11.12.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම කලි යුග කන්ද ස්වර්ණම යුගී එකක් බවට පරිවර්තනය කිරීමට පරමාත්ම පියාගේ සහායකයින් වන්න. නව ලෝකයේ පළමු පන්තියේ ආසනයක් වෙන් කරවා ගැනීමට උත්සාහ දරන්න.

ප්‍රශ්නය:
පරමාත්ම පියාගේ රාජකාරිය කුමක්ද? සංගම යුගයේ දී පරමාත්ම පියාට මෙහි පැමිණීමට සිදු වන්නේ කුමන රාජකාරිය සම්පූර්ණ කරවීමට ද?

පිළිතුර:
පරමාත්ම පියාගේ රාජකාරිය නම් ලෙඩින් දුකින් අසරණව සිටින දරුවන්ව නැවතත් සනීප කරවා සතුටු කරවීමයි. මායාගේ උගුලෙන් ඔවුන්ව මුදවා ගෙන මහා සතුටක් ඔවුනට දානය කළ යුතුව තිබෙනවා. සංගම යුගයේ දී පරමාත්ම පියා මෙම කාර්යභාරය ඉටු කරනවා. බාබා කියනවා : මා පැමිණ සිටින්නේ ඔබ සෑම දෙනාගේම සෑම අසනීපයක්ම සුව කරවීම සඳහායි. සෑම කෙනෙක්ටම අනුකම්පා කිරීමට මා පැමිණීයා. ඔබ සෑම කෙනෙක්ම උත්සාහ දරා තම වාසනාව උපත් 21කට උසස් කර ගත යුතුයි.

ගීතය:
අහිංසක ස්වාමි තරම් තවත් අසහාය කෙනෙක් නොමැත...

ඕම් ශාන්ති.
භෝල්නාථ පරමාත්ම ශිව් දෙවියන් බ්‍රහ්මාගේ මුව කමලින් කතා කරයි. පරමාත්ම පියා කියනවා : මෙය විවිධ විවිධ ආගම් වලට අයත් මානව ලෝක ගසයි. කල්ප වෘක්ෂයේ රහස් එනම්, ලෝකයේ මුල, මැද, අග පිළිබඳ වු රහස් මම ඔය දරුවන්ට කියා දෙනවා. ගීතයේ ගුණ ගායනා කර ඇත්තේ ශිව බාබාගේයි. ශිව බාබාගේ උපත සිදු වන්නේ මෙහියි. පරමාත්ම පියා කියනවා : මා පැමිණ සිටින්නේ භාරතයටයි. ගීතාවට ක්‍රිෂ්ණාගේ නම දමා තිබෙන නිසා, මිනිස්සු ශිව බාබා පැමිණීයේ කවදාදැයි කියා දන්නේ නැහැ. ඔහුගේ පැමිණීමක් තඹ යුගයේ දී සිදු වන්නේ නැහැ. පරමාත්ම පියා පහදා කියන්නේ : දරුවනි, මීට වසර 5000කට පෙරදීත් මා මෙහි පැමිණ ඔය දරුවන්ට මෙම ඥානය දුන්නා. මේ කල්ප ගස පින්තූරයෙන් සෑම කෙනෙකුටම මෙය තේරුම් ගත හැකියි. ඉතාමත් ප්‍රවේසමින් ගස දෙස බලන්න. ස්වර්ණම යුගයේ අනිවාර්යෙන්ම දේවතා රාජ්‍යයක් තිබුණු අතර පසුව රිදී යුගයේ රාම සීතා රාජ්‍යය තිබුණා. මුල, මැද හා අග පිළිබඳ රහස් බාබා ඔබට කියා දෙනවා. දරුවන් අසනවා : බාබා, අපි මායාගේ උගුලට හසු වුනේ කවදාද? බාබා කියනවා : තඹ යුගයේ පටන්. පසුව නොයෙකුත් ආගම් එකක් හැර එකක් පැමිණියා. කාලය ගණන් කිරීමෙන් ඔබ නැවතත් මෙම ලෝකයට පැමිණෙන්නේ කවදාදැයි කියා ඔබට තේරුම් ගත හැකියි. ශිව් බාබා කියනවා : මා වසර 5000කට පසුව පැමිණියෙමි. මගේ රාජකාරිය ඉටු කිරීම සඳහා මා සංගම යුගයේ දී පැමිණීය යුතුයි. ලෝකයේ සිටිනා සෑම දෙනාවමත් විශේෂයෙන් භාරතයේ අයත් දැන් සිටින්නේ දුකින්. නාටකයට අනුව මා භාරතය සතුටට පත් කරවනවා. පරමාත්ම පියාගේ කාර්යභාරය වන්නේ තම ලෙඩ දරුවන්ට ප්‍රතිකාර කිරීමයි. මෙය ඉතාමත් දරුණු රෝගයක්. මෙම පස් පව් තමයි සෑම රෝගයකටම මුල. ඒවා ඇරඹුණේ කවදාදැයි කියා දරුවන් අසනවා. ඒවා ඇරඹුණේ තඹ යුගයේදීයි. රාවන ගැන පහදා දිය යුතුයි. කිසිම කෙනෙකුට රාවනව දැකිය නොහැකියි. ඔහුව තේරුම් ගත යුත්තේ බුද්ධියෙනුයි. පරමාත්ම පියාවත් තේරුම් ගන්නේ බුද්ධියෙනුයි; ජීවාත්ම තුළ ඔවුන්ගේ මනස හා බුද්ධිය තිබෙනවා. ඒ අපේ පරමාත්ම පියා, පරමාත්ම ජීවය බව ඔය ජීවාත්ම තේරුම් ගෙන සිටිනවා. සතුට සහ දුක අත්විඳින්නේ ජීවාත්මයන් වන අතර යම් යම් දේ වල බලපෑමට හසු වන්නේ ජීවාත්මයනුයි. ජීවාත්මයන්ට දුක දැනෙන්නේ ශරීර තුළ සිටින විටයි. "පරමාත්ම ජීවය වන මාව දුකට පත් කරන්න එපා" කියා කියන්නේ නැහැනේ. පරමාත්ම පියා පහදා කියන්නේ : මටත් කොටසක් රඟපෑමට තිබෙනවා. කල්පයක් කල්පයක් පාසා සංගම යුගයේ දී මටත් කොටසක් රඟදැක්වීමට තිබෙනවා. මා සතුටු දේශයට යැවූ දරුවන්ම තමයි දැන් දුකට පත් වී සිටින්නේ. මෙන්න මේ නිසා තමයි නාටකයට අනුව මා පැමිණිය යුතුව තිබෙන්නේ. කෙසේවෙතත්, මා මාළුවෙක්, කිඹුලෙක් වෙලා එන්නේ නැහැ. පර්සු රාමා (පොරවක් අතින් ගත් රාමා) පොරොවකින් ගසා ක්ෂත්‍රියයන්ව මරා දැමුවයි කියලා කියන ඒ සෑම එකක්ම බොරු කතන්දර. පරමාත්ම පියා දැන් කියන්නේ : මා සිහි කරන්න. මේ දෙන්නා ජගදම්බා හා ජගත්පිතායි. මව් රට, පීතෘ දේශය කියා කියනවා. භාරතවාසීන් මෙය සිහි කර කියනවා: ඔබ තමයි මව ඔබ තමයි පියා කියා. පරමාත්ම දෙවියන්ගේ දේව කරුණාවෙන්, අපි අනිවාර්යෙන්ම අපරිමිත සතුටක් ලබනවා. කෙසේවෙතත්, පසුව ඒ සෑම එකක්ම රඳා පවතින්නේ එකිනෙකාගේ උත්සාහය මතයි. ඇතැම් අය චිත්‍රපටයක් බලන්න යන විට පළමු පෙළ ආසන වෙන් කරවා ගන්නවා. පරමාත්ම පියා කියන්නේ : තමන් සූර්ය වංශික ආසනයක් වෙන් කරවා ගන්නවා ද නැතිනම් චන්ද්‍ර වංශික ආසනයක් වෙන් කරවා ගන්නවාද යන්න ඔබටම අයිති දෙයක්. තම තමන් දරණා උත්සාහයේ තරමට ඔබට තත්ත්වයක් දිනා ගත හැකි වේවි. පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔබගේ සෑම රෝගයක්ම සුව කරවීමටයි. රාවන සෑම කෙනෙක්වම ලොකු දුකකට පත් කරවා තිබෙනවා. කිසිම මිනිසෙකුට තවත් මිනිසෙකුට මුක්තිය දානය කළ නොහැකියි. දැන් මේ ඇත්තේ කලි යුගයේ අවසානයයි. ගුරූන් පවා මිය ගිය විට ඔවුන් නැවතත් උපත් ගන්නවා. ඉතින් ඔවුන් කොහොමද තවත් කාටවත් විමුක්තිය දානය කරන්නේ? ඒ සියලුම ගුරූන්ලා එකපාරට ඇවිත් මේ අපිරිසිදු ලෝකය පිරිසිදු කරාවි ද? ගෝවර්ධන කන්ද ගැන කියා තිබෙනවා. ඔය මව්වරුන් දැන් කලි යුග කන්ද ස්වර්ණම යුග එකක් කරනවා. මිනිස්සු ගෝවර්ධන කන්ද වන්දනාත් කරනවා. ඒ මහාභූත වන්දනාවයි. සන්යාසීවරුන් බ්‍රහ්ම්, බ්‍රහ්ම ධාතුව සිහි කරනවා. ඔවුන් ඒ බ්‍රහ්ම ධාතුව පරමාත්ම ජීවාත්මයයි කියා සිතාගෙනත් සිටිනවා. ඒ බ්‍රහ්ම ධාතුව දෙවියන් කියා සිතාගෙනත් සිටිනවා. පරමාත්ම පියා කියනවා : ඒ ඔවුන්ගේ හිතුළුවයි. ජීවාත්ම තම ඕවලාකාර හැඩයෙන් යුත් බ්‍රහ්මාණ්ඩයේ, බ්‍රහ්ම ලෝකයේ වාසය කරනවා. අභෞතික ගසත් පෙන්වා තිබෙනවා. සියලුම ජීවාත්ම තම තමන්ගේ කොටසට යා යුතුයි. මෙම ගසෙහි පදනම වන්නේ භාරතයේ සූර්ය හා චන්ද්‍ර වංශයනුයි. ඉන් පසුව ව්‍යාප්තිය සිදු වෙනවා. ප්‍රධාන ආගම් හතරක් තිබෙනවා. ඒ එක එකක් පැමිණීයේ කවදාදැයි කියා ඔබට ගණනය කළ හැකියි. උදාහරණයකට කිවහොත් වසර 500කට පෙර ගුරුනානක් පැමිණීයා. සීක්වරුන් උපත් 84ක චරිතයක් රඟපාන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා: AII- rounders වන ඔය බ්‍රහමින්වරුන් පමණයි උපත් 84ක් ගන්නේ. All-round චරිත කොටසක් ඇත්තේ ඔබට පමණක් බව බාබා පැහැදිලි කර කියා දී තිබෙනවා. ඔබ බ්‍රාහ්මණ, දේවතා, ක්ෂත්‍රිය, වෙළඳ හා ශුද්‍ර වෙනවා. පළමුවෙන්ම දේවතාවරුන් වන අය තමයි චක්‍රය වටාම යන්නේ. පරමාත්ම පියා කියනවා : ඔබ නොයෙකුත් වේද හා ආගමික ග්‍රන්ථ අස අසා සිටියා. දැන් මෙය අසන්න. අසා පොත්පත් ග්‍රන්ථ ද ගුරූන් ද හරි, නැතිනම් පරමාත්ම පියා කියන දේ ද හරි කියා ඔබම විනිශ්චය කර ගන්න. පරමාත්ම පියාට සත්‍යය කියාත් කියනවා. මා ඔබට කියන්නේ සත්‍යයයි. සත්‍යයේ දේශය, ස්වර්ණම යුගය නිර්මාණය වන්නේ එමඟිනුයි. තඹ යුගයේ පටන් ඔබ අසමින් සිටියේ මිත්‍යාවන්ටයි, ඉතින් එමනිසා, මේ ලෝකය අපායක් වෙලා. පරමාත්ම පියා කියනවා : මා ඔබගේ සේවකයායි. ඔබ භක්ති මාර්ගයේ දී: මා දාසයෙක්මි, මා ඔබගේ දාසයායි කිය කියා ගීත කියමින් ආවා. මා දැන් පැමිණ සිටින්නේ ඔය දරුවන්ට සේවය කිරීමටයි. අභෞතික ඒකායන කෙනා හා නිරහංකාර ඒකායන කෙනා ලෙස පරමාත්ම පියාව සිහි කර තිබෙනවා. එමනිසා, පරමාත්ම පියා කියනවා : මගේ කාර්යය ඔය දරුවන්ව නිතරම සතුටු කරවීමයි. "පරමාත්ම දෙවියන් තම යාම්-ඊම් සෙල්ලම හෙළිදරව් කරාවි" කියා කියන ගීතයක් තිබෙනවා. බෙර වැයීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වුණත්. මුල, මැද හා අග සෑම තොරතුරක්ම ඒකායන ඔහු ඔබට කියනවා. පරමාත්ම පියා කියනවා : දරුවනි, ඔබ සෑම කෙනෙක්ම නළුවන්ය. මා කරන්කරවන්හාර් වන්නේ මේ කාලයේ දීයි. මා ස්ථාපන කාර්යය කරන්නේ මොහු (බ්‍රහ්මා) හරහායි. ගීතාවේ සඳහන් කරුණු ඇත්ත නොවෙයි. ඒ සෑම දෙයක්ම සිදු වන්නේ දැනුයි. මේ පහසු ඥානය හා පහසු යෝගාව මා ඔය දරුවන්ට කියා දෙනවා. යෝගාව තබා ගැනීමට මා ඔබව උනන්දු කරවනවා. යෝගාවට උනන්දු කරවන ඒකායන කෙනා, ඔබගේ ඒප්‍රනය පුරවන ඒකායන කෙනා, සෑම රෝගයක්ම සුව කරන ඒකායන කෙනා කියා මට කියනවා. ගීතාවේ සැබෑ අරුතත් බාබා පහදා දෙනවා. මා ඔබට යෝගා කියා දෙනවා. ඒ වගේම අන් අයට යෝගා උගන්වන විදියත් මා ඔබට කියා දෙනවා. ඔය දරුවන් යෝගා ඉගෙන ගෙන පසුව එය අන් අයටත් කියා දෙනවා. යෝගාවෙන් අපගේ ආලෝකය දල්වන්නේ ඒකායන ඔබයි කියා ඔවුන් කියනවා. නිවසේ සිටිය දී එවන් ගීත ඇසීමෙන් මේ මුළු ඥානයම ඔබගේ බුද්ධියේ රැව් පිළිරැව් දේවි. පරමාත්ම පියා සිහි කිරීමෙන් උරුමය පිළිබඳ කුල්මත් බව ඉහළ යාවි. 'පරමාත්ම" හෝ "දෙවියන්" කියා කියූ පමණින් ඔබගේ මුව මිහිරි වන්නේ නැහැ. "බාබා" කියා කියූ විට ඒ තුළ උරුමයත් අන්තර්ගතයි. ඔය දරුවන් දැන් මුල, මැද හා අග පිළිබඳ ඥානය අසා පසුව එය අන් අයටත් කියා දෙනවා. හක් ගෙඩිය පිඹිනවා යන්නෙන් අදහස් කරන්නේ මෙයයි. ඔය දරුවන් කිසිම පොත් ආදී දේ අතේ තියා ගත යුත්තේ නැහැ; මේ කරුණු ධාරණය කර ගැනීම පමණයි කළ යුත්තේ. ඔබ තමයි සැබෑ ආධ්‍යාත්මික බ්‍රහ්මින්වරුන්, ආධ්‍යාත්මික පියාගේ දරුවන්. භාරතය දෙව්ලොව බවට පත් වන්නේ සැබෑ ගීතාවෙනුයි. ග්‍රන්ථ ලියූ අය නිකම් වාඩි වී කතාන්දර ගෙතුවා. ඔබ සෑම කෙනෙක්ම පාර්වතීන්ලායි. මා ඔබට අමරණීයත්වයේ කතාව කියා දෙනවා. ඔබ සෑම කෙනෙක්ම ද්‍රවුපතීන්ය. එහිදී කිසිම කෙනෙක් පහර කෑම් වලට ලක් වෙන්නේ නැහැ. මිනිස්සු අසනවා: එහෙමනම්, එහි දරුවන් උපදින්නේ කෙසේද? කියා. ඔවුන්ට කියන්න: ඔවුන් එහිදී පාපයෙන් තොර නිසා කොහොමද පාපයක් ගැන ප්‍රශ්නයක් ඇති වන්නේ? යෝග බලයෙන් දරුවන් උපදින්නේ කෙසේද යන්න ගැන ඔබට තේරෙන්නේ නැහැ; නිකම් වාද කර කර ඉන්නවා! ඒ කතාන්දර ග්‍රන්ථ වල ලියා ඇති දේවලුයි. එය මුළුමනින්ම පාපයෙන් තොර ලෝකයයි. නමුත් මෙය පව්කාර ලෝකයයි. නාටකයට අනුව මායා ඔබව නැවතත් දුකට පත් කරාවි කියා මා දන්නවා. කල්පයක් කල්පයක් පාසා, මා පැමිණ මගේ රාජකාරිය ඉටු කරන්නම්. මීට පෙර කල්පයේ සිට පැමිණි සෑම කෙනෙක්ම, බොහෝ කලක් තිස්සේ නැති වී සිටි අය නැවතත් උරුමය දිනා ගනීවි; එවන් සලකුණු ඔවුන් පෙන්වනවා. මේ ඒ මහාභාරත යුද්ධයමයි. දේවතාවරුන් වීමට, එනම්, නැවතත් වතාවක් දෙව්ලොව පාලකවරුන් වීමට ඔබට උත්සාහයක් දැරීමට සිදු වෙනවා. මෙහි භෞතික යුද්ධයක් ගැන ගැටළුවක් නැහැ. යක්ෂයින් හා දේවතාවරුන් අතර කවදාවත් සටනක් සිදු වුණේ නැහැ. එහිදී ඔබව සටන් කරවීමට මායා ඇත්තෙත් නැහැ. කල්ප බාගයක් පුරාවට කිසිම කෙනෙක් රණ්ඩු වන්නේ නැහැ. වෙන කිසිම ලෙඩක් දුකක්, කලබලයක් ඇති වන්නේත් නැහැ. එහි ඇත්තේ නිරන්තර සතුටමයි; සදා වසන්ත සමයයි. රෝහල් ආදිය එහි නැහැ. නමුත් ඉගෙන ගැනීමට පාසල් තිබෙනවා. ඔබ සෑම කෙනෙක්ම මෙහිදී තම තමන්ගේ උරුමය දිනා ගන්නවා. අධ්‍යාපනයක් දුන් විට, මිනිසුන්ට තනිව නැඟිටිය හැකියි. මේ ගැන කතාවකුත් තිබෙනවා. පියෙක් තම දියණියගෙන් ඇසුවා ඇය පෝෂණය වන්නේ කාගේ වාසනාවෙන්ද කියා, එවිට දියණිය පිළිතුරු දුන්නේ තමන් පෝෂණය වන්නේ තමාගේම වාසනාවෙන් බවයි. නමුත් එය සීමිත වාසනාවක්. දැන් ඔබ ඔබගේ වාසනාව අසීමිත කර ගන්නවා. උපත් 21කට රාජ්‍යයේ වාසනාව අත්විඳිය හැකි ආකාරයේ මහා වාසනාවක් ඔබ තමුන් සඳහා නිර්මාණය කර ගන්නවා. මේ ඔබගේ අසීමිත සතුටේ උරුමයයි. මේ දෙක අතර වෙනස දැන් ඔය දරුවන්ට පැහැදිලිව තේරෙනවා. භාරතය මහා සතුටකින් තිබුණා. දැන් භාරතයට සිදු වී තිබෙන්නේ කුමක්ද? මීට පෙර කල්පයේ දී තම රජදහනේ වාසනාව අත්විඳි අයම තමයි නැවතත් වතාවක් එය ලබන්නේ. ඒ වුණත්, නාටකයේ ඇති කුමන හෝ දෙයක් තමයි තමන් නැවතත් ලබන්නේ කියා ඔබ නොකිව යුතුයි. එහෙනම් ඔබ කුසගින්නේ මිය යාවි. නාටකයේ රහස් ඔබ හරියටම තේරුම් ගත යුතුයි. එක් පිරිසක් කල්පයේ කාල පරාසය ගැන එක දෙයක් කියද්දී තවත් පිරිසක් තවත් දෙයක් කියනවා. විවිධ අදහස් ගණනාවක්ම තිබෙනවා. තමන් කොහොමත් සතුටිනුයි