12.01.25    Avyakt Bapdada      Sinhala Murli     15.11.2003    Om Shanti    Madhuban


සුරදූත ස්ථිතිය අත්විඳීම සදහා ඔබගේ මනස ස්ථාවර කරගෙන
ඔබගේ ඒකාග්‍රතාවයේ බලය භාවිතා කරන්න.


අද දින සියළු සම්පත් වල පාලකයා, ඒවායෙන් පිරි ඇති සෑම තැනකම සිටින ඔහුගේ දරුවන් දෙස බලයි. ඔහු සෑම දරුවෙක්වම, සියළු සම්පත් වල පාලකයෙක් බවට පත් කර තිබේ. වෙනත් කිසිවෙකුට ඔබට ලබා දිය නොහැකි ආකාරයේ සම්පත් ඔබට ලැබී ඇත. එබැවින් ඔය සෑම කෙනෙක්ම තමන් සියළු සම්පත් වලින් පිරී ඇති බව අත්දකිනවාද? වඩාත්ම උසස් සම්පත් වන්නේ මෙම දැනුමේ සම්පත, බලයන්ගේ සම්පත් සහ ගුණදම් වල සම්පත්. ඒවා සමගම පරම පියාගෙන් සහ මුළු බ්‍රහ්මින් පවුලේ ආශිර්වාද වල සම්පත්ද ඔබට තිබේ. එබැවින් පරීක්ෂා කරන්න: මට මේ සියළු සම්පත් ලැබී තිබෙනවාද? සියළු සම්පත් වලින් පිරී ඇති ජීවාත්මයකගේ ලක්ෂණය වන්නේ, එම ජීවාත්මයගේ ඇස්, මුහුණ සහ හැසිරීමෙන් අන් අයද සතුට අත්දැකීමයි. එවන් ජීවාත්මයක් සමග සම්බන්ද වන ඔනෑම ජීවාත්මයක්, එම ජීවාත්මය ආධ්‍යාත්මික බව සහ ඔවුන්ගේ අලෞකික සතුට නිසා වෙනස් ලෙස දිස්වන බව අත්විදියි. ඔබගේ සතුට දැක අන් ජීවාත්මත් කෙටි කාලයකට සතුට අත්විදියි. ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ගේ සුදු ඇදුම බොහෝ සුන්දර මෙන්ම අසහාය බව සියළු දෙනාට හැගෙන අතර ඔවුන් එයට ප්‍රිය කරයි, එමෙන්ම ඔවුන් එයින් පිරිසිදුකම, සරලකම සහ පවිත්‍රතාවය අත්විදින අතර එම කෙනා බ්‍රහ්ම කුමාර් හෝ කුමාරි කෙනෙක් බව ඔවුන්ට දුර සිටම කිව හැක. ඒ අන්දමින්ම සතුටේ දීප්තිය සහ වාසනාවන්ත වීමේ කුල්මත්බව ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ගේ හැසිරීමේ සහ මුහුණේ නිරතුරුවම දිස්වෙයි. වර්ථමානයේ සියළු ජීවාත්ම සිටින්නේ බොහෝ අසතුටින්ය. ඔබගේ සතුටු මුහුණු සහ හැසිරීම දැකීමෙන් එවන් ජීවාත්ම, එක මොහොතකට හෝ සතුට අත්විදියි. පිපාසාවෙන් සිටින ජීවාත්මයකට වතුර බිදක් ලැබුණු විට පවා ඔහුට බොහෝ සතුට දැනෙන සේම, ජීවාත්මයන්ට සතුටේ බිංදුවක් වුවද උපරිම ලෙස අත්‍යාවශ්‍යයි. ඒ අන්දමින්ම ඔබ සියළු සම්පත් වලින් පිරිපුන්ද? ඔය සෑම බ්‍රහ්මින් ජීවාත්මයක්, ඔබ නිරන්තරයෙන් සියළු සම්පත් වලින් පිරි ඇති බව අත්විදිනවාද, නැත්නම් ඇතැම් විටෙක පමණයිද? සම්පත් අවිනාශීය, ඔබට ඒවා ලබා දෙන දානපති අවිනාශීය, එබැවින් ඒවා අවිනාශීව රැදී තිබිය යුතුයි, මන්ද මුළු කල්පය පුරාම ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ට ලැබෙන අලෞකික සතුට වෙනත් කිසිවෙකුට නොලැබෙයි. මෙකල අලෞකික සතුට, ප්‍රතිලාභයක ස්වරූපයෙන්, චක්‍ර භාගයක් අඛණ්ඩව පවති. එබැවින් ඔබ සතුටින්ද? ඔබ සියළු දෙනාම සතුටින්ද? ඔබ සියළු දෙනාම මෙයට අත් එසවීය. හොදයි. ඔබ නිරතුරුවම සතුටින්ද? ඔබගේ සතුට විටෙක අතුරුදහන් වනවාද? එය ඇතැම් විට ඉවත්ව යනවාද? ඔබ සතුටින් රැදී සිටියි, නමුත් නිරතුරුවම සතුටින් සිටීමේ වෙනසක් ඇත. ඔබ සතුටින් සිටින නමුත් ප්‍රතිශතයේ වෙනසක් ඇත.

