11.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් සම්පූර්ණත්වයට පත් විය යුතුව ඇත. මක් නිසාද යත්, ඔබ දැන් ආපසු ගෙදර යා යුතු නිසාය. ඉන් ඉක්බිතිව පාරිශුද්ධ ලෝකයට යා යුතුව ඇත.

ප්‍රශ්නය:
සම්පූර්ණයෙන් ම පිරිසිඳු බවට පත් වීමේ මඟ කුමක්ද?

පිළිතුර:
සම්පූර්ණයෙන් ම පිරිසිඳු වීමට නම් ඔබ යාචකයෙක් බවට පත් විය යුතුය. ඔබේ ශරීරයත් ඇතුළුව සියලු නෑ සබඳකම් අමතක කළ විට පමණක් ඔබ පිරිසිඳු බවට පත් වේ. දැන් ඔබේ දෑසින් දකින කුමක් වුවත් ඒ සියල්ල විනාශයට යා යුතුය. ඔබේ ධනය සහ ඇති සියලු දේ අමතක කර යාචකයෙක් විය යුත්තේ ඒ නිසයි. එවැනි යාචකයින් පමණයි රජ කුමරුන් බවට පත් වන්නේ.

ඕම් ශාන්ති.
පියා අතිශයින් ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. ඔබ දරුවන් දන්නවා සියලු ජීවාත්ම සත්තාවන් ආරම්භයේදී පිරිසිඳු බව. අපි පාරිශුද්ධියෙන් සිටියෙමු. පාරිශුද්ධ හෝ අපිරිසිඳු හෝ යැයි කියැවෙන්නේ ජීවාත්ම සත්තාව ගැනයි. ජීවාත්ම සත්තාවක් පිරිසිඳු ව ඇති විට සතුට ඇත. ඔබ පිරිසිඳු බවට පත් වූ විට ඔබ පිරිසිඳු ලෝකයේ අයිතිකාරයන් බව බුද්ධියට ඇතුළු වේ. ඔබ උත්සාහ දරන්නේ ඒ සඳහාය. අවුරුදු 5000කට ඉහත දී පිරිසිඳු ලෝකය තිබුණු අතර ඔබ ඒ ලෝකයේ චක්‍ර භාගයක් ම පිරිසිඳුව සිටියා. ඉන්පසු අනෙක් භාගය ඉතිරි වුණා. වෙන කිසිවෙකුට මේවා තේරුම් ගත නොහැකියි. ඔබ දන්නවා පිරිසිඳු අපිරිසිඳු, සතුට දුක, දහවල රාත්‍රිය යන්න, එකිනෙක චක්‍ර භාගයක් සඳහා බව. ඉතා හොඳ අර්ථාන්විත සහ බොහෝ භක්ති කළ අය මෙය හොඳින් තේරුම් ගනී. පියා මෙසේ කියයි මිහිරි දරුවනි, ඔබ පිරිසිඳුව සිටියා. නව ලෝකයේ සිටියේ ඔබ පමණයි. අන් සියලු දෙනා සිටියේ සාම දේශයේය. පළමුවෙන්ම අප ටික දෙනෙක් පමණයි පිරිසිඳුව එහි සිටියේ. ඉන්පසු මනුෂ්‍ය ලෝකය දිගටම ව්‍යාප්ත වුණේ ක්‍රමාණුකූලවයි. මේවා මිහිරි දරුවන්ට විස්තර කර දෙන්නේ කවුද? පියාය. උත්තරීතර ජීවාත්ම සත්තාව වූ පියා ඔබ ජීවාත්ම සත්තාවන්ට තේරුම් කර දෙයි. මෙය සංගම් යුගය යැයි කියැවේ. කුම්භ් (සංගම්) යනුවෙන් ද කියැවේ. මිනිසුන් මෙම සංගම් යුගය අමතක කර ඇත. බාබා විස්තර කර දී තිබෙනවා, යුග 4 ක් ඇති බවත් මෙම 5 වෙනි යුගය වූ කළී කුඩා සංගම් යුගය බවත්, එය ඉතා කෙටි අධි යුගය බවත්. මම මොහුගේ බොහෝ උපත් හි අන්තිම එකේ අවසානයේ දී ඔහු සියල්ල අත්හරින විශ්‍රාම යුගයේ දී ඇතුල්වෙමි යි පියා