12.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා දැන් ඔබ ගෙදර සිටිත්දීම ඔබව ඇති දැඩි කරයි, උගන්වයි, ඔවදන් දෙයි.
එමනිසා, දිගටම හැම පියවරකදීම අවවාද අනුශාසනා ලබා ගැනීමෙන් පමණි ඔබට ඉහළ තත්ත්වයක්
ලැබිය හැක්කේ.
ප්‍රශ්නය:
දඬුවමින්
නිදහස් වීම සඳහා, බොහෝ දිගු කාලයක් තුළ ඔබ කළ යුතු උත්සාහය කුමක්ද?
පිළිතුර:
ඇලීමෙන් සහ බැඳීමෙන් ජය ගැනීමයි. කිසිවෙකුට ඇලී නොසිටින්න. ඔබේ හදවතින් මෙසේ අසන්න:
මම යමෙකුට බැඳී තිබේද? අවසානයේ දී ඔබේ කිසිඳු නෑ සබඳකමක් සිහි නොකළ යුතුයි. යෝගා
බලයෙන් සියලු කර්ම ගිණුම් පියවන්න. මෙසේ කිරීමෙන් පමණි ඔබට දඬුවමින් මිදී ඉහළ
තත්ත්වයක් ලැබිය හැක්කේ.
ඕම් ශාන්ති.
ඔබ දැන් වාඩි
වී සිටින්නේ කා ඉදිරියේද? බාප් දාදා ඉදිරියේය. ඔබ ‘බාබා‘ සහ ‘දාදා‘ යනුවෙන් ද කිව
යුතුයි. බාප් (පියා) මෙම දාදා තුළින් ඔබ ඉදිරියේ වාඩි වී සිටියි. ඔබ පිටතක සිටින
විට ඔබේ පියා සිහිකරන අතර ඔහුට ලිපි ද ලියයි. මෙහිදී ඔබ පියා ඉදිරියේ පෞද්ගලිකවම
වාඩි වී සිටී. ඔබ කතා කරන්නේ කා සමඟද? බාප් දාදා සමඟය. මේ දෙන්නා ඉහළම අයයි.
බ්‍රහ්මා ශාරීරික වන අතර ශිවා අශරීරිකයි. ඔබ දැන් දන්නවා ඉහළම ඉහළ අධිකාරී බලය ඇති
පියා මුණ ගැසෙන ආකාරය. ඔබ දැන් ප්‍රායෝගිකවම වාඩි වී සිටින්නේ පාරිශුද්ධකරුවාණන් ද
ලෙස හඳුන්වන අසීමිත පියා ඉදිරියේය. පියා ඔබ දරුවන්ව උගන්වමින්ම රැකබලා ගනී. ඔබ ගෙදර
හිඳිමින් ඔබේ පවුලේ අය හා කටයුතු කරපු ආකාරය ගැන උපදෙස් ලබයි. ඔබ පියාගේ ශ්‍රීමත්
පිළිපැද්දොත් උසස් බවින් ඉහළම මනුෂ්‍යයා බවට පත් විය හැකිය. මිනිසුන් එවැනි අය වෙත
ගොස් වන්දනා කරයි. මෙහි ප්‍රධාන දේ පාරිශුද්ධියයි. මනුෂ්‍යයින් මනුෂ්‍යයින් ම වන
නමුත් ලෝකයේ පාලනය හිමි මනුෂ්‍යයින් අතරත් අද මනුෂ්‍යයා අතරත් විශාල වෙනසක් ඇත. ඔබ
දරුවන් දන්නවා ඉහළම ඉහළ පියාගෙන් උපදෙස් ලබා පිළිපැද්දොත් ඉහළම ඉහළ තත්ත්වය ලැබිය
හැකි බව. මනුෂ්‍ය ලෝකයේ ඉහළම තත්ත්වය වන්නේ ලක‍්ෂ්මි සහ නාරායන් බවට පත් වීමයි.
