12.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, විනාශයේ වේලාව දැන් බොහෝ ළඟයි. එමනිසා, සැබෑ සෙනෙහස එකම පරම පියා වෙත පමණක්
තබා වෙන කිසිම ශාරීරික කෙනෙකු වෙත නොතබන්න.
ප්‍රශ්නය:
එකම පරම පියා
වෙත සැබෑ සෙනෙහසක් තිබෙන දරුවන්ගේ ලක‍්ෂණ මොනවාද?
පිළිතුර:
1. ඔවුන්ගේ බුද්ධියේ යෝගාව ශාරීරික පුද්ගලයන් වෙත යා නොහැකිය. ඔවුන් එකිනෙකාගේ
ආදරවන්තිය හෝ ආදරවන්තයා නොවෙයි. 2. සැබෑ සෙනෙහසක් තිබෙන අය නිරන්තර ජයග්‍රාහකයන්ය,
ජයග්‍රාහකයන් වීම යනු ස්වර්ණමය යුගයේ අධිරාජ්‍යවරු හෝ අධිරාජිණියන් වීමය. 3. ස්නේහ
බුද්ධියෙන් යුක්ත අය නිරතුරුව පරම පියා හා අවංකව සිටී. ඔහුට කිසිවක් සැඟවිය
නොහැකියි. 4. ඔවුන් සෑම දිනකම අම්රිත් වේලාවේදී අවදි වී ස්නේහයෙන් යුතුව පරම පියා
සිහිකරයි. 5. ඔවුන් දාදී ජී ඍෂි කළා මෙන් සේවය සඳහා තම ඇට මිදුළු පවා පරිත්‍යාග
කරයි. 6. ඔවුන්ගේ බුද්ධිය ලෞකික දේ වෙත නොයයි.
ගීතය:
ඔහු අපෙන්
වෙන් වෙන්නේවත් අපේ හදවත් වල දුකක් ඇති වන්නේවත් නැත...
ඕම් ශාන්ති.
මුඛයෙන් උපන්
බ්‍රහ්මිණ් වංශයේ සැරසිල්ල වන අය මෙම පොරොන්දුව සිදු කරන්නේ ඔවුන්ගේ සෙනෙහස පරම
පියා හා බැඳී ඇති නිසාය. ඔබ තේරුම් ගෙන සිටිනවා මේ විනාශය සිදුවන කාල සීමාව බව. පරම
පියා ඔබට විස්තර කරන්නේ විනාශය සිදුවිය යුතුව ඇති බවය. විනාශය වන විට පරම පියා වෙත
සෙනෙහස බැඳි අය ජයග්‍රාහී වෙයි. එනම්, ඔවුන් සත් යුගයේ හිමිකරුවන් බවට පත් වේ. ශිව
බාබා විස්තර කරන්නේ රජවරුනුත් යටත් වැසියනුත් දෙගොල්ලොම ලෝකයේ හිමිකරුවන් වන නමුත්
තත්ත්වයේ විශාල වෙනස්කම් ඇති බවයි. පරම පියාට සෙනෙහෙ ඇති තරමට ඔබට ඔහු සිහිවනවා
මෙන්ම ලැබෙන තත්ත්වයද ඉහළ වේ. බාබා විස්තර කර දී තිබෙනවා පරම පියා සිහිකිරීමෙන් ම
පමණක් ඔබේ පව් බර දැවී යන බව. ඔබට ලියා තැබිය හැකියි ස්නේහය නැති බුද්ධියක් විනාශය
වන වේලාවේ තිබුණොත් විනාශය කරාම යන බව. එසේ ලිවීමට බිය විය යුතු නැත. පරම පියා මෙසේ
කියයි මා විසින්ම ඔබට කියා තිබෙන්නේ ඔවුන් විනාශයට යන බවත් ස්නේහ බුද්ධිය ඇති අය
ජයග්‍රහණය කරන බවත්ය. බාබා ඔබට හැම දෙයක්ම ඉතාම පැහැදිලිව කියයි. ඔබ දරුවන්ට මිස
ලෝකයේ වෙන කිසිවෙකුට ස්නේහය නොතිබේ. පරම පියා මෙසේ කියයි දරුවනි, පරමාත්මයේත් ශ්‍රී
ක්‍රිෂ්ණාගේත් පැසසුම් වෙන වෙනම ලියා තැබුවොත් සත්‍ය ගීතාව කියා දෙන පරමාත්ම
දෙවියන් කවුදැයි ඔප්පු කළ හැකි වෙයි. මෙය ඉතා අවශ්‍යයි නේද? දෙවනුව බාබා මෙසේ අසයි
පාරිශුද්ධකරුවාණන් ඥාන සාගරය, පරමාත්මය වනවාද එසේ නැත්නම් ගංඟා ජලය මෙසේ වනවාද? එසේ
වන්නේ ඥාන ගංඟාවද ගංඟා ජලයද? මෙය ඉතා පහසුය. තෙවනුව, ඔබ ප්‍රදර්ශන පවත්වන විට
සියල්ලට පළමු ගීතා පාඨශාලාවල සිටින අයට ආරාධනා යවන්න. ඔවුන් බොහෝ ඇත. ඔවුන්ට
විශේෂයෙන් ආරාධනා කළ යුතුයි. ඔබ පළමුව ශ්‍රීමත් භගවත් ගීතා හදාරණ අයට ආරාධනා කළ
යුත්තේ ඒවා අමතක කර ඇත්තේ ඔවුන් බැවිනුත් අන් අයට අමතක කරවන්නේ ඔවුන් බැවිනුත්ය.
