12.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාබා තම වාහනය වන්නා වූ ද, ප්‍රථමයෙන්ම තමාට වන්දනාමාන කළා වූ ද, පළමුව වැඳුම් ලැබීමට සුදුසුව සිට පසුව වන්දනා කරුවකු බවට පත් වු තැනැත්තාගේ ශරිරයට ඇතුලුව සිටී. ඉන් සැමටම මේ දැනුමෙහි යථාර්ථය පහදා දෙයි.

ප්‍රශ්නය:
බාබා පැමිණ ඔහුගේ මේ පරපුරට ලබා දෙන උරුමය කුමක්ද ?

පිළිතුර:
බාබා සාමයේ, සතුටේ සහ සෙනෙහසේ සාගරයයි. ඔහු මේ නිධන් සියල්ල ඔබ වෙනුවෙන් තබා ඇත. ඔහු ඒවා සුදානම් කර ඇති ස්වභාවය අනුව ඔබට ඒවා විනාශයට ලක්වීමට නොදී උපත් 21ක් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ඇත. ඔහු කටු ලෙස සිටියවුන් දියමන්ති බවට පත් කළේය. ඔබ යෝග බලයෙන් බාබාගේ සියලුම නිධානයන් උරුම කර ගත්තා. බාබා සමඟ යෝග නොවී ඔබට ඔහුගෙන් ඒ නිධන් දිනාගත නොහැක.

ඕම් ශාන්ති.
බාබා ඔබ අමතයි. සැම දෙනා තුළම ශිව බාබා අශාරිරික කෙනෙක් යන විශ්වාසය තිබෙනවා. මේ එකම අශාරීරික වු පියා පමණයි සෑම කෙනෙකුගෙන්ම වැඳුම් ලැබීමට සුදුසු වු එකම තැනැත්තා. අන් සෑම කෙනෙක්ටම භෞතික ස්වභාවයක් තිබෙනවා. ජීවාත්මයන් වුවත් ප්‍රථමයෙන් අශාරිරිකව සිට පසුව ශාරිරිකත්වයට පත් වුවා. ඔවුන් ශරිරයක් තුළට ඇතුල් වු විට ශාරිරික තත්ත්වයට පත් වී ඔවුන්ගේ කොටස රඟපෑමට පටන් ගන්නවා. ඒ උත්තරිතර දනව්වෙහි ඔවුන්ට රඟපෑමට කොටසක් අයත් වෙන්නේ නැහැ. නළුවෙක් ගෙදර සිටින විට ඔවුන් නාට්‍යයේ රඟපාන කොටස රඟපාමින් ඉන්නේ නැහැ ඔවුන් වේදිකාවට ගිය පසුවයි ඔවුන්ගේ නාට්‍යය ආරම්භ කරන්නේ. ඒ වගේම ජීවාත්මයන් වුවත් මෙහි පැමිණ ශරිරයක් ගෙන ඔවුන්ට අයත් කොටස රඟ පානවා. සෑම දෙයක්ම තීරණය වන්නේ ඔබට ලැබී ඇති කොටස මතයි. ජීවාත්මයේ විශාලත්වයක් මෙහිදී බලපාන්නේ නැහැ. ඔබගේ ජීවය කෙතරම් විශාලද, එලෙසම වු ජීවාත්මයක් තමයි මොහුටත් තිබෙන්නේ. බාබා, ඒ උත්තරිතර ජීවය විසින් කෙරෙන ක්‍රියාවලිය ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. රජෙකුට අයත් රාජ පුරුෂයෙක් සිටිනවා නම්, එම ජීවාත්මයේ රැකියාව එයයි. මොවුන් පාරිශුද්ධත්වයෙන් යුතු වු දේවී දේවතාවන් මේ නිසා තමයි ඔවුන් වන්දනා ලැබිය හැකි අය බවට පත් වන්නේ. ඔබ දැන් දන්නවා මෙය අධ්‍යයනය කිරීමෙන් ඔබ ලක්ෂ්මී හා නාරායන් බවට පත් වනවා කියා. ඔබ තමයි ඒ නව ලෝකයේ පාලකයන් බවට පත් වීමට යන්නේ. ඔවුන් නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්ද ? ඒ උත්තරිතර ජීවාත්මය විසිනුයි. ඔබගේ ජීවාත්මයත් දැන් යම් හැදෑරීමක් කරනවා. මෙහි ඇති වැදගත්කම තමයි බාබා ඔහු විසින්ම මෙහි පැමිණ ඉගැන්වීම ඔහු ඔබට රාජයෝග උගන්වනවා. එය ඉතා පහසු දෙයක්. මෙය හඳුන්වන්නේ පහසු රාජයෝගා ලෙසයි. බාබා සිහි කිරීම මඟින් ඔබ සතෝප්‍රධාන් තත්ත්වයට පත් වෙනවා. බාබා කොහොමනමුත්, සතෝප්‍රධාන් තත්ත්වයේ සිටින්නේ. ඔහුගේ ප්‍රශංසනීයත්වය ඉතාමත් අගනේයි. ඔවුන් නොයෙකුත් ආකාරයේ මල් මෙන්ම කිරි පවා පුජා කරනවා. නමුත් ඔවුන්ට ඒ පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. ඔවුන් දේවී දේවතාවන් වන්දනා කරනවා. ඔවුන් ශිවා හට මල් හා කිරි පුජා කළත් ඔවුන් දන්නේ නැහැ ශිවා කියන්නේ කවුද කියා. දේවී දේවතාවන් තමයි මෙම ලෝකය එකළ පාලනය කරමින් සිටියේ. අච්චා. එසේනම්, ඇයි ඔවුන් ශිවා හට මේ සියලු දේ පුජා කරන්නේ ? ඔහු එතරම් වන්දනීයත්වයට ලක් වීමට ඔහු විසින් කර ඇති දේ මොනවාද ? අඩුම තරමින් ඔවුන් දන්නවා එකළ මෙම ලෝකය පාලනය කරන ලද්දේ දිව්‍යාංගනාවන් විසින් කියලා. නමුත් මෙය නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්ද කියා ඔවුන් කිසිවෙක් දන්නේ නැහැ. ඔවුන් ශිවා වන්දනා කළා වුවත් ඔහු දෙවියන් බව කිසිවෙක් දන්නේ නැහැ. දෙවියන් විසින් තමයි ඔවුන් නිර්මාණය කරන ලද්දේ. ඔවුන් විශාල වශයෙන් ඔහුට පුජා පවත්වනවා. නමුත් ඒ සියලුම දේ සිදු වන්නේ අවිද්‍යාව නිසයි. ඔබත් මෙලෙස ශිවා වන්දනා කරමින් සිටියා. ඔබට දැන් එය තේරෙනවා. මුලදී ඔබටත් මේ කිසිම දෙයක් තේරුනේ නැහැ. ඔබ ඔහු විසින් කරනු ලබන දේ හෝ ඔහු විසින් ඔබට ලබා දෙන සතුට ගැන හෝ කිසිවක් දන්නේ නැහැ. මේ දේවී දේවතාවන් ඔබට සතුටක් ලබා දෙනවාද ? රජත් රැජිනත් ඔවුන්ගේ සේවකයන්ට සතුට ලබා දෙනවා වෙන්න පුළුවන්, නමුත් ඔවුන් නිර්මාණය කරන ලද්දේ ශිව බාබා විසිනුයි. මෙහි පුදුමය තිබෙන්නේ ශිව බාබාගේ කාර්යයෙහියි. ඔවුන් රාජ්‍යය ගෙන යනවා පමණයි. ඔවුන්ගේ සේවකයන් බිහි වුයේ නිරායාසයෙන්මයි. කොහොමනමුත්, ඔවුන් කිසිවෙක් හට ප්‍රයොජනයක් ගෙන එන්නේ නැහැ. ඔවුන් එසේ කළත් ඒ ඉතා සුළු කාලයකට පමණයි. දරුවනි, දැන් ඔබට උගන්වන්නේ බාබා විසින්මයි. ඔහු හඳුන්වන්නේ සෑම කෙනෙකුටම ප්‍රයෝජනයක් ගෙන එන්නා ලෙසයි. බාබා ඔහු විසින්ම ඔහුගේ හැඳින්වීම ලබා දෙනවා ඔබ මාව ලින්ගමයක් ලෙස සලකා මාව වන්දනා කිරීමට පුරුදුව සිටියා. ඔබ ඔහුව උත්තරීතර ජීවය ලෙස ඇමතූ අතර පසුව එය පරමාත්මා (දෙවියන්) වූවා. කොහොමනමුත්, මිනිසුන් දන්නේ නැහැ ඔහු කුමක්ද කළේ කියා. ඔවුන් කියනවා ඔහු සෑම තැනකම සිටිනවා, ඔහු නමක් නොමැති, ස්වරූපයක් නොමැති අයෙක් කියා. එවිට ඔහුට කිරි ආදිය පුජා කිරීම වැරදි දෙයක්. කොහොමනමුත්, ඔහුට යම් කිසා ආකාරයක ස්වරූපයක් තිබෙන නිසා තමයි ඔවුන් මේවා පුජා කරන්නේ. ස්වරූපයක් නොමැතිව සිටීමට ඔහුට කිසිසේත් බැහැ. මිනිසුන් ඔබත් සමඟ බොහෝ තර්කයට එනවා. ඔවුන් පසුව කිසිම කරුණක් නොමැතිව බාබා ළඟට පැමිණ ඔහුටත් හිසරදයක් බවට පත් වනවා. එහි කිසිම ප්‍රයෝජනයක් නැහැ. දරුවනි, ඔබගේ කාර්යය තමයි මෙය විස්තර කර දීම. දරුවනි, ඔබ තේරුම් ගන්නවා දැන් බාබා ඔබව බොහෝ උසස් තත්ත්වයකට පත් කරවනවා කියා. මෙය ඇත්තෙන්ම හැදෑරීමක් පමණයි. බාබා ඔබගේ ගුරුවරයා බවට පත් වී ඔබට උගන්වනවා. ඔබ දැන් ඉගෙන ගන්නේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් වෙන් වී දිව්‍ය තත්ත්වයට පත් වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමටයි. දේවී දේවතාවන් සිටින්නේ සත් යුගයේයි ඔවුන් කිසිම විටෙක කලි යුගයට එන්නේ නැහැ. රාමාගේ රාජ්‍යය දැන් ස්ථාපිත නොවන නිසා මිනිසුන් හට පාරිශුද්ධත්වයෙන් සිටීමට නොහැකියි. දේවී දේවතාවන් සිටියත් පසුව ඔවුන් පාපයේ මාර්ගයට ඇද වැටුණා නමුත් නොයෙකුත් පිළිම වල පෙන්වා ඇති ආකාරයට නොවේ. ජගත්නාථ වෙනුවෙන් සාදා ඇති කෝවිලෙහි ඔවුන් අවලස්සන වු පිළිම තනා තිබෙනවා. බාබා කියනවා මායා පරාජය කිරීමෙන් ඔබ මුළු ලෝකයම ජය ගත්තන් බවට පත් වෙනවා. ඉතින් ඔවුන් විසින් ඔහුට ජගත්නාථ (ලෝකයට අධිපති) යන නාමය ලබා දී තිබෙනවා. ඔවුන් එහි මුදුනෙහි මේ සියලුම සිහිවටනයන් කැටයම් කොට තිබෙනවා. දේවී දේවතාවන් පාපකාරී මාර්ගයට ඇද වැටෙන විට ඔවුන් අපිරිසිඳුතාවයට පත් වෙනවා. ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔබ වන්දනා ලැබිය හැකි තත්ත්වයේ සිටියා කියා ඔවුන් දන්නේ නැහැ. වෙන කිසිම අයෙකුගේ බුද්ධියෙහි මෙම උපත් 84 පිළිබඳව කිසිම දැනුමක් නැහැ. ඔබ මුලදී සතෝප්‍රධාන් තත්ත්වයේ සිටියා. වන්දනා ලැබිය හැකි තත්ත්වයකින් සිටියා. නමුත් පසුව උපත් 84ක් ලබා ගැනීම මඟින් තමෝප්‍රධාන් වන්දනාකරුවන් බවට පත් වුවා. රගුනාථ කෝවිලෙහිත් අවලස්සන ලෙස තනන ලද පිළිම තිබෙනවා. නමුත් කිසිම කෙනෙක් මේ කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. දරුවනි, දැන් ඔබ දන්නවා මෙම ඥානය ලබා ගැනීම මඟින් ඔබ ලස්සන වන බවත් රාගය නැමති ගින්නෙහි සිටීමෙන් ඔබ අවලස්සන වන බවත්. දේවී දේවතාවන් පාපයේ මාර්ගයට ඇද වැටුණු නිසා ඔවුන්ට තව දුරටත් දේවී දේවතාවන් යන නාමය දිය නොහැකියි. මෙසේ පාපයට ඇද වැටීම, ඔවුන් විසින් ඉතා අඳුරු වු වර්ණ වලින් පෙන්නුම් කර තිබෙනවා. ක්‍රිෂ්ණා, රාමා මෙන්ම ශිවාත් අඳුරු වර්ණ වලින් පෙන්නුම් කර තිබෙනවා. ඔබ දන්නවා ශිවා කිසිම විටෙක අඳුරු තත්ත්වයට පත් වෙන්නේ නැහැ කියා. ඔහු දියමන්තියක් වන් නිසා ඔහු ඔබවත් දියමන්තියක තත්ත්වයට පත් කරවනවා. ඔහු කිසි විටෙක අඳුරෙහි ගැලෙන්නේ නැති නම්, මිනිසුන් ඔහු එසේ පෙන්නුම් කර තිබෙන්නේ ඇයි ? ඔබටත් හොඳ උසස් ස්ථානයක් හිමිකර ගැනීමට අවශ්‍ය නම් ඔබත් ලස්සන විය යුතුයි. බාබා ඔබට විස්තර කර දී තිබෙනවා ඔබ කොහොමද උසස් ස්ථානයක් ලබා ගත යුත්තේ කියලා පියා පමණක් අනුගමනය කරන්න. ඔහු, ඔහු හා තිබුණු සෑම දෙයක්ම පියා වෙත භාර කළා. පියා දෙස බලන්න. ඔහු සියලු දේ බාබා වෙත භාර කළ ආකාරය බලන්න. ඔහු සාමාන්‍ය කෙනෙක් ඔහු බොහෝ දුප්පත් වුවෙත් නැහැ, බොහෝ ධනවත් වුවෙත් නැහැ. දැන් පවා බාබා කියනවා ඔබගේ ආහාර ආදී සියලුම දේ සාමාන්‍ය ආකාරයෙන් පැවතිය යුතුයි. එය සාමාන්‍ය මධ්‍යම තරමේ විය යුතුයි. බාබා ඔබට මේ සියලුම දේ ගැන කියා දෙනවා. මොහු දෙසත් එක් වරම බැලුවහොත් ඔහු ඉතා සාමන්‍ය කෙනෙක්. මිනිසුන් ඔබට කියනවා දෙවියන් කොහේද ඉන්නේ ? අපට ඔහුව පෙන්වන්න. ජීවාත්මයක් කියන්නේ ආලෝක තිතක් පමණයි ඔබට එය දැක ගන්න පුළුවන්ද ? ඔබ දන්නවා මේ භෞතික ඇස් වලින් ඔබට කිසිම විටෙක ජීවාත්මයක් දැක ගත නොහැකි බව. ඔබ කියනවා, දෙවියන් තමයි ඔබට උගන්වන්නේ කියා. ඉතින් එසේ නම් ඔහු අනිවාර්යෙන්ම ඒ සඳහා ශරීරයක් ගත යුතු වෙනවා. අශාරීරික කෙනෙක් ඔබට උගන්වන්නේ කෙසේද? මිනිසුන් මේ කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔබ සියලු දෙනා ජීවාත්මයන් වන අතර මෙම ශරිරය