ඔවුන් සිට ඇත්තේ අතීතයේය. මේ සියල්ල ඔබ බුද්ධියේය. භාරතය මෙසේ වූයේ අවුරුදු 5000කට
පෙරය. අප ලෝකය හිමිකරු පාලකයින් වීමු. වෙන කිසිවෙකුගේ බුද්ධියේ මේවා නැත. මොහුද
මේවා දැන සිටියේ නැත. ඔහු සිටියේ ඝණ අන්ධකාරයේය. පියා දැන් පැමිණ බ්‍රහ්මා විෂ්ණු
වන සැටිත් විෂ්ණු බ්‍රහ්මා වන සැටිත් විස්තර කර දී ඇත. මේවා වෙන කිසිවෙකුට තේරුම්
ගත නොහැකි, ගැඹුරු විනෝදශීලී කාරණාය. පියාට මිස වෙන කෙනෙකුට ඔබට මෙම ඥානය දිය
නොහැකිය. ඔබට උගන්වන්නේ අශරීරික පියාය. කතා කරන්නේ ක්‍රිෂ්ණා දෙවියන් නොවේ. පියා
මෙසේ කියයි මම ඔබ දරුවන්ට උගන්වා සතුටට පත් කරයි. ඉන් පසු මා නැවත මගේ ශබ්දය
අභිබැවූ දේශයට (නිර්වාණ ධාම්) යමි. ඔබ දරුවන් දැන් සතෝප්‍රධාන් බවට පත් වෙමින්
සිටී. මේ සඳහා වියදමක් නොයයි. ඇත්තේ ඔබ ජීවාත්ම සත්තාවක් ලෙස සළකා පියා
සිහිකිරීමටයි. කිසිඳු සතයක් වියදම් නොකර ඔබ උපත් 21 කට ලෝකයේ හිමිකරුවන් බවට පත්වේ.
ඔබ සුලු මුදලක් එව්වත් එයද ඔබේ ම අනාගතය සඳහාය. ගිය කල්ප චක්‍රයේ දුන් ප්‍රමාණය ම
ඔවුන් දැන් ද දෙනු ඇත. අඩුවෙන් හෝ වැඩියෙන් නොදමයි. මෙම ඥානය ඔබ බුද්ධිය තුළ ඇත. ඒ
නිසා සංතාපයට පත් විය යුත්තක් නැත. අප කිසිදෙයක් සන්තාපයකට ලක් නොකර අප රජ දහන
අදෘෂ්‍යමානවම ස්ථාපණය කර ගනිමන් සිටිමු. ඔබේ බුද්ධියෙන් මේවා රසවිඳිය යුතුව ඇත. ඔබ
දරුවන් සතුටින් සිටිය යුතු අතර බැඳීම් ජය ගත යුතුව ඇත. ඔබ දන්නවා මේ වියපත් ලෝකය
දැන් අවසන් විය යුතු අතර ඔබ නැවත ගෙදර යා යුතුය. ඒ නිසා, ඔබ කුමක් හෝ කෙරෙහි ඇලීමක්
තබා ගත යුත්තේ කුමකටද? වෛද්‍යවරයෙක් කෙනෙක් ගැන සුව කළ නොහැකි යැයි කියූ විට සියලු
ඇලීම් අවසන් වී යයි. ජීවාත්ම සත්තාව එක ශරීරයක් අතහැර තව එකක් ගන්නා බව තේරුම් කර
දී ඇත. ජීවාත්ම සත්තාවන් අවිනාශීය. ජීවාත්ම සත්තාවක් ශරීරයක් අත හැරිය විට ශරීරය
විනාශ කර දමයි. එවිට ඔහු ගැන සිහි කිරීමෙන් ඇති ඵලය කුමක්ද? පියා මෙසේ කියයි දැන්
බැඳීම් ජයගත්තන් බවට පත් වන්න. ඔබේ හදවතින්ම අසන්න මා කාට හෝ බැඳී සිටීද? එසේ නම්,
