11.11.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සම්පූර්ණයෙන් ඔබ මත ඇහැක් තබා ගන්න. ඔබ නීතියට පටහැනිව කිසිවක් නොකළ
යුතුයි. ශ්‍රීමත් වලට අකීකරු වීම මගින් ඔබ වැටෙනු ඇත.
ප්රශ්නය:
ඔබ කෝටිපතියකු
වීම සඳහා ඔබ විසින් අරගත යුතු පෙර අවධානම කුමක්ද?
පිළිතුර:
සැමවිට මෙම අවධානය තිබෙත්වා: මා කුමන දේ කළත්, මා දකිනා අන් අයද එයම කරාවි. මොනයම්
පුහු අහංකාරයක් වත් නොතිබිය යුතුයි. කිසිදා මුරලිය අතපසු නොකළ යුතුයි. ඔබේ
සිතිවිලි. වචන හා ක්‍රියාවන් ගැන ප්‍රවේශම් වන්න: ඔබේ දෑස් ඔබව මුලා නොකළ යුතුයි.
ඉන්පසු ඔබට කෝටි ගණන් ආදායමක් රැස්කර ගැනීමට හැකි වේවි. මෙය ලබන්නට ඔබ අභ්‍යන්තර
ගතවී පරම පියා සිහිපත් කරමින් සිටින්න ඕන. එවිට ඔබ සියලු පාපකර්ම වලින් සුරක්ෂිතව
සිටිනවා ඇත.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
දරුවන් වූ ඔබ හට පරම පියා පහදා දී තිබෙනවා ඔබ මෙහි ඉඳිතා විට අනිවාර්යයෙන් ඔබේ
බුද්ධියේ තිබිය යුතු සිතිවිල්ල නම්: ඔහු අපගේ බාබා, අපගේ ගුරුවරයා. සහ අපගේ සත්ගුරු
වේ. බාබා සිහිපත් කිරීම මගින් ඔබ පාරිශුද්ධ වී පාරිශුද්ධ දේශයට යනවා ඇතැයි ඔබත්
අවබෝධ කරගෙනයි සිටින්නේ. එසේම ඔබ පාරිශුද්ධ දේශයේ සිටයි පහළට ආවේ කියාත් පරම පියා
පැහැදිලි කර දී තිබෙනවා. එතැනට කියන්නේ පාරිශුද්ධ දේශය කියායි. අනතුරුව ඔබ
සතෝප්‍රධාන් තත්ත්වයේ සිට සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්ව තුළින් ගමන් කරනවා. දැන් ඔබ
වැටී සිටින බව ඔබට අවබෝධ වී ඇත. එනම්. ඔබ සිටින්නේ වෛශ්‍යාලය තුළයි. ඔබ සංගම යුගයේ
සිටියද, ඔබ මේ ලොවෙන් ඈත්ව සිටින්නේ මෙම දැනුමෙන් යන්න ඔබට වැටහී ඇත. ඔබ ශිව බාබාව
නොකඩවා සිහිපත් කරමින් සිටියේ නම්, ශිවාලය තිබෙන්නේ දුරස්ව නොවෙයි. එහෙත් ශිව බාබා
සිහිපත් නොකරන්නේ නම්, ශිවාලය බොහෝ දුරස් වෙයි. ඔබට දඩුවම් විඳින්නට සිදු වූවොත්
එවිට ඔබ බොහෝ සේ ඈත් වී යයි. ඒ නිසා පරම පියා ඔය දරුවන්ට වැඩි අපහසුතාවයක් දෙන්නේ
නැහැ. මුලින්ම, ඔහු නැවතත් කියයි: ඔබ සිතිවිලි. වචන හා ක්‍රියා තුළින් පාරිශුද්ධ
වන්න ඕන. ඔය භෞතික ඇස් වලට හැකියි ඔබව විශාල වශයෙන් රවට්ටන්නට. ඔබ ඒවා ගැන මහත්
සැලකිල්ලක් දක්වන්න ඕන. පරම පියා පැහැදිලි කර තිබෙනවා එම ට්‍රාන්ස් යෑම යෝගාවෙන්
සපුරා වෙනස් ය. යෝගා යනු ස්මරණයයි. ඔබට දෑස් විවෘතව තබාගෙත ස්මරණය කළ හැකියි.