ඔහුගේ ස්වයංක්‍රීය රූපවාහිනියේ බාප්දාදා සියළුම දරුවන්ගේ මුහුණු දකිනවා. එසේ නම් ඔහු දකින්නේ කුමක්ද? එක දවසක ඔබත් ඔබගේ සතුටේ වාර්ථාව පරීක්ෂා කර බැලිය යුතුයි. දවස පුරාම අම්රිත් වේලාවේ සිට රාත්‍රිය දක්වා ඔබගේ සතුට එකම ප්‍රතිශතයකට රැදී තිබෙනවාද? නැත්නම් එය වෙනස් වනවාද? මෙය පරීක්ෂා කරන්නේ කෙසේද කියා ඔබ දන්නවා නේද? පරීක්ෂා කිරීම සදහා මෙකල විද්‍යාව බොහෝ නිවැරදි යන්ත්‍ර නිපදවා තිබේ. එබැවින් පරීක්ෂා කර එය අවිනාශී කර ගන්න. බාප්දාදා සියළුම දරුවන්ගේ වත්මන් වාර්ථා පරීක්ෂා කළා. ඔබ සියළු දෙනාම උත්සාහ දරන නමුත් ඔබගෙන් සමහරු ඔබගේ හැකියාවට අනුව එය කරන අතර සමහරු බලවත් ලෙස උත්සාහ දරනවා. එබැවින් අද බාප්දාදා සියළුම දරුවන්ගේ මනසේ ස්ථිතිය පරීක්ෂා කර බැලුවා, මන්ද, ප්‍රධාන දේ වන්නේ ‘මන්මනාභව’ නිසා. සේවය අතින් පවා, වඩාත්ම ශ්‍රේෂ්ඨ සේවය වන්නේ මනසින් සිදු කරන සේවයයි. ඔබ පවසන්නේ: තම මනස ජය ගන්නා අය, ලෝකය ජය ගනී. එබැවින් බාබා ඔබගේ මනසේ තත්ත්වය පරීක්ෂා කළා. ඉතිං, ඔහු දුටුවේ කුමක්ද? ඔබ මනසේ පාලකයන් වී එය ක්‍රියාත්මක කරයි, නමුත් ඇතැම් විට, ඔබගේ මනස ඔබ ලවා ක්‍රියා සිදු කරවයි. එවිට ඔබගේ මනස ඔබව පාලනය කරයි. එබැවින් ඔබගේ මනසේ ගැඹුරු සෙනෙහස තිබෙන බව බාප්දාදා දුටුව නමුත් ඔබගේ මනස ඒකාග්‍ර සහ ස්ථාවර නැත.

වත්මන් කාලයේ ස්ථාවර සහ ඒකාග්‍ර වුනු මනසක් ඔබට නිරන්තර ස්ථිතියක් අත්විදිමට මග පාදයි. ඔබට ඔබගේ මනස ඒකාග්‍ර කිරීමට අවශ්‍ය නමුත් එය අතර මගදි සැරිසරන බව බාප්දාදා ප්‍රතිඵලයේ දුටුවා. ඒකාග්‍රතාවයේ බලය, ඔබට පහසුවෙන් අව්‍යක්ත සුරදූත ස්ථිතිය අත්විදිමට මගපාදයි. ඔබගේ මනස නිෂ්ඵල සිදුවීම්, නිෂ්ඵල සිතිවිලි සහ නිෂ්ඵල අන්තර් සම්බන්දතා වෙතට සැරිසරයි. නිදසුනක් ලෙස සමහරුන්ට ශාරීරිකව නිසොල්මනේ අසුන්ගෙන සිටීමේ පුරුද්ද පවා නොමැති අතර තවත් අයට එම පුරුද්ද තිබේ. එබැවින් ඔබට අවශ්‍ය තැනක, අවශ්‍ය විටෙක සහ අවශ්‍ය කාලයක්, ඔබගේ මනස ස්ථාවර කිරීමට හැකි වන විට, එය හැදින්වෙන්නේ ඔබගේ මනස ඔබගේ පාලනය යටතේ තිබීම ලෙසයි. ඒකාග්‍රතාවයේ බලය සහ පාලකයෙක් වීමේ බලය, ඔබව පහසුවෙන් බාධක වලින් නිදහස් කරයි. එවිට ඔබට සටන් කිරීමට සිදු නොවෙයි. ඒකාග්‍රතාවයේ බලය භාවිතා කිරීමෙන් ඔබ ඉබේටම