13.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ලෝකයේ මුල, මැද හා අග පිළිබඳව පරමාත්ම පියාගෙන් ලැබෙන ඥාන සාගරය ඔබලා තම
බුද්ධියේ තබා ගෙන සිටිනා නිසා ඔබලාව ස්වදර්ශන චක්‍රධාරින් කියා හඳුන්වයි.
ප්‍රශ්නය:
ඔය
ජීවාත්මයන්ව පාරිශුද්ධ කරවීමට පරමාත්ම පියා විසින් දෙන එන්නත කුමක්ද?
පිළිතුර:
‘මන්මනභාව්’ ය. ආධ්‍යාත්මික පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම එන්නත දිය
නොහැකියි. පරමාත්ම පියා කියනවා : සුමිහිරි දරුවනි, මා සිහි කරන්න, එපමණයි. මෙම සිහි
කිරීමෙන් පමණයි ජීවාත්මය පාරිශුද්ධ වන්නේ. මේ සඳහා සංස්කෘත ආදිය ඉගෙන ගැනීමට අවශ්‍ය
වන්නේ නැහැ. පරමාත්ම පියා ඔබ අමතන්නේ කෙළින්ම හින්දියෙනුයි. ආධ්‍යාත්මික පියා
පාරිශුද්ධ වීමේ ක්‍රම විධි තමන්ට කියා දෙනවාය යන ශ්‍රද්ධාව ඔබ තුළ ඇති වුණු විට ඔබ
නොනවත්වාම පාප දුරු කර දමාවි.
ඕම් ශාන්ති.
“ඕම් ශාන්ති”
යන්නෙහි අරුත ඔය දරුවන්ට පහදා දී තිබෙනවා. ජීවාත්මය තමාගේම හැඳින්වීම ඉදිරිපත්
කරනවා. මගේ ස්වරූපය සාමය වන අතර මගේ නේවාසික ස්ථානය සාම දේශයයි. උත්තරිතර දනව්ව,
නිර්වාණ දනව්ව කියා හඳුන්වන්නේත් එයයි. පරමාත්ම පියා කියනවා: ශාරිරික අවධානය අතහැර
දමා ජීවාත්ම අවධානයට පත්ව පරමාත්ම පියාව සිහි කරන්න. පාරිශුද්ධකරු ඔහුයි. තම තමන්
ජීවාත්මයක් බවත් තමුන් මෙහි පැමිණ සිටින්නේ චරිත කොටසක් රඟදැක්වීමට බව වත් කිසිම
කෙනෙකුට තේරෙන්නේ නැහැ. නාටකය දැන් අවසානයක් කරා පැමිණෙමින් තිබෙනා අතර අප නිවහන
බලා ආපසු යා යුතුයි. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ: මා සිහි කරන්න ඔබගේ පාප
දුරුවී යයි. සංස්කෘත බසින් මෙය හඳුන්වන්නේ මන්මනාභව කියලයි. පරමාත්ම පියා කිසිවක්
ඔබට සංස්කෘත භාෂාවෙන් කිව්වේ නැහැ. ඔහු පැහැදිලි කරන්නේ හින්දි බසින් පමණයි. රජයටත්
අවශ්‍ය වන්නේ එක් හින්දී බස පමණක් පවත්වා ගැනීමටයි. ඇත්තෙන්ම කියනවා නම් පරමාත්ම
පියාත් පැහැදිලි කළේ හින්දී බසින් පමණයි. කෙසේන්වෙතත්, මේ කාලයේ දී ආගම්, කුල,
නිකාය ගණනාවක් තිබෙනා නිසා භාෂා ගණනාවකුත් නිර්මාණය වී තිබෙනවා. ස්වර්ණමය යුගයේ දී
මෙහිදී තරම් භාෂා ගණනාවක් ඇත්තේ නැහැ. ගුජරාතයේ අයට වෙනම භාෂාවක්. එක් එක් අය ජීවත්
වන ප්‍රදේශයේ හැටියට වෙන වෙනම භාෂා තිබෙනවා. මිනිසුන් ගණනාවක් සිටිනා අතර භාෂා
ගණනාවකුත් තිබෙනවා. ස්වර්ණමය යුගයේ ඇත්තේ එකම එක ධර්මයක් හා එකම එක භාෂාවක් පමණයි.
