11.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා පැමිණ සිටින්නේ ඔය දරුවන්ව සතුට, විවේකය සහ සුව පහසුව ඇති ලොවට රැගෙන
යෑමටයි. විවේකය සහ සුව පහසුව තිබෙන්නේ සාම දේශයේ සහ සතුටු දේශයේ පමණයි.
ප්‍රශ්නය:
මෙම සටන්
බිමේදී මායා පළමුවෙන්ම පහර දෙන්නේ ඔබගේ කිනම් කාරණාවටද?
පිළිතුර:
ඔබගේ විශ්වාසයට ඔබ ගමන් කරන අතර, ඇය ඔබගේ විශ්වාසය බිඳ දමා, ඒ අනුව ඔබව පරාජය කරයි.
සියල්ලන්ගේම දුක තුරන් කර, සතුට ලබා දෙන පරමාත්ම පියා, අපට ශ්‍රීමත් ලබා දෙන කෙනාය,
ඔහු අපට නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ලබා දෙනවා, යන ස්ථීර විශ්වාසය
ඔබට තිබේ නම්, මායාට, ඔබව කිසි විටෙක පරාජය කළ නොහැක.
ගීතය:
මේ පව්කාර
ලෝකයෙන් ඈතට, විවේකය සහ සුවය ඇති තැනකට අපව රැගෙන යන්න!
ඕම් ශාන්ති.
‘අපව වෙනත්
තැනකට රැගෙන යන්න‘ කියා ඔබ කියන්නේ කාටද? ඔහු ඔබව රැගෙන යන්නේ කොහොමද? ලෝකයේ
කිසිවෙක් මෙය නොදනී. බ්‍රහ්මිණ් වංශයේ සැරසිල්ල වන ඔබ, ඔබ දරණ උත්සාහයට අනුව, අංක
පිළිවෙලට මෙය දනී. මෙම කෙනා තුළට ඇතුළු වී, නිර්මාණයේ මුල, මැද සහ අවසානය මෙන්ම,
තමන් ගැනද අපට දැනුම ලබා දෙන කෙනා, සෑම කෙනෙකුගේම දුක නැති කර, සතුට පිරිනමන්නන්
බවට අපව පත් කරවන බව ඔය දරුවන් දන්නවා. මෙම කරුණ අළුත් දෙයක් නොවෙයි පියා සෑම
චක්‍රයකම පැමිණ, අප සැම දෙනාටම ශ්‍රීමත් ලබා දෙයි. පියා එම කෙනාම බවත් අපද එම අයම
බවත් ඔය දරුවන් දන්නවා. ඔය දරුවන්ට මෙම විශ්වාසය තිබිය යුතුයි. පියා පවසන්නේ මා
පැමිණියේ ඔය දරුවන්ව සාම දේශයට සහ සතුටු දේශයට රැගෙන යාමටයි. කෙසේවෙතත්, ඔබට
විශ්වාසය ඇති කර ගැනීමට මායා ඉඩ නොදෙයි. ඔබ සතුටු දේශය කරා යන අතර, ඇය ඔබව පරාජය
කරයි. මෙය සටන් බිමක්. එම යුද්ධ, භෞතික බලය යොදා සටන් කරන අතර, මෙම යුද්ධය සටන්
කරන්නේ යෝගා බලයෙනි. යෝගා බලය ඉතා සුප්‍රසිද්ධයි. සෑම කෙනෙක්ම යෝගා බලය ගැන කතා
කරන්නේ මේ නිසයි. ඔබ පියාගෙන් මෙම යෝගාව ඉගෙන ගන්නේ එක් වරක් පමණයි. වෙනත් අය විවිධ
මාදිලියේ හතයෝගා උගන්වයි. පියා පැමිණ යෝගාව උගන්වන ආකාරය ගැන ඔවුන් නොදනී. ඔවුන්ට
මෙම පෞරාණික යෝගාව ඉගැන්විය නොහැක. එම පියාම ඔබට යෝගාව උගන්වන බව ඔය දරුවන් දන්නවා.
ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! අපව විවේකය සහ සුවය ඇති තැනකට රැගෙන යන්න, කියා
මිනිසුන් කන්නලව් කරන විට, ඔවුන් සිහි කරන කෙනා, ඔහුයි. විවේකය සහ සුව පහසුව
තිබෙන්නේ සාම දේශයේ සහ සතුටු දේශයේ පමණයි. දුක් දේශයේ ඔබ විවේකය සහ සුව පහසුව
අත්විඳින්නේ කෙසේද? මෙහි විවේකය සහ සුවය නොමැති නිසයි, නාටකයේ සැලසුමට අනුව, පියා
පැමිණෙන්නේ. මෙය දුක් දේශයයි. මෙහි ඇත්තේ දුකය, දුකම පමණයි. දුක් කන්දරාවන්
වැටෙන්නට ඉතාමත්ම ආසන්නයි. කෙනෙක් කෙතරම් ධනවත් වුවත්, කෙතරම් වැදගත් වුවත්, ඔහුට
අනිවාර්යෙන්ම එක් හෝ තව ආකාරයක දුකක් තිබෙයි. දැන් මෙහි පැමිණ ඇති, මිහිරි පියා සමඟ
ඔබ අසුන් ගෙන සිටින බව, ඔය දරුවන් දන්නවා. ඔබ දැන් නාටකයේ රහස් දන්නවා. පියා දැන්
පැමිණ ඇති අතර, ඔහු අපව, ඔහුත් සමඟ ආපසු රැගෙන යයි. ඔහු සියලුම ජීවාත්මයන් ගේ පියා
නිසා, ජීවාත්මයන් වන අපට, පියා උගන්වයි. ජීවාත්ම, බොහෝ දීර්ඝ කාලයක් පරම පියාගෙන්
වෙන්ව සිටි අයුරු කියැවෙන ගීතයක් තිබේ. සාම දේශයේදී, සියලුම ජීවාත්ම එකට සිටියි.
පියා දැන් මෙහි පැමිණ සිටියි. එහි උඩ ඉතිරි වී ඇති ජීවාත්ම සුළු ප්‍රමාණයද, පහළට
පැමිණෙයි. පියා ඔබට මෙහි බොහෝ දේවල් විස්තර කරයි. කෙසේවෙතත්, ඔබ නිවසට ගිය විගසම ඔබ
ඒවා අමතක කර දමයි. මෙම කාරණා ඉතාමත්ම සරලයි. සතුට පිරිනමන්නා සහ සාමය පිරිනමන්නා වන
පියා, මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙයි. ඔය දරුවන් සිටින්නේ ඉතාම සුළු
පිරිසකි. ඔබලාගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඛණ්ඩව වැඩි වෙයි. ඔබට පියා කෙරෙහි
සෙනෙහස තිබෙන්නේ, අදෘෂ්‍යමාන ලෙසයි. ඔබ කොහේ වාසය කළත්, බාබා මධුබාන් වල අසුන් ගෙන
සිටින බව ඔබගේ බුද්ධියේ තිබේ. පියා පවසන්නේ ඔබගේද වාසස්ථානය වන, එහි ඉහළ (ආදිතම
නිවස) සිටින මාව සිහි කරන්න. ඔබ මව, පියා, කියා අමතන කෙනාව, අනිවාර්යෙන් සිහි වනු
ඇත. ඔහු සැබවින්ම ඔබ වෙතට පැමිණ ඇත. පියා පවසන්නේ මා දැන් පැමිණ ඇත්තේ ඔබව ආපසු
රැගෙන යාමටයි. රාවණ, ඔබව අපවිත්‍ර සහ තමෝප්‍රධාන් කර ඇති නිසා, ඔබ දැන් පිවිතුරු සහ
සතෝප්‍රධාන් විය යුතුයි. අපවිත්‍ර අය ආපසු යන්නේ කෙසේද? ඔබ නිසැකයෙන්ම පිවිතුරු විය
යුතුයි. වර්තමානයේ එකදු පිවිතුරු මනුෂ්‍යයෙක් වත් නැත. මෙය තමෝප්‍රධාන් ලෝකයයි. මෙය
මනුෂ්‍යයන්ට පමණක් බලපායි. සතෝප්‍රධාන්, සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්වයන්ගේ වැදගත්කම
විස්තර කෙරෙන්නේ මනුෂ්‍යයින්ට පමණයි. පියා විස්තර කරන්නේ ඔය දරුවන්ට පමණයි. මෙය
ඉතාම පහසුයි. ඔය ජීවාත්ම ඔබගේ නිවසේ වාසය කළා. එහි වාසය කරන්නේ පිවිතුරු ජීවාත්ම
පමණයි අපවිත්‍ර අයට එහි සිටිය නොහැක. එහි නාමය විමුක්ති දේශයයි. පියා දැන් ඔබව
පිවිතුරු කර, එහි රැගෙන යන අතර, ඔබ ඉන්පසුව ඔබගේ චරිත කොටස් රඟ පෑමට, සතුටු දේශයට
යයි. ඔබ ඉන්පසුව සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා ගමන් කරයි. ඔබ ඔහුට කන්නලව් කළේ බාබා,
අපව විවේකය සහ සුවය ඇති තැනකට රැගෙන යන්න, කියාය. සාමය සහ සතුටෙහි, විවේකය සහ සුවය
ඔබට සොයාගත හැකි වන්නේ කොහිද කියා, ඔය දරුවන් දැන් දන්නවා. බාබා දැන් පැමිණ
සිටින්නේ අපට උපත් 21කට සතුට ලබා දීමටයි. පසුව පැමිණෙන සියල්ලන්ටම විමුක්තිය ලබා
දීමටයි ඔහු පැමිණ සිටින්නේ. පසුව පැමිණෙන අයට තිබෙන්නේ කෙටි චරිත කොටස්ය. දීර්ඝතම
චරිත කොටස් තිබෙන්නේ ඔබලාටයි. ඔබගේ උපත් 84 හි චරිත කොටස් රඟපා සම්පූර්ණ කර ඇති
බවත්, මෙම චක්‍රය අවසන් වන බවත් ඔබ දන්නවා. මෙම මුළු පැරණි වෘක‍්ෂයම විනාශ විමටයි
තිබෙන්නේ. ඔබගේ අදෘෂ්‍යමාන රජය, දැන් දේවතා ධර්මයේ අංකුරය, පැල කරමින් සිටිනවා. අර
මිනිසුන් කැලෑ ගස් වල අංකුර දිගටම පැල කරමින් සිටින අතර, මෙහිදී පියා, කටු,
දිව්‍යමය මල් ඇති ගසක් බවට පරිවර්ථනය කරමින් සිටිනවා. එය රජයක් වන අතර, මෙය
අදෘෂ්‍යමාන රජයකි. ඔවුන් කරන්නේ කුමක්ද, එමෙන්ම ඔබ කරන්නේ කුමක්ද? බලන්න වෙනස
කෙතරම් විශාලද කියා! ඒ මිනිසුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ඔවුන් අඛණ්ඩව අංකුර
පැල කරන නමුත්, බොහෝ විවිධ වර්ග වල කැලෑ ගස් තිබේ. ඇතමෙක් එක් වර්ගයක අංකුරද තවත්
කෙනෙක් තවත් වර්ගයක අංකුරද පැල කරයි. පියා දැන් නැවත වතාවක් ඔබව දේවතාවන් බවට පත්
කරවමින් සිටියි. ඔබ සතෝප්‍රධාන් දේවතාවන්ව සිටි අතර, ඔබ ඉන්පසුව උපත් 84හි චක්‍රය
වටා ගොස් තමෝප්‍රධාන් විය. කිසිම කෙනෙකුට සදාකාලිකවම සතෝප්‍රධාන්ව සිටිය නොහැක සෑම
දෙයක්ම අනිවාර්යෙන්ම අළුත් බවින් පැරණි විය යුතුයි. ඔබ කැරට් 24 හි රත්තරන්ව සිටි
