12.07.25    Avyakt Bapdada      Sinhala Murli     31.12.2010    Om Shanti    Madhuban


පැරණි වසරට සමුදීමත් සමගම, ඔබගේ පැරණි සංස්කාර වලටත් සමූ දී, බාධක වලින් නිදහස්ව සිටීමට අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කරගන්න. දයාවෙන් පිරිපුන් සහ මාස්ටර් දානපතියෙක් වී, ඔවුන්ට ඔබගේ මනසින් සේවය කිරීමෙන්, දුකින් සහ අශාන්තියෙන් සිටින ජීවාත්මයන්ට ආධාරයක් වන්න.


අද දින බාප්දාදා සූක්ෂ්ම දේශයෙන් මෙම භෞතික ලෝකයට ඇවිත් සිටින්නේ සෑම තැනකම සිටින ඔය සියළුම දරුවන්ට නව වසරට සහ නව ලෝකයට සුබ පැතුම් ලබා දීමටයි. ඔය සියළුම දරුවන් සෙනෙහසින් ඔබගේ මධුබන් නිවසට ලගා වී ඇත. ලෝකයේ මිනිසුන් එක දිනකට පමණක් නව වසර සමරන නමුත්, ඔබ අඛණ්ඩව නිරන්තරයෙන් නව ලෝකයේ සංගමය සමරයි. ඔබගේ දෑස් ඉදිරියේ නව ලෝකය නිරන්තරයෙන් මුසු වී තිබේ. ඔබ දැන් එය සිහිකර සරලව එහි ලගා වෙයි. එය ඔබගේ දෑස් තුල මුසුවී තිබෙනවා නේද? ඔබ සංගම යුගයේ සිටීම අත්දකිනවා; අද ඔබ සංගම යුගයේ සිටින අතර හෙට දින ඔබගේ රාජධානියට ඔබ ඇතුළු වෙයි. ඔබගේ දෑස් තුල ඔබට එය පැහැදිලිව දැක ගත හැක. ලෝකයේ මිනිසුන් එක දිනකට නව වසර වෙනුවෙන් එකිනෙකාට සුබ පතන අතර බාප්දාදා ඔබට දීර්ග කාලයක් පැවතීමට යන, ස්වර්ණමය ලෝකය, තෑග්ගක් ලෙස ඔබට ලබා දී තිබේ. එය ඔබගේ දෙනෙත් තුල කෙබදු අන්දමකට මුසුවී තිබේද යත් ඔබට තත්පරයකදි එහි ලගා විය හැක. ඔබ සියළු දෙනා ඉදිරියේ ස්වර්ණමය ලෝකය ඔබගේ දෙනෙත් තුල මුසු වී තිබේ. ඔබට තත්පරයකදි එහාට ලගා විය හැකියි නේද? අද ඔබ සංගම යුගයේ සිටින අතර හෙට ඔබ අයිතියක් ඇතිව රාජධානිය පාලනය කරයි.

දැන් කාලයට අනුව, ඔවුන් දුකින් සහ අශාන්තියෙන් සිටින නිසා ඔය පූර්වජයන්ගේ බැතිමතුන් ඔබට කන්නලව් කරනවා. ඔවුන් දුකින් සහ අශාන්තියෙන් කන්නලව් කරන්නේ කෙසේද යන හඩ ඔබට ඇසෙනවාද? ‘අපට සාමය ලබා දෙන්න! අපට සතුට ලබා දෙන්න! අපට ප්‍රීතිය ලබා දෙන්න!’ ඔවුන්ගේ හඩ ඔබට ඇසෙනවාද? ‘දෙන්න! දෙන්න!’ දැන් දයාවෙන් පිරිපුන් සහ සෙත සලසන දානපතියාගේ දරුවන් ලෙස, ඔය ජීවාත්ම, ඔබගේ මනසින් ජීවාත්මයන්ට සේවය කර, දන් දීමේ කාර්යය සිදුකළ යුතුයි. එම දුකින් සහ අසාමයෙන් සිටින ජීවාත්ම ගැන බාප්දාදාට බොහෝ අනුකම්පාවක් දැනෙයි. ඔබටත් අනුකම්පාවක් ඇති වෙනවා නේද? (බාප්දාදාට කැස්සක් ඇති විය. අද බ්‍රහ්ම පියාගේ කැස්ස ආයෙත් ඇවිත්). ඔබටත් ජීවාත්ම කෙරෙහි අනුකම්පාවක් ඇති වනවා නේද? දැන් මෙම එළඹෙන වසරේ, මන්ද, අද දින, නව වසරක් පැමිණෙන අතර පැරණි වසර පිට වනවා - ගෙවී යන මෙම වසරේ ඔබ සෑදූ සැලැස්ම කුමක්ද? වසර යයි, නමුත් වසර සමගම ඔබ සමු දුන්නේ තව කුමකටද? ඔබ වසරට සමුදෙන සේම, ඔබගේ ජීවිතයේ ඔබ සමු දෙන්නේ කුමකටද? ඉන්පසුව ඔබ එය පුරවන්නේ කුමන අළුත් දෙයින්ද? ඔබ සදාකාලයටම එයට සමුදෙනවාද, නැත්නම් කෙටි කාලයකටද? තවමත් ඉතිරිව ඇති කුමන හෝ සංස්කාර, එම සංස්කාර දැකීමට සහ හදුනාගැනීමට ඔබගේ මනස භාවිතා කර, එ්වා අනිවාර්යෙන්ම අවසන් කළ යුතු බවට බාප්දාදා ඔබට සංඥාවක් ලබා දී තිබේ. මෙම පැරණි සංස්කාර ඔබගේ උත්සාහයන් වලට බාධක බව බාප්දාදා දකිනවා. එක අතකට ඔය දරුවන් පවසන්නේ බාබා ඔබගේ ලෝකය කියාය, එසේ නම් පැරණි සංස්කාර පැමිණෙන්නේ කොහේ සිටද? පරම පියා ඔබගේ ලෝකය බැවින් සහ පැරණි සංස්කාර ඔබගේ උත්සාහයට බාධක ගෙන එන බැවින් ඔබ ඒවා අවසන් කළ යුතුයි, නේද? අම්රිත් වේලාවේ ඔබ සියළු දෙනා හදවතට සමීප කතාබහක යෙදෙන විට, පියා දැක තිබෙන්නේ, මේ වන තුරු පවා, ඔබගේ උත්සාහයන් වලදි ඔබව මන්දගාමී කරවන්නේ ඔබගේ පැරණි සංස්කාර බව ඔබ සියළු දෙනාම පවසා ඔබගේ වාර්ථාව ලබා දෙන බවයි.