ඔවුන්ටම පැමිණ විනිශ්චය කරන්න යැයි ආරාධනා කළ විට ඔවුන්ට නිවැරදි වන දේ කරාවි. එවිට
මිනිසුන්ට තේරුම් ගැනීමට හැකි වේවි ගීතාව හදාරණ අයටත් අප ආරාධනා කරන බවත් ඇතැම් විට
ගීතාව දේශනා කරන්නේ අපි බවත්. දෙව්ලොව නිමැවුනේ ගීතාව තුළිනි. ගීතාව පිළිබඳ බොහෝ
පැසසුම් තිබෙන නමුත් ඒ භක්ති මාර්ගයේ ගීතාවට නොවේ. පරම පියා මෙසේ කියයි මා ඔබට කියා
දෙන්නේ එකම එක සත්‍යයයි. මිනිසුන් දී ඇති නොයෙකුත් අර්තකථන සියල්ල සාවද්‍යයි.
කිසිවෙක් සත්‍යය නොකියයි. සත්‍යය කියන්නේ මා පමණයි. දෙවියන් සර්වව්‍යාපී යන්න
සත්‍යයක් නොවේ. ඔවුන් සියලු දෙනාම විනාශයට යන අතර එය දිගටම හැම චක්‍රයකම එලෙසම සිදු
වේ. ඔබ සියල්ලටම පළමු විස්තර කළ යුත්තේ මෙයයි. පරම පියා මෙසේ කියයි යාදවයින්ට
(විද්‍යාඥයින්ට) ඇත්තේ ස්නේහයෙන් තොර බුද්ධියයි. ඔවුන් විනාශය සඳහා ඉතා හොඳ දේ
සූදානම් කරයි. කොහොමනමුත්, ගල් බුද්ධියක් ඇති අයට කිසිවක් තේරුම් ගත නොහැකියි. ඔබට
ද තිබුණේ ගල් බුද්ධියක් වන අතර දැන් ඔබ දිව්‍යමය බුද්ධිය ඇති අය බවට පත් විය
යුතුයි. ඔබට දිව්‍යමය බුද්ධිය තිබී දැන් එය ගල් බුද්ධියක් බවට පත් වීම විශ්මය ජනකය.
පරම පියා වූ කලී ඥානයෙන් පිරි අයත් අනුකම්පාවෙන් පිරි කෙනාත් වෙයි. තමාට යහපතක්
කරගන්නට නොහැකි අය වෙනත් අයට යහපතක් කරන්නේ කෙසේද? හරිහැටි ඥානය උකහා නොගන්න අයට
ලැබෙන තත්ත්වය ඒ අනූව වෙයි. සේවාධාරී වන අය පමණක් ඉහළ තත්ත්වයන් ලබයි. පරම පියා
ස්නේහය දක්වන්නේ ඔවුන්ටය. එයද ඔබේ උත්සාහයේ අනුපිළිවලටය. ඔවුන් තේරුම් ගන්නේ නැහැ
පරම පියාට ස්නේහය නැති විට තත්ත්වයක් නොලැබෙන බව. ඔවුන් නියම දරුවන් හෝ අනියම්
දරුවන් වුවද විනාශය සිදුවන කාල සීමාවේ දී ස්නේහ බුද්ධියක් නොතිබුණොත්, පරම පියා
අනුගමනය නොකර ඔවුන්ට ලැබෙනුයේ පහත් තත්ත්වයකි. ඔවුන්ට දිව්‍යමය යහගුණ ද තිබිය
යුතුය. ඔබ බොරු නොකිය යුතුයි. පරම පියා මෙසේ කියයි මා ඔබට සත්‍යයම කියයි. මට ස්නේහය
නැති අයට ඉහළ තත්ත්වයක් නොලැබේ. ඔබ උපත් 21කට පූර්ණ උරුමය ලැබීමට උත්සාහ කළ යුතුයි.
