලෙඩුන්ට වන අතර විශ්ව විද්‍යාල ඇත්තේ
සිසුන්ටය. මෙය වූ කලී රෝහලක සහ විද්‍යාලයක යන දෙකේම එකතුවකි. මේ සඳහා වර්ග අඩි 3 ක
භූමියක් පමණයි අවශ්‍ය ! වෙන කිසිවක් නැති කෙනෙකුට දිය හැක්කේ පංතියක් පැවැත්වීම
සඳහා වර්ග අඩි 3 ක භූමියක් පමණි. මේ ප්‍රමාණය වාඩි වීම සඳහා පමණක් ප්‍රමාණවත් වේ.
අසුනක් වර්ග අඩි 3 කි. ඔබේ වර්ග අඩි 3 ට එන ඕනෑම කෙනෙකුට සියල්ල පැහැදිලිව තේරුම්
ගත හැකිය. එන ඕනෑම කෙනෙකුට වාඩි වීමට සලස්වා පියාගේ හැඳින්වීම ලබා දෙන්න. සේවය සඳහා
බොහෝ පදක්කම් ද සාදා ඇත. මෙය ඉතා සරළ පදක්කමකි. පිංතූරද ඉතා හොඳ අතර එහි ලියා ඇති
දේ ද අරුතින් පිරී ඇත. මේවායින් බොහෝ සේ සේවය කළ හැකිය. දවසින් දවස කලබල වැඩි වී
මිනිසුන් මේ ලෝකය ගැන කලකිරී පියා සිහි කිරීමට පටන් ගනු ඇත. මේ ජීවාත්ම සත්තාව වන
මා අවිනාශී වන අතර මගේ අවිනාශී පියා සිහි කළ යුතුව ඇත. පියාම මෙසේ කියයි මා සිහිකළ
විට ඔබගේ බොහෝ උපත් වල පාප සිඳී යනු ඇත. ඔබ ජීවාත්ම සත්තාවක් සේ සලකා පියාට පූර්ණ
සෙනෙහස ඇතිව සිටින්න. ශරීර අවධානයට පත් නොවන්න. ඔව්, ඔබේ දරුවන්ට බාහිරින් ආදරය කළ
හැකි නමුත් ආධ්‍යාත්මික පියාට සැබෑ ආදරය දක්වන්න. ඔබේ පව් සිඳී යන්නේ ඔහු
සිහිකිරීමෙන් පමණයි. ඔබේ මිතුරන් සහ නෑදෑයින් දකිනා අතර ඔබේ බුද්ධිය පියා පිළිබඳ
ස්මෘතියේ රැඳී තිබිය යුතුය. එය හරියට ඔබ ස්මෘතිය නම් වූ ගසේ එල්ලී සිටිනවා මෙනි.
ජීවාත්ම සත්තාවන් උත්තරීතර ජීවාත්ම සත්තාව වන පියා සිහිකළ යුතුව ඇත. ඔබේ බුද්ධිය
එහි රැඳී තිබිය යුතුය. පියාගේ නිවහන ඇත්තේ ඉහළිනි. අශරීරික ලෝකය, සූක්ෂම කලාපය සහ
මෙම ශාරීරික ලෝකය ඇත. දැන් ඔබේ ගමන අවසානය කරා ළඟා වෙමින් තිබෙන නිසා ඉක්මණින්ම ඔබ
ආපසු ගෙදර යා යුතුයි. දැන් ඔබ ඔබේ නිවහන කරා ආපසු යන ගමනේ යෙදී සිටී. ඒ නිසා ඔබේ
නිවහන ඉතා ආකර්ශණීයයි. එය ඔබේ අසිමිත දනව්වයි. ඔබ ඔබේ නිවහනට ආපසු යා යුතුමයි.
මිනිසුන් ආපසු ගෙදර යාමට භක්ති ක්‍රියා වල යෙදේ. කොහොමනමුත්, ඔවුන්ට සම්පූර්ණ ඥානය
නැති අතර ආපසු ගෙදර යාමේ හැකියාවද නැත. ඔවුන් දෙවියන් හමු වීම සඳහා හෝ නිර්වාණය
සඳහා බොහෝ වන්දනා ගමන් ආදියේ යෙදෙයි. ඔවුන් විශාල උත්සාහයක් දරයි. සන්යාසීන්
පෙන්වන්නේ සාමයේ මාවත පමණි. ඔවුන් සතුටු දේශය ගැන කිසිවක් නොදනී. සතුටු දේශයට පාර
පෙන්වන්නේ පියා පමණි. සියල්ලට පළමු ඔබ නියතයෙන්ම ශබ්දය අභිබවා (නිර්වාණ) නම් වූ ඔබේ
විශ්‍රාම තත්ත්වයට යා යුතුයි. එයට බ්රහ්මාණ්ඩය යැයි ද කියයි. ඔවුන් සිතන්නේ
බ්‍රහ්ම් ධාතුව දෙවියන් කියාය. අප ජීව සත්තාවන් තිත් (ලක්ෂ්‍යයන්) වන අතර අපේ මුල්
නිවහන බ්රහ්මාණ්ඩයයි. ඔබ එම ස්වරූපයෙන් වන්දනාවට ලක් වෙයි. ඔවුන් තිතකට වන්දනා
කරන්නේ කෙසේද? වන්දනා කිරීම සඳහා ඔවුන් සෑම ජීවාත්ම සත්තාවක් වෙනුවෙන්ම සැලිග්රෑම්
ස්වරූපයන් සාදා ගනී. තිතකට පිදුම් ලැබිය හැක්කේ කෙසේද? එමනිසයි ඔවුන් විශාල
ස්වරූපයන් සාදන්නේ. පියාට ඔහුගේම යයි ශරීරයක් නැත. ඔබ දැන් මේ සියල්ල දනී. ඔබ
පිංතූර වල ජීවාත්ම සත්තාවන් ලොකු කර පෙන් විය යුතුයි. තිත් දැක්කාට මිනිසුන් තේරුම්
ගන්නේ නැත. ඒ නිසා තරුවක් සේ සෑදීම ඇත්තෙන්ම හොඳය. සමහරු මව්වරුන් තිලකයක් සේ
පෙන්වයි. ඔබට නිම කර ඇති සුදු තිලක් ලබා ගත හැක. ජිවාත්ම සත්තාවක්ද තරුවක් මෙන්
සුදුය. තිලකය වූ කලී ජීවාත්ම සත්තාවේ සලකුණ වන අතර එය ඇත්තේ කෙනෙකුගේ නළල මධ්‍යයේය.
කොහොමනමුත්, කිසිවෙක් මෙහි තේරුම නොදනී. මෙතරම් කුඩා වූ ජීවාත්ම සත්තාවක එතරම්
විශාල ඥානයක් ඇතුලත් බව පියා පහදා දෙයි. බොහෝ බෝම්බ ආදිය නිම වෙයි. ජීවාත්ම
සත්තාවක් තුළ ඔවුන්ගේ කොටස් වාර්තා වී ඇති බව විශ්මය ජනකය. මේ කරුණු ඉතා ගැඹුරුය.
මෙතරම් කුඩා ජීවාත්ම සත්තාවක් ශරීරය තුළින් එතරම්ම ප්‍රමාණයක් වැඩ කරයි. ජීවාත්ම
සත්තාවන් අවිනාශීය. ඔවුන්ගේ කොටස් කවදාවත් විනාශ වන්නේ නැත. ඔවුන්ගේ ක්‍රියා වෙනස්
වන්නේ ද නැත. ස්වර්ණමය යුගයේ දී වෘක්ෂය ඉතා කුඩා වන අතර දැන් ඉතා විශාලය. මේ මිහිරි
ගසේ කුඩා පැළය දැන් පැළ කර ඇත. ඔබ අපිරිසිඳු වූ අතර දැන් පිරිසිඳු වෙමින් සිටී.
එතරම් කුඩා ජීවාත්ම සත්තාවක් තුළ එතරම් විශාල කොටසක් අඩංගු වී තිබේ. මේ ස්වභාවයයි.
