12.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා ඔබට උගන්වන අධ්‍යයනය හැදෑරීමෙන්, උපයා ගැනීමට අසීමිත ආදායමක් තිබේ.
එබැවින්, දිගටම හොඳින් ඉගෙන ගන්නා අතර ඔබගේ ඉගෙනුමේ සම්බන්ධතාවයට, කිසි විටෙක බිඳී
යාමට ඉඩ නොදෙන්න.
ප්රශ්නය:
විනාශ කාලයේ
සෙනෙහස නොමැති බුද්ධි ඇති අය, හාස්‍යයට ලක් කරන්නේ ඔබගේ කුමන කාරණාවද?
පිළිතුර:
විනාශ කාලය ඉතා ආසන්න බව ඔබ ඔවුන්ට පවසන විට, ඔවුන් ඔබව හාස්‍යයට ලක් කරයි. පියා
දිගින් දිගටම මෙහි අසුන්ගෙන නොසිටින බව, ඔබ දන්නවා. ඔබව පිවිතුරු කිරීම, පියාගේ
වගකීමයි. ඔබ පිවිතුරු වූ විට, මෙම පැරණි ලෝකය විනාශ වී, නව ලෝකය පැමිණෙයි. ඉදිරියේ
ඇති යුද්ධය, විනාශය සඳහාය. ඔබ දේවතාවන් වූ විට, ඔබට අපිරිසිදු, කලි-යුගී ලෝකයට
ඇතුළු විය නොහැක.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා මෙහි අසුන්ගෙන, ඔය ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. ඔබ සම්පූර්ණයෙන්ම අනුවණ
වූ බවත්, ඔබව අනුවණ කළේ, මායා, රාවන බවත්, ඔය දරුවන්ට වැටහෙයි. නව ලෝකය ස්ථාපිත කළ
යුතු නිසා, පියා අනිවාර්යෙන් මෙහි පැමිණිය යුතු බව, ඔය දරුවන්ටද වැටහෙයි. පියා,
කරන්කරවන්හාර් නිසා, ’බ්රහ්මා මඟින් නිර්මාණය, විෂ්ණු මඟින් පැවැත්ම සහ ශංකර්
මඟින් විනාශය‘ කියා ලියා ඇති, ත්‍රිමූර්තියේ පිංතූරය තිබේ. ක්‍රියා සිදුකර, එමෙන්ම
අන් අයට ක්‍රියා කිරීමට සිතිවිලි මඟින් දිරිමත් කරවන ඒකායන කෙනා ඔහුයි. එබැවින්
ප්‍රථමයෙන් දැමිය යුත්තේ කාගේ නමද? ක්‍රියා සිදුකරන ඒකායන කෙනාගේ නම, ඔහු ඇතුළු වී
ක්‍රියාව සිදුකරන කෙනාගේ නමට පෙර දැමිය යුතුයි. ඔහු කරන්කරවන්හාර් ලෙස හැඳින්වෙන්නේ
මේ නිසයි. ඔහු බ්‍රහ්මාගේ මාර්ගයෙන් නව ලෝකය ස්ථාපිත කරයි. අපගේ නව ලෝකය, දැන්
ස්ථාපිත වන නව ලෝකය, දේවතා ලෝකය ලෙසද හැඳින්වෙන බව, ඔය දරුවන් දන්නවා. දේවතාවන්
ඉන්නේ දෙව්ලොව පමණයි. වෙනත් කිසිම ජීවියෙක් දේවතාවක් ලෙස හැඳින්විය නොහැක. එහි
සාමාන්‍ය මනුෂ්‍යයන් වාසය කරන්නේ නැහැ. එහි පවතින්නේ දේවතා ධර්මය පමණයි, වෙනත් ආගම්
නැත. ඔබ සැබවින්ම දේවතාවන්ව සිටි බව, ඔබගේ අවධානය තුළ දැන් තිබේ. එහි සලකුණුද තිබේ.