ට්‍රාන්ස් යනු යෝගාව නොවෙයි. ඔබ භෝග් පිරිනමන විට දී තිබෙන උපදෙස් අනුව ඔබ ඉහළට
යනවා. මෙහිදී මායා බොහෝ සේ මැදිහත් වෙයි. මායා එවැනි කෙනෙකි. ඇය ඔබේ නාසයෙන් ම
අල්ලා ගනී (වද දෙයි)! පරම පියා ප්‍රබල වූ සේම, මායාත් ඉතා ප්‍රබලයි. මුළු ලොවම
ගණීකා මඩමකට (වෛශ්යාලයා) තල්ලු කළ හැකි තරම් ඇය ඉතා බලසම්පන්නයි. එබැවින් ඔබ ඉතා
ප්‍රවේශමෙන් සිටිය යුතුයි. පරම පියා ස්මරණය කිරිම විනයානුකූලව නිවැරැදි අයුරින් කළ
යුතුයි. ඔබ නීතියට පටහැනිව යමක් කළේ නම්. ඇය ඔබව සම්පූර්ණයෙන්ම වට්ටා දමයි.
කිසිසේත් ට්‍රාන්ස් යෑමේ ආශාව නොතබාගන්න. සම්පූර්ණයෙන් ආශාවන් යනු කුමක්ද කියාවත්
නොදත් කෙනෙක් බවට පත්වන්න. ඔබ පරම පියාගේ උපදෙස් අනුගමනය කළොත්. ඔබේ සියලු ආශාවන්
ඉල්ලීමෙන් තොරවම ඉටුවේවි. ඔහුගේ මඟ පෙන්වීම් අනුගමනය නොකර වැරැදි මාර්ගයේ ගියොතින්
නම්, එවිට දිව්‍ය ලෝකයට යනවා වෙනුවට ඔබ වැටෙන්නේ අපාය තුළටයි. ඇතෙක් ගිල දැමූ
කිඹුලෙකුගේ කතාවක් සිහි කෙරෙයි. මෙම දැනුම දුන් සහ භෝග් පිළිගැන්වූ බොහෝ දෙනෙක් අදට
මෙහි නොසිටී. ඔවුන්ගේ නීති විරෝධි හැසිරීම් නිසා මායාගේ බලපෑමට සම්පූර්ණයෙන් ඔවුන්
අසුවුණා. දේවතාවරු බවට පත්වෙමින් සිටින අතරේ ඔවුන් යක්ෂයින් බවට පත්වුණා. හොඳාකාරව
උත්සාහ දරා දේවතාවත් වීමට සිටි අය යක්ෂයින් බවට පත් වී දරුණු මිනිසුත් සමඟ ජීවත්
වෙනවා; ඔවුන් කුල ද්රෝහිත් බවට පත්ව ඇත. පරම පියාට අයිති වූවත්, ඉන්පසු මායාට අයති
වූ විට ඔවුන්ට ද්‍රෝහීන් යැයි කියනු ලැබේ. ඔබ මතම ඇහැක් තබා ගන්න ඕන. ඔබ ශ්‍රීමත්
වලට අකීකරු වූවොත් ඔබ වැටෙන අතර එසේ වැටුණු බව පවා ඔබට වැටහෙන්නේ නැත. පරම පියා ඔබට
අනතුරු අඟවන්නේ ඔබව අපායේ අගාධයට රෑගෙන යන එවන් හැසිරීම් වලින් වැළකී සිටීමටයි.
පෙරදින සහෝදරවරු අතරේ පැවැත්වූ කාරකසභා රැස්වීමේ දී බාබා පැහැදිලි කළා ශ්‍රීමත්
වලින් තොරව කරනා සෑම ක්රියවකින්ම සිද්ධ වෙන්නේ අවසේවයක්ය කියා. ඔබ ශ්‍රීමත් වලින්
තොරව යමක් කරන්නේ නම්, ඔබ දිගින්දිගටම වැටෙයි. මුල් කාලයේදී, බාබා මව්වරුන්ගේ
කොමිටියක් පිහිටුවා තිබුණී. මන්ද, මව්වරුන්ගේ හිස මතයි අමෘත කලය දී තිබුණේ.