ඔබ දිගටම ඔබේ අවිනාශී කොටස රඟපායි. එය කවදාවත් නවතින්නේ නැත. ජීවාත්ම සත්තාවන්
අවිනාශී වෙමින් අවිනාශී කොටස් වලින් පිරී ඇති බව විශ්මිතය. පියා මෙසේ විස්තර කරයි
දරුවනි, ඔබ ජීවාත්ම සත්තා අවධානයට පත් විය යුතුව ඇත. ඔබ ජීවාත්ම සත්තාවක් සේ සලකා
පියා සිහි කරන්න. ඒ සඳහා උත්සාහය ද අවශ්‍යය. විශාලම කොටස ඇත්තේ ඔබ ජීවාත්ම
සත්තාවටය. ඔබට තරම් විශාල කොටසක් බාබාට නැත. පියා මෙසේ කියයි ඔබ දෙව් ලොවදී සතුටින්
සිටිනා විට මම ගොස් විවේක ගනිමි. ඒ වේලාවට මට රඟපෑමට කොටසක් නැත. ඔබ සඳහා මෙතරම්
සේවය කළ යුත්තේ මේ කාලයේ දීය. මේ ඥානය එතරම් විශ්මිතය! ඔබ මිස වෙන කවුරුත් මෙය
දන්නේ නැත. ඔබ පියා පිළිබඳ ස්මෘතියෙන් නොසිටිය හොත් මෙය උකහා ගත නොහැකිය. ඔබේ කෑම
සහ පාන වර්ග වෙනස් කළ විට එයින් වෙනසක් වී මෙය උකහා ගැනීමේ ආකාරය ද වෙනස් වේ. මේ
සම්බන්ධයෙන් ඔබ ඉතා පාරිශුද්ධ විය යුතුය. පියා සිහිකිරීම ඉතා පහසුය. එසේ සිහිකර ඔබේ
උරුමය ලබන්න. ඒ නිසයි බාබා මෙසේ කියා ඇත්තේ පිංතූර ඔබ වෙත තබා ගන්න. යෝගාවේත්
උරුමයේත් ඔබේ පිංතූරය සාදාගත් විට එම වෙනසේ කුල්මත්භාවයෙන් ඔබ බ්‍රහ්මිණ් බවින්
දෙවි දේවතා තත්ත්වයට පත් වේ. ඉනික්බිතිව ඔබ ක්ෂත්රිය බවට පත් වනු ඇත. ඔබ
බ්‍රහ්මිණ් වරු සංගම යුගයේ අයයි. ඔබ ඉතා උසස් මනුෂ්‍යයින් බවට පත් වෙමින් සිටී.
මේවා මිනිසුන්ගේ බුද්ධියට ඇතුළු කරන්නට ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. දිනෙන් දින ඔබ
මේ ඥානය තේරුම් ගත් තරමට ඔබේ සතුට ද වැඩි වේ. ඔබ දරුවන් දන්නවා බාබා ඔබට බොහෝ යහපත
කර ඇති බව හෑම චක්‍රයේම ඔබ ඉහළ නඟින බව. ඔබ ශරීරය පවත්වා ගැනීම සඳහා සියල්ල කළ යුතු
වුවත් ඔබේ බුද්ධියෙන් සිහිකළ යුත්තේ ශිව බාබාගේ මුළුතැන් ගෙයින් ඔබේ ආහාරය ලැබෙනා
බවයි. ඔබ දිගටම ශිව බාබාගේ ස්මෘතියෙන් සිටීමෙන් සියලු දුක් අහවර වනු ඇත. ඔබේ ජරපත්
සිරුරු අතහැර ආපසු ගෙදර යනු ඇත. බාබා දානපතියා නිසා ඔබෙන් කිසිවක් නොගන්නා බව ඔබ
දරුවන් දනී. පියා මෙසේ කියයි මගේ ශ්‍රීමත් පිළිපදින්න! ඔබේ මුදල් දෙන අය පිළිබඳ
පූර්ණ අවධානයෙන් සිටින්න. ඔබ යමෙකුට මුදල් දුන් පසු එයින් යම් වැරදි ක්‍රියාවක්
කිරීම හෝ මත්පැන් සඳහා වියදම් කළොත් එහි පාපය ඔබ මත වැටේ. ඔබ පාපකාරීන් බවට පත්
