11.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැන් ගැඹුරු නිශ්ශබ්දතාවය මත පිහිටා සිටිය යුතු කාලයයි. එනම්, ශරීරයෙන් මිදුනු තත්ත්වයකට පත්වීමයි. මේ තත්ත්වය මත රඳා සිටීමට පුහුණු වන්න.

ප්‍රශ්නය:
උසස්තම වු ඉරණම කුමක්ද ? ඒ වෙත ලඟාවනුයේ කෙසේද ?

පිළිතුර:
සම්පූර්ණයෙන් ශිෂ්ට සම්පන්න භාවයට පත්වීම උසස් ඉරණමයි. ඔබේ භෞතික ඉන්ද්‍රියන් සුළුවෙන්වත් දඟ නොකොට ඔබට යටත් වූ විට පමණයි ඔබ සම්පූර්ණ ශිෂ්ට සම්පන්න බවට පත් වන්නේ. ඔබට එවැනි තත්ත්වයක් ඇති විට, ලෝක රාජ්‍යය ඔබට හිමිවනු ඇත. එහි කියැවෙනවා: ඉහළ නඟින අය දෙව්ලොව මිහිරියාව රස විඳිනවා ඇත, එනම්, ඔවුන් රජවරුන්ගෙත් රජවරු තත්ත්වයට පත්වෙනවා. නැතිනම් ඔවුන් යටත් වැසියන් බවටයි පත් වන්නේ. දැන්, පරීක්‍ෂා කරන්න මගේ ආකල්පය මොන වගේද? මගෙන් යම් වැරදීම් සිදුවනවාද?

ඕම් ශාන්ති.
දරුවනි, මෙහි සිටින විට ආත්ම අවධානයෙන් සිටින්න. බාබා පැහැදිලි කර දෙනවා ඔබ ජීවාත්මයක් බවට නිශ්චිත කර ගන්න. බාබා දැන් කතා කරන්නේ, "ඕනෑම ආකාරයක සේවයක් කරන්නන්ටයි", ඕල්රවුන්ඩර් දාදී: ස්වර්ණමය යුගයේදී ඔබ ආත්ම අවධානයේද නැත්නම් ශරීර අවධානයේද ? එහි අප නිරායාසයෙන්ම ආත්ම අවධානයට පත්වනවා. එහිදී බාබා සිහිකිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඔව්, ඔබ තේරුම් ගන්න ඔබගේ ශරිරය ගෙවී ගිය පසු එය අතහැර අළුත් එකක් ගත යුතුයි. ඒ සඳහායි සර්පයෙකුගේ උදාහරණය ගන්නේ. ඒ මොහොතේදීම ජීවාත්මය අවබෝධ කර ගන්නවා තමන් එම පැරණි ශරීරය අතහැර අළුත් එකක් ගත යුතු බව. බාබා මේ උදාහරණය ගන්නේ ඔබට පැහැදිලි කර දීමටයි. ඔබ මෙම ඥානය මනුෂ්‍යයින් අතර ගුමු නද දී ඔවුනුත් ඔබ සේම නැණැත්තන් කරවිය යුතුයි. ඉතින් එවිට ඔවුන්ට පුළුවන් දේව දේශයේ පවින් මිදුනු දේවතාවන් වීමට. මේ වඩාත් දිව්‍යමය වු ඉගෙනීම සාමාන්‍ය මිනිසුන් දිව්‍යත්වයට පත් කරවීම උදෙසායි. සාමාන්‍ය මිනිසුන් දිව්‍යත්වයට පත් කරවීමට දෙවියන් එතරම් කාලයක් ගන්නේ නැතැයි යන්න මෙහිදී සිහිකෙරෙනවා. ඔවුන්ව එලෙස වෙනස් කරනුයේ කවුද ? දෙවි දේවතාවන් එය නොකරයි. මිනිසුන්ට මේවා අවබෝධ කරගත නොහැකියි. බාබා