නමුත්, දැන් කැරට් 9යේ ආභරණ බවට පත්ව තිබේ. ඔබ නැවත වරක් කැරට් 24 හි රත්තරං බවට
පත් විය යුතුයි. ජීවාත්ම, එම ආභරණ මෙන් වී තිබේ. රත්තරං කෙසේද, ඉන් සාදන ආභරණද
එසේයි. සෑම කෙනෙක්ම දැන් මාත්තු බවට පත්වී තිබේ. ඔබගේ ගරුත්වය රැක ගැනීම පිණිස, ඔබ
සම්පූර්ණයෙන්ම අවලස්සන බව නොකියා, මාත්තු බව පමණක් කියයි. ඔය ජීවාත්ම පිවිතුරු සහ
සතෝප්‍රධාන්ව සිටි නමුත්, ඔබ තුළට විශාල වශයෙන් මාත්තු මිශ්‍ර වී ඇති බැවින්, බාබා
ඔබට දැන් නැවත පිවිතුරු වන මාර්ගය පෙන්වා දෙයි. එය, මෙම යෝගා ගින්නෙනි. ඔබගේ මාත්තු
ඉවත් කළ හැකි වන්නේ මෙම ගින්නෙන් පමණයි. ඔබ පියාව සිහි කළ යුතුයි. පියාම පවසන්නේ
මාව මේ ආකාරයෙන් සිහිපත් කරන්න. මම පාරිශුද්ධකරුවාය. මා බොහෝ වාර ගණනාවක් ඔබව
අපවිත්‍ර බවින් පිවිතුරු කර තිබේ. පෙර කල, ඔබ මෙය දැන සිටියේ නැත. ඔබ අද අපවිත්‍ර
බවත්, හෙට පිවිතුරු වන බවත් ඔබට දැන් වැටහෙයි. චක්‍රයේ කාල වකවානුව, වසර සිය දහස්
ගණනක් බව ලියා, ඔවුන් ඒ අනුව මිනිසුන්ව උපරිම අන්ධකාරයට දමා තිබේ. පියා පැමිණ සෑම
දෙයක්ම ඉතාමත්ම පැහැදිලිව විස්තර කර දෙයි. ඔබට උගන්වන්නේ කවුද කියා ඔය දරුවන්
දන්නවා. ඒ දැනුමේ සාගරයයි, පාරිශුද්ධකරු පියාය, සියල්ලන්ටම විමුක්තිය පිරිනමන
කෙනාය. භක්ති මාර්ගයේදී මිනිසුන් බොහෝ සෙයින් ප්‍රශංසා ගායනා කළත්, ඔවුන්ට එහි අරුත
වැටහෙන්නේ නැත. ඔවුන් ප්‍රශංසා ගායනා කරන විට, සෑම කෙනෙකුගේම ප්‍රශංසාව එයට මිශ්‍ර
කරයි. ඔවුන් වැඩිපුර මිහිරියාවෙන් යුතුව, සෑම දෙයක්ම එකට මිශ්‍ර කරගනියි. ඔවුන්ට
කවුරුන් හෝ උගන්වන කුමන දෙයක් වුවත්, නිකම්ම ගායනා කරයි. පියා පවසන්නේ ඔබ මෙතෙක්
ඉගෙන ගෙන ඇති සෑම දෙයක්ම අමතක කර දමන්න. ඔබ ජීවත්ව සිටින තාක් කල්, මගේම වන්න. ඔබගේ
නිවසේ පවුලේ අය සමඟ ජීවත් වන අතරම, ඔවුන් සමඟ උපායශීලීව හැසිරෙන්න. ඒකායන පියාව
පමණක් සිහිපත් කරන්න. ඔවුන්ගේ එය හතයෝගාව වන අතර, ඔබ රාජයෝගීන්ය. ඔබ මෙය
ගෘහවාසීන්ටද ඉගැන්විය යුතුයි. ඔබගේ ක්‍රියාකාරකම් දකින විට, ඔවුන්ද එය අනුගමනය
කරයි. එබැවින් ඔබ එකිනෙකා සමඟ සණ්ඩු සරුවල් හෝ වාද නොකරන්න. ඔබ සණ්ඩු කරගන්නේ නම්,
ඔවුන් සියලු දෙනා කුමක් සිතයිද? ඔබට බොහෝ කෝපය ඇති බවයි. ඔබ තුළ කිසි අවගුණයක්
නොතිබිය යුතුයි. ඔබගේ බුද්ධිය සිනමාව මඟින් සම්පූර්ණයෙන්ම දූෂණය වෙයි. සිනමාව අපාය
