13.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සමාජ තත්ත්වයකට පදනම වන්නේ ඔබගේ අධ්‍යාපන මට්ටමයි. පැරණි බැතිමතුන් හොඳින් ඉගෙනගෙන හොඳ තත්ත්වයක් දිනා ගනීවි.

ප්‍රශ්නය:
පරමාත්ම පියාගේ සිහියේ සිටිනා අයගේ සලකුණු මොනවාද?

පිළිතුර:
එම ස්මරණයේ සිටිනා අයගේ ලස්සන ගුණධර්ම තිබෙනවා. ඔවුන් නිරතුරුවම පාරිශුද්ධත්වයටත් රාජකීයත්වයටත් පත්වෙනවා. ඔවුන් මිහිරි වන අතර එකිනෙකා සමඟ කිරියි පැණියි සේ ජීවත් වෙනවා. ඔවුන් තමන් දෙස මිසක් අන් අය දෙස බලන්නේ නැහැ. තමන් කරනා දෙයෙහි ඵලය තමන්ට විඳීමට සිදු වෙනවාය යන්න ඔවුන්ගේ සිහියේ තිබෙනවා.

ඕම් ශාන්ති.
භාරතීය ආදී සනාතන දේවී දේවතා ධර්මයේ ග්‍රන්ථය වන්නේ ගීතාව බව ඔය දරුවන්ට පහදා දී තිබෙනවා. කෙසේවෙතත්, ගීතාව කිව්වේ කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මේවා ඥාන කරුණුයි. නමුත් හෝලි වැනි උත්සව ආදී කිසිවක් මෙතැනට අදාල දේ නොවෙයි. ඒ සියල්ල භක්ති මාර්ගයේ උත්සවයි. අපි සමරණ එකම උත්සවය ත්‍රිමූර්ති ශිව් ජයන්තියයි. ශිව් ජයන්තිය කියා පමණක් කිසි විටෙක කියන්න එපා. ත්‍රිමූර්ති කියා කිව්වේ නැතිනම් මිනිසුන්ට තේරුම් ගන්න බැහැ. දේවතා ආධිපත්‍යය ඔබගේ ජන්ම අයිතියයි යන්න ත්‍රිමූර්ති පින්තූරය යටින් ලියා දැක්විය යුතුයි. පරමාත්ම ශිවා පරමාත්ම පියා වේ. ඔහු අනිවාර්යෙන්ම පැමිණ අපව දිව්‍යලෝකයේ පාලකවරුන් බවට පත් කරවාලයි. ඔබ රාජයෝගාව ඉගෙනගෙන ලොව පාලකවරුන් බවට පත් වුණා. පින්තූර වල ඉතාමත් හොඳ ඥාන සම්භාරයක් තිබෙනවා. ඇස ගැටුණු සැනකින්ම මිනිසුන්ව පුදුම කරවන ආකාරයේ පින්තූර ඔබ නිර්මාණය කළ යුතුයි. ඉතාමත් හොඳින් භක්තියේ නිරතව සිටි අය හොඳින් ඥානය ගනීවි. නමුත් අඩු භක්තියක් කර ඇති අය ගන්නේ අඩු ඥානයකුයි ඒ වගේම ඔවුන් ලබන තත්ත්වය ද පහළ තත්ත්වයකි. දැසි දාසයනුත් එක් එක් මට්ටම් වල අය සිටිනවා. සියල්ල රඳා පවතින්නේ මෙම ඉගෙනුම මතයි. මේ සෑම කරුණක්ම සම්බන්ධයෙන් ඉතාමත් හොඳින් බුද්ධිමත්ව කතා කළ හැක්කේ ඔබ අතුරින් ඉතාමත් සුළු පිරිසකට පමණයි. හොඳ දරුවන් කරන කියන දේත් හොඳ වේවි. ඔවුන් තුළ ලස්සන ගතිගුණත් තිබෙනවා. ඔබ පරමාත්ම පියාව සිහිකළ තරමට, පාරිශුද්ධ වී ඔබගේ හැසිරීමත් ඉතාමත් රාජකීය හැසිරීමක් වේවි. ඇතැම් අවස්ථා වලදී ශුද්‍රයින්ගේ හැසිරීම වඩාත් හොඳ හැසිරීම් රටාවක් වුවත් ඇතැම් බ්‍රහමිණ්වරුන් දෙස බලනා විට ඔවුන්ගේ හැසිරීම ගැන කතා කරන්නවත් වටින්නේ නැහැ. ඔබගේ හැසිරීම - ඇත්තටම මේ අයට උගන්වන්නේ දෙවියන්මද? - කියා අන් අයට ඇසීමට සිදුවන ආකාරයේ හැසිරීමක් නොවිය යුතුයි. ඔබ ඉතාමත් මිහිරිව කිරි පැණි සේ සිටිය යුතුයි. ඔබ කරනා සෑම දෙයකටම යම් ඵලයක් විඳීමට සිදු වෙනවා. කිසිවක් නොකරනා අය කිසිවක් ලබන්නේත් නැහැ. පරමාත්ම පියා නිතරම ඉතාමත් හොඳින් සියල්ල පහදා දෙනවා. පළමුවෙන්ම, අසීමිත පියාගේ හැඳින්වීම