12.11.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් සිටින්නේ සංගම යුගයේය. ඔබට පැරණි කලි යුගය පිළිබඳව කිසිම
සිතිවිල්ලක් ඇති නොවිය යුතුයි.
ප්රශ්නය:
ඔබගේ ක්‍රියා
නිවැරදි කර, උසස් ක්‍රියා කිරීම සඳහා, පියා ඔය දරුවන්ට පෙන්වා දී ඇති ක්‍රමවේදය
කුමක්ද?
පිළිතුර:
ඔබගේ ක්‍රියා නිවැරදි කරගැනීම සඳහා, සෑම විටෙකම සත්‍ය පියාට අවංක වන්න. ඔබ
වැරදීමකින් හෝ වැරදී ක්‍රියාවක් සිදු කරන්නේ නම්, එසැනින් බාබාට ඒ ගැන ලියන්න. ඔබ
අවංකව බාබාට පවසන්නේ නම්, එහි බලපෑම අඩු වනවා ඇත. එසේ නැත්නම් එය එන්න එන්නම වැඩි
වෙයි. බාබාට පුවත ලැබූ සැනින්, එය නිවැරදි කිරීමට බාබා ශ්‍රීමත් ලබා දෙයි.
ඕම් ශාන්ති.
ශිව බාබා, ඔය
දරුවන්ට උගන්වන්නේ බ්රහ්මගේ මාර්ගයෙනි: අද උදේ සිට මෙහි අසුන්ගෙන, ඔබ කරමින්
සිටියේ කුමක්ද? ඔබලා ශිෂ්‍යයන්ය. එබැවින් ශිව බාබා ඔබට ඉගැන්වීමට මෙහි පැමිණ ඇති
බව, ඔබ අසුන්ගෙන සිටින අතර නියත වශයෙන්ම සිතන්නට ඇති. ඔබ රාජයෝගාව ඉගෙන ගන්නා නිසා,
මෙම ඉගෙනුම තුළින් ඔබ සූර්ය රජ පෙළපතේ කොටසක් බවට පත්වෙයි. ඔබ විෂ්ණු දේශයේ
අධිපතියන් වීමේ සිතිවිල්ලෙන් අසුන්ගෙන සිටිනවාද, නැත්නම් ඔබගේ වගකීම්, දරුවන් සහ
ව්‍යාපාර ආදිය මතක් කරනවාද? මෙය ගීතාවේ ඉගෙනුම් ස්ථානය බවත්, පරමාත්ම දෙවියන් ඔබට
උගන්වන බවත් එමෙන්ම ඔබ ලක්ෂ්මි සහ නාරායන හෝ ඔවුන්ගේ වංශයේ සාමාජිකයන් වන බව, ඔබගේ
බුද්ධිය තුළ රැඳී තිබිය යුතුයි. මෙය රාජයෝගාවයි. ඔබ ඍජුවම බාබාට සවන් දී, සූර්ය රජ
පෙළපත් වංශයේ සාමාජිකයන් වන බව, ඔය දරුවන්ගේ බුද්ධිය තුළ රැඳී තිබිය යුතුයි.
ලක්ෂ්මි සහ නාරායනගේ පිංතූරය, ඔබ ඉදිරියේ තිබේ. කොංග්රස් පක්ෂයේ අය මෙසේ කියන
ආකාරයට එය අපගේ පාලනය විය යුතුයි, එබැවින්, එවිට එය අපගේ රාජධානිය වෙයි. එම
බ්‍රහ්මණයන් අතරින්ද කිසිවෙකු දිව්‍ය ලෝකය කුමක්ද කියා නොදනී. මෙය දන්නේ ඔය දරුවන්
පමණයි. ඔබ දිව්‍ය ලෝකයේ රාජධානිය පාලනය කරන්නේ කෙසේද කියා, බාබාගෙන් ඉගෙන ගන්නා බව,
ඔබට වැටහෙනවා. දිව්‍ය ලෝකයේ අධිපතියන් වීමට යන අය, අපයි. තමන්ගේ ඇතුලතින් මෙය
ආවර්ජනය කරන්න. ඔවුන් නීතිඥයන් හෝ ඉංජිනේරුවන් වීමට ඉගෙන ගන්නා බව, පාසැල් වල
ශිෂ්‍යයන්ගේ බුද්ධි තුළ තිබේ. ඔබ ඉගෙන ගන්නේ කුමක්ද කියා ඔබට මතකද, එසේ නැත්නම් ඔබට
එයත් අමතක වනවාද? ඔබ උසස්ම උසස් පරමාත්ම දෙවියන්ගේ ශිෂ්‍යයන්! ඔබව උසස්ම උසස්
දේවතාවන් බවට පත් කිරීමට පියා ඔබට උගන්වන අතර, ඔබ ඔහුගේ දරුවන්ය. ඔය ජීවාත්ම, ඔබගේ
සිරුරු තුළින් ඔබගේ අනාගත තත්ත්වය සිහි කරනවාද එසේ නැතහොත් ඔබගේ භෞතික නෑදෑයින්,
දේපල, ව්‍යාපාර ආදිය සිහි කරනවාද? අසීමිත පියා මෙහි පැමිණෙන්නේ, ඔබව අසීමිත බවේ
අධිපතියන් බවට පත් කිරීමට ඔබට ඉගැන්වීමට බව, ඔබ මෙහි පැමිණි විට වටහාගත යුතුයි.
ඉන්පසුව ඔබ රජවරුන්, රැජිනියන් හෝ පුරවැසියන් වන්නේද යන්න, ඔබට අයත් දෙයකි. අඩු
තරමේ ඔබ අධිපතියන් වෙයි. මුළු නව ලෝකය පුරාම සූර්ය වංශය පමණක් තිබෙයි. ඔබ, ඔබගේ
රාජධානිය පාලනය කරන බව, ඔබට වැටහෙයි. ඔවුන් පිටත සිටින විට සහ ඔවුන්ගේ කෙත් ආදිය
බලා ගනිමින් සිටින විට, දරුවන්ට බාබාව එතරම් සිහි කිරීමට නොහැකි බව, බාබා දන්නවා.
ඔබ මෙහි පැමිණි විට, සෑම දෙයක්ම පිළිබඳ ඔබගේ සියලු සිතිවිලි, ඔබ දමා ආ යුතුයි. ඔබ
තව දුරටත් එම කලි යුග ලෝකයේ නැත. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේය. ඔබ කලි යුගය අතහැර
ඇත. පිටත තිබෙන්නේ කලි යුගයයි. විශේෂිත වන මධුබන්, පවතින්නේ සංගම යුගයේය. මධුබන්
සිහි කර ඇත්තේ මේ නිසාය. මෙහි ඔබට තිබෙන්නේ මුරලිය ආවර්ජනය කිරීම පමණයි. ඔබට ඇසෙන
සෑම දෙයක්ම නැවත පවසා, ඥානයේ මහා සයුර කලතන්න. ඔබට කාලය ඇති ඕනෑම විටෙක ගොස් පිංතූර
ඉදිරියේ අසුන්ගන්න. ඒවා දෙස දිගටම බලා, ඒවා හදාරන්න. වෙනත් අයව රැගෙන එන බ්‍රහ්මිණ්
