13.02.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ප්‍රධානතම දෙය වන්නේ, පියාව නිවැරදිව හැඳිනගැනීමයි - ඔහු කුමක් වැනිද, හරියාකාරවම කවුරුන්ද, සහ ඔහුව සිහිපත් කිරීමයි. මෙම කාරණය බොහෝ උපක්‍රමශීලීව මනුෂ්‍යයින්ට විස්තර කර දෙන්න.

ප්‍රශ්නය:
ඔබ මෙහිදී පමණක් ඉගෙන ගන්නා කුමන ඉගෙනුමද, මුළු විශ්වය වෙනුවෙන්ම වන්නේ?

පිළිතුර:
මුළු විශ්වය වෙනුවෙන්ම හදාරණ ඉගෙනුම වන්නේ ඔබ ජීවාත්මයක්ය. තමන් ජීවාත්මයක් බව සළකා, පියාව සිහිකරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි. මුළු විශ්වයේම පියා වන කෙනා, සෑම කෙනෙක්ම පිවිතුරු කිරීමට පැමිණෙන්නේ මෙම එක් යුගයෙදී පමණයි. නිර්මාපක සහ නිර්මාණය ගැන දැනුම ලබා දෙන්නේ ඔහු පමණයි. එබැවින්, ඇත්ත වශයෙන්ම එකම විශ්ව විද්‍යාලය වන්නේ මෙයයි. ඔය දරුවන් මෙම කරුණ ඉතාමත්ම පැහැදිලිව විස්තර කර දිය යුතුයි.

ඕම් ශාන්ති.
දෙවියන් කතා කරයි. දෙවියන් යනු කවරෙක්ද කියා, ඔය ආධ්‍යාත්මික දරුවන්ට නිසැකයෙන්ම වැටහෙනවා. භාරතයේ කිසිම කෙනෙක් මෙය නිවැරදිව නොදනි. ඔහු මෙසේද පවසයි : කිසි කෙනෙක් මා කුමක් වැනිද, කවුරුන්ද කියා, නිසියාකාරයෙන් නිවැරදිව නොදනී. ඔබද අංකානුරූපයි. ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලට දනී. ඔබ මෙහි වාසය කළද, ඔබ නිවැරදිව නොදනී. පියාව නිවැරදිව හැඳිනගෙන, ඔහුව සිහිපත් කිරීම ඉතාමත්ම අපහසුයි. සමහර දරුවන් එය පහසු බව කියයි, නමුත් මාව නියමාකාරයෙන් හැඳිනගෙන, පියා වන මාව නිරන්තරයෙන් සිහිපත් කරන්න. බුද්ධියේ තබා ගත යුතු ක්‍රමවේදය වන්නේ, ජීවාත්මය වන මා, ඉතාමත්ම කුඩායි. තිතක් වන මගේ බාබාද ඉතාමත්ම කුඩායි. චක්‍රයෙන් භාගයක්ම කිසි කෙනෙක් දෙවියන්ගේ නම සඳහන් කරන්නේවත් නැත. මිනිසුන් ඔහුව සිහිකරන්නේ දුකේදී පමණයි: අහෝ දෙවියනි! දෙවියන් යනු කවරෙක්ද කියා කිසිම මනුෂ්‍යයෙකුට වැටහෙන්නේ නැත. ඔබ මනුෂ්‍යයින්ට විස්තර කර දෙන්නේ කෙසේද කියා, ඔබ දැනුමේ සාගරය මතගෑ යුතුයි. ’ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාරි ලෝක ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලය‘යන නම ලියා තිබේ. එසේ තිබියදීත් මෙය අසීමිත ආධ්‍යාත්මික පියාගේ ලෝක විශ්ව විද්‍යාලය බව, ඔවුනට වැටහෙන්නේ නැත. මනුෂ්‍යයින්ට විගසින් වටහාගත හැකි අන්දමින් එයට දිය හැකි නම කුමක්ද? මෙය විශ්ව විද්‍යාලයක් බව මිනිසුන්ට විස්තර කර දෙන්නේ කෙසේද? ’විශ්ව විද්‍යාලය‘ යන වචනය මතු වී තිබෙන්නේ ’විශ්වය‘ යන