මෙනි එහි යෑමෙන් කෙනෙකුගේ බුද්ධිය දූෂිත වෙයි. ලෝකයේ බොහෝ අපවිත්‍ර දේ තිබේ. වයස 18
ට අඩු කිසිවෙකුට විවාහ විය නොහැකි බව පවසමින් රජය නීතියක් පනවා තිබේ. එය තිබියදී
පවා, බොහෝ විවාහ සිදු වෙමින් පවතී. අත දරුවන් තවමත් විවාහ කර දෙයි. බාබා, ඔබව මෙම
අපවිත්‍ර ලෝකයෙන් ඉවතට ගෙන යන බව ඔබ දැන් දන්නවා. ඔහු අපව දිව්‍යලෝකයේ අධිපතියන්
බවට පත් කරවනවා. පියා පවසන්නේ බැඳීම් ජයගත් අය බවට පත් වන්න! මා පමණක් සිහිපත්
කරන්න, එපමණයි! ඔබගේ නිවසේ, පවුලේ අය සමඟ වාසය කරන අතර, මා සිහිපත් කරන්න! ඔබ යම්
උත්සාහයක් දැරූ විට පමණයි ඔබට ලෝකයේ අධිපතියන් විය හැකි වන්නේ. පියා පවසන්නේ
නිරන්තරයෙන් මා සිහිපත් කර, රාක‍්ෂක ගති අත්හරින්න. සෑම රාත්‍රීයකම ඔබගේ වාර්ථාව
සටහන් කරගන්න. ඔබගේ ව්‍යාපාරය මෙයයි. මෙම ව්‍යාපාරය කිරීමට සුදානමින් සිටින්නේ
ඉතාමත්ම සුළු පිරිසක් පමණයි. මෙය, දුගී අය, තත්පරයකදී කිරුළක් තිබෙන අය බවට පත්
කිරීමේ ව්‍යාපාරයයි. එබැවින් මෙය විජ්ජාවකි. යෝගා බලයෙන් ඔබව අපවිත්‍ර බවින්
පිවිතුරු කරන, එවන් විජ්ජාකරුගේ හස්තය, ඔබ අල්ලා ගත යුතුයි. වෙනත් කිසිවෙකුට ඔබව එය
බවට පත් කළ නොහැක. ගංඟා නදියේ ජලයෙන් කිසිවෙකුට පාරිශුද්ධත්වයට පත් විය නොහැක. ඔය
දරුවනට දැන් බොහෝ දැනුම තිබේ. බාබා නැවත වතාවක් පැමිණීමේ සතුට, ඔබ තුළ තිබිය
යුතුයි. දේවතාවියන්ගේ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් නිර්මාණය වී තිබේ. ඒවා ආයුධ අතැතිව
පෙන්වා ඇති අතර, බියකරු ලෙස පිලිඹිමු කර තිබේ. බ්‍රහ්මාව පෙන්වා ඇත්තේද බොහෝ අත්
සහිතවයි. බ්‍රහ්මාට අත් සිය දහස් ගණනක් තිබෙන්නේ කෙසේද කියා ඔබට දැන් වැටහෙයි. ඔය
බ්‍රහ්ම කුමර කුමරියන් සියලුම දෙනා, බාබාගේ නිර්මාණයයි ප්‍රජාපිතා බ්‍රහ්මාට මෙතරම්
අත් තිබෙන්නේ මේ අයුරින්ය. ඔබ දැන් රුප්-බසාන්ට්ය (දැනුමේ මැණික් වස්සන, යෝගාවේ
ප්‍රතිරුවක්). ඔබගේ මුවින් නිරන්තරයෙන් මැණික් මතු විය යුතුයි. දැනුමේ මුතු මැණික්
හැර, වෙනත් දෙයක් මතු නොවිය යුතුයි. මෙම මැණික් වල වටිනාකම කිසිවෙකුට තක්සේරු කළ
නොහැක. පියා පවසන්නේ මන්මනබව්! පියාව සිහිපත් කරන්න, එවිට ඔබ දේවතාවන් බවට පත්
වෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
රාත්‍රී පංතිය
68/03/11
ප්‍රදර්ශන විවෘත
