11.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් අන් අය නොව, තමන් ගැන සිතිය යුතුයි, මන්ද නාටකයට අනුව, කවුරු යමක් කළත්, එහි ප්‍රතිලාභය ඔහු හිමි කරගනී.

ප්‍රශ්නය:
ත්‍රීකාලදර්ශී වීමෙන්, ඔය ජීවාත්ම, කුමන අවධානයද ලැබුවේ?

පිළිතුර:
ඔය ජීව, මුලින්ම අශාරීරික ලෝකයේ නිවැසියන්ව සිට, ඉන්පසුව මෙම නාටකයේ ඔබගේ චරිත කොටස් රඟ පෑමට මෙහි පැමිණියා, යන අවධානය ඔබට තිබේ. ඔබ ප්‍රධාන නළුවන් වී, උපත් 84කට ඔබගේ චරිත කොටස් රඟපෑහ. ඔබ දැන් පියා ඉදිරියේ පෞද්ගලිකවම සිටින අතර, ඉන්පසුව ඔබ ඔහු සමඟ ආපසු නිවහනට යයි. ඔබ පිවිතුරු වී, ආපසු නිවසට ගොස් ඉන්පසුව සතුටු දේශයට යා යුතුයි. මෙම මුළු නාටකයම පදනම් වී ඇත්තේ භාරතය මතයි. ත්‍රිකාලදර්ශී වීමෙන් ඔය ජීවාත්මයන්ට, මේ සියලු දේ පිළිබඳවම අවධානය තිබෙයි.

ගීතය:
ඔබගේ මාවතේ දිවි ගෙවන්නත්, ඔබගේ මාවතේ මියැදෙන්නත්.

ඕම් ශාන්ති.
මෙම ගීතය ගායනා කළේ කවුද? දරුවන්. දරුවන් පවසන්නේ කුමක්ද? බාබා, අපි දැන් ඔබගේ ගෙල වටා මාලාවක් විය යුතුයි. මෙම සිරුරු මෙහි අත්හළ යුතුයි. පරමාත්ම පියා සහ ජීවාත්ම වන දරුවන්, සාම දේශයේ, නිර්වාණ දේශයේ වාසය කරන බව, ඔය දරුවන් දන්නවා. පියා නැවත නැවතත් පවසන්නේ ඔබ ජීවාත්මයක් යන විශ්වාසය ඇති කරගන්න. ජීව වන අප, පියා සමඟ නිර්වාණ දේශයේ වැසියන්ව සිටි බව, ඔබ දන්නවා. ඉන්පසුව උපත් 84හි චක්‍රය වටා යන විට, අපි විවිධ සිරුරු හදාගත්තා. අප සැබවින්ම උත්තරීතර දේශයේ නිවැසියන් බව, ඔය දරුවන් දන්නවා. බාබා දැන් නැවත පැමිණ සිටියි. ඔබ මෙහි අසුන්ගෙන සිටින අතර, ඔබ ඉදිරියේ බාබා අසුන් ගෙන සිටින බව, ඔබට දැක ගත හැක. මෙහි ඔබට භෞතික සිරුරු සමඟ සම්බන්ධතා තිබේ. මුලින්ම අප ජීවාත්ම වූ අතර, එවිට අපි සතුටින් පිරි දිවි ගෙවූ අතර, පසුව භෞතික සම්බන්ධතා ඇතිව දුක් ජීවිත ගත කළා. ඔය ජීවාත්ම දැන් ත්‍රිකාලදර්ශි වී ඇත. පියා තුන් කාලය සහ ලෝක තුන ගැන දන්නවා. ඔබද, ඔබ දරන උත්සාහයට අනුව අංක පිළිවෙලට එය දන්නවා. ඔබගේ ඉගෙනුම ඔබට සිහි විය යුතුයි. ඔබට දැන් මෙම අවධානය තිබේ. අපත් අශාරීරික ලෝකයේ නිවැසියන් බවත් දැන් ත්‍රිකාලදර්ශී වී ඇති බවත් බාබා පහදා දී තිබේ. මෙම නාටකයේ ප්‍රධාන නළුවන් වන්නේ ඔබ බව, ඔබ දන්වා. මුළු නාටකයම පිළිබඳ දැනුම ඔබගේ බුද්ධිය තුළ දැන් තිබේ. චක්‍රයෙන් භාගයක් ඔබ සතුටු දේශයේ ජීවත් වූ බව, ඔබට සිහි වී තිබේ. එහි රාවන නොසිටියි. ජීවාත්ම වන අප, සම්පූර්ණ උපත් 84හි චක්‍රය වටා යයි. පියා දැන් පෞද්ගලිකවම ඔබ ඉදිරියේ අසුන්ගෙන සිටියි. අප ඔබගේ ශ්‍රීමත් පිළිපැද, ඔබත් සමඟ ආපසු නිවසට යන්නෙමු. අපි හැකි තාක් ඔබව සිහි කරන්නෙමු. ඔය දරුවන් ත්‍රිකාලදර්ශී වී ඇති නිසා, ඔබ මේ ගැන දවස පුරාම සිතිය යුතුයි. උසස්ම උසස් වන්නේ පරමාත්ම දෙවියන්ය. ඔහු සමඟ ඔය දරුවන්ද උසස්ම උසස් ස්ථානයේ වාසය කරයි. ඔය දරුවන්ට දැන් ඔබගේ නිවස සිහි වී ඇත. අප පිවිතුරු වී, උත්තරීතර දේශයේ අපගේ නිවහනට යයි. ශිව පියාව වන්දනා කරන විට, සැලිග්‍රමයන්ද වන්දනාවට පාත්‍ර වෙයි. පැමිණ, ඔය ජීව පිවිතුරු කරන්නේ පියා පමණයි. සිටින්නේ, ජීවාත්ම පිවිතුරු කරන ඒකායන පියා පමණයි. වෙනත් කිසිවෙකුට ඔබව පිවිතුරු කළ නොහැක. ඔබ දැන් මුළු නාටකයේම රංගනය දන්නවා. නාටකය පදනම් වී තිබෙන්නේ භාරතයේ බව, ඔබට වැටහෙයි. එබැවින් පියා පෞද්ගලිකවම ඔය දරුවන් ඉදිරියේ අසුන්ගෙන, ඔබට විස්තර කරයි. බාබා, ඥාන සාගරය බව, සියලුම ජීවමාන ජීව දන්නවා. භක්ති මාර්ගයේදී ඔබ ඔහුට අඬගසමින් මෙසේ පොරොන්දු විය බාබා, ඔබ පැමිණි විට, අප නියත වශයෙන්ම ඔබගේ උපදෙස් පිළිපදින්නෙමු. මෙය ලෞකික සම්බන්ධකමක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔබ ජීව අවධානයට පත් වී, ඒකායන අසීමිත පියාගේ මාහැඟි උපදෙස් පිළිපැදීම ගැන සැලකිලිමත් විය යුතුයි. අප ඔහුට සවන් දිය යුතුයි. ඔහු ඉතා පහසු අන්දමකින් අපට විස්තර කරයි. ඔබගේ ඥානයේ තෙවැනි ඇස දැන් විවර වී ඇත. මෙහිදී, මෙකල ඔබට මෙම ඥානය තිබේ. පියා සහ දරුවන් වාසය කරන්නේ අශාරීරික ලෝකයේය. එහිදී, මේ ගැන කිසිවෙකු නොදැන සිටියි. පියා දැන් ඔහුගේ රහස්වල ගැඹුර, ඔය සියලුම දරුවන්ට හෙළි කරයි. ඥාන මහා සාගරය ඔහුම පමණයි. බාබා, ජීවාත්ම වන අපට උගන්වන බව වෙනත් කිසිදු ආධ්‍යාත්මික හමුවක නොකියයි. ඔබ දැන් මෙය දන්නවා. ඔබට නැවත නැවතත් කිව යුතුයි ජීව අවධානයට පත් වන්න! ජීවාත්ම, මෙම නාටකයේ නළුවන් වන අතර, ඔවුන් චරිත කොටස් රඟපායි. ජීවාත්මය වන මා, වස්ත්‍රයක් ගෙන