වචනයෙනි. විශ්වය යනු මුළු ලොවයි. සියලුම මනුෂ්‍යයින්ට ඉගෙන ගත හැකි විශ්ව විද්‍යාලයක් යැයි එයට කියන්නේ එබැවිනි. විශ්වයේ මිනිසුන්ට ඉගෙනගැනීම සඳහා තිබෙන විශ්ව විද්‍යාලයකි. ඇත්ත වශයෙන්ම, විශ්වය වෙනුවෙන් පැමිණෙන්නේ එක් පියා පමණයි. ඔහුට තිබෙන්නේ මෙම එක් විශ්ව විද්‍යාලය පමණයි. අරමුණ සහ ඉලක්කයද එකක් පමණි. පැමිණ, මුළු විශ්වයම පිවිතුරු කරන්නේ පරමාත්ම පියා පමණයි. ඔහු යෝගාව උගන්වයි. මෙය සියලුම ආගම් වල අයටයි. ඔහු පවසන්නේ : තමන් ජීවාත්මයක් බව සළකන්න. ඔහු මුළු විශ්වයේම පියාය, අශාරීරික දෙවි පියාණන්ය. එසේ නම් මෙම ස්ථානයට, ආධ්‍යාත්මික අශාරීරික දෙවි පියාණන්ගේ, ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලය යැයි නම් නොකරන්නේ ඇයි? ඔබ මේ ගැන සිතා බැලිය යුතුයි, එසේ නේද? ලෝකයේ මිනිසුන් කෙබඳුද යත්, එකදු මිනිසෙක්වත් පියාව නොදනී. ඔවුන් නිර්මාපක දන්නේ නම්, නිර්මාණය ගැනද දැන ගනී. නිර්මාණය ගැන දැන ගත හැක්කේ නිර්මාපකගෙන් පමණයි. පියා සෑම දෙයක්ම දරුවන්ට විස්තර කර දෙයි. අන් කිසිවෙක් නොදනි. ඍෂිවරු සහ මුනිවරුද පවසන්නේ, ’අපි නොදන්නෙමු‘ කියාය. එබැවින් පියා පවසන්නේ : පෙර කල, නිර්මාපක ගැන හෝ නිර්මාණය ගැන දැනුම, ඔබට නොතිබුණි. නිර්මාපක එය දැන් විස්තර කර ඇත. පියා පවසන්නේ : සෑම කෙනෙක්ම දැන් මට කන්නලව් කරන්නේ මෙසේය: එන්න, ඇවිත් අපට සාමය සහ සතුට ලබා දෙන්න, මන්ද, දැන් දුක සහ අසාමය ඇති බැවිනි. ඔහුගේ නාමයම වන්නේ, දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නාය. ඔහු කවරෙක්ද? දෙවියන්. ඔහු දුක නැති කර සතුට ලබා දෙන්නේ කෙසේද? කිසිවෙකු නොදනි. එබැවින් මිනිසුන්ට වටහාගැනීමට හැකි වන අයුරින් ඉතා පැහැදිලිව ලියන්න, මෙම දැනුම ලබා දෙන්නේ, අශාරීරික දෙවි පියාණන් පමණක් බව. ඔබ මේ අන්දමින් දැනුමේ සාගරය මත ගෑ යුතුයි. පියා විස්තර කරන්නේ : සියලුම මනුෂ්‍යයින්ට තිබෙන්නේ ගල් බුද්ධීන්ය. ඔහු දැන් ඔබව දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් කරවනවා. ඇත්ත වශයෙන්ම, අඩු තරමින් ලකුණු 50%ක් හෝ ඊට වැඩියෙන් ගන්නා අයට දිව්‍යමය බුද්ධි ඇති අය යැයි කියයි. අසමත් වන අය, දිව්‍යමය බුද්ධි නොමැති අයයි. රාමාට ද ලැබුණේ ඊට අඩු ලකුණුය. ඒ නිසයි ඔහුව සටන්කාමියෙක් ලෙස පෙන්වා දී තිබෙන්නේ. රාමා දුන්නක් සහ ඊතලයක් අතැතිව පෙන්වා ඇත්තේ මන්ද කියා කිසි කෙනෙකුට නොවැටහෙයි. ශ්‍රී ක්‍රිෂ්ණාව පෙන්වා ඇත්තේ, ස්ව-දර්ශන චක්‍රයකින් සෑම කෙනෙක්වම වනසන අයුරු වන අතර, රාමා පෙන්වා ඇත්තේ දුන්නක් සහ ඊතලයක් අතැතිවයි. ශ්‍රී ක්‍රිෂ්ණා, අකාසූර්, බකාසූර් ආදීන්ව ස්ව-දර්ශන චක්‍රයකින් වනසන අන්දම පෙන්වන එක්තරා සඟරාවක් මුද්‍රණය කර තිබේ. දෙදෙනාම හිංසාකාරී අය ලෙස පෙන්වා ඇති අතර, තවද, දෙගුණයක් හිංසන සිදු කරන අය ලෙස පෙන්වා තිබේ. ඔවුන් කියන්නේ ඔවුන්ටද දරුවන් සිටියා නොවේද? කෙසේවෙතත්, ඔවුන් අවගුණ වලින් තොර දේවතාවන්ය. රාවණගේ රාජධානිය නිසැකවම එහි නොපවති. මෙකල එයට කියන්නේ රාවණගේ සමාජය කියාය. යෝගා බලයෙන් අපි ලෝක ආධිපත්‍යය හිමි කරගන්නා බව, ඔබ දැන් විස්තර කර දෙයි. එබැවින් යෝගා බලයෙන් දරුවන් ඇති කිරීමට නොහැකිද? එය අවගුණ නොමැති ලෝකයයි. ඔබ දැන් ශුද්‍රයින්ගෙන් බ්‍රහ්මිණ්වරුන් බවට පත්ව සිටියි. ඔය මිනිසුන්ට සම්පූර්ණ දැනුම ඇති බව මනුෂ්‍යයින්ට වැටහෙන සේ, මේ අන්දමට පැහැදිලිව විස්තර කරන්න. යම් කෙනෙකුට මෙම කරුණ සුළු ප්‍රමාණයකින් වැටහුනත්, එම කෙනා බ්‍රහ්මිණ් වංශයට අයත් බව ඔබට වැටහෙයි. ඇතමෙකු බ්‍රහ්මිණ් වංශයට අයත් නැති බව, ඔබට සැනෙකින් වැටහෙයි. බොහෝ විවිධ මාදිලියේ මිනිසුන් පැමිණෙනවා නොවේද? එබැවින් මෙසේ ලියන්න: “ආධ්‍යාත්මික අශාරීරික දෙවි පියාණන්ගේ ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලය”, ඉන්පසුව සිදුවන්නේ කුමක්ද කියා බලන්න. ඔබ දැනුමේ සාගරය මතගා, නිවැරදි වදන් සොයා ගත යුතුයි. මෙම දැනුම මෙහි විස්තර කරන්නේ, පරමාත්ම පියා වන පරමාත්ම දෙවියන් බවත්, ඔහු රාජ යෝගාව උගන්වන බවත්, මිනිසුන්ට වැටහෙන අන්දමින් ලිවීම සඳහා, ඔබ බොහෝ උපායශීලී විය යුතුයි. ’ජීවන මුක්තිය‘ සහ ’තත්පරයකදී දේවතා ආධිපත්‍යය‘ යන වදන්ද සුලභය. මිනිසුන්ගේ බුද්ධියේ සනිටුහන් වන ආකාරයේ වාක්‍ය ඛණ්ඩ තිබිය යුතුයි. විෂ්ණුගේ දේශය ස්ථාපනය වන්නේ බ්‍රහ්මා මඟිනි. ’මන්මනභව්‘හි අරුත වන්නේ පියා සහ උරුමය සිහි කිරීමයි. ඔබ බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් පරම්පරාවයි, බ්‍රහ්මිණ් වංශයේ සැරසිල්ල වන අතර, ස්ව-දර්ශන චක්‍රය බ්‍රමණය කරන අයයි. ඔවුන් විෂ්ණුව ස්ව-දර්ශන චක්‍රයක් ඇතිව පෙන්වා තිබේ. තවද ඔවුන් ක්‍රිෂ්ණාව අත් සතරක් සහිතව පෙන්වා තිබේ. ඔහුට අත් සතරක් තිබෙන්නේ කෙසේද? පියා ඉතා හොඳින් විස්තර කරයි. ඔය දරුවන් පුළුල් බුද්ධි, දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් විය යුතුයි. ස්වර්ණමය යුගයේ, රජ සහ රැජිණට දිව්‍යමය බුද්ධි ඇති සේම, පුරවැසියන්ට ද දිව්‍යමය බුද්ධි තිබේ යැයි කියයි. එය දිව්‍යමය ලෝකයයි; මෙය ගල් ලෝකයයි. ඔබට මෙම දැනුම ලැබෙන්නේ, මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වීමටයි. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් නැවත වරක් ඔබගේ රාජධානිය ස්ථාපනය කරනවා. අපට රජවරුන් සහ අධිරාජ්‍යයන් වන ක්‍රමය, බාබා පෙන්වා දෙනවා. වෙනත් අයට විස්තර කර දීම සඳහා, ඔබගේ බුද්ධීය මෙම දැනුමින් පුරවනු ලබනවා. චක්‍රය විස්තර කර දීම ද ඉතා පහසුයි: බලන්න මෙකල ජනගහණය කෙතරම් විශාලද කියා! ස්වර්ණමය යුගයේ සිටින්නේ ඉතා සුළු පිරිසකි. මෙය සංගමය නොවේද? එබැවින් බ්‍රහ්මිණ්වරුන් ටික දෙනෙක් පමණක් නොසිටියිද? බ්‍රහ්මිණ්වරුන්ගේ යුගය කුඩාය. බ්‍රහ්මිණ්වරුන්ගෙන් පසුව පැමිණෙන්නේ දේවතාවන්ය, ඉන්පසුව ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවෙයි. මෙය කරණමක් නොවේද? එබැවින් ඔබට ඉනිමගේ පිංතූරය සමඟම විවිධත්ව ස්වරූපයේ පිංතූරයක්ද තිබේනම්, විස්තර කිරීම, පැහැදිලි වෙයි. ඔබගේ වංශයට අයත් අයගේ බුද්ධිය තුළ, නිර්මාපක සහ නිර්මාණය පිළිබඳ මෙම දැනුම, පහසුවෙන්ම ගැලපී සනිටුහන් වෙයි. ඔවුන් ඔබගේ වංශයට අයත්ද නැත්ද කියා, ඔවුන්ගේ මුහුණු වලින් කිව හැකි වෙයි. ඔවුන් අයත් නොවන්නේ නම්, දැනුමට සවන් දෙන්නේ රත් වූ භාජනයක් මෙනි (රත් වූ බඳුනක ජලය මෙන් දැනුම කර වී වාෂ්ප වී යයි). නුවණ ඇති අය, අවධානයෙන් අසා සිටියි. ඊතලය, ඉලක්කයට වැදුණාට පසුව, ඔවුන් දිගටම පැමිණෙයි. සමහරු නිකම්ම ප්‍රශ්න අසමින් සිටින නමුත් හොඳ මල් වන අය, තමන්ගේම කැමැත්තෙන් දිනපතා පැමිණෙයි ඔවුන් සම්පූර්ණයෙන්ම වටහාගෙන ඉනපසුව ආපසු යයි. පියා නිසැකයෙන්ම දේවතා ධර්මය ස්ථාපනය කරන බව, ඕනෑම කෙනෙකුට පිංතූර වලින් වටහාගැනීමට පුළුවනි. ප්‍රශ්න අසන්නේ නැතිව වුවද, ඇතැමෙක් වටහා ගනී. තවත් සමහරෙක් දිගින් දිගටම බොහෝ ප්‍රශ්න අසන මුත්, කිසි දෙයක් වටහා නොගනී. එවිට, ඔබ විස්තර කළ යුතුයි. කලබලයක් ඇති කිරීම අනවශ්‍යයි. එසේ නැත්නම් ඔවුන් මෙසේ කියනු ඇත: දෙවියන් ඔබව ආරක‍්ෂා කරන්නේවත් නැත. දැන්, ඔහු ලබා දෙන ආරක‍්ෂාව කුමක්ද කියා ඔබත් දන්නවා. සෑම කෙනෙක්ම, තම තමන්ගේ කර්ම ගිණුම් පියැවිය යුතුයි. තම භෞතික සෞඛ්‍යය අයහපත් වන විට අපව ආරක‍්ෂා කරන්න! කියා කියන බොහෝ දෙනෙක් සිටියි. පියා පවසන්නේ : මා පැමිණෙන්නේ අපවිත්‍ර අයව පිවිතුරු කිරීමටයි. ඔබත් මෙම ව්‍යාපාරය ඉගෙන ගත යුතුයි. පියා ඔබට අවගුණ පහ පරාජය කිරීමට මඟ පාදයි. එවිට ඒවා, ඊටත් වඩා වැඩි බලයකින් ඔබට විරුද්ධ වෙයි. අවගුණ කුණාටු, විශාල බලයකින් පහර දෙයි. පියා පවසන්නේ : ඔබ පියාට අයත් වන විට, ඒ සියලු රෝග පිට දායි. විශාල බලයකින් කුණාටු පැමිණෙයි. එය සැබෑ මල්ලව පොරයක්. හොඳ, ශක්තිමත් මල්ලවයන්වත් ඔවුන් පරාජය කරයි. ඔවුන් කියන්නේ: එය සිදුවනවාට අපගේ කැමැත්තක් නොමැති වුවත්, අපගේ ද්‍රිෂ්ඨිය දූෂිත වනවා. වාර්ථාව කිලිටි වනවා. අපවිත්‍ර ද්‍රිෂ්ඨියක් ඇති අය සමඟ ඔබ කතා නොකළ යුතුයි. අපවිත්‍ර ද්‍රිෂ්ඨියක් ඇති බොහෝ දෙනෙක් සිටින බව, බාබා සියලුම මධ්‍යස්ථාන වල දරුවන්ට විස්තර කර දෙනවා. බාබා ඔවුන්ගේ නම් සඳහන් කළේ නම්, ඔවුන් ඊටත් වඩා විශාල ද්‍රෝහීන් වෙයි. තමන්ගේම සත්‍යය විනාශ කරන අය, වැරදි ක්‍රියා සිදු කිරීමේ නියැලෙයි. රාගය නමැති අවගුණය, ඔවුන්ව නාසයෙන්ම ඩැහැගනී. මායා අත් නොහරියි. අපවිත්‍ර ක්‍රියා, අපවිත්‍ර ද්‍රිෂ්ඨිය, අපවිත්‍ර වචන මතු වී, ක්‍රියාවන් අපවිත්‍ර වෙයි. එබැවින් ඔබ බොහෝ ප්‍රවේසම් විය යුතුයි. ඔය දරුවන් ප්‍රදර්ශන ආදිය පවත්වන විට, ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහා ගැනීමට හැකි එවන් ක්‍රමවේදයක් සකස් කර ගන්න. ගීතාවේ මෙම දැනුම, පරමාත්ම පියාම උගන්වයි. මෙය කිසිම ආගමික ග්‍රන්ථයක කාරණයක් නොවෙයි. මෙය අධ්‍යයනයක්. ගීතා පොත, මෙහිදී භාවිත නොකරයි; මෙහි උගන්වන්නේ පරමාත්ම පියාය. ඔහු කිසිම පොතක් පතක් ඔහුගේ අතට ගන්නේ නැත. ‘ගීතාව‘ යන නම ආවේ කොහෙන්ද? ඒ සෑම ආගමික ග්‍රන්ථයක්ම නිර්මාණය වුණේ පසු කලෙකයි. බොහෝ නිකායන් සහ ආගම් තිබේ. ඒ සෑම එකකට එයටම වෙන් වූ ආගමික ග්‍රන්ථයක්ද තිබේ. කුමන අතු, රිකිලි, කුඩා නිකායන් සහ ආගම් පැවතෙන්නේද, ඔවුන් සෑම කෙනෙකුටම ඔවුන්ගේම ආගමික ග්‍රන්ථ ආදිය තිබේ. එබැවින් ඔවුන් සැවොම දරුවන්ය. ඒවාගෙන් විමුක්තිය ලබා ගත නොහැක. සියලුම ආගමික ග්‍රන්ථ වලින් ශ්‍රේෂ්ඨතම මාණික්‍යය වශයෙන් සිහි කෙරෙන්නේ ගීතාවයි. ගීතාවේ දැනුම කියා දෙන අයද සිටියි, එසේ නොවේද? කෙසේවෙතත්, පැමිණ, මෙම දැනුම ලබා දෙන්නේ පරමාත්ම පියා පමණයි. ඔහුගේ දෑත්වල ඔහු කිසිම පතක් පොතක් තබා ගන්නේ නැත. මා ආගමික ග්‍රන්ථ හදාරා නොමැති අතර, මා ඔබට ඒවා කියා දෙන්නේද නැත. ඒ මිනිසුන් ඒවා හදාරා, ඉන්පසුව වෙනත් අයට කියා දෙයි. මෙහි තිබෙන්නේ, ආගමික පත පොත පිළිබඳ කාරණාවක් නොවෙයි. දැනුමින් සපිරි ඒකායන කෙනා, නිසැකයෙන්ම පරමාත්ම පියාය. මා ඔබට සියලුම වේද සහ ග්‍රන්ථ වල සාරය පෙන්වා දෙමි. ප්‍රධානතම ඒවා වන්නේ, ආගම් හතරට අයත්, ආගමික ග්‍රන්ථ සතරය. බ්‍රහ්මිණ් ආගමට