එබැවින් අද දවසේ වසරට සමු දෙන විට, ඔබට එම සංස්කාර වලටත් සමුදිය හැකිද? ඔබට සමු දෙන්න පුළුවන්ද? අත් ඔසවන්න! ඔබට ඒවාට සමු දීමට සිදුවෙයි. ඔබගේ අත් එසවීම ඉතා පහසුයි, නමුත් ඔබගේ මනසේ අත ඔසවන්න. ඔබ ඒවා ඔසවනවා. ඔබ සෑම කලටම ඔබගේ සංස්කාර වලට සමුදීමට ඔබගේ අත් ඔසවනවා. නැවතත් ඔබගේ අත් ඔසවන්න! අච්චා. ඔය දරුවන්ගෙන් බහුතරයක් ඔබගේ අත් ඔසවා බාප්දාදාව සතුටු කළා. ඔබ එඩිතරකම ඇති දරුවන් වීම ගැන බාප්දාදා සතුටු වනවා. එඩිතරකම ඇති තැන බාප්දාදාගේ නිරන්තර සහයෝගය තිබේ. දැන් ඔබ අත් ඔසවා ඇති නිසා, පරම පියාගේ සෑම කුඩා සහ විශාල ස්ථානයක්ම බාධක වලින් නිදහස් වෙලා නේද? බාප්දාදාට ලැබුණු ප්‍රතිඵලයට හේතුව වන්නේ පැරණි සංස්කාරයි. ඉතිං, ඔබ අද සිතිවිලි වලින් සංස්කාර අවසන් කළා, එනම්, බාධක වලින් නිදහස් වීමේ ආශිර්වාදය ඔබට හිමි වී තිබේ. ඔබ ආශිර්වාදය ලබා ගත්තාද? ඔබගේ එඩිතරකමේ ඵලය ඔබට ලැබෙනවා නේද? දරුවන්ගේ එඩිතරකමේ එක පියවරක් තිබෙන විට, පරම පියාගේ උපකාර වල බොහෝ පියවර අනිවාර්යෙන්ම තිබෙයි, යන බාප්දාදාගේ ආශිර්වාදය ඔබට ලැබී තිබෙනවා. එබැවින් අද සිට, මෙම සිතිවිල්ල මතකයේ තබා ගන්න: ඔබගේ පැරණි සංස්කාර ඔබ භාර දී ඇති බව. ඒවා නැවතත් ඔබ වෙතට පැමිණෙන්නේ නම්, ඔබ කුමක්ද කරන්නේ? ඔබ කරන්නේ කුමක්ද? ඔබ දැනටමත් භාර දී ඇති දෙයක් ඔබ ලග තබා ගත නොහැක, මන්ද, එය ඔබ වරක් භාර දී ඇත්නම් ඒවා තව දුරටත් ඔබගේ නොවෙයි. එබැවින් ඒවා ඔබගේ නොවන නිසා, ඒවා ඔබ සමග තබා ගන්නේ කෙසේද? ඔබ ඒවා පරම පියාට ලබා දුන්නා. ඔව්, සැබවින්ම ඔබ ඒවා පියාට ලබා දෙනවා නේද? ඔබ ඒවා දී තිබීම, ස්ථිරයිද? ඔබට නිසැකද? දැන් ඔබගේ අත් දෙකම ඔසවන්න! නිසැකද? පිටුපස අසුන් ගෙන සිටින අයත් අත් ඔසවනවා.