ඉස්ලාමිකයන්, බෞද්ධයින් මෙන්ම ක්‍රිස්තියානුවන් ආදීන්ට ඔවුන්ගේම සලකුණු තිබේ. අප
අපගේ රාජධානිය පාලනය කළ සමයේ, වෙනත් ආගම් නොතිබුණි, නමුත් වර්තමානයේ අන් සියලුම
ආගම් තිබෙන නමුත් අපගේ දේවතා ධර්මය නොමැත. ගීතාවේ බොහෝ හොඳ වදන් තිබෙන නමුත්
මිනිසුන්ට ඒවායේ සැබෑ අරුත වැටහෙන්නේ නැත. පියා පවසන්නේ : විනාශ කාලයේ, තම බුද්ධියේ
සෙනෙහස නොමැති අය මෙන්ම බුද්ධියේ සෙනෙහස ඇති අයද සිටියි. විනාශය මෙකල සිදුවිය
යුතුයි. පරිවර්ථනය සිදුවන සංගම යුගයේදි පියා පැමිණෙයි. ඔහු ඔය දරුවන්ට සෑම දෙයක්ම
අළුතින් ආපසු ලබා දෙයි. ඔහු රන්කරුවා, ඇඳුම් අපුල්ලන්නා මෙන්ම ව්‍යාපාරිකයාය. පියා
සමග මෙම ව්‍යාපාරය සිදු කරන්නේ දරුවන් ඉතා සුළු පිරිසකි. මෙම ව්‍යාපාරයේ යෙදීමෙන්
බොහෝ ලාභ උපයාගත හැක. ඉගෙන ගැනීමෙන්ද බොහෝ ලාභයක් ලැබෙයි. මෙවන් කියමනක් තිබේ
’දැනුම, ආදයම් මාර්ගයයි.‘ මෙය, උපතින් උපතට පවතින ආදායම් මාර්ගයකි. එබැවින් ඔබ ඉතා
හොඳින් මෙම දැනුම හැදෑරිය යුතුයි. මා ඔබට උගන්වන දැනුම ඉතා පහසුයි. ඔබට තිබෙන්නේ එය
දින හතක් වටහාගැනීම පමණයි, ඉන්පසුව ඔබට කැමති තැනකට යා හැක. මෙම ඉගෙනුම ඔබට අඛණ්ඩව
එවනු ලබනවා: ඔබගේ ඉගෙනුමේ සම්බන්ධතාවය කිසිදා නොබිඳෙන පරිදි, ඔබට නොකඩවා මුරලි
ලැබෙයි. මෙම සම්බන්ධතාවය, ජීවාත්ම සහ පරමාත්ම ජීවය අතරයි. ගීතාවේ මෙම කියමන තිබේ,
’විනාශ කාලයේ තම බුද්ධිය තුළ සෙනෙහස නොමැති අය විනාශ වන අතර බුද්ධියේ සෙනෙහස ඇති
අය, ජය ලබයි.‘ වර්තමානයේ සියලුම මනුෂ්‍යයන් දිගින් දිගටම එකිනෙකාව සපා කමින් තුවාල
සිදුකරන බව ඔබ දන්නවා. ඔවුන්ට දැන් තිබෙන තරම් පාපයන් හෝ කෝපය කිසිවෙකුට නැත.
ද්‍රෞපදී, දෙවියන්ට අඬගැසූ බව, සිහි කර තිබේ. ඔබ සියලු දෙනාම ද්රෞපදීන් බව, පියා
විස්තර කර ඇත. මේවා දෙවියන්ගේ වදන්ය. පියා පවසන්නේ : දරුවනේ, දැන් පාපයේ ගැලෙන්න
එපා. මා ඔබව දෙව්ලොව ගෙන යනවා. ඔබට තිබෙන්නේ ඔබගේ පියා වන මා සිහි කිරීම පමණයි. එය
දැන් විනාශ කාලයයි. එබැවින් කිසිවෙකු කිසිවෙකුට සවන් නොදෙන අතර සියලු දෙනාම නොකඩවා
එකිනෙකා සමග සටන් කරයි. ඔවුන්ට සාමකාමීව රැඳී සිටින්නට කියා ඔබ කොපමණ පැවසුවත්,
ඔවුන් එය නොකරයි. ඔවුන් තම දරුවන් දමා ගොස්, යුද්ධ කරයි. බොහෝ දෙනෙක් නොකඩවා මිය
යයි. මනුෂ්‍යයන්ට වටිනාකමක් නැත. තිබෙන වටිනාකම, තිබෙන ප්‍රශංසා, අයත් වන්නේ
දේවතාවන්ටයි. ඔබ දැන් ඔවුන් මෙන් වීමට උත්සාහ දරනවා. ඇත්ත වශයෙන්ම ඔබගේ වර්ණනාව
දේවතාවන්ටත් වඩා උසස්ය. පියා දැන් ඔබට බොහෝ සේ ශ්‍රේෂ්ඨ ඉගෙනුමක් උගන්වනවා. ඉගෙන
ගන්නා අය, ඔවුන්ගේ බොහෝ උපත් වල අවසානයේ සිටින අතර සම්පූර්ණයෙන් තමෝප්‍රධාන් වී ඇත.