ඔබ අවසානයේ දී ඔහුවම නියතයෙන්ම සිහි කරනු ඇත. කොහොමනමුත්, දැන්මම බැඳීම් ජයගත්තොත්
ඔබට එම ඉහළ තත්ත්වය ලැබිය හැකියි. ඔබ සැම දෙව්ලොව යයි. එය මහ දෙක් නොවේ. මහ දෙයක්
වන්නේ ඉහළ තත්ත්වයක් ලැබීමයි, දඬුවමකට යටත් නොවී. ඔබ යෝගා බලයෙන් කර්ම ගිණුම්
පියවුවහොත් දඬුවම් විඳීමක් නැත. ඔබේ පැරණි සබඳකම් පවා සිහි නොකළ යුතුය. අපේ සබඳකම්
ඇත්තේ බ්‍රහ්මිණ්වරු සමඟ වන අතර ඊළඟට දෙවි දේවතාවන් සමඟය. වත්මන් සබඳතා තමා
සියල්ලටම ඉහළ. ඔබ දැන් ඥාන සාගරය වන පියාට අයත් ව සිටී. මේ සියලු ඥානය ඇත්තේ ඔබේ
බුද්ධිය තුළයි. කලින්, ලෝක චක්‍රය කරකැවෙන හැටි ඔබ දැන සිටියේ නැත. පියා දැන් ඔබට
සියල්ල විස්තර කර දී ඇත. ඔබ දැන් පියාගෙන් උරුමය ලබන නිසා ඔබ ඔහුට ආදරය කරයි. ඔබ
දෙව්ලොව රාජ්‍යය ලබන්නේ පියා ගෙනි. මේ රථය පියාට උරුම වූවකි. වාසනාවන්ත රථය යන්න
භාරතයේ සිහිකරන්නකි. පියා එන්නේ භාරතයට පමණි. ඔබ දරුවන්ගේ බුද්ධිය තුළ දැන් උපත් 84
ඉණිමඟ පිළිබඳ ඥානය ඇත. ඔබ දැන් දන්නවා ඔබ එම උපත් 84 චක්‍රය වටා යා යුතුය. එයින්
කිසිවෙකුට මිදිය නොහැක. ඔබ දන්නවා ඉණිමගෙන් බැසීමට දිගු කාලයක් ගත වන බවත් ඔබේ මෙම
අවසාන උපත තුළදී පමණක් නැඟීම කරන බවත්. මේ නිසයි කියනුයේ ඔබ තුන් ලොව ජයගත් බවත්
ත්‍රිකාල් දර්ශී අය බවත්. කලින් ඔබ දැන සිටියාද ඔබ තුන් ලොව හිමි කරුවා බව ? ඔබට
දැන් පියා හමු වී ඔහු උගන්වමින් සිටී. ඒ නිසයි ඔබ සියල්ල තේරුම් ගන්නේ. කෙනෙක් බාබා
වෙත ආ කළ බාබා මෙසේ අසයි මේ ඇඳුම් ඇඳගෙන මේ ගොඩනැගිල්ලේම අප හමු වී තිබේද? ඔහු ‘ඔව්
බාබා හැම චක්‍රයකම අපි බාබා හමු වෙනවා‘ යැයි කීවොත් ඉන් වැටහෙනුයේ ඔහුගේ ගුරුවරයා
හොඳින් විස්තර කර දී ඇති බවයි. ඔබ දරුවන් දැන් දකිනවා ගස් වැල් ආදිය ඉදිරියෙන්
තිබෙනවා. දැන් එය ඔබට ඉතා ළඟය. මිනිසුන් කියන්නේ පියා නම, ස්වරූපය අභිබවා ඇති බවය.
එසේ වූ විට ඔහුගේ දරුවන් එන්නේ කොහෙන්ද? ඔවුනුත් නම හා ස්වරූපය අභිබැවිය යුතු වෙයි.