ඔය දරුවන්ගේ බුද්ධියේ දැන් ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ ඥානය තිබෙනවා. මෙය කිසිම
ග්‍රන්ථයක සඳහන් වී නැහැ. මෙම ඥානය ඇති කිසිම ග්‍රන්ථයක් නැහැ: චක්‍රයේ නිවැරදි කාල
පරාසය ඒවායේ සඳහන් වෙලත් නැහැ. ඒ ගැන දැනුමකුත් එහි නැහැ. එකම එක ලෝකයක් පමණයි
ඇත්තේ. ලෝක චක්‍රය දිගටම කැරකෙනවා. නව ලෝකය පැරණි වෙන අතර පැරණි ලෝකය අලුත් වෙනවා;
ඒ දර්ශන චක්‍රය යනු මෙයයි. මෙම චක්‍රය පිළිබඳ ඥානය තිබෙනා අය ස්වදර්ශන චක්‍රධාරීන්
කියා හඳුන්වනවා. මෙම ලෝක චක්‍රය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි යන ඥානය ජීවාත්මය තුළ
තිබෙනවා. ඔවුන් පසුව ක්‍රිෂ්ණා හා විෂ්ණුව ස්වදර්ශන චක්‍රයක් සමඟ පෙන්වනවා. පරමාත්ම
පියා දැන් පැහැදිලි කරන්නේ. ඔවුන්ට කිසිම දැනුමක් තිබුණේ නැහැ. ලෝකයේ මුල, මැද හා
අග පිළිබඳ වූ දැනුමත් ඔබට දෙන්නේ පරමාත්ම පියා පමණයි. ස්වදර්ශන චක්‍රය මෙයයි. මෙම
චක්‍රය කෙනෙකුගේ බෙල්ල කපා දමනා තරමේ හිංසාකාරි දෙයක් නොවෙයි. ඔවුන් විසින් ලියා
ඇති ඒ සෑම දෙයක්ම බොරුයි. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය දෙන්න
බැහැ. බ්‍රහ්ම, විෂ්ණු හා ශංකර් පවා හඳුන්වන්නේ දේවතාවරුන් කියා නම් මිනිසුන්ට
දෙවියන් යයි කියන්නේ කෙසේද. පරමාත්ම පියා ඔබට රාජයෝගාව උගන්වනවා. පියා තරම්ම
කීර්තියක් දරුවන්ටත් තිබේවි කියා ඔබට කිව නොහැකියි. දරුවන් නැවත උපත් ලබන්නන්ය:
පරමාත්ම පියා නැවත උපත් ලබන්නේ නැත. දරුවන් තම පියාව සිහි කරනවා. ඉහළම ඉහළ කෙනා
පරමාත්ම දෙවියන්ය. ඔහු සදා පාරිශුද්ධයි. දරුවන් පාරිශුද්ධ වී නැවතත් අපිරිසිඳු
වෙනවා. පරමාත්ම පියා සෑම විටම පාරිශුද්ධයි. දරුවන්ට අනිවාර්යයෙන්ම පරමාත්ම පියාගේ
උරුමය අවශ්‍යයි. පළමුවෙන්ම, ඔබට මුක්තියත් පසුව ජීවන මුක්තියත් අවශ්‍යයි. ශාන්ත
දේශය මුක්තිය කියාත් සතුටු දේශය ජීවන මුක්තිය කියාත් හඳුන්වනවා. සෑම කෙනෙක්ම
මුක්තිය ලබන නමුත් මෙම ඥානය හදාරන්නන් පමණයි ජීවන මුක්තිය ලබන්නේ. භාරතය පුරා