අයත් ග්‍රන්ථයක් තිබේද? වටහා ගත යුතු බොහෝ දේවල් තිබේ. පියා මෙතැන අසුන් ගෙන, මේ සෑම දෙයක්ම විස්තරාත්මකව කියා දෙයි. මනුෂ්‍යයින්ට එතරම් ගල් බුද්ධි ඇති නිසයි, ඔවුන් දුගීභාවයට පත්ව සිටින්නේ. දේවතාවන් සිටියේ ස්වර්ණමය යුගයේය, එහි මාලිගා ගොඩනඟා තිබුණේ රත්තරං වලින් වන අතර රන් ආකර තිබුණි. දැන් සැබෑ රත්තරං නොමැත. මුළු කතා පුවතම පදනම් වී තිබෙන්නේ භාරතය පිළිබඳවයි. දේවතාවන් වූ ඔබට දිව්‍යමය බුද්ධි තිබුණි ඔබ මුළු ලොවම පාලනය කළා. ඔබට දැන් සිහි වී තිබේ: අප දිව්‍යලෝකයේ අධිපතියන් වූහ; අපි දැන් අපායේ අධිපතියන් වී සිටියි. ඉන්පසුව දිව්‍යමය බුද්ධි ඇති අය බවට අප පත් වනවා. මෙම දැනුම ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. ඉන්පසුව ඔබ එය අන් අයට විස්තර කළ යුතුයි. ඔබගේ චරිත කොටස්, නාටකයට අනුව අඛණ්ඩව සිදුවෙයි. කොතෙක් කාලය ගත වුවත්, නිවැරදි උත්සාහ දැරීමට ඔබ පෙලඹෙයි. අපව දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත් කිරීම සඳහා, පරමාත්ම දෙවියන්ම අපට උත්සාහ දැරීමට පොළඹවනවා, යන කුල්මත්භාවය ඇති දරුවන් ගේ මුහුණු, පළමු පංතියේ තිබෙන අතර, සතුටින් කාන්තිය විහිදුවයි. පියාද පැමිණෙන්නේ ඔබගේ ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා ඔය දරුවන්ගේ උත්සාහය දිරිමත් කරවීමටයි. මෙය දන්නේ ඔය දරුවන් පමණයි. ලොවෙහි වෙන කිසිවෙක් එය නොදනී. පරමාත්ම දෙවියන් උත්සාහ දැරීමට ඔබව පොලඹවන්නේ, ඔබව දිව්‍යලෝකයේ පාලකයන් කරවීමටයි. එබැවින් ඔබ සතුටට පත් විය යුතුයි. ඔබගේ මුහුණු, සතුට විහිදුවන, සැබවින්ම පළමු පෙළේ විය යුතුයි. පියාගේ සිහි කිරීමෙන්, ඔබ නිරතුරුවම ප්‍රබෝදමත්ව සිටීවි. ඔබ මැලවෙන්නේ පියාව අමතක කිරීමෙන් පමණයි. පියා සහ උරුමය සිහිකිරීමෙන් ඔබ සතුට විහිදුවන අය බවට පත් වෙයි. ඔහු හෝ ඇය කරන සේවය තුළින්, ඔබට එක් එක් අයව වටහා ගත හැක. පියාට දරුවන්ගේ සුගන්ධය ලැබෙයි, එසේ නේද? වටිනා දරුවන්ගෙන් සුගන්ධයක්ද, නොවටිනා දරුවන්ගෙන් දුර්ගන්ධයක් ද ඇති වෙයි. මල් උයනකින්, ඔබ නෙළන්නට කැමති වන්නේ සුවඳ මල් පමණයි. දුගඳ මල් නෙළන්නේ කවුද? පියාව නිවැරදිව සිහිපත් කිරීමෙන් පමණයි, ඔබගේ පාපයන් දුරු වන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මායාගේ මල්ලව පොරයෙන් පරාජය නොවන්න. ඔබගේ මුවින් අපවිත්‍ර වදන් මතු නොවන ලෙසට අවධානයෙන් සිටින්න. කිසිම විටෙක අපවිත්‍ර ද්‍රිෂ්ඨියක්, අපවිත්‍ර ක්‍රියා හෝ අපවිත්‍ර හැසිරීමක් සිදු නොකරන්න.

2. පළමු පෙළේ සුවඳ මලක් වන්න. දෙවියන්ම ඔබට උගන්වනවා, යන කුල්මත්භාවය ඇති කරගන්න. පියාගේ සිහි කිරීමේ සිට, ප්‍රබෝදමත්ව රැඳී සිටින්න. කිසිම විටෙක මැලවෙන්න එපා.

වරදානය:
ඔබගේ අභියෝගය සහ ප්‍රායෝගික ජීවිතය සමාන වීමෙන් ඔබ තමන්ව පාපයෙන් ආරක්ෂිතව තබාගෙන ඒ අනුව ලෝක සේවාධාරියෙක් වේවා.

ඔය දරුවන් නිකුත් කරන අභියෝගය සහ ඔබගේ ප්‍රායෝගික ජීවිතය අතර සමාන බවක් තිබිය යුතුයි. එසේ නැත්නම් පුණ්‍යාත්මයක් වනවා වෙනුවට ඔබ බරක් උසුලා සිටින ජීවාත්මයක් වෙයි. පාප සහ පුණ්‍යකර්ම පිළිබද දර්ශනවාදය වටහාගෙන තමන්ව ආරක්ෂිතව තබා ගන්න, මන්ද, ඕනෑම අන්දමක දුර්වලතාවයක්, ඔබගේ සිතිවිලි වල හෝ නිෂ්ඵල වදන් තුළින්, නිෂ්ඵල චේතනා හෝ නොරිස්සුමේ හෝ ඊර්ෂ්‍යාවේ හැගීම් තිබීමෙන් ඔබගේ පාප ගිණුම වැඩි වෙයි. එබැවින් “ඔබ පුණ්‍යාත්මයක් වේවා” යන ආශිර්වාදයෙන් තමන්ව ආරක්ෂිතව තබාගෙන ලෝක සේවාධාරියෙක් වන්න. එක් උපදෙසක් සහ ස්ථාවර මනෝ ස්ථිතියක් තිබීමේ අත්දැකීම සාමූහිකව ලබා දෙන්න.

පාඨය:
ඔබ සෑම තැනකම පාරිශුද්ධත්වයේ පහන දල්වන විට, සියලු දෙනාට පහසුවෙන් පරම පියාව දැක ගැනීමට හැකි වෙයි.

හුදකලාවට ප්‍රිය කර, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.

හෙළිදරව්වේ ධජය එසවීමට පෙර, පළමුවෙන් ඕනෑම ක්‍රියාවක් සිදු කිරීමට පෙර, එක දෙයක් ප්‍රායෝගික කරගන්න. ඔබගේ සියලු නෑ සබදතා තුළ එකමුතුකම පවත්වාගන්න. බොහෝ සංස්කාර තිබෙන අතර, විවිධත්වය තුළ සමගිය සහ අධිෂ්ඨානය තිබීම යනු සාර්ථකත්වයේ මගයි. විටෙක ඔබගේ සමගිය චංචල වෙයි: “මේ කෙනා මෙය කළොත් එවිට මා මෙය කරන්නම්.” නැහැ, ඔබගේ පාඨය වන්නේ: ස්ව පරිවර්ථනය තුළින් ලෝක පරිවර්ථනයයි. එය ලෝක පරිවර්ථනය තුළින් ස්ව-පරිවර්ථනය නොවෙයි.