නිරන්තර සුරදූත ස්ථිතියක් අත්දකියි. ඔබ තුල බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබේ. එබැවින් බ්‍රහ්ම පියාට සමාන වීම යනු, සුරදූතයෙක් වීමයි. ඒකාග්‍රතාවයේ බලය භාවිතා කිරීමෙන් ඔබට ඉබේටම සෙනෙහස, හිතකාමීත්වය සහ සියළු දෙනා කෙරෙහි ගෞරවයේ ආකල්පයක් තිබෙයි, මන්ද, ස්ථාවරත්වය තිබීම යනු, ස්ව-අභිමානයේ ස්ථිතිය තිබීමයි. සුරදූත මනෝ ස්ථිතිය ඔබගේ ස්ව-අභිමානයයි; බ්‍රහ්ම පියා තුල ඔබ මෙය දුටු අතර ඔබ ඒ ගැන කතාද කරයි. ඔහුගේ අංග සම්පූර්ණත්වයේ කාලය නොකඩවා සමීප වත්ම ඔබ දුටුවේ කුමක්ද? ඇවිදින සහ චලනය වන සුරදූත ස්වරූපය. ඔහු, තම සිරුර පිලිබද අවධානය ඉක්මවා සිටියා. ඔහුගේ ශරීරය පිලිබද හැගීමක් ඔබට කිසිවිටෙක ඇති වුණාද? ඔහු ඔබ ඉදිරියේ ඇවිද යන විට, ඔබට සිරුර දැක ගැනීමට හැකි වුණාද, නැත්නම් ඔබ සුරදූත ස්වරූපය අත්දුටුවාද? ඔහු ක්‍රියා සිදු කරන විට, කතා කරන විට, උපදෙස් ලබා දෙන විට හෝ අන් අයට උනන්දුව සහ උද්යෝගය ලබා දෙන විට ඔහු සිටියේ සිරුරට නොබැදීවයි; ඔබ සූක්ෂ්ම ආලෝක ස්වරූපයක් අත්දුටුවා. බ්‍රහ්ම බාබා කතා කරන විට, ඔහු ඔබට කතා කරන්නාක් මෙන් නමුත්, ඔහු එහි නොසිටි බවක් ඔබට හැගුණු බව, ඔබ පවසනවා නේද? ඔහු ඔබ දෙස බලා සිටින නමුත් ඔහුගේ ද්‍රිෂ්ඨිය අලෞකික විය. එය මෙම භෞතික ද්‍රිෂ්ඨිය නොවීය. ඔහු, සිටියේ ඔහුගේ සිරුර පිලිබද අවධානය ඉක්මවා ගොසින්ය. වෙනත් අයටත් සිරුර පිලිබද කිසිදු අවධානයක් නොදැනෙන විට, ඔවුන් ඔබගේ ආධ්‍යාත්මික ස්වරූපය දකින විට, එය හැදින්වෙන්නේ සිරුරක් තුල සිටින අතර සුරදූත ස්වරූපයේ සිටීම ලෙසයි. සෑම සිදුවීමකදීම, ඔබගේ ආකල්පයේ, ද්‍රිෂ්ඨියේ සහ ක්‍රියා තුල අසහායබවේ අත්දැකීම තිබිය යුතුයි. ඔහු කතා කළ විට, එයින් බොහෝ නොබැදී, ආදරණීය බවක් හැගුණි; ජීව-අවධාන අන්දමකින් ආදරණීය විය. ඒ අන්දමින්ම, ඔබත් සුරදූත ස්ථිතිය අත්විදිය යුතු අතර අන් අයටත් මෙම අත්දැකීම ලබා දිය යුතුයි, මන්ද, සුරදූතයෙක් නොවී ඔබට දේවතාවක් විය නොහැක. සුරදූතයන් දේවතාවන්ය. එබැවින් අංක එකේ ජීවාත්මය වූ බ්‍රහ්ම, ඔහුගේ ප්‍රායෝගික ජීවිතයෙන් සුරදූත ජීවිතයේ අත්දැකීම ලබා දුන්නා, එමෙන්ම ඔහු එම සුරදූත ස්වරූපය බවට පත් විය. එම සුරදූත ස්වරූපය සමගම, ඔබ සියළු දෙනාමත් සුරදූතයන් වී, පරම