සැබවින්ම ජීවන මුක්තිය තිබුණා. අන් සෑම කෙනෙක්ම සිටියේ මුක්ති දේශයේයි. ස්වර්ණමය
යුගයේ තිබුනේ භාරත දේශය පමණයි. එය ලක්ෂ්මි නාරායන රාජ්‍ය වශයෙන් පැවතියා. බාබා
පැහැදිලි කර කියා දී තිබෙනවා: දේවාල වැඩි ප්‍රමාණයක්ම සාදා ඇත්තේ ලක්ෂ්මි
නාරායනටයි. ඒ දේවාල සෑදු බිර්ලා ආදී අය ලක්ෂ්මි හා නාරායන රාජ්‍ය දිනාගත් ආකාරය හෝ
ඔවුන් ඒ රාජ්‍ය කොපමණ කාලයක් පුරා පාලනය කළාද ඉන් පසුව ඔවූන් ගියේ කොහිද කියා කිසිම
දෙයක් ඔවුන් දන්නේ නැහැ. ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. එය බෝණික්කන් වන්දනා කරනවා
වගේයි: එය හඳුන්වන්නේ භක්තිය කියලයි. වන්දනීය අය පසුව වන්දනා කරුවන් වෙනවා. වන්දනීය
වීමත් වන්දනාකරුවෙක් වීමත් අතර විශාල වෙනසක් තිබෙනවා. එයට යම් අර්ථයක් තිබිය
යුතුයි. පාපයේ ගැලෙන්නන් අපිරිසිඳු අයයි කියා කියනවා. කේන්ති ගන්නන් අපිරිසිඳු අයයි
කියා හඳුන්වන්නේ නැහැ. අපිරිසිඳු අය කියන්නේ පාපයේ ගැලෙන්නන්ය. ඔබ මේ කාලයේ දී ඥාන
අමෘතය ලබනවා. ඥාන සාගරය වන්නේ එකම එක පරමාත්ම පියා පමණයි. බාබා පැහැදිලි කර කියා
තිබෙනවා: මෙම භාරතය සතෝප්‍රධාන්ව, ඉතාමත් උසස් දේශයක්ව තිබුණා. නමුත් දැන් එය
තමෝප්‍රධාන් වෙලා. මෙය දැන් ඔබගේ සිහියේ තිබෙනවා. මෙහි අධිරාජ්‍යයක් නැහැ: මිනිසුන්
මත මිනිසුන් විසින් කෙරෙනා පාලනයක් තමයි ඇත්තේ. ස්වර්ණමය යුගයේ සිටින්නේ මිනිසුන්
ඉතාමත් සුලු පිරිසකි. දැන් බොහෝ පිරිසක් සිටිනවා. විනාශය සඳහා සියල්ල සූදානම්
වෙමින් පවතිනවා. දිල්ලිය සුර දේවතාවරුන්ගේ දේශය විය යුතුයි, නමුත් කිසිම කෙනෙක් මෙය
දන්නේ නැහැ. මෙය නව දිල්ලිය කියා ඔවුන් සිතනවා. කවුරු මෙම පැරණි ලෝකය වෙනස් කරාවි
ද? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. කිසිම ග්‍රන්ථයකවත් මෙය සඳහන් වී නැහැ. සියල්ල
පැහැදිලි කරන්නේ එකම එක පරමාත්ම පියායි. ඔය දරුවන් දැන් නව ලෝකය සඳහා සියල්ල
සූදානම් කරගනිමින් සිටිනවා. ඔබ සිප්පි කටුවකින් දියමන්ති බවට පත් වෙමින් සිටිනවා.
භාරතය ඉතාමත් සෞභාග්‍යමත්ව තිබුණා. වෙන කිසිම ධර්මයක් තිබුණේ තැහැ. දැන් අසංඛ්‍ය වූ
ආගම් ගණනාවක් තිබෙනවා. සෑම කෙනෙක්ම දැන් කරුණාවන්ත පරමාත්ම පියාව සිහි කරනවා. ඒ
භාරතය සතුටේ දේශය ලෙසින් තිබුණු බව ඔවුන්ට අමතක වෙලා. භාරතයේ දැන් තත්වය මදක්
බලන්න. එය දෙව්ලොව වශයෙන් තිබුණා. එය පරමාත්ම පියාගේ ජන්ම භූමියයි. එමනිසා, නාටකයට
අනුව ඔහුට ඒ ගැන අනුකම්පාවක් දැනෙනවා. භාරතය පෞරාණික දේශයයි. හරියටම ක්‍රි.පූ. 30
වන සියවසේ දී භාරතය පුරා දෙව්ලොව තිබුණු බවත් වෙන කිසිම දහමක් එහි නොතිබුණු බවත්
සඳහන් වී තිබෙනවා. මෙම භාරතය දැන් මුලුමනින්ම පොළොවටම ඇදගෙන වැටිලා. අපේ භාරත දේශය
තමයි උසස්ම දේශය, එහි නමම දෙව්ලොව-ස්වර්ගය කියා ගීත පවා තිබෙනවා. භාරතයේ කීර්තිය
කිසිම කෙනෙක් දන්නේ නැහැ. භාරතයේ කතාන්දරය ඔබට කියා දෙන්නේ පරමාත්ම පියා පැමිණී
විටම පමණයි. භාරතයේ කතාන්දරය යනු ලෝකයේ කතාවයි. සත්‍යය නාරායනගේ කතාව කියන්නේ
මෙයටයි. හරියටම මීට වසර 5000කට පෙර දී ලක්ෂ්මි නාරායන රාජ්‍යය පැවති බව ඔබට කියා
දෙන්නේ පරමාත්ම පියාම පමණයි. ඔවුන්ගේ පිළිම තවමත් තිබෙනවා, නමුත් ඔවුන් ඒ රාජ්‍යය
ලැබූවේ කෙසේද? ස්වර්ණමය යුගයට පෙර තිබූණේ කුමක්ද? සංගම යුගයට පෙර තිබුණේ කුමක්ද?
කලි යුගයයි. පරමාත්ම පියා පැමිණිය යුතු සංගම යුගය මෙයයි. පැරණි ලෝකය අලුත් විය යුතු
කාලයේ දී මා පැමිණිය යුතුයි. මා පැමිණෙන්නේ අපිරිසිඳු ලෝකය පාරිශුද්ධ කරවීමටයි. මා
සෑම තැනකම සිටිනා බවත් සෑම යුගයකදීම පැමිණෙන බවත් මිනිස්සු කියා තිබෙනවා. මෙන්න මේ
නිසා තමයි ඔවුන් කලබලයට පත්ව තිබෙන්නේ. සංගම යුගය ගැන දන්නේ ඔබ පමණයි. ඔබ කවුද?
පුවරුවේ ප්‍රජාපිතා බ්‍රහ්ම කුමර කුමරියන් කියා සඳහන් කර තිබෙනවා. බ්‍රහ්මගේ පියා
කවුද? ශිවා තමයි ඉහළම ඉහළ. ඔහුගෙන් පසුව බ්‍රහ්මා සිටිනා අතර ඔහු හරහා නිර්මාණය
කෙරෙනවා. අනිවාර්යෙන්ම බ්‍රහ්මා ප්‍රජාවගේ පියා ලෙසින් හැඳින්වෙනවා. ශිවාට
ප්‍රජාවගේ පියා යි කියන්නේ නැහැ. සියලුම ජීවාත්මයන්ගේ අශාරීරික පරමාත්ම පියා
ශිවායි. ඔහු මෙහි පැමිණ ප්‍රජාපිතා බ්‍රහ්මා මඟින් ඔබව භාර ගන්නවා. පරමාත්ම පියා
පැහැදිලි කර කියනවා: ඔබ ඔහු මඟින් කටින් උපන් බ්‍රහ්මණවරුන් වෙනවා. මම ඔබලාව
බ්‍රහ්මා හරහා බ්‍රහ්මණවරුන් කරවා එතැනින් දේවතාවරුන් කරවනවා. ඔබලා දැන් බ්‍රහ්මගේ
දරුවන් වෙලා. බ්‍රහ්මා කාගේ දරුවා ද? බ්‍රහ්මාගේ පියාට නමක් තිබෙනවා ද? ඔහු
අශාරීරික පරමාත්ම ශිව පියායි. ඔහු පැමිණ, මොහු තුළට ඇතුලු වී ඔබව භාර ගෙන කටින්
උපන් දරුපරපුරක් බවට ඔබලාව පත් කරවනවා. පරමත්ම පියා කියනවා: මොහුගේ උපත් ගණනාවක
අවසන් උපතේ දී මම මොහුට ඇතුලු වෙනවා. මොහු මට අයිති වී සියල්ල අතහැර දමනවා.