"මව්වරුන්ට නමස්කාර" යන්න මෙනෙහි කරනු ලබයි. සහෝදරයින් කොමිටි නිර්මාණය කළාට එහිදී
"සහෝදරයන්ට නමස්කාර" යැයි කියන්නේ නැත. ඔබ ශ්‍රීමත් අනුගමනය නොකළොත්, මායාගේ දැළට
හසුවනවා ඇත. බාබා මව්වරුන්ගේ කොමිටියක් පිහිටුවා සියල්ල ඔවුන් මත පැවරුවා.
සාමාන්‍යයෙන් පිරිමින් තමයි බංකොලොත් වන්නේ, කාන්තාවන් නොවෙයි. එමනිසා, පරම පියා.
අමෘත කලය මව්වරුන්ගේ හිසමත තැබුවා. මෙම ඥාන මාර්ගයේදී මව්වරුනුත් බංකොලොත් විය
හැකියි. කෝටි වාරයක් වාසනාවන්ත වූවත් පවා මායාට පරාජය වී බංකොලොත් වෙනවා. මෙහිදී,
ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ම බංකොලොත් විය හැකියි. ඔවුන් එසේ වෙයි. බොහෝ අය පරාජය වී
අත්හැර ගොස් ඇත්තේ ඔවුන් බංකොලොත් වූ නිසාවෙනී. පරම පියා පැහැදිලි කරනවා: සපුරා
භාරතයේ මිනිසුන් බංකොලොත් වී සිටින්නේ. මායා ඉතා ප්‍රබලයි. මිනිසුන්ට තමන් කෙසේ
සිටි අයද කියාත්, සපුරා පහළට ඇද වැටුණේ කෙසේද කියාත් නොවැටහෙයි. මෙහිත්, ඔබෙන්
සමහරු ඉහළට නඟිද්දී. ශ්‍රීමත් අමතක කරනවා පසුව නැවතත් වසර පහක් හෝ හතකට පසු නැගී
එනවා. මෙහි ඔබ උපත් 84කට බංකොලොත් වෙයි. ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට නොහැකි වෙයි. ඔබ
දිගින් දිගටම හිස් වෙනවා. බාබා සතුව ඡායාරූප තිබෙතොත් ඔහු ඔබට පෙන්වා දෙයි. ඔබ
කියයි බාබා කියනා දේවල් සම්පූර්ණයෙන් ම සත්‍යයි කියා. "මේ ශ්‍රේෂ්ට මහාරාටී කෙනෙක්.
බොහෝ දෙනෙක්ව ඉහළ නැංවූ කෙනෙකි එහෙත් ඔහු අද මෙහි නොසිටී. ඔහු බංකොලොත් වුණා ".
බාබා නැවත නැවත ඔබට අනතුරු අඟවනවා. ඔබේ කාරක සභා (කොමිටි) ඔබේම අදහස් මත පැවත්වීම
මගින් කිසිම ප්‍රයෝජනයක් ඇති නොවෙයි. ඉන්පසු දවස පුරාම ඔබේ හමුවීම් වලදී, කතා
කරන්නේ හුදෙක් ඕපාදූප පමණයි: "මෙයා මේ දේ කරනවා අරයා අර දේ කරනවා". ඔබ පරම පියා සමඟ
ඔබේ බුද්ධියෙන් යෝග කරනා විට පමණයි ඔබ සතෝප්‍රධාන් වන්නේ. පරම පියාට අයිති වීමෙන්
පසුව ඔබේ යෝගාව ඔහු හා සම්බන්ධ නොවූවොත් ඔබ දිගටම වැටෙයි: ඔබේ සම්බන්ධය කැඩෙයි. ඔබේ
සම්බන්ධය කැඩෙද්දී බිය වී ප්‍රශ්න නොකළ යුතුයි. ඇයිද මායා මට මේ තරමට දුක් දෙන්නේ
කියා. නැවතත් පියා සමඟ සම්බන්ධය ඇති කිරීමට වෑයම් කළ යුතුයි. එසේ නැතිකොට, ඔබේ
බැටරිය චාර්ජ් කරගන්නේ කොහොමද? ඔබ පාප ක්‍රියාවන් කරයි නම්, ඔබේ බැටරිය විසර්ජනය
වෙයි. ආරම්භයේ දී, බොහෝ දෙනෙක් ඇවිත් බාබාට අයිති වුණා. ඔවුන් භතියේ එකතු වුණා.
