13.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සාරය: සුමිහිරි දරුවනි, ඔබව පාරිශුද්ධත්වයට පත් කරන පියාට බොහෝ සෙනෙහසින් යුතු වන්න. උදේ පාන්දරින් අවදි වී, ‘ශිව බාබා, සුබ උදෑසනක්‘ යැයි කියන්න.

ප්‍රශ්නය:
නිවැරදි සිහි කිරීම තිබීමට, ඔබ ධාරණය කළ යුතු ගුණධර්ම මොනවාද? ඔබගේ සිහිපත් කිරීම නිවැරදි බවට ඇති සලකුණු මොනවාද?

පිළිතුර:
නිවැරදි සිහිපත් කිරීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ 1) ඉවසීම 2) පරිණත බව 3) වැටහීම. සිහිපත් කිරීම, ආපසු සිහිපත් කිරීම ගෙන දෙයි. මෙම ධාරණාවේ පදනම මත සිහිපත් කිරීමේ සිටින අයට පියාගෙන් ධාරාවක් ලැබෙයි. ඔබගේ ආයුෂ වැඩි වී, එම ධාරාවෙන් ඔබ නිරෝගී වෙයි. ඔබගේ හදවත සිසිල් වී, අඛණ්ඩව සතෝප්‍රධාන් වෙයි.

ඕම් ශාන්ති.
පියා පවසන්නේ සුමිහිරි දරුවනි, ඔබටත් එය වලංගු වෙයි, එනම්, ඔය ජීව සත්තාවන් ද සාමයේ ප්‍රතිරූපයි. ඔය සෑම ජීව සත්තාවකගේම ආදිතම ධර්මය, සාමයයි. ඔබ සාම දේශයේ සිට මෙහි පැමිණ ඉන්පසුව ‘කතා නාද‘ තුළට ඇතුළු වෙයි. ඔබට මෙම භෞතික අවයව ලැබෙන්නේ ඔබගේ චරිත කොටස් රඟ පෑමටයි. ජීව සත්තාවන් කුඩා හෝ විශාල වන්නේ නැත. විශාල හෝ කුඩා වන්නේ ශරීරයි. පියා පවසන්නේ මම ශාරීරික ජීව සත්තාවක් නොවෙයි. මම පෞද්ගලිකවම මුහුණට මුහුණලා ඔය දරුවන්ව මුණ ගැසීමට පැමිණියෙමි. නිදසුනක් ලෙස, පියෙකුගෙන් නිර්මාණය වූ දරුවන්, පැමිණියේ උත්තරීතර දේශයේ සිට බවත් උපත ලැබුවේ, මව සහ පියා මුණගැසීමට බවත් නොකියයි. අළුත් ජීවයක්, තව කෙනෙකුගේ සිරුරකට ඇතුළු වුවත්, පැරණි ජීවයක් තව කෙනෙකුගේ සිරුරකට ඇතුළු වුවත්, එම ජීව සත්තාව පැමිණියේ මව සහ පියාව මුණගැසීමට බව නොකියයි. ජීවයට ඉබේටම මවක් සහ පියෙක් ලැබෙයි. මෙහිදී, මෙය අළුත් දෙයකි. පියා පවසන්නේ මම උත්තරීතර දේශයේ සිට පැමිණ, දැන් ඔය දරුවන් ඉදිරියේ පෞද්ගලිකවම පෙනී සිටිනවා. මම දැනුමින් සපිරි නිසා, දැනුමේ සාගරය නිසා, ඔය දරුවන්ට නැවත වරක් දැනුම ලබා දෙමි. මම ඔය දරුවන්ට රාජයෝගා ඉගැන්වීමට එමි. රාජයෝගා උගන්වන්නේ දෙවියන්ම පමණයි. මෙම දේවමය චරිත කොටස ක්‍රිෂ්ණා ජිවයට අයත් නැත. එක් එක් අයගේ චරිත කොටස ඔහුටම ආවේනිකයි දෙවියන්ගේ චරිත කොටස ඔහුගේමය. පියා විස්තර කරන්නේ සුමිහිරි දරුවනේ, තමන් ජීවයක් බව සලකන්න. තමන් මෙය බව සැලකීම, ඉතා මිහිරි බව හැඟෙයි. අප සිටියේ කෙසේද, අප දැන් පත්ව සිටින්නේ කුමක් බවටද! මෙම නාටකය කෙතරම් අලංකාර අන්දමකට නිර්මාණය කර ඇත්ද කියා ඔබට වැටහෙන්නේ දැනුයි. මෙය සංගම යුගය බව පමණක් ඔබට සිහිවන්නේ නම්, ඔබ ස්වර්ණමය යුගයට යන බව ස්ථීරයි. ඔබ දැන් සංගම යුගයේ සිටින අතර ඔබට ඔබගේ නිවසට යෑමට තිබේ, එබැවින් ඔබ අනිවාර්යෙන්ම පිවිතුරු විය යුතුයි. ඇතුලාන්තයේ ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. අහා! අසීමිත පියා පවසන්නේ සුමිහිරි දරුවනි, මා සිහි කරන්න එවිට ඔබ සතෝප්‍රධාන් වෙයි ඔබ ලෝකයේ අධිපතියන් වෙයි. පියා ඔය දරුවන්ට බොහෝ සෙනෙහස ලබා දෙයි. ඔහු ගුරුවරයෙකුගේ විලාශයෙන් පමණක් ඔබට උගන්වා ඉන්පසුව ආපසු නිවසට යන්නේ නැත. ඔහු පියා මෙන්ම ගුරුවරයාද වෙයි. ඔහු ඔබට අධ්‍යාපනයක් දෙන අතර ඔබට සිහි කිරීමේ වන්දනාවද කියා දෙයි. ඔබව පිවිතුරු කර, ලෝක පාලකයන් බවට පත් කරවන පියාට ඔබ තුළ බොහෝ සෙනෙහසක් තිබිය යුතුයි. ඔබ උදේ පාන්දරින් අවදි වූ වහාම, පළමුවෙන්ම ශිව බාබාට ‘සුබ උදෑසනක්‘ කිව යුතුයි. ඔබ ‘සුබ උදෑසනක්‘ කියූ විට, එනම් ඔබ ඔහුව සිහිපත් කළ විට, ඔබ බොහෝ සතුටට පත් වෙයි. ඔය දරුවන් ඔබගේ හදවත් වලින් විමසිය යුතුයි මා උදේ අවදි වූ පසු කෙතරම් දුරට අසීමිත පියාව සිහි කරනවාද? මිනිසුන් උදේ පාන්දරින් භක්තියේ යෙදෙති. ඔවුන් බොහෝ සෙනෙහසින් වන්දනාමාන කරති. කෙසේවෙතත්, සමහර දරුවන් ඔවුන්ගේ හදවතේ ගැඹූරින් එතරම් සෙනෙහසකින් පියාව සිහි නොකරන බව බාබා දන්නවා. ඔබ උදේ පාන්දරින් අවදි වී, ‘සුබ උදෑසනක්‘ කියා බාබාට කියා, දැනුම ආවර්ජනය කරන්නේ නම්, ඔබගේ සතුටේ රසදිය කඳට ඉහළ නැඟිය හැක. ඔබ පියාට ‘සුබ උදෑසනක්‘ කියා නොකියන්නේ නම්, පාපයේ බර ඉවත් වන්නේ කෙසේද? ප්‍රධානතම දෙය වන්නේ සිහිපත් කිරීමයි. මෙය තුළින් ඔබ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් ආදායමක් උපයා ගනී මෙම ආදායම ඔබට චක්‍රයෙන් චක්‍රයට ප්‍රයෝජනවත් වෙයි. ඔබ බොහෝ ඉවසීමෙන්, පරිණත බවින් සහ වැටහීමකින් සිහිපත් කිරීමේ සිටිය