අත්හරින්නේ මොනවා ද? පස් පව්. ඔබගේ ගෙවල් දොරවල්, දරුපවුල් අතහැර දැමිමක් අවශ්‍ය
වන්නේ නැහැ. තම පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන අතර ඔබ පාරිශුද්ධ විය යුතුයි.
නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඔබගේ පාප දුරුවී යයි. ඔබ මත බැඳී ඇති සියලුම කහට
ඉවත් කර ඔබව සතෝප්‍රධාන් කරවනා යෝගාව මෙයයි. භක්තියේ දී ගංඟා වලින් ස්නානය කිරීම ඔබ
කෙතෙක් කළත්, යාගහෝම පවත්වා තපස්දම් කොතෙක් රැක්කත් අනිවාර්යයෙන්ම ඔබ පහළට පැමිණිය
යුතුයි. සතෝප්‍රධාන්ව සිටි ඔබලා දැත් තමෝප්‍රධාන් වෙලා. එමනිසා, දැන් නැවතත්
සතෝප්‍රධාන් විය හැක්කේ කෙසේද? පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට බැහැ ඔබට
මෙම මාර්ගය පෙන්වා දෙන්න. පරමාත්ම පියා ඔබට සෑම දෙයක්ම ඉතාමත් පහසුවෙන් තේරුම් කර
දෙනවා: නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. ඔහු කතා කරන්නේ ජීවාත්මයන්ටයි.
ගුජරාතීන්ට හෝ සින්ධීන්ට නොවෙයි. මේ ආධ්‍යාත්මික ඥානයයි. ග්‍රන්ථ වල භෞතික දැනුම
තිබෙනවා. ඥානය අවශ්‍ය වන්නේ ජීවාත්මයටයි මන්ද අපිරිසිඳුව ඇත්තේ ජීවාත්මයයි.
ආධ්‍යාත්මික එන්නතක් අවශ්‍ය වන්නේ ජීවාත්මයටයි. පරමාත්ම පියා සදාතනික ආධ්‍යාත්මික
ශල්‍ය වෛද්‍යවරයායි කියා හඳුන්වනවා. ඔහු පැමිණ තමාගේම හැඳින්වීම ලබා දෙනවා: මම ඔබගේ
ආධ්‍යාත්මික ශල්‍ය වෛද්‍යවරයායි. ඔය ජීවාත්මයන් අපිරිසිඳු නිසා, ශරීරත් රෝගී වෙලා.
මේ කාලයේ දී භාරතීය ජනතාව, එතර මුලු ලෝ වැසියන්ම අපායවාසීන් වෙලා. දෙව්ලොව වැසියන්
බවට ඔබට පත් විය හැක්කේ කෙසේද කියා පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙනවා. පරමාත්ම
පියා කියනවා: මා පැමිණ ඔය සියලුම දරුවන්ව දෙව්ලොව වැසියන් කරවනවා. තමන් සැබවින්ම
අපායේ වැසියන් බව ඔබලාටමත් තේරෙනවා. අපාය කියා හඳුන්වන්නේ කලි යුගයයි. මේ කාලයේ දී
භාරතීය වැසියන් සෑම කෙනෙක්ම සිටින්නේ අපායේ ගැඹුරු ආගාධයේයි. මෙයට ස්වාධිපත්‍යයක්
කියා කියන්න බැහැ. ඔවුන් දිගටම එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් වෙමින් සිටිනවා. පරමාත්ම
පියා දැත් ඔබව දෙව්ලොවට යාමට සුදුස්සන් කරවනා නිසා ඔබ දැත් ඔහුට ඇහුම් කන් දිය
යුතුයි. මිනිස්සු තම තමන්ගේම ආගමික ග්‍රන්ථ ගැනවත් ඔවූන්ගේ පරමාත්ම පියා ගැනවත්
දන්නේ නැහැ. පරමාත්ම පියා කියන්නේ: අපිරිසිඳු බවින් ඔබව පාරිශුද්ධ කෙරෙව්වේ මමයි.