සියල්ලට පළමු මේලා හා ප්‍රදර්ශන වලට ගීතා පාසල් වලට ආරාධනා කළ යුත්තේ ඔවුන්
භක්තිවන්තයින්ද වන නිසාය. ගීතාව හදාරණ අය නියතයෙන්ම ක්‍රිෂ්ණා සිහිකරන නමුත් ඔවුන්ට
කිසිවක් නොතේරේ. ක්‍රිෂ්ණා බටනලා වැයුවත් රාධේ කොහි ගියේද? ඔවුන් සරස්වතීට වීණාවක්
දී ක්‍රිෂ්ණා අතට බටනලාවක් දුන්නේය. මිනිසුන් ඔවුන් අල්ලාඃ මඟින් නිර්මාණය වූ බවක්
කී නමුත් අල්ලාඃ ගැන දන්නේ නැත. මේ කියන්නේ භාරතය ගැනයි. භාරතයේ දෙවි දේවතා රජදහන
තිබුණි. සිද්ධස්ථාන වල ඔහුගේ ප්‍රතිමා වන්දනා කරයිි. රජවරුන් ආදීන්ගේ ප්‍රතිමා
තබන්නේ පිටතය. කුරුල්ලන් ඒ මත කැත කරයි. ලක‍්ෂ්මි හා නාරායනුත් රාධේ හා ක්‍රිෂ්ණාත්
ඔවුන් ඉතා හොඳ තැන් වල තබයි. ඔවුන්ට අධිරාජ්‍යයා අධිරාජිණී ලෙස නම් කරයි. ‘‘කිං’’
යන වචනය ඉංග්‍රීසි වචනයකි. ඔවුන් ගොඩනැගිලි වලට සිය දහස් ගණනක් වියදම් කරන්නේ එම
අධිරාජ්‍යයා පාරිශුද්ධයෙන් යුතු නිසාය. රජත් රැජිණත් වැසියනුත් සියලු දෙනාම වන්දනීය
වෙයි. වන්දනාවට සුදුසු වන්නේත් වන්දනා කරුවන් වන්නේත් ඔබයි. පළමු කාරණය පරම පියා
සිහිකිරීමයි. පරම පියා සිහිකිරීම පුරුදු කළ විට ඔබට ඥානය උකහා ගැනීමේ හැකියාව ඇති
වේ. එම කෙනාට සෙනෙහස නොමැති විට ඔබේ සෙනෙහස වෙනත් දේ හා බැඳේ. ඇතැම් දූවරුන්
ඔවුනොවුන් අතරේ කොතරම් ස්නේහය ඇත්ද යත් එතරම් සෙනෙහසක් ශිව බාබාට ද නැත! ශිව බාබා
මෙසේ කියයි ඔබ ඔබේ බුද්ධියේ යෝගාව මා හා සම්බන්ධ කර ගන්න. නොඑසේ නම්, ඔබ ඔවුනොවුන්
අතර ආදරවන්තයින් වනවාද එවිට ඔබ මාව සම්පූර්ණයෙන් අමතක කරයි. ඔබ බුද්ධියේ යෝගාව මා
හා සම්බන්ධ කළ යුතුයි. මෙයට උත්සාහය අවශ්‍යය. වෙනත් දෙයින් කෙසේවත් බුද්ධිය කැඩී
ඈත් වන්නේ නැත. ශිව බාබා සිහි කරනවා වෙනුවට, ඔබ එකිනෙකා දිවා රෑ සිහිකර ගනී. බාබා
ඔවුන්ගේ නම් සඳහන් කළ විට ඔවුන් ද්‍රෝහීන් වෙයි. එවිට බාබාට අපහාස කරන්නට වැඩි කල්
නොයයි. ඔබ මෙම බාබාට අපහාස කළ විට ශිව බාබාටද එය ඉක්මනින්ම ඇසේ. ඔබ බ්‍රහ්මා සමඟ
අධ්‍යයනය නොකරනවා නම් ශිව බාබා සමඟ ද අධ්‍යයනය කළ නොහැකියි. බ්‍රහ්මා නොමැතිව, ශිව
බාබාට ඔබ කියන දේ වත් නොඇසේ. එම නිසයි ඔහු කියන්නේ ඔබට භෞතික ශාරීරික බාබාගෙන්
අහන්නට කියා. බ්‍රහ්ම බාබාත් උත්සාහ කරන්නෙක් නිසා ඇතැම් හොඳ දරුවන්ද බ්‍රහ්ම බාබා
නොපිළිගනී. සියලු දෙනා උත්සාහ කරනවා වන නමුත් ඔබ පියාත් මවත් අනුගමනය කළ යුතුයි.