තමයි මිනිසුන්ව දිව්‍යයත්වයට පත් කරවන්නේ. මිනිසුන් මේවා තේරුම් නොගනී. ඔබ යන හැම තැනකින්ම මිනිස්සු අහනවා: ඔබේ ඉලක්කය සහ අරමුණ කුමක්ද ? ඒ නිසා ඔබ ඇයි මේ කරුණු පහදා කුඩා පත්‍රිකාවක් මුද්‍රණය නොකරන්නේ ? එවිට මිනිස්සු ඇසු විට ඔබට එය පෙන්විය හැක, ඉන් ඔවුන් අවබෝධ කර ගනීවි. බාබා ඉතා පැහැදිලිව තේරුම් කර දී තිබෙනවා. මේ කලි යුගය දැන් ඉතාමත් අපිරිසිදුයි. එය අසීමිත දුක් සහිත දේශයක් වෙලා. බාබා දැන් සේවය කරන්නේ මිනිසුන්ව උසස්, පිරිසිඳු, ස්වර්ණම යුග සතුටු දේශයට ගෙන යාමටයි, එනම්, ඔහු අපට මඟ පෙන්වනවා. එය අපි නොබෙදුණු දැනුමක් දෙනවා යන්න නොවෙයි. සමහරු විශ්වාස කරනවා, ආගමික ග්‍රන්ථයන්ගේ දැනුම නොබෙදුණු එකකැයි කියා. ඇත්තටම, එය නොබෙදුණු දැනුම නොවේ. "නොබෙදුණු දැනුම" කියා ලිවීම පවා වැරැදියි. ඔබ මේවා මිනිසුන්ට පැහැදිලි කර දිය යුතුයි. මේ කරුණු ඉතා පැහැදිලිව ලියැවිය යුතුයි. ඉතින් එවිට මිනිස්සු තේරුම් ගනීවි ඔබේ අරමුණ. අප මේ යකඩ යුගී අපිරිසිදු පාපී මිනිසුන්ව අසීමිත දුකින් මුදාගෙන ඔවුන්ට ස්වර්ණම යුගී පවිත්‍ර, අසීමිත සතුට පිරි උසස් ලෝකයට යාමට මඟ පෙන්වනවා. දරුවනි, බාබා මේ වගේ රචනා දෙනවා ඔබට ලිවීමට. ඔබ හැමදේම ඉතා පැහැදිලිව ලිවිය යුතුයි. ඔබ ලඟ නිතරම එම කරුණු විස්තර කළ පත්‍රිකා තිබිය යුතුයි. එවිට ඔවුන්ට ඉක්මනින්ම තේරුම් ගත හැකියි ඔවුන් දැන් දුක් දේශයේ ගිලිලයි සිටින්නේ කියා. මිනිස්සු තාම තේරුම් අරගෙන නැහැ ඔවුන් ඉන්නේ අපිරිසිඳු දුක් ලෝකයේ බව හා ඔබයි ඔවුන්ට අසීමිත සතුටේ දේශයට යාමට නායකත්වය සපයන්නේ කියා. ඉතින් ඔබට මෙසේ පත්‍රිකා මුද්‍රණය කළ හැකියි: ඔබ කලි යුග වාසී කෙනෙක්ද, සත් යුග වාසී කෙනෙක්ද ? කෙසේවෙතත්, මිනිස්සු තේරුම් ගන්නේ නැහැ, ඔවුන් මෙවන් අගනා ආභරණ ගල් ලෙස සළකා විසිකර දමනවා. මේ ආභරණ ඥානය නැමැති ආභරණයි. ඔවුන් විශ්වාස කරන්නේ ඒ ආභරණ තිබෙන්නේ ආගමික ග්‍රන්ථ වල කියාය. ඔබ ඔවුන්ට පැහැදිලිව අවබෝධ කර දුන්නොත් ඔවුන් තේරුම් ගනීවි මෙහි ඇත්තේ අසීමිත දුකක් බව. විවිධාකාර දුක් වාර්තාවකට ගන්න. එහි අඩුම තරමින් 101ක්වත් තිබේවි. දුක් ලෝකයේ අසීමිත වූ දුකක් තිබෙනවා. ඒවායේ වාර්තාව ගන්න. අනෙක් අතින් බලන විට එහි අසීමිත සතුටක්, දුකක සළකුණක්වත් නැහැ. ඔබ දැන් ඒ රාජ්‍යය, සතුටේ දේශය ගොඩනංවනවා. මිනිස්සු මෙය ඇසු විට ඉකිමනින් ඔවුන් පහළට බහිනවා. ඔවුන් තේරුම් ගන්නේ නැහැ දැන් දුක් දේශයේ කාලයයි කියා. ඔවුන් හිතන්නේ මේ දිව්‍යලෝකය කියලයි. ඔවුන් නිරන්තරයෙන් විශාල මාලිගා සහ අළුත් දේවාල හදනවා. ඔවුන්ට දැනිලා නැහැ සියල්ල විනාශයට ලඟා වන බව. මිනිස්සුන්ට විශාල වශයෙන් මුදල් සොයා ගත හැකියි, අල්ලස් මඟින්. බාබා කියනවා : මේ සියල්ලම අහංකාරකම නැමති මායා සහ විද්‍යාවේ අංගයන්. විදුලි වාහන, අහස්යානා ආදී දේ මායාගේ දර්ශන. බාබා දිව්‍යලෝකය ගොඩනංවන විට, එයයි මායාට අයත් චරිතය. මායා ඇගේ අභිමානය පෙන්වනවා. ඒ අභිමානය තමයි මායාගේ බලය කියන්නේ. ඔබ දැන් මුළු ලොවෙහිම සාමය ගොඩනංවනවා. දරුවනි, මායා ඔබට ඇතුළු වුවහොත් ඔබේ අවධානය ඔබව ඇතුලතින් විනාශ කරනවා. බාබා කියනවා : ඔබ යම් කෙනෙකුගේ නමට, ස්වරූපයට යට වුණොත් එය සිදු වන්නේ ඔබේ නරක දැකීම නිසයි. කලි යුගයේ තමයි මේ වැරදි දැකීම් ඇතිවනුයේ. සත් යුගයේ යහපත් දැකීමක් තියෙන්නේ. අද හැමෝම දිව්‍ය ප්‍රතිමා ඉදිරිපිට හිස නමා කියනවා: ඔබ පවින් තොරයි, නමුත් අපි පවින් බර වෙලා. මේ නිසයි බාබා කියන්නේ : ඔබ එක් එක්කෙනා තම තත්ත්වය සැලකිල්ලට ගත යුතුයි. ඉතා හොඳ මහාරාතීන්ලා පවා තම තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුයි ඔබේ බුද්ධිය යම් අයෙකුගේ නමට හෝ ස්වරූපයට ඇදී යනවාද කියා. අර තැනැත්තා හෝ මේ කෙනා ඉතා හොඳයි, මම මේ දේ කළ යුතුයි. මේ ආකාරයේ යමක් ඔබේ බුද්ධිය තුළ ගමන් කරනවාද ? බාබා දන්නවා මේ කාලයේ කිසි කෙනෙක් සම්පුර්ණයෙන් ශිෂ්ට සම්පන්න නැහැ. කුඩා හෝ දඟකමක් ඇති නොවීම අපහසු දෙයක්. ඉතාම සුළු කොටසයි මෙවන් අය සිටින්නේ. ඔබේ ඇස් ඔබව එක් දිශාවකට හෝ වෙනත් දිශාවකට හරවනවා. ඉතින් නාටකය කිසි කෙනෙකුට ඉකිමනින් පවින් මිදීමට හේතු වෙලා නැහැ. ඔබ දැඩි උත්සාහයක් දැරිය යුතුයි. එමෙන්ම ඔබවම විනිශ්චයකට ලක් කළ යුතුයි. ඔබෙන් අසන්න: මගේ ඇස් මට විරුද්ධව සිටිනවාද ? ලෝක පාලකයෙකු