ඔවුන්ගේ වදන් සම්පූර්ණයෙන්ම වැරදියි. මෙය කෙනෙකුගේ බුද්ධිය තුළට ඇතුලු වන්නේ
චක්‍රයකට පෙරද ඔහු එය තේරුම් ගත්තා නම් ය. බලන්න, ප්‍රදර්ශන වල සිටින මිනිසුන් වර්ග
දිහා. ඔවුන් අන් අයගෙන් අසා දැන ගත් දේ අනුව ඔවුන් කියාවි ඔබ මේවා සිතින් මවා ගත්
දේ කියා. ඒ නිසා, ඔබට තේරුම් ගත හැකියි අපේ කණ්ඩායමට අයත් නොවන බව. විවිධ වර්ගයේ
මිනිසුන් ඇත. වෘක‍්ෂයේ ඥානයත්, නාටකයත්, උපත් 84 ක චක්‍රයත් ගැන ඥානය දැන් ඔබේ
බුද්ධිය තුළ ඇත. ඔබ දැන් උත්සාහයක් කළ යුතුව ඇත. කොහොමනමුත්, එය ද සිදුවන්නේ නාටකයට
අනුවය. එය නාටකයේ ස්ථීරව නියමිතය. එය නාටකයේ ස්ථීරව සඳහන් වී නැත්නම් ඔබ එසේ
නොකරයි. නැත එසේ කීම වැරදිය. නාටකය පිළිබඳව නිවැරදිවම තේරුම් නොගන්නා අය
අදේවවාදීන්ය. ඔවුන්ට පියා වෙත ආදරය දැක්වීම කළ නොහැකිය. නාටකය පිළිබඳ වැරදියට
තේරුම් ගත්තොත් ඔබ පිරිහෙයි. එයින් ද තේරෙන්නේ ඔබට වාසනා ගුණය (සසර පුරුද්ද) නැති
බවයි. නොයෙක් ආකාරයේ බාධක ඇත. ඔබ ඒවා ගැන සැලකිය යුතු නැත. පියා මෙසේ කියයි මා කියන
හොඳ දේ පමණක්ම අසන්න. පියා ගැන සිහි කිරීමෙන් ඔබට ඉතා සතුටින් සිටිය හැකි වෙයි. ඔබ
බුද්ධියේ තිබෙනවා දැන් උපත් 84 චක්‍රය අවසන් වීගෙන යන බවත් අප ආපසු ගෙදර යා යුතු
බවත්. ඔබ මේ ලෙස ඔබටම කතා කර ගනී. කිසිවෙකුට අපිරිසිඳු ලෙස ගෙදර යා නොහැක. සියල්ලට
පළමු මංගල ගමනකට සිටිය යුත්තේ මනමාලයාය. ‘අහිංසක ස්වාමියාගේ මංගල පෙරහැර‘ යනුවෙන්
සිහි කෙරේ. සියල්ලෝම අනුපිළිවලින් ආපසු ගෙදර යයි. කෙසේද එතරම් සෙනඟක් එසේ යන්නේ? මේ
පෘතුවිය මනුෂ්‍යයින්ගෙන් එතරම්ම වැසී ඇත. ඔවුන්ට එතරම්ම දේපළ, ගෘහභාණ්ඩ ඇති නමුත්
ඔවුන් වූ කලී තිත්ම පමණි. ජීවාත්ම සත්තාවකට අවශ්‍ය වන්නේ මොනවාද? කිසිවක්ම නැත. ජීව
