12.02.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ ඉතා ලොකු ස්වර්ණාභරණ වෙළෙන්දෝය. අවිනාශී ඥාන මිණිමුතු වලින් සැදි
ස්වර්ණාභරණ දී හැමකෙකුම ධනවත් කිරීම ඔබ කළ යුතුය.
ප්‍රශ්නය:
ඔබේ ජීවිතය
දියමන්තියක් සේ වටිනා බවට පත් කිරීමට ඔබ ප්‍රවේශම් විය යුතු ප්‍රධාන කාරණය කුමක්ද?
පිළිතුර:
ඔබ කරනා ආශ්‍රයන්ය. හොඳින් ඥාන වැසි වස්සන අයගේ ඇසුර ඔබ විසින් තබා ගත යුතුය. එවැනි
කිසිවක් නැති අයගේ ඇසුරින් ඇති ඵලය කුමක්ද? ඔබ කරනා ආශ්‍රය බොහෝ සෙයින් බලපායි.
ඇතැමුන්ගේ ආශ්‍රයෙන් සමහරු දියමන්ති හා සමාන වෙයි. අන් අයගේ ඇසුරින් ඔවුන් කැට
කැබිලිති මෙන් වෙයි. ඥානවන්ත අය නියතයෙන්ම අන් අය තමන් හා සමාන කරවාලයි. ඔවුන්ද
ඔවුන් කරන ආශ්‍රය පිළිබඳ බොහෝ ප්‍රවේශම් වෙයි.
ඕම් ශාන්ති.
සුමිහිරි
ආධ්‍යාත්මික දරුවනි, ඔබ මුළු ලෝකයද මුළු නාටකයද ඉතා හොඳින් සිහි කරයි. ඒ වෙනස
බුද්ධියෙන්ද දැක්වෙයි. මේ සියල්ල ඔබ බුද්ධිය තුළ ස්ථාවරව තබා ගන්න: සත් යුගයේ හැම
කෙනෙක්ම උසස් තත්ත්වයකට ආ, පාපයෙන් තොර පිරිසිඳු නිදහස් අයයි. දැන්, ලෝකය දූෂිතව
පාපකාරීව, අපිරිසිඳුව හා ණය බර වී ඇත. ඔබ දරුවන් දැන් සංගම් යුගයේ සිටියි. ඔබ එගොඩ
වෙමින් සිටී. ගංගාවක් සාගරයකට එකතු වෙන තැනට සංගමය යැයි කියැවේ. එක පැත්තක මිහිරි
ජලයත් අනෙක් පැත්තේ කරදියත් තිබේ. ඉතින් මෙයද සංගමය වෙයි. ඔබ දන්නවා සත් යුගයේ
නියතයෙන්ම තිබුණේ ලක‍්ෂ්මි නාරායන රජ දහන බව. චක්‍රය මෙසේ කරකැවේ. දැන් ඇත්තේ
සංගමයයි. කලි යුගයේ අවසන, හැම කෙනෙක්ම අසතුටිනි. මෙය කැලෑවක් යැයි කියැවේ. සත්
යුගයට කියන්නේ උද්‍යානය කියාය. ඔබ දැන් කටු බවින් මල් බවට පත් වෙමින් සිටී. ඔබට මෙම
විඥානය තිබිය යුතුය: අපි අසීමිත පියාගෙන් අපේ උරුමය ලබා ගන්නෙමු. මෙය බුද්ධියේ තබා
ගැනීම අවශ්‍යය. උපත් 84 කතාව කවුරුත් දනී. ඔබ දන්නවා මේ දැන් උපත් 84 හි අවසානය බව.