වීම උසස් ඉලක්කයක්. ඉහළ නඟින අය දෙව් ලොව මිහිර විඳිනු ඇත, එනම්, ඔවුන් රජවරුන්ගෙත් රජවරුන් බවට පත්වනු ඇත. ඔවුන් වැටුණහොත් පත් වන්නේ යටත් වැසි තත්ත්වයටයි. මේ දිනවල, එය හඳුන්වන්නේ පාපී කාලය කියලයි. ඔවුන් කොපමණ වැදගත් වුවත් රැජිනක් හෝ වුවද තමන් සිහසුනෙන් පහ කරාවී යැයි බියට පත්වෙයි. සෑම මනුෂ්‍යයෙක් තුළම ඇත්තේ අසාමයයි. ඇතැම් විට ඔබත් අසාමය පතුරුවනවා. ඔබයි සාමය ගොඩනංවන්නේ. එමනිසා, ප්‍රථමයෙන්ම ඔබ සාමකාමී විය යුතුයි. පසුව ඔබට පුළුවන් අන් අයවත් ඒ බලයෙන් පුරවන්න. ඒ රාජධානියේ හොඳ සාමයක් තියෙනවා. එහි ඇස් ඉතා යහපත්. ඉතින් බාබා කියනවා : හැමදාම තමාව විනිශ්චයට ලක් කරන්න, කුමනාකාර ආකල්පයන්ද ජීවාත්මය සතු වන්නේ කියා. මෙයට විශාල උත්සාහයක් දැරිය යුතුයි. ඔබ ඔබව අධ්‍යයනය කළ යුතුයි. ඔබෙන් සමහර දරුවන් අසීමිත පියාටවත් සත්‍යය පවසන්නේ නැහැ. ඔබ සෑම පියවරකදීම මඟහැරීම් සිදු කරනවා. ඔබ යම් කෙනෙක් දෙස නරක විදියට බැලුවොත් හෝ ඔබ යම් මඟහැරීමක් සිදු කළහොත් එය ඉක්මනින්ම සටහන් කර ගන්න. ඔබ මෙවන් දියුණුවක් ලබන තෙක් ඔබ එක් එක් කෙනෙක් දිනපතාම මඟහැරීම් 10ක් හෝ 20ක් සිදු කරනවා. කෙසේවෙතත්, කිසි කෙනෙක් සත්‍යය පවසන්නේ නැහැ. ඔබ ශරීර අවධානයෙන් පව් එකක් හෝ කිහිපයක් සිදු කරනවා. ඒ ඔබේ අවධානයම ඔබව විනාශ කිරීමට හේතු වෙනවා. ඔබ සමහරු දන්නෙත් නැහැ කුමක්ද මඟහැරීමක් කියා කියන්නේ කියා. සිව්පාවුන් මෙය තේරුම් ගනීද ? ඔබ මේ ඥානය ගැනීමට පෙර ඔබටත් තිබුණේ වඳුරු බුද්ධියක්. සමහරු 50%ක් වෙනස් වෙනවා. සමහරු 10%ක් වෙනස් වෙනවා. ඔබේ ඇස් ඔබව විශාල ලෙස විනාශයට ලක් කරනවා. ඔබේ ඇස් තමයි සියලුම අවයවයන්ගෙන් තියුණුම අවයවය. බාබා කියනවා : ඔබ ජීවාත්මයන් පහළට පැමිණියේ අශරීරිකවයි. ඔබලාට ශරීර තිබුණේ නැහැ. දැන් ඔබ දන්නවාද කුමනාකාරයක ශරිරයක් ඔබ ඊළඟට ගන්නවාද හෝ කුමන නෑ සබඳකමකට ඔබ ඇතුළු වනවාද කියා ? ඔබට එය කියන්න බැහැ. ජීවාත්මය ගර්භාෂයකට ආ විට සම්පූර්ණ නිහැඬියාවකිනුයි ඉන්නේ. ජීවාත්මය සම්පූර්ණයෙන්ම නිහඬ බවට පත් වෙනවා. ශරීරය වැඩෙන විට තමයි ඔබ දැන ගන්නේ තමන් කුමන තැනකටද පත්වන්න