කලි යුගයේ ජීවත් වන අතර, මෙම සංගම යුගයේදී පරම පියාගෙන් ඔබට ලැබී ඇති ලැබීම් ඔබ අත්විදීම ගැන බාප්දාදා සතුටු වනවා. ලෝකයට එය කලි යුගයයි, නමුත් ඔබට එය සංගම යුගයයි, එනම්, එය සියළු ලැබීම් වල යුගයයි. සියළුම දේවමය ලැබීම්, සියළු බල, සියළු ගුණධර්ම සහ ඔබ අත්කරගෙන ඇති මෙම දැනුමේ සියළු සම්පත් වල ප්‍රායෝගික අත්දැකීම ඔබට තිබෙනවා. එබැවින් පෞද්ගලිකව මෙහි අසුන්ගෙන සිටියත්, මේ දේශයේ හෝ විදෙස් රටක දුර ඈත අසුන්ගෙන බාබාට සවන් දෙමින් සිටියත්, ඔවුන්ගේ අත් ඔසවා ඇති සියළුම දරුවන්ට බාප්දාදා ඔහුගේ හදවතින් ලබා දෙන්නේ කුමක්ද? ඔහු සුබ පැතුම් ලබා දෙනවා, නමුත් සුබ පැතුම් සමගම ඔහු එක් එක්කෙනාගේ නළල මත ඔහුගේ හස්තය තබනවා. ඔබ සහ බාප්දාදා ඔබගේ මනසින් නර්ථනය කරනවා: ‘අපූරුයි දරුවනේ! අපූරුයි!’ දැන් ඔබත් ඔබගේ මනසින් නර්ථනය කරනවා. ‘හා ජී!’ කියන්න. ගුරුවරු දැන් ප්‍රවේසම් වන්න! ඔය ගුරුවරු සියළු දෙනා අත් ඔසවන්න! විදෙස් රටවලින්ද ගුරුවරු සිටිනවා. ඔය සියළුම දරුවන්ගේ අධිෂ්ඨානගත සිතිවිලි ඇසීමෙන් සහ පරම පියා හා සමානව අංග සම්පූර්ණ සහ පරිසමාප්ත වීමේ අරමුණ ඔය දරුවන් තැබීම ගැන සහ බාධක වලින් නිදහස්ව සිටීමේ අරමුණ තැබීම ගැන බාප්දාදා සතුටු වනවා, ඔබගේ අධිෂ්ඨානගත සිතිවිල්ල සමාප්තියේ කාලය සමීපයට ගෙන එයි. ඔය සියළුම දරුවන් ඇති කළ සිතිවිල්ල ඉටු කිරීමට සහ ලෝකයේ දුකින් සහ අශාන්තියෙන් සිටින ජීවාත්මයන්ට සේවය කිරීමට ඔබගේ මනස භාවිතා කිරීමට සහ ඔවුන්ට එක් හෝ තව ආධාරකයක් ලබා දීම ගැන බාප්දාදා සතුටු වනවා, මන්ද දරුවන් කන්නලව් කරමින් අසරණබවින් අඩමින් සිටීම බාප්දාදාට දරාගත නොහැක. ඔවුන් සියළු දෙනා ඔබගේ පවුලේ කොටසක්, එහෙම නේද? දුක සහ අසාමය බොහෝ වැඩි වනවා, එබැවින් දැන් දයාවෙන් පිරිපුන් වන්න. එමෙන්ම මෙම සිතිවිල්ලද ඒ සමගම ඇති කරගන්න: ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට සහ අම්රිත් වේලාවේ, ඔබ අනිවාර්යෙන් ඔබගේ මනසින් ජීවාත්මයන්ට සේවය කරන බව. ඔබට මෙම සිතිවිල්ල ඇතී කළ හැකිද? සෑම කළටම ඔබගේ සංස්කාර අවසන් කිරීමේ සිතිවිල්ල ඇති වූ විට, ඔබ සෑම විටම එම සිතිවිල්ල ඇති කළා නේද? එය කෙටි කලකට පමණක් නොවෙයි නේද? ඔබගේ සංස්කාර අවසන් කර, ඔබ පරම පියාට සමාන වන සේම, මාස්ටර් දානපතියන්, දානපතිගේ දරුවන් වී, අනිවාර්යෙන්ම ඔබගේ මනසින් ඔවුන්ට සේවය කරන්න. ඔබ මෙයට සූදානම්ද? ඔබගේ මනසින් සේවය කිරීමට ඔබ සූදානම්ද? ඔබ එකවර ඔබගේ මනසින්ද සේවය කරන්නේ නම්, අත් ඔසවන්න! දවස පුරා, ඔබට ඇති කුමන හෝ වේලාවක, එම කාලයේ අනිවාර්යෙන් ඔබගේ මනසින් සේවය කරන්න, මන්ද, එම සතුටේ ලෝකය ගෙන ආ යුත්තේ ඔය දරුවන්ය. මෙම සේවය කිරීමට පරම පියා ඔය දරුවන්ව දකුණත් බවට පත් කර ඇත. ඔබ ලබා දෙන්නේ ඔබගේ අත් වලින් නේද? එබැවින් පරම පියාගේ දකුණත් ඔබලාය. එබැවින් බාප්දාදාට අවශ්‍ය වන්නේ, ඔහුගේ අත් වලින්, ඔය දකුණත් වලින්, අනිවාර්යෙන්ම අඛණ්ඩව යමක් දීමේ මෙම සේවය කිරීමයි. ඔවුන් හඩ නගා මෙසේ කන්නලව් කරමින් සිටියි: “දෙන්න! දෙන්න!”, එබැවින් දුකින් සිටින අයට ඔබ සතුට ලබා දිය යුතුයි. අසරණබවින් සිටින අයට බලය ටිකක් ලබා දී, යම් පුණ්‍ය කටයුත්තක් සිදු කරන්න. දැන් ඔය දරුවන් තමන්ව හදුනනවා, ඔබ පරම පියාව හදුනනවා, ඔබගේ උරුමයට ඔබ අයිතියක් හිමි කරගෙන තිබෙනවා, එබැවින් අන් අයවත් ඊට සමාන බවට පත් කරන්න, මන්ද, දැන් සියළු දෙනාට මුක්තිය අවශ්‍යයි. ඔබ සියළු දෙනාවම මුක්තියට යවා, පියාගේ ආශිර්වාදයෙන් ඔබ රාජධානියට අයිතියක් හිමි කර ගනියි. එබැවින් පරම පියා සියළුම දරුවන්ට මෙම සිතිවිල්ල ලබා දෙනවා: “ඔබ බාධක වලින් නිදහස් වේවා! ඔබ සේවාධාරියෙක් වේවා!” පරම පියාට අයිති දරුවන් සංගම යුගයේ බ්‍රහ්මින් ජීවිතයේ සතුට අත්විදින අතර නොකඩවා එය අත්විදිවි. පියාගේ උරුමයට තමන්ට අයිතියක් ඇති බව සලකන අය, ඔබ අළුත් වුනත් පරණ වුනත්, අඛණ්ඩව අතීන්ද්‍රීය සුඛය නම් ඔංචිල්ලාවේ පැද්දෙන සහ ඔබගේ සංස්කාර ජයගැනීමට අනාගතය පිලිබද සිතිවිල්ලක් ඇති කළ අය, ඔය ජීවාත්ම, කෝටි ගණනකින් අතලොස්ස වී සිටියිද? එසේ නැත්නම් ඔබ වාසනාවන්ත අතලොස්සෙන් සුළු පිරිස වෙලාද? ජනක් දියණිය පැවසුවේ: ‘108ටේ මාලාවේ සහ 16,000 මාලවේ අයගේ හමුවක් පවත්වන්න. 16,000 හෝ 108 මාලාවට ඔබ අනිවාර්යෙන් ඇතුළු වන බව හැගෙන අය, අත් ඔසවන්න!

අළුත් අයත් අත් ඔසවනවා. සුබ පැතුම්. ඔවුන්ගේ බුද්ධියේ විශ්වාසය තිබීමෙන් ජය ගන්නා අය සිටිනවා. බුද්ධියේ විශ්වාසය ඇති අයට ඉදිරියෙන් යාමට හැකි බව සහ ඔවුන් යන බව බාප්දාදාද දන්නවා. අච්චා. ප්‍රථම වතාවට මෙහි පැමිණි අය අත් ඔසවන්න! සියළු දෙනා වෙනුවෙන් බාප්දාදා ඔබ සියල්ලන්ට සුබ පතනවා. දිනපතාම අම්රිත් වේලාවේ ඔබට තිබෙන විශ්වාසය නිරතුරුවම නොකඩවා නැවත නැවතත් මෙනෙහි කරන්න. අච්චා. ඔය දරුවන්ව දැකීමට බාප්දාදා සතුටු වනවා, මන්ද, “පමා වැඩියි” කාලය පැමිණීමට පෙර, ඔබගේ උරුමයට අයිතිය ඔබ හිමි කරගෙන තිබෙන නිසා. මේ නිසයි මෙහි පැමිණ ඇති පවුලේ සියළුම අය සහ මධ්‍යස්ථාන වල සිටින අය වෙනුවෙන් බාප්දාදා ඔබට සුබ පතන්නේ. දැන් ආශ්චර්යයක් සිදු කරන්න. ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? බාබා ඔබට පැවසිය යුතුද? ඔබට නිර්භීතකම තිබෙනවාද? කල්තියා බාධක වලින් නිදහස් වන්න. ඔබගේ විශ්වාසයෙන් සහ කුල්මත්බවින් අංක එක වන්න. පරණ අය පරණ වීම ගැන සහ එනමුත් අළුත් අය කෙටි කාලයකදි විශ්මයන් පෙන්වීම ගැන, බාප්දාදා සතුටු වනවා. අච්චා.

