11.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබවත්, ඔහු හා සමානව, ප්‍රශංසාවට සුදුසු අය බවට පත් කිරීමට, බාබා පැමිණ සිටියි. ඔබ දැන් පියාගේ ප්‍රශංසාව උකහා ගනිමින් සිටියි.

ප්‍රශ්නය:
ඔහුව සම්පූර්ණයෙන්ම නොදන්නා නමුත්, භක්ති මාර්ගයේ මිනිසුන්, අඬ ගසමින් දෙවියන් වන ආදරවන්තයාව බොහෝ සෙනෙහසින් සිහි කරන්නේ, කුමන වැකියකින්ද?

පිළිතුර:
ඔවුන් බොහෝ සෙනෙහසින් අඬ ගසමින් ඔහුව සිහි කරන්නේ මෙසේ කියමින්ය: අහෝ ආදරවන්තයාණෙනි, ඔබ පැමිණි විට, මා ඔබව පමණක් සිහි කර, මගේ බුද්ධියේ යෝගාව අන් සියල්ලන්ගෙන්ම ඉවතට කඩා, ඔබට පමණක් සම්බන්ධ කරන්නෙමි! පියා පවසන්නේ: දරුවනි, මා දැන් පැමිණ සිටියි. එබැවින් ජීවාත්ම අවධානයට පත් වන්න! ඔබගේ පළමු වගකීම වන්නේ බොහෝ සෙනෙහසින් යුතුව පරමාත්ම පියාව සිහි කිරීමයි.

ඕම් ශාන්ති.
උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය (ණයට සිරුරක් ගෙන ඇති) දැන් මෙහි අසුන් ගෙන ඔය සිරුරු තුළ සිටින සුමිහිරි ජීවාත්මයන්ට පහදා දෙන්නේ: මා සාමාන්‍ය පැරණි සිරුරකට ඇතුළු වන්නෙමි. මා පැමිණ බොහෝ දරුවන්ට උගන්වමි. ඔහු විස්තර කරන්නේ, බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය වන බ්‍රහ්මණ දරුවන්ට පමණයි. ඔහු නිසැකයෙන්ම ඔවුනට පහදා දෙන්නේ මුඛයක මාර්ගයෙනි. ඔහු වෙන කාට පහදා දෙන්නද? ඔහු පවසන්නේ දරුවනි, ඔබ භක්ති මාර්ගයේදි මාහට කන්නලව් කරමින් සිටියා අහෝ පාරිශුද්ධකරුවාණෙනි! භාරතයේ මෙන්ම සාමාන්‍යයෙන් ලෝකයේ සියල්ලන්ද මාහට කන්නලව් කරයි. භාරතය පිවිතුරු වූ කල්හි, අන් සියලු දෙනා සිටියේ සාම දේශයේය. ස්වර්ණමය සහ රිදී යුග කෙබඳුද, එමෙන්ම තඹ සහ කලි යුග කෙබඳු ආකාරයේද කියා, ඔය දරුවන් ඔබගේ බුද්ධියේ තබා ගත යුතුයි. එහි පාලනය කළේ කවුරුන්ද යන සම්පූර්ණ දැනුම, ඔබගේ බුද්ධිය තුළ තිබේ. නිර්මාණයේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ දැනුම පියාට තිබෙන සේම, ඔබගේ බුද්ධි තුළද එය තිබේ. පියා ඔබට ලබා දෙන දැනුම අනිවාර්යෙන්ම ඔය දරුවන්ටද තිබිය යුතුයි. පියා පැමිණ, ඔය දරුවන්ව ඔහු හා සමාන බවට පත් කරවයි. පියාගේ ප්‍රශංසාව හා සමානව දරුවන්ගේ ප්‍රශංසාවද තිබේ. පියා, දරුවන්ව වඩාත් ප්‍රශංසාවට සුදුසු අය බවට