සත්තාවකට අවශ්‍ය ඉතා සුලු අවකාශයකි. ශාරීරික ගසේත් අශරීරික ගසේත් එතරම්ම වෙනස්
පරතරයක් ඇත. එය ආලෝක ලක‍්ෂයන්ගෙන් සැදි ගසකි. පියා ඔබේ බුද්ධියේ මේ සියලු ඥානය
තබයි. ලෝකයේ වෙන කිසිවෙකුට නොව මේවාට කන් දිය හැක්කේ ඔබටයි. පියා දැන් ඔබේ ගෙදරත්
රජ දහනත් ගැන නැවත සිහිගන්වයි. නිර්මාණකයා ගැන දැන ගැනීමෙන් ඔබ දරුවන් ලෝක චක්‍රයේ
මුල, මැද, අග ගැනත් දැන ගනී. ඔබ ත්‍රිකාල් දර්ශී දේවවාදීන් විය යුතුව ඇත. වෙනත්
දේවවාදීන් ලෝකයේ නැත. අනෙක් හැදෑරීම් සීමිත වන අතර මෙම හැදෑරීම අසීමිත වෙයි. වෙනත්
තැන් වල වෙනත් ගුරුවරු විවිධ දේ ඉගැන්වුවත් මෙහි ඔබට උගන්වන්නට සිටින්නේ එකම එක
විශ්මිත ගුරුවරයායි. ඔහු පියා, ගුරුවරයා සහ සත්ගුරු වේ. ඔහු මුලු ලොවම ගුරුවරයා
වුවත් හැම කෙනෙක්ම ඔහුගෙන් ඉගෙන ගන්නේ නැත. හැම කෙනෙක්ම පියාව දැන ගත්තා නම්, බාප්
දාදා සොයා ගෙන බොහෝ අය දුව ඒවි. පියා ඇතුලු වී ඇත්තේ ආදිම කිරි කිත්තා වන ආදම්
තුළටය. හැම කෙනෙක්ම මෙය ඇසුවොත් හැම කෙනෙක්ම මෙහි දුව එයි. යුද්ධය පටන් ගත් පසු
පියා පිළිබඳ හෙළිදරව් වේවි. එවිට කිසිවෙකුට ඒමට කාලයක් නොතිබෙයි. ඔබ දන්නවා සියලු
ආගම් විනාශ වී යන බව. මුලින්ම තිබුණේ භාරතය යනුවෙන් හැඳින්වෙන එකම භූමිය පමණි. මේ
සියල්ල අමතක කළ නොහැකි නිසා භක්ති මාර්ගයේ ඒවා ද ඔබේ බුද්ධිය තුළ දැන් ඇත. ඒ සියල්ල
සිහිකරන අතරේම ඔබ දැන් දන්නවා භක්ති මාර්ගය අවසන් වී ඇති බවත් ආපසු ගෙදර යා යුතු
බවත්. අප මේ ලොව තුළ රැඳී නොසිටිමු. ඔබ ගෙදර යාමට ආසන්න බව ගැන ඔබේ සිත් තුළ සතුටක්
ඇත. ඔබ දරුවන්ට කියා දී තිබෙනවා ඔබ සැම දැන් සිටින්නේ එම විශ්‍රාම අවධියේ බව. රජ
දහන ස්ථාපනයට ඔබ වියදම් කරන්නේ සුලු මුදලකි. එයද ඔබ කරන්නේ ගිය චක්‍රයේ කළ ලෙසටමය.