දැන් ඔබ අළුත් වුනත් පරණ වුනත්, බාප්දාදා ඔය සියළු දෙනාටම තත්පරයක කාර්යයක් ලබා දෙනවා. දැන් ඔබ සියළු දෙනාටම තමන්ව අන් සියළු සිතිවිලි වලින් ඉවත් කරගෙන තත්පරයකදි තමන්ව තිතක ස්වරූපයේ ස්ථාවර කරගත හැකිද? ඔබ මෙය කරනවාද? එක තත්පරයකදි: ‘මම තිතක්’ වෙනත් කිසිදු සිතිවිල්ලක් නොමැත. ‘මම තිතක්මි.’ තමන්ව තත්පරයකදි තිතක ස්වරූපයේ ස්ථාවර කර ගත් අය, අත් ඔසවන්න! ඔබ මෙය තත්පරයකදි කළාද? අච්චා. දැන් මෙය දින 15ක් පුහුණු කරන්න! දවස පුරා, සෑම පැයකදීම, තත්පරයකදි තිතක් තබන්න. ඔය සෑම කෙනෙක්ම මෙය පුහුණු කළ යුතු අතර එම වාතාවරණය තුල සිටින අතර, ක්‍රියාකාරකම් වල යෙදි සිටින අතර, තමන්ගේම ස්ථාන වලදි, තත්පරයකදි තමන්ව තිතක ස්වරූපයේ ස්ථාවර කරගැනීමේ ඔබ සාර්ථක වුනාද කියා පරීක්ෂා කර බලන්න. මෙහිදි ඔබට වාතාවරණයේ උපකාරය තිබෙනවා, නමුත් තත්පරයකදි ඔබට තිතක ස්වරූපයේ ස්ථාවර විය හැකිද කියා පරීක්ෂා කර බලන්න. මෙය පුහුණු කරන්න, මන්ද, ඔබ වඩාත් ප්‍රගතිය ලබත්ම, තමන්ව තත්පරයකදි තිතක ස්ථිතියේ ස්ථාවර කරගැනීමට හැකි වීමේ මෙම පුහුණුවේ අවශ්‍යතාවය ඔබට ඇති වන බව, බාප්දාදා ඔබට පවසා තිබේ. එබැවින් තමන්ව පරීක්ෂා කර, ඔබගේ වාර්ථාව ලියා, ඔබගේ ගරුවරයාට එය දෙන්න. ඉන්පසුව ගුරුවරු මාර්ගයෙන්, ඔවුන් මෙහි සිටියත් නැතත් - සියළුම පංති වෙනුවෙන් ගෙදර වැඩ මෙයයි - බාප්දාදාට ප්‍රතිඵලය ලැබුණු විට, ඔබ 108 මාලාව තුලට හෝ 16,000 මාලාව තුලට පැමිණීමට සුදුසුද කියා ඔහු බලයි. ඔබගේ දිනපතා කාල සටහනින්, ඔබ තත්පරයකදි තමන්ව ස්ථාවර කරගැනීමේ කෙතරම් සාර්ථකද කියා බලයි, එමෙන්ම ඔබ කුමන මාලාවට සුදුසුද කියා මෙයින් බලයි. දැන් ඔබගේ අත් ඔසවන්න කියා බාප්දාදා පවසන්නේ නම්, ඔබගේ ප්‍රායෝගික ධාරණාවට අනුව, ඔබ 108 හෝ 16,000 මාලාවට යයි කියා හැගෙන අය, ඔබගේ ප්‍රතිඵලය ලියන්න, එපමණයි. එවිට බාබා ඉන් වටහා ගනියි, මන්ද දාදීන් සමහරුන්ගේ නම් ලබා දුන්නත්, අනෙක් අයට මෙසේ සිතෙයි: ‘මටත් එය තුලට පැමිණිය හැක, නැද්ද?’ එබැවින් මෙම වාර්ථාවෙන් සෑම දෙයක්ම දැනගත හැක.