දනව්වට යා යුතුයි. මේ සදහා, ඔබගේ මනස ස්ථාවරව තබා ගැනීමට ඔබ අවධානය යොමු කළ යුතුයි. ඔබගේ මනස, ඔබගේ නියෝග වලට අනුව ක්‍රියා කරවන්න. ඔබට යමක් කිරීමට තිබෙන විට, එම ක්‍රියා ඔබගේ මනසින් සිදු කරන්න. ඔබට යමක් කිරීමට අනවශ්‍ය නමුත්, එය කල යුතු බව ඔබගේ මනස පවසන්නේ නම්, එය පාලකයෙක් වීම නොවෙයි. වත්මන් මොහොතේ ඇතැම් දරුවන් පවසන්නේ: “මට එය කිරීමට අනවශ්‍ය වූ නමුත් එය සිදු විය. මා එසේ නොසිතූ නමුත් එය ඉබේටම සිදුවිය. මා එය නොකළ යුතුව තිබුණු නමුත් එය නිකම්ම සිදුවිය.” මෙය, ඔබගේ මනස විසින් ඔබව පාලනය කිරීමේ සිථිතියයි. ඔබ එම ස්ථිතියට අකැමතියි, නේද? බ්‍රහ්ම පියාව අනුගමනය කරන්න. ඔබ බ්‍රහ්ම පියාව දුටුවා. ඔහු ඔබ ඉදිරියේ සිටගෙන සිටි විට, ඔබ අත්වින්දේ කුමක්ද? එහි සුරදූතයෙක් සිටගෙන සිටින බව, සුරදූතයෙක් ඔබට ද්‍රිෂ්ඨි දෙන බව. එබැවින් ඔබගේ මනසේ ඒකාග්‍රතාවයේ බලය, ඔබව පහසුවෙන් සුරදූතයෙක් බවට පත් කරයි. තවද බ්‍රහ්ම පියා ඔය දරුවන්ට මෙසේද කියයි: සමාන වන්න. ශිව පියා පවසන්නේ: අශාරීරික වන්න, එමෙන්ම බ්‍රහ්ම පියා පවසන්නේ: සුරදූතයෙක් වන්න. එබැවින් ඔබ වටහා ගත්තේ කුමක්ද? ප්‍රතිඵලයක් ලෙස බාබා දුටුවේ කුමක්ද? ඔබගේ මනසේ ඒකාග්‍රතාවය අඩු බව. අතරමැදදි ඔබගේ මනස බොහෝ සේ වටේ සංචාරය කරයි, එය පිටත සැරිසරයි. එය නොයා යුතු තැනකට යන්නේ නම්, ඔබ එය හදුන්වන්නේ කෙසේද? ඔබ එය හදුන්වන්නේ සැරිසැරීම ලෙස නේද? එබැවින් ඔබගේ ඒකාග්‍රතාවයේ බලය වැඩි කරගන්න. පාලකයෙකුගේ අසුනේ තැන්පත්ව රැදී සිටින්න. ඔබ තැන්පත්ව රැදී සිටින විට ඔබ අප්සෙට් නොවෙයි. ඔබ තැන්පත්ව නොසිටින විට, ඔබ අප්සෙට් වෙයි. එබැවින් විවිධ ශ්‍රේෂ්ඨ මනෝ ස්ථිතියන් තුල තැන්පත්ව රැදී සිටින්න. මෙය හැදින්වෙන්නේ ස්ථාවරත්වය ඇති ඒකාග්‍රතාවයේ බලය ලෙසයි. මෙය හොදද?

ඔබ තුල බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා නේද? ඔබ තුල කොපමණ සෙනෙහසක් තිබෙනවාද? කොපමණක්ද? බොහෝ සේ. ඔබ තුල බොහෝ සෙනෙහස තිබේ. එසේ නම් සෙනෙහසේ ප්‍රතිචාරයක් ලෙස ඔබ පියාට ලබා දුන්නේ කුමක්ද? පියා තුලත් ඔබ කෙරෙහි සෙනෙහස තිබේ, ඔබ ඔහු කෙරෙහි සෙනෙහස දක්වනනේ මේ නිසයි. එබැවින් ඔබ ප්‍රතිඋපකාරයක් ලෙස ලබා දුන්නේ කුමක්ද? ප්‍රතිඋපකාරය වන්නේ සමාන වීමය. අච්චා.