ඔබ පසුගිය චක්‍රයේ සිටි අය මයි. ඔබ මෙසේ කියයි බාබා, ඔබද චක්‍රයකට පෙර හමුවූ
කෙනාමයි. අපි හැම චක්‍රයකම බාබා සමඟ ඉගෙන ගනිමු. අපි ශ්‍රීමත් අනුගමනය කර උසස්
තත්ත්වයට පත් වෙමු. මේවා වෙනත් අයගේ බුද්ධිය තුළ නැත. ශ්‍රීමත් අනුගමනයෙන් රජ දහන
ස්ථාපනය කරන බව පිළිබඳ සතුට ඔබට ඇත. පියා මෙසේ කියයි පාරිශුද්ධ බවට පත් වන්න. ඔබ
පිරිසිඳු වූ විට මුලු ලොවම පිරිසිඳු බවට පත් වේ. සැම කෙනෙක්ම ආපසු ගෙදර යයි. අප
වෙනත් දෙයක් ගැන, කුමක් වෙයිද? දඬුවම කුමක් වෙයිද? අදිය ගැන සැලකිලිමත් වන්නේ
කුමකටද? අපට ඇත්තේ අපගේ උත්සාහය ගැන සැලකිලිමත් වීමට පමණි. අනෙක් ආගම් වල කරුණු ගැන
සැලකිලිමත් වන්නේ කුමකටද? අප අයත් වන්නේ ආදී සනාතන දේවි දේවතා ධර්මයටයි. මේ භූමිය
හින්දුස්ථාන් යැයි නම් කළද එහි නියම නම භාරතයයි. හින්දු යනු ආගමක් නොවේ. අපි දේවි
දේවතා ආගමට අයත් යැයි කීවත් ඔවුන් අපව දමන්නේ හින්දු කොටසටයි. මන්ද යත් ඔවුන් ඔවුන්
දේවි දේවතා ආගම තිබුණේ කවදාදැයි නොදත් නිසාය. කිසිවෙක් ඒ ගැන නොදනී. දැන් බොහෝ
බ්‍රහ්ම කුමාර් සහ කුමාරීන් ඇති අතර අපි එකම ගෙදරකි. බ්‍රහ්මා යනු මනුෂ්‍යයාගේ
පියාය. ඔහු සැමගේම ආදිතම කිරි කිත්තාය. සියල්ලට පළමු ඔහු බ්‍රාහ්මණ බවට පත් වී ඉන්
පසු ක්‍රමාණුකූලව වෙනත් වංශ තුළින් ගමන් කරයි. මේ ඔබේ විද්‍යාපීඨටයයි, නැත්නම්
විශ්ව විද්‍යාලයයි, නැත්නම් රෝහලයි. මෙසේ ගැයේ සත්ගුරු ඥාන තෙල දුන් විට අවිද්‍යා
අන්ධකාරය දුරු වේ. යෝග බලයෙන් ඔබ සදා සෞඛ්‍යමත් ව සදා ධනවත් වෙයි. මිනිසුන්
ස්වභාවික නිවාරණ ක්‍රම යොදා ගනී. ඔබ උපත් 21 කටම සුවපත් බව සතුට හා ධනය ලබයි. දැන්
ඔබ ජීව සත්තාවන් ලෙස සුවපත් වූ කළ ශරීර සුවපත් වෙයි. මෙය ආධ්‍යාත්මික ස්වභාවික
නිවාරණයයි. ඉහළින් ම ලියා තබන්න ආධ්‍යාත්මික සොබා නිවාරණ මධ්‍යස්ථානය. මනුෂ්‍යයින්
පාරිශුද්ධියට පත් කිරීමේ ක්‍රම ගැන ලියා තැබීමේ වරදක් නැත. අපිරිසිඳු වී ඇත්තේ
ජීවාත්ම සත්තාවන් වන අතර ඔවුන් හඬගාන්නේ ඒ නිසාය. ජීවාත්ම සත්තාවන් මුලින්
සතෝප්‍රධාන් වන අතර පසුව අපිරිසිඳු වෙයි. ඔවුන් නැවත පිරිසිඳු විය හැක්කේ කෙසේද?
දෙවියන් කතා කරයි මන්මනාභාව්! මා සිහිපත් කළ විට ඔබ පිරිසිඳු වන බවට මම සහතික වෙමි.
බාබා මේ සඳහා විවිධ ක්‍රම පෙන්වයි. එවැනි දැන්වීම පුවරුවක් සවි කර ගන්න. කිසිවෙක්
එවැනි පුවරුවක් තාම දමා නැත. බොහෝ ප්‍රධාන පිංතූර පෝස්ටර් ඇත. කෙනෙකු ඇතුළට ආ කළ
මෙසේ කියන්න ඔබ උත්තරීතර දනව්වේ නිවැසියෙක් වන ජීවාත්ම සත්තාවකි. ඔබට මෙම ඉන්ද්‍රිය
ලැබී ඇත්තේ ඔබේ මෙම කොටස ඉටු කිරීම සඳහාය. ශරීරය විනාශ වන සුලුය. පියා සිහි කළ විට
ඔබේ පව් විනාශ වී යයි. වර්තමානයේ ඔබ අපිරිසිඳු ජිවාත්ම සත්තාවකි. පාරිශුද්ධ බවට පත්
වූ විට ඔබට ආපසු ගෙදර යා හැකිය. මෙය විස්තර කිරීම ඉතා පහසුය. චක්‍රයකට පෙර ආ අය
නැවත පැමිණ මෙහිදී නැවත මල් බවට පත් වේ. ඒ ගැන බිය වන්නට ප්‍රශ්නයක් නැත. ඔබ හොඳ
දේවල් ලියයි. අනෙක් ගුරුවරුන් මන්ත්‍ර ලබා දෙයි. පියා ඔබට දෙන්නේ ‘මන්මනභාව්‘ යන
මන්ත්‍රයයි. එය ලබා දී නිර්මාණකයාත් නිර්මාණයත් ගැන රහස් විස්තර කර දෙයි. ඔබ ගෙදර
දිවි ගෙවත්දීම පියා සිහි කරන්න. අන් අයටද පියා හඳුන්වා දෙමින් ප්‍රදීපස්ථම්භයක් බවට
පත්වන්න. ජිවාත්ම සත්තා විඥානයට පත් වීම සඳහා, ඔබ දරුවන් බොහෝ අදෘෂ්‍යමාන උත්සාහ
දැරිය යුතුයි. පියා දන්නවා ඔහු උගන්වන්නේ ජීවාත්ම සත්තාවන්ට බව. ඔබ දරුවන් ද එසේම
ජිවාත්ම සත්තා විඥාණය තබා ගැනීමට උත්සාහ කළ යුතුය. ‘ශිවා, ශිවා‘ යැයි ගැයිය යුතු
නැත. ඔබ ජීවාත්ම සත්තාවක් ලෙස සලකා පියා සිහි කරන්නේ ඔබ හිස මත ඇති මහා පව් බර
නිසාය. මෙම ස්මෘතියෙන් පමණයි ඔබට පිරිසිඳු බවට පත්විය හැක්කේ. පසුගිය චක්‍රයේ මෙම
උරුමය ලබා ගත් අය ඔවුන්ගේ නිසි කාලයට නැවත එය ලබා ගනී. එහි කිසිඳු වෙනසක් සිදු විය
නොහැක. ප්‍රධාන දේ වන්නේ ඔබ ජීවාත්ම සත්තා විඥාණයට පැමිණ පියාව සිහි කළේ නම්, මායාට
ඔබට පහර දිය නොහැකි බවයි. ඔබ ශරීර අවධානයට පත් වූ විට කුමක් හෝ පාප ක්‍රියාවක් කර
සිය ගුණයක පව් රැස් කර ගනී. ඔබ ඉණිමගේ පහළට ඒමට උපත් 84 ක් ගත්තා. ඔබේ තත්ත්වය
නැඟීමට ඇත්තේ දැන් මේ එකම එක උපත පමණි. දැන් බාබා පැමිණ ඇති නිසා සෝපාන දැමිය
යුතුයි. කලින් ඔබ කොන්දට අත ගහගෙන නැග්ගා. දැන් පහසු සෝපාන තනා ඇත. මෙහි ඔබව
මුක්තියට සහ ජීවන් මුක්තියට ඇසිල්ලකින් නැංවීමට සෝපානයක් ඇත. එය එතරම්ම පහසුය. ඔබට
පසුව එන අයට වඩා ඉක්මණින් නැඟිය හැකිය. ඔවුන් තේරුම් ගනීවි පියා පැමිණ, නැති වූ
සියලු දේ ලබා දෙන බව. ඒ නිසා, ඔවුන් නිසැකයෙන්ම ඔහුගේ උපදෙස් පිළිපදිනු ඇත. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. කිසි දෙයක්
ගැන සන්තාප නොවී, ශ්‍රීමත් පදනම් කරගෙන ඔබේ අදෘෂ්‍යමාන රජදහන තනා ගන්න. බාධක ගණන්
ගන්න එපා. පසුගිය කල්පයේ උදව් කළ අය ඔබට නැවතත් නියතයෙන්ම උදව් කරයි, යන්න බුද්ධියේ
තබා ගන්න. කිසි දෙයක් ගැන බොහෝ නොසිතන්න.