වූයේ පාපකාරී ජීව සත්තාවන් සමඟ ගණුදෙනු කළ නිසාය. මෙහි ඒසා විශාල වෙනසක් ඇත. පියා
මෙසේ කියයි ඔබ මෙහිදී පුණ්‍ය වන්තයන් විය යුතුයි. ඒ නිසා පාපීන් සමඟ ගණුදෙනු
නොකරන්න. කිසිවෙක් අසතුටට පත් නොකරන්න. කිසිවෙකුට ඇලී නොසිටින්න. පියා පැමිණ ඇත්තේ
ඔබේ මිහිරිතමයා (සැකරින්) ලෙසිනි. ඔබෙන් ඔහු ගන්නා නොවටිනා ජරපත් දේ පිළිබඳ ඔහුගේ
වුවමනාව දෙස බලන්න. ඔබට විශාල පොළියක් ලැබේ. ඔහු එතරම්ම අහිංසකයි! ඔබෙන් ගන්නා සහල්
මිටට ඔහු ආපසු ඔබට දෙන්නේ මාළිගයකි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දැන් ඔබ
ගමනාන්තයට පැමිණ ඇති නිසා ආපසු ගෙදර යා යුතුය. මේ නිසයි ඔබ ජරපත් ලෝකය පිළිබඳව
කලකිරී අත්හැරිය යුත්තේ. ඔබේ බුද්ධි යෝගය පියා පිළිබඳ ස්මෘතිය නම් වූ ගසේ එල්ලී
සිටිය යුතුයි.
2. සංගම යුගයේ පියා
විසින් නිමවා ඇති බලි යාගය බලා ගැනීම සඳහා ඔබ සත්‍ය, පිරිසිඳු බ්‍රහ්මිණ් වරු වන්න.
ඔබ මොනවා කළත් පියාගේ ස්මරණය තුළ සිටින්න.
වරදානය:
තමන් ආදි
රත්නයක් බව දැන සිටීමෙන් ඔබ නිරතුරුවම බලවත් වී ඔබේ ජීවිතයේ වටිනාකම දැනගනිත්වා.
බ්‍රහ්ම පියා ආදි
දේව් වන්නා සේම, ඔබ බ්‍රහ්ම කුමාරවරු සහ කුමාරිවරු ද ආදි රත්නයන්ය. ආදි දේව්ගේ
දරුවන්, "මාස්ටර් ආදි දේව්" ය. ඔබ තමන් ආදි රත්නයක් ලෙස සැලකීමෙන් පමණක් ඔබට ඔබේ
ජීවිතයේ වටිනාකම දැනගත හැකි වනු ඇත, මන්ද, ආදී මැණික් යනු පරමාත්ම දෙවියන්ගේ
මාණික්යයන්ය, දේව මැණික්ය, එබැවින් ඔබ බොහෝ වටින්නේය. එමනිසා, ඔබ සෑම ක්‍රියාවක්ම
කරන අතරතුර, සෑම විටම තමන් “ආදි දේව්”, ආදි දේව්ගේ දරුවන්, ආදි රත්නයන් ලෙස සලකන්න,
එවිට ඔබට බලවත් වීමේ ආශිර්වාදය ලැබෙනු ඇත. එවන් විටෙක කිසිවක් අපතේ යා නොහැක.
පාඨය:
දැනුමැති
ජීවාත්ම රැවටීමට ලක්වීමට පෙර තමන් විසින්ම දේවල් වටහාගෙන එමගින් තමන්ව ආරක්ෂා
කරගනී.
ඔබගේ බලවත් මනසින්
සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.
දැන් සේවයට සකාෂ් ලබා
දී, බුද්ධි පරිවර්ථනය කිරීමේ සේවය එකතු කරගන්න. ඉන්පසුව සාර්ථකත්වය ඔබ ඉදිරියේ
ඉබේටම හිස නමන ආකාරය බලන්න. සේවයට පැමිණෙන බාධක වල, බාධක තිරය පිටුපස සැගවුණු
යහපතක් තිබේ. ඔබගේ මනසේ සහ වචන වල බලයෙන්, තිරය සරළව ඉවත් කරන්න, එවිට තිරය පිටුපස
ඇති යහපතේ ජවනිකා ඔබහට දිස්වනු ඇත.