කිරීම සඳහා, වැදගත් මිනිසුන් ඔබ වෙතට පැමිණෙයි. දෙවියන් මුණගැසීමට, ඔබ හොඳ මාර්ගයක්
සොයා ඇති බව පමණක්, ඔවුන් තේරුම් ගනී. දෙවියන් සොයාගැනීම සඳහා, මිනිසුන්
ආධ්‍යාත්මික රැස්වීම් වලට ගොස්, වේදයන් කියවන ආකාරයෙන්, ඔබ දැන් මෙම මාර්ගය සොයාගෙන
ඇත. කෙසේවෙතත්, පරමාත්ම දෙවියන් ඔබට උගන්වන බව ඔවුන්ට නොතේරෙයි. ඔවුන් සරළව සිතන්නේ
ඔබ හොඳ ක්‍රියා සිදු කරන බවත්, ඔබට පාරිශුද්ධත්වය තිබෙන බවත්, ඔබ ඔවුන්ටත් දෙවියන්
මුණගැසීමට මඟ පාදන බවත්, ඔය දේවතාවියන්ට හොඳ මාවතක් හමු වී ඇති බවත්ය; එපමණයි.
ප්‍රදර්ශන විවෘත කිරීමට ඔබ ආරාධනා කරන අය සළකන්නේ, ඔවුන් ඉතාමත්ම උසස් බවය. වැදගත්
අය සිතන්නේ බාබා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බව සහ ඔවුන් ගොස් ඔහුව මුණගැසිය යුතු බවයි.
බාබා පවසන්නේ : පළමුවෙන්ම පෝරමය පුරවා ඉන්පසුව ඔවුන්ව මෙහි එවන්න. පළමුවෙන්ම ඔය
දරුවන් ඔවුන්ට පියාගේ සම්පූර්ණ හැඳින්වීම ලබා දිය යුතුයි. ඔහුගේ හැඳින්වීම නොමැතිව,
ඔවුන් මෙහි පැමිණ කුමක් කරන්නද? ඔවුන්ට ශිව බාබාව මුණ ගැසිය හැකි වන්නේ පළමුවෙන්ම
ඔවුන් තුළ සම්පූර්ණ විශ්වාසය ඇති විටයි. ඔහුව හැඳින නොගෙන, ඔහුව මුණගැසීමෙන් ඔවුන්
කුමක් කරන්නද? බොහෝ ධනවත් අය මෙහි පැමිණ, මෙම කෙනාට යමක් දිය යුතු බව සිතයි. දුගී
අය එක රුපියලක් පමණක් දෙන අතර ධනවත් අය රුපියල් 100ක් දෙයි. දුගී අයගේ එක රුපියල,
වඩා වටින්නේය. ධනවත් අයට නිවැරදිව සිහිපත් කිරීමේ වන්දනාවේ සිටිය නොහැක; ඔවුන්ට
ජීවාත්ම අවධානයට පත් විය නොහැක. පළමුවෙන්ම, අපවිත්‍ර බවින් පිවිතුරු විය හැකි
ආකාරය, ඔබ ලිවිය යුතුයි. ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය යුතුයි. මේ සඳහා
දිරිමත් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා පවසන්නේ : මළකඩ ඉවත් කර ගැනීම සඳහා
නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. මිනිසුන් ප්‍රදර්ශන නැරඹීමට පැමිණෙන නමුත්,
ඔවුන් දෙතුන් වතාවක් මෙහි පැමිණ, මෙය වටහාගත් පසු පමණයි, ඔවුන්ට හීය වැදී ඇති බව සහ
ඔවුන් දේවතා ධර්මයට අයත් බව මෙන්ම, ඔවුන් හොඳින් භක්තියේ යෙදී ඇති බව, ඔබට වටහා ගත
හැකි වන්නේ. ඇතමෙක් මෙයට කැමති වුවත්, ඔවුන්ගේ අරමුණ ඔවුන් අල්ලාගෙන නොමැති නම්,