ගුරුවරුන්ට විශාල වගකීමක් තිබේ. ශිෂ්‍යයන් ටික දෙනෙක් පමණක් සමත් වන්නේ නම්,
ඔවුන්ගේ ගරුත්වයට හානි වන බව, පාසැල්වල ගුරුවරු සැලකිලිමත් වන අන්දමින්ම, ඔවුන්ද
බොහෝ සැලකිලිමත් විය යුතුයි. පාසැලක ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් සමත් වන විට, ගුරුවරයා
හොඳ බව සළකයි. බ්‍රහ්මිණ් ගුරුවරුන් ශිෂ්‍යයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. බාබා
ඔබට ඍජුවම කතා කරන සංගම යුගයෙදී ඔබ මෙහි පැමිණ ඇත. මෙම ස්ථානයේ බලපෑම ඉතා හොඳයි. ඔබ
මෙහිදී ඔබගේ නිවස සහ ව්‍යාපාර ආදිය සිහි කරන්නේ නම්, ඔබ සාමාන්‍ය පුරවැසියන් වන බව,
බාබා වටහාගනී. ඔබ මෙහි පැමිණියේ රජවරුන් වීමටයි, නමුත්... එසේ නැත්නම් ඔය දරුවන්ට
ඇතුලාන්තයේ බොහෝ සතුට තිබෙනු ඇත. පිංතූරද ඔබට බොහෝ සෙයින් උපකාරී වෙයි. ඔවුන්ව සිහි
කිරීම සඳහා, මිනිසුන් ප්‍රධාන අෂ්ඨ දේවතාවන්ගේ සහ ඔවුන්ගේ ගුරූන්ගේ පිංතූර තම
නිවෙස් වල තබා ගනී. කෙසේවෙතත්, ඔවුන්ව සිහි කිරීමෙන් ඔවුන්ට කිසිවක් නොලැබෙයි.
භක්ති මාර්ගයේ මිනිසුන් කුමක් සිදුකළත් ඔවුන් අඛණ්ඩව පහළට පැමිණ ඇත. ඔය දරුවන් උසස්
වීමට උත්සාහ දැරිය යුතුයි. ශිව බාබාගේ පිංතූරයක් ඔබගේ නිවසේ තබාගන්න, එවිට ඔබට නැවත
නැවතත් ඔහු සිහිවෙයි. පෙර කල ඔබ හනුමාන්, ක්‍රිෂ්ණා සහ රාමා සිහි කළා. දැන් ශිව
බාබා ඔබට පෞද්ගලිකවම පවසන්නේ මා සිහි කරන්න! ත්‍රිමූර්තියේ පිංතූරය ඉතා හොඳයි. මෙම
පිංතූරය සෑම විටෙකම ඔබගේ සාක්කුවේ තබාගන්න. නැවත නැවත එය දෙස අඛණ්ඩව බලන්න, එවිට
ඔබට බාබා සිහිකිරීමට හැකි වෙයි. බාබා බැතිමතෙක් වූ අතර ඔහු ලක්ෂ්මි සහ නාරායනගේ
පිංතූරයක් ඔහුගේ සාක්කුවේ තබා ගෙන සිටියා. ඔහු සමඟ ගදිය යට ඔහු පිංතූරයක් තබාගත්
නමුත් ඔහුට ඉන් කිසිවක් ලැබුණේ නැත. දැන් බාබාගෙන් විශාල ප්‍රතිලාභයක් තිබෙයි. ඔබ
සිහි කළ යුත්තේ ඔහුව පමණයි. කෙසේවෙතත්, මායා ඔබට විරුද්ධ වන්නේ මෙහිදීය. ඔබ බොහෝ
ඥානයට සවන් දී, එය පවසා, එහි දක්ෂ වනවා. ඔබට උපත් 84හි චක්‍රය අමතක වන බව ඔබ
නොකියයි. මෙහි සිටින අයට බාබාව බොහෝ සිහිපත් වනවා නොවෙයි. නැහැ, මෙහි ජීවත් වන අතර
පවා, සමහරු සිහි කරන සෑම දේකම, කිසි වටිනාකමක් නැත. ඔවුන්ව ලස්සන කිරීම සඳහා පැමිණි
පියාව, ඔවුන් නොහඳුනන සේය. මායාගේ මහා සෙවණැල්ලක් තිබේ. ප්‍රධානතම දේ සිහිපත්
කිරීමයි. ඉතා හොඳ දරුවන් බොහොමයක්, සිහිපත් කිරීමේ නොසිටින බව, බාබා දන්නවා. ඔබගේ
ශරීර අවධානය අඩු වී, ඔබ ඉතා මිහිරි වන්නේ, යෝගාවේ සිටීමෙන් පමණයි. ශරීර අවධානයට පත්
වීම නිසා, ඔබට මිහිරි වීමට නොහැකි වන අතර ඔබ දිගින් දිගටම පීඩාවට පත් වෙයි. බාබා
මෙය පවසන්නේ සෑම කෙනෙක් ගැනම නොවෙයි. සමහර වටිනා, කීකරු දරුවන් සිටියි. යෝගාවේ
සිටින අයට, වටිනා දරුවන් යැයි කියයි. ඔවුන් කිසි විටෙක වැරදි දේවල් නොකියයි. ඔවුන්ට
ඔවුන්ගේ යහළුවන් සහ නෑදෑයන් අමතක වෙයි. අප අශාරීරිකව පැමිණි අතර අප ආපසු නිවසට යා
යුත්තේද අශාරීරිකවයි. ඔය දරුවන්ට දැන් ඥානයේ තෙවැනි ඇස ලැබී තිබේ, එයින් ඔබගේ නිවස
සහ රාජධානිය ගැනද ඔබ දැනුවත් වෙයි. පෙන්වා ඇති පරිදි ශිව බාබා කළු පැහැති ඕවලාකාර
ස්වරූපයක් නොවන බවත්, ඔහු තිතක් බවත් ඔබ දන්නවා. අප මෙය දන්නවා. අප අශාරීරිකව රැඳී
සිටින නිවසට, අප දැන් ආපසු යා යුතුයි. අප දැන් අශාරීරික විය යුතුයි. තමන්
ජීවාත්මයක් බව සලකා, පාරිශුද්ධකරු පියාව සිහිපත් කරන්න. ඔය ජීවාත්ම අවිනාශී බවත්,
අවසානයක් නැති, උපත් 84ක චරිත කොටස් ඔබ තුළ පටිගත වී ඇති බවත් විස්තර කර දී ඇත. ඔබ
කෙටි කාලයකට විමුක්ති දේශයට ගොස් ඉන්පසුව ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා පහළට
පැමිණෙයි. ඔබ චක්‍රය-පුරා චරිත කොටස් රඟපායි. සෑම විටෙකම මෙය මතක තබාගන්න. අප දැන්
ආපසු නිවසට යා යුතුයි. බාබා සිහි කිරීමෙන් අප තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙයි.
මෙහි, ඔබ ඔබගේ ව්‍යාපාර ආදිය සිහි නොකළ යුතුයි. මෙහිදී, ඔබ මුළුමනින්ම සංගම යුගයේ
සිටියි. ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ ඔරුවකයි. සමහරු අතරමගදි බැස, ඉන්පසුව සිර වී මිය
යයි. ග්රන්ථ වල මේ පිළිබඳව කතාපුවතක් තිබේ. ඔබ දැන් එතෙරට යන බවත් ශිව බාබා තොටියා
බවත් ඔබ දැන් දන්නවා. ක්‍රිෂ්ණාට තොටියා හෝ උයනේ පාලකයා යැයි කිව නොහැක. ශිව
දෙවියන් පවසයි. පාරිශුද්ධකරු, ශිව බාබාය. ඔබගේ බුද්ධි, ක්‍රිෂ්ණා වෙත නොයා යුතුයි.
මිනිසුන්ගේ බුද්ධි, නිරතුරුවම එහෙ මෙහෙ සැරිසරයි. බාබා පැමිණ ඔබව සැරිසැරීමෙන්
නිදහස් කරයි. ඔහු පවසන්නේ මෙපමණයි තමන් ජීවාත්ම බව සලකා, ශිව බාබාව සිහි කරන්න,
එවිට ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත්වෙයි. ඔබ මෙම දේවල් අමතක නොකළ යුතුයි. ඔබ
මෙහි සිට ආපසු යන්නේ බොහෝ නැවුම් වීමෙන් පසුවයි. ඔබ, තම අත්දැකීම්ද පවසයි බාබා,
ඉන්පසුව අප, මෙහි පැමිණීමට පෙර සිටි ආකාරයටම නැවත පත් වනවා. අපගේ නෑ මිතුරන්ගේ
මුහුණු දුටු විගසම අප ඒ දෙසට ඇදී යනවා. ඔය දරුවන් ආදරවන්තයින්. ඔබගේ කාර්යය කරන
අතරතුර, ආදරවන්තයාව සිහිකරන්න, එවිට ඔබට උසස් තත්ත්වයක් හිමි වෙයි. ඔබ දැන් උත්සාහ
දරන්නේ නැතිනම්, ඔබට එක් කිරුළක්වත් නොලැබෙයි. දරුවන් මෙහි පැමිණි විට, ඔවුන්ගේ
කාලය අපතේ නොහැරිය යුතුයි. මෙහි වෙනත් කිසිවක් නැත. ඔබගේ සිහිවටනය වන දිල්වාලා
දේවාලය පමණයි තිබෙන්නේ. ඔබට ගොස් එය නැරඹිය හැක. උඩ, සිවිලිමේ දිව්‍ය ලෝකය පෙන්වා
ඇත. ඔබගේ ගසෙහි පිංතූරයද ඉතා පැහැදිලියි. ඔබ එහි යට, රාජයෝගාව කරමින් අසුන්ගෙන
සිටිනවා. ඔබට ඉහළින් තිබෙන්නේ රාජධානියයි. එය මුළුමනින්ම දිල්වාලා දේවාලය මෙනි. ශිව
බාබා නැවත වතාවක් ඔබට ඥානය ලබා දී, ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවන බව, ඔබ
දන්නවා. මෙම කලි යුගය, විනාශ වීමට තිබේ. ආදිදේව් සහ ආදිනාත් යනු කවුරුන්ද? ඔබ සෑම
කෙනෙකුගේම කාර්යභාරය දන්නවා. ඔබ මේ කාලයේ පවසන දේවල්, ඉන්පසුව භක්ති මාර්ගයේදී
පැවතෙයි. ඔබ සමරන සියලුම උත්සව සහ උපවාස වලින් කියැවෙන්නේ, මෙම කාලය පිළිබඳවයි.
සත්‍ය උපවාසය වන්නේ මන්මනභවයි. කෙසේවෙතත්, ආහාර සහ ජලය නොමැතිව සිටීම සැබවින්ම
උපවාසයක් නොවෙයි. මෙකල, ලෝකයේ මායාගේ බොහෝ පම්පෝරිය තිබේ. පෙරකල මෙහි, විදුලිය සහ
ගෑස් නොතිබිණි ඒ සියල්ල නිපදවා ඇත්තේ මෑතකදීය. ඒවා වසර 100කට පමණ පෙර නිපදවනු
ලැබුවා. මිනිසුන් එම දේවල්වල මුළුමනින්ම සිරවී සිටියි. ඔවුන් පවසන්නේ ඔවුන්ට මෙය
දිව්‍ය ලෝකය බවයි. මායාගේ දැඩි බලයක් තිබෙන නිසා ඔවුන් කිසිසේත්ම පියාව සිහිපත්
නොකරයි. ඔවුන් පවසන්නේ ඇවිත් බලන්න අප දැන් දිව්‍ය ලෝකයේ අසුන්ගෙන සිටින අන්දම දෙස.