එහෙත් අද ඒ අය කොහේද? ඔවුන් වැටුණේ පරණ ලොව සිහි කළ නිසාවෙනී. පරම පියා කියයි: මා
දැන් ඔබව පොළඹවමින් සිටින්නේ අසීමිත නිරාශාවක් ඇතිකර ගැනීමටයි. ඔබේ හදවත මේ පරණ ලොව
වෙත ඇලෙන්නට ඉඩ නොදෙන්න. ඔබේ හදවත දිව්‍ය ලෝකයට ඇලී තිබෙත්වා. ඔබට ලක්ෂ්මි හෝ
නාරායන් වීමට උවමනා නම් ඔබ උත්සාහ කරන්න ඕන. ඔබේ බුද්ධි යෝගාව ඒකායන පියා සමඟම
තිබිය යුතු අතර පැරණී ලොව කෙරෙහි ඔබට නිරාශාවක් ඇතිවිය යුතුයි. සතුටු දේශය හා සාම
දේශය සිහිපත් කරන්න. ඔබ ඇවිදින සැරිසරන අතරේත් හැකි තරමින් බාබාව සිහිපත් කරන්න.
මෙය ඇත්තටම පහසු දෙයක්. ඔබ මෙහි පැමිණීයේ සාමාන්‍ය මනුෂ්‍යයන් ගෙන් නාරායන් බවට
වෙනස් වීමටයි. සැමටම කියන්න ඕන ඔවුන් දැන් තමෝප්‍රධාන් බවෙන් සතෝප්‍රධාන් බවට වෙනස්
වීමට සිටින බව. මන්ද, දැන් මේ ඔබේ ආපසු ගමන යාම සඳහා ඇති වේලාවයි. ලෝක ඉතිහාසය සහ
භූගෝලය යළි ආවර්තනය වෙයි. මෙහි අර්ථය එම අපාය දිව්‍යලොව බවටත් සහ දිව්‍යලොව අපාය
බවටත් වෙනස් වීමයි; මෙම චක්‍රය නොකඩවා බ්‍රමණය වෙයි. පරම පියා කියයි: ඔබ මෙහි ඉඳිනා
විට ස්වදර්ශන චක්‍රධාරියෙක් වන්න. බොහෝ වාරයක් මෙම චක්‍රය වටා ගොස් තිබෙන මතකයෙන්
ඉඳින්න. දැන් ඔබ නැවත වරක් දේවතාවන් වීමටයි යන්නේ. මෙහි සැඟවුණු අර්ථය ලොවේ කිසිම
කෙනෙකු වටහා නොගනී. මෙම දැනුම දේවතාවන්ට නොතිබෙයි: ඔවුන් කොහොමත් පාරිශුද්ධයි.
ඔවුන්ට හක්ගෙඩිය පිඹිය නොහැක්කේ මෙම දැනුම නොමැති නිසාවෙනී. ඒ අය පාරිශුද්ධ බැවිත්
ඔවුන්ට මේ සංකේත දීමට උවමනා නොවේ. මෙම සංකේතයන් දෙන්නේ ඔවුන් දෙදෙනා එකට සිටිද්දීය.
ඔබටත් මේ සංකේතයන් දී නැත මන්ද අද ඔබ දේවතාවන් වෙයි. හෙට ඔබ යක්ෂයින් වෙයි. පරම
පියා ඔබව දේවතාවන් කරද්දී, මායා ඔබව යක්ෂයින් කරවනවා. පරම පියා පැහැදිලි කරන විට.