ඔය ද්විත්ව විදේශිකයන්ද පැමිණ සිටිනවා. එය හොදයි. ඔය ද්විත්ව විදේශිකයන් නිසා මධුබන් අලංකාර වෙනවා. එය ජාත්‍යන්තර වනවා. බලන්න, මධුබන්වල විවිධ අංශ වල සේවය සිදුවන විට, හඩ එහි සිට සෑම තැනකටම පැතිරී යයි. විවිධ වෘත්තීන් වෙනුවෙන් සේවය ආරම්භ වූ පසුව ප්‍රභූ ගුණය ඇති ජීවාත්ම අතරේ හඩ බොහෝ පැතිරී ඇති බව ඔබ දැක ඇත. අතිශය වැදගත් ප්‍රභූන් පසෙකට දමන්න; ඔවුන්ට කිසි වෙලාවක් නොමැති අතර ඔබ වෙනත් විශාල වැඩසටහන් බොහොමයක්ද පවත්වා තිබේ. ඒවායෙන්ද හඩ පැතිරී යයි. දැන් දිල්ලිය සහ කල්කටාව මෙය කිරීමට යනවා නේද? ඔවුන් හොද සැලසුම් සාදයි. ඔවුන් හොදින් උත්සාහද දරයි. බාප්දාදාට නොකඩවා පුවත් ලැබෙයි. දිල්ලියේ සිට හඩ විදෙස් රටවලට ලගා විය යුතුයි. මාධ්‍යයේ අය සිදු කරන්නේ කුමක්ද? ඔවුන් කරන්නේ එය භාරතය තුල පැතිරීම පමණයි. මෙම වැඩසටහන දිල්ලියේ පැවැත්වූ බව සහ මෙම වැඩසටහන කල්කටාවේ පැවැත්වූ බවට හඩ විදෙස් රටවලින් පැමිණිය යුතුයි. විදෙස් රටවලින් මෙම හඩ, ඉන්දියාවට පැමිණිය යුතුයි. ඉන්දියාවේ කුම්භකරණයන් අවදි වීමට යන්නේ විදෙස් රටවල අයගේ මාර්ගයෙන් නේද? විදෙස් රටවලින් එන පුවත් වලට වැඩි වටිනාකමක් ඇත. භාරතයේ වැඩසටහනක් පවත්වා විදෙස් රටවල පුවත්පත් මගින් ඔවුන්ට ඒ ගැන පුවත් ලැබුණු විට, එවිට හඩ පැතිරෙයි. භාරතයේ හඩ විදෙස් රටවලට ගොස්, විදෙස් රටවලින් හඩ භාරතයට පැමිණිය යුතුයි. එවිට එය බලපෑමක් ඇති කරයි. එය හොදයි. ඔබ සංවිධානය කරන වැඩසටහන් හොදයි. ඔවුන්ගේ සෙනෙහසේ උත්සාහ වලට බාප්දාදා දිල්ලියේ අයට සුබ පතනවා. කල්කටාවේ අයටත් කල් තියා සුබ පැතුම් ලබා දෙනවා, මන්ද, සහයෝගය, සෙනෙහස සහ එඩිතරකම - තුනම - එකමුතු වූ විට, හඩ විශාල ලෙස ඇසෙයි. හඩ පැතිරෙයි. එය පැතිරි නොයන්නේ කෙසේද? දැන් මාධ්‍යයෙන් පැමිණි ඔබ මෙම විශ්මය සිදු කළ යුතුයි. සියළු දෙනාම එය රූපවාහිනියේ නැරඹුවා, මෙය රූපවාහිනියේ පෙන්වනු ලැබුවා. තිබිය යුත්තේ මෙය පමණක් නොවෙයි. මෙය සිදුවන්නේ භාරතයේ. දැන් ඔබ විදෙස් රටවලට ලගා විය යුතුයි. දැන් මේ වසරේ, හඩ සෑම තැනකම විහිදුවා හැරීමට ඔබ කෙතරම් එඩිතරකමින් සහ මහා බලයකින් සමරන්නේද කියා අපි බලමු. ද්විත්ව විදේශිකයන්ට බොහෝ උනන්දුව සහ උද්යෝගය ඇති බවට පුවත බාප්දාදාට ලැබී ඇත. එය හොදයි. ඔබ එකිනෙකාව දකින විට ඔබට වැඩි උද්යෝගයක් ඇති වෙයි. මුලපුරන අය, බ්‍රහ්මට සමානයි. එය හොදයි. ඉතිං දාදීටද සිතිවිල්ල ඇති වෙයි. ඔබව කාර්යබහුලව තබා ගැනීමට එය හොද මාර්ගයක්. එය හොදයි. ඇය උපකරණයකි. අච්චා.

ඔබ සියළු දෙනාම පියාසර ස්ථිතියේ සිටින අයද? පියාසර ස්ථිතිය, වේගවත් ස්ථිතියයි. ඇවිදින ස්ථිතිය හෝ නගින ස්ථිතිය වේගවත් ස්ථිතියක් නොවෙයි. පියාසර ස්ථිතිය වේගවත් වන අතර ඔබට අංක එක වීමටද එය මගපාදයි. අච්චා.