දිව්‍ය ලෝකය හා සසඳන විට, ඒ සියල්ලෙහි කිසි වටිනාකමක් නැත. දිව්‍ය ලෝකය සහ අපාය අතර
විශාල වෙනසක් තිබේ. දිව්‍ය ලෝකයේ කිසිම දෙයක් මෙහි පැවතිය නොහැක. එහි සෑම දෙයක්ම
සතෝප්‍රධාන් වෙයි. ගවයන් වුවද පළමු ගණයේ වෙයි. ඔබද පළමු ගණයට පත් වන බැවින් ඔබගේ
ගෘහභාණ්ඩ, ආහාර පාන ආදියද පළමු ගණයේ ඒවා වෙයි. ඔබ සූක්ෂම කලාපයේ සිට ආපසු
පැමිණෙන්නේ එහි ඇති පලතුරු ආදිය දැකීමෙන් අනතුරුවයි. දී ඇති නම වන්නේ සුබිරාස්ය (අඹ
යුෂ). ලෝකයේ මිනිසුන් දිව්‍ය ලෝකය තිබෙන්නේ කොතැනකද කියාවත් නොදනී. එහි, සෑම දෙයක්ම
සතෝප්‍රධාන්ය. එහි දුහුවිලි ආදිය නැත. එහි දුක ගෙන දෙන කිසිම දෙයක් නැත. කෙසේවෙතත්,
බාබා ඔවුන්ට මෙම ඥානය උගන්වන්නේ ඔවුන්ව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කිරීමටයි,
යන කුල්මත්භාවය දරුවන් තුළ තවමත් නැත. පිංතූර ඉතා පැහැදිලියි! පිංතූර නිර්මාණය
කිරීමට කලක් ගත වනවා. සේවය වෙනුවෙන් සෑම දෙයක්ම බාබා දිගටම සාදවනවා. කෙසේවෙතත්,
ඇතැමුන් ඔවුන්ගේ ව්‍යාපාර ආදියේ කෙතරම් සිරවී සිටියිද යත්, ඔවුන් බාබා සිහිපත්
කරන්නේවත් නැත. ප්‍රදර්ශන පිංතූරවල සඟරාවක් තිබේ. ඔබ එයද කියැවිය යුතුයි. ගීතාවේ
විදිමත් ශීෂ්‍යයන්, ඔවුන් කොහේ ගියත් ගීතාව හදාරයි. ඔබට දැන් පිංතූර සහිත සත්‍ය
ගීතාව හමු වී ඇත. ඔබ දැන් ඉතා හොඳින් උත්සාහ දැරිය යුතුයි, එසේ නැත්නම් ඔබට උසස්
ස්ථානයක් හිමි කරගැනීමට නොහැකි වෙයි. එවිට දර්ශන වල කොටස පැමිණි විට, ඔබ අසරණ බවින්
හඬා වැටෙනු ඇත. විභාගය අවසන් වූ පසු, ඔවුන් ගොස් අංක පිළිවෙලට ඊලඟ පංතියේ අසුන්
ගනී. මෙහිද, දර්ශන සියල්ල ලබා දුන් පසු, ඔබ ගොස් අංක පිළිවෙලට රුද්‍රාගේ මාලාවේ සහ
පසුව ජයග්‍රාහී මාලාවේ ඇමිණෙනවා ඇති. ශිෂ්‍යයන් පාසැලේදී අසමත් වන විට, ඔවුන් බොහෝ
දුකට පත් වේ. ඔබගේ ගනුදෙනුව සෑම චක්‍රයකටම බලපාන එකකි. සමහර දරුවන් සඟරාවන්
සම්පූර්ණයෙන් නොකියවයි. දරුවන් සඟරා කියවා සේවය කළ යුතුයි. ඇතැම් අය ලියන්නේ බාබා,
මෙම කෙනාව වෙනත් ස්ථානයකට මාරුකර යවා මෙහාට හොඳ ගුරුවරයෙක් එවන්න. ඔවුන් යම්
ගුරුවරයන් කෙරෙහි සෙනෙහසක් ඇති කර ගනී. ඔවුන්ගේ ගුරුවරයාව මාරු කළ විට, ඔවුන් ඇද
වැටී, මධ්‍යස්ථානයට යෑම නතර කරයි. ඔබ යම් වරදක් සිදුකළේ නම්, එම පාපයේ බලපෑම ටිකක්
අඩු කර ගැනීමට හැකි වීම සඳහා, ඔබ සැනෙකින් බාබාට අවංකව ඒ ගැන ලිවිය යුතුයි. එසේ
නැත්නම් එය අඛණ්ඩව වැඩි වෙයි. බාබා ඔබට පවසන්නේ ඔබව නිවැරදි කිරීමටයි, නමුත්
සමහරුන්ට නිවැරදි වීමට උවමනාවක් නැති බැවින් ඔවුන් පාපකාරී ක්‍රියා සිදු කිරීම නතර
නොකරයි. එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නම්, ඔවුන් බාබාට ඔවුන්ගේ සැබෑ පුවත් ලබා
නොදෙයි. බාබාට යමෙක් ගැන රපෝර්තුවක් ලැබුණු විට, ඔහු එම පුද්ගලයාව නිවැරදි කිරීමට
උත්සාහ දරයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1.