ඔබට වැටහෙයි සැබැවින්ම ඔබේ තත්ත්වය වැටී තිබෙන බව. බොහෝ අවාසනාවන්තයින් ශිව බාබාගේ
සම්පත් ගබඩාවට දී තිබෙනවා. නමුත් ආපසු ඉල්ලාගෙන ඔවුන් යක්ෂයින් බවට පත්වුණා. මෙසේ
සිදුවන්නේ යෝගාවේ හිඟය නිසායි. යෝගාව තිබෙතොත් පමණයි ඔබට පාරිශුද්ධ විය හැක්කේ. ඔබ
කතා කළා: බාබා එන්න අපව අපිරිසිදු බවෙන් පාරිශුද්ධ කරන්න එවිට අපට දිව්‍ය ලෝකෙට
යාමට හැකිවෙයි. ඔබ ස්මරණ වන්දනාවේ සිටිනවා එමනිසා ඔබට පාරිශුද්ධ වී උසස් තත්ත්වයක්
ලබාගැනීමට හැකිවේ. මදක් සවන් දුන් අය පවා මිය ගොස් එහි මොන තත්ත්වයක් ලැබුණා වුවත්
නියතවම ඔවුන් ශිවාලයට යනවා ඇත. එහෙත් ඔවුන්ට උසස් තත්ත්වයක් එහිදී ලබා ගත නොහැකි
වේ. දිව්‍ය ලෝකයේ නම ඇසූ කල ඔබ සතුටු විය යුතුයි. ඔබ වැටෙමින් ලබාගන්නා සිල්ලර
වටිනාකම ඇති තනතුරට ඔබ සතුටු නොවිය යුතුයි. එහිදී ඔබ දාසයෙක් යන හැඟීම නියතවම
තිබේවි. අවසානයේ දී, ඔබට දර්ශනයන් ලැබේවි ඔබ කවුරු බවට පත්වේවිද, සහ එම තත්ත්වයට
යාමට ඔබ විසින් කුමන පාප කර්මයත් කර ඇත්ද සහ ඔබ අධිරජවරයෙක් නොවුනේ ඇයිද කියාත් ඔබට
දැන ගන්නට ලැබේවි. සෑම පියවරේම ප්‍රවේශම් වීම මගින් ඔබට කෝටිපතීන් විය හැකියි.
කෝවිල් වල දේවතාවරුන්ගේ ප්රතිමාවන් නෙළුම් මලක සංකේතයක් සමඟ පෙන්වා ඇත. එහි තත්ත්ව
වල වෙනසක් ඇත. අද තිබෙන රාජධානී වල පවා බොහෝ සේ අලංකාර තිබෙනවා ඒවා තාවකාලික වූවත්;
ඔවුන්ට සදාකල් රජවරු වීමට නොහැකියි. ඉතින් පියා කියයි: ඔබ ලක්ෂ්මි සහ නාරායන් වීමට
පතන්නේ නම්, ඒ පරිද්දෙන් ඔබ උත්සාහ කළ යුතුයි. මිනිසුන් කොපමණ දෙනෙකුට ඔබ යහපත
සැලැස්සුවේද? කොපමණ වේලාවක් ඔබ අභ්‍යන්තරගත වී බාබා සිහිපත් කරනවා ද? අප දැන් අපගේ
සුමිහිරි නිවසට යාමට සිටින්නේ. ඉන්පසු අප සතුටු දේශයට අවතරණය වනවා. මේ සියලු දැනුම
අභ්‍යන්තරයෙන් මත ගෑ යුතුයි. දැනුම සහ යෝගාව යන දෙකම පියා සතුව ඇත. ඔබ තුළත් මේ දෙක
තිබිය යුතුයි. ඔබ දන්නවා ඔබට උගන්වන්නේ ශිව බාබායි. එමනිසා, මෙය දැනුම සේම ස්මරණයත්
වේ. ග්‍යාන් සහ යෝගා එකට තිබෙයි. ඔබ යෝගාවෙහි ඉඳගත් විට නොකඩවා බාබා සිහිපත් කරමින්
සිටිද්දී, දැනුම අමතක වුණා යැයි යන්න නොවිය යුතුයි. පරම පියා ඔබට යෝගා උගන්වද්දී.
ඔහුට දැනුම අමතක වෙයි ද? සියලු දැනුම ඔහු සතුව ඇත. ඔය දරුවන්ටත් මෙම දැනුම තිබෙන්න
ඕන; ඔබ ඉගෙන ගන්න ඕන. අන් අය මා කරනා ක්‍රියාවන් දැක ඔවුනුත් එසේම කරාවි. මා මුරලිය
ඉගෙන නොගත්තොත් අන් අයත් එය ඉගෙන ගන්නේ නැත. ඔවුන්ට පුහු අහංකාරය ඇති නිසා මායා
එසැනින් ඔවුන්ට පහර දෙයි. ඔබ සෑම පියවරේම පියාගේ ශ්‍රීමත් අරගත යුතුයි. නැතිනම්,
කුමක් හෝ එක් පාප කර්මයක් සිදු වේවි. බොහෝ දරුවන් වැරැද්දක් කිරීමෙන් පසුව ද පියාට
එය නොකියති; ඔවුන් තමන්ව සම්පූර්ණයෙන් නැති කරගනී. ඔබ නොසැලකිලිමත් නම් ඔබට මායා
කනේපාරක් දෙයි. ඇය ඔබව සතයක් නොවටිනා කෙනෙක් බවට පත්කරවයි. ඔබ අහංකාර වූ විට මායා
ඔබ ලවා බොහෝ පාපකර්මයන් කරවාවි. සහෝදරවරුන්ගේ කාරකසභාවක් පවත්වන්නට බාබා කිසිදා
සහෝදරයන්ට කියා නැත. කාරකසභාවේ යම් වැඩක් ක්‍රියාත්මක කරවීමට උපදෙස් දිය හැකි
බුද්ධිමත් සහෝදරියක් හෝ දෙදෙනෙක් සිටිය යුතුයි. මෙම කලය දී තිබෙන්නේ ලක්ෂ්මිටයි.
අමෘතය දුන් අවස්ථාවේ දී යාගයෙහි බාධා ඇතිවූවා කියා සඳහන් කර තිබෙනවා. ඔවුන් අනේකවිධ
බාධා ඇති කරයි. මුළු දවසම ඔවුන් ඕපාදූප කතාකරනවා. ඒක හරිම නරක දෙයක්. යම් දෙයක්
සිදුවුණොත් ඔබ පියාට දන්වන්න ඕන. සියල්ල හරිගැස්සිය හැක්කේ ඒකායන පියාට පමණයි.
නීතිය ඔබේ අතට ගැනීම නොකළ යුතුයි. ඔබ පරම පියාගේ ස්මරණයෙහි සිටිය යුතුයි. සෑම
දෙනාටම පරම පියා ගේ හැඳින්වීම දෙමින් සිටින්න. එවිට ඔබ එසේ වනවා ඇත. මායා ඉතා
ශක්තිමත්ය. ඇය කිසිම කෙනෙක්ව අත්හරින්නේ නැත. සැම විටම ඔබේ පුවත් පියාට ලියන්න ඕන.
දිගටම උපදෙස් ගන්න ඕන. ඇත්තෙන්ම, ඔබට නොකඩවා උපදෙස් කොහොමත් ලැබෙනවා. ඔබේ මනස තුළ
ඇතිකාරණාවක් ගැන පියා පැහැදිලි කරන විට, ඔබ තුළ ඇති සියලු රහස් බාබා දන්නවා කියායි
ඔය දරුවන් සිතන්නේ. නැහැ: ඔබට දැනුම පමණයි මා උගන්වන්නේ. ඔබේ ඇතුලත රහස් දැන
සිටිනවා කියා දෙයක් නොවෙයි. ඔව්. මා දන්නවා ඔබ සියලු දෙනාම මගේ දරුවන්ය කියා. සෑම
ශරීරයක් තුළම සිටිනා දරුවා මගේ වේ. එහි තේරුම සෑම කෙනා තුළම මා සිටිනවා කියන එක
නොවෙයි. මිනිස්සු සෑම දේම වැරැදියට තේරුම්ගෙනයි තිබෙන්නේ. පරම පියා කියයි: ඔබ ඔබේ
සිහිසුන මත අසුන් ගෙන සිටින බව මා දන්නවා. එය එවන් පහසු කාරණාවකි! සියලු ජීවමාන