කෙසේවෙතත්, මා සදාතනිකව සතෝප්‍රධාන්ය. පියා පවසන්නේ : මා ඔය දරුවන්ගේ කීකරු සේවකයා
විලසින් පැමිණ සිටිනවා. මේ ගැන ටිකක් සිතන්න. ඔබ බොහෝ අවලස්සන සහ කිලිටි වී ඇත!
පැමිණ ඔබව පිරිසිඳු සහ ලස්සන කරවන්නේ පියා පමණයි. පරමාත්ම දෙවියන් මෙහි අසුන්ගෙන,
ඔය මනුෂ්‍යයන්ට උගන්වා, ඔබව බොහෝ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි. පියාම පවසන්නේ : මා ඔබගේ
බොහෝ උපත්වල අවසන් උපතේ පැමිණෙන්නේ, ඔබව තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට
පරිවර්ථනය කිරීමටයි. මා දැන් ඔබට උගන්වනවා. පියා පවසන්නේ : මා ඔබව දෙව්ලොව වැසියන්
බවට පත් කළා. ඔබ අපායේ වැසියන් බවට පත් වුනේ කෙසේද? ඔබව ඔවුන් බවට පත් කළේ
කවුරුන්ද? විනාශ කාලයේ සෙනෙහස් බුද්ධියක් නොමැති ඕනෑම කෙනෙක් විනාශ වන බවත්, සෙනෙහස
ඇති බුද්ධියක් ඇති ඕනෑම කෙනෙක් ජය ලබන බවටත්, කියමනක් තිබේ. ඔබගේ බුද්ධියේ සෙනෙහස
තිබෙන ප්‍රමාණයට, එනම්, ඔබ ගැඹුරු සිහි කිරීමේ සිටින තරමට අනුව, ඔබට යහපතක්
සිදුවෙයි. මෙය, එම සටන් බිමයි. ගීතාවේ සඳහන් කර ඇත්තේ කුමන සටන ගැනද කියා කිසිවෙක්
නොදන්නා බැවින්, ඔවුන් කෞරවයන් සහ පාණ්ඩවයන් අතර සටනක් ගැන කියයි. කෞරව සමාජය සහ
පාණ්ඩව සමාජය සිටියි, නමුත් ඔවුන් අතර සටනක් නැත. පාණ්ඩවයන් යනු පියාව හඳුනන සහ තම
බුද්ධියේ පියා කෙරෙහි සෙනහස ඇති අයයි. කෞරවයන් යනු තම බුද්ධියේ, පියා කෙරෙහි සෙනෙහස
නොමැති අයයි. මෙම වචන ඉතා හොඳ වන අතර වටහා ගැනීම වටින්නේය. එය දැන් සංගම යුගයයි. නව
ලෝකය දැන් ස්ථාපනය වන බව, ඔය දරුවන් දන්නවා. සෑම දෙයක්ම වටහා ගැනීමට ඔබ තම බුද්ධි
භාවිත කළ යුතුයි. ලෝකය දැන් බොහෝ සේ වර්ධනය වී ඇත. සත් යුගයේ මනුෂ්‍යයන් ඉතා සුළු
පිරිසක් සිටියි. ප්‍රථමයෙන් ගස කුඩා වන අතර පසුව එම ගස විශාල වෙයි. මෙය මනුෂ්‍ය
ලෝකයේ උඩු යටිකුරු වූ ගස බව, කිසිවෙකුට වැටහෙන්නේ නැත. එය කල්ප වෘක්ෂය ලෙසත්
හැඳින්වෙනවා. මෙම ගස පිළිබඳ දැනුම ඔබට තිබිය යුතුමයි. අනෙක් සෑම ගසක් පිළිබඳ දැනුම
වටහා ගැනීමට පහසු වන අතර ඔබට ඒ ගැන විගසින් පැවසිය හැක. මෙම ගස පිළිබඳ දැනුමද
පහසුයි. කෙසේවෙතත්, මෙම ගස, මනුෂ්‍ය ගසයි. මනුෂ්‍යයන්ට තමන්ගේම ගස පිළිබඳ දැනුමක්
නැත. දෙවියන් නිර්මාණකරු බව ඔවුන් පවසයි. එබැවින් ඔහු නිසැකවම ජීවමාන ජීවය විය
යුතුයි. පියා, සත්‍යය, ජීවමාන ජීවය සහ දැනුමේ සාගරයයි. ඔහුට තිබෙන්නේ කුමන දැනුමද
කියා කිසිවෙකුට වැටහෙන්නේ නැත. පියා, ජීවමාන ජීවාත්මයයි, බීජයයි. සියලු නිමැවුම,
නිර්මාණය වන්නේ ඔහුගෙන්ය. පියා මෙහි අසුන්ගෙන පහදා දෙන්නේ මනුෂ්‍යයන් තමන්ගේම ගස
ගැන නොදන්නා නමුත්, ඔවුන් වෙනත් ගස් ගැන ඉතා හොඳින් දන්නා බවයි. එම ගස් වල බීජ
ජීවමාන නම්, ඒවා තමන් ගැන ඔබට කියනු ඇත, නමුත් ඒවා අජීවී ගස්ය. ඔය දරුවන්
නිර්මාණකරු සහ නිර්මාණයේ රහස් ගැන දන්නවා. ඔහු සත්‍යයයි, ජීවමාන ජීවාත්මයයි, දැනුමේ
සාගරයයි. ඔහු ජීවමාන ජීවය නිසා ඔහුට ඔබත් සමග කතා කළ හැක. මනුෂ්‍ය ශරීරය බොහෝ වටිනා
බැවින් එහි වටිනාකම වචන වලින් කිව නොහැකි බවට කියමනක් තිබේ. පියා මෙහි අසුන්ගෙන ඔය
ජීවාත්මයන්ට මෙම දේවල් පහදා දෙයි. ඔබ රුප් බසාන්ට්ය (දැනුමේ මිණිමුතු වස්සන, යෝගාවේ
ප්‍රතිරුවක්). පියා දැනුමේ සාගරයයි. ඔබට මෙම මැණික් ලැබෙන්නේ ඔහුගෙන්ය. මෙම මැණික්,
දැනුමේ මැණික් වන අතර ඔබට අනෙක් මැණික් බොහෝ සේ ලැබෙන්නේ මෙම මැණික් ලබා ගැනීමෙන්ය.
ලක්ෂ්මි සහ නාරායනට කෙතරම් මැණික් තිබෙනවාද කියා ටිකක් බලන්න! ඔවුන් වාසය කරන්නේ
දියමන්ති සහ මැණික් ඔබ්බවන ලද මාලිගාවලයි. එහි නාමයම වන්නේ දිව්‍යලෝකයයි, එමෙන්ම ඔබ
එහි අධිපතියන් බවට පත් වෙයි. දුප්පත් පුද්ගලයෙකුට හදිසියේ ලොතරැයියක් ඇදුණු විට ඔහු
උන්මාදයට පත් වෙයි. පියා පවසන්නේ : ඔබට ලෝකයේ ආධිපත්‍යය හිමි වනවා, එබැවින් මායා
ඔබට බොහෝ එදිරිවාදිකම් කරයි. මායා ඉතා හොඳ දරුවන් පවා ගිල දමන්නේ කෙසේද කියා, ඔබ
දියුණුවත්ම දැක ගනියි ඇය ඔවුන්ව මුළුමනින්ම ගිල දමයි. සර්පයින් ගෙම්බන් අල්ලා ගන්නා
ආකාරය ඔබ දැක ඇති. කිඹුලා, ඇතාව සම්පූර්ණයෙන් කා දමන ආකාරයෙන් සර්පයා, සම්පූර්ණ
ගෙම්බාව ගිල දමයි. මායාද එවැනිය - ඇය දරුවන්ව පණ පිටින් අල්ලා ගෙන ඔවුන්ව
සම්පූර්ණයෙන්ම අවසන් කර දමන්නේ කෙබඳු ආකාරයටද යත්, ඔවුන් නැවත කිසිදා පියාගේ නමවත්
සඳහන් නොකරයි. ඔබට යෝගා බලය තිබෙන්නේ ඉතා අඩුවෙනි. සෑම දෙයක්ම රඳා පවතින්නේ යෝගා
බලය මතයි. සර්පයෙක් ගෙම්බෙක් ගිල දමන ආකාරයට ඔය දරුවන් මුළු ආධිපත්‍යයම ගිල දමයි.