ඔබ දැන් සත්යුග උයනට යමින් සිටින බව මඟින් ඔබේ බුද්ධිය පෝෂණය වී ඇත. එවිට අපේ උපත්
නැවත මරණයේ දේශය තුළට නොඑයි. අපේ උපත් ඇති වනුයේ අමරණීය දේශය තුළයි. ශිව බාබා දිගටම
අමරණීයයි. අපි අපේ නියම වෙලාවට සතුටින්ම ශරීර අතහැරීම කෙරෙයි. එයට මරණයේ දේශය යැයි
නොකියැවේ. ඔබ අන් අයට මෙය විස්තර කරන විට ඔවුන් දැන ගනීවි ඔබට සම්පූර්ණ ඥානය ඇති
බව. ලෝකයට ආරම්භයක් සහ අවසානයක් තිබෙනවා නේද? දරුවෙක් තරුණ වියට පැමිණ ඉනික්බිතිව
වයස්ගත වෙයි. අවසානයට පැමිණ නැවත දරුවෙක් බවට පත් වෙයි. ලෝකයද අළුත් වී, ඉන්පසු
කාලක් වියපත්ව, ඉන්පසු භාගයක්ම වයසට ගොස් ඊළඟට සම්පූර්ණයෙන්ම වයසට යයි. ඉන්පසු නැවත
අළුත් වෙයි. වෙන කෙනෙකුට මේවා ගැන තව කෙනෙකුට කියා දිය නොහැකියි. අන් අයට මෙවැනි
සාකච්ඡා කළ නොහැකියි. ඔබ බ්‍රහ්මිණ් වරුන්ට හැර වෙන කිසිවෙකුට මෙම ආධ්‍යාත්මික
ඥානය ලැබිය නොහැකිය. ඔවුන් ද බ්‍රහ්මිණ් වංශයට ආ කල, ඔවුනට මෙය සවන් දිය හැකිය.
මේවා දන්නේ බ්‍රහ්මිණ්වරු පමණි. ඔවුන් අතරේ ද අනුපිළිවලක් ඇත. ඔබ සමහර අයට
නිවැරදිවම විස්තර කළ හැකිය. අන් අයට එසේ බැරි වූ විට අසන්නන්ටද කිසිවක් නොලැබේ.
ස්වර්ණාභරණ කරුවන් අතරේද ඔබට පෙනී යාවි සමහරුන් ළඟ මිලියන ගණන් වටිනා සංචිත තිබෙනා
අතර අන් අය ළඟ දස දහසක් වටිනා දෙයක්වත් නොමැති බව. ඔබ ගැනද එසේමය. උදාහරණයක් ලෙස
ජනක් දෙස බලන්න. ඇය හොඳ ස්වර්ණාභරණ කරුවෙකි. ඇයට ඉතා වටිනා ස්වර්ණාභරණ ඇත. ඈට එය
ප්‍රදානය කර, කෙනෙක් බොහෝ ධනවත් කළ හැක. සමහර අය කුඩා ස්වර්ණාභරණ කරුවන් වන අතර
ඔවුන්ගේ ප්‍රදානයන් ද තත්ත්වයද අඩුය. ඔබ සැම ස්වර්ණාභරණ කරුවන්ය. මෙය වූ කලී
අවිනාශී ඥාන මිණිමුතු වලින් සැදි ස්වර්ණාභරණය. හොඳ මැණික් තිබෙන අය අන් අයද ඒවායින්
ධනවත් කරවයි. හැම කෙනෙකුටම ස්වර්ණාභරණ කරුවෙක් විය නොහැකියි. මනා පරිචයක් ඇති
ස්වර්ණාභරණ කරුවන් ලොකු මධ්‍යස්ථාන වලට යැවේ. වැදගතුන්ට හොඳ ස්වර්ණාභරණ ලැබේ.
විශේෂඥයින් වැඩ කරන්නේ විශාල සාප්පු වලය. බාබා ද හැඳින්වනුයේ ව්‍යාපාරිකයෙක් ලෙස හා
මැණික් වෙළෙන්ඳෙක් ලෙසය. ඔහු මැණික් වෙළෙඳාම කරයි. ඔහු ළඟ දිව්‍ය දර්ශන වල යතුර
තිබෙන නිසා විජ්ජාකරු යනුවෙන්ද හැඳින්වේ. ඉතා දැඩි භක්තියක් ඇති අයට දර්ශන ලැබේ.