ශ්‍රී ක්‍රිෂ්ණා නොවෙයි. ක්‍රිෂ්ණා අංක එකේ පාරිශුද්ධ ජීවාත්මයයි. ඔහුට ශ්‍යාම්
සුන්දර කියලාත් කියනවා. ක්‍රිෂ්ණ ජීවාත්මය අවලස්සන වී ඇත්තේ නැවත උපත් ගැනීමෙනුයි.
රාග ගින්න මත අසුන් ගැනීම නිසා ඔබලා අවලස්සන වෙලා. ජගදම්බාගේ අවලස්සන ස්වරූපයක්
පෙන්වන්නේ ඇයි? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ක්‍රිෂ්ණාව තද නිල් පාටින්
පෙන්වන්නාක් සේ ජගදම්බාවත් තද පාටින් පෙන්වා තිබෙනවා. දැන් ඔබලා අවලස්සනයි පසුව
ලස්සන වේවි. භාරතය ඉතාමත් ලස්සනට තිබුණු බව ඔබට පැහැදිලි කළ හැකියි. දෙව්ලොව ලස්සන
බලන්න ඕනේ නම් අජ්මීර් ගිහින් බලන්න. දියමන්ති ඔබ්බවා සෑදු රත්‍රං මාළිඟා එහි
දෙව්ලොව දී තිබුණා. දැන් ඇත්තේ ගල් මාළිඟායි. සෑම කෙනෙක්ම තමෝප්‍රධාන්. ශිව බාබාත්
බ්‍රහ්ම දාදාත් එකටම සිටින්නන් බව ඔය දරුවන් දැන් දන්නවා. මෙන්න මේ නිසා තමයි
ඔවුන්ට බාප්දාදා කියන්නේ. උරුමය ලැබෙන්නේ ශිව බාබාගෙනුයි. දාදාගෙන් ලබනවායි කියා
කිව්වොත් ශිවා ලඟ ඇත්තේ මොනවා ද? උරුමය ලබන්නේ බ්‍රහ්ම මඟින් ශිව බාබාගෙනුයි.
විෂ්ණු දේශය ස්ථාපනය වන්නේ බ්‍රහ්ම මඟිනුයි. දැන් මේ ඇත්තේ රාවණ රාජ්‍යයයි. ඔබ හැර
අන් සෑම කෙනෙක්ම අපායවාසීන්ය. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේයි. අපිරිසිඳු ඔබලා දැන්
පාරිශුද්ධ වෙමින් සිටිනවා. ඔබලා පසුව ලෝක පාලකවරුන් වෙනවා. මේ සියල්ල ඔබට උගන්වන්නේ
සාමාන්‍ය මනුෂ්‍යයෙක් නොවෙයි. මුරලිය ඔබට කියන්නේ කවුද? ශිව බාබායි. ඔහු පරම දනව්වේ
සිට මෙම පැරණි ලෝකයේ මහලු ශරීරයට ඇතුලු වෙනවා. කවුරු හෝ මෙම ශ්‍රද්ධාවේ සිටිනවා නම්
පියාව මුණ ගැසීමට නෑවිත් සිටීමට ඔහුට බැරිවෙනවා. පළමුව මම අසීමිත පියාව මුණ
ගැසෙන්නම් කියා ඔහු කියාවි. ඒ දවස එනතෙක් මඟ බලාගෙන ඉඳීමටවත් ඔහුට බැරි වේවි.