ඔබට තත්පරයකදි මුළු ලෝකයේම ආධිපත්‍යය හිමි කරගත හැක. පියා ඔබට අනුගමනය කිරීම සඳහා
බොහෝ පහසු ක්‍රම ලබා දෙයි. ඔබට කිසිම ආයුධයක් ආදිය නොමැත. පියා ඔබව දැනුම සහ යෝගාවේ
ආයුධ වලින් සරසවයි, දේවතාවන් භෞතික ආයුධ අතැතිව පෙන්වන්නේ මේ නිසයි. ඔය දරුවන් දැන්
පවසන්නේ : අප සිටි ආකාරයත්, අප පත්ව සිටින ආකාරය දෙසත් බලන්න! ඔබට කැමති දෙයක්
කියන්න, අප සිටි ආකාරය එය බව අප දන්නවා. ඔබ මනුෂ්‍යයන් වන නමුත්, ඔබට යම් ගුණදම්
මෙන්ම දුර්වලතාද තිබේ. දිව්‍යමය ගුණදම් තිබෙන්නේ දේවතාවන්ට පමණයි. මිනිසුන්, ඔවුන්
ඉදිරියේ, ඔවුන්ගේ ප්‍රතිමාවන්හි වර්ණනා ගයන්නේ ඒ නිසයි; ඔබ ගුණදම් වලින් පිරී
සිටියි, සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරයි නමුත් අප, මුළුමනින්ම ගුණදම් වලින් තොරයි, අපට
කිසිදු ගුණදහමක් නොමැත. වර්තමානයේ මුළු ලෝක ජනගහණයම ගුණදම් නොමැති අයයි. මින් අදහස්
වන්නේ, එකදු දිව්‍යමය ගුණදහමක් පවා ඇති කිසි කෙනෙක් නොමැති බවයි. දිව්‍යමය ගුණදම්
උගන්වන පියාව ඔවුන් නොහඳුනයි, එබැවින් විනාශ කාලයේ බුද්ධියේ සෙනෙහස නොමැති අය ලෙස
ඔවුන්ව හඳුන්වයි. නව ලෝකය නිර්මාණය කර, පැරණි ලෝකය විනාශ වන සංගම යුගයෙදි, විනාශය
සිදුවිය යුතුයි. මෙය විනාශ කාලය ලෙස හැඳින්වෙයි. අවසාන විනාශය මෙයයි. ඉන්පසුව කල්ප
භාගයකට යුද්ධ ආදිය නොතිබෙයි. ඒ මිනිසුන් කිසි දෙයක් නොදනී. විනාශ කාලයේ බුද්ධියේ
සෙනෙහස නොමැති අය සිටින බැවින්, පැරණි ලෝකයේ විනාශය අනිවාර්යෙන් සිදුවෙයි. මෙම
පැරණි ලෝකයේ බොහෝ ව්‍යසන සිදුවනවා; මිනිසුන් නොකඩවා මිය යයි. පියා ඔබට මෙකල ලෝකයේ
තත්ත්වය ගැන පවසයි. අද භාරතයේ තත්ත්වය සහ හෙට භාරතයේ තත්ත්වය අතර විශාල වෙනසක්
තිබේ. අද, එය කෙසේද කියා ඔබට පෙනෙයි, නමුත් ඔබ හෙට ඉන්නේ කොහිද? නව ලෝකය ආරම්භයේදී
ඉතා කුඩා බව ඔය දරුවන් දන්නවා. එහි මාලිගාවල බොහෝ දියමන්ති හා මැණික් ඔබ්බවා ඇත.