සිටින්නේ කියාත් ඇතැම් අය කියනවා. ඔවුන් කවදා හෝ අසනීප වී ඉඳ තිබෙනවා ද කියා ඇසුවහොත්, ලෙඩ වන්නේ ශරීරය පමණයි ජීවාත්මය ඒවාට හසු වන්නේ නැහැයි කියා ඔවුන් කියනවා. කෙසේවෙතත්, රිදීමක් ඇති වුණු විට ඒ වේදනාව විඳින්නේ ජීවාත්මයයි. මේ දේවල් වඩාත් හොඳින් වටහා ගත යුතුයි. මෙය එකම එක ගුරුවරයා විසින් පමණක් උගන්වන පාසලයි. ඔබ සෑම කෙනෙකුටම ඥානය එකයි. ඔබගේ අරමුණ හා ඉලක්කයත් එකමයි. ඒ තමයි "නර" (මිනිසා) ගෙන් නාරායන වීම. අසමත් වන අය චන්ද්‍ර වාංශිකයින් වේවි. දේවතාවරුන් සිටිනා කළ ක්ෂත්‍රියයන් නැහැ; ක්ෂත්‍රියයන් සිටිනා කළ වෙළෙන්ඳුන් නැහැ, එමෙන්ම වෙළෙන්ඳුන් සිටි කළ ශුද්‍රයින් සිටියේත් නැහැ. මේවා තේරුම් ගත යුතු කරුණුයි. ඔය මව්වරුන්ට මෙය ඉතාමත් පහසුයි. ඇත්තේ එකම එක විභාගයකි. ප්‍රමාද වී පැමිණෙන අය ඉගෙන ගන්නේ කෙසේද? කියා සිතන්න එපා. අලුත් අය ඉක්මනින්ම ඉදිරියට යනවා. මෙය ප්‍රායෝගිකවම සිදු වෙනවා. මායා, රාවනට රූපයක් නැහැ. කෙනෙක් තුළ රාග භුතයා සිටිනවායි කියා කිව හැකියි. නමුත් රාවනට ශරීරයක් හෝ රූපයක් නැහැ. අච්චා. සියල්ලේම සැකරිනය වන්නේ "මන්මනභව" යි. බාබා කියනවා : මා සිහි කරන්න. පසුව මෙම යෝග අග්නියෙන් ඔබගේ පාප දුරු වේවි. පරමාත්ම පියා ඔබගේ මඟපෙන්වන්නා ලෙසින් පැමිණෙනවා. බාබා කියනවා : දරුවනි, ඔබට ඉගැන්වීමට මම ම පැමිණෙනවා. කල්පයක් කල්පයක් පාසා මා මගේ රාජකාරිය ඉටු කිරීමට පැමිණෙනවා. පාරලෞකික පියා කියන්නේ ; මා පැමිණ සිටින්නේ ඔය දරුවන්ගේත් සහායෙන් මගේ රාජකාරිය ඉටු කිරීමටයි. ඔබටත් තැනක් දිනා ගත හැකි වන්නේ මේ සහාය දැක්වුවහොත් පමණයි. මා එතරම් ශ්‍රේෂ්ඨ පියෙක්. මා එතරම් විශාල යාග ගින්නක් නිර්මාණය කරනවා. ඔය සෑම බ්‍රහ්මින්වරයෙක්ම, බ්‍රහ්මාගේ කටින් උපන් දරුවන්– සහෝදර සහෝදරියනුයි. තම තමන් සහෝදර සහෝදරියන්ය යන සිහියේ සිටිනා විට ඔබට ඔබගේ සැමියා බිරිඳ යන දැක්ම වෙනස් කර ගත හැකි වෙනවා. පරමාත්ම පියා කියන්නේ : බ්‍රහමින් කුලයේ නමට අපහාස කරන්න එපා. පාරිශුද්ධව සිටීමට ක්‍රම විධි තිබෙනවා. එකටම ජීවත් වෙන ගමන් ගින්නක් හට නොගෙන සිටීමට අපහසුයි කියා මිනිස්සු කියනවා. බාබා කියනවා : ඔබ දෙපළ අතරින් ඥාන අසිපත තබා ගෙන සිටිනතාක් කල් එවන් ගින්නක් ඇවිලෙන්නේ නැහැ. එහෙත්, දෙදෙනාම 'මන්මනභව" වී සිටියහොත් පමණයි. දෙදෙනාම