ඔවුන්ගෙන් ඇති ඵලය කුමක්ද? නාටකය නොකඩවා රඟ දැක්වෙන බව ඔය දරුවන් දන්නවා. කුමක්
සිදුවුවද, සිදුවන්නේ කුමක්ද කියා ඔබගේ බුද්ධියට වටහා ගත හැක. ඔබගේ බුද්ධිය තුළ,
චක්‍රය අඛණ්ඩව බ්‍රමණය වෙමින්, නැවත නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවෙයි. ඔබ එක් එක් කෙනා
කුමක් කර තිබේද, ඔබ එය දැන් කරයි. ඔහු යම් කෙනෙකුගෙන් යමක් ගන්නේද නැද්ද යන තීරණය
ඇත්තේ, පියාගේ අතේය. මධ්‍යස්ථාන විවෘත වී ඇති අතර, මුදල් ප්‍රයෝජනවත් වන නමුත්,
ඔබගේ බලපෑම පැතිරුණු පසු, මුදල් වලින් ඔබ කුමක් කරන්නද? ප්‍රධානතම දේ වන්නේ
අපවිත්‍ර බවින් පිවිතුරු වීමය. එය ඉතා අපහසු වන අතර, එබැවින් ඔබ තමන්ව එයට යොමුකර
ගත යුතුයි. අපට ඇත්තේ පියාව සිහිපත් කිරිම පමණයි. ඔබගේ ආහාර කමින් පියාව සිහිපත්
කරන්න. පළමුව ඔබගේ උරුමය පියාගෙන් හිමි කරගත යුතු බව ඔබ සිතයි. පළමුවෙන්ම මෙය ස්ථීර
කර ගන්න මම ජීවාත්මයක්. එවන් කෙනෙක් මතු වූ විට, ඔහුට වේගයෙන් දිව යා හැක. ඇත්ත
වශයෙන්ම ඔය දරුවන් යෝගා බලයෙන් මුළු ලොවම පිවිතුරු කරයි. එබැවින් ඔය දරුවන් බොහෝ
කුල්මත්ව රැඳී සිටිය යුතුයි. ප්‍රධානතම දෙය වන්නේ පාරිශුද්ධත්වයයි. මෙහිදී ඔබට මෙම
උගත්කම ලැබෙයි; ඔබ පිවිතුරුව සහ පිරිසිඳුව රැඳී සිටිය යුතුයි. ඇතුලාන්තයෙන් ඔබ
වෙනින් කිසිවක් සිහි නොකළ යුතුයි. ඔය දරුවන්ට මෙය පවසා තිබේ. ඔබ අශාරීරිකව රැඳී
සිටිත්වා! ඔබ මෙහි පැමිණ ඇත්තේ ඔබගේ චරිත කොටස් රඟ පෑමටයි. එක් එක් කෙනා තමන්ගේම
චරිත කොටස රඟ පෑ යුතුයි. මෙම දැනුම ඔබගේ බුද්ධියේ රැඳී තිබිය යුතුයි. ඔබට ඉනිමගෙහි
පිංතූරයද විස්තර කළ හැක. රාවණගේ රාජධානිය අපවිත්‍ර අතර, රාමාගේ රාජධානිය පිවිතුරුය.
එසේ නම් අප අපවිත්‍ර බවින් පිවිතුරු වන්නේ කෙසේද? ඔබ මෙම දේවල් ආවර්ජනය කළ යුතු
අතර, මෙයට දැනුමේ සාගරය මතගෑම යැයි කියයි. ඔබ උපත් 84 හි චක්‍රයද සිහි කළ යුතුය.
පියා පවසා ඇත්තේ : මා සිහි කරන්න. ආධ්‍යාත්මික වන්දනාව මෙයයි. පියාගේ සිහිපත් කිරීම
තුළින් පමණයි, ඔබගේ පාපයන් දුරු කර ගත හැකි වන්නේ. භෞතික වන්දනා ගමන් යෑමෙන්
සිදුවන්නේ, තව වැඩියෙන් පාපයන් සිදු කිරීමයි. කියන්න: මෙය වාසනා මන්ත්‍රයක්. ඔබට
මෙය වැටහෙන්නේ නම් ඔබගේ සියලු දුක් පහ වී යනු ඇත. සමහර මිනිසුන් ඔවුන්ගේ දුක් තුරන්
කර ගැනීම පිණිස, වාසනා මන්ත්‍රයක් පලඳිති. අච්චා.