තිබේ. එම නළුවන් ඔවුන්ගේ වස්ත්‍ර මාරු කරයි. ඔය ජීව, අශාරීරික ලෝකයේ සිට මෙහි පැමිණ, ඔබගේ සිරුරු නම් වස්ත්‍ර ගනී. ඒ මිනිසුන් කරන්නේ ඔවුන්ගේ ඇඳුම් මාරු කිරීම පමණයි. බාබා නැවත වරක් පැමිණ ජීවාත්ම වන අපට, රාජයෝගාව උගන්වනවා. බාබා පැමිණ ඇති බැවින් අපි අනිවාර්යෙන්ම ඔහුගේ උදව්කරුවන් වන බව, ඔය දරුවන්ට දැන් වැටහෙයි. අපි පාරිශුද්ධත්වයට පත් වී, මුළු භාරතයම පිවිතුරු කරන්නෙමු. අපි ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ශ්‍රීමත් පවසන්නේ පියා සිහිපත් කරන්න! කවුරු යමක් කළත්, ඔහුට එහි ඵලය ලැබෙයි. සෑම කෙනෙක්ම පැමිණ, උත්සාහ දරන්නේ නැත. පෙර චක්‍රයේදී උත්සාහ දැරූ අය, නැවතත් එසේ කරයි. ඔබ දැන් ආපසු නිවහනට යා යුතුයි. ඔබ උත්සාහ දරා නියත වශයෙන්ම පිවිතුරු විය යුත්තේ මේ නිසාය. අප උඩ ඉහළ අශාරීරික ලෝකයේ වාසය කළා. අප මුලින්ම දිව්‍ය ලෝකයට ගිය අතර, ඉන්පසුව අපි ඉනිමඟ දිගේ අඛණ්ඩව පහළට පැමිණියා. පියා, භාරත ජනතාවට විස්තර කරයි, මා පැමිණෙන්නේ භාරතයේ පමණයි. භාරතයේ ජනයා ඔහුව සිහි කර, පැමිණ ඔවුන්ව පිවිතුරු කරන ලෙස, ඔහුට කන්නලව් කරති ශරීරයක් ගෙන, අපට උසස් ක්‍රියා සිදු කරන අන්දම කියා දෙන්න. ඔහු ගන්නා ශරීරය, සිහි කෙරෙයි එයට ’භාග්‍යවන්ත රථය’ යැයි කියයි. පියා පවසන්නේ මම සාමාන්‍ය සිරුරකට ඇතුළු වෙමි. මා පෙරද ඔබට මෙය පැවසුවා. වසර 5000කට පෙර, බාබා අපට මෙම දේවල්, ඒ අන්දමින්ම පැවසූ බව, ඔය දරුවන්ට දැන් සිහි වී තිබේ. වෙනත් කිසිවෙකුට අපට මෙම දේවල් පැවසිය නොහැක. මෙසේ පවසන්නේ පියා පමණයි වසර 5000කට පෙරද මා මෙම ශරීරය තුළට ඇතුළු වී, ඔබට විස්තර කර දුන්නා. දැන් මා නැවත වරක් ඔය දරුවන්ට පවසන්නේ ජීව අවධානයට පත් වන්න! නාටකයක නළුවන්, තමන් ඇඳිය යුතු වස්ත්‍ර මොනවාද, එමෙන්ම ඔවුන් රඟපෑ යුත්තේ කුමන චරිත කොටස්ද, කියා දන්නවා. කෙසේවෙතත්, ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙනි. මෙය අසීමිත කාරණාවකි. ජීවාත්ම අවධානයට පත් වන්න! මා පළමුව ජීවාත්මයක්. මගේ චරිත කොටස දැන් අවසන් වනවා. පියා පෞද්ගලිකවම ඔබ ඉදිරියේ අසුන්ගෙන, සෑම දෙයක්ම ඔබට පහදා දෙයි. මෙය අමතක නොකරන්න. මායා බොහෝ බාධා ගෙන එයි! පියා විස්තර කරයි ඔබ කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකළ යුතුයි. සිතට කුණාටු පැමිණෙනවා. ඔබ තමන් පරීක‍්ෂා කළ යුතුයි මගේ භෞතික ඉන්ද්‍රියන් දඟකාරකම් කරනවාද? මට රාගය පරාජය කළ හැකිද? ඔබට මෙය ඉතා පහසුයි. අප ජීවාත්මයි, එකම පියාගේ දරුවන්ය. ඔබ පියා සමඟ යෝගාවේ සිටිය යුතුයි. භෞතික ඉන්ද්‍රියන් දඟ කරන විට, එයත් ශරීර අවධානයයි. කිසි කෙනෙකුට බිය නොවන්න. නිර්භීත වන්න. ඔබ කොහේ ගියත්, නොබැඳි නිරීක‍්ෂකයෙක් වන්න. ’මා ජීවාත්මයක්.’ ඔබ දැන් මුළු නාටකය ගැනම දැනුවත් වී සිටියි. ඔහු, උසස්ම-උසස් පියා බව, ඔබගේ බුද්ධිය තුළට ඇතුළු වී ඇත. ඔහු තිතක් බව කියැවේ. අශාරීරික ලෝකයේ, ජීවයන්ගේ වෘක‍්ෂය තිබේ. බීජයකින් ගසක් මතුවී, ඉන්පසුව අංක පිළිවෙලට පත්‍ර මතු වෙයි. මෙහිද එසේමය. ජීවාත්ම, උඩ ඉහළ සිට, අංක පිළිවෙලට දිගටම පහළට පැමිණෙයි. ජීවයක් සිරුරක් තුළට ඇතුළු වන හෝ පිටවන අන්දම, කිසිම කෙනෙකුට දැක ගත නොහැක. ඔය ජීවාත්ම, අපවිත්‍ර වී ඇත. එබැවින් ඔබ තමන්ව පිවිතුරු කරගන්න! පියා මෙහි අසුන්ගෙන, ඔබට මෙම කෙනාගේ මාර්ගයෙන් විස්තර කරයි. ඔහු, භෞතික ඉන්ද්‍රීයන් තුළින් කතා කළ යුතුයි. කුඩා තිතක් වන ජීවාත්මය, ශරීරය තුළ නොසිටියේ නම්, භෞතික ඉන්ද්‍රියන් වලට කිසි දෙයක් කර කියා ගත නොහැකි වනු ඇත. මෙතරම් කුඩා ජීවයක්, බොහෝ බලසම්පන්නයි! ජීවය තුළ සියලුම ඥානය තිබේ. පියා ඥාන මහා සාගරය වන අතර, ඔහු මෙහි අසුන්ගෙන ඔබට විස්තර කරයි. ඔහුට සියලුම ඥානය තිබේ. ඔහුගේ මෙම චරිත කොටස නියම වී තිබේ. ඔය ජීවයන්ට උපත් 84ක චරිත කොටස් තිබේ. ඔබ, ඔබගේ සතුටෙහි සහ දුකෙහි චරිත රඟපායි. දුක් කාලයේදී, ඔබට බොහෝ අපහසුතාවයන් තිබේ. පියා පවසන්නේ මම පුනර්භව නොගනිමි. ඔබ උපත් 84ක් ගන්නා නමුත් මා එසේ නොගනිමි. මා පැමිණ, ඔය දරුවන්ට පිවිතුරු වීම සඳහා, මාව සිහිපත් කිරීමට පහසු මඟක් ලබා දෙනවා. ඔබ චක්‍රයෙන් භාගයක් රාගයේ කොතේ අසුන්ගෙන, තමෝප්‍රධාන් වී සිටියි. පියා කතා කරන්නේ, ජීවාත්මයන්ට පමණයි. ජීවයකගේ ඉන්ද්‍රියන්, මුලදි කුඩා වන අතර, පසුව ඒවා වැඩෙයි. ජීවාත්මයක්, කුඩා හෝ විශාල වන්නේ නැත. ජීව පවසන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි වඩිනු මැන! පියාට කන්නලව් කරන්නේ ජීවාත්මයි. පියා පවසන්නේ ඔය අපවිත්‍ර අයව පිවිතුරු කිරීමට, මා සෑම චක්‍රයකදීම පැමිණෙනවා. ජීව පැමිණ, පිටව යන්නේ කෙසේද කියා ඔබට දැන් වැටහෙයි. ජීවයක් තම සිරුරින් පිටව යන අන්දම දැක ගැනීමට, මිනිසුන් බොහෝ වෙහෙසන නමුත්, ජීවාත්ම ඉතාම සූක‍්ෂම බැවින්, කිසිම කෙනෙකුට මෙය දැනගත නොහැක. මෙතරම් කුඩා ජීවයකට, මෙතරම් විශාල චරිත කොටසක් තිබේ! බීජයකට, සියලුම දැනුම තිබේ. එය අජීවී බීජයකි. නුග ගසක බීජය, ඉතා කුඩා නමුත්, ඉන් මතුවන ගස, කෙතරම් විශාල සහ උසද කියා බලන්න! කල්කටාවේ තිබෙන නුග ගස, ඔබගෙන් බොහෝ දෙනෙක් දැක ඇති. එය ඉතා විශාල ගසකි. එහි මුළු අත්තිවාරමම දිරාපත් වී ඇති නමුත් තවමත් ගස ඍජුව තිබේ. මෙහිද එය එසේමයි. දේවතා ධර්මයේ අත්තිවාරම නැත. එය දැන්, මෙම ගසේද, සම්පූර්ණ දිරාපත් තත්ත්වයයි. ඔබත් මෙය දන්නා අතර, මෙතරම් කාලයක් ඇතුලත, ඔබ අනිවාර්යෙන්ම ලෝකය පිවිතුරු කර, සෑම කෙනෙකුටම පෙන්වන බව, ඔබ රජයට පවසන්නේ මේ නිසාය. මිනිසුන්ට මෙම දේවල් වැටහෙන්නේ නැත. ඔබ නැවතත් භාරතය නියත වශයෙන්ම ශ්‍රේෂ්ඨත්වයට පත්කරවන බවට ඔබ තුළ විශ්වාසයක් තිබේ, මන්ද, එවිට පමණයි දූෂිත ලෝකය විනාශ වන්නේ. සෑම කෙනෙකුටම අවශ්‍ය, සාමය තිබීමටයි. ජීවාත්ම, තම චරිත කොටස් රඟපෑමෙන් වෙහෙසට පත් වී ඇත, ඔවුන් මෙසේ කන්නලව් කරන්නේ මේ නිසාය අහෝ සාමය ලබා දෙන්නාණෙනි! ජීවයක් සාමයේ ප්‍රතිමූර්තියක් බව, ඔවුන්ට වැටහෙන්නේ නැත. කෙසේවෙතත්, ජීව, නියත වශයෙන්ම මෙහිදී ඔවුන්ගේ සිරුරු තුළින් ක්‍රියා සිදු කළ යුතුයි. ඔවුන් පවසන්නේ අපට සාමය ලබා දෙන්න! සාම දේශය, සතුටු දේශයෙන් වෙනස් බව, කිසි කෙනෙක් නොදනී. සතුටු දේශයේ සිටින්නේ මනුෂ්‍යයන් ඉතාමත්ම ටික දෙනෙකි. එය පිවිතුරු ලෝකයයි. එහි කිසිවෙකු සාමය අයදින්නේ නැත. ඔවුන් එහිදීද ක්‍රියා සිදු කරන නමුත්, එහි කිසිම අසාමයක් නැත. ජීවන-මුක්තියේ දේශය, සාම දේශයෙන් වෙන්ව පවති. ස්වර්ණමය යුගයේ, ජීවමාන ජීවයන්ට, සතුට මෙන්ම සාමයද තිබේ. ඔවුන් සදා නිරෝගි මෙන්ම සදා ධනවත්ව සිටියි. දිව්‍ය ලෝකය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද කියා, ඔබ දැන් දන්නවා. දිව්‍ය ලෝකය යනු කුමක්ද කියා, ලෝකයේ කිසිම කෙනෙක් නොදනී. මෙම ලක‍්ෂ්මි සහ නාරායන, මගේ දරුවන්ය. මෙම දරුවන්ට සතුට ලබා දුන්නේ කවුද? ඔවුන්ට සතුට දුන් යමෙක් සිටින්නට ඇති. ඔවුන්ගේ රාජධානිය නැවත පැමිණෙනවාද? දිව්‍ය ලෝකය, නියත වශයෙන්ම නැවතත් ඒ අන්දමින්ම පවති. ඔබ දිව්‍ය ලෝකයේ සිටින විට, අපාය නැවත ඒ අන්දමින්ම සිදුවන බව, ඔබ නොකියනු ඇත. ඔබ දැන් පවසන්නේ, පාරිශුද්ධත්වය, සාමය සහ සතුට ඇති නව ලෝකය, නැවතත් ඒ ආකාරයෙන්ම පවතින බවයි. මෙය දුක් දේශයේ පැරණි ලෝකයයි. එයට කලි යුගය යැයි කියයි. නව ලෝකය තිබුණි. එයට දිව්‍ය ලෝකය යැයි කියයි. මෙම ඥානය ඔබගේ බුද්ධිය තුළ තිබේ. අපි සැබවින්ම නැවත වරක් දේවතාවන් වනවා. ඔබගේ අරමුණ සහ ඉලක්කය මෙයයි. අපි නැවත වරක් දිව්‍ය ලෝකයේ රාජධානිය හිමි කරගන්නවා. අපි නියත වශයෙන්ම අසීමිත පියාගෙන් අපගේ දායාදය හිමි කරගන්නවා. මෙය ඉතා හොඳින් මතක තබා ගන්න! ජීවාත්ම වන අප එහි වාසය කරන අතර, ඉන්පසුව අපගේ චරිත කොටස් රඟපෑම සඳහා, අපි මෙහි පහළට පැමිණෙනවා. අප උපත් 84ක් ගන්නා අන්දම ගැන දැන් අපට සිහි වී තිබේ. බ්‍රහ්මගේ මුඛයෙන් උපන් නිර්මාණය වන ඔය බ්‍රහ්මණයන්හට, පියා විස්තර කරයි. ඔබ බ්‍රහ්මණයෙක් නොවී එමෙන්ම ප්‍රජාපිතා බ්‍රහ්මගේ දරුවෙක් නොවී, ඔබ ශිව බාබාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නේ කෙසේද? ප්‍රජාපිතා බ්‍රහ්ම ඉතා සුප්‍රසිද්ධයි. නව ලෝකයේ ස්ථාපනය සිදුකරන්නේ බ්‍රහ්මගේ මාර්ගයෙනි. එබැවින් ඔවුන්ට නියත වශයෙන්ම නව ලෝකයේ රාජධානිය හිමි වන්නට ඇති. විෂ්ණු ගේ දේශය, බ්‍රහ්මගේ මාර්ගයෙන් වසර 5000කට පෙර ස්ථාපනය කරන ලදි. එය දැන් නැවත වරක් සිදුවෙයි. ඔබ ඒ සඳහා සූදානම් වනවා. සමහර දරුවන් විමසන්නේ අපි සැලකිය යුත්තේ, වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ නාටකයද, එසේත් නැත්නම් අපගේ උත්සාහයන්ද? ඔබ අනිවාර්යෙන්ම උත්සාහ දැරිය යුතු බව විස්තර කර දී තිබේ. ඔබ උත්සාහ දරන්නේ නැතිව, ඔබගේ ප්‍රතිලාභය ලබාගන්නේ කෙසේද? සම්පූර්ණ උත්සාහ දැරිය යුතුයි. කෙනෙකුගේ උත්සාහයන් ඉතා හොඳ වන විට, නාටකයට අනුව, ඔහුගේ උත්සාහයන් ඉතා හොඳ බවත්, එබැවින් ඔහුට හොඳ තත්ත්වයක් හිමිවනු ඇති බවත් කියයි ඔහුගේ උත්සාහයන් බොහෝ තීව්‍රයි. කෙසේවෙතත්, ගමන් කරන අතර, ඇතැම් අයගේ තත්ත්වය