දෙව්ලොව පාලකවරුන් බවට අපව පත් කරවනා අසීමිත පියා ලඟට ඉක්මනින්ම මාව ගෙන යන්නයි
කියා ඔහු කියාවි. ශිව බබාගේ මෙම රථය කුමක්දැයි කියාවත් මා බලා ගත යුතුයි. ඒ අය
අශ්වයෙක්ව සරසනවා. සංකේතයක් ලෙසින් කර පටියක් පළන්දවනවා. ඒ ඒ ධර්මය ස්ථාපනය කළ
මොහමඩ්ගේ රථයයි. භාරතීය වැසියන් ගවයෙක් මත තිලකයක් තබා ඒ සතාව දේවාලයක තබනවා. ශිවා
ගවයෙක් මත ගමන් කළ බවට ඔවුන් විශ්වාස කරනවා. ශිවාවත් ශංකර්වත් ගවයෙක් මත ගමන් කළේ
නැහැ. මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ශිවා අශාරීරිකයි. ඉතින් කොහොමද ඔහු
ගවයෙක් මත ගමන් කරන්නේ? ගවයා මත අසුන් ගැනීමටවත් කකුල් දෙකක් තිබිය යුතුයිනේ. ඒ
අන්ධ විශ්වාසයයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම
පියාගෙන් ඔබ ලබනා ඥාන අමෘතය පානය කර අන් අයටත් පානය කිරීමට දිරිමත් කරවන්න.
වන්දනාකරුවෙකුගෙන් වන්දනීය අයෙක් වීමට පාප දුරු කර හරින්න.
2. දෙව්ලොවට යාමට
සුදුස්සන් බවට ඔබලාව පත් කරවනා පරමාත්ම පියා කියනා සෑම දෙයටම සවන් දෙන්න.
මුලුමනින්ම බුද්ධියේ විශ්වාසය ඇති අයෙක් වන්න.
වරදානය:
ඔබ අත්දැකීම්
වල ප්‍රතිමූර්තියක් වී ඔබේ අත්දැකීම් වල චිත්ත ශක්තියෙන් මායාගේ බලයට මුහුණ දෙත්වා.
ඔබේ බලවත්ම අවධිය
ඔබේම අත්දැකීම් මත පදනම් වේ. පළපුරුදු ජීවාත්මයකට, ඔහුගේ අත්දැකීම් වල චිත්ත
ශක්තියෙන්, මායාගේ ඕනෑම බලයකට මෙන්ම සියලු අවස්ථාවන්ට සහ සියලු ගැටළු වලට පහසුවෙන්
මුහුණ දිය හැකි අතර, ඔහුට සියලු ජීවාත්ම තෘප්තිමත් කළ හැකිය. ඔබේ අත්දැකීම් වල
චිත්ත ශක්තිය මත පදනම්ව, මුහුණ දීමේ බලයෙන්, ඔබට සෑම කෙනෙකුම තෘප්තිමත් කිරීමේ බලය
පහසුවෙන් ලබා ගත හැකිය. එබැවින්, සෑම නිධානයක්ම අත්විඳින්න සහ අත්දැකීම් වල
ප්‍රතිමූර්තියක් වන්න.
පාඨය:
අන් අය දෙස
බැලීම වෙනුවට, ඔබ දෙස බලා ඔබ ඔබවම පරිවර්ථනය කර ගන්න.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
ඔබ සෑම බලයක්ම, සෑම
ලැබීමක්ම සහ සෑම ගුණධර්මයක්ම අත්විඳින්නේ දැයි පරීක්ෂා කරන්න. ඔබ අත්දැකීම් වල
අධිකාරීන් වන අතර, එබැවින් කිසිදු අහිතකර තත්ත්වයක් අත්දැකීම් වල අධිකාරීන් වන ඔබට
කිසිදු ආකාරයක බලපෑමක් ඇති කළ නොහැක. අත්දැකීම් වල ස්වරූප වන ඔබ ඕනෑම ආකාරයක අහිතකර
තත්ත්වයක් යටතේ නොසැලී සහ අචලව සිටිනු ඇත. සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම අධිකාරිය
අත්දැකීම වන බැවින් ඒවා කිසි විටෙකත් උච්චාවචනය නොවේ. ඔබ ඕනෑම වේලාවක කුමන බලයක්
කැඳවා සිටියත්, එම තත්පරයේදී එය ඔබ සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත.