11.09.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ මුළු ලෝකයාගේම සැබෑ මිතුරන්ය; ඔබට කිසිවෙකු සමඟ වෛරයක් නොතිබිය යුතුයි.
ප්රශ්නය:
ඔබ
ආධ්‍යාත්මික මිලිටරියයි. පරම පියා ඔබට ලබා දී ඇති, ඔබ ප්‍රායෝගික කළ යුතු උපදේශය
කුමක්ද?
පිළිතුර:
ඔබට මෙම උපදේශය ලබා දී තිබේ : සෑම විටෙකම ඔබගේ බැජය පැළඳගෙන සිටින්න. ඕනෑම කෙනෙක්
ඔබගෙන් එය කුමක්ද කියා හෝ ඔබ කවුරුන්ද කියා විමසූ විට ඔහුට කියන්න අපි, මුළු ලෝකයේම
රාග ගින්න නිවා දමන ගිණි නිවන හමුදාවයි. මෙකල, මුළු ලෝකයම රාග ගින්නෙන් දැවෙමින්
පවතී. අප සෑම කෙනෙකුටම මෙම පණිවිඩය ලබා : දැන් පිවිතුරු වී දිව්‍යමය ගුණධර්ම ධාරණය
කරගන්න, එවිට ඔබගේ ඔරුව එතෙරට යනු ඇත.
ඕම් ශාන්ති.
සුමිහිරි,
ආධ්‍යාත්මික දරුවන් පහසු සිහිපත් කිරීමේ අසුන් ගෙන සිටිනවා. සමහරුන්ට මෙය අපහසුයි.
ඔවුන් බොහෝ දැඩි හෝ විදිමත් ආකාරයකින් අසුන් ගත යුතු බව සිතන නිසා, බොහෝ දෙනෙක්
ව්‍යාකූලත්වයට පත්ව ඇත. පරම පියා පවසන්නේ එවැනි කිසිවක් මෙහි නැත. ඔබට කැමති
ආකාරයකට ඔබට අසුන් ගත හැක ඔබ කළ යුත්තේ පරම පියාව සිහි කිරීම පමණයි. මෙහි
අපහසුතාවයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. හත යෝගීන්, ඉතා දැඩි ඉරියව්වකින්, එක් පාදයක්
අනෙක මත හරස් කොට තබා අසුන් ගනී. මෙහි, පරම පියා පවසන්නේ, ඔබට සුව පහසුවෙන් අසුන්
ගන්නා ලෙසටයි. පරම පියාව සහ උපත් 84 හි චක්‍රය සිහි කරන්න. මෙය පහසු සිහිපත්
කිරීමය. අසුන් ගෙන සිටින විට සහ ඇවිදින විට, මෙය ඔබගේ බුද්ධියේ රැඳී තිබිය යුතුයි.
මේ කුඩා දරුවා ඔහුගේ පියා අසල අසුන් ගෙන සිටින විට, ඔහුගේ අවධානයේ ඇත්තේ ඔහුගේ
දෙමාපියන් පමණක් වන ලෙසින්ම, ඔබත් දරුවන්ය, එබැවින් පරම පියාව සිහිපත් කිරීම
පහසුයි. අපි බාබාගේ දරුවන්. අප පැමිණ සිටින්නේ බාබාගෙන් අපගේ උරුමය හිමි
කරගැනීමටයි. ඔබගේ පවුලේ අය සමඟ නිවෙස් වල ජීවත් වෙමින් ඔබගේ ජීවිකාව වෙනුවෙන් දිගටම
වැඩ කළ හැක, නමුත් ඔබගේ බුද්ධියෙන් අන් අයගේ සිහිපත් කිරීම ඉවත් කරගන්න, එපමණයි.
ඔබගෙන් ඇතැම් අය හනුමාන්ව සිහි කළ අතර තවත් අය තාපසයන් ආදිය සිහි කරමින් සිටියා. එම
සිහිපත් කිරීම අමතක කර දැමිය යුතුයි. සෑම කෙනෙක්ම කවුරුන් හෝ සිහි කරයි.