යුතුයි. ඔබ සාමාන්‍යයෙන් බාබාව බොහෝ සේ සිහිපත් කරන බව කියන නමුත්, නිවැරදි සිහිපත් කිරීමේ සිටීමට උත්සාහයක් අවශ්‍යයි. පියාව වැඩියෙන් සිහි කරන අයට වැඩියෙන් ධාරාවක් ලැබෙයි මන්ද, සිහිපත් කිරීම, ආපසු සිහිපත් කිරීම ගෙන දෙන බැවින්ය. ප්‍රධානතම දෙක මෙයයි යෝගා සහ ඥානය. යෝගාවේ විෂය වෙනත් එකකි. එය ඉතා වැදගත් විෂයකි. ජීව සත්තාව සතෝප්‍රධාන් වන්නේ යෝගාවෙනි. සිහිපත් කිරීම නොමැතිව, සතෝප්‍රධාන් වීම කිසිසේත් සිදු විය නොහැක. ඔබ බොහෝ සෙනෙහසින් යුතුව ඉතා හොඳින් පියාව සිහිකරන්නේ නම්, ඔබට ඉබේටම ධාරාවක් ලැබී ඔබ නිරෝගී වෙයි. එම ධාරාවෙන් ඔබගේ ආයුෂ ද වැඩිවෙයි. දරුවන් බාබාව සිහිකරන විට, ඔහු ඔවුන්ට ආලෝක ධාරාවක් එවයි. පියා ඔය දරුවන්ට ඉතා විශාල නිධානයක් ලබා දෙයි. සුමිහිරි දරුවන් මෙය ඉතා තරයේ සිහියේ තබා ගත යුතුයි ‘ශිව බාබා අපට උගන්වනවා‘. තවද ශිව බාබා පාරිශුද්ධකරුවා මෙන්ම විමුක්තිය පිරිනමන්නාය. විමුක්තිය යනු, ඔහු ඔබට දිව්‍යලෝකයේ ආධිපත්‍යය ලබා දෙනවා. බාබා බොහෝ මිහිරිය. ඔහු අසුන්ගෙන බොහෝ සෙනෙහසින් යුතුව ඔය දරුවන්ට උගන්වයි. පියා අපට දාදාගේ මාර්ගයෙන් උගන්වනවා. බාබා බොහෝ සේ මිහිරි වන අතර අපට බොහෝ සෙනෙහස ලබා දෙනවා. ඔහු අපට කිසිම අපහසුතාවයක් නොදෙයි. ඔහු පවසන්නේ මෙපමණයි මාව සිහිකරන්න, එමෙන්ම චක්‍රය සිහිකරන්න. පියාව සිහි කිරීමෙන් ඔබගේ හදවත සිසිල් විය යුතුයි. ඔබට පියාගෙන් ඉතා විශාල උරුමයක් ලැබෙන නිසා, ඒකායන පියාව පමණක් සිහිපත් කිරීම ගැන ඔබ කරදර විය යුතුයි. ඔබ තමන්ව පරීක‍්ෂා කර බැලිය යුතුයි පියා කෙරෙහි මා තුළ කොපමණ සෙනෙහසක් තිබේද? මා තුළ කොපමණ ප්‍රමාණයකට දිව්‍යමය ගුණධර්ම තිබෙනවාද? ඔය දරුවන් දැන් කටු වලින් මල් බවට වෙනස් වෙමින් පවතිනවා. ඔබ යෝගාවේ සිටින ප්‍රමාණයට අනුව, ඔබ කටු වලින් මල් බවට පරිවර්ථනය වී සතෝප්‍රධාන් වෙයි. ඔබ මල් වූවාට පසු ඔබට මෙහි සිටීමට නොහැකි වෙයි. මල් උයන දිව්‍යලෝකයයි. බොහෝ කටු මල් බවට පරිවර්ථනය කරන අයට, සැබවින්ම සුවඳැති මල් යැයි කියනු ලබයි. ඔවුන් කිසිවෙකුට අනින්නේ නැත. කෝපය ද විශාල කටුවකි එය බොහෝ දෙනෙකුට දුක ඇති කරයි. ඔය දරුවන් දැන් කටු ඇති ලෝකයෙන් ඉවතට පියවර තබා ඇත. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේය. උයන් පල්ලෙක් වෙනම බඳුනකට මල් දමන්නා සේ, ඔය සංගම් යුගයේ මල් ද, වෙනත් බඳුන් වල තබා තිබේ. ඉන්පසුව ඔය මල් දිව්‍යලෝකයට යන අතර, කලි යුගයේ කටු පිළිස්සී යනු ඇත. ඔය සුමිහිරි දරුවන්ට පාරලෞකික පියාගෙන් අවිනාශී උරුමයක් ලැබෙන බව ඔබ දන්නවා. සැබෑ දරුවන්ට, බාප්දාදාට සම්පූර්ණ සෙනෙහසක් ඇති දරුවන්ට, බොහෝ සතුට අත් වෙයි අපි ලෝක පාලකයන් බවට පත්වනවා. ඔව්, ඔබ ලෝක පාලකයෙක් වන්නේ උත්සාහය තුළින්ය, එසේ කීමෙන් පමණක් නොවෙයි. එම සූර්ය වංශික සහ චන්ද්‍ර වංශික රාජධානිම නැවත වතාවක් තමන් වෙනුවෙන් ස්ථාපනය කරගන්නා බව, විශේෂ ආදරණීය දරුවන්ට සෑම විටෙකම සිහිවෙයි. පියා පවසන්නේ සුමිහිරි දරුවනි ඔබ බොහෝ දෙනෙකුට වැඩියෙන් යහපතක් සිදු කරන තරමට, ඔබට වැඩියෙන් ප්‍රතිලාභ ලැබෙනු ඇත. ඔබ බොහෝ දෙනෙකුට මාවත පෙන්වන්නේ නම්, ඔබට බොහෝ දෙනෙකුගෙන් ආශිර්වාද ලැබෙයි. ඔබගේ මඩි, ඥාන මිණිමුතු වලින් පුරවාගෙන, ඉන්පසුව ඒවා දන් දිය යුතුයි. ඥාන සාගරය ඔබට බඳුන් පුරා මිණිමුතු ලබා දෙනවා. එම මිණිමුතු දන්දෙන අය සෑම කෙනෙකුගේම සෙනෙහසට පාත්‍ර වෙයි. දරුවන් තුළ බොහෝ සතුට තිබිය යුතුයි. නුවණැති දරුවන් මෙසේ කියයි අපි බාබාගෙන් සම්පූර්ණ උරුමයම හිමි කරගන්නවා. ඔවුන් සම්පූර්ණයෙන්ම පියාට එල්ලී සිටියි. ඔවුන්ට ජීවිතය දෙන පියාව, හමු වී ඇති බව ඔවුන් දන්නා බැවින්, ඔවුන් පියා කෙරෙහි බොහෝ සෙනෙහසින් පසුවෙයි. ඔහු දැනුමේ කෙතරම් ආශිර්වාදයක් දෙන්නේද යත්, ඔබ සිටි අන්දමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඔබ දුගී බවින් ධනවත් වෙයි. ඔහු මෙතරම් ප්‍රමාණයකට ඔබගේ නිධන් ගබඩාව පුරවයි. ඔබ පියාව සිහි කරන තරමට අනුව, එතරම් සෙනෙහසක් තිබී, ආකර්ෂණයක් ඇතිවෙයි. ඉඳිකටුවක් පිරිසිඳු නම්, එය කාන්දමක් වෙතට ඇදෙයි. ඔබ පියාව සිහිපත් කරන විට, මළකඩ දිගින් දිගටම ඉවත්ව යයි. පියා හැර අන් කිසිවෙක් සිහි නොකරන්න. භාර්යාවක්, ඇගේ ස්වාමියාට බොහෝ සෙනෙහසක් තිබෙන අයුරින්ම, ඔබද දැන් විවාහ ගිවිසගෙන සිටියි. විවාහ ගිවිස ගැනීමේ සතුට, එයට වඩා අඩුද? ශිව බාබා පවසන්නේ සුමිහිරි දරුවනි, ඔබ විවාහ ගිවිසගෙන සිටින්නේ මා සමගයි, බ්‍රහ්මා සමග නොවෙයි. ඔබගේ විවාහ ගිවිසුම ස්ථීර වූ පසු, එම ඒකායන කෙනාව සිහිපත් වීම ඔබට කරදරයක් විය යුතුයි. පියා විස්තර කරන්නේ සුමිහිරි දරුවනි, නොසැලකිලිමත් වී වැරදි නොකරන්න. ස්ව-දර්ශන චක්‍රධාරීන් සහ ප්‍රදීපාගාර වන්න. ඔබට ස්ව-දර්ශන චක්‍රධාරියෙක් වීමේ හොඳ පුහුණුවක් ඇති විට, ඔබ ඥාන සාගරයක් වනවා මෙනි. ශිෂ්‍යයින් ඉගෙනගෙන ගුරුවරුන් වනවා සේ, මෙයද ඔබගේ ව්‍යාපාරයයි. සෑම කෙනෙක්වම ස්ව-දර්ශන චක්‍රධාරියෙක් බවට පත් කරන්න, මන්ද එවිට පමණයි, ඔබ ලෝක පාලකයන් වන රජෙක් හෝ රැජිනියක් වන්නේ. මේ නිසයි බාබා සෑම විටෙකම ඔය දරුවන් ගෙන් මෙසේ විමසන්නේ දරුවනි, ඔබ මෙතැන අසුන්ගෙන සිටින්නේ ස්ව-දර්ශන චක්‍රධාරීන් ලෙසද? පියාද ස්ව-දර්ශන චක්‍රධාරියෙකි. පියා පැමිණ ඇත්තේ ඔය දරුවන්ව ආපසු නිවසට රැගෙන යාමටයි. ඔය දරුවන් නොමැතිව, මටද අවිවේකී බවක් දැනෙයි. කාලය පැමිණි විට, මා අවිවේකී වෙයි මා දැන් යා යුතුයි! දරුවන් බොහෝ කන්නලව් කරන අතර දුකින් සිටියි. බාබා තුළ කරුණාව තිබේ. ඔය දරුවන් දැන් ආපසු නිවසට යා යුතුයි. ඉන්පසුව එහි සිට, ඔබම සතුටේ දේශයට යනු ඇත. එහිදී මා ඔබගේ සහකරුවා නොවනු ඇත. ඔය ජීව සත්තාවන්, ඔබගේම තත්ත්වයට අනුව ආපසු යනු ඇත. මෙම ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගැනීම ගැන, ඔය දරුවන්ට කුල්මත්භාවයක් තිබිය යුතුයි. අපි දේවමය ශිෂ්‍යයින් වන්නෙමු. අපි මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වීමට ඉගෙන ගන්නෙමු, එනම්, ලෝකයේ අධිපතියන් වීමට. මෙතුළින් අප සියලු අමාත්‍යාංශ පසු කරන්නෙමු. අප සෞඛ්‍ය, අධ්‍යාපන, සියලු උපාධි ලබන්නෙමු අපි මෙම ඥානය හදාරන්නේ අපගේ චරිතය හැඩගස්සා ගැනීමටයි. සෞඛ්‍ය අමාත්‍යංශය, ආහාර අමත්‍යංශය, ඉඩම් අමත්‍යංශය සහ ගොඩනැඟිලි අමත්‍යංශය යන සියල්ලම මෙහි ඇතුලත්ය. පියා අසුන් ගෙන ඔය සුමිහිරි දරුවන්ට විස්තර කරදෙයි ඔබ දේශනයක් දෙන විට හෝ සමූහයකදී යම් අයෙකුට විස්තර කරන විට, නැවත නැවතත් මෙසේ කියන්න තමන් ජීව සත්තාවක් බව සළකා, පරම පියා, පරමාත්ම ජීව සත්තාව සිහිපත් කරන්න. මෙම සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි ඔබගේ පාපයන් දුරු වී, ඔබ පිවිතුරු වන්නේ. ඔබ නැවත නැවතත් මෙය මෙනෙහි කළ යුතුයි. කෙසේවෙතත්, ඔබට මෙය අන් අයට කිව හැකි වන්නේ ඔබම සිහිපත් කිරීමේ සිටින විට පමණයි. දරුවන් මෙම විෂයෙහි ඉතා දුර්වලය. අභ්‍යන්තරයෙන් ඔය දරුවන් සතුට අත් විඳ, සිහිපත් කිරීමේ සිටින්නේ නම්, එවිට ඔබ අන් අයට විස්තර කරන දේ ඔවුන් තුළ බලපෑමක් ඇති කරනු ඇත. ඔබ වැඩියෙන් කතා නොකළ යුතුයි. ඔබ ජීව සත්තා අවධානයෙන් ටිකක් විස්තර කළත්, ඊතලය ඉලක්කයේ වදිනු ඇත. පියා පවසන්නේ දරුවනි, අතීතය, අතීතයයි. දැන් පළමුවෙන්ම තමන්ව නිවැරදි කරගන්න. ඔබම සිහිපත් කිරීමේ නොසිට අන් අයට දිගටම තබාගන්න කියයි නම්, මෙම රැවටීම දිගටම සිදු විය නොහැක. ඔබගේ යටි හිත අනිවාර්යෙන්ම දොස් කියනු ඇත. ඔබට පියා කෙරෙහි පූර්ණ සෙනෙහසක් නොමැති නම්, ඔබ ශ්‍රීමත් අනුගමනය නොකරයි. අසීමිත පියා ලබා දෙන ඉගැන්වීම් අන් කිසිවෙකුට දිය නොහැක. පියා පවසන්නේ සුමිහිරි දරුවනි, දැන් මෙම පැරණි ලොව අමතක කර දමන්න. අවසානයේදී, ඔබ මේ සෑම දෙයක්ම අමතක කළ යුතුයි. එවිට ඔබගේ බුද්ධිය ඔබගේ සාම දේශයට සහ සතුටු දේශයට සම්බන්ධ වෙයි. පියාව සිහි කිරීමෙන් ඔබ පියා වෙතට යා යුතුයි. අපවිත්‍ර ජීව සත්තාවන්ට ආපසු යෑමට බැරිය, මන්ද එය පිවිතුරු ජීව සත්තාවන්ගේ නිවස බැවිනි. මෙම ශරීරය සෑදි ඇත්තේ පංච මහා භූතයින් ගෙනි. එබැවින් පංච මහා භූතයන් ඔබව මෙහි සිටීමට ඇද ගනී, මන්ද, ජීව සත්තාව, එම වස්තුව අරගෙන ඇති සේය, එම නිසයි ශරීරයට බැඳීමක් තිබෙන්නේ. ඔබ දැන් එම බැඳීම ඉවත් කර ආපසු නිවසට යා යුතුයි. මෙම පංච මහා භූතයන් එහි නොපවති. ස්වර්ණමය යුගයේදී ශරීර නිර්මාණය වන්නේ යෝගා බලයෙන් වන අතර, පදාර්ථයන්ද සතෝප්‍රධාන්ය, මේ නිසයි ආකර්ෂණයක් හෝ කිසි දුකක් නොමැත්තේ. මේවා තේරුම් ගත යුතු ඉතා සියුම් දේවල්ය. මෙහි, පංච මහාභූතයන්ගේ බලය, ජීව සත්තාව ඇද ගනී, මේ නිසයි ජීවය ශරීරය අතහැරීමට කැමැත්තක් නොමැත්තේ. එසේ නොමැති නම් විශාල සතුටක් තිබිය යුතුයි. පිවිතුරු වීමෙන් පසු, වෙඬරු පිඩකින් කෙස් ගසක් අදින විලසින්, ඔබ ජීව සත්තාව ශරීරය අත්හරිනු ඇත. එබැවින් ඒ කිසි දෙයක් සමග ඔබගේ කිසි