කියයි. දරුවන් එය සහතික ලෙස දනී. පියා මොහුට ඇතුළු වී ඔහුගේ චරිතාප්‍රදානය කියා දුන්නේය. මම කතා කරන්නේ ජීවාත්ම සත්තාවන්ට පමණක් යැයි පියා කියයි. ජීවාත්ම සත්තාවේත් ශරීරයේත් කොටස් එකටම රඟ දැක්වේ. ඊට ජීවියෙක් (ශරීරගත කෙනෙක්) යැයි කියයි. පිරිසිඳු ජීවීන් හා අපිරිසිඳු ජීවීන් ඇත. සත් යුගයේ දී සිටින්නේ ඉතා සුළු දේවී දේවතාවන් පිරිසක් බව ඔය දරුවන්ගේ බුද්ධිය තුළ ඇත. ඉන්පසු ඔබ ගැන මෙසේ කියැවේ අප සජීවී අය ලෙස සත් යුගයේ දී පිරිසිඳුව සිටි අතර උපත් 84කින් පසු අපිරිසිඳු බවට පත් වුණා. මෙම චක්‍රය පිරිසිඳු බවින් අපිරිසිඳු බවට සහ අපිරිසිඳු බවින් පිරිසිඳු බවට ලෙසින් දිගටම කැරකේ. ඔබ එම පාරිශුද්ධ කරුවා වන පියා සිහි කරයි. ඉතින්, බාබා හැම අවුරුදු 5000කටම වරක් පැමිණ දෙව් ලොව ස්ථාපනය කරයි. පියා (දෙවියන්) එම කෙනා වන අතර ඔහු නියතයෙන්ම ජරාජීර්ණ ලෝකය අළුත් කරවයි. ඉන්පසු නව ලෝකය ජරාජීර්ණ කරවන්නේ කවුද? රාවණ්ය, මක් නිසාද ඔබ ශරීර අවධානයට පත් කරවන්නේ රාවණ් නිසාය. පුළුස්සන්නේ සතුරෙක් මිස යහළුවෙක් නොවේ. සියලු දෙනාගේ යහළුවා වන්නේ හැම කෙනෙකුටම ගැලවීම ලබා දෙන පියාය. හැම කෙනෙකුටම සතුට ලබා දෙන්නේ පියා නිසා හැම කෙනෙක්ම ඔහු සිහි කරයි. ඉතින්, දුකට හේතු වන කෙනෙකුත් සිටිය යුතුමයි. ඒ පාප 5 වන රාවණ්ය. චක්‍ර භාගයක් රාම රාජ්‍යය වන අතර චක්‍ර භාගයක් රාවණ් රාජ්‍යය වේ. මිනිසුන් ස්වස්ථීකයක් අඳියි. පියා එහි අදහස විස්තර කර දෙයි. ඒවා සමාන කාර්තු (1/4) වේ. ටිකකින් හෝ එකක් අනෙකට වඩා කුඩා විය නොහැකියි. මෙම නාටකය ඉතාම නිවැරදියි. සමහර මිනිසුන් ඔවුන් ඉතා අසතුටින් නිසා සිතන්නේ මෙම නාටකයෙන් පිට වීමටයි. එනම්, බ්‍රහ්ම් ධාතුවට ගිලී යාම හොඳයි හෝ ආලෝක ධාතුවට ගිලී යාම හොඳයි කියාය. කොහොමනමුත්, එසේ යාමේ හැකියාව කිසිවෙකුට නැත. බලන්න ඔවුන්ට තිබෙන සිතිවිලි වල හැටි ! භක්ති මාර්ගයේ දී ඔවුන් විවිධාකාරයේ උත්සාහයන් දරයි. සන්‍යාසී කෙනෙක් ශරීරය අත්හල විට ඔහු දෙව් ලොවට හෝ පාරාදීසයට හෝ ගියා යැයි කියැවේ. අහවලා දෙව් ලොව ගියා යැයි කියන්නේ ගෘහස්ථයින් සම්බන්ධයෙනි. ජීවාත්ම සත්තාවන් දෙව් ලොව සිහි කරයි. එයිනුත් වැඩියෙන්ම සිහි කරන්නේ ඔබ විසින්ය. ඔබ නම්, දෙගොල්ලන්ගේම ඉතිහාසය හා භූගෝලය දනී. වෙන කිසිවෙක් නොදනී. ඔබත් දැනගෙන සිටියේ නැහැ. පියා පැමිණ ඔබ දරුවන්ට සියලු රහස් කියා දෙනවා. මේ මනුෂ්‍ය