ශිව බාබාගේ සිහියෙන් තමන් බ්‍රහ්මින්වරුන්ය යන අවධානයෙන් සිටියහොත් පමණයි එය සිදු විය හැක්කේ. මිනිස්සු කලබල ඇති කරන්නේ ඔවුන්ට මේ දේවල් නොතේරෙන නිසායි. පසුව ඔබට අපහාස විඳීමට සිදු වෙනවා. කිසිම කෙනෙක් ක්‍රිෂ්ණාට අපහාස කරන්නේ නැහැ. දැන් ක්‍රිෂ්ණා මෙතැනට පැමිණියහොත් පිටරට වල සිටින අයත් ප්ලේන් වල නැඟ මෙහි දුවගෙන ඒවි, මහා සෙනඟක් එක් රොක් වේවි. භාරතයේ කුමක් සිදු වේවිද කියා කවුද දන්නේ? අච්චා, අද භෝග් පිළිගන්වන දවසයි. මේ නිවස ඔබගේ පරමාත්ම පියාගේ නිවහනයි, ඒ නිවස විවාහයේ ඥාති නිවසයි සහ හමුවීම සිදු වන්නේ සංගම යුගයේ දීයි. මෙය විජ්ජාවක් කියා ඇතැම් අය සිතනවා. ධ්‍යාන දර්ශන යනු මොනවාද, භක්ති මාර්ගයේ දී ඒවා පෙනෙන්නේ කෙසේද කියා බාබා පහදා දෙනවා. දැන් තම බුද්ධිය තුළ කිසිදු සැකයක් ඇති කර නොගැනීමට ඔබ වගබලා ගත යුතුයි. මේ ඔබගේ සිරිත් විරිත්ය. මේ ශිව බාබාගේ භාණ්ඩාගාරයයි. එමනිසා, ඔහුව සිහි කර ඔහුට භෝග් පිළිගැන්වීම කරන්න. යෝගාවේ සිටීම හොඳයි; බාබාගේ සිහියේ ඔබ සිටීවි. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තමන් බ්‍රහ්මාගේ කටින් උපන් අයයි යන අවධානයේ සිටිමින් සැබෑ පිවිතුරු බ්‍රහ්මින්වරුන් වන්න. මෙම බ්‍රහ්මින් කුළයට කවදාවත් අපහාස නොකරන්න.

2. පරමාත්ම පියා සේ අශරීරික හා නිරහංකාර වී තම රාජකාරිය ඉටු කරන්න. ආධ්‍යාත්මික සේවයේ නිරත වන්න.

වරදානය:
ඔබ ඔබේ සෙනෙහසේ බලයෙන් මායාගේ බලය අවසන් කරන සම්පූර්ණයෙන්ම අවබෝධයට පත් ජීවාත්මයක් වේවා.

සෙනෙහස තුළ ගිලුණු යනු සම්පූර්ණ ඥානය තිබීමයි. සෙනෙහස බ්‍රහමින් ජීවිතයේ ආශිර්වාදයකි. සංගම් යුගයේදී, ස්නේහ සාගරය ඔබට දියමන්ති සහ මුතු මැණික් බඳුන් පුරවා ලබා දෙයි, එබැවින් ඔබ සෙනෙහසින් පිරී යයි. කන්දක් වැනි වූ අවස්ථාවක් සෙනෙහසේ බලයෙන් පරිවර්තනය වී ජලය මෙන් සැහැල්ලු වේ. ඔබට විරුද්ධ වීමට මායා කෙතරම් බියජනක හෝ රාජකීය කුමන හෝ ස්වරූපයක් අරගත්තා වුවත්, තත්පරයකින් ස්නේහ සාගරයේ මුසු වන්න, එවිට මායාගේ බලය ඔබේ සෙනෙහසේ බලයෙන් අවසන් වනු ඇත.

පාඨය:
පරමාත්ම පියාගේ කර්යයේදී තම ශරීරයෙන්, මනසින් සහ ධනයෙන් හා ඔවුන්ගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවෙන් නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කරන අය යෝගීවරුන්ය.