අඛණ්ඩවම ලබා දෙන්න. ත්‍රිමූර්ති පින්තූරය ඉතාමත් හොඳයි. කල්ප චක්‍රය පෙන්වන පින්තූරයේ දිව්‍ය ලෝකයත් අපායත් යන දෙපැත්ත ඉතාමත් පැහැදිලිව පෙන්වා තිබෙනවා. ධනවත්ම අය ලෙස සිටි අය දැන් දුප්පත්ම අය බවට පත් වෙලා. මූලාරම්භයේ පටන් සිටි අය විශාලම ජනගහනය බවට පත්විය යුතුව තිබුණත් හින්දුවරුන් බොහෝමයක් වෙනත් වෙනත් ආගම් වලට මාරු වී ගොස් තිබෙනවා. තමන්ගේ ධර්මය කුමක්දැයි කියා ඔවුන් නොදන්නා නිසා වෙනත් ආගම් වලට හැරිලා. නැතිනම්, තමන් හින්දු ආගමට අයිති අයයි කියා නිකම් කියනවා. තමන්ගේම ධර්මය ගැනවත් ඔවුන්ට කිසිවක් අවබෝධ වී නැහැ. මිනිස්සු පරමාත්ම දෙවියන්ට කන්නලව් කර සාමය දානය කරන්නාණනි කියා කිව්වත්, සාමය යන්නෙහි අරුත ඔවුන් දන්නේ නැහැ. මිනිස්සු නිතර නිතර සාම ත්‍යාග ලබනවා. ලෝකයේ සාමය ස්ථාපනය කිරීම සඳහා උපකරණ වී සිටිනා ඔය දරුවන්ට පරමාත්ම පියා ලෝක රාජ්‍යයම තෑගි කරනවා. මෙම ත්‍යාගය ඔබට ලැබෙන්නේ ඔබ විසින් දරණා උත්සාහයේ තරමටයි. එය ඔබට පිරිනමන්නේ පරමාත්ම දෙවි පියාමයි. හරිම උතුම් ත්‍යාගයක්. ඒ, ලෝකයේ සූර්ය වාංශික රාජ්‍යයයි. ලෝකයේ ඉතිහාසය හා භූගෝලයත් සියලුම කුල හා වංශත් දැන් ඔය දරුවන්ගේ සිහියේ තිබෙනවා. ලෝක රාජ්‍යය දිනා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ විසින් යම් උත්සාහයක් දැරිය යුතුයි. මෙම කරුණු ඉතාමත් පහසුයි. ගුරුවරයා විසින් ඔබට දෙනු ලබන සෑම ක්‍රියාවක්ම ඔබ කළ යුතුයි. එවිට සම්පූර්ණ දැනුම ඇත්තේ කොයි දරුවාටද කියා බාබා දකිනවා. ඇතැම් දරුවන් මුරලියටවත් අවධානය යොමු කරන්නේ නැහැ ඔවුන් මුරලිය නිතිපතා හදාරන්නේ නැහැ. මුරලිය හදාරන්නේ නැති අයෙක් අන් අයට යහපත සලසන්නේ කෙසේද? අන් අයට යහපතක් නොකරන දරුවන් රාශියක් සිටිනවා ඔවුන් තමන්ට යහපතක් කරගන්නේත් නැහැ අන් අයට යහපතක් කරන්නේත් නැහැ. මෙන්න මේ නිසා තමයි ඔවුන් අශ්වාරෝහක හෝ පාබල සේනාව කියා හඳුන්වන්නේ. ඇතැම් අය මහා වීරයින්. ඉතින් මහාවීරයින් කවුදැයි කියා ඔබට තේරුම්ගත හැකිද? ඇතැම් දරුවන් අශ්වාරෝහකයින් වන නිසා ඔවුන් කියනවා බාබා, ගුල්සා, කුමාර්කා හෝ මනෝහාර් මහාරාතීන්, ඔවුන්ව අපට එවන්න. සියලුම දරුවන් ගැන පියා ඉතාමත් හොඳින් දන්නවා. ඇතැම් අයට අපල කාල උදාවෙනවා. ඇතැම් විට ඉතාමත් හොඳ දරුවන් පවා මායාගේ කුණාටු පහර වැදී කිසිම අරමුණකින් තොරව එහේ මෙහේ දඟලමින් සිටිනා අය බවට පත් වෙනවා. ඔවුන් තවදුරටත් ඥානයට අවධානය යොමු කරන්නේ නැහැ. එක් එක් අය කරනා සේවා කාර්යයන් වලින් බාබාට මෙය තේරුම් ගත හැකියි. සේවය කරනා අය තම තොරතුරු බාබාට නිතරම දෙනවා. ගීතාවේ දෙවියන් ඔබව ලෝක පාලකවරුන් බවට පත් කරවනවාය කියා ඔය දරුවන් දන්නවා. ගීතාව කියවීමෙන් රුපියල් සිය දහස් ගණන් උපයනා අය සිටිනවා. දිව්‍යමය පිරිසක් බවට පත්වන ඔබලා දැන් බ්‍රහමිණ් සමාජයේ අයයි. සෑම කෙනෙක්ම තමන් දේව දරුවෙක් කියා