සුමිහිරි ආදරණීය බොහෝ
කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට සෙනෙහස, සිහිපත් කිරීම සහ සුබ රාත්‍රියක් මව,
පියා, බාප්දාදාගෙන්.
ධාරණය සඳහා සාරාංශය:
1. බැඳීම්
ජයගත්තන් වී, පියාව සිහිපත් කරන්න. නිවසේ, ඔබගේ පවුලේ අය සමඟ වාසය කරමින්, ලොවෙහි
අධිපතියන් වීමට උත්සාහ දරන්න. අඛණ්ඩව අවගුණ අත්හරින්න.
2. ඔබගේ
ක්‍රියාකාරකම් කෙබඳු විය යුතුද යත්, ඔබව දකින සෑම කෙනෙක්ම ඔබව අනුගමනය කළ යුතුයි.
ඔබ තුළ අවගුණ ඉතිරි වී නොමැති බවට තමන්ව පරීක‍්ෂා කර බලන්න.
වරදානය:
ඔබ ද්විත්ව
සේවයක් කරමින් ඔබේ අලෞකික බලයේ දර්ශන ලබා දෙන ලෝක සේවාදායකයෙක් වේවා.
පරමාත්ම පියාගේ
ස්වරූපය ලෝක සේවාදායක වන්නා සේම, ඔබත් පරමාත්ම පියා මෙන් ලෝක සේවාදායකයන් වේ. ඔබ
ඔබේ මනසින් ලෝක පරිවර්තනයේ සේවය කරමින් කාර්යබහුලව සිටින අතරම ඔබේ ශරීරයෙන් ශාරීරික
සේවයක් කරයි. ඔබේ ශරීරයෙන් සහ මනසින් එකවර සේවය කිරීමට ඉඩ දෙන්න. තම මනසින් සහ
ක්‍රියාවෙන් එකවර සේවය කරන අයට තමාට ආලෝකික් බලය ඇති බව අන් අයට අත්විඳීමට සහ
දැකීමට හැකි වේ. එමනිසා, මෙම පුරුද්ද නිරන්තර හා ස්වභාවික කරන්න. ඔබේ මනසින් සේවය
කිරීම සඳහා, විශේෂයෙන් සිහිය පුරුදු කිරීම වැඩි කරන්න.
පාඨය:
සෑම
කෙනෙකුගෙන්ම ගුණධර්ම ලබා ගන්න, නමුත් බ්‍රහ්ම පියා අනුගමනය කරන්න.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.
දැන් පිරිසිදුකම සහ
බිය නැතිකමේ පදනමින් සත්‍යය හෙළිදරව් කරන්න. ඔබගේ දෙතොල් වලින් මතුවන සත්‍යයේ
අධිකාරිත්වය, ඉබේටම පියාව හෙළිදරව් කරයි. දැන් දේවමය බෝම්බයකින් භූමිය පරිවර්ථනය
කරන්න. මෙය කිරීමට ඇති පහසු මග වන්නේ, මාලාවක පබුළු බ්‍රමණය කරන අතර ඔහුගේ නම මතුරන
ආකාරයට, ඔබගේ දෙතොලග සහ මනසේ, බාප්දාදාගේ අවධානයේ මැතිරිල්ල නිරන්තරයෙන් තබා
ගැනීමයි. සියලු දෙනාගේ මැතිරිල්ල විය යුත්තේ, “මගේ බාබා”. ඔබගේ සිතිවිලි, වදන් සහ
ක්‍රියා තුළ මෙම නිරන්තර මැතිරිල්ල තිබිය යුතුයි. නිරතුරුවම මතුරන මන්ත්‍රය මෙය විය
යුතුයි. මෙම මන්ත්‍රය, නිරන්තර මන්ත්‍රය වූ විට, සියලු සිදුවීම් ඉබේටම අවසන් වෙයි.