වන්දනාකරුවන් දේවාල වලට යන්නේ ඔවුන්ගේ වැඳුම් පිදුම් සිදු කිරීමටයි. මෙහි, කොහෙවත්
යාමට අවශ්‍ය නැත. ඔබට මුණගැසෙන ඕනෑම කෙනෙකුට කියන්න ශිව බාබා පවසන්නේ ඒකායන පියා වන
මා සිහිපත් කරන්න. ශිව බාබා අශාරීරිකයි. ඔහු අනිවාර්යෙන්ම මෙසේ පැවසීමට භෞතික ලෝකයට
පැමිණිය යුතුයි නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න! පාරිශුද්ධකරු මමයි. මෙම වචනය
නිවැරදියි. ශිව බාබා පවසන්නේ මා සිහි කරන්න. ඔබ සෑම කෙනෙක්ම අපවිත්‍රයි. මෙය
අපවිත්‍ර සහ තමෝප්‍රධාන් ලෝකයයි. මේ නිසයි බාබා පවසන්නේ කිසිම ශාරීරික ජීවයක්ව සිහි
නොකරන්න. මෙහිදි කිසිම ගුරු කෙනෙක් යනාදීන්, වර්ණනා නොකරන එක, හොඳ දෙයක් නොවේද? පරම
පියා පවසන්නේ මාව සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් කැපී යාවි, එපමණයි. මෙය යෝගා
ගින්නේ බලයයි. ගීතාවේ දෙවියන්, අශාරීරික කෙනා බව ඔහු කියන විට, අසීමිත පියා පවසන්නේ
සත්‍යය නොවේද? ක්‍රිෂ්ණා මෙය වීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. පරමාත්ම දෙවියන් පවසන්නේ
මා පමණක් සිහිපත් කරන්න, එපමණයි! වෙන කිසිම ක්‍රමයක් නැත. පාරිශුද්ධව ඔබ නිවසට ආපසු
යෑමෙන්, ඔබ උසස් තත්ත්වයක් හිමි කර ගනී. එසේ නැත්නම්, ඔබගේ තත්ත්වය අඩු වනු ඇත. මා
ඔබට පරම පියාගේ පණිවුඩය දෙන්නෙමි මම දුතයෙක්මි. මෙය විස්තර කිරීම අපහසු නොවෙයි. ඔබ
මෙහි වාසය කළත්, ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කළත්, ස්ත්‍රීන්, ගල් බුද්ධි ඇත්තන්,
කුදීන් ආදීන්ටත් උසස් තත්ත්වයක් හිමි කර ගත හැක. මෙහි වාසය කරන අය, වැඩිපුර සිහිපත්
කිරීමේ සිටිනවා නොවෙයි. බාබා පවසන්නේ පිටත ජීවත් වන අයටත් බොහෝ සේ සිහිපත් කිරීමේ
සිට, බොහෝ සේවය කළ හැක. සමහරු මෙහි පැමිණ පරම පියාගෙන් නැවුම් වී, ඉන්පසු ආපසු
නිවසට යයි. එබැවින් ඔවුන්ගේ ඇතුලාන්තයේ බොහෝ සතුට තිබිය යුතුයි. මෙම කිලිටි ලෝකය
තිබෙන්නේ තව දින කිහිපයක් පමණයි, ඉන්පසුව අපි ක්‍රිෂ්ණා ගේ දේශයට යනවා. ක්‍රිෂ්ණාගේ
දේවාලයටද සතුටු දේශය (සුක්දාම්) යැයි කියයි. එබැවින් ඔය දරුවන් දැන් අසීමිත පියාට
අයත් බැවින් ඔබ අසීමිත සතුට අත්විඳිය යුතුයි. ඔබව දිව්‍ය ලෝකයයේ අධිපතියන් බවට පත්
කරවනු ලැබුවා. ඔබ මෙසේද කියයි බාබා, මට ඔබව වසර 5000 කට පෙර හමු වූ අතර මට නැවතත්