2. දැන් මෙය අපේ
විශ්‍රාම අවධිය බව සැම විට සතුටු වෙමින් නැවත ගෙදර යන බව දැනගන්න. බොහෝ අදෘෂ්‍යමාන
උත්සාහයන් කර ජීවාත්ම සත්ථා විඥානයට පැමිණෙන්න. කිසිඳු පාපයක් නොකරන්න.
වරදානය:
ඔබේ බුද්ධියේ
පූර්ණ පැහැදිලි විශ්වාසය තබාගනිමින් ඕනෑම භයානක ගැටලුවක් සන්සුන් කිරීමට හැකි වේවා.
ඔබ පරමාත්ම පියා
කෙරෙහි විශ්වාසය තබන්නා සේම, ඔබ ගැනත්, නාටකය කෙරෙහිත් පූර්ණ පැහැදිලි විශ්වාසය
තබන්න. යම් දුර්වල සිතිවිලි ඔබ තුළම හටගන්නේ නම්, ඒවා දුබලකමේ සංස්කාර ඇති කරයි.
එබැවින් නාස්තිකාර සිතිවිලිවල කිසිදු දුර්වලතාවයක විෂබීජ ඔබ තුළට ඇතුළු වීමට ඉඩ
නොදෙන්න. ඒ අතරම, ඔබ දකින නාටකයේ කුමන දර්ශන, පෙරළි දර්ශන පවා අත්දැකීමෙන් ප්‍රයෝජන
ලබයි. ඔබව කම්පනයට පත් වාතාවරණයක වුවද, ගැටළු බියජනක වුවද, ඔබේ බුද්ධිය පූර්ණ
විශ්වාශයෙන් නිරතුරුවම ජයග්‍රහණය කරන්න, එවිට බියකරු ගැටලු සන්සුන් වනු ඇත.
පාඨය:
පරමාත්ම පියාට
සහ සේවයට ආදරය කරන අයට පවුලෙන් ආදරය ඉබේටම ලැබේ.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.
පරමාත්ම දෙවියන්
එක්කෙනෙක් බව, සියලු විවිධ ආගම්වල විශ්වාසය වන සේම, තිබෙන්නේ, පරමාත්ම දෙවියන්ගේ
එක් සත්‍ය දැනුමයි, එනම්, තිබෙන්නේ ඒකායන මාවත පමණයි, යන හඩ පැතිරී ගිය විට, විවිධ
අන්දමේ කුඩා ආධාරක වෙතට ජීවාත්මයන්ගේ සැරිසැරීම අවසන් වෙයි. මිනිසුන් දැන් සිතන්නේ
මෙයත් ඉන් එක් මාවතක් බව, එය හොද මාවතක් බවයි. කෙසේවෙතත්, අවසානයේ, තිබෙන්නේ, ඒකායන
පියාගේ එක හැදින්වීම පමණක් සහ එක මාවත පමණයි. සත්‍යයේ මෙම හැදින්වීම සහ මෙම සත්‍ය
දැනුමේ බලයේ රැල්ල පතුරුවා හරින්න, එවිට හෙළිදරව්වේ ධජය යට, සියලු ජීවාත්මයන්ට ආධාර
ගැනීමට හැකි වෙයි.