12.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ස්වාමියා, අධිපතියාට අයත් අය බවට පත් වී, ඉන්පසුව රජකුමරුන්, රජකුමරියන් බවට පත් විය යුතුයි. එබැවින් සිහිපත් කිරීමේ වන්දනා ගමන තුළින් ඔබගේ පාපයන් පුළුස්සා දමන්න.

ප්‍රශ්නය:
ඔබගේ සියලු දුක් ඉවත් වන්නේ කුමන එක් ක්‍රමවේදය භාවිත කිරීමෙන්ද?

පිළිතුර:
ඔබ පියාගේ ඇස් දෙස බලා, ඔබගේ දෙනෙත් ඔහුගේ දෙනෙතේ ගැටුණු විට, ඔබගේ සියලු දුක් ඉවත් වී යයි, මන්ද, තමන් ජීවාත්මයක් බව සළකා පරමාත්ම පියා සිහිපත් කිරීමෙන්, ඔබගේ සියලු පාපයන් දුරු වී යන නිසාය. ඔබගේ සිහිපත් කිරීමේ වන්දනා ගමන මෙයයි. ඔබ සියලු ශාරීරික ආගම් අත්හැර, පරම පියාව සිහි කරයි. මෙය කිරීමෙන් ඔය ජීවාත්ම සතෝප්‍රධාන් වී, ඉන්පසුව ඔබ සතුටු දේශයේ අධිපතියන් බවට පත් වෙයි.

ඕම් ශාන්ති.
ශිව දෙවියන් කතා කරයි තමන් ජීවයක් බව සළකමින් මෙතැන අසුන් ගන්න. පියා ඔබගෙන් මෙම ඉල්ලීම කරයි. ’ශිව දෙවියන් කතා කරයි‘ යනු ශිව බාබා මෙසේ විස්තර කරයි දරුවනි, තමන් ජීව බව සළකා මෙතැන අසුන් ගන්න, මන්ද ඔබ සියලු දෙනාම සහෝදරයන් නිසා. ඔබ සියලු දෙනාම එක පියාගේ දරුවන්. ඔබ වසර 5000කට පෙර එකම පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගත් එම ආකාරයෙන්ම ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමි කර ගත යුතුයි. ඔබ සිටියේ ආදී සනාතන දෙවි දේවතාවන්ගේ රාජධානියේය. පියා මෙතැන අසුන්ගෙන ඔබට සූර්ය වංශයේ කොටස්කරුවන්, එනම් ලෝකයේ අධිපතියන් විය හැකි අන්දම විස්තර කර දෙයි ඔබගේ පියා වන මා සිහි කරන්න. ඔය සියලුම ජීව සහෝදරයන්. උසස්ම උසස් දෙවියන් එක් අයෙක් පමණයි. එම සත්‍ය ස්වාමියාගේ දරුවන්, ස්වාමියා මෙන්ම අධිපතිට අයත් අයයි. පියා මෙතැන අසුන් ගෙන මෙම දේවල් විස්තර කර දෙයි. ඔහුගේ ශ්‍රීමත් වලට අනුව ඔබ ඔබගේ බුද්ධියේ යෝගාව සම්බන්ධ කරන්නේ නම්, ඔබගේ සියලු පාපයන් දුරු වී, ඔබගේ සියලු දුක් ඉවත්ව යනු ඇත. ඔබගේ දෙනෙත් පියාගේ දෙනෙත් හමු වූ විට, ඔබගේ සියලු දුක් නැති වී යයි. ’දෙනෙතින් හමුවීමෙහි‘ අරුත ද පියා ඔබට විස්තර කර දෙයි. තමන් ජීවයක් බව සළකා පියා සිහි කරන්න සිහිපත් කිරීමේ වන්දනා ගමන මෙයයි. මෙයට යෝගා ගින්න යැයි ද කියයි. මෙම යෝගා ගින්නෙන්, ඔබගේ බොහෝ උපත් වල සියලු පාපයන් පිළිස්සී යයි. මෙය