භක්ති මාර්ගයේ ඔබගේ දේවාලද අඩු නැහැ. තිබෙන්නේ, සෝම්නාථ වෙනුවෙන් ඇති එක් දේවාලය
පමණක් නොවෙයි. කෙනෙක් සාම්පලයක් ගොඩනගා, පසුව එය දුටු වෙනත් අය, තව බොහෝ ගොඩ නඟන්නට
ඇති. සෝම්නාථ දේවාලයෙන් බොහෝ සේ කොල්ල කන ලදී. පසුව, ඔවුන් අසුන්ගෙන තමන්ගේම
සිහිවටන නිර්මාණය කළා. ඔවුන් බිත්තිවලට මැණික් ආදිය එබ්බවූහ. එම මැණික් වලට කුමන
වටිනාකමක් තිබෙන්නට ඇතිද? දැන් කුඩා දියමන්තියක් වුවත් බොහෝ මිල අධිකයි! බාබා
මැණික් වෙළෙන්දෙක්ව සිටි කාලයේ, එක රතියක (රති 11ක් එක් ග්රෑමයකි) මිල රුපියල්
90ක් විය. එහි දැන් මිල, රුපියල් දහස් ගණනක් වෙයි. දැන් එවැන්නක් සොයා ගැනීමටත්
අපහසුයි, ඒවායේ මිල එතරම් වැඩි වී තිබේ! මෙකල, විදේශයන්හි බොහෝ ධනය තිබේ. ස්වර්ණමය
යුගය හා සසඳන විට, වර්තමානයේ විදේශයන්හි ඇති සියලුම ධනය ගත්තද, ඒවායේ කිසිදු
වටිනාකමක් නැත. පියා පවසන්නේ : ඔවුන් සියලු දෙනාටම මෙම විනාශ කාලයේ තිබෙන්නේ,
සෙනෙහස නොමැති බුද්ධීන්ය. විනාශ කාලය ළඟ බව ඔබ ඔවුන්ට පවසන විට, ඔවුන් ඔබට
සිනහසෙයි. පියා පවසන්නේ : තව කෙතරම් කාලයක් මා මෙහි අසුන්ගෙන සිටින්නද? මෙහි
අසුන්ගෙන සිටීමේ මට කිසි සතුටක් නැහැ. මා සතුට අත්විඳින්නේ නැති අතර දුක අත්
විඳින්නේද නැත. මගේ වගකීම වන්නේ ඔබව පිවිතුරු කිරීම පමණයි. ඔබ සිටියේ ඒ ආකාරයටයි;
ඔබ දැන් පත්ව සිටින්නේ මෙය බවටයි! ඔබ දැන් ඔවුන් මෙන් ශ්‍රේෂ්ඨ විය යුතුයි. ඔබ
ඔවුන් මෙන් වන්නට යන බව, ඔබ දන්නවා. ඔබ දේවතා වංශයේ සාමාජිකයන් වූ බවත් ඔබට ඔබගේ
රාජධානිය තිබුණු බවත්, ඉන්පසුව ඔබගේ රාජධානිය ඔබට අහිමි වී වෙනත් රාජධානි පැමිණි
බවත් ඔබට දැන් වැටහෙයි. චක්‍රය දැන් අවසන් වනවා. මෙම චක්‍රය වසර සිය දහස් ගණනක
කාරණාවක් නොවන බව, ඔබට දැන් වැටහෙයි. මෙම යුද්ධය තිබෙන්නට යන්නේ විනාශය සඳහාය. ඔබ
එහි සිටින විට, ඔබ බොහෝ සැපෙන් මිය යයි; කිසිදු අපහසුතාවයක් නොතිබෙයි. කිසිම රෝහලක්
ආදිය නොතිබෙයි. කවුරු එහි වැඩ කරමින් අන් අයට සේවය කරයිද හෝ අඬයිද? මෙම චාරිත්‍රය
එහි නොපවති. එහි මරණය සිදුවන්නේ ඉතා පහසුවෙන්ය. මෙහි මිනිසුන් මිය යන විට බොහෝ දුක්
විඳියි. ඔබ බොහෝ සතුට දැක ඇති නිසා, ඔබ බොහෝ දුකද දැකිය යුතුයි. ලේ ගංගා ගලන්නේ
මෙහිය. මෙම යුද්ධය නිවී යනු ඇතැයි ඔවුන් සිතන නමුත් එය නිමා වන්නේ නැත. මෙවන්
කියමනක් තිබේ, ’දඩයක්කරුට සතුට සහ දඩයමට මරණය.‘ ඔබ දේවතාවන් වූ විට, ඔබට අපිරිසිදු
කලි-යුගී ලෝකයට ඇතුළු විය නොහැක. ගීතාවේ පැවසෙන්නේ: දෙවියන් කතා කරයි. ඔබ විනාශය
මෙන්ම ස්ථාපනයත් දැකිය යුතුයි. ඔබගෙන් ඇතැමුන්ට මෙහි දර්ශනයක් ලැබී තිබෙනවා නේද?