සමහරුන්ට මෙය විස්තර කළ විට තේරෙන අතර වාසනාව නොමැති විට කිසිවක් නොතේරෙයි. ඔවුන්ට
සේවයද කළ නොහැකියි. කොහොමනමුත්, ඔබේ බුද්ධියේ යෝගාව පරම පියාට සම්බන්ධ කළ යුතුයි.
මෙකල බොහෝ අය ශිව බාබා ඔවුන් තුළින් මතුවූයේ යැයි කියයි. ඔබ ඒ ගැන බොහෝ ප්‍රවේශම්
විය යුතුයි. එවැනි බොහෝ අයට මායා ඇතුලු වේ. ශ්‍රී නාරායන ඔවුන් තුළට එනවා යැයි
කියපු අයද දැන් මෙහි නැත. ඔවුන් කවුරු ඇතුලු වුවත් ඔබට කිසිඳු ප්‍රයෝජනයක් නැත. පරම
පියා මෙසේ කියයි නිරතුරුව මා පමණක් සිහිකරන්න. වෙන එයා හෝ මෙයා හෝ ඔවුන් තුළට එනවා
යැයි කියන අයට එන්නේ මායාය. මා සිහිකළොත් ඔබට ලැබෙන්නේ කුමක්ද? පරම පියා හා ඍජු
යෝගයක් නොමැතිව ඔබ දැන උකහා ගන්නේ හෝ තත්ත්වයක් ලබන්නේ කෙසේද? පරම පියා මෙසේ කියයි
නිරතුරුව මා පමණක් සිහිකරන්න. මා ඔබට විස්තර සපයන්නේ ද බ්‍රහ්මා තුළින්ම පමණි.
ස්ථාපණය සිදු වන්නේ බ්‍රහ්මා තුළිනි. ත්‍රිමූර්ති ද නියතයෙන්ම අවශ්‍යය. සමහරු
බ්‍රහ්මාගේ පිංතූරය දකින විටම තරහ ගනී. ක්‍රිෂ්ණාගේ උපත් 84 ඇසෙන විට ද තරහ වෙයි.
සමහරු ඒ පිංතූර ඉරා දමයි. එම පිංතූර සාදා ඇත්තේ පරම පියාය. පරම පියා ඔබ දරුවන්ට
විස්තර කරයි. අමතක නොකර දිගටම පරම පියා සිහිකරන්න. බැඳීම් සහිත අයද දුකින් නොහැඬිය
යුතුය. ගෙදර සිටිමින්ම දිගටම පරම පියා සිහිකරන්න. බැඳීම් ඇති අය පවා ඉහළ තත්ත්වයක්
ලබයි. ඔබ දරුවන්ට මෙම ඥානය දෙන්නේ ඥාන සාගරය මඟින් පමණි. ආධ්‍යාත්මික ඥානය ඇත්තේ
වෙන කිසිවෙකුට නොව එකම පරම පියාටය. පරම පිතා පරමාත්මා පමණක්ම ඥාන සාගරය වෙයි.