බාප්දාදා විමසන්නේ: ඔබට අවශ්‍ය ස්වරූපය, ඔබට තත්පරයකදි නිරන්තරයෙන් අත්දැකිය හැකිද? තත්පරයකදි? ඔබට පවසන ලද ස්වරූප පහ, ඔබට අවශ්‍ය ඔනෑම විටෙක, එක තත්පරයකදි එම ස්වරූපය විය හැකිද? මෙය පුහුණු වී, ඔබට තත්පරයකදි තමන්ට අවශ්‍ය ස්ථිතියක රැදී සිටිය හැකිද, නැත්නම් එයට වෙලාවක් ගත වන්නේද කියා, ඔබම දැන ගන්න. ඔබගේ අත් එසවීමේදී, ඔබගෙන් බහුතරයක් අත් එසවීම ගැන බාප්දාදාට සතුටුයි. ඔබ දැන් ඔබගේ අත් ඔසවා තිබේ, නමුත්, මෙය පුහුණු කරන අතර එය තඹ සහ කලි යුගයේ පුහුණුව මෙන් එනම්, එවිට ශරීර අවධානයට පැමිණීම ස්වාභාවික වුනු සේ. ඒ අන්දමින්ම, ඔබට අවශ්‍ය ඔනෑම ස්වරූපයක ඔබට ස්ථාවර වීමත් එතරම්ම පහසු විය යුතුයි, මන්ද, ඔබට මෙම පුහුණුව අවශ්‍ය වන එවන් කාලයක් පැමිණීමට යනවා. එබැවින් ඔය සෑම කෙනෙක්ම තමන්ගේ වැඩෙහි යෙදී සිටින අතර මෙම පුහුණුව අඛණ්ඩව සිදු කරමින් ඔබගේ උපකරණ ගුරුවරුන්ට ඔබගේ ප්‍රතිඵලය නොකඩවා ලබා දිය යුතුයි. ඉතිං වසර අවසානය දක්වා මෙම අභ්‍යාසය අඛණ්ඩව පුහුණු කරන්න. ඔබම එය සිදු කරන්න. තමන්ගේම ගුරුවරයා වන්න! කෙසේවෙතත් ඔබගේ ප්‍රතිඵලය පෙන්වීමට ඔබ නොකඩවා ඔබගේ වාර්ථාව ලබා දෙන්නේ නම්, ඔබගේ අවධානය එයට යොමු වෙයි. ඔබට අවශ්‍ය ඔනෑම තැනක ඔබගේ අත තැබිය හැකියි නේද? ඒ අන්දමින්ම මෙයත් අත්දකින්න. ඒ අන්දමින්ම ඔබට අවශ්‍ය ස්ථිතියක ඔබගේ මනස රදවා තැබීමට ඔබට හැකි විය යුතුයි. එහි සිහිවටනය වන්නේ “මන්මනාභව” යන මහා මන්ත්‍රයයි. ඔබගේ මනසේ අභ්‍යාසය සිදු කිරීමේදි ඔබට කෙතරම් සාර්ථකත්වයක් තිබේද කියා ඔබම අත්දකින්න. බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම සංගම යුගයේ සතුට, සංගම යුගයේ ලැබීම් සහ අනෙක් සියළු ලැබීම් වල අත්දැකීම් ලබා ගත යුතු බවයි. තමන්ව පරීක්ෂා කරන්න: මා සෑම ලැබීමක, සෑම බලයක, මෙම දැනුමේ සෑම රහසක, යෝගාවේ සෑම ක්‍රමවේදයක සහ සෑම ආකාරයක ධාරණාවේ අත්දැකීම් ඇති අයෙක් වී තිබේද? තමන්ව නොකඩවා සෑම අන්දමකින්ම පරීක්ෂා කර, අඛන්ඩව සියළු දෙනාට වඩා ඉදිරියට ගමන් කරන්න. ඉතිං අද, බාප්දාදා ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඔබ පරීක්ෂා කරන අන්දම සහ ඔබගේ ලැබීම් පරීක්ෂා කර බලන ලෙසයි. ඔබට යම් ලැබීමක අඩුවක් ඇත්නම්, එවිට නාටකයට සහ කාලයට අනුව, ඔබට ඇති වන පරීක්ෂණ වන්නේ ඒවාය. මේ නිසයි තමන්ව පරිවර්ථනය කර ගැනීමට සහ සෑම විෂයකින්ම අංග සම්පූර්ණ සහ පරිසමාප්ත වීමට, ඔබ තමන්ව පරීක්ෂා කර බැලිය යුත්තේ.