සත්තාවන් තම තමන්ගේ සිහසුන මත අසුන් ගෙන සිටී. ඒ වුණත් ඔවුන් කියන්නේ, දෙවියන් සර්ව
ව්‍යාප්තයි! මූලික වැරැද්ද මෙයයි. භාරතය බොහෝ සේ වැටුණේ මෙන්න මේ හේතුවෙනී. පරම
පියා කියයි: ඔබ නොසෑහෙන්න මා හට නිග්‍රහ කළා. ඔබව ලෝක අධිපතීන් කළ කෙනාවයි ඔබ
නින්දාවට ලක් කළේ. මේ නිසායි පියා කියා ඇත්තේ: ධර්මය කෙලෙසෙන විට මා පැමිණෙනවා
කියා. විදේශිකයන් සර්ව ව්‍යාප්තයේ සංකල්පය හැදෑරුවේ භාරත ජනයාගෙනී. භාරත ජනයා
ඔවුන්ගෙන් දස්කම් ඉගෙන ගෙන ඉන්පසු වැරැදි දේවලුත් ඉගෙන ගත්තා. ඔබ එකම එක පරම පියාව
පමණක් සිහිපත් කරමින් සියලු දෙනාටම පරම පියාගේ හැඳින්වීම දිය යුතුයි. ඔබ අන්ධයන්ගේ
සැරියටිය වේ. අන් අයට මාර්ගය පෙන්වා තිබෙන්නේ කෝටුවකින්ය. අච්චා.
සුමිහිරි, ආදරණීය
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ විසින්
කරන සෑම ක්‍රියාවම පරම පියාගේ උපදෙස් පරිදි තිබිය යුතුයි. කිසිසේත් ශ්‍රීමත් වලට
අකීකරු නොවන්න. එවිට පමණයි ඔබේ සියලු ආශාවන් ඉල්ලීමෙන් තොරවම ඔබට ඉෂ්ටසිද්ධ වන්නේ.
ට්‍රාන්ස් හෝ දර්ශන වැනි දේ වලට ආශා නොකරන්න. සියලුම ආශාවන් නොදත් අය බවට පත්වන්න.
2. ඔබ එක්රැස් වී
ඕපාදූප කතා නොකරන්න. අභ්‍යන්තර ගත වී තමාව සෝදිසි කරන්න: මා කොපමණ වේලාවක් බාබාගේ
ස්මරණයෙහි සිටියෙම් ද? මා දැනුම ආවර්ජනය කළෙම් ද?
වරදානය:
ඔබ හා සම්බන්ධ
වීමට හෝ සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට පැමිණෙන සෑම ජීවාත්මයකටම මහා පරිත්‍යාගශීලියෙකු
ලෙසත් ආශිර්වාද ලත් ජීවාත්මයක් ලෙසත් පරිත්‍යාග කරන්න. 1) දවස පුරා ඔබ සමඟ
සම්බන්ධයක් හෝ සම්බන්ධතාවයක් ඇති කරගන්නා ඕනෑම කෙනෙකුට මෙම ඥාණ කරුණක් හෝ ගුණධර්මයේ
කුමන හෝ බලයක් පරිත්‍යාග කරන්න. ඔබට මේ ඥාණ නිධානය වගේම බල හා ගුණ නිධානත් තිබේ.
එබැවින්, ඔබ පරිත්‍යාගයක් නොදී දිනක් හෝ ගෙවී යාමට ඉඩ නොතබවිට ඔබට මහා
පරිත්‍යාගශීලියෙකු යැයි කියනු ලැබේ. 2) "පරිත්‍යාගය" යන වචනයේ අධ්‍යාත්මික අර්ථය
සහයෝගීතාවයයි. සෑම ජීවාත්මයකටම සහයෝගීතාව ලබා දීම සඳහා ඔබේ උසස් උතුම් ස්තිතියේ
වාතාවරණය සහ ඔබේ ආකල්පයේ කම්පන භාවිත කරන විට ඔබට ආශීර්වාද ලත් ජීවාත්මයක් යැයි
කියනු ඇත.
පාඨය:
බාප්දාදාට සහ
පවුලේ අයට සමීපව සිටින අයගේ මුහුණු මත තෘප්තිමත්, අධ්‍යාත්මික හා ප්‍රීතියෙන් පිරි
සිනාවක් ඇත.