දුක් දේශයයි. සියලු දෙනාම අපායේ වැසියන්ය. ඔබ පාපයන් සිදු කර තිබේ. මෙයට රාවන්ගේ රාජධානිය යැයි කියයි. ස්වර්ණමය යුගයට, රාමාගේ රාජ්‍යය යැයි කියයි. ඔබට මේ අන්දමින් විස්තර කළ හැක. එතැන කෙතරම් විශාල පිරිසක් අසුන්ගෙන සිටියත්, ඔවුන්ට දේශනයක් දීමට පසුබට නොවිය යුතුයි. ‘මේවා දෙවියන්ගේ වදන්‘ කියා දිගින් දිගටම කියන්න, එපමණයි. ශිව දෙවියන් කතා කරයි ජීව වන අප සියලු දෙනාම ඔහුගේ දරුවන්ය අප සහෝදරයන්. කෙසේවෙතත්, ශ්‍රී ක්‍රිෂ්ණාට දරුවන් සිටි බවක් හෝ මෙතරම් රැජිණියන් ගණනක් සිටි බවවත් අප නොකියන්නෙමු. ක්‍රිෂ්ණා විවාහ වන විට, ඔහුගේ නම වෙනස් වෙයි. ඔව්, ලක‍්ෂ්මි සහ නාරායන්ට දරුවන් සිටි බව ඔබ කියනු ඇත. රාධේ සහ ක්‍රිෂ්ණා, විවාහ වීමෙන් පසුව ලක‍්ෂ්මි සහ නාරායන් වන අතර, ඉන්පසුව ඔවුන්ට පුතෙක් සිටියි. ඉන්පසුව ඔවුන්ගේ රජ පෙළපත අඛණ්ඩව පැවතෙයි. ඔය දරුවන් දැන් නිරතුරුවම පියා සිහි කළ යුතුයි. සියලුම ශාරීරික ආගම් අතහැර, නිරතුරුවම පියාව සිහිපත් කරන්න, එවිට ඔබගේ සියලු පාපයන් දුරු වී යයි. ඔබ සතෝප්‍රධාන් වී ඉන්පසුව දිව්‍යලෝකයට යයි. දිව්‍යලෝකයේ දුකක් නොමැත. අපායේ අසීමිත දුක තිබේ සතුටේ නමක් හෝ සළකුණක් හෝ නොමැත. ඔබ මේ අන්දමින් උපක්‍රමශීලීව අන් අයට විස්තර කර දිය යුතුයි. ශිව දෙවියන් කතා කරයි ඕ දරුවනි, මෙකල ඔය ජීව අපවිත්‍රයි, ඉතිං ඔබ පිවිතුරු වන්නේ කෙසේද? ඔබ මට කන්නලව් කළා ඕ පාරිශුද්ධකරුවාණෙනි පැමිණෙන්න ! ස්වර්ණමය යුගයේ වාසය කරන්නේ පිවිතුරු අය පමණක් වන අතර, අපවිත්‍ර අය වාසය කරන්නේ කලි යුගයේය. කලි යුගයෙන් පසුව එය නිසැකයෙන්ම ස්වර්ණමය යුගය විය යුතුයි. නව ලෝකයේ ස්ථාපනය සහ පැරණි ලෝකයේ විනාශය ඇතිවෙයි. බ්‍රහ්මාගේ මාර්ගයෙන් ස්ථාපනය සිදු වූ බව සිහිකර තිබේ. බ්‍රහ්ම කුමර කුමරියන් වන අප, දරුකමට හදාගත් දරුවන්ය. අප බ්‍රහ්මණයින්ය, මුදුන් මල්කඩයි. විවිධත්ව-ස්වරූපයක්ද තිබේ. පළමුවෙන් ඔබ අනිවාර්යෙන්ම බ්‍රහ්මින්වරුන් විය යුතුයි. බ්‍රහ්මාද බ්‍රහමින් කෙනෙකි. දේවතාවන් වාසය කරන්නේ ස්වර්ණමය යුගයේ පමණයි. ස්වර්ණමය යුගයේ නිරන්තර සතුට තිබේ දුකෙහි සඳහනක් නොමැත. කලි යුගයේ අසීමිත දුක ඇති අතර, සියලු දෙනාම සිටින්නේ දුකෙනි. දුක අත් නොවිඳින කෙනෙක් නොමැත. මෙය රාවන්ගේ රාජධානියයි. භාරතයේ අංක එකේ සතුරා, රාවනුයි. සෑම