යන්නේ කියලා. ඔබ දැන් ඔබේ ගෙවී ගිය ශරීරය අතහැර නිවස වෙත යා යුතුයි, පසුව ඊළඟ ශරීරයට ආ විට ඔබ රඟපාන්නේ දිව්‍යලෝකයේ චරිතයක්. එය දැන් සම්පූර්ණ නිහැඬියාවට පත්වීමට කාලයයි. ජීවාත්මයක් තම සංස්කාරත් රැගෙනමයි යන්නේ. ශරීරය විශාලව වැඩෙන විට සංස්කාරත් ඒ අනුව මතු වනවා. ඔබ දැන් නිවසට යා යුතුයි. මේ නිසයි ඔබ පැරණි ලෝකය අමතක කර තම ශරීරය පිළිබඳ අවධානය අත්හල යුතු වන්නේ. කිසිවක් සිහි නොකළ යුතුයි. ඔබ සෑහෙන්න ප්‍රවේසම් විය යුතුයි. මන්ද, ඔබ ඇතුලත ඇති දේ යම් දිනයක පිටතට පැමිණෙන බැවින්. ශිව බාබා තුළ ඇත්තේ ඥානයයි. මටත් චරිත කොටසක් තියෙනවා. ඔබ ’ඥාන සාගරය‘ කියා කියන්නේ මටයි. ඔවුන් මගේ ගුණ ගායනා කරනවා, නමුත්, කිසි කෙනෙක් එහි නියම අර්ථය දන්නේ නැහැ. ඔබ දැන් මේ රහස දන්නවා. කොහොමනමුත්, ජීවාත්මයන්ගේ බුද්ධිය නොවටිනා බවට පත් වෙනවා. බාබා දැන් ඔබව වඩාත් ඥානවන්ත කරවනවා. මිනිසුන් ලඟ මිලියන ගණන් වලින් තිබෙනවා. ඒ මායාගේ බලයයි. මෙහිදී උපකාරීවන විද්‍යාවේ ඇතැම් දේ සත් යුගයේදී ද උපකාරී වෙනවා. ඒ වගේම ඒවා නිපැයුම් කළ අය එහිදීද සිටිනවා. ඔවුන් රාජ්‍යයත්වයට පත්වන්නේ නැහැ. ඔවුන් අවසානයට ඔබ ලඟට පැමිණ අන් අයට උගන්වනවා. බොහෝ දේ ඔබ ඉගෙන ගන්නේ එකම පියාගෙන්. එකම බාබාට විතරයි පුළුවන් ලෝකය වෙනස් කරන්න. මිත්‍යාවේ ප්‍රබන්ධ ඉතා අසහාය ජනකයි. පසුව අන් අයත් ඒවා ප්‍රබන්ධ කරනවා. ඉස්සර තිබුණේ එක් ආකාරයක බෝම්බ ජාතියක්. පසුව ඔවුන් දැනගත් පසු ඉන් ලෝකය විනාශ කළ හැකියි කියා විවිධාකාර බෝම්බ හදන්න පටන් ගත්තා. සත් යුගයට විද්‍යාවත් අවශ්‍යයි. තාම කාලය තියෙනවා ඔබට ඉගෙනගෙන දක්ෂ වෙන්න. එවන් දේ කරන අය බාබාගේ හැඳින්වීම ගත්තම සත් යුගයේ යටත් වැසියෝ වෙනවා. එහෙ සියලු දේ ඔබේ සතුට වෙනුවෙනුයි. සතුටේ දේශයේ තිබු දේවල් නැවතත් ඇති වෙනවා. එහි රෝග හෝ දුක පිළිබඳ ගැටළුවක් නැහැ. මෙහේ තිබෙන්නේ අසීමිත දුකක්. එහේ අසීමිත සතුට තිබෙනවා. ඔබ දැන් ඒ දේශය ගොඩනඟනවා. බාබා පමණයි දුකින් ගලවන්නා සහ සතුට ලබා දෙන්නා. ප්‍රථමයෙන්ම ඔබේ තත්ත්වය මේ ආකාරයට පත්කර ගත යුතුයි, ඔබ නිකම්ම පණ්ඩිතයකු නොවන්න. පණ්ඩිත