මෙහි ඒවා නැත. මෙහිදී ගෙදර සිටින විටම සමහරුන්ට හිටිගමන් දර්ශන ලැබේ. දිනෙන් දින,
දර්ශන ලැබීම පහසු වෙයි. බොහෝ අයට බ්‍රහ්මාද ක්‍රිෂ්ණාද දර්ශනය වෙයි. බ්‍රහ්මා වෙත
යන්නැයිද ඔවුන්ට කියයි. ගොස් ඉගෙන ගන්න; කුමාරයෙක් බවට පත් වන ආකාරය. මෙම පිරිසිඳු
කුමරුන් හා කුමාරිවරුන් දිගටම සිටියා. කුමරෙක් යනු පිරිසිඳු කෙනෙකි. එම උපත
ලැබෙන්නේද පාරිශුද්ධිය තුළින් නේද? අපිරිසිඳු අයට දූෂිතයින් යැයි කියැවේ. අපි
අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් විය යුතු වම්හ. මෙය ඔබේ බුද්ධිය තුළ ඇති කල අන්
අයටද විස්තර කර දිය හැකිය. එවිට මිනිසුන් මෙසේ සිතයි: මොවුන්ට හොඳ තේරුමක් ඇත.
ඔවුන්ට මෙසේ කියන්න: අපට ආගමික ලේඛණ ආදිය ගැන කිසි දැනුමක් නැත. මෙය වූ කලී
ආධ්‍යාත්මික පියා විස්තර කර දෙන ආධ්‍යාත්මික ඥානයයි. මේ ත්‍රිමූර්තිය බ්‍රහ්මා,
විෂ්ණු සහ ශංකර්. මෙයද නිර්මාණයයි. නිර්මාණකයා වන්නේ එකම පියාය. අන් අය සීමිත
නිර්මාණ කරුවන්ය. මේ අසීමිත නිර්මාණ කරුවා වන අසීමිත පියාය. පියා මෙහි සිට උගන්වයි.
ඔබ උත්සාහ කළ යුතුව ඇත. පියා ඔබව මල් බවට පත් කරවයි. ඔබ දේව වංශයට අයිතියි. පියා
ඔබව පිරිසිඳු ලෙස තනයි. ඉතින් ඔබ අපිරිසිඳු වුවහොත් ඔබ ඔබේ වංශයට නිගා කරන කෙනෙක්
බවට පත් වේ. මෙය පියා දන්නවා නේද? එවිට ධර්මරාජ් හරහා දඬුවම් ද ලැබේ. ධර්මරාජ් ද
පියා සමඟ සිටී. ධර්මරාජ්ගේ කාර්යයද නිම වෙමින් තිබේ. මේවා සත් යුගයේ දී නැත. එය
නැවතත් ද්වෝපූර් යුගයේ දී ආරම්භ වේ. පියා මෙහි සිට සුකර්ම, අකර්ම සහ විකර්ම දර්ශන
වාදය විස්තර කරයි. ඔවුන් කියන්නේ මෙසේය: යමෙක් දුක් විඳින්නේ ඔහු පසුගිය භව වල ඉපදී
කළ දේවල් වලට අනුවයි කියාය. සත් යුගයේ දී එසේ නොකියයි. එහිදී දුකක් පිළිබඳ හෝ නරක
ක්‍රියා පිළිබඳ සඳහනක් නොමැත. මෙහි හොඳ නරක ක්‍රියා දෙකම ඇත. මෙහි සැප දුක යන දෙකම
තිබුණත් සතුට ඇත්තේ ඉතා සුළුවෙනි. එහිදී දුක යන නම වත් අසන්න නැත. සත් යුගයේ දී දුක
කොහෙන් එන්නද? ඔබ නව ලෝක උරුමය ලබා ගන්නේ පරමාත්ම පියාගෙනි. පරමාත්ම පියා පමණයි
දුක් දුරලන්නා සහ සතුට ලබා දෙන්නා වන්නේ. ඔබ දන්නවා දුක පටන්ගත්තේ කවදාද කියා.