විමුක්ති දායකයා කියන්නේද ඔහුට පමණි. මෙයට කුමට බය විය යුතුද? පරම පියා ඔබ දරුවන්ට
විස්තර කරන අතර ඔබ අන් අයට විස්තර කර දිය යුතුයි. පරම පියා මෙසේ කියයි මා සිහිකළ
විට ඔබට ගැලවිම ලැබේ. රාම (දෙවියන්) රාජ්‍යය ඇත්තේ කලි යුගයේ නොව සත් යුගයේය. සත්
යුගයේ ඇත්තේ එකම රජදහනකි. මේවා ඔබේ බුද්ධියට උකහා ගන්නේ අනුපිළිවෙලිනි. ඥානය උකහා
ගත නොහැකි අයට කියන්නේ විනාශය සිදුවන වේලාවේ දී ස්නේහ රහිත බුද්ධියක් ඇති අය කියාය.
ඔවුන්ට තත්ත්වයක් ලැබිය නොැහැක. හැම කෙනෙක්ම විනාශ වී යයි. මෙය සුළු දෙයක් නොවේ.
ශිව බාබා මෙසේ කියයි විනාශය සිදුවන වේලාවේ දී ස්නේහ බුද්ධියෙන් යුතු අය බවට
පත්වන්න. මේ ඔබේ අවසාන උපතයි. එමනිසා, ඔබට දැන් ස්නේහයක් නැත්නම් තත්ත්වයක් නොලැබේ.
ස්වාමියා ප්‍රිය කරන්නේ අවංක හදවත්ය. දාදී ඍෂි කළා මෙන් ඔබ ද සේවයට ඇට මිදුළු කැප
කරන්න. ඔවුන්ට අපල කාල වලදී කුල්මත් බව සිඳී ගොස් විවිධාකාරයේ කුණාටු දිගටම එනු ඇත.
එවිට ඔවුන් කියනුයේ මෙහි කිසි සතුටක් නැති නිසා නැවත ලෞකික දෙමව්පියන් වෙත යා යුතු
බවයි. එහි නාට්‍යය චිත්‍රපට ආදිය ඇත. එවැනි දේට හුරු වුණු අයට මෙහි සිටිය නොහැක.
ඔවුන්ට එය බොහෝ අපහසුය. ඔව්, උත්සාහය ඇත්නම් ඉහළ තත්ත්වයක් ලැබිය හැකිය. ඔබ සතුටින්
සිටිය යුතුයි. බාබා විසින්ම මෙසේ කියයි මා උදේ පාන්දර නැගිට ස්මෘතියේ නොසිටියොත් මට
සතුටු විය නොහැකියි. ඇඳේම සිටියොත් ඔබ නිදි කිරයි. වාඩි වී සිහිකිරීම කරන විට බොහෝ
හොඳ කරුණු මතු වී සතුටක් ඇති වේ. ඉතිරිව ඇත්තේ ඉතා සුළු දින කිහිපයක් පමණි. අපි පරම
පියාගෙන් ලෝක ආධිපත්‍යය ලබමු. ඔබ වාඩි වී මෙය සිහිකළොත් ඔබේ සතුට ඉහළ යයි. උදෑසන ඔබ
මේවා අසන විට මුලු දවස පුරාම සතුට නැඟේ. එසේ සතුටක් නොමැති නම් ඔබේ බුද්ධිය
නියතයෙන්ම පරම පියාට සෙනෙහස නැති එකකි. අම්රිත් වේලාවේදී ඉතා හොඳ හුදකලාවක් ඇති වන
අතර පරම පියා සිහිකළ තරමට ඔබේ සතුටේ රසදිය මානය ද ඉහළ යයි. පරම පියා අමතක කළ විට
මෙම අධ්‍යයනයට අපල ලබයි. පරම පියාගෙන් උරුමය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබේ සිතිවිලි,
වචන සහ ක්‍රියා වලින් සේවය කරන්න. ඔබේ මේ අවසාන උපත සේවය සඳහා යොදන්න. ඔබ අනෙකුත්
ලෞකික කරුණු හා බැඳුනොත් සේවය කරන්න කාලය කොයින්ද? සියල්ල හෙටට කල් දැම්මොත් ඔබ
කිසිවක් නොකර ගෙන මරණයට පත් වේවි. පරම පියා පැමිණ ඇත්තේ ඔබව දෙව්ලොව ගෙන යාමටය.