කෙනෙක් තුළම දුර්ගුණ පහ තිබේ. ස්වර්ණමය යුගයේ දුර්ගුණ නොමැත. එය පිවිතුරු ගෘහස්ත ධර්මයයි. දුක් කඳු දැනටමත් වැටී ඇති අතර ඒවා වැඩි වැඩියෙන් නොකඩවා වැටෙයි. ඔවුන් බොහෝ සෙයින් බෝම්බ ආදිය නොකඩවාම නිපදවන අතර, ඒවා නිකම්ම ගබඩා කර තැබීම සඳහා නොවෙයි ඔවුන් සෑම දෙයක්ම ඔප මට්ටම් කරමින් සිටියි. ඉන්පසුව පෙරහුරුවීම් සිදුවී, අවසානයේ දී එය සිදුවෙයි. දැන් ඉතිරිව ඇත්තේ ඉතාමත්ම කෙටි කාලයකි. නාටකය එයට නියමිත වූ කාලයේදී අවසන් වෙයි. පළමුවෙන්ම ඔබට ශිව බාබාගේ ඥානය තිබිය යුතුයි. ඔබ දේශනයක් ආදිය ආරම්භ කරන ඕනෑම විටෙක, සියල්ලටම පළමුවෙන් කියන්නේ ’ශිවාට නමස්කාර වේවා‘ කියායි, මන්ද, ශිව බාබාගේ ප්‍රශංසාව, වෙනත් කිසිවෙකුට අයත් විය නොහැකි බැවිනි. ශිව ජයන්තිය දියමන්ති වටී. ක්‍රිෂ්ණාගේ දිව්‍යමය ක්‍රියාවන් නොමැත. ස්වර්ණමය යුගයේදී කුඩා දරුවන් සතෝප්‍රධාන්ය. දරුවන් තුළ කිසිම ආකාරයක දඟකාරකමක් ආදිය නොමැත. ඔවුන් ක්‍රිෂ්ණා ගැන කියන්නේ, ඔහු බටර් කෑ බවත්, ඔහු මේ මේ දේවල් කළ බවත්ය. ඔහුට ප්‍රශංසා කරනවා වෙනුවට ඔවුන් ඊටත් වඩා ඔහුට අපහාස කරයි. දෙවියන් සර්ව ව්‍යාප්ත බවත්, ඔහු ඔබ තුළත්, මා තුළත් සිටින බව, ඔවුන් කියන්නේ හරිම සතුටකින්ය. මෙය ඉතා තදබල අපහාසයකි. කෙසේවෙතත්, තමෝප්‍රධාන් මිනිසුන්ට මේ දේවල් තේරුම් ගැනීමට නොහැක. එබැවින් ඔබ පළමුවෙන්ම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. ඔහු අශාරීරික පියා වන අතර, ඔහුගේ නම, හිතකාමී ශිවාය, සියල්ලන්ටම විමුක්තිය ලබා දෙන්නා. එම අශාරීරික පියා, සතුටේ සාගරය මෙන්ම ශාන්ති සාගරයයි. මෙකල මෙතරම් දුක තිබෙන්නේ ඇයි? එය රාවන්ගේ රාජධානිය නිසාය. රාවන් සෑම කෙනෙකුගේම සතුරාය. ඔවුන් ඔහුව මරණ නමුත් ඔහු මිය යන්නේ නැත. මෙහි ඇත්තේ එක් ආකාරයක දුක පමණක් නොවෙයි අසීමිත දුක තිබේ. ස්වර්ණමය යුගයේ අසීමිත සතුට තිබේ. ඔබ වසර 5000කට පෙර අසීමිත පියාගේ දරුවන් බවට පත් වූ අතර, ඔබ පියාගෙන් මෙම උරුමයද හිමි කර ගත්හ. ශිව බාබා අනිවාර්යෙන්ම පැමිණෙන අතර ඔහු පැමිණි විට නිසැකයෙන්ම යමක් කරයි. ඔහු සෑම දෙයක්ම නිවැරදිව කරයි. ඔහුට ප්‍රශංසා කරන්නේ ඒ නිසයි. මිනිසුන් ශිව රාත්‍රිය ගැන කතා කරයි (ශිවාගේ රාත්‍රිය) ඉන්පසුව ක්‍රිෂ්ණාගේ රාත්‍රිය තිබෙයි. ඔබ දැන් ශිවාගේ රාත්‍රිය සහ ක්‍රිෂ්ණාගේ රාත්‍රිය ගැන වටහා ගත යුතුයි. ශිවා මෙහි පැමිණෙන්නේ අසීමිත රාත්‍රියේය. ක්‍රිෂ්ණා උපත ලබන්නේ රාත්‍රියේ නොවෙයි අම්රිත් වෙලාවේය. මිනිසුන් ශිවාගේ රාත්‍රිය සමරන නමුත් එයට දිනයක් හෝ කාලයක් නොමැත. ක්‍රිෂ්ණාගේ උපත සිදුවන්නේ අම්රිත් වෙලාවේය. සුබම කාලය වශයෙන් සැලකෙන්නේ අම්රිත් වෙලාවයි. ඒ මිනිසුන් ක්‍රිෂ්ණාගේ උපත මැදියම් රැයෙහි සමරන නමුත්, එම වෙලාව අරුණෝදය නොවෙයි. අරුණෝදය උදේ 2.00 සිට 3.00 අතරය, එය ඔබට දෙවියන් සිහිකිරීමට ද හැකි වෙලාවයි. කෙනෙක් පාපයේ ගැලීමෙන් පසුව මැදියම් රැයෙහි අවදි වී, පියා සිහිපත් කරන්නේ නැත කොහෙත්ම නැත ! මැදියම් රාත්‍රිය අම්රිත් වේලාව නොවෙයි. ඒ වෙලාවේදී මනුෂ්‍යයින් අපවිත්‍රයි, කිලිටියි. ඒ වෙලාවේදී වාතාවරණය ඉතාමත්ම නරකයි. කිසි කෙනෙක් අලුයම 2.30ට අවදි වන්නේ නැත. අම්රිත් වේලාව උදේ 3.00 සිට 4.00 අතරයි. මිනිසුන් ඒ වෙලාවට අවදි වී භක්තියේ යෙදෙති. ඔවුන්ම ඒ වෙලාව නියම කරගෙන තිබෙන නමුත්, සැබවින්ම නියමිත වෙලාවක් නැත. ඉතිං ක්‍රිෂ්ණා ඉපදුණු වෙලාව ඔබට සොයා ගත හැක. ශිවා පැමිණි වෙලාව ඔබට සොයා ගත නොහැක. ඔහුම පැමිණ මෙය විස්තර කරයි. ඉතිං පළමුවෙන්ම ඔබ ශිව බාබාගේ ප්‍රශංසාව මිනිසුන්ට කිව යුතුයි. ගීතයක් වාදනය කළ යුත්තේ ආරම්භයේදීය, අවසානයේදී නොවෙයි. මිහිරිතම බාබා, ශිව බාබා වන අතර ඔබට ඔහුගෙන් අසීමිත උරුමයක් ලැබෙයි. වසර 5000කට පෙර ශ්‍රී කිෂ්ණා ස්වර්ණමය යුගයේ පළමුවන රජ කුමරා විය. එහි අසීමිත සතුට තිබිණි. දැන් වුවද මිනිසුන් තවමත් දිගින් දිතගටම දිව්‍යලෝකය ප්‍රශංසා කරති. කෙනෙක් මිය ගිය විට ඔවුන් කියන්නේ මේ මේ කෙනා දිව්‍යලෝකයට ගිහිං. ආ! නමුත් එය දැන් තවමත් අපායයි! එය දිව්‍යලෝකය නම්, මිනිසුන්ට දිව්‍යලෝකයේ පුනරුත්පත්ති ගත හැක. අපට බොහෝ වසර ගණනාවක අත්දැකීම් තිබෙන බවත්, එය විනාඩි 15 කදි පමණක් විස්තර කළ නොහැකි බවත් ඔබ විස්තර කළ යුතුයි මේ සඳහා කාලය අවශ්‍යයි. මෙය තත්පරයක පමණක් කාරණාවක් බව, ඔවුන්ට පළමුවෙන්ම කියන්න. දුක නැතිකරන්නා සහ සතුට පිරිනමන්නා වන අසීමිත පියාගේ හැඳින්වීම ඔවුන්ට ලබා දෙන්න. ඔහු අප සියලුම ජීවයන්ගේ පියාය. අප සියලුම බීකේවරු ශිව බාබාගේ ශ්‍රීමත් අනුගමනය කරනවා. පියා පවසන්නේ ඔබ සියලුම දෙනා සහෝදරයන් වන අතර මම ඔබගේ පියාය. මම වසර 5000කට පෙර