මාර්ගයෙන් ඔබ ඔබගේ කොටස රඟ පානවා. ජීවාත්මය තමයි එහි කොටස රඟ පාන්නේ. ජීවය ශරීරය මාර්ගයෙන් කතා කරනවා. ඉතින් ඒවා තමයි ජීවාත්මය විසින් පවසන දේ වන්නේ. කොහොමනමුත්, ඒවා ජීවාත්මය විසින් කියන දේවල් යනුවෙන් පැවසීමටත් නොහැකියි. ශරීරයක් නොමැති ජීවාතමයන් විශ්‍රාමික තත්ත්වයේයි ඉන්නේ. ඔවුන් ශබ්දයෙන් තොර වන, ශරීරයක් තිබුණහොත් පමණක් කතා කරන අයයි. ජීවයක් පමණක් ගතහොත් එය ශබ්දයෙන් තොර වූ කෙනෙක් පමණයි. ශබ්දයට පැමිණීමට නම්, ඔවුන්ට අනිවාර්යෙන්ම ශරීරයක් අවශය වෙනවා. බාබා ඥාන සාගරය වන නිසා අපට කතා කිරීමට ඔහු විසින් අනිවාර්යෙන්ම ශරීරයක් උපයෝගී කර ගන්නවා. එසේ නැති නම් ඔහු කතා කරන්නේ කෙසේද ? බාබා ඔබට මේ සෑම දෙයක්ම කියා දෙන්නේ අපිරිසිඳු තාවයෙන් පිරිසිඳු තත්ත්වයට පත් වීමටයි. මෙය ඥානයට අයත් කොටසක්. ඔහු මෙහි පැමිණෙන්නේ කෙසේද ? ඔහු පැමිණෙන්නේ කාගේ ශරිරයක් තුළටද ? ඔහු අනිවාර්යෙන්ම මනුෂ්‍ය ශරීරයක් තුළට ඇතුල් විය යුතුයි. ඔබ හැර වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ ඔහු කාගේ ශරීරයටද ඇතුල් වන්නේ කියා. ඒ නිර්මාණකරුවා විසින්ම ඔහු ගැන හැඳින්වීමක් කරමින් ඔහු ඇතුල් වන්නේ කාගේ ශරීරයටද ආදී දේ ඔබට පවසනවා. දරුවනි, ඔබ දන්නවා බාබාගේ වාහනය කුමක්ද කියා. බොහෝ මිනිසුන් මේ ගැන කලබල වෙනවා. ඔහුට සතෙකුගේ ශරිරයකට ඇතුල් විය නොහැකියි. බාබා අසනවා මා ඇතුල් වන්නේ කුමන මනුෂ්‍ය ශරීරයටද ? ඔවුන්ට මෙය තේරුම් ගත නොහැකියි. මා අනිවාර්යෙන්ම භාරතයට පැමිණිය යුතුයි. භාරතයේ සිටින සියලුම මනුෂ්‍යයන්ගෙන් කාගේ ශරීරයටද මා ඇතුල් විය යුත්තේ ? ඔහු ජනාධිපතිවරයකුගේ හෝ කිසියම් මුනිවරයකුගේ ශරිරයකට ඇතුල් වනවාද ? මෙය රාවන්ගේ රාජ්‍යය නිසා මා ඉතා සුපිරිසිඳු වු ශරිරයකට ඇතැල් විය යුතුයි කියා දෙයක් නැහැ. දෙවියන් තමයි ඒ ඈත දනව්වෙහි පදිංචිකරුවා කියා කතාවක් තිබෙනවා. ඒ වගේම දරුවන් දන්නවා භාරතය තමයි කිසිදා මිය නොයන සදාකාලික වු දේශය කියා. ඔහු, ඔහු විසින්ම ඇතුල්වන ශරීරය කුමක්ද කියා ඔබට කියනවා. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ඔබ දන්නවා ඔහු කිසිම විටෙක මුනිවරයකු හෝ රිශිවරයෙකුගේ ශරීරයකට ඇතුල් වන්නේ නැහැ කියා. මන්ද, ඔවුන් අයත් වන්නේ හතා යෝගා කරන භක්ති මාර්ගයටයි. භක්තිවන්තයින් අතරිනුත් ඔහු ඇතුල් වන්නේ කුමන ශරීරය තුළටද ? ඔහු බොහෝ සෙයින් භක්ති කරන ලද පැරණි භක්තිවන්තයෙක් විය යුතුයි. දෙවියන් අනිවාර්යෙන්ම අප විසින් කරන ලද භක්තියෙහි ඵලය ලබා දීමට මෙහි පැමිණිය යුතුයි. භාරතයේ බොහෝ භක්තිවන්තයින් සිටිනවා. එවිට සමහර මිනිසුන් කියයි මොහු බොහෝ සෙයින් භක්ති කර තිබෙනවා, එමනිසා ඔහු මොහුගේ ශරීරයට ඇතුල් විය යුතුයි කියා. එසේ භක්ති කරන බොහෝ දෙනා සිටිනවා. හෙට වුවත් කෙනෙක් සියලු දේ එපා වී භක්ති කිරීමට පටන් ගනියි. නමුත් ඔහු එම භක්තිය කරන්නේ මෙම උපතෙහි දී පමණයි. බාබා කිසිම විටෙක එවැනි කෙනෙකුගේ ශරීරයට ඇතුළු වන්නේ නැහැ. මා ඇතුළු වන්නේ ප්‍රථමයෙන්ම භක්ති කිරීමට පටන් ගත් කෙනාගේ ශරීරයටයි. භක්තිය පටන් ගනු ලැබුවේ තඹ යුගයේ සිටයි. කිසිම කෙනෙක් මෙම ගිණුම ගැන දන්නේ නැහැ. මේ සියලුම කරුණු ඉතා සුක්ෂම වු දේවල්. මා ඇතුල් වන්නේ ප්‍රථමයෙන්ම භක්ති කිරීමට පටන් ගත් කෙනාගේ ශරීරයටයි ප්‍රථමයෙන් වන්දනා ලැබීමට සුදුසු වු තැනැත්තා තමයි ප්‍රථමයෙන් වන්දනා කරනා තැනැත්තා බවටත් පත් වන්නේ. ඔහු, ඔහු විසින්ම කියනවා මෙම වාහනය තමයි ප්‍රථම ස්ථානය හිමිකර ගන්නේ කියා. මොහු තමයි ප්‍රථමයෙන්ම උපත් 84ක් අවසන් කරන්නේ. මා මොහුගේ ශරිරය තුළට ඇතුල් වන්නේ ඔහුගේ උපත් බොහොමයකින් අවසාන උපතේදීයි. මොහු තමයි ප්‍රථම රජවරයා බවට පත් විය යුත්තේ. මොහු බොහෝ සෙයින් වන්දනා කරන ලද කෙනෙක්. එමනිසා, මොහු තමයි ඔහු කරන ලද භක්තියෙහි ඵලය ප්‍රථමයෙන්ම ලැබිය යුත්තේ. බලන්න බාබා කෙතරම් ලස්සනට මෙම කොටස සිදු කර තිබෙනවාද කියා. බලන්න ඔහු කොහොමද දෙවියන් වෙනුවෙන් වෙන් වුයේ කියා. ඔහු හා තිබුණු සියලුම දේ ඔහු භාර කළා. දරුවන් බොහොමයකට ඉගැන්වීමට මුදල් වැය වෙනවා. මෙය තමයි දෙවියන් විසින් තනන ලද ගින්න. දෙවියන් මෙහිදී රුද්‍රාගේ ඥානය නැමැති ගින්න තනනවා. මෙයත් හැදෑරීමක් ලෙසසි හඳුන්වන්නේ. රුද්‍රා, ශිවා ඒ ඥාන සාගරය විසින් මෙය තනන ලද්දේ මෙම ඥානය ඔබට ලබාදීම සඳහායි. මේ වචන සියල්ලක්ම සම්පුර්ණයෙන්ම නිවැරදියි. මෙය තමයි ඔබ ඔබගේ ස්වාධිපත්‍යය ලබා ගන්නා ඥානය නැමැති ගින්න. මෙය ගින්නක් ලෙස හඳුන්වන්නේ ඇයි? භක්තිවන්තයින් නොයෙකුත් ආකාරයේ ගිනි පුජා කරමින් සිටිනවා. නමුත් ඔබ මෙහි පැමිණ ඉතා හොඳ හැදෑරීමක් කරනවා. ඉතින් ඔබ විසින් පුජා කෙරෙන්නේ මොනවාද ? ඔබ දන්නවා ඥානය හැදෑරීම මඟින් ඔබ දක්ෂ දරුවන් බවට පත් වෙනවා කියා. ඉතින් එසේ නම් මේ මුළු ලෝකයම ඒ සඳහා පුජා කළ යුතු වෙනවා. කොහොමනමුත්, අවසානයේ දී ඔවුන් ළඟ තිබෙන සෑම දෙයක්ම ඔවුන් මේ වෙනුවෙන් පුජා කරනවා. දරුවනි, දැන් ඔබ දන්නවා බාබා විසින් ඔබට උගන්වනවා කියා. බාබා ඉතා සාමාන්‍ය වු කෙනෙක්. මිනිසුන් මොනවාද දන්නේ ? වැදගත් මිනිසුන් බොහෝ සෙයින් ප්‍රශංසා ලබනවා. බාබා මෙහි අසුන් ගෙන සිටින්නේ ඉතා සාමාන්‍ය සරල ආකාරයකට. දාදා පවා මැණික් වෙළෙන්දෙකු බව මිනිසුන් දැන ගත්තේ කෙසේද ? මෙහිදී පිටින් පෙනෙන බලයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් කියනවා මොහුගේ නම් යම් බලයක් තිබෙනවා කියා. ඔවුන් දන්නේ එපමණයි. ඔවුන් දන්නේ නැහැ ඒ සර්ව බලධාරී තැනැත්තා, බාබා මොහු තුළට ඇතුළු වී තිබෙනවා කියා. ඔහුට බලයක් තිබෙනවා. නමුත් එම බලය පැමිණියේ කොහි සිටද ? බාබා ඔහු තුළට ඇතුළු වී තිබෙනා නිසා තමයි ඔහුට මෙම බලය ලැබී තිබෙන්නේ. ඔහු කිසිම විටෙක ඔහුගේ ධනයට පයින් ගසන්නේ නැහැ ඔබ අනිවාර්යෙන්ම ඔබගේ යෝග බලයෙන් මේ සියලුම දේ ලබා ගත යුතුයි. කොහොමනමුත්, ඔහු තමයි සර්ව බලධාරී තැනැත්තා වන්නේ. ඔහුගේ ශක්තිය කිසිම විටෙක අතුරුදහන් වන්නේ නැහැ. දෙවියන් සර්ව බලධාරී තැනැත්තා ලෙස හඳුන්වන්නේ ඇයි ? කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. බාබා මෙහි පැමිණ ඔබට මේ සියලු දේ විස්තර කර දෙනවා. බාබා කියනවා මම ඇතුල් වී සිටින මෙම ශරීරයේ ජීවාත්මය තුළ බොහෝ සෙයින් මළ බැඳී තිබෙනවා. මා මේ පෞරාණික වූ දේශයේ මේ මහළු ශරීරයට ඔහුගේ උපත් ගණනාවකින් අවසාන උපතේදී ඇතුල් වෙනවා. ජීවාත්මයන් තුළ බැඳී ඇති මළකඩ කිසිවක් වෙන කිසිවෙකුට ඉවත් කළ නොහැකි දෙයක්. මෙම මළකඩ ඉවත් කළ හැක්කේ ඒ සත්ගුරු හට පමණයි. ඔහු නිරන්තරයෙන්ම පිරිසිඳු වූ කෙනෙක්. ඔබ දන්නවා මේ සියලු දේ ඔබගේ බුද්ධිය තුළට යාමට යම් කාලයක් ගත වන බව. බාබා ඔබට සෑම දෙයක්ම ලබා දෙනවා. දරුවනි, බාබා ඒ ඥාන සාගරය, සාමයේ සාගරය ඔබට සෑම දෙයක්ම ලබා දෙනවා. ඔහු මෙම පෞරාණික වු දේශයට ඇතුල් වෙනවා ඔහු මේ දියමන්තියක් මෙන් සිට දැන් බෙලි කටුවක් බවට පත් වී ඇති තැනැත්තාගේ ශරිරයට ඇතුල් වෙනවා. කෙනෙක් මේ අවස්ථාවේ දී ලක්ෂපතියෙක් මෙන් වුවත් ඒ බොහෝ සුළු කාලයකට පමණයි. දැන් සෑම කෙනෙකුගේම ධනය විනාශයකට ලක්වීමටයි යන්නේ. ඔබ දැන් පවුමක් මෙන් වටිනා අයෙක් බවට පත් වීමටයි යන්නේ. ඔබ දැන් ශිෂ්‍යයන්. මොහුත් ඔහුගේ උපත් ගණනාවකින් අවසාන උපතේ දී ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා. දැන් ඔබ තුළ මළකඩ බැඳී තිබෙන්නේ. මුලදී ඉතා හොඳින් ඉගෙන ගත් තැනැත්තා තුළ පවා දැන් මළකඩ බැඳී තිබෙනවා. ඔහු දැන් බොහෝ සෙයින් අපිරිසිඳු තත්ත්වයට පත් වී තිබෙනවා. නමුත් ඔහු තමයි සුපිරිසිඳුම තැනැත්තා බවට නැවතත් පත්විය යුත්තේ. මෙම නාටකය නියම වු නාටකයක්. බාබා ඔබට නිවැරදි වු දෙය පෙන්වා දෙනවා. බාබා තමයි සත්‍යය ඔහු කිසිම විටෙක ඔබට වැරදි දෙයක් පවසන්නේ නැහැ. අනෙක් කිසිම මනුෂ්‍යයෙක් මෙය තේරුම් ගන්නේ නැහැ. මගේම දරුවන් නැතිව අනෙක් මිනිසුන් මෙය තේරුම් ගන්නේ කෙසේද ? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. උසස් ස්ථානයක් ලබා ගැනීමට නම් සම්පුර්ණයෙන්ම පියා පමණක් අනුගමනය කරන්න. සියලුම දේ බාබා හට භාර දෙන්න. භාරකරුවෙක් බවට පත් වී එය රැක බලා ගන්න. නමුත් ඒ සියලුම දේ බාබා හට භාර කරන්න. ඔබගේ ආහාර පිළිවෙල මෙන්ම ජීවන රාටාවත් බොහෝ උසස් ලෙස හෝ නොව බොහෝ පහත් ලෙස හෝ නොව සාමාන්‍ය ආකාරයෙන් තිබිය යුතුයි.

2. අන් අයට ප්‍රයෝජනවත් වු අයෙක් බවට පත් වී බාබා විසින් ඔබට ලබා දී ඇති සතුට, සාමය හා ඥානය අන් අයටත් ලබා දෙන්න.

වරදානය:
ඔබ පිවිතුරු බවේ ගැඹුර දැනගෙන ශාන්තියෙන් හා සතුටෙන් පිරි උතුම් ජීවාත්මයක් බවට පත්වේවා.

පාරිශුද්ධත්වයේ බලයේ ශ්‍රේෂ්ඨත්වය දැන පාරිශුද්ධභාවයට පත් වන්න, එනම්, දැන් සිටම වන්දනාවට සුදුසු දේවතා ජීවාත්ම බවට පත් වන්න. අවසානයේ එසේ සිදුවෙයි කියා නොසිතන්න. දිගු කලක් පුරාවට ඔබ රැස් කරන බලය අවසානයේ ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. පාරිශුද්ධත්වයට පත් වීම සාමාන්‍ය දෙයක් නොවේ. ඔබ බ්‍රහ්මචාරීව සිට පාරිශුද්ධත්වයට පත් වී ඇති නමුත් පාරිශුද්ධත්වය මව වේ. එමනිසා, ඔබේ සිතිවිලි, ආකල්ප, වාතාවරණය, වචන සහ සම්බන්ධතා සමඟ සාමයේ සහ සතුටේ මව බවට පත්වීම උතුම් ජීවාත්මයක් වීම ලෙස හැඳින්වේ.

පාඨය:
උසස් අවධියක ඔබව ස්ථාවර කර සියලු ජීවාත්මයන්ට දයාවේ දෘෂ්ටිය ලබා දී එම කම්පන පතුරුවන්න.