කතාවක් තියෙනවා: රාමාගේ නම නැවත නැවත කිව් පමණින්ම ඔබ එතෙර වෙනවා. ඒ කතාව අදාල වන්නේ මේ කාලයටයි. බාබා ගැන නැවත නැවත සිහිකිරිමෙන් ඔබට පාප සාගරයෙන් එතෙර වී කිරි සයුරට යා හැකියි. දරුවනි, ඔබේ තත්ත්වය ඉතා හොඳ විය යුතුයි. කෙසේවෙතත්, තවම ඔබ තුළ යෝග බලය නැහැ. ඔබේ ඇස් දුෂ්ට වුවහොත් ඔබ විදින හීය හදවතටම වදින්නේ නැහැ. ඥානය නැමැති කඩුවත් සමඟ ඔබට මැජික් බලයක් සේ වූ යෝගාවත් තිබිය යුතුයි. ඔබ ධනය උපයන්නේ ඥානයෙන් නමුත් බලය ලබන්නේ සිහි කිරීමෙන්. බොහෝ දරුවන් බාබාව සිහි කරන්නේ නැහැ. ඔවුන් දන්නේවත් නැහැ කොහොමද සිහි කරන්නේ කියලාවත්. ඒ නිසා බාබා කියනවා : ඔබ මිනිසුන්ට පැහැදිලි කරල දෙන්න මේ දුක් දේශය බවත් සත් යුගය සතුටේ දේශය බවත්. කලි යුගයේදී සතුටක සළකුණක්වත් නැහැ. මෙහි සතුටක් තිබේනම් එයත් හරියට කපුටෙකු හෙළන අසුචි පිඩක් වැනි දෙයක්. ස්වර්ණම යුගයේ ඇත්තේ අසීමිත සතුටක්. මිනිසුන්ට මෙහි අර්ථය වටහා ගන්න බැහැ. ඔවුන් මුක්තිය ලැබීමට බලවත් උත්සාහයක් දරනවා. ඔවුන්ගෙන් කිසි කෙනෙක් ජීවන මුක්තිය ගැන දන්නේ නැහැ. ඉතින් ඔවුන් කොහොමද අනිත් අයට ඥානය දෙන්නේ ? ඔවුන් එන්නේ රජෝප්‍රධාන් කාලයේදී, ඉතින් ඔවුන් කොහොමද රාජයෝග උගන්වන්නේ ? මෙහේ සතුට කපුටෙකු හෙළන අසුචි පිඩක් වගෙයි. රාජයෝගා වලින් මොකද වෙන්නේ? ඔවුන් කිසි දෙයක් දන්නේ නැහැ. දරුවනි, ඔබ දන්නවා මෙය තමයි ක්‍රියාත්මක වන්නා වූ නාටකය. මිනිස්සු ඔබව පුවත්පත් වලින් අපහාසයට ලක් කරනවා. මෙය සිදුවිය යුතුයි. අහිංසක අය විවිධාකාරයෙන් හිත් අමාරුකම් වලට පත් වෙනවා. විවිධාකාර දුක් ලෝකයේ තිබෙනවා, සතුටක් නැහැ. යම් කෙනෙක් කෙතරම් ධනවත් වුවද ඔවුන් රෝගාතුර හෝ අන්ධ බවට පත් වුවහොත් ඔවුන් දුක අත්දකිනවා. ඉතින් මේ සියලු දුක් වාර්තාවකට ගන්න. මේ සියලු දුක් ඇතිවන්නේ කලියුග අවසාන කාලයේ දී, රාවන් රාජ්‍යයේදීයි. සත් යුගයේ එකම දුකක්වත් නැහැ. ඒ සත් යුගය පසුගිය කාලයක තිබුණා. දැන් මේ තමයි සංගම යුගය. බාබා එන්නේ මේ සංගම යුගයේ දී පමණයි. ඔබට දැන් තේරෙනවා වසර 5000ක් තුළ ඔබ ගන්නා විවිධ උපත් ගැනත් ඔබ සතුටේ සිට දුකට පත් වූ හැටි පිළිබඳවත්. මේ සියලු ඥානය තම බුද්ධියේ ග්‍රහණය කර ගන්නා අයට පුළුවන් සියල්ල අවබෝධ කර ගන්න. බාබා ඔය දරුවන්ගේ ඒප්‍රන පුරවනවා. ධනය කවදාවත් එය අන් අයට දානය කිරීමෙන් අඩු වන්නේ නැති බව සිහි කෙරෙනවා. කවුරු හෝ ධනය දානය කරන්නේ නැතිනම්, ඒ කියන්නේ ඔහු ලඟ කිසිවක් නැතිවා වගෙයි. ඔහු කිසිදු ධනයක් ලබන්නේ නැහැ. එහි ගිණුම තිබෙනවා. ඔබ දුන්නේ නැති නම් ඔබ ආපසු ලබන්නේ කෙසේද ? එය වැඩි දියුණු වෙන්නේ කෙසේද ? මේ සියල්ලම අවිනාශී ආභරණ නම් ඥානයයි. සෑම දෙයක්ම අනුපිළිවෙලයි. මෙය ඔබගේ ආධ්‍යාත්මික හමුදාවයි. ඔබ පසුගිය චක්‍රයේ දී කළා සේම ඔබෙන් සමහර ජීවාත්ම උසස් තත්ත්ව ලබනවා, සමහරු යටත්වැසි තත්ත්ව ලබනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ ආධ්‍යාත්මික දරුවන්ට, මව, පියා බාප්දාදාගේ හදවතේ ගැඹුරින්, ඔබගේ උත්සාහයන්ට අනුව අංක පිළිවෙලට, සෙනෙහස, සිහි කිරීම සහ සුබ උදෑසනක්. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබව රැකබලා ගැනීම උදෙසා, සෑම පියවරකදීම පරීක්‍ෂාකාරී වන්න 1). අද මම වන ජීවාත්මයේ ස්වභාවය කෙසේ වීද ? 2). මගේ ඇස් ශිෂ්ටව පැවතියේද ? 3). මම ශරීර අවධානයේ බලපෑමෙන් කළ පාපකාරී ක්‍රියා මොනවාද ?

2. ඔබේ බුද්ධිය අවිනාශී ඥානය ග්‍රහණය කර එය අන්‍යයන්ට ලබාදිය යුතුයි. ඥානය නම් වූ කඩුව අනිවාර්යෙන්ම ස්මෘතියේ බලයෙන් පුරවන්න.

වරදානය:
ඔබ නිර්භීතව ජයග්‍රහණය කර සත්‍යයේ අධිකාරීත්වය උකහා ගනිමින් සියල්ලන් ආකර්ෂණය කරගනිත්වා.

ඔබ දරුවන් සත්‍යයේ බලයෙන් උසස්, බලවත් ජීවාත්මයන්ය. ඔබට මේ සත්‍ය ඥානය, සත්‍ය පරමාත්ම පියා, සත්‍ය ලැබීම්, සත්‍ය සිහි කිරීම, සත්‍ය ගුණ ධර්ම සහ සත්‍ය බලය ලැබී ඇත. එවැනි මහා අධිකාරීත්වයේ කුල්මත්භාවය ඔබට ඇති විට, මෙම සත්‍ය අධිකාරීත්වය සෑම ජීවාත්මයක්ම නොකඩවා ආකර්ෂණය කරනවා ඇත. අසත්‍ය දේශයේ වුව ද සත්‍යයේ බලය ඇති අය ජයග්‍රහණය කරති. සත්‍යයේ ලැබීම වූ කලී සතුට හා නිර්භයභාවයයි. සත්‍යය කතා කරන අය නිර්භය අයයි; ඔවුන් කිසි විටෙකත් බියට පත් නොවෙති.

පාඨය:
වාතාවරණය පරිවර්ථනය කිරීමේ මාර්ගයනම් ධනාත්මක සිතිවිලි සහ බලවත් ආකල්ප තිබීම වේ.