පැමිණි නිසයි මිනිසුන් ශිව ජයන්තිය සමරන්නේ. දිව්‍යලෝකයේ කිසිම දෙයක් සමරන්නේ නැත. ශිව ජයන්තිය තිබෙන අතර, මෙහි සිහිවටනය භක්ති මාර්ගයේ සමරයි. මේ රඟදැක්වෙන්නේ ගීතාවේ කතා පුවතයි. නව ලෝකය බ්‍රහ්මාගේ මාර්ගයෙන් ස්ථාපනය වන අතර, පැරණි ලෝකය, ශංකර්ගේ මාර්ගයෙන් විනාශ වීමටයි යන්නේ. ඔබට පැරණි ලෝකයේ වාතාවරණය දැක ගත හැක මෙම අපවිත්‍ර ලෝකය අනිවාර්යෙන්ම විනාශ වෙනවා. මේ නිසයි ඔවුන් මෙසේ කියන්නේ අපව පිවිතුරු ලොවට රැගෙන යන්න. අසීමිත දුකක් තිබේ සටන් කිරීම, මරණය, වැන්දඹු වීම, සිය දිවි නසා ගැනීම. ස්වර්ණමය යුගය, අසීමිත සතුට තිබුණු රාජධානියයි. ඔබ අනිවාර්යෙන්ම ඔබගේ අරමුණ සහ ඉලක්කය වන මෙම පිංතූරය ඔබත් සමග රැගෙන යා යුතුයි. මෙම ලක‍්ෂ්මි සහ නාරායන්, ලෝකයේ අධිපතියන් විය. අප ඔබට කියන්නේ වසර 5000කට පෙර සිදු වූ දෙයක් ගැනයි, ඔවුන් එම උපත් ලබා ගත් අන්දමයි. ඔවුන් එසේ වීමට සිදු කළ ක්‍රියාවන් මොනවාද? ඔබට කර්ම, අකර්ම සහ පාප කර්ම න්‍යාය විස්තර කර දෙන්නේ පියා පමණයි. ස්වර්ණමය යුගයේදී ක්‍රියාවන් අකර්මයි. මෙහි, මෙය රාවන්ගේ රාජධානිය නිසා, ක්‍රියාවන් පාපකාරීය, මේ නිසයි මෙයට පාපකාරී ජීවයන්ගේ ලෝකය කියා කියන්නේ. ඔබගේ හුවමාරු සිදුවන්නේද පාපකාරී ජීවයන් සමඟයි. ළදරුවෙක් මව් කුසෙහි සිටින විටදීම පවා ඔවුන් එය විවාහ ගිවිස ගනී. ඔවුන්ට එතරම් සාපරාධී ද්‍රිෂ්ඨියක් තිබේ. මෙහි ඔවුන් සාපරාධී බැල්මක් ඇති අයයි. ස්වර්ණමය යුගයට කියන්නේ ශිෂ්ඨ බැල්මක් කියාය. මෙහි, ඇස් බොහෝ පාපයන් සිදුකරයි. එහි, කිසිවෙකු පාපයන් සිදු කරන්නේ නැත. ස්වර්ණමය යුගයේ සිට කලි යුගයේ අවසානය දක්වා, ඉතිහාසය සහ භූගෝලය නැවත නැවතත් සිදුවෙයි. ඒවාට සතුටු දේශය සහ දුක් දේශය යැයි කියන්නේ මන්ද කියා ඔබ දැන සිටිය යුතුයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ අපවිත්‍ර වීම සහ පිවිතුරු වීම මතයි. එබැවින් පියා පවසන්නේ විශාලතම සතුරා වන්නේ රාගයයි. එය ජය ගැනීමෙන් ඔබ ලොව ජයගන්නා අය බවට පත්වනවා. චක්‍රයෙන් භාගයක්, ලෝකය පිවිතුරුව පැවතුණු අතර, එහි උසස් දේවතාවන් සිටියා. එය දැන් දූෂිත වී තිබේ. එක් අතකින් මෙය දූෂිත ලොවක් කියා ඔවුන් කියන අතර, අනෙක් අතට ඔවුන් සෑම කෙනෙකුටම ’ශ්‍රී ශ්‍රී‘ කියා අමතයි. ඔවුන්ගේ සිතට ඇතුලු වන ඕනෑම දෙයක් ඔවුන් නිකම්ම