සම්පූර්ණයෙන් අශාරීරික වීම පුහුණු වන්න. කිසිම වැරදි දෙයක් නොකියන්න. බොහෝ මිහිරි
වන්න. කිසිම දෙයක් ගැන කලබල නොවන්න.
2. මුරලිය සිහි කර,
ඔබට ඇසෙන දේ ගැන, ඥානයේ මහා සයුර කලතන්න. මන්මනභාව් යන උපවාසය පවත්වන්න.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් ශරීර අවධානයෙන් සහ ශරීර වල ඇති ඕනෑම නරක ගන්ධයකින් ඈත්ව සිට
ඉන්ද්රප්රස්ථයේ (ඉන්ද්‍ර අධිකරණය) පදිංචිකරුවෙකු වේවා.
සුරදූතයන්ට හැර වෙන
කිසිම මිනිසෙකුට ඉන්ද්රප්රස්ථයේ වාසය කළ නොහැකි බව කියනු ලැබේ. මිනිසෙකු යනු තමා
ජීවත්මයක් ලෙස නොව ශරීරයක් ලෙස සලකන අයෙකි. එබැවින්, නිරන්තරයෙන් ශරීර විඥානයෙන්,
ශරීර සහ පැරණි සබඳතා වලින් ඉවතට පියාසර කිරීම දිගටම කරගෙන යන්න. මිනිසෙකු වීමේ සුළු
නරක ගන්ධයක්වත් නොතිබිය යුතුය. ජීවාත්ම අවධානයෙන් සිටින්න, මෙම ඥානයේ සහ යෝගාවේ ඔබේ
පියාපත් ශක්තිමත් කරගන්න, එවිට ඔබ ඉන්ද්රප්රස්ථයේ පදිංචිකරුවෙකු ලෙස හඳුන්වනු
ලැබේ.
පාඨය:
තම ශරීර, මනස
සහ ධනය වටිනා ආකාරයකින් භාවිත කර ඔවුන්ගේ සියලු වස්තු වැඩි කරගන්නා අය පමණක්
බුද්ධිමත් අය වේ.
අව්‍යක්ත සංඥාව:
බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
පරිපූර්ණත්වය
අංකානුරූපී වනු ඇත. ජපමාලයේ පබළු 108ක් ඇත, පළමු පබළුව සහ 108 වන පබළුව යන දෙකම
පරිපූර්ණ යැයි කියනු ලැබේ, එනම් ජයග්‍රාහී මැණික්. ජයග්‍රාහී මැණිකක් යනු ඔහුගේ හෝ
ඇයගේ අංකයට අනුව ඔහු පරිපූර්ණත්වයට පත්ව ඇති බවයි. ඒ තැනැත්තාට, එය මුළු නාටකයේම
පළමු අදියර වනු ඇත.