සලකනවා. කෙසේවෙතත්, ඔවුන් මම තමයි දෙවියන් කියාත් කියනවා. තම තමන්ගේ හිතට ඇතුළු වන ඕනෑම දෙයක් ඔවුන් කිය කියා සිටිනවා. භක්ති මාර්ගයේ අය පත්ව සිටින්නේ කොයි ආකාරයේ තත්ත්වයකටද? මෙම ලෝකය කලි යුග අපිරිසිඳු ලෝකයක්. මෙම පින්තූරයෙන් ඔබට මෙය ඉතාමත් හොඳින් පැහැදිලි කළ හැකියි. මෙම ඥානයත් සමඟ ඔබට දිව්‍යමය ගුණධර්මත් අවශ්‍ය වෙනවා. ඇතුලතත් පිටතත් අවංකභාවය තිබිය යුතුයි. මිත්‍යාවන් බවට පත්ව සිටිනා ජීවාත්ම සත්තාවන්ව සත්‍ය පරමාත්ම පියා පැමිණ සත්‍ය අය බවට පත් කරවනවා. දෙව්ලොව වැසියන් බවට ඔබව පත් කරවන්නේ පරමාත්ම පියා පමණයි. දිව්‍යමය ගුණධර්ම උකහා ගැනීමට ඔහු ඔබව උනන්දු කරවනවා. තමන් ලක්ෂ්මී හා නාරායන් සේ ගුණවත් අය බවට පත් වෙමින් සිටිනා බව ඔය දරුවන් දන්නවා. තමා තුළ කුමන හෝ ආකාරයක යක්ෂ ගති ලක්ෂණ තිබෙනවාදැයි කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න. ඉදිරියට යමින් සිටිනා අතර මායා ඔබව පහළට ඇද වැටෙන්න කම්මුල් පහර දෙනවා. ඔබට මෙම ගියාන් හා විග්‍යාන්, හෝලි (යක්ෂයින් පිළිස්සීම) හා ධූර්යාව (දෙවියන්ගේ ආශ්‍රයෙන් වර්ණවත් වීම) වේ. ඒ පුද්ගලයින් හෝලිය හා ධූර්යාව සැමරුවත් කිසිම කෙනෙක් ඒවායේ අර්ථය දන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් එය ඔබව උසස් කරවනා ගියාන් හා විග්‍යාන් වේ. බලන්න ඔවුන් කරනා දේවල් දෙස. මෙම ලෝකය අන්ත අපායක් වන නිසා ඔවුන් දුහුවිලි කුඩු ඉසිනවා. නව ලෝකය ස්ථාපනය කර පැරණි ලොව විනාශ කිරීමේ කාර්යය දැන් සිදුවෙමින් පවතිනවා. ගැඹුරු මඩ වගුරකටම ඇද වැටෙන්න සිදුවන තරමට මායා දෙවියන්ගේ දරුවන්ට හොඳටම පහර දෙනවා. පසුව ඉන් ඔවුන්ව ඉවතට ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වෙනවා. ආශීර්වාද කියා දෙයක් මෙහි නැහැ. නැවතත් මෙම මාවතේ ගමන් කිරීම ඔවුන්ට අපහසු දෙයක් වෙනවා. මෙන්න මේ නිසා තමයි ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුත්තේ. මායාගේ ඕනෑම ප්‍රහාරයකින් බේරී සිටීමට නම්, කිසිම විටෙක ශාරීරික අවධානයේ පැටලෙන්න එපා සැම විටම ප්‍රවේසමින් සිටින්න. ඔබ සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන්. සහෝදරියන් ඔබට කියා දෙන්නේ බාබා ඔවුන්ට කියා දුන් ඒවායි. එමනිසා, එය පරමාත්ම පියාගේ උදාරත්වයයි, සහෝදරියන්ගේ නොවෙයි. බ්‍රහ්මාගේ උසස් බව කියාවත් කියන්න බැහැ. ඔහුත් මෙය ඉගෙන ගත්තේ උත්සාහයක් දරලායි. ඔහු ඉතාමත් හොඳ උත්සාහයක් දැරුවා. ඔහු තමාට යහපත කරගෙන දැන් ඔබටත් යහපතක් කර ගැනීමට ඔබට උගන්වනවා. අද හෝලී දවසයි, ඉතින් එමනිසා ඔබට හෝලිය පිළිබඳ දැනුවත් කිරීමක් තමයි මේ. ගියාන් හා විග්‍යාන් කියා දෙකක් තිබෙනවා. අධ්‍යයනය ඥානයයි. විග්‍යාන් කුමක්ද? කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. විග්‍යාන් ගියාන් වලට වඩා ඔබ්බෙන් තිබෙන්නක්. ප්‍රතිලාභයක් ලබාගත