ඔබව හමුවනු ඇත. ඔබ පරම පියාව සිහි කිරීමෙන් මායා ජය ගත යුතුයි. තව දුරටත් මෙම දුක්
දේශයේ සිටින්නට ඔබට අකැමැත්තක් තිබේ. ඔබ ඉගෙනගන්නේ සතුටු දේශයට යාමටයි. සෑම කෙනෙක්ම
ඇගේ හෝ ඔහුගේ ගිණුම් පියවා, ඉන්පසු ආපසු නිවසට යා යුතුයි. මා පැමිණ ඇත්තේ නව ලෝකය
ස්ථාපිත කිරීමටයි. ඉතිරි ජීවාත්ම සියල්ලම ගොස් මුක්ති දේශයේ සිටිවි. පරම පියා
පවසන්නේ මා සියලු මරණයන්ගේ මරණයයි. මා සියලුම ජීවාත්මයන්ව ඔවුන්ගේ සිරුරු වලින්
නිදහස් කර, මා සමඟ ඔවුන් සියල්ලම ආපසු නිවහනට රැගෙන යන්නෙමි. ඔවුන් මෙහි ජීවත් වීමට
අකමැති නිසා, සෑම කෙනෙක්ම ආපසු යෑමට ඉල්ලයි. මෙය පැරණි ලෝකයක් සහ පැරණි ශරීරයකි.
පරම පියා දැන් පවසන්නේ මා සෑම කෙනෙක්ම මා සමඟ ආපසු ගෙන යන්නෙමි. මා කිසිම කෙනෙක්
දමා යන්නේ නැහැ. ඔබ සෑම කෙනෙක්ම මට අඬගැසුවා ඕ පාරිශුද්ධකරුවාණෙනි, එන්න! ඔවුන්
දිගටම මා සිහි කරන නමුත් මිනිසුන්ට එහි අරුත වැටහෙන්නේ නැත. ඔවුන් පාරිශුද්ධකරුවාගේ
නම ජප කරන්නේ, රිදී යුගයේ ක්ෂත්රීය වංශයට අයත් රාම රජු ගැන සිතමිනි. ශිව බාබා රජ
කෙනෙක් වන්නේ නැති අතර රාජධානියක් පාලනය කරන්නේද නැත. ඔහුට ’රාම රජු‘ යැයි ඇමතීම
වැරදියි. ඔවුන් නවගුණ වැලක පබුළු කරකවන විට, රාමාගේ නම කියයි. ඔවුන් පරමාත්ම
දෙවියන්ව සිහි කරන්නේ එහෙමයි. පරමාත්ම දෙවියන් යනු ශිවාය. මනුෂ්‍යයින් ඔහුට බොහෝ
නම් දී තිබේ. ඔවුන් ක්රිෂ්ණාවද බොහෝ නම් වලින් අමතයි ’ශ්‍යාම් සුන්දර්‘,
’වයිකුන්තනාථ‘ (පාරාදීසියේ ස්වාමියා) , ’මක්හන් චෝර්‘ (වෙඬරු සොරා ගත් කෙනා) ආදිය.
ක්‍රිෂ්ණා වෙඬරු සොරා ගත් කෙනෙක් කියා ඔබ කියයිද? කොහොමටත් නැහැ! පරමාත්ම දෙවියන්
අශාරීරික බව ඔබට දැන් වැටහෙනවා. කිසිම ශාරීරික ජීවයක්, දෙවියන් විය නොහැක. බ්‍රහ්ම,
විෂ්ණු සහ ශංකර්ට පවා පරමාත්ම දෙවියන් යැයි කිව නොහැකි නම්, මනුෂ්‍යයින් තමන්
දෙවියන් බව කියාගන්නේ කෙසේද? පරම පියාගේ 108 ජයග්‍රාහී මාලාව සිහි කෙරෙයි. දිව්‍ය
ලෝකය ස්ථාපිත කළේ ශිව බාබාය. එම දිව්‍ය ලෝකයයේ අධිපතියන් වූයේ ඔවුන්ය (ලක්ෂ්මි සහ
නාරායන). ඔවුන් අනිවාර්යෙන්ම ඊට පෙර ඒ සඳහා උත්සාහ දරන්න ඇති. කලි යුගයේ අවසානය සහ
ස්වර්ණමය යුගයේ ආරම්භය අතර ඇති එයට, සංගම යුගය යැයි කියයි. එය චක්රවල සංගමයයි.