මෙහි බොහෝ අය යුද්ධයෙන් මිය යමින් දුකට පත් වේ. එහි යුද්ධ ආදිය නැත. මේ සියල්ල අදාල
වන්නේ සියල්ල විනාශ වී යන අවසාන කාලයටයි. අනාතයින් මෙසේ මිය යන අතර ස්වාමියාට හා
හිමිකරුවාට අයත් වන අය රජදහනේ වාසනාව ලබන අයයි. ඔබ ප්‍රදර්ශන වලදී විස්තර කළ යුතුයි
ශරීරයෙන්, මනසින් හා ධනයෙන් කරන ඉපැයීම් මඟින් ඔබේම රජදහන නිමවා ගන්නා බව. අපට
කිසිවක් ඉල්ලීමට අවශ්‍යතාවයක් නැත. අපේ සොයුරන් හා සොයුරියන් එක් වී අපේ රජදහන
තනමු. ඔබ මිලියන ගණන් එකතු කරමින් ඔබම විනාශය ලංකර ගන්නා අතර අප හැම පැන්සයකින් ම
ලෝක හිමිකරුවා වීමට කටයුතු කරයි. මේවා ඉතා සුන්දර දේ වෙයි! අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අම්රිත්
වේලාවේදී හුදකලාව හිඳ පරම පියා සෙනෙහසින් සිහි කරන්න. ලෞකික කරුණු පසෙක තබා දේව
සේවාවේ යෙදෙන්න.
2. පරම පියා සමඟ ඔබේ
හදවත අවංකව තබා ගන්න. එකිනෙකා අතර ආදරවන්තයින් නොවන්න. එකම පරම පියාට සෙනෙහසින්
බැෙඳනවා මිස ශාරීරික අයට නොබැෙඳන්න.
වරදානය:
සියලු බලයන්ගේ
ධනයෙන් පිරී ඉතිරී යාමෙන් ඔබ දානපතියෙකු, මෙම ඥානයේ දානපතියෙකු සහ ආශිර්වාද
දානපතියෙකු වේවා.
සියලු බලයන්ගේ ධනය
ඇති ඔබ දරුවන් සම්පූර්ණ හා පරිපූර්ණ අවධියට සමීප බව අත්විඳියි. භක්තිවන්තයකුගේ හෝ
යාචකයෙකුගේ කිසිදු සංස්කාරයක් ඔබ තුළ මතුවිය නොහැක. මට පරම පියාගේ උපකාරය අවශ්‍යයි,
මට ආශිර්වාද අවශ්‍යයි, මට සහයෝගය අවශ්‍යයි, මට බල අවශ්‍යයි යන මෙම ආශාවේ වචන
දානපතියාගේ, ඥානයේ දානපතියාගේ සහ ආශිර්වාද දානපතියාගේ දරුවන් වන ඔබට නොගැලපේ. ලෝකයේ
සෑම ජීවාත්මයකටම පරිත්‍යාග (දාන) හෝ ආශිර්වාද (වරදාන) පිරිනමන්නේ ඔබයි.
පාඨය:
ජීවාත්මයන්ට
කුමන හෝ ආකාරයක ලැබීමක් ලබා දෙන වචන සත්‍ය වදන් වේ.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
අන් අය ඔබව කොතරම්
සොලවන්නට උත්සාහ කළත්, ඔබ නොසැලෙන ලෙස සිටිය යුතුය. අහිතකර සිදුවීම් උසස්ද නැතහොත්
ඔබේ මුල් අවධිය උසස්ද? අහිතකර සිදුවීම් සමහර විට ඔබට පහර දෙනවාද? අහිතකර සිදුවීම්
බලවත් ද නැතිනම් ඔබේ මුල් අවධිය බලවත් ද යන්න ගැන සිතා බලන්න. ඔබට මෙම අවධානය ඇති
විට, ඔබ දුර්වලව සිට බලවත් වනු ඇත. ඔබ තපස්වි ජීවාත්ම ඔබේ නියත සහ ස්ථාවර අවධිය
කෙරෙහි අවධානය යොමු කරනවා සේම, හත යෝගී ජීවාත්ම එක් කකුලක් මත සිටගෙන සිටියි.
එබැවින්, නියත සහ ස්ථාවර අවධියක ස්ථාවරව සිටීම සහ එක් කකුලක් මත සිටගෙන සිටීම අතර
වෙනසක් ඇත.