අද ඔබගේ සාමාන්‍ය ස්වරූපයෙන්, බාප්දාදා ඔබගේ අනාගත ස්වරූපය සහ ඔබගේ ලැබීම් වල ස්වරූපය දකිනවා. අච්චා. ඔය සියළුම සෑම තැනකම සිටින, බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ ආදරණීය දරුවන්ට, බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින අයට, බාප්දාදාට කීකරු සහ බාප්දාදාගේ සෑම උපදෙසක්ම පිලිපදින අයට, ඔය තීව්‍ර උත්සාහ දරන දරුවන්ට, බාප්දාදාගේ හදවතින් බොහෝ, බොහෝ සෙනෙහස සහ සිහි කිරීම. සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්. ඔය දරුවන්ව දැකීම බාප්දාදාටත් සතුටක්: අපූරුයි! අපූරුයි! අපූරුයි! අපූරුයි! මගේ දරුවන්! අපූරුයි!

වසර පුරාම බාධක වලින් නිදහස්ව සහ සතුටින් රැදී සිටින්න. ඔබගේ ක්‍රියාකාරකම් වලින් සහ මුහුණින් සියළු දෙනාටම සතුටින් සිටින අන්දම සහ සිනහසෙන අන්දම උගන්වන්න. නිරන්තරයෙන් පියාසර කර අන් අයවත් පියාසර කරවන්න. ඇවිදින්න එපා නමුත් පියාසර කරන්න. සියළු දෙනාම පියාසර ස්ථිතිය ප්‍රිය කරයි. එබැවින් පියාසර කරන අතර පණිවිඩය ලබා දෙන්න. ඔබව දැකීමෙන් සියළු දෙනාම සතුටු ඔංචිල්ලාවේ පැද්දීම ඇරඹිය යුතුයි. ප්‍රීතිමත්, ප්‍රීතිමත්, ප්‍රීතිමත් නව වසරක්.

වරදානය:
ඔබ සියළු ලැබීම් වල ප්‍රතිරුවක් වී, ඔබගේ දේවමය භාග්‍යය ලෙසින් ආලෝක කිරුළක් ඔබට ලැබෙත්වා.

ලෝකයේ, භාග්‍යයේ සලකුණ වන්නේ රාජධානියක් වන අතර රාජධානියක සලකුණ වන්නේ කිරුළකි. ඒ ආකාරයෙන්ම, දේවමය භාග්‍යය තිබීමේ ලක්ෂණය වන්නේ ආලෝක කිරුළකි. මෙම කිරුළ ලබා ගැනීමේ පදනම වන්නේ පාරිශුද්ධත්වයයි. සම්පූර්ණයෙන් පිවිතුරු ජීවාත්මයන්ට ආලෝක කිරුළක් තිබෙනවාට අමතරව ඔවුන් සියළු ලැබීම් වලින් පිරිපුන්ය. කිසියම් ලැබීමක අඩුවක් ඇත්නම්, එවිට ආලෝක කිරුළ පැහැදිලිව දිස් නොවෙයි.

පාඨය:
තම ආධ්‍යාත්මික මනෝ ස්ථිතියේ ස්ථාවරව රැදී සිටින අයට පමණයි, මහා දානපතියන් වීමට තම මනස භාවිතා කිරීමට හැකි වන්නේ.

අව්‍යක්ත සංඥාව: ගිණි කන්දක මනෝ ස්ථිතියේ රැදී සිට බලවත් ස්මරණය අත්දකින්න.

මෙය හොද බව මිනිසුන් දැන් කියන නමුත්, ඔවුන්ට හොද වීම සදහා දිරිමත්කමක් නොලැබෙයි. මෙයට

තිබෙන්නේ එක ක්‍රමවේදයක් පමණයි: සාමූහිකව ගිණි කන්දක ස්වරූපයක් වන්න. සෑම කෙනෙක්ම

ජීවමාන ප්‍රදීපාගාරයක් විය යුතුයි. ඔබට සේවය කළ හැකි අතර ඔබ ආදරණීයයි, ඔබට තිබෙන්නේ එක

බලයක් සහ එක ආධාරකයක් වන අතර ඒ සියල්ල යසයි, නමුත් ඔබට මාස්ටර් සර්ව බලධාරියෙකුගේ

ස්ථිතිය තිබෙන විට, සියළු දෙනාම සලබයන් ලෙස ඔබ වටා භ්‍රමණය වීමට පටන් ගනිවි.