ඔය මව්වරු කුමක්ද කරන්න යන්නේ? මව්වරු ඔබගේ සමකාලීනයන්ව අවදි කරන්න. අඩු තරමින් එවිට පැමිණිලි කරන මව්වරුවත් ඉතිරි නොවිය යුතුයි. සෑම විටම විශාලතම සංඛ්‍යාව වන්නේ මව්වරු සංඛ්‍යාවයි. බාප්දාදා සතුටු වනවා, එමෙන්ම මෙම කණ්ඩායමේ, සියළු කණ්ඩායම්වල හොද සංඛ්‍යාවක් සිටිනවා. කුමාර්ලා හොද සංඛ්‍යාවක් ඇවිත්. දැන්, කුමාර්ලා ඔබගේ සමකාලීනයන් අවදි කරන්න. එය හොදයි. ඔවුන්ගේ සිහින වලදි පවා, ඔවුන්ගේ පාරිශුද්ධත්වයේ ඔවුන් ඉතා ස්ථිර බවට විශ්මය කුමාර්ලා පෙන්විය යුතුයි. බාප්දාදාට ලෝකයට අභියෝග කිරීමට හැකි විය යුතුයි; ඔබ බ්‍රහ්ම කුමාර්ලා, තරුණ කුමාර්ලා; ඔබ ද්විත්ව කුමාර්ලා, එහෙම නේද? ඔබ බ්‍රහ්ම කුමාර්ලා සහ ශාරීරිකවත් ඔබ කුමාර්ලාය. එබැවින් ප්‍රායෝගික අන්දමකින් පවිත්‍රතාවයේ අර්ථකතනය තිබිය යුතුයි. එබැවින් ඔබගේ පවිත්‍රතාවය අතින් ඔබව පරීක්ෂා කිරීමට බාප්දාදා නියෝගයක් දිය යුතුද? බාබා නියෝගයක් දිය යුතුද? ඔහු එය කළ යුතුද? මෙයට ඔබ අත් ඔසවන්නේ නැහැ. මෙය පරීක්ෂා කිරීමට යන්ත්‍ර තිබෙනවා. අපවිත්‍රතාවයට ඔබගේ සිහිනෙන්වත් ඔබ වෙතට පැමිණීමට එඩිතරකමක් නොතිබිය යුතුයි. කුමාරීන්ටද එයම විය යුතුයි. කුමාරි කෙනෙක් යනු වන්දනීය, පිවිතුරු කුමාරි කෙනෙකි. කුමාර් සහ කුමාරීන් බාප්දාදාට පොරොන්දු විය යුතුයි: අප සියළු දෙනාම බොහෝ පිවිතුරුයි, එබැවින් අපගේ සිහිනවල වත් කිසිදු සිතිවිල්ලක් (අපවිත්‍ර) තිබිය නොහැක. කුමාර් සහ කුමාරීන්ගේ පවිත්‍රතාවයේ උත්සවය සමරන්නේ එවිට පමණයි. දැන් සුළු වශයෙන් තිබේ (අපවිත්‍රතා). බාප්දාදා ඒ ගැන දන්නවා. අපවිත්‍රතාවය ගැන නොදැනුවත්කම තිබිය යුතුයි, මන්ද, ඔබ නව උපතක් ගෙන තිබෙනවා, එහෙම නේද? අපවිත්‍රතාවය යනු ඔබගේ පෙර භවයේ දෙයක්. මෙය, ඔබ ජීවමානව මිය ගොස් ඇති උපතයි. ඔබගේ උපත, බ්‍රහ්මගේ මුඛයෙන් සිදුවූ පිවිතුරු උපතකි. එබැවින් පිවිතුරු උපතේ විනය රීති මාලාව අත්‍යාවශ්‍යයි. කුමාර් සහ කුමාරීන් මෙම දජය එසවිය යුතුයි: අප පිවිතුරු වන අතර අපි පිවිතුරු සංස්කාර ලෝකයට විහිදුවා හරිනවා. මෙම පාඨය මැතිරිය යුතුයි. ඔය කුමාරීන්ට මෙය ඇසුණාද? බලන්න, කුමාරින් කී දෙනෙක් සිටිනවාද කියා! දැන් මෙම හඩ පතුරන්නේ කුමාරීන්ද, කුමාර්ලාද කියා අපි බලමු. බ්‍රහ්ම පියාව අනුගමනය කරන්න. අපවිත්‍රතාවයේ නමක් හෝ සලකුණක්වත් නොතිබිය යුතුයි. බ්‍රහ්මින් ජීවිතයේ අරුත