දොඩවයි. මේ සෑම දෙයක්ම වටහා ගත යුතුයි. මරණය, දැන් අත ලඟ සිටගෙන සිටියි. පියා පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී, ඔබ සතෝප්‍රධාන් වෙයි. ඔබ සතුටු දේශයේ අධිපතියන් බවට පත් වෙයි. දැන් ඇත්තේ දුකම පමණයි. ඒ මිනිසුන් කෙතරම් සම්මන්ත්‍රණ ආදිය පැවැත්වුවද, කෙතරම් රැස්වීම් පැවැත්වුවද, ඒවා තුළින් කිසි දෙයක් සිදුවන්නේ නැත. ඔවුන් අඛණ්ඩව ඉනිමග දිගේ පහළට පැමිණෙයි. පියා, දරුවන්ගේ මාර්ගයෙන් ඔහුගේ කාර්යය සිදු කරනවා. ඔබ කන්නලව් කළා ඕ පාරිශුද්ධකරුවාණෙනි පැමිණෙන්න! එබැවින් මම, මට අයත් කාලයේදී පැමිණියෙමි. මා පැමිණෙන්නේ අන්ත අධර්මිෂ්ඨකම ඇති විටයි. ඔවුන්ට මෙහි අරුත වැටහෙන්නේ නැත. ඔවුන් කන්නලව් කරන බැවින්, ඔවුන් අපවිත්‍ර විය යුතුයි. පියා පවසන්නේ රාවන් ඔබව අපවිත්‍ර කර ඇති අතර, මා දැන් පැමිණ ඇත්තේ ඔබව පිවිතුරු කිරීමටය. එය පිවිතුරු ලෝකය වූ අතර, මෙය දැන් අපවිත්‍ර ලෝකයයි. සියලු දෙනා තුළ දුර්ගුණ පහ ඇති අතර, අසීමිත දුක තිබේ. සෑම තැනකම ඇත්තේ අසාමයමයි. ඔය ජීව, සම්පූර්ණයෙන්ම තමෝප්‍රධාන් සහ පාපකාරී වන විට, මා පැමිණෙන්නෙමි. මට අපහාස කර, මා සර්ව ව්‍යාප්ත යැයි, කියන අයව පවා, ඉහළ නැංවීමටයි මා පැමිණෙන්නේ. ඔබ මට රාවන්ගේ මෙම අපවිත්‍ර ලෝකයට, මෙම අපවිත්‍ර සිරුරට, පැමිණෙන්නට කියා ආරාධනා කරයි. මටද රථයක් අවශ්‍යයි. මට පිවිතුරු රථයක් අවශ්‍ය නැත. රාවන්ගේ රාජධානියේ සියල්ලම අපවිත්‍රයි කිසිම කෙනෙක් පිවිතුරු නැත, සියලු දෙනාම උපත ලබන්නේ පාපය තුළිනි. මෙය දූෂිත ලෝකය වන අතර එය දූෂණයෙන් තොර ලෝකයයි. දැන් ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන්නේ කෙසේද? පාරිශුද්ධකරුවා වන්නේ මා පමණයි. මා සමඟ යෝගාවේ සිටින්න! භාරතයේ පෞරාණික රාජ යෝගාව මෙයයි. ඔහු නිසැකයෙන්ම පැමිණෙන්නේ ගෘහස්ත මාවතටයි. ඔහු පැමිණෙන්නේ බොහෝ ආශ්චර්යමත් අන්දමකටයි! එම කෙනා පියා මෙන්ම මවද වන්නේය, මන්ද, අමෘතය මතු වීමට ගවයෙකුගේ මුඛයක් අවශ්‍ය බැවිනි. ඉතිං, ඔහු මව මෙන්ම පියාද වන අතර, ඉන්පසුව මව්වරුන් රැක බලාගැනීමට සරස්වතීව නායිකාව බවට පත් කර තිබේ. ඇයට ජගදම්බා යැයි කියයි. කාලි මෑණි ගැනද ඔවුන් කතා කරයි. ඇය එසේ අවලස්සණ නැත. ඔහු රාගයේ ගිනිකොත මත අසුන්ගෙන අවලස්සණ වූ බැවින් ඔවුන් ක්‍රිෂ්ණාව තද නිල් පැහැයෙන් පෙන්වා