හැකි ආකාරයේ ඥානයක් ඔබ ලබන්නේ මෙහිදීයි. එය නිහඬ දේශයයි. තමන්ගේ චරිත කොටස රඟපා පැමිණ දැන් ඔබ වෙහෙසට පත්වෙලා. එමනිසා, ඔබට නිහඬ ලොවට යාමට අවශ්‍යයි. කල්ප චක්‍රය පිළිබඳ ඥානය දැන් ඔබගේ සිහියේ තිබෙනවා. ඔබ දැන් දිව්‍ය ලෝකය වෙත යාමටයි සිටින්නේ. පසුව උපත් 84 ක් ගෙන එමින් සිටි අතර ඔබ අපායට ඇතුළු වෙලා. නැවතත් ඒ තත්ත්වය ඔබ ලබාවි. මෙය නොනවත්වාම සිදුවෙනවා. කිසිම කෙනෙක්ව මින් මිදවිය නොහැකියි. ඇතැම් අය අහනවා ඇයි නාටකය නිර්මාණය වුණේ? අහා, මෙම පැරණි ලෝකයත් නව ලෝකයත් පිළිබඳ වූ මෙම නාටකය සදාකාලිකවම තීරණය වූවක්. කල්ප රුක පෙන්වන පින්තූරයෙන් මෙය පැහැදිලි කිරීම ඉතාමත් පහසුයි. ප්‍රධානම දෙය නම් පරමාත්ම පියාව සිහි කර පාරිශුද්ධ වීමයි. තවදුරටත් ඉදිරියට යන විට මෙම වංශයට අයිති අය කවුරුන්දැයි කියා ඔබට දැනගත හැකි වේවි. අන් ආගම් වලට හැරුණු අයත් නැවත මතු වී ඒවි. ඔවුන් මෙහි පැමිණි විට මිනිස්සු පුදුමයට පත් වේවි. ශාරීරික අවධානය අතහැර දමා ජීව අවධානයට පත් වන්නැයි කියා සැමටම කියන්න. විශාල ආදායමක් ඉපැයිය හැකි මෙම අධ්‍යයනය ඉතාමත් උසස් උත්සවයක්. විවිධ උත්සව සමරමින් මිනිස්සු විශාල ධනස්කන්ධයක් අපතේ හරිනවා. මහා විශාල සටන් ඇති වෙනවා. දේශීය ආණ්ඩුව අතරම විවිධ ගැටුම් උද්ගත වෙනවා. කවුරු හෝ කෙනෙක් ඝාතනය කිරීමට අල්ලස් පවා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. එවන් උදාහරණ ගණනාවක් තිබෙනවා. ස්වර්ණමය යුගයේ කිසිම කලබලයක් නැති බවත් රාවන්ගේ රාජ්‍යයේ විවිධාකාර කලබල ඇතිවන බවත් ඔය දරුවන් දැන් දන්නවා. දැන් මේ වන විට සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් වෙලා. විවිධ මත නිසා විවිධාකාර ගැටුම් ඇති වෙමින් පවතිනවා. එමනිසා, පියා පැහැදිලි කර කියනවා දිගටම මෙම පැරණි ලෝකය අමතක කර දමන්න. හුදෙකලාව නිවහන සිහි කරන්න. සතුටු දේශය සිහි කරන්න. ඕනෑවට වඩා අන් අයට කතා කරන්න එපා. නැතිනම්, ඔබට පාඩු විඳීමට සිදු වේවි. ලොකු සෙනෙහසකින් සෙමින් නිහඬව කතා කිරීම වඩාත් හොඳයි. වැඩිපුර කතා කිරීම එතරම් හොඳ නැහැ. නිහඬව සිටීම වඩාත් හොඳයි. ඔය දරුවන් ජය ලබන්නේ නිහඬතාවයෙනුයි. එකම එක පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට ආදරය කරන්න එපා. තමුන්ට අවශ්‍ය තරම් ධනයක් පියාගෙන් හිමි කර ගන්න. භෞතික පියෙකුගේ බූදලයට මහා විශාල ගැටුම් ඇති වේවි. එහි කිසිම ගැටුමක් නැහැ. ඉගෙන ගෙන අවශ්‍ය තරමේ ප්‍රමාණයක් ගැනීමට ඔබට හැකියි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සත්‍ය පියා ඔබව සත්‍ය කරවීමට පැමිණ සිටිනවා. මෙන්න මේ නිසා තමයි ඔබ අවංකව ඉදිරියට යා යුත්තේ. තමාව පරීක්ෂා කර බලන්න: මා තුළ කුමන හෝ ආකාරයක යක්ෂ ගතියක් තිබෙනවාද ? මම ඕනෑවට වැඩියෙන් කතා කරනවාද? ඉතාමත් මිහිරි අයෙක් වී මහත් සෙනෙහසකින් මෘදු ලෙස කතා කරන්න.