ආගමික ලේඛණ වල චක්‍රයක කාල පරාසය ඉතා දිග බව ලියැවී ඇත. දැන් ඔබ දන්නවා දුක කල්ප
භාගයකටම නැති වී සතුට ලැබෙන බව. මේ ලෝක චක්‍රය කැර කැවෙන ආකාරය විස්තර කිරීම ඉතා
පහසුය. මේවා කිසිවක් ඔබේ බුද්ධියේ මිස වෙනත් කිසිවෙකුට හිමි නොවේ. අවුරුදු ලක‍්ෂ
ගණනින් සඳහන් කරන විට සියල්ල බුද්ධියෙන් හැලී යයි. ඔබ දැන් දන්නවා මෙම චක්‍රය
අවුරුදු 5000ක් බව. සූර්ය වංශය සහ චන්ද්‍ර වංශ රාජධානිය තිබුණේ ඊයේ වැනි කලකය.
බ්‍රහ්මිණ් වරුන්ගේ දහවල යැයි එය කියැවේ. ශිව බාබාගේ දහවල යැයි නොකියැ වේ. ඇත්තේ
බ්‍රහ්මිණ් වරුන්ගේ දහවල සහ ඊළඟට බ්‍රහ්මිණ් වරුන්ගේ රාත්‍රියයි. ඉන්පසු බ්‍රහ්මිණ්
වරු භක්ති මාර්ගයට පිවිසේ. දැන් ඇත්තේ සංගමයයි. එය දහවල හෝ රාත්‍රිය නොවේ. ඔබ
දන්නවා ඔබ බ්‍රහ්මිණ් වරුන් වී, ඉන්පසු දේවි දේවතාවුන් වී රිදී යුගයේ දී
ක‍්ෂත්‍රියන් වන ආකාරය. මෙය බුද්ධිය තුළ තදින් තබා ගන්න. වෙන කිසිවෙක් මේවා නොදනී.
ඔවුන් මෙසේ කියයි: ආගමික ලේඛණ වල කාල පරාසයන් ඉතා අධික ලෙස සඳහන්ව ඇත. එම ගණන්
හැදීම ගෙන තිබෙන්නේ කෙසේ ද, කොහෙන් ද? මෙම නාටකය සදාතනික ලෙස පූර්ව නියමිතය.
කිසිවෙක් මෙය නොදනී. ඔබ දරුවන්ගේ බුද්ධිය තුළ නම් ස්වර්ණමය යුගය සහ රිදී යුගය චක්‍ර
භාගයක් බවත් ඉනික්බිතිව මැදදී භක්තිය ආරම්භ වන බවත් පැහැදිලිය. එය රිදී යුගය සහ තඹ
යුගයේ හමු වීමයි. එම ලේඛණ ක්‍රමාණුකූලව සාදා ඇත්තේ තඹ යුගයේ දීය. භක්ති මාර්ගයේ දී
වර්ණනා බොහෝය. ගස එතරම්ම උසට සහ පළලට ඇත. එහි බීජය බාබාය. මෙය උඩුයටිකුරු වූ ගසකි.
මුලින් පළමුවෙන්ම ඇත්තේ ආදි සනාතන දේවි දේවතා දහමයි. පියා කියන මෙම අළුත්ම කරුණු
සම්පූර්ණයෙන් අළුත්ය. දේව ධර්මය පටන්ගත්තේ කවුරුන් දැයි කිසිවෙක් නොදනී. ක්‍රිෂ්ණා
වූ කලී පොඩි දරුවෙකි. ඥානය ලබා දෙන්නා පරමාත්ම පියාය. ඔවුන් පියාගේ නම අස්කර එතැනට
පුතාගේ නම දමා ඇත. ඔවුන් පෙන්වා ඇත්තේ ක්‍රිෂ්ණාගේ දිව්‍යමය ක්‍රියාකාරකම් පමණි.