පත් කළේය. මෙම කෙනා තුළින් උගන්වන්නේ ශිව බාබා බව, සෑම විටෙකම සලකන්න. තවත් ජීවාත්මයකට කතා කරන්නේ ජීවාත්මයයි. කෙසේවෙතත්, මිනිසුන් සිටින්නේ ශරීර අවධානයෙන් නිසා, අහවලා උගන්වන බව ඔවුන් සිතයි. ඇත්ත වශයෙන්ම සෑම දෙයක්ම කරන්නේ ජීවාත්මයයි. ඔහුගේ චරිත කොටස රඟපාන්නේ ජීවාත්මයයි. ඔබ ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. ඔබ ජීවයක් බව නැවත නැවතත් සලකන්න. ඔබ, තමන් ජීවාත්මයක් බව සලකන තුරු, පියාව සිහිපත් කිරීමට ඔබට නොහැකි වෙයි ඔබට ඔහුව අමතක වෙයි. ඔබ කාගේ දරුවන්ද කියා ඔබගෙන් විමසු විට, ඔබ පිළිතුරු දෙන්නේ ඔබ ශිව බාබාගේ දරුවන් බවයි. ආගන්තුකයන්ගේ පොතෙහි මෙම ප්‍රශ්නය තිබේ ඔබගේ පියා කවුරුන්ද? ඔවුන් සැනෙකින් පවසන්නේ, ඔවුන්ගේ භෞතික පියවරුන්ගේ නමයි. හොඳයි, ඉතිං, ජීවාත්මයේ පියාගේ නම කුමක්ද? ඇතමුන් ක්‍රිෂ්ණාගේ නමද තවත් සමහරුන් හනුමාන්ගේ නමද ලියයි. එසේත් නැත්නම් ඔවුන් නොදන්නා බව ලියයි. අහා! ඔබගේ භෞතික පියාව ඔබ හඳුනන නමුත්, දුකේදී ඔබ නිරන්තරයෙන් සිහි කරන පාරලෞකික පියාව ඔබ හඳුනන්නේ නැත! ඔබ මෙසේ පවා කියයි අහෝ දෙවියණි, අනුකම්පා කළ මැනවි! අහෝ දෙවියණේ අපට පුතෙක් ලබා දෙන්න! ඔබ ඉල්ලන්නේ දෙවියන්ගෙන් නොවෙයිද? පියා දැන් ඔබට ඉතා පහසු දෙයක් පවසයි. ඔබ බොහෝ සේ ශරීර අවධානයෙන් සිටින නිසා, පියාගේ උරුමය පිළිබඳ කුල්මත්භාවයක් නොමැත. ඔබට බොහෝ කුල්මත්භාවයක් තිබිය යුතුයි. මිනිසුන් භක්තියේ යෙදෙන්නේ දෙවියන් මුණගැසීමටයි. යාග හෝම පැවැත්වීම, තපස් රැකීම, දන් දීම සහ පුණ්‍යකර්ම සිදු කිරීම යන සියල්ල භක්තියයි. සෑම කෙනෙක්ම සිහි කරන්නේ එක් පරමාත්ම දෙවියන්වයි. පියා පවසන්නේ මම සියලු සැමියන්ගේ සැමියා මෙන්ම, සියලුම පියවරුන්ගේ පියාය. සෑම කෙනෙක්ම නිසැකයෙන්ම සිහි කරන්නේ දෙවි පියාණන්වයි. ඔහුව සිහිපත් කරන්නේ ජීවාත්මයි. නළල මධ්‍යයේ දිළිසෙන ආශ්චර්යමත් තරුවක් ගැන ඔවුන් පවසන නමුත්, ඔවුන් මෙසේ පවසන්නේ වැටහීමකින් තොරවයි. ඔවුන්ට මෙහි වැදගත්කම කිසිසේත් නොවැටහෙයි. ඔබ ජීවාත්මය වත් නොහඳුනන බැවින් ඔබ ජීවාත්මයන්ගේ පියා හඳුනන්නේ කෙසේද? භක්ති මාර්ගයේ අයට දර්ශන ලැබෙයි. වන්දනා කිරීම උදෙසා, භක්ති මාර්ගයේදී ඔවුන් විශාල ශිව පිළිම සාදයි, මන්ද, ඔවුන් තිතක