වෘක‍්ෂයයි. ගසට බීජයක් ද නියතයෙන්ම ඇත. පිරිසිඳු ලෝකය අපිරිසිඳු වන හැටි විස්තර කරන්නේ පියාම පමණි. මම එවිට පැමිණ එය පිරිසිඳු කරවමි. පිරිසිඳු ලෝකය දෙව් ලොව යැයි හැඳින්වේ. දෙව් ලොව අතීතයට අයත් වන අතර නියතයෙන්ම එය නැවත ඇති වේ. ලෝකයේ ඉතිහාසය පුනර්භව වන්නේ යැයි කියන්නේ ඒ නිසාය. එනම්, ලෝකය අළුත් බවින් පරණ බවටත් පරණ බවින් අළුත් බවටත් පත් වේ. පුනර්භව වනවා යනු නාටකයකි (චිත්‍රපටයකි). ‘නාටකය‘ යන්න හොඳ වචනයකි. එය හරිම බව පෙනේ. චක්‍රය අනන්‍යවත් අඛණ්ඩවත් කැරකේ. නාට්‍යයක් අනන්‍ය ලෙස සිදු නොවේ. කෙනෙක් අසනීප වූ විට ඔහු ලෙඩ නිවාඩු දමයි. ඔබ දරුවන්ගේ බුද්ධියේ මෙසේ ඇත අපි වන්දනාවට සුදුසු දෙවි දේවතාවන් වූ අතර ඉන් පසු වන්දනා කරුවන් වීමු. පියා පැමිණ අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් වන අයුරු කියා දුන්නා. ඔහු මෙය අවුරුදු 5000කට පෙර ද කියා දුන්නා. ඔහු ඉතා චාම් ලෙස කියන්නේ, දරුවනි, මාව සිහි කරන්න කියාය. පළමුවෙන්ම පියා ඔබව ජීවාත්ම සත්තා විඥානයෙන් යුක්ත කරවයි. පළමුවෙන්ම ඔහු මෙම පාඩම කියා දෙයි දරුවනි, ඔබ ජීවාත්ම සත්තාවන් බව සළකා පියා සිහි කරන්න. මා මෙපමණ නැවත සිහි ගන්වද්දී ඔබට අමතක වෙයි! නටකය අවසාන වන තෙක් ඔබට දිගටම අමතක වෙයි. අවසානයේ දී විනාශය සිදුවන වේලාවේ දී ඔබේ අධ්‍යයනය අවසානයට පැමිණ ඔබ ශරීරය අතහරී, සර්පයෙක් හැව අරිනවා සේය. පියා ද මෙසේ කියයි ඔබ හිඳගෙන සිටියත් එහෙ මෙහෙ ඇවිදිමින් සිටියත් ජීවාත්ම සත්තා විඥානය පවත්වා ගන්න. කලින් ඔබට ශරීර අවධානය තිබුණා. දැන් ජීවාත්ම අවධානයට පත් වන්න. ඔබ ශරීර අවධානයෙන් සිටින විට ඔබ පාප 5ට හසු වේ. ජීවාත්ම සත්තා අවධානය ඇති විට එකම පාපයකටවත් ඔබව අල්ලා ගත නොහැකියි. ඔබ ජීවාත්ම සත්තා විඥානයෙන් ඉමහත් ආදරයෙන් පියාව සිහි කරන්න. මෙම සංගම් යුගයේ දී පමණයි ජීවාත්ම සත්තාවන්ට උත්තරීතර ජීවාත්ම සත්තාව වූ පියාගේ සෙනෙහස ලැබෙන්නේ. පියා දරුවන් මුණ ගැසුණු කල එළඹෙන මෙය යහපත්ම සංගම් යුගය ලෙස හැඳින් වේ. පියා ද ශරීරයකට පැමිණ ඔබ ජීවාත්ම සත්තාවන් බව සැළකීමට ඔබට උදව් කරයි. සියලු දෙනා නැවත ගෙදර ගෙන යාමට කාලය එළඹුන විට, එවිට පමණක් පියා පැමිණේ. ඔබ පිරිසිඳු අතර අප සියලු දෙනා අපිරිසිඳු යැයි කියැවේ. පැමිණ අපව පිරිසිඳු කරන්න! බාබා ඔබව පිරිසිඳු කරන ආකාරය ඔබ දරුවන් දැන සිටියේ නැත. ඔබ පිරිසිඳු බවට