අවසානයේ අහවල් කෙනා කවුරු බවට පත් වෙයිද කියා ඔබට දර්ශන ලැබෙයි. එවිට, එම මොහොතේ,
ඔවුන් හඬමින් බොහෝ සේ පසුතැවිලි වී බොහෝ දඬුවම් අත්විඳියි. ඔවුන් තම භාග්‍යය ගැන
හඬයි (පසුතැවිලි වෙයි). එකලට ඔබට කුමක් කළ හැකිද? මෙය උපත් 21කට ලොතරැයියක්. ඔබට මේ
සියලු දේ මතකයි නේද? ප්‍රථමයෙන්, තමන් සිදුකළ ක්‍රියා පිළිබඳ දර්ශන නොලැබ,
කිසිවෙකුට දඬුවම් විඳිය නොහැක. අධිකරණය තිබෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දැනුමේ
මැණික් ධාරණය කරගෙන රුප් සහ බසාන්ට් වන්න. ඔබට ලබා දෙන දැනුමේ මැණික්, ලෝකයේ
ආධිපත්‍යයේ ලොතරැයිය දිනා ගැනීමට භාවිත කරන්න.
2. මෙම විනාශ කාලයේ,
ඔබ තුළ පියා කෙරෙහි සෙනෙහස තිබී, ඔබ ඒකායන කෙනාගේ සිහිපත් කිරීමේ සිටිය යුතුයි.
අවසානයේ ඔබ පසුතැවිලි වී, ඔබගේ භාග්‍යය ගැන හඬන්නට සිදුවන කිසිදු ආකාරයකට ඔබ
ක්‍රියා නොකළ යුතුයි.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් සෙනෙහසින් සිටින අතර, එමඟින් පියාසර අවධියේ ආශිර්වාදය ලබා ගන්න, එමඟින්
ඔබේ ජයග්‍රහණය සහතික කර ගැනීමෙන් කරදරවලින් නිදහස් වන්න.
ආදරණීය දරුවන්ට
පියාසර අවධියේ දී බාප්දාදාගෙන් ආශිර්වාද ලැබේ. පියාසර කිරීමේ අවධියේ දී ඔබට
තත්පරයකින් බාප්දාදා වෙත ළඟා විය හැකිය. මායා කුමන ස්වරූපයෙන් පැමිණියද, ඇයට ඔබව
ස්පර්ශ කිරීමටවත් නොහැකි වනු ඇත; මායාගේ සෙවනැල්ලට පරමාත්ම දෙවියන්ගේ ආරක්ෂාවේ
වියන යටට යා නොහැක. සෙනෙහස, උත්සාහය විනෝදය බවට පරිවර්තනය කරයි. සෑම ක්‍රියාවකදීම
ජයග්‍රහණය සහතික ලෙස අත්විඳීමට සෙනෙහස ඔබට හැකියාව ලබා දෙන අතර එබැවින්, ඔය ආදරණීය
දරුවන් සෑම මොහොතකම කරදර වලින් නිදහස්ව සිටියි.
පාඨය:
"කිසිවක්
අලුත් නැත" යන දැනුවත්භාවය සමඟ නිරන්තරයෙන් නොසැලී සිටින්න, එවිට ඔබ සතුටින් නටනු
ඇත.