ස්වරූපය පෙන්වන්නේ නම්, කිසි කෙනෙකුට එය වටහාගැනීමට නොහැකි වන බැවින්. මේවා සූක‍්ෂම කාරණාය. දෙවියන්, අනන්ත සහ සදාතනික ආලෝක ස්වරූපයක් බව මිනිසුන් පවසයි ඔහුට ඉතා විශාල ස්වරූපයක් ඇති බව මිනිසුන් පවසයි. බ්‍රහම් සමාජයේ කණ්ඩායමට අයත් අය පවසන්නේ දෙවියන් ආලෝකය බවයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, තිතක් බව ලෝකයේ කිසිම කෙනෙක් නොදනී, ඔවුන් අවුලට පත්ව ඇත්තේ මේ නිසාය. ඇතැම් දරුවන් මෙසේද විමසයි බාබා, අප සිහි කළ යුත්තේ කාවද? ඔහු විශාල පිළිමයක ස්වරූපයක් බවත්, එම ස්වරූපයෙන් ඔහුව සිහි කරන බවත් අප අසා ඇත්තෙමු. දැන් අපි තිතක් සිහි කරන්නේ කෙසේද? අහා! නමුත් ජීවාත්ම වන ඔබලාද තිතක් වන අතර පරමාත්ම පියාද තිතකි. ඔබ එම ජීවාත්මයට අඬ ගසන අතර එබැවින් ඔහු අනිවාර්යෙන්ම පැමිණ, මෙහි අසුන් ගනු ඇත. භක්ති මාර්ගයේ මිනිසුන් දකින සියලුම දර්ශන, භක්තිය පමණයි. ඔවුන් එක් අයෙකුට පමණක් වන්දනා නොකරයි, ඒ වෙනුවට බොහෝ දෙනෙක් දෙවියන් බවට පත්කර ඇත. දිගින් දිගටම වන්දනා කරන බැතිමතුන්ට, දෙවියන් යැයි කියන්නේ කෙසේද? දෙවියන් සෑම තැනකම සිටින්නේ නම්, ඔවුන් වන්දනා කරන්නේ කාටද? ඔවුන් බොහෝ විවිධාකාරයේ භක්තියේ යෙදෙයි. පියා විස්තර කරන්නේ දරුවනි, ඔබ තව බොහෝ කාලයක් ජීවත් වෙයි කියා නොසිතන්න. කාලය දැන් බොහෝ සමීපයට පැමිණෙනවා. බ්‍රහ්මාගේ මාර්ගයෙන් බාබා ස්ථාපනය සිදු කළ යුතු බවට විශ්වාසය තබාගන්න. පියාම පවසන්නේ මෙම කෙනාගේ මාර්ගයෙන් මා ඔබට ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ රහස් කියා දෙමි. ස්ථාපනය, බ්‍රහ්මාගේ මාර්ගයෙන් සිදු වන බව, සිහි කර තිබේ. නව ලෝකයට, විෂ්ණුගේ දේශය යැයි කියන බව ඔවුන් නොදනී. මින් කියැවෙන්නේ විෂ්ණුගේ ද්විත්ව ස්වරූපය එහි රාජධානිය පාලනය කරන බවයි. විෂ්ණු යනු කවරෙක්ද කියා කිසිවෙක් නොදනී. බ්‍රහ්මා සහ සරස්වතී, විෂ්ණුගේ ද්විත්ව ස්වරූපය බවට පත් වී, ලක‍ෂ්මි සහ නාරායන ලෙසින් එම රාජධානිය පවත්වාගන්නා බව, ඔබ දන්නවා බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනයත්, ඉන්පසුව ඔවුන් විසින් විෂ්ණුගේ දේශය වන දිව්‍ය ලෝකයේ පැවැත්ම සිදු කරයි. පියා, දැනුමේ මහා සාගරය බවත්, ඔහු මනුෂ්‍ය ලෝක වෘක‍්ෂයේ බීජය බවත්, ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. ඔහු මෙම නාටකයේ මුල, මැද සහ අවසානය දනී. පාරිශුද්ධකරු වන්නේ ඔහු පමණයි. පියාගේ ව්‍යාපාරය වන්නේ කුමක්ද, ඔබගේ ව්‍යාපාරයද එයමයි. ඔබද අපවිත්‍ර අය පිවිතුරු කරයි. ලෝකයේ පියෙකුට දරුවන් තුන් හතර දෙනෙක් සිටිය හැකි අතර, ඉන් එක් අයෙක් ඉතා ඉහළට නඟින අතර, තවත් අයෙකුට බොහෝ පහත් තත්ත්වයක් ලැබිය හැක. මෙහි, පියා ඔබට අපවිත්‍ර අයව පිවිතුරු කරන එම එක් ව්‍යාපාරය කියා දෙයි. ශිව බාබා පවසන මෙම එක් අරමුණ සෑම කෙනෙකුටම ලබා දෙන්න මා සිහි කරන්න! ගීතාවේ වැරදි ලෙසින්, ක්‍රිෂ්ණා දෙවියන් කතා කරන බව ඔවුන් ලියා ඇත. පරමාත්ම දෙවියන් අශාරීරික බවත් ඔහු පුනර්භව ගැනීම ඉක්මවා සිටින බවත් ඔබ විස්තර කළ යුතුයි. ඔවුන් සිදු කර ඇති එක් වරද මෙයයි. ඔය දරුවන් දැන් ක්‍රිෂ්ණාගේ දේශයේ පාලකයන් බවට පත් වෙමින් සිටිනවා. ඇතමුන් රාජකීය පවුලේ කොටස් බවට පත් වන අතර ඇතමුන් පුරවැසියන් වෙයි. එයට ක්‍රිෂ්ණාගේ දේශය යැයි කියන්නේ සෑම කෙනෙක් තුළම ක්‍රිෂ්ණා කෙරෙහි බොහෝ සෙනෙහසක් ඇති බැවිනි. සෑම කෙනෙක්ම දරුවන්ට බොහෝ ආදරය කරන අතර දරුවන්ද ඔවුන්ගේ දෙමාපියන්ට බොහෝ සෙයින් ආදරය කරයි. පසුව ඔවුන්ගේ මුළු සෙනෙහස බොහෝ දෙනෙක් අතර බෙදී යයි. පරම පියා දැන් පහදා දෙන්නේ තමන් ශරීරයක් බව නොසලකන්න. ඔබ ජීවාත්මයක් බව නිරන්තරයෙන් විශ්වාස කරන්න. ජීවාත්ම අවධානයට පත් වන්න! පියා අශාරීරිකයි. විස්තර කිරීම සඳහා ඔහු මෙහි ඇති සිරුරක් ගත යුතුයි. ශරීරයක් නොමැතිව ඔහුට කිසි දෙයක් විස්තර කළ නොහැක. ඔබට ඔබගේම සිරුරු ඇති අතර බාබා ණයට සිරුරක් ගනී. මෙහි සිතිවිලි මඟින් දිරිමත් කිරීම පිළිබඳ ගැටළුවක් නැත. පියාම පවසන්නේ තමෝප්‍රධාන් වී ඇති ඔය ජීවාත්ම දැන් සතෝප්‍රධාන් විය යුතු බැවින්, මා මෙම සිරුර ගෙන, ඔය දරුවන්ට උගන්වන්නෙමි. ඔවුන් ගයන්නේ ’අහෝ පාරිශුද්ධකරුවාණෙනි, වඩිනු මැන!’ නමුත් ඔවුන්ට එහි අරුත නොවැටහෙයි. පියා පැමිණ ඔබව පිවිතුරු කරන්නේ කෙසේද කියා ඔබට දැන් වැටහෙයි. ස්වර්ණමය යුගයේ ඔබගේ කුඩා ගස පමණක් තිබෙන බවද ඔබ දන්නවා. ඔබ දිව්‍ය ලෝකයට යන නමුත් වෙනත් කිසිම දේශයක නමක් හෝ සළකුණක් ඉතිරි වන්නේ නැත. භාරත දේශය පමණක් දිව්‍ය ලෝකය වෙයි. පැමිණ, දිව්‍ය