2. මුරලියට පූර්ණ අවධානය යොමු කරන්න. නිතිපතා විධිමත්ව මුරලිය හදාරන්න. තමාටත් අන් අයටත් යහපත සලසන්න. ගුරුවරයා විසින් ඔබට දෙනු ලබන සෑම කාර්යයක්ම ඉෂ්ඨ කරන්න.

වරදානය:
ඔබ දැඩි උත්සාහයක යෙදෙන්නෙකු වී "හෝලි" යන වචනයේ තේරුම ඔබේ ජීවිතයට ඇතුළත් කර ගනිමින් ඔබේ උත්සාහයේ වේගය වැඩි කර ගනිත්වා.

හෝලි යන්නෙන් අදහස් කරන්නේ සිදු වූ සහ සිදු වූ ඕනෑම දෙයක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමයි. අතීතය අතීතයට ඉඩ දී ඉදිරියට යාම හෝලි සැමරීමයි. දැනටමත් සිදුවී ඇති ඕනෑම දෙයක් ඉතා පැරණි, අතීත ජන්මයක් ලෙස අත්විඳින්න. ඔබට එවැනි අවදියක් ඇති විට, ඔබේ උත්සාහයේ වේගය එවිට වේගවත් වනු ඇත. එමනිසා, ඔබ හෝ අන් අයගේ අතීතය ගැන කිසි විටෙකත් නොසිතන්න; ඒවා හදවතේ තබාගැනීම හෝ ඒ ගැන කතා කරන්නවත් එපා. ඔබට දැඩි උත්සාහයක් දරන්නෙකු වීමට හැකි වන්නේ එවිටය.

පාඨය:
ආදරය සිහිකිරිමේ පහසු මාර්ගයයි. එමනිසා, නිරන්තරයෙන් ආදරණීය වී අන් අයව ද ආදරණීය කරවන්න.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.