අඩුවෙයි. අහවල් කෙනා ඉතා හොඳින් ඉදිරියට ගිය නමුත්, මේ දිනවල නොපැමිණෙන බව, බ්‍රහ්මණ ගුරුවරුන් මෙන්ම බ්‍රහ්මණ ගුරුවරුන් වෙතට පැමිණෙන අයද දන්නවා. ඇතමුන් පවසන්නේ මේ දේ මගේ බුද්ධිය තුළ සනිටුහන් නොවන්නේ මන්ද කියා මා නොදනී. මට බාබාව කොහෙත්ම සිහි කිරීමට නොහැක! මට තව දුරටත් මේ අන්දමින් යා නොහැක! ගමනානත්ය බොහෝ ඉහලයි! ඔවුන් එවන් දේ ලියයි. ප්‍රධානතම දේ වන්නේ පාපයන්ගෙන් දුරු වීමයි. පාපයන් අත්හැරීම ඉතා අපහසුයි. නාටකයට අනුව, ඔහුගේ ස්ථීතිය, පෙර චක්‍රයේ සිදුවුණු එම ආකාරයෙන්ම දිගටම පැවතෙන බව, ඔබ දන්නවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නොබැඳී නිරීක‍්ෂකයෙක් ලෙසින් මෙම නාටකය දෙස බලන්න. කිසිම කෙනෙකුට බිය නොවන්න. නිර්භීත වීම සඳහා ‘මා ජීවාත්මයක්’ යන පාඩම ස්ථීර කරගන්න.

2. ඔබගේ කිසිම භෞතික ඉන්ද්‍රියක් දඟකම් නොකරන්නේද කියා, තමන්ව පරීක‍්ෂාකර බලන්න. මා රාගය නමැති පාපය ජයගෙන තිබේද? මා කොතෙක් දුරට ජීව අවධානයට පත් වී ඇත්ද?

වරදානය:
ඔබ එකම එක පරම පියාගේ අවධානය ඇති කර ගැනීමෙන් සැබෑ සුහාග් (සැමියෙකු ලැබීමේ වාසනාව) අත්විඳින වාසනාවන්ත ජීවාත්මයක් වේවා.

අන් අයගේ වචන අසන නමුත් නොඇසෙන, වෙනත් ජීවාත්ම පිළිබඳ කිසිදු අවධානයක් තම සිතුවිලි හෝ සිහින තුළට නොගන්නා, එනම්, කිසිදු ශාරීරික ජීවියෙකුට යටත් නොවන, සහ එකම පියාට පමණක් අයත් වීම පිළිබඳ අවධානය ඇති අය, අවිනාශ් සුහාග්ගේ තිලක් ඔවුන් මත තබා ගනී. සැබෑ සුහාග් ඇති අය පමණක් වාසනාවන්තයින් වේ.

පාඨය:
ඔබේ අවධිය උසස් කර ගැනීම සඳහා, ඔබ බාහිරකරණයට යාමට පෙර අභ්‍යන්තරික වන්න.

අව්‍යක්ත සංඥාව: ගිනි කන්දක් වැනි මනෝ ස්ථිතියක රැඳී සිට බලවත් ස්මරණයක් අත්විඳින්න.

ඔබ යමක් ගින්නකට දැමූ විට, එහි නම, ස්වරූපය සහ ගුණාත්මකභාවය වෙනස් වේ. එලෙසම, ඔබ පරම පියාගේ ස්මරණයෙ ගින්නට ඔබව යොමු කරන විට, ඔබ පරිවර්තනය වේ. මිනිසුන්ගෙන් ඔබ බ්‍රහ්මණයන් බවට පත්වන අතර බ්‍රහ්මණයන්ගෙන් සුරදූතයන් බවට පත්වන අතර, ඔවුන් පසුව දේවතාවන් වේ. මෙම සෙනහසේ ගින්න තුළ එවැනි පරිවර්තනයක් සිදුවන අතර, තමා පිළිබඳ කිසිදු අවධානයක් ඉතිරි නොවන අතර, මේ නිසා මෙම ස්මරණය ගිනි කන්දක ස්වරූපයක් යැයි කියනු ලැබේ.