ලෝකය ස්ථාපිත කරන්නේ, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය පමණයි. එය දැන් අපායයි. දේවතාවන් පාලනය කළේ පෞරාණික භාරත දේශයේ පමණයි. ඔවුන් තව දුරටත් නොසිටියි. ඔවුන්ගේ දේවාල සහ ප්‍රතිමා, මෙහි පවති. එබැවින් මෙය භාරතය පිළිබඳ කාරණාවකි. ලක‍ෂ්මි සහ නාරායන අධිපතියන්ව සිටි භාරතය, දිව්‍ය ලෝකය වශයෙන් පැවති බවත්, එකල වෙනත් කිසිම දේශයක් නොතිබුණු බවත්, භාරතයේ කිසිම මිනිසෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. දැන් අසංඛේය ආගම් තිබේ. භාරතයේ ජනතාව ඔවුන්ගේ ධර්මයේ සහ කර්මයේ දූෂිත වී ඇත. ඔවුන් ක්‍රිෂ්ණාට ලස්සන සහ අවලස්සන කෙනා යැයි කියන නමුත් ඔවුන්ට එහි අරුත වැටහෙන්නේ නැත. ඔහු සැබවින්ම අවලස්සන විය. ක්‍රිෂ්ණාව සර්පයෙක් දෂ්ඨ කළ බවත් ඔහු එමනිසා, අවලස්සන වූ බවත් පැවසෙයි. ඔහු ස්වර්ණමය යුගයේ රාජ කුමාරයෙක් විය, එබැවින් ඔහු අවලස්සන වුයේ කෙසේද? ඔබට දැන් මෙම දේවල් වැටහෙයි. ක්‍රිෂ්ණාගේ දෙමාපියන්ද දැන් ඉගෙන ගනිමින් සිටිනවා. ශ්‍රී ක්‍රිෂ්ණා, ඔහුගේ දෙමාපියන්ට වඩා උසස් බව සිහිකර තිබේ. ඔහුගේ දෙමාපියන්ගේ නම් සිහි කර නැත. සාමාන්‍යයෙන් එවන් දරුවෙකුට උපත ලබා දෙන දෙමාපියන්ද එතරම්ම අලංකාර වනු ඇති නමුත්, නැහැ සියලුම වර්ණනාව රාධේ සහ ක්‍රිෂ්ණාගේය. ඔවුන්ගේ දෙමාපියන්ගේ වර්ණනාවක් නැත. ඔබගේ බුද්ධිය තුළ දැනුම තිබේ. දැනුම, දිවා කල වන අතර, භක්තිය, රාත්‍රියයි. මිනිසුන් රාත්‍රි අන්ධකාරයේ දිගින් දිගටම වැටි වැටී ගමන් කරයි. ඔබ නිවසේ වාසය කරමින් අඛණ්ඩව මෙම සේවයේ යෙදී සිටිය යුතු බව, ඔය දරුවන්ට දැන් විස්තර කර තිබේ. ඕනෑම කෙනෙකුට පහදා දෙන්න චක්‍රයෙන් භාගයකට, ඔබ ඒකායන ආදරවන්තයාගේ ආදරවන්තයින්ය. භක්ති මාර්ගයේදී සෑම කෙනෙක්ම ඔහුව සිහි කරයි, එබැවින් ඔවුන් සියලු දෙනාම ආදරවන්තයින් නොවෙයිද? කෙසේවෙතත්, ඔවුන් ආදරවන්තයාව සම්පූර්ණයෙන් නොහඳුනති. ඔවුන් බොහෝ සෙනෙහසකින් ඔහුව සිහි කරයි අහෝ ආදරවන්තයාණෙනි, ඔබ පැමිණි විට, මා මගේ බුද්ධිය, අන් සියලු දෙනාගෙන්ම ඉවතට ගෙන, ඔබට පමණක් එය සම්බන්ධ කරමි. ඔබ මෙය ගායනා කළ මුත්, පියාගෙන් ඔබට කුමන උරුමයක් හිමි වෙයිද කියා ඔබ දැන සිටියේ නැත. පරම පියා දැන් විස්තර කරන්නේ ජීවාත්ම අවධානයට පත් වන්න! ඔය