සම්බන්ධයක් නොමැති සේ, ඔබගේ ශරීරයට සහ අන් සෑම දේකටම ඇති බැඳීම සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතුයි. සරලව මා දැන් බාබා වෙතට යනවා. යැවීම සඳහා, ඔබගේ ගමන්-මළු ඔබ පෙර සිටම සූදානම් කර තිබේ. ඒවාට ඔබත් සමග යා නොහැක, මන්ද ජීව සත්තාවන් ආපසු නිවසට යා යුතු අතර, සිරුරු මෙහිදී අත්හල යුතු බැවිනි. බාබා ඔබට දැනටමත් නව ශරීරයේ දර්ශනයක් ලබා දී තිබේ. ඔබට දියමන්ති සහ මුතු මැණික් එබ්බ වූ මාලිගා ලැබෙයි. එවන් සතුටු දේශයකට යෑමට ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඔබ කිසිම විටෙක වෙහෙසට පත් නොවිය යුතුයි. දිවා රාත්‍රියේ බොහෝ සේ ආදායමක් උපයා ගන්න. මේ නිසයි බාබා මෙසේ පවසන්නේ නින්ද ජයගත් දරුවනි, නිරතුරුවම මා පමණක් සිහි කර, ඥාන සාගරය මතගාන්න. නාටකයේ රහස් ඔබගේ බුද්ධියේ තබා ගැනීමෙන්, ඔබගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම සිසිල් සහ සන්සුන් වෙයි. මහාරති දරුවන් කිසි විටෙක චංචල නොවෙයි. ඔබ ශිව බාබා සිහි කරන්නේ නම්, ඔහු ඔබව රැක බලා ගනී. පියා ඔබව දුකින් මුදවා ගෙන, ඔබට සාමය දානය කරයි. ඔබද සාමය දන් දිය යුතුයි. ඔබගේ මෙම අසීමිත සාමය, එනම්, යෝගා බලය, අන් අයව සම්පූර්ණයෙන්ම නිහඬ කරවයි. කෙනෙක් ඔබගේ නිවසට අයත්ද නැත්ද කියා ඔබ සැනෙකින් දැන ගනී. ජීව සත්තාව විගසින් ආකර්ෂණය වෙයි මේ අපේ බාබාය. ඔබට නාඩි ද දැනිය යුතුයි. පියාගේ සිහි කිරීමේ සිට, ඉන්පසුව එම ජීව සත්තාව ඔබගේ වංශයට අයත්ද නැත්ද කියා බලන්න. ඔහු අයත් නම්, ජීව සත්තාව සම්පූර්ණයෙන්ම නිහඬ වෙයි. මෙම වංශයට අයත් අය පමණයි, මේ දේවල්වල මිහිර අත්විඳින්නේ. ඔය දරුවන් පියාව සිහිපත් කරන විට, ඔහු තුළ ඔබ කෙරෙහි සෙනෙහසක් ඇති වෙයි. සෙනෙහස දක්වන්නේ ජීව සත්තාවටයි. උපරිම වශයෙන් ඉගෙන ගන්නේ, බොහෝ භක්තියේ යෙදී ඇති අය පමණක් බවත් ඔබ දන්නවා. පියා කෙරෙහි ඔවුන් තුළ කොපමණ සෙනෙහසක් තිබේද කියා ඔවුන්ගේ මුහුණු වලින් ඔබට දිගටම පෙනෙයි. ජීව සත්තාව පියාව දකින අතර, පියා, ජීව සත්තාවන් වන අපට උගන්වයි. පියාට ද මෙසේ වැටහෙයි මම මෙතරම් කුඩා ජීව සත්තාවන්ට, තිත් වලට උගන්වමි. ඔබ තව දුරටත් දියුණුවත්ම ඔබගේ තත්ත්වය එසේ වෙයි. ඔබ ඔබගේ සහෝදරයන්ට උගන්වන බව ඔබට වැටහෙයි. මුහුණ සහෝදරියකගේ වුවද, ඔබගේ ද්‍රිෂ්ඨිය යා යුත්තේ ජීව සත්තාව කෙරෙහිය. ඔබගේ ද්‍රිෂ්ඨිය, කිසිසේත්ම ශරීරය වෙතට නොයාමට, බොහෝ උත්සාහයක් දැරීමට අවශ්‍ය වෙයි. මෙම දේවල් ඉතා සියුම් වන අතර මෙම ඉගෙනුම ඉතා ශ්‍රේෂ්ඨය. ඔබ එය කිරා බලන්නේ නම්, මෙම ඥානය ඇති පැත්ත ඉතා බර වනු ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
 

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ මඩිය ඥාන මිණි, මුතු වලින් පුරවා, ඉන්පසුව ඒවා දන් දෙන්න. දන් දෙන අයට සියලු දෙනාම ආදරය කරන අතර, ඔවුන් අසීමිත සතුට අත්විඳියි.

2. ඔබට ජීවිතය ලබා දෙන පියාව, බොහෝ සෙනෙහසින් යුතුව සිහිපත් කර, සියලු දෙනාට සාමය දානය කරන්න. ස්ව-දර්ශන චක්‍රය බ්‍රමණය කර, ඥාන සාගරයක් වන්න.

වරදානය:
ඔබ කර්ම බන්ධන වලින් නිදහස්ව ඔබේ සියුම් සූක්ෂම සිරුර නමැති වාහනයෙන් සේවය කරන අතරතුර ඩබල් ලයිට් (සැහැල්ලු හා ආලෝකමත්) වේවා.

ඔබ ඔබේ භෞතික ශරීරය සමඟ දේව සේවයෙහි භෞතිකව කාර්යබහුලව සිටින්නා සේම, ඔබේ සූක්ෂම ශරීරය සමඟත් එකවර සූක්ෂම සේවයක් කළ යුතුය. බ්‍රහ්ම තුළින් ස්ථාපනය වැඩුණු ආකාරයටම, ඔබේ සූක්ෂම ශරීරය භාවිත කිරීමෙන් සහ ඔබේ ඒකාබද්ධ ශිව-ශක්ති ස්වරූපය දැකීමෙන්, දර්ශන සහ පණිවිඩය ලබා දීමේ කාර්යය සිදුවනු ඇත. කෙසේවෙතත්, මෙම සේවාව සිදු කිරීම සඳහා, ඔබ නිරතුරුවම කර්ම බන්ධන වලින් නිදහස්ව වැඩ කරන අතරතුර පවා ඩබල් ලයිට් (සැහැල්ලු හා ආලෝකමත්) විය යුතුය.

පාඨය:
ඔබේ මතගෑමෙන් ඉස්මතු වන සතුටේ වෙඬරු ඔබේ ජීවිතය ශක්තිමත් කරවයි.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

සේවය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැතැයි කියා කිසිවෙකුටත් කිව නොහැක. යමෙකුට කතා කිරීමට නොහැකි වුවත් ඔහුට තම මනසින් සේවය කළ හැකි අතර වාතාවරණයේ සතුටු ආකල්පයක් සහ සතුට පිරිනමන මනෝ ස්ථිතියක් නිර්මාණය කළ හැක. ඔබේ සෞඛ්‍යය යහපත් නොවේ නම්, එවිට නිවසේම අසුන්ගෙන සිටින අතර සහයෝගී වන්න. සරළව පිවිතුරු සිතිවිලි තොගයක් ඔබේ සිතෙහි රැස්කරගෙන සුබ පැතුම් වලින් පිරි බවට පත් වන්න.