වන්නේ මෙයයි. ඔවුන්ට බැදීම් තිබෙන විට, මව්වරු තුලත් අපවිත්‍රතාවය තිබේ. ඔය මව්වරුන්ද බ්‍රහ්මින්වරු නේද? එබැවින් මෙය මව්වරු තුල, කුමාරීන් තුල, කුමාර්ලා තුල හෝ අර්ධ කුමාර් හෝ කුමාරීන් තුල පවා නොතිබිය යුතුයි. බ්‍රහ්මින් කෙනෙක් යනු පිවිතුරු ජීවාත්මයකි. කුමන හෝ අපවිත්‍ර ක්‍රියාකාරකමක් ඇත්නම් එය විශාල පාපයක් බව සැලකෙයි. එම පාපයට ලැබෙන දඩුවම් ඉතා දරුණුයි. එය සෑම විටම සිදු වනවා, එයට කමක් නැහැ, මෙයින් සුළු ප්‍රමාණයක් සෑම විටම තිබෙයි කියා නොසිතන්න. නැහැ; ප්‍රථම විෂය මෙයයි. නවතාවය පවිත්‍රතාවයයි. බ්‍රහ්ම පියාට කළ නින්දා අපහාස සිදුවුනේ පවිත්‍රතාවය නිසයි. ඔබට මෙසේ කියා තමන්ව නිදහස් කළ නොහැක: එය නිකම්ම සිදුවුණා. මේ ගැන නොසැලකිලිමත් නොවන්න. ඇය හෝ ඔහු කැප වුනු කෙනෙක්, සේවාධාරියෙක් හෝ ගෘහවාසියෙක් වුවද, ධර්මරාජ් මෙහිදි කිසිවෙකු අත්නොහරියි. බ්‍රහ්ම පියාද ධර්මරාජ්ගේ පැත්ත ගනීවි. එබැවින් කුමාර් සහ කුමාරීන් ඔබ කොහේ සිටියත් මධුබන් හෝ මධ්‍යස්ථාන වල වුවද, මෙය නිසා සිදුවන වේදනා විදීම, ඔබගේ සිතිවිලි වලින් වුණත්, එය ඉතා විශාල දුක් වේදනා විදවීමකි. ඔබ මෙම ගීතය ගායනා කරයි: “ඔබගේ මනස පිවිතුරුව තබා ගන්න. ඔබගේ සිරුර පිවිතුරුව තබා ගන්න.” මෙය ඔබගේ ගීතය නේද? එබැවින් ඔබගේ මනස පිවිතුරු වන විට ඔබගේ ජීවිතය පිවිතුරු වෙයි. මෙය සැහැල්ලුවෙන් සලකා මෙසේ නොකියන්න, “අප එය සුළු වශයෙන් සිදු කලොත් එයට කමක් නැහැ නේ?” එය සුළු දෙයක් නොවෙයි එය විශාලයි. බාප්දාදා ඔබට නිල අනතුරු ඇගවීමක් සිදු කරනවා. මෙහිදි ඔබව බේරා ගැනීමට නොහැකි වෙයි. එය කවුරු වුණත්, ඔහු ඉතා පැහැදිලිව මෙය ගිනුමට ඇතුලත් කරයි. එබැවින් ප්‍රවේසම් වන්න. අවධානයෙන් සිටින්න! ඔබ සියළු දෙනා අවධානයෙන් අසා සිටියාද? කන් දෙකම විවර කර අසා සිටින්න! ඔබගේ ආකල්පය තුලින් වත් කිසිදු ස්පර්ෂණයක් නොතිබිය යුතුයි. ඔබගේ ද්‍රිෂ්ඨිය තුලින් වත් කිසිදු ස්පර්ෂණයක් නොතිබිය යුතුයි. ඔබගේ සිතිවිලි වල එය නොමැති නම්, එය ඔබගේ ආකල්පයේ හෝ ද්‍රිෂ්ඨියේ තිබෙන්නේ කෙසේද? මෙයට හේතුව පරිසමාප්තියට පත්වන කාලය, සම්පූර්ණයෙන් පිවිතුරු වන කාලය, සමීපයට පැමිණෙන බැවිනි. මෙම අපවිත්‍රතාවය තිබෙන විට, එය සුදු කඩදාසියක ඇති කළු පැල්ලමක් වැනිය. අච්චා. ඔබ කොහේ සිට පැමිණියත්, සෑම තැනකින් පැමිණි ඔය සියළු දරුවන්ට සුබ පැතුම්.