පියා මෙසේ කියයි : දිව්‍යමය ක්‍රියාකාරකම් ක්‍රිෂ්ණාගේ නොවේ. ඔවුන් මෙසේද ගයයි: ඕ
ස්වාමීණි, ඔබේ ක්‍රීඩා අසහායයි. අසීමිතයි. දිව්‍යමය ක්‍රියා ඇත්තේ එකම එක්කෙනෙකුට
පමණි. ශිව බාබාගේ පැසසුම අසහායයි. අසමසමයි. නිරතුරුවම පාරිශුද්ධියෙන් සිටින කෙනා
ඔහුය. එසේ තිබිය දී ඔහුට පිරිසිඳු ශරීරයකට ඇතුළු විය නොහැක. කොහොමනමුත්, ඔවුන් ඔහුට
අඬගසන්නේ අපිරිසිඳු ලෝකයට පැමිණ අපව පිරිසිඳු කරන්න කියාය. ඒ නිසා පියා මෙසේ කියයි
: මම අපිරිසිඳු ලෝකයට පැමිණියෙමි. මම මේ කෙනාගේ බොහෝ උපත් වල අවසානයේ දී එම ශරීරයට
ඇතුළු වෙමි. පියා මෙසේ කියයි : ප්‍රධානම කරුණ වන්නේ ඇල්ෆා සිහිකරන්න යන්නයි! ඉතිරි
සියල්ල වැඩි විස්තරය. හැම කෙනාටම එය උකහා ගත නොහැකිය. මා විස්තර කරන්නේ හැකි අයට
පමණි. අන් අයට මා කියන්නේ මෙසේය : මන්මනභාව්! හැම කෙනෙකුගේම බුද්ධිය ඇත්තේ
අනුපිළිවලින් නේද? ඇතැම් වලාකුළු බොහෝ සෙයින් වැස්ස සේ වැටුණත් වෙනත් ඇතැම් ඒවා
යම්තම් වැසි වැටී පාවී යයි. ඔබද වළාකුළු සේ නේද? සමහරු කොහොමටවත් වහින් නැහැ නේද?
ඔවුන්ට ඥානය ඇද දැක්වීමේ ශක්තිය නොමැත. මමාත් බාබාත් හොඳ වලාකුළු නේද? ඔබ දරුවන්
ආශ්‍රය කළ යුත්තේ හොඳින් ඥාන වැසි වස්සන අයයි. වැසි නොවසින අයගේ ආශ්‍රයෙන් සිදු
වන්නේ කුමක්ද? ආශ්‍රය බොහෝ සෙයින් බලපෑම් ඇති කරයි. සමහරු ඇතැම් අයගේ ආශ්‍රයෙන්
දියමන්ති සේ වන අතර අනෙක් අය වෙන අයගේ ආශ්‍රයෙන් කැට කැබිලිති වේ. ඔබ හොඳ අය වෙත
සිටිය යුතුය. ඥානවන්ත සමහරු අන් අය තමන් හා සමාන සේ මල් බවට පත් කරවයි. සත්‍යය පියා
විසින් ඥානවන්ත යෝගීන් බවට පත් කළ අය පමණක් ආශ්‍රයට තබා ගන්න. යමෙකුගේ වලිගයේ එල්ලී
එතෙර යා හැකි යැයි නොසිතන්න. බොහෝ අය එසේ කියයි මෙහිදී එය අදාල නොවේ. සිසුවෙක්
කෙනෙකුගේ වලිගයේ එල්ලේද? ඔහු ඉගෙන ගත යුතුම නේද? පියාම පැමිණ ඥානය දෙයි. ඔහු දන්නවා
මේ කාලයේදී ඔහු ඥානය දිය යුතු බව. භක්ති මාර්ගයේ දී ඔහුගේ බුද්ධිය තුළ ඥානය දීමක්
නැත. මෙය නාටකයේ නියමිතය. බාබා කිසිවක් නොකරයි. නාටකයේ කොටසක් ලෙස දිව්‍ය දර්ශන
ඇත්නම් කෙනෙකුට එය ලැබේ. බාබා මෙසේ කියයි : මා මෙහි සිට එසේ දර්ශන ලබා දෙනවා නොවේ.