ඔබට බොහෝ ඉතා හොද ක්‍රමවේද තිබෙන අතර මෙම දැනුමේ සියලුම ගැඹුරු කරුණු පැහැදිලි කිරීමට ඔබට විස්තර කිරීම්ද තිබේ. සෑම කරුණක්ම තාර්කික අන්දමකින් පැහැදිලි කළ හැක. ඔබට තමන්ගේම අධිකාරිත්වය තිබේ. මේවා ඔබගේ මනසේ දේවල් හෝ ඔබගේ හිතළු නොවෙයි. මේවා සැබෑය. ඒවා ඔබගේ අත්දැකීම්ය. ඔබ, අත්දැකීම් වල අධිකාරියෙකි, මෙම දැනුමේ අධිකාරියෙකි, සත්‍යයේ අධිකාරියෙක්. ඔබ බොහෝ අධිකාරිත්වයන්ය. එබැවින් ඔබගේ අධිකාරිත්වය සහ ඔබගේ සෙනෙහස එකට භාවිතා කරන්න.

මතේශ්වරීජීගේ අමිල ශ්‍රේෂ්ඨ වදන්.

බන්දන වල සිටින අදෘෂ්‍යමාන ගෝපිකාවන්ගේ ප්‍රශංසාව තිබේ.

ගීතය: ඔබව නොදැක වුවද, මා ඔබට සෙනෙහස පාමි, නිවසේ සිටින අතර මා ඔබ සිහි කරමි.

මෙම ගීතය ගායනා කරන්නේ බන්දනයක සිටින කුල්මත් වූ ගෝපිකාවක් විසිනි. මෙය සෑම කල්පයකම අසහාය නාටකයයි. එම ඒකායන කෙනාව නොදැක වුවත් ඔවුන් ඔහුට ආදරය කරයි. පෙර කල්පයේ කොටස ඒ ආකාරයෙන්ම නැවතත් රඟදැක්වීම ගැන, අසරණ ලෝකයා දන්නේ මොනවාද! එම ගෝපිකාව ඇගේ නිවස හා පවුල හැර නොගියද, සිහි කිරීම තිබීමෙන් ඇය ඇගේ කර්ම ගිණුම් පියවනවා. එබැවින් විශාල සතුටකින් පැද්දෙමින් ඇය බොහෝ කුල්මත් බවින් ගායනා කරනවා ඇති. එබැවින් එය තම නිවස හෝ පවුලේ අය හැර යාම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. නිවසේ අසුන්ගෙන සිටින අතර, එම ඒකායන කෙනාව නොදැක, එම සතුටේ හිඳිමින් ඔබ සේවය කළ යුතුයි. ඔබ කළ යුත්තේ කුමන සේවයක්ද? පිවිතුරු වීමේ සහ අන් අයව පිවිතුරු කරවීමේ සේවය. ඔබ සෑම කෙනෙකුටම දැන් තෙවැනි ඇසක් ලැබී තිබේ. මුල සිට අග දක්වා බීජය සහ වෘක‍්ෂයේ රහස, ඔබගේ ද්‍රිෂ්ඨිය තුළ තිබේ. එබැවින් මෙම ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය වන්නේ, මෙම දැනුම තුළින් උපත් 21 කට ඔබගේ මහා භාග්‍යය ඔබ නිර්මාණය කර ගැනීමය. ඔබට පාපයන් අනුගමනය කිරීමේ, සමාජයේ මත හෝ වංශයේ චාරිත්‍ර වාරිත්‍ර තිබේ නම්, එවිට ඔබට මෙම සේවය කිරීමට නොහැකි වෙයි. මෙය, ඔබගේම දුර්වලතාවයයි. බොහෝ දෙනෙක් සිතන්නේ, බ්‍රහ්මකුමාරීන් ඇවිත් සිටින්නේ පවුල් කඩා කප්පල් කිරීමට කියා, නමුත් මෙහි පවුල් කඩාකප්පල් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. නිවසේ අසුන්ගෙන සිටින අතර ඔබ පිවිතුරු වී සේවය කළ යුතුයි. මෙහි අපහසුතාවයක් නැත. ඔබ පිවිතුරු වූ විට, ඔබ පිවිතුරු ලෝකයට යාමට අයිතියක් හිමි කරගනී. කෙසේවෙතත්, එහි නොයන අය, එදිරිවාදිකමේ තම පෙර චක්‍රයේ චරිත කොටස රඟපානු ඇත. මෙයට කිසිවෙකුට වරදක් කිව නොහැක. අප පරමාත්ම දෙවියන්ගේ කාර්යය දන්නා සේම, නාටකයේ සෑම කෙනෙක්ම, චරිත කොටසක් රඟන බවත් දන්නවා, එබැවින් කිසිදු නොකැමැත්තක් තිබිය නොහැක. එවන් තීව්‍ර උත්සාහ දරණ ගෝපිකාවන්ට තරඟ වැද ජයග්‍රාහී මාලාවේ පැමිණිය හැක. අච්චා.