පත් වන තෙක්ම ඔබ දන්නේ මොනවාද? ඔබ තේරුම් ගන්නවා ජිවාත්ම සත්තාව යනු කුඩා තරුවක් බව. පියා ද කුඩා තරුවකි. කෙසේ වුවත්, ඔහු ඥාන සාගරය සහ සාම සාගරය වේ. ඔහු ඔබව ඔහු හා සමාන ද කරවයි. ඔබ දරුවන්ට මෙම ඥානය තිබෙන අතර හැම කෙනෙකුටම එය විස්තර කර දෙයි. ඔබ සත් යුගයේ සිටින කල ඔබට මෙම ඥානය ලැබෙනවාද? නැත. ඥාන සාගරය වන පියා මෙම කාලයේ දී ඔබට උගන්වන එකම කෙනාය. හැම කෙනෙකුටම ජීවිත කථාවක් තිබිය යුතුය. පියා ඔබට එය කියා දෙයි. කෙසේ වුවත්, ඔබට එය නැවත නැවතත් දිගටම අමතක වෙයි. ඔබට සටන ඇත්තේ මායා සමඟයි. ඔබ බාබා සිහි කරන හැඟීම ඇති නමුත් ඉන්පසු ඔහුව අමතක වෙයි. පියා මෙසේ කියයි ඔබට අමතක කරවන්නේ ඔබේ සතුරා වන මායා විසින්ය. ඇය ඔබව පියාගෙන් බැහැරට හරවයි. ඔබ පියා ඉදිරියට එන්නේ එක වතාවකි. එසේම එක වතාවක් පියා ඔබට උරුමය ලබා දෙයි. ඉන්පසු නැවතත් ඔබ ඉදිරියට ඒමේ අවශ්‍යතාවයක් පියාට නැත. ඔහු ඔබව පාපකාරී බවින් පුන්‍යවන්ත ජීව සත්තාවන් බවට පත් කර දෙව් ලොව හිමි කරනවා පමණි! ඊට පසුව ඔහු පැමිණ කුමක් කරන්නද ? ඔබ මට අඬගැසූ විට මගේ නිවැරදි වේලාවේ මම ආවෙමි. එම වේලාවේ හැම අවුරුදු 5000කටම වරක් මම එමි. ශිව ජයන්තිය මිනිසුන් සමරන්නේ ඇයි දැයි මිනිසුන් නොදනී. ඔහු කළ දේ ද කිසිවෙක් නොදනී. එම නිසයි ශිව ජයන්ති දින නිවාඩු දිනයක් නොකර ඇත්තේ. අන් සැමටම නිවාඩුවක් තිබෙන නමුත් ශිව බාබා පැමිණ එවැනි කොටසක් ඉෂ්ඨ කරන බව කිසිවෙක් නොදනී. එහි අදහස ද ඔවුන් නොදනී. එතරම්ම අනුවණ කමක් භාරතය තුළ ඇත. ඔබ දරුවන් දන්නවා ශිව බාබා ඉහළම ඉහළ බවත් ඒ නිසාම ඔහු නියතයෙන්ම මිනිසුන් ඉහළම ඉහළ තත්ත්වයට පත් කරවන බවත්. පියා මෙසේ කියයි මම මෙයාට ඥානය දී යෝගා ඉගැන් වූ විට ඔහු සාමාන්‍ය මනුෂ්‍යයෙක් ගෙන් නාරායන් බවට පත් විය. ඔහු (බ්‍රහ්මා) මෙම ඥානයට ඇහුම් කන් දුන්නේය. මෙම ඥානය භාරතය සඳහා පමණි. වෙනත් අයට එය හරියාවි යැයි නොපෙනේ. ඔබ නැවතත් එවැනිම බවට පත් විය යුතුය. වෙන කිසිවෙක් එසේ වන්නේ නැත. සාමාන්‍ය මනුෂ්‍යයෙක් ගෙන් නාරායන් බවට පත් වීමේ කථාන්දරය මෙයයි. අන්‍ය ආගම් කර්තෘන් හැම කෙනෙක්ම නැවත ඉපදී තමෝප්‍රධාන් වන අතර නැවත සතෝප්‍රධාන් විය යුතුය. ඔවුන් පත් වූ තත්ත්වයට අනූව නැවතත් ඔවුන්ගේ කොටස් රඟ පෑ යුතු වේ. ඔබ මෙතරම් විශාල උත්සාහයක් දරන්නේ උසස් නළුවන් බවට පත් වීමටයි. ඔබව එම උත්සාහයට උනන්දු කරවන්නේ කවුද? බාබාය. ඔබ උසස් බවට පත් වූ පසු ඔහුව සිහි නොකර සිටී. දෙව් ලොව දී ඔබ ඔහුව සිහි නොකරයි. පියා ඉහළම ඉහළ වන අතර ඔබ ඉහළම තත්ත්වයට පත් කරවයි. නාරායන්ට පෙර ඔහු ශ්‍රී ක්‍රිෂ්ණාය. ඉතින් ඔබ සාමාන්‍ය මිනිසෙකුව සිට නාරායන් බවට පත් කරවන්නේ ඔහු යැයි ඔබ කියන්නේ ඇයි? ඔහු ඔබව ක්‍රිෂ්ණා බවට පත් කරවනවා යැයි නොකියන්නේ ඇයි? ඔහු පළමුව නාරායන් බවට පත් නොවේ. පළමුව ඔහු ශ්‍රී ක්‍රිෂ්ණා නමින් කුමාරයෙක් වෙයි. දරුවෙක් මලක් සේ වන අතර එම අය (නාරායන්), යුවලකින් එක් කෙනෙකි. උපතේ සිට බ්‍රහ්ම චර්ය ඇති අය පැසසුමට ලක් වේ. කුඩා දරුවන් සතෝප්‍රධාන් යැයි කියැවේ. ඔබ දරුවන් සිතිය යුතුයි පළමුවෙන්ම ඔබ කුමාරයින් වන බව. ‘යාචකයාගෙන් කුමාරයන් බවට‘ යන කියමන සිහිපත් කෙරේ. කවුද යාචකයා කියන්නේ. ශරීරය තුළ සිටින ජීවාත්ම සත්තාවයි යාචකයා හෝ ධනවතා යැයි හඳුන්වන්නේ. මෙකල හැම කෙනෙක්ම විනාශයට පත් වී යාචකයන් බවට පත් වී ඇත. මෙකල ඔබ යාචකයන් බවට පත් වී ඇත්තේ ඔබේ ශරීර වශයෙනි. ඔබට ඇති සියලු මුදල් විනාශ වේ. ජීවාත්ම සත්තාව යාචකයෙක් බවට පත් වී සියල්ල අතහැරිය විට කුමාරයෙක් බවට පත් වේ. ඔබ දන්නවා ඔබ සියලු ධනය සහ සෞභාග්‍යය හැර දමා යාචකයින් වී නැවත ගෙදර යන බව. ඉන්පසු, ඔබ කුමාරයින් සේ නව ලෝකයට පිවිසෙයි. ඔබ සෑම දෙයක්ම අත්හැරිය යුතුය. මේ ජරාවට පත් සියල්ල වැඩක් නැත. ඔබ ජීවාත්ම සත්තාවන් පාරිශුද්ධත්වයට පත් වූ කල ඔබ මෙහි එන්නේ පසුගිය චක්‍රයේ කළා මෙන්ම ඔබේ කොටස් රඟ පෑමටයි. වැඩියෙන් ඥානය උකහාගත් තරමට ඔබට ලැබෙන තත්ත්වය උසස් වේ. මෙකල කෙනෙකුට මිලියන පහක් තිබුණත් ඒ සියල්ල විනාශ වේ. අපි නැවත අපේ නව ලෝකයට යමු. ඔබ මෙහි ආවේ ඒ නව ලෝකයට යාමටයි. නව ලෝකය සඳහා ඉගෙන ගන්නා බව සළකන වෙනත් ආධ්‍යාත්මික හමුවක් නොමැත. ඔබ දරුවන්ගේ බුද්ධියේ තිබෙනවා බාබා පළමුව ඔබව යාචකයින් කරවා ඉන්පසු කුමාරයින් කරවන බව. ඔබේ ශරීරය හා සම්බන්ධ සියලු නෑ සබඳකම් අතහැරිය විට ඔබ යාචකයෙකි. ඔබට කිසිවක් නැත. දැන් භාරතය තුළ කිසිවක් නැත. භාරතය වර්තමානයේ දී ණයකාර යාචකයෙකි. ඉන්පසු එය ආඪ්‍යත්වයට පත් වේ. එසේ වන්නේ කවුද? ශරීරය තුළින් එසේ වන්නේ ජීවාත්ම සත්තාවන්ය. දැන් රජුන් හෝ රැජිණියන් නැත. ඔවුන් ද වස්තු භංගත්වයට පත්ව ඇත. දැන් ඔටුනු දරන රජුන් රැජිණියන් නැත. ඔවුන්ට ආලෝක ඔටුන්න ද මැණික් ඔටුන්න ද නැත. මේ වු කළී අන්ධකාර නගරයයි. ඔවුන් කියන්නේ දෙවියන් සර්ව ව්‍යාපී බවයි. එනම්, සෑම කෙනාම තුළ සිටින බවයි, සියලු දෙනා සම බවයි. ඔහු බල්ලන් බළලුන් තුළත් සිටින බවයි. අන්ධකාර නගරය යනු මෙයයි. එය බ්‍රහමින් වරුන්ගේ රාත්‍රිය විය. ඔබ දන්නවා දහවල වන ඥානය දැන් පැමිණෙන බව. සත් යුගයේ දී සියලු පහන් දැල්වී ඇත. දැන් පහන් සම්පූර්ණයෙන්ම මලාණික වී ඇත. පහන් දල්වන සිරිත ඇත්තේ භාරතයේ පමණි. වෙන කිසිවෙක් එය නොකරයි. ඔබේ පහන් නිවී ඇත. ඔබ සතෝප්‍රධාන් ලෝකයේ හිමිකරුවන්ව සිටියා. ඔබට තිබුණු බලය ක්‍රමයෙන් අඩු වූ අතර දැන් කිසිම බලයක් ඉතිරි වී නැත. පියා නැවතත් ඔබට ශක්තිය දීමට පැමිණ සිටී. ඔබේ බැටරිය දිගටම පිරෙමින් පවතී. ජීවාත්ම සත්තාවක්, උත්තරීතර ජීවාත්ම සත්තාව වූ පියා සිහි කරන විට බැටරිය සම්පූර්ණයෙන් පිරී යයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නාටකය අවසාන වෙමින් තිබෙන අතර අප නැවත ගෙදර යා යුතුව ඇත. එමනිසා, පියාව සිහි කිරීම මඟින් ජීවාත්ම සත්තාව පිරිසිඳු කර සතෝප්‍රධාන් කළ යුතුය. ඔබ පියා මෙන්ම ඥාන සාගරයක් සාම සාගරයක් විය යුත්තේ දැන්ය.

2. ඔබේ ශරීරය සම්බන්ධයෙන් සම්පූර්ණ යාචකයෙක් වීමට නම්, ඔබේ ඇස් දෙකෙන් දකින සෑම දෙයක්ම විනාශ වන බව බුද්ධියේ තබා ගන්න. අපි යාචක බවින් කුමාරයින් බවට පත් විය යුතුයි. අපේ අධ්‍යයනය නව ලෝකය සඳහාය.

වරදානය:
තාවකාලික ප්‍රාතිහාර්යයන් පෙන්වනු වෙනුවට, නොනැසී පවතින වාසනාවේ දිදුලන තරු නිර්මාණය කර සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත් වේවා.

අද සමහර මිනිසුන් ඔවුන් උඩ ඉහළ සිට පහළට පැමිණි නිසා ඔවුන්ට තාවකාලික බලයන් තිබේ. ඔවුන්ගේ පාරිශුද්ධත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සතෝප්‍රධාන් අවධියක් ඇති අතර ඔවුන් සීමිත තාවකාලික ප්‍රාතිහාර්යයන් පෙන්වයි. කෙසේවෙතත්, ඔවුන් කෙටි කාලයක් තුළ සතෝ, රජෝ, තමෝ යන අවස්ථා තුන පසු කරන නිසා එම සාර්ථකත්වය පවතින්නේ නැත. ඔබ නිර්මල ජීවාත්ම සාර්ථකත්වයේ නිරන්තර ප්‍රතිමූර්තීන් වන අතර, එබැවින් ප්‍රාතිහාර්යයන් පෙන්වීම වෙනුවට, ඔබ ජීවාත්මයන් දිදුලන ආලෝකයේ ලක්ෂ්‍ය ස්වරූපයන් බවට පත් කරවයි. ඔබ නොනැසී පවතින වාසනාවේ දීප්තිමත් තාරකාවන් නිර්මාණය කරන නිසා ඔබෙන් බිඳක් පමණක් ලබා ගැනීමට සෑම කෙනෙකුම පැමිණෙනු ඇත.

පාඨය:
අසීමිත නිරාශාවක වාතාවරණයක් ඇති විට, සහයෝගී ජීවාත්ම පහසු යෝගීන් බවට පත්වේ.