එය නාටකයේ නියමිතය. කෙනෙකුට දේවී කෙනෙකුගේ දර්ශනය අවශ්‍ය නම් ඇය එය ලබා දෙන්නේ නෑ
නේද? ඔවුන් මෙසේ කියයි : දෙවියනි, මට දර්ශනයක් ලබා දෙන්න. පියා මෙසේ කියයි : එය
නාටකයේ නියමිත ලෙස සිදු වේවි. මාද නාටකයෙන් බැඳී ඇත. බාබා මෙසේ කියයි : මම මේ ලෝකයට
පැමිණ සිටිමි. මොහුගේ කටින් කතා කරමින් සිටිමි. මොහුගේ ඇස් වලින් ඔබ දකිමින්
සිටිමි. මෙම ශරීරය නොතිබුණා නම් මා කෙසේ ඔබ දෙස බලන්නද? මා නියතයෙන්ම අපිරිසිඳු
ලෝකයට පැමිණිය යුතුය. අනෙක, මට දෙව්ලොවට ආරාධනාවක් නැත. මට ආරාධනාවක් ඇත්තේ සංගම්
යුගයටයි. මා සංගමයේ දී පැමිණ මෙම ශරීරය යොදා ගනිමි. එවිට පමණි මා ඔබ දකින්නේ.
අශරීරික ස්වරූපයේදී මට කිසිවක් පෙනෙන්නේ නැත. ජීවාත්ම සත්තාවකට ඉන්ද්‍රිය අංගයන්
නැතිව කිසිවක් කළ නොහැකිය. බාබා මෙසේ කියයි : මම දකින්නේ කෙසේද? ශරීරයක් නොමැතිව මා
කතා කරන්නේ හෝ ක්‍රියා කරන්නේ කෙසේද? දෙවියන් සියල්ල දකියි, ඔහු සියල්ල කරයි. එයයි
ඔවුන් කියන්නේ අන්ධ විශ්වාසය කියා. ඔහු දකින්නේ කෙසේද? අංගෝපාංග ලැබුණු විට පමණයි
ඔහුට දැකිය හැක්කේ. පියා මෙසේ කියයි: හැම කෙනෙක්ම හොඳ හා නරක වැඩ කරන්නේ නාටකය
අනුවයි. එය නියමිතයි. මා ජීවාත්ම සත්තා මිලියන ගණනක ගිණුම් විස්තර තබා ගන්නේ නැත.
මට ශරීරයක් ඇති විට පමණක් හැම දෙයක්ම පෙනේ. එවිට පමණි, මට ‘කරන් කරවන්නා‘ යනුවෙන්
අමතන්නේ. එසේ නොවුනොත් ඔවුන්ට එය කිව නොහැකියි. මට පාරිශුද්ධිය කළ හැක්කේ මේ අයට
ඇතුළු වීමෙන් පමණි. ඉහළ සිට ජීවාත්ම සත්තාවකට කළ හැක්කේ කුමක් ද? ඔහුට කොටසක් ඉටු
කළ හැක්කේ ශරීරයක් තුළින් පමණි. මම ද මෙහි කොටසක් ඉටු කරමි. සත් යුගයේ දී මට කොටසක්
බාර නැත. කොටසක් නැත්නම් කෙනෙකුට කිසිවක් කළ නොහැකියි. ජීවාත්ම සත්තාවකට ශරීරයක්
නොමැතිව කිසිවක් කළ නොහැකිය. ජීවාත්ම සත්තාවක් ගෙන්වා ගත් විට ඔහුට කතා කළ හැක්කේ
ශරීරයකට ඇතුළු වුව හොත් පමණි. කිසිවෙකුට අංගෝපාංග නොමැතිව කිසිවක් කළ නොහැකිය. මේවා
වැඩිමනත් විස්තරය. එහෙත් ඔබට කියා දෙන ප්‍රධාන කරුණ වන්නේ : පියා සහ උරුමය සිහි
කරන්න! අසීමිත පියා එතරම්ම මහත්ය! ඔබට යම් විටෙක ඔහුගෙන් උරුමය ලබා ගත හැකිය.