කෙසේවෙතත්, ඒ මිනිසුන් එවිට සෑම යුගයකම සංගමයක් ගැන පැවසූහ. ඔහුට අවතරණයක් කියා
ඇමතූ බව ඔවුන්ට අමතකව ගොස්, ඔහු වැලි කැට, ගල් සහ සෑම දුවිලි අංශුවකම සිටින බව
පැවසූහ. එයද නාටකයේ තිබේ. අතීතය බවට පත්වන ඕනෑම දෙයකට, නාටකය යැයි කියයි. කෙනෙක්
සමඟ දබර වීමෙන් පසුව, එය අතීතය බවට පත් වෙයි. එබැවින් ඒ ගැන නොසිතිය යුතුයි. අච්චා,
කෙනෙක් යම් යම් දේවල් කීවේ නම්, එය නිකම්ම අමතක කර දමන්න. ඔහු පෙර චක්‍රයේද ඒ දේම
පැවසුවා. ඔබ එය සිහි කරන්නේ නම්, ඔබ දිගටම සිත් පීඩාවට පත්වනවා. ඒ ගැන නැවත කතා
කරන්නවත් එපා. ඔය දරුවන් සේවය කළ යුතුයි නේද? සේවයට කිසිම බාධකයක් නොතිබිය යුතුයි.
ඔබ සේවයේදී කිසිම දුර්වලතාවයක් නොපෙන්විය යුතුයි. එය ශිව බාබාගේ සේවය නොවේද? ඔබ
කිසිම විටෙක එය ප්‍රතික්ෂේප නොකළ යුතුයි. එසේ නොමැති නම් ඔබ තමන්ගේම තත්ත්වය විනාශ
කර දමයි. ඔබ පරම පියාගේ උදව්කරුවන් බවට පත් වී ඇත. එබැවින් ඔබ, ඔහුට සම්පූර්ණ උපකාර
ලබා දිය යුතුයි. ඔහුගේ සේවය කිරීමේදී ඔබ සුළුවෙන්වත් පරම පියාව මුලා නොකළ යුතුයි.
සෑම කෙනෙකුටම පණිවිඩය ලබා දිය යුතුයි. පරම පියා දිගින් දිගටම පවසන්නේ මිනිසුන් එය
දකින විට, ඔවුන්ට එහි ඇතුලට යාමට ආකර්ෂණයක් ඇති වී, ඒ අනුව ඔවුන් පැමිණ වටහාගන්නා
අන්දමේ, එවන් නමක්, කලාගාරයට ලබා දෙන්න. මෙය යම් අළුත් දෙයක් වන අතර, මිනිසුන්
අළුත් දෙයක් දුටු විට ඔවුන් වහාම ඇතුළු වනවා. මෙකල, මිනිසුන් විදේශයන් සිට භාරතයේ
ඉපැරණි යෝගාව හැදෑරීමට පැමිණෙයි. ඉපැරණි යනු සියල්ලටම වඩා පැරණි. එසේ විය හැක්කේ,
වසර 5000 කට පෙර පරමාත්ම දෙවියන් කියා දුන් යෝගාව පමණයි. ස්වර්ණමය සහ රිදී
යුගයන්හිදී යෝගාව නැත. ඔබට ඉගැන්වූ කෙනා පිටව ගියා. ඔහු නැවතත් වසර 5000 කට පසුව
පැමිණෙන විට පමණයි, රාජ යෝගාව උගන්වන්නේ. ’ඉපැරණි‘ යනු, පරමාත්ම දෙවියන් එය
ඉගැන්වූ, වසර 5000 කට පෙරය. එම පරමාත්ම දෙවියන්ම ඉන්පසුව නැවත වරක්, එය තුළින් ඔබට
පාරිශුද්ධ විය හැකි රාජයෝගාව, සංගම යුගයෙදී පැමිණ ඔබට උගන්වයි. මෙකල පංච මහා
භූතයින්ද අපවිත්‍රයි. ජලය පවා බොහෝ හානි සිදු කරයි. පැරණි ලෝකයේ ව්‍යසන දිගින්
දිගටම සිදුවෙයි. ස්වර්ණමය යුගයේ, ව්‍යසන පිළිබඳ ප්‍රශ්නයක් නැත. එහිදී ස්වභාව ධර්මය
ඔබගේ සේවකයා වෙයි. මෙහි, ස්වභාව ධර්මයා ඔබගේ සතුරා බවට පත් වී දුක ගෙන දෙයි.
ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානියේ දුක පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැත. එය ස්වර්ණමය
යුගය, සත්‍යයේ යුගය විය. එය දැන් නැවත වරක් ස්ථාපනය වනවා. පරම පියා ඔබට දැන්
රාජයෝගාව උගන්වන අතර ඔහු එය නැවත වරක් වසර 5000 කට පසුව ඔබට උගන්වයි. කෙනෙකුට කුමන
හෝ චරිත කොටසක් තිබේද, ඔහු නැවත වරක් එම චරිත කොටසම රඟපානු ඇත. අසීමිත පියාද ඔහුගේ
චරිත කොටස රඟපානවා. පරම පියා පවසන්නේ මා මෙම කෙනා තුළට ඇතුළු වී, ස්ථාපනය සිදු කර,
ආපසු නිවහනට යමි. අසරණ බවේ විලාප වලට පසුව, ජයග්‍රහණයේ හඬ ඇතිවෙයි. පැරණි ලෝකය
විනාශ වෙයි. එය ලක්ෂ්මි සහ නාරායනගේ කාලය වූ විට, පැරණි ලෝකය පැවතුණේ නැත. එය වසර
5000 කට පෙර පිළිබඳ කාරණාවක්. එය වසර සිය දහස් ගණනක් විය නොහැක. පරම පියා පවසන්නේ
තමන්ට යහපතක් සිදු කර ගැනීම සඳහා, අන් සෑම දෙයක්ම අමතක කර දමා, මෙම සේවයේ
නියැලෙන්න. සිත නරක් කරගෙන, ඉන්පසුව ඔබ කරන සේවයේදී වංචා නොකරන්න. මෙය පරමාත්ම
දෙවියන්ගේ සේවයයි. මායාගේ බොහෝ කුණාටු ඇතිවෙයි, නමුත් පරමාත්ම දෙවියන් එනම්, පරම
පියාගේ සේවයේදී කිසි කෙනෙකුට වංචා නොකරන්න. සේවය වෙනුවෙන් පරම පියා දිගින් දිගටම
ඔබට උපදෙස් ලබා දෙයි. පැමිණෙන ඕනෑම කෙනෙකුගේ, ඔබගේ නෑ හිත මිතුරන්ගේ පවා, සැබෑ
මිතුරන් ඔබයි. බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබ, පරම පියාගේ උදව්කරුවන් බැවින්, ඔබ මුළු
ලෝකයාගේම මිතුරන්ය. මිතුරන් අතරේ කිසිම අමනාපකමක් නොතිබිය යුතුයි. යමක් සිදුවුවහොත්
මෙපමණක් කියන්න ශිව බාබාව සිහි කරන්න. පරම පියාගේ ශ්‍රීමත් පිළිපැදීමේ තමන්ව කාර්ය
බහුල කරගන්න. එසේ නැත්නම් ඔබ තමන්ට පාඩුවක් සිදුකරගනී. ඔබ දුම්රියෙන් මෙහි පැමිණෙන
විට, ඔබ සියල්ලන්ම නිදහස්ය. ඔබට සේවය කිරීමට හොඳ අවස්ථාවක් තිබේ. බැජය ඉතා හොඳ
දෙයකි. ඔබ සෑම කෙනෙක්ම එය අනිවාර්යෙන්ම පැළඳිය යුතුයි. ඔබ කවුරුන්ද කියා යමෙක්
විමසූ විට, ඔහුට කියන්න අපි ගිණි නිවන හමුදාවයි. එම ගිණි නිවන හමුදාව ගින්දර නිවා
දමයි. මුළු ලෝකයම දැන් රාග ගින්නේ දැවෙමින් තිබෙයි. පරම පියා දැන් පවසන්නේ විශාලතම
සතුරා වන රාගය, දැන් පරාජය කරන්න! පරම පියාව සිහිපත් කර, පිවිතුරු වන්න. දිව්‍යමය