අච්චා, ඔබගේ නියෝග යටතේ ඔබගේ මනස ක්‍රියා කරවන්න. ඔබට අවශ්‍ය ඔනෑම තැනකට තත්පරයකදි ඔබගේ මනස සම්බන්ද කිරීමට ඔබට හැකි විය යුතුයි. එය එතැන ස්ථාවර විය යුතුයි. මෙම අභ්‍යාසය සිදු කරන්න. අච්චා. බොහෝ ස්ථාන සිට දරුවන් බාබාට සවන් දෙනවා. ඔවුන් බාබාව සිහි කරන අතර ඔහුට සවන් දෙමින්ද සිටිනවා. මෙය ඇසීමෙන් ඔවුන් සතුටට පත් වනවා. ඇත්ත වශයෙන්ම විද්‍යාවේ පහසුකම් ඔය දරුවන්ට සතුට පිරිනමන්නන්ය.

නිරන්තරයෙන් සියලු සම්පත් වලින් පිරි සිටින සෑම තැනකම සිටින සියලු දරුවන්ට, සතුටු මුහුණු ඇති සහ ඔවුන්ගේ හැසිරීමෙන් සතුටේ බිදක් ලබා දෙන, නිරන්තරයෙන් භාග්‍යවන්ත දානපති දරුවන්ට, තම මනසේ නිරන්තර පාලකයන් වන සහ ඔවුන්ගේ මනස පාලනය කිරීමට ඒකාග්‍රතාවයේ බලය භාවිතා කරන සහ තම මනස ජය ගැනීමෙන් ලෝකය ජයගන්නා දරුවන්ට, ඔවුන්ගේ පවිත්‍රතාවයේ පෞරුෂත්වයෙන් බ්‍රහ්මින් දිවියේ විශේෂත්වය නිරන්තරයෙන් අත්විදින පිවිතුරු බ්‍රහ්මින් ජීවාත්මයන්ට, නිරන්තරයෙන් ආලෝකමත් සහ සැහැල්ලුවෙන් සිට සුරදූත ජීවිතයකින් බ්‍රහ්ම පියාව අනුගමනය කරන අයට, බ්‍රහ්ම පියාට සමාන එවන් දරුවන්ට, බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය. සෑම තැනකම සිට සවන් දෙමින් බාබාව සිහි කරන ඔය සියලු දරුවන්ට බොහෝ, බොහෝ සෙනෙහස සහ සිහි කිරීම මෙන්ම සියලු දෙනාට හදවතින් නැගෙන ආශිර්වාද සමග ඔබ සියලු දෙනාට නමස්තේ.

වරදානය:
ඔබ සකාර් බාබාව අනුගමනය කිරීමෙන් පරිසමාප්ත සුරදූතයෙක් වී, අංක එක හිමි කරගනිත්වා.

අංක එක හිමි කර ගැනීමට ඇති පහසු ක්‍රමය වන්නේ, අංක එකේ ජීවාත්මය වන බ්‍රහ්ම පියා දෙස බැලීමයි. තව බොහෝ දෙනෙක් දෙස බලනවා වෙනුවට, එම කෙනා දෙස පමණක් බලා, එම කෙනාව පමණක් අනුගමනය කරන්න. “මම සුරදූතයෙක්මි.” යන මන්ත්‍රය ස්ථිර කරගන්න, එවිට සියලු වෙනස්කම් අවසන් වෙයි. විද්‍යාවේ උපකරණ එවිට ඒවායේ කාර්යය ආරම්භ කරන අතර ඔබ පිරිපුන් සුරදූතයන් සහ ඉන්පසුව දේවතාවන් වී, නව ලෝකයකට අවතරණය වෙයි. එබැවින් පිරිපුන් සුරදූතයෙක් වීම යනු සකාර් බාබාව අනුගමනය කිරීමය.

පාඨය:
ගෞරවය ලබා ගැනීම අත්හැරීම තුළ, සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වීමේ භාග්‍යය මුසු වී තිබේ.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

බාප්දාදාට දයානුකම්පාවක් දැනෙන සේම, ඔය දරුවන්ද “මාස්ටර් දයානුකම්පිත” වී, ඔබගේ මනසේ ආකල්පයෙන් සහ වාතාවරණය මගින්, පරම පියාගෙන් ඔබට ලැබී ඇති බල, ජීවාත්මයන්ට ලබා දෙන්න. ඔබ ලෝක සේවය කෙටි කාලයකදි නිමා කළ යුතු බැවින් සහ ඔබ පදාර්ථ ඇතුළුව සියලු දෙනාව පිවිතුරු කළ යුතු බැවින් මෙම සේවය සීඝ්‍ර වේගයකින් සිදු කරන්න.