ඇත. ක්‍රිෂ්ණා අවලස්සණ වී, ඉන්පසුව ලස්සණ වෙයි. මේ සෑම දෙයක්ම වටහා ගැනීමට කාලය අවශ්‍යයි. කෝටි ගණනකින් අතලොස්සකගේ බුද්ධියේ ඒවා තැන්පත් වන අතර, එම අතලොස්සෙන්ද ටික දෙනෙක් තුළ පමණයි, මන්ද සියල්ලන් තුළම දුර්ගුණ පහ තිබෙන බැවිනි. ඔබට රැස්වීමක වුවද මෙය විස්තර කළ හැක, මන්ද සෑම කෙනෙකුටම යමක් කීමට අයිතියක් ඇති බැවිනි. ඔබ එම අවස්ථාව ගත යුතුයි. නිල රැස්වීමක් අතරමැදදී ඔබගෙන් කිසි කෙනෙක් ප්‍රශ්න නොඅසනු ඇත. ඔබට ඔවුන්ගේ කතා ඇසීමට අවශ්‍ය නැතිනම්, නිහඬව පිටව යන්න කිසිම හඬක් නඟන්න එපා. මේ අන්දමින් විස්තර කරන්න දැන් අසීමිත දුක තිබේ. දුක් කන්දරාවන් වැටීමට තිබේ. අප පියා මෙන්ම නිර්මාණය ද දන්නෙමු. ඔබ කිසි කෙනෙකුගේ කාර්යය දන්නේ නැත. පියා, භාරතය පාරාදීසිය බවට පත් කළේ කවදාද, කොහොමද? ඔබ මෙය නොදන්නා බැවින් එන්න, අප මෙය විස්තර කර දෙන්නම්. ඔබ උපත් 84ක් ගන්නේ කෙසේද? දින හතේ පාඨමාලාව ගන්න, එවිට අප ඔබව උපත් 21කට පාපකාරී ජීවයන්ගෙන් පුණ්‍යවන්ත ජීවයන් බවට පත් කරවන්නම්. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියා, කර්ම, අකර්ම සහ පාප කර්ම ගැන විස්තර කර ඇති ගැඹුරු න්‍යාය, ඔබගේ බුද්ධියේ තබාගෙන, පාපකාරී ජීවයන් සමඟ කිසි ගණුදෙනුවක් ඇතිකර නොගන්න.

2. ශ්‍රීමත් අනුගමනය කර, ඔබගේ බුද්ධියේ යෝගාව ඒකායන පියාට සම්බන්ධ කරගන්න. සතෝප්‍රධාන් වීම සඳහා උත්සාහ දරන්න. දුක් දේශය, සතුටු දේශය බවට පත් කිරීම සඳහා, අපවිත්‍ර බවින් පිවිතුරු වීමට උත්සාහ දරන්න. ඔබ, ඔබගේ සාපරාධී බැල්ම, වෙනස් කර ගත යුතුයි.

වරදානය:
ඔබ ඥානයෙන් පිරි බවට පත් වී ඔබගේ සියලු නිශ්ඵල ප්‍රශ්න මේ යාග ගින්නට බිලි දී එමගින් බාධාවන්ගෙන් මිදෙත්වා.

කිසියම් බාධාවක් පැමිණි විට, ඔබ “ඇයි?” සහ "කුමක්ද?" යන බොහෝ ප්‍රශ්න වෙතට යයි. ප්‍රශ්න වලින් පිරී සිටීම යනු කනස්සල්ලට පත්වීමයි. ඥානයෙන් පිරීමෙන් ඔබේ නිශ්ඵල ප්‍රශ්න සියල්ල මේ යාග ගින්නට කැප කළ විට, ඔබේ කාලය මෙන්ම අන් අයගේ කාලයද ඉතිරි වේ. මෙය කිරීමෙන් ඔබ පහසුවෙන් බාධක වලින් නිදහස් වනු ඇත. විශ්වාසය සහ ජයග්‍රහණය ඔබේ ජන්ම අයිතියයි: මෙම අභිමානය පවත්වා ගන්නා විට ඔබ කිසිදා පීඩාවට පත් නොවනු ඇත.

පාඨය:
නිරන්තර උද්යෝගය පවත්වා ගැනීම සහ උද්යෝගය අන් අයට ලබා දීම ඔබේ රැකියාවයි.