ගුණදම් ධාරණය කරගන්න, එවිට ඔබගේ ඔරුව එතෙර වනු ඇත. මෙම බැජ් නිර්මාණය කර තිබෙන්නේ
ශ්‍රීමත් වලට අනුවයි. ඔවුන්ගේ බැජය භාවිත කර සේවය කරන්නේ දරුවන්ගෙන් ඉතාමත්ම සුළු
කොටසකි. බාබා ඔබට මුරලි වල බොහෝ වාර ගණනක් විස්තර කරයි. සෑම බ්රහ්මණයෙකුටම බැජයක්
තිබිය යුතුයි. ඔබට මුණ ගැසෙන ඕනෑම කෙනකුට, බැජය විස්තර කර දෙන්න මේ බාබාය. ඔබ ඔහු
සිහිපත් කළ යුතුයි. අප ශාරීරික කෙනාව ප්‍රශංසා කරන්නේ නැහැ. සියල්ලන්ටම විමුක්තිය
පිරිනමන්නේ ඒකායන අශාරීරික පියා පමණක් වන අතර, සිහි කළ යුත්තේ ඔහුවයි. එවිට යෝගා
බලයෙන් ඔබගේ පාපයන් කැපී ගොස් එවිට ඔබගේ අවසන් සිතිවිලි ඔබගේ ගමනාන්තය කරා ඔබව
රැගෙන යනු ඇත. එවිට ඔබ දුක් දේශයෙන් නිදහස් වී, විෂ්ණුගේ දේශයට යනු ඇත. මෙය ඉතාම
හොඳ පුවතකි! ඔබට ඔවුන්ට පත්‍රිකා කිහිපයක්ද දිය හැක. ඔවුන්ට කියන්න ඔබ දුප්පත්
බැවින් අපි ඔබට එය නොමිලේ ලබා දෙන්නම්. ධනවත් අය මුදල් ටිකක් ලබා දිය යුතුයි, මන්ද
විශාල ප්‍රමාණයක් මුද්‍රණය කළ යුතු නිසා. මෙය කෙබඳු වන්නේද යත්, ඔබට යාචකයෙකුගෙන්
පරිවර්ථනය වී, ලෝකයේ අධිපතියෙකු විය හැක. ඔබට මෙම පහදා දීම් අඛණ්ඩව ලැබෙයි. ඕනෑම
ආගමකට අයත් ඕනෑම කෙනෙකුට කියන්න ඇත්ත වශයෙන්ම ඔබ ජීවාත්මයකි. තමන් ජීවාත්මයක් බව
සලකා, පරමාත්ම පියාව සිහි කරන්න. විනාශය දැන් අත ලඟය. මෙම ලෝකය පරිවර්ථනය වීමටයි
යන්නේ. ඔබ ශිව බාබාව සිහිපත් කළොත් ඔබ විෂ්ණුගේ දේශයට යයි. ඔවුන්ට කියන්න අපි ඔබට
මිලියන, බිලියන ගණන් වටිනා දෙයක් දෙනවා. ඔබගේ බැජය භාවිත කරමින් ඔබ සේවය කළ යුතු
බව, බාබා ඔබට බොහෝ වාර ගණනක් පවසා ඇති නමුත්, ඔබගෙන් ඇතමුන් ලජ්ජා වී, ඔබගේ බැජය
පළඳින්නේවත් නැත. බ්‍රහ්මිණ් ගුරුවරුන්, කණ්ඩායමක් සමඟ මෙහි පැමිණෙන විට හෝ ඔවුන්
තනිව වැඩට යන විට, ඔවුන් අනිවාර්යෙන්ම මෙම බැජය පැළඳගෙන සිටිය යුතුයි. ඔබ මිනිසුන්ට
මෙම බැජය විස්තර කර දෙන විට, ඔවුන් බොහෝ සේ සතුටට පත් වනු ඇත. ඔවුන්ට කියන්න අප
විශ්වාස කරන්නේ ඒකායන පියාව පමණයි. සෑම කෙනෙකුටම සතුට සහ සාමය ලබා දිය හැක්කේ ඔහුට
පමණයි. එබැවින් ඔහු සිහි කරන්න. ජීවාත්මයන්ට අපවිත්‍රව ආපසු නිවසට යාමට නොහැක. මෙම
පැරණි ලෝකය දැන් පරිවර්ථනය වීමටයි යන්නේ. ඔබ මෙහි පැමිණෙන විට, ඔබ මේ ආකාරයෙන් මඟ
දිගට සේවය කළ යුතුයි. ඔබගේ නාමය බොහෝ සේ කීර්තිමත් වනු ඇත. ඔබගේ බැජය පැළඳීමට ඔබට
ලැජ්ජාවක් තිබෙන බැවිනුයි, ඔබ කිසිම සේවයක් නොකරන්නේ, කියා පරම පියාට වැටහෙයි.
පළමුවෙන්ම ඔබට බැජය තිබිය යුතුයි. ඉන්පසුව මෙය සමඟම ත්‍රිමූර්තියේ, චක්‍රයේ සහ
වෘක්ෂයේ පිංතූරද ඔබට තිබිය යුතුයි. ඔබලා එකට අසුන් ගෙන, එකිනෙකාට විස්තර කරන්න,
එවිට ඔබ වටා බොහෝ දෙනෙක් එක්රැස් වනු ඇත. ඔවුන් ’මේ කුමක්ද?‘ කියා විමසන විට,
ඔවුන්ට කියන්න ශිව බාබා, මෙම කෙනා මඟින් (බ්රහ්මා) නව ලෝකය ස්ථාපිත කරනවා. පරම
පියා පවසන්නේ දැන් මා සිහිපත් කර, පිවිතුරු වන්න! අපවිත්‍ර ජීවාත්මයන්ට ආපසු නිවහනට
යාමට නොහැක. සෑම කෙනෙක්ම විශාල ප්‍රීතියකින් ඇහුම් කන් දෙන ආකාරයෙන්, ඔවුන්ට බොහෝ
මිහිරි දේවල් කියන්න. කෙසේවෙතත්, මෙය කිසිවෙකුගේ බුද්ධියේ සනිටුහන් වන්නේ නැත. ඔබගේ
මධ්‍යස්ථානයේ පංතියට සහභාගී වීමට ඔබ යන විට, ඔබ සෑම විටෙකම ඔබගේ බැජය පැළඳගෙන යා
යුතුයි. මිලිටරියේ මිනිසුන් සෑම විටෙකම ඔවුන්ගේ බැජය පැළඳගෙන සිටියි. එය පැළඳීමට
ඔවුන් කිසි විටෙක ලැජ්ජා වනවාද? ආධ්‍යාත්මික මිලිටරිය ඔබයි. පරම පියා ඔබට උපදෙස්
ලබා දෙනවා. එබැවින් ඔබ එය ප්රායෝගිකත්වයට නොදමන්නේ ඇයි? ඔබගේ බැජය පැළඳගත් විට ඔබට
ශිව බාබාව සිහි කිරීමට හැකි වෙයි. මම ශිව බාබාගේ දරුවෙක්මි. දවසින් දවස මධ්‍යස්ථාන
අඛණ්ඩව විවෘත වෙයි. එක්කෙනෙක් හෝ තව කෙනෙක් මතු වෙයි. ඔවුන් මෙසේ කියනු ඇත ඔබට මෙම
නගරයේ ශාඛාවක් නොමැත. ඔවුන්ට කියන්න යම් කෙනෙක් එම දේවල් පිළියෙල කර අපට පැමිණෙන්ට
ආරාධනා කර, අපට ඉඳුම් හිටුම් ලබා දෙන්නේ නම්, අපට පැමිණ මෙහි සේවය කළ හැක. දරුවන්ට
එඩිතරකම තිබෙන විට, පරම පියා උපකාර කරයි. මධ්‍යස්ථාන විවෘත කර, සේවය කරන්න කියා පරම
පියා කියන්නේ ඔය දරුවන්ට පමණයි. මේ සෑම එකක්ම ශිව බාබාගේ සාප්පුයි. ඒවා නඩත්තු
වෙන්නේ දරුවන් මඟිනුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම
විටෙක ඔබ එකිනෙකා අතර අමනාපකම් ඇති කර, සේවයේදි වංචා නොකරන්න. බාධකයක් නොවන්න. ඔබගේ
දුර්වලකම් නොපෙන්වන්න, නමුත් පරම පියාගේ සම්පූර්ණ උදව්කරුවන් වන්න.