කිසිවෙක් මෙය නොදනී. ඔවුන් මෙසේ හඬගායි. පැමිණ අපගේ දුක දුරු කර සතුට ලබා දෙන්න.
නමුත් කවදාද? කිසිවෙක් මෙය නොදනී. ඔබ දරුවන් දැන් අළුත්ම දේ අසමින් සිටිනවා. ඔබ
දන්නවා දැන් ඔබ අමරණීය වෙමින් සිටින බව. ඔබ අමරණීය දේශයට යමින් සිටී. කොතරම් වාර
ගණනක් ඔබ අමරණීය දේශයට ගොස් ඇත්ද? ගණන් කළ නොහැකියි. මෙයට අවසානයක් නොමැත. බොහෝ අය
මෙසේ අසයි. අපට පූර්ණ විමුක්තිය ලැබිය නොහැකිද? ඔවුන්ට මෙසේ කියන්න: නොහැක. මෙය
මුල්, සදාතනික නාටකයයි. එය කෙදිනකවත් විනාශ කළ නොහැකියි. මේ සදාතනික චක්‍රය නියත
ලෙසම දිගටම කර කැවේවි. ඔබ දරුවන් මෙම සත්‍යය ස්වාමියා දන්නේ මෙකලයි. ඔබ
සන්‍යාසීන්ය. ආගමික හිඟන්නන් වන ෆකීර්ලා නොවේ. සන්‍යාසීන්ලාටද ෆකීර්ලා යැයි කිව
හැකියි. ඔබ රාජ්ඍෂීන්ය. ඍෂීන්ට සන්‍යාසීන් යැයි ද කියයි. ඔබ දැන් නැවතත් ධනවත්
වෙමින් සිටියි. භාරතය එතරම්ම ධනවත්ව තිබිණ. දැන් නම් එය හිඟන්නෙක් මෙනි! අසීමිත
පියා පැමිණ අසීමිත උරුමය ලබා දෙයි. මෙසේ වූ ගීතයක් ද ඇත: ‘බාබා, ඔබ දෙන දේ දෙන වෙන
කිසිවෙක් නොමැත. ඔබ අපව ලෝකයේ හිමිකරුවන් කරවයි. කිසිවෙකුට මෙය අපෙන් උදුරා ගත
නොහැක. එවැනි ගීත පද බඳින අය එහි තේරුම් ගැන නොසිතයි. ඔබ දන්නවා එහි බෙදීම් නැත.
මෙහි එවැනි බෙදීම් බොහෝය! එහිදී අහස පොළොව සියල්ල ඔබේය. ඉතින් ඔබ දරුවන් කොතරම්
සතුටු විය යුතුද? සැම විටම තේරුම් ගන්න ශිව බාබා නිවාඩුවක් නොගෙනම කතා කරන බව. ඔහු
කිසි විටෙක අසනීප නොවේ. ඔබට තිබිය යුත්තේ ශිව බාබා සිහි කිරීම පමණි. ඔහු මානයෙන්
තොරය. ‘මම මෙය කරමි. එය කරමි‘ යනුවෙන් කියන්නට ඔබ මාන්නක්කාර නොවිය යුතුය. සේවය
කිරීම ඔබේ කළ යුතු කාර්යයයි. ඒ සඳහා මාන්නයක් අවශ්‍ය නොවේ. මාන්නයක් ආ කල ඔබ
පිරිහේ. දිගටම සේවය කරන්න. මෙය ආධ්‍යාත්මික සේවයයි. අන් සියල්ල භෞතිකයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මල් බවට
පත් වීමෙන් පියා ඔබට ඉගැන්වූ දෙයට කෘතගුණ සලකන්න. උත්සාහ කරන්න! දේව වංශයේ නම කැත
නොකරන්න. ඥානවන්ත යෝගීන් පමණක් ඇසුරේ තබා ගන්න.