දරුවන්ගේ පළමුවන වගකීම වන්නේ පියා සිහි කිරීමයි. පුතෙක් සෑම විටෙකම ඔහුගේ පියාව සිහි කරන අතර දියණියක් ඇගේ මව සිහි කරයි. ඔවුන් සමාන අයයි. ඔහු, තම පියාගේ උරුමකරුවා වන බව, පුතෙක් වටහාගනී. දියණියක් ඒ අන්දමින් සිතන්නේ නැත. ඇගේ දෙමාපියන්ගේ නිවෙස අතහැර, නැන්දා-මාමලාගේ නිවසට යා යුතු බව ඇගේ අවධානයේ තිබෙයි. ඔබට දැන් අශාරීරික සහ ශාරීරික දෙමාපියන්ගේ නිවෙස් තිබේ. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ පරම පියාණෙනි, පරමාත්ම ජීවයනි, අනුකම්පා කළ මැනවි! අපගේ දුක ඉවත් කර, අපට සතුට ලබා දුන මැනවි! අපව මුදවාගන්න! අපගේ මාර්ගෝපදේශකයා වන්න! කෙසේවෙතත්, මෙහි අරුත, මහා පණ්ඩිතයන් පවා නොදනී. පරමාත්ම පියා සියලු දෙනාගේම විමුක්තිදායකයාය. ඔහු සෑම කෙනෙකුටම යහපත සලසන්නාය. ඒ මිනිසුන්ට තමාට යහපතක් සිදු කළ නොහැකි නම්, ඔවුන් අන් අයට යහපතක් සිදු කරන්නේ කෙසේද? පියා මෙහිදී පවසන්නේ මා අදෘෂ්‍යමාන අන්දමකින් පැමිණෙන්නෙමි. මිතුරා වන දෙවියන්ගේ කතාපුවත ගැන ඔබ අසා තිබෙනවා නේද? මෙය, කලි යුගය සහ ස්වර්ණමය යුගය අතර ඇති පාලම වන අතර, ඔබ එය හරහා එතෙරට යා යුතුයි. පරමාත්ම දෙවියන්, පරමාත්ම පියාය. එමෙන්ම ඔහු මිතුරාය. එමෙන්ම ඔහු මව, පියා සහ ගුරුවරයාගේ චරිත කොටස්ද රඟපායි. මෙහිදී ඔබට දර්ශන ලැබෙන නිසා, මෙහි විජ්ජා ඇති බව මිනිසුන් පවසයි. දැඩි භක්තියේ යෙදෙන අයටද දර්ශන ඇතිවෙයි. බොහෝ දැඩි බැතිමතුන් සිටියි. ඔවුන් පවසන්නේ මට දර්ශනයක් ලබා දෙන්න! එසේ නැත්නම් මා මගේ ගෙල සිඳ ගනිමි! එවිට පමණයි ඔවුන්ට දර්ශනයක් ලැබෙන්නේ. එයට දැඩි භක්තිය යැයි කියයි. මෙහි දැඩි භක්තිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. බොහෝ දෙනෙකුට නිවසේ අසුන් ගෙන සිටන අතර දර්ශන ඇති වෙයි. දිව්‍යමය දර්ශන වල යතුර තිබෙන්නේ මා අතේය. අර්ජුනටද මා දිව්‍යමය දර්ශනයක් ලබා දුන්නා නොවේද? ’මෙම විනාශය දෙස බලන්න! දැන් ඔබගේම රාජධානිය දෙස බලන්න! දැන් නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එවිට ඔබ මෙය බවට පත් වෙයි!’ විෂ්ණු යනු කවරෙක්ද කියා ඔබට දැන් වැටහෙයි. දේවාල ගොඩනඟන අය මෙය නොදනී. පැවැත්ම සිදුවන්නේ විෂ්ණුගේ මාර්ගයෙනි. අත් සතරෙන්, අත් දෙකක් පිරිමියාවත්, අත් දෙකක් ස්ත්‍රියද පිළිඹිමු කරයි. විෂ්ණුගේ ද්විත්ව ස්වරූපය, ලක‍ෂ්මි සහ නාරායනව නිරූපණය කරයි. කෙසේවෙතත්, කිසිවෙකුට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ශිව බාබා ගැන හෝ විෂ්ණු ගැන කිසිම කෙනෙකුට දැනුමක් නැත. ආරම්භයේදී බාබාගේ ආකර්ෂණය තිබුණු අතර බොහෝ දෙනෙක් පැමිණියා. මුල් කාලයේදී මුළු මිදුලම පිරි තිබුණා. විනිශ්චයකරුවන් සහ මහේස්ත්‍රාත්වරුන්ද පැමිණියා. ඉන්පසුව පාරිශුද්ධත්වය නිසා ගැටුම් ඇති වූ අතර, දරුවන් උපත නොලබන්නේ නම්, ලෝකය පැවතෙන්නේ කෙසේද කියා, ඔවුන් විමසූ අතර, ජනගහණය වැඩිවීම නීතිය බව ඔවුන් පැවසූහ. ගීතාවේ තිබෙන දෙවියන් පවසන මෙම වදන් ඔවුන්ට අමතක විය ’විශාලතම සතුරා වන්නේ රාගය වන අතර ඔබ එය පරාජය කළ යුතුයි.’ ඔවුන් මෙසේ පැවසූහ එක් අයෙකුට පමණක් නොව, සැමියා සහ බිරිඳ යන දෙදෙනාටම එකවර දැනුම ලබා දෙන්න. කෙසේවෙතත්, එසේ ලබා දිය හැකි වන්නේ ඔවුන් දෙදෙනාම එක්වර පැමිණෙන්නේ නම් පමණයි! දෙදෙනාටම එකවර දැනුම ලබා දුන්නද, ඉන් එක්කෙනෙක් පමණක් එය ලබා ගන්නා අතර අනෙත් කෙනා එසේ නොකරයි. ඔවුන්ගේ භාග්‍යයේ එය නොමැති නම්, කෙනෙක් කුමක් කරන්නද? එක්කෙනෙක් හංසයෙක් වන අතර අනෙත් කෙනා කොකෙක් ලෙසින්ම සිටියි. මෙහි, ඔය බ්‍රහ්මණයින්, දේවතාවන්ටත් වඩා ඉහළයි. ඔබ දෙවියන්ගේ දරුවන් බව ඔබ දන්නවා. ඔබ ශිව බාබාගේ දරුවන්ය. ඔබට දිව්‍ය ලෝකයේ මෙම දැනුම නොතිබෙයි. ඔබ අශාරීරික ලෝකයේ, විමුක්ති දේශයේ සිටින විට වුවත් ඔබට මෙම දැනුම නොතිබෙයි. ශරීරය සමඟම මෙම දැනුම අවසන් වනවා. එම බාබා ඔබට උගන්වනවාය, යන දැනුම ඔබට දැන් තිබේ. මෙම නාටකය දැන් අවසානයකට පැමිණෙන අතර, සියලුම නළුවන් මෙහි පෙනී සිටිනවා. බාබාද මෙහි පැමිණ සිටිනවා. තවමත් එහි උඩ ඉහළ සිටින සියලුම ජීවාත්ම, දිගින් දිගටම පහළට පැමිණෙනවා. ඔවුන් සියලු දෙනාම පහළට පැමිණි පසු, විනාශය සිදු වී, පියා සියලු දෙනාවම ඔහුත් සමඟ ආපසු රැගෙන යයි. සෑම කෙනෙක්ම ආපසු නිවසට යා යුතුයි. මෙම අපවිත්‍ර ලෝකය විනාශ විය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියා සිදු කරන, අපවිත්‍ර අයව පිවිතුරු කිරීමේ, එම සේවයම සිදු කරන්න. පියාව සිහි කිරීමේ සහ පිවිතුරුව රැඳී සිටීමේ අරමුණ සෑම කෙනෙකුටම ලබා දෙන්න.

2. මෙම බ්‍රහ්මණ ජීවිතය, දේවතාවන්ගේ එයටත් වඩා උසස්ය, යන කුල්මත්භාවය පවත්වාගන්න. ඔබගේ බුද්ධියේ යෝගාව අන් සෑම කෙනෙකුගෙන්ම ඉවතට ගෙන, එක් ආදරවන්තයාව පමණක් සිහිපත් කරන්න.

වරදානය:
ඔබ සෙනෙහෙවන්ත සහ සහයෝගී වී, සෙනහසේ සහ අත්හැරීමේ බලයෙන් ඔබ කරන සේවයේ සාර්ථකත්වය අත්කර ගනිත්වා.

ආරම්භයේ දී, ඔවුන්ට මෙම ඥානයේ බලය ඉතා අල්ප වූ නමුත්, ඔවුන්ගේ අත්හැරීමේ සහ සෙනහසේ පදනම මත සාර්ථකත්වය අත්කර ගත්හ. දිවා රෑ ඔවුන්ගේ බුද්ධියට බාබා සහ යාගය කෙරෙහි සෙනහසක් තිබූ අතර, "බාබා" සහ "යාගය" යන වචන ඔවුන්ගේ හදවත් වලින් මතු විය. මෙම සෙනහස සෑම කෙනෙකුම සහයෝගයෙන් කටයුතු කිරීමට හේතුවිය. මධ්‍යස්ථාන නිර්මාණය කරන ලද්දේ මෙම බල සමඟිනි. ඔවුන් ශාරීරික තැනැත්තාගේ සෙනෙහස සමඟ "මන්මනභාව්" වීය. ශාරීරික තැනැත්තාගේ සෙනහස ඔවුන්ව සහයෝගයෙන් කටයුතු කිරීමට සැලැස්වීය. එබැවින් දැන්, සෙනහසේ සහ අත්හැරීමේ බලයෙන් සෑම කෙනෙකුම වට කර ගන්න, එවිට ඔබ සාර්ථක වනු ඇත.

පාඨය:
සුරදූතයෙකු වීමට නම්, අන් අයට බාධා කරන වචන සහ නිෂ්ඵල වචන වලින් නිදහස් වන්න.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

පදාර්ථය හෝ මිනිසුන් හරහා කුමක් සිදු වුවද, ඔබගේ නොසැලෙන ආසනය සොලවන්නට කිසිවකට නොහැකි විය යුතුය. ඔබ එතරම් ශක්තිමත් නේද? ඔබේ ශරීරය එම ආසනයේ වාඩි වීමට නොහැකි වූ විට, එය දිගටම චංචල වනු ඇත, නේද? එලෙසම, ඔබේ මනස උච්චාවචනයන් ඇති නොකරයි, නේද? නිරන්තරයෙන් නොසැලී සහ නිශ්චලව සිටින්න, සුළු කැලඹීමක් ඇති වීමට ඉඩ නොදෙන්න. එක් වෙලාවකට කැලඹීමකුත් එක් වෙලාවකට ස්ථාවරත්වයක් නම් තිබෙන්නේ, ඔබට සිහසුන ද ලැබෙන්නේ එක් වෙලාවකට වේ, සැමවිට නොවේ.