2. යම් කෙනෙක් සමඟ
බහින් බස් වීමක් ඇති වීමෙන් පසු, එය අතීතය වී තිබේ. එබැවින් ඔබ ඒ ගැන නොසිතිය
යුතුයි. යම් කෙනෙක් යමක් කියන්නට ඇති, නමුත් ඔබ එය අමතක කර දැමිය යුතුයි. ඔහු පෙර
චක්‍රයේද එම දේම කීවේය, එබැවින් කිසිම විටෙක එය නැවත සඳහන් නොකරන්න.
වරදානය:
ඔබ සාමයේ
පණිවිඩකරුවෙකු වී සාමයේ සහ බලයේ ප්‍රධාන දානපතියෙකු වී අන් අයට සාමයේ පණිවිඩය ලබා
දෙත්වා.
ඔය දරුවන් සාමයේ
පණිවිඩකරුවන්ය. ඔබ කොතැනක සිටියත්, ඔබ සාමයේ පණිවිඩකරුවන් ලෙස සලකමින් ඉදිරියට
යන්න. "මම සාමයේ පණිවිඩකරුවෙක් වන අතර මම සාමයේ පණිවිඩය ලබා දෙමි". මෙය කිරීමෙන්,
ඔබම සාමයේ බලවත් ප්‍රතිමූර්තියක් ලෙස සිටින අතර ඔබ අන් අයට ද සාමය ලබා දෙනු ඇත.
මිනිසුන් සාමය නැති කරන විට, ඔවුන්ට සාමය පිරිනමන්න. ඔවුන් ගින්නක් ඇති කළහොත්, ඔබ
ජලය වත් කරන්න. මෙය සාමයේ පණිවිඩකරුවන් වන, සාමයේ සහ බලයේ මාස්ටර් දානපතියන් වන
ඔබගේ යුතුකමයි.
පාඨය:
ශබ්දයට
පැමිණීම පහසු බව දැනෙන ආකාරයටම, ශබ්දයෙන් ඔබ්බට යාම ද පහසු වේවා.
අව්‍යක්ත සංඥාව: දැන්
සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.
ඔබේ යෝගාව තුළ ආලෝකයේ
සහ බලයේ මනෝ ස්ථිතිය නිරන්තරයෙන් අත්විඳින්න. මෙම දැනුම ආලෝකය වන අතර යෝගාව බලයයි.
මෙම දැනුම සහ යෝගා යන බල දෙක ආලෝකයෙන් සහ බලයෙන් පිරවිය යුතුය. එවිට ඔබව මාස්ටර්
සර්වබලධාරී ලෙස හැඳින්විය හැකිය. එවැනි බලවත් ජීවාත්මයකට තත්පරයකින් ඕනෑම ආකාරයක
අවස්ථාවක් ජය ගැනීමට හැකි වනු ඇත.