2. ‘මම‘ යන විඥානය
අස් කර ගන්න. නිහතමානීව ආධ්‍යාත්මික සේවය කරන්න. සේවය ඔබ විසින් කළ යුතු කාර්යයක්
සේ සලකන්න. අහංකාරයක් නොමැතිව සිටින්න.
වරදානය:
ඔබ සැබවින්ම
ජීවමානව මියැදී, පිවිතුරු චේතනා සහ ශ්‍රේෂ්ඨ හැගීම් වලින් සියලු නිෂ්ඵලත්වය
පරිවර්ථනය කරත්වා.
බාප්දාදාගේ ශ්‍රීමත්
වන්නේ: දරුවනේ, කිසිම නිෂ්ඵල දේකට සවන් නොදෙන්න, නිෂ්ඵල කිසිවක් කතා නොකරන්න,
එමෙන්ම නිෂ්ඵල කිසිවක් නොසිතන්න. සෑම විටම පිවිතුරු හැගීම් වලින් සිතන්න, එමෙන්ම
සෑම විටම සුබ වචන කතා කරන්න. ඕනෑම නිෂ්ඵල දේකට පිවිතුරු චේතනාවෙන් සවන් දෙන්න. අන්
අය වෙනුවෙන් පිවිතුරු සහ සාධනීය සිතිවිලි ඇති කරගන්න, එවිට ඒවා වදන් පිටුපස ඇති
චේතනාව පරිවර්ථනය කරයි. ඔබගේ චේතනා සහ හැගීම් නිරතුරුවම ශ්‍රේෂ්ඨව තබාගන්න. තමන්ව
පරිවර්ථනය කරගන්න, එමෙන්ම අන් අයව පරිවර්ථනය කිරීමට නොසිතන්න. තමන්ගේ පරිවර්ථනය,
අන් අයගේ පරිවර්ථනය බවට පත්වෙයි. ‘මෙහිදි මා ප්‍රථමයා විය යුතුයි.’ ප්‍රීතිය
තිබෙන්නේ මෙම ජීවමානව මියැදෙන ජීවිතය තුළ පමණයි. මෙය, උසස්තම කැපවීම ලෙස
හැදින්වෙයි. මෙහිදි, සතුටින් මියැදෙන්න. මෙම මියැදීම, ජීවත් වීමයි; සැබෑ ජීවිත දානය
මෙයයි.
පාඨය:
ඔබගේ සිතිවිලි
වල ඒකාග්‍රතාවය තුළින්, ශ්‍රේෂ්ඨ පරිවර්ථනය සීඝ්‍ර වේගයකින් සිදු විය හැක.
හුදකලාවට ප්‍රිය කර,
එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.
සමූහයේ බලයට අවශ්‍ය
ඕනෑම දෙයක් සිදුකළ හැක. සමූහයේ එකමුතුකමේ සිහිවටනය වන්නේ පාණ්ඩවයන් පස් දෙනාය.
එකමුතුකමේ බලය පෙන්වන්නේ “හා ජී, හා ජී” කීමෙන්ය. ඔවුන් තම අදහස් ලබා දී ඉන්පසුව
තමන්ව එකමුතුකමේ බන්දනයේ බැද තබා ගත්හ. සාර්ථකත්වයේ මග, මෙම එකමුතුකමය.