13.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම මන්ත්‍රය සෑම දෙනාටම ලබා දී එය ඔබ තුළ ස්ථීර දෙයක් බවට පත් කරගන්න. ඔබ ජීවාත්මයක්. ඒ වගේම ඔබ ඔබගේ ඒ ආදරණීය පියා සිහිපත් කළ යුතුයි. ඔබට ඔබගේ සියලුම පාපයන් විනාශ කර දැමිය හැක්කේ මෙම ස්මරණයෙහි පිහිටා සිටියහොත් පමණයි.

ප්‍රශ්නය:
දරුවන් විසින් දැන් භාරතය වෙනුවෙන් කරනු ලබන සත්‍ය වූ සේවය කුමක්ද?

පිළිතුර:
ඔබගේ ඒ සත්‍ය වූ සේවය තමයි මේ අපිරිසිඳු තත්ත්වයට පත් වී ඇති භාරතය පිරිසිඳු කිරීම. ඔබ භාරතයට සේවය කරන්නේ කෙසේද කියා මිනිසුන් ඇසුවහොත් ඔවුන්ට කියන්න අපි ශ්‍රීමත් අනුගමනය කිරීම මඟින් මෙම භාරතය ඔටුණු යුගලක් පැළඳි ආකාරය මෙන් එය අලංකාර කරනවා කියලා. ඔබ, භාරතය පෙර තිබුණු ආකාරයටම නැවතත් සාමකාමී සමෘද්ධිමත් දේශයක් බවට පත් කරනවා.

ඕම් ශාන්ති.
ඔබගේ පළවනම පාඩම : දරුවනි, ඔබ සියලුම දෙනා ජීවාත්මයන් බව සිහිපත් කරන්න. එය තමයි මන්මනාභව් යනුවෙන් බාබා හඳුන්වන්නේ. මෙය සංස්කෘත වචනයක්. දැන් ඉතින් ඔබ අන් අයට සේවය කරන සෑම අවස්ථාවකදීම ප්‍රථමයෙන්ම ඔවුන්ට ඇල්ෆා යන්න හඳුන්වා දෙන්න. මිනිසුන් මෙම දැනුම ගැනිමට ප්‍රථමයෙන්ම මෙහි පැමිණී විට වෙන කිසිම පින්තූරයක් ඔවුන්ට පෙන්විමට පෙර ශිව බාබාගේ පින්තූරය පෙන්වන්න. ඔබ ප්‍රථමයෙන්ම බාබාගේ පින්තුරය ඉදිරිපිටට ඔවුන් ගෙනගොස් බාබා ගැන විස්තර කර දිය යුතුයි : බාබා කියනවා : ඔබ ජිවාත්මයක් බව සළකා නිරන්තරයෙන් ඔබගේ පියා වන මා සිහිපත් කරන්න. මා තමයි ඔබගේ උත්තරීතර පියා, උත්තරීතර ගුරුවරයා, උත්තරීතර වූ සත් ගුරුවරයා. ඔබ සැමටම මෙම පාඩම ඉගැන්විය යුතුයි. ඔබ ආරම්භ කළ යුත්තේ මෙතැනිනුයි. ඔබ ජිවාත්මයක් බව සළකා මා සිහි කරන්න. ඔබගේ පියා සිහි කරන්න. මන්ද, ඔබ දැන් බොහෝ අපිරිසිඳු තත්ත්වයටයි පත් වි තිබෙන්නේ. එමනිසා, ඔබ නැවතත් ඒ පාරිශුද්ධත්වයෙන් යුතු තත්ත්වයට පත් විය යුතුයි. මෙම පාඩමෙහි සෑම දෙයක්ම අඩංගු වෙනවා. ඔබ සෑම කෙනෙක්ම මෙය කරන්නේ නැහැ. බාබා කියනවා : ප්‍රථමයෙන්ම ඔබ ඔවුන්ව ශිව බාබාගේ පින්තූරය ඉදිරියට ගෙන ගොස් විස්තර කර දෙන්න: මේ බාබා අසිමිත වු පියායි. බාබා කියනවා : මා පමණක් සිහි කරන්න. ඔබ ජීවාත්මයක් ලෙස ඔබට සැලකිය හැකි නම් ඔබගේ ඔරුව එගොඩ කර ගත හැකිය. බාබා සිහි කරන විට ඔබට ඒ පාරිශුද්ධත්වයෙන් යුතු වූ ලෝකය කරා යා හැකියි. සෑම මිනිත්තු තුනකදීම මෙම පාඩමට යටින් නැවත නැවතත් ඉරක් ගසා ගන්න. ඔබ බාබා සිහිපත් කරනවාද? බාබා ඔබගේ පියා වනවාත් සමඟම මෙම නිරමාණයේ නිර්මාණකරුවාත් වනවා. ඔහු මෙම නිර්මාණයේ මුලත් මැදත් අගත් සියලුම දේ ගැන දන්නවා. ඔහු තමයි මෙම මනුෂ්‍ය ලෝකයේම බීජය වන්නේ. ප්‍රථමයෙන්ම, ඔබ ඔවුන් තුළ මෙම විශ්වාසය ඇති කළ යුතුයි. ඔබ බාබා සිහිපත් කරනවාද? බාබා පමණයි මෙම දැනුම ඔබට ලබා දෙන්නේ. අපත් මෙම දැනුම බාබාගෙන් ලබාගෙන තමයි එය ඔබ වෙත පිළිගන්වන්නේ. ප්‍රථමයෙන්ම මෙම මන්ත්‍රයට යටින් ඉරක් ගසා ගන්න: ඔබ ජිවාත්මයක් ලෙස සළකා බාබා සිහිපත් කරන්න. ඒ ස්වාමියා හට ඔබ අයත් වන්නේ එවිටයි. ඔබ අනිවාර්යෙන්ම ඔවුන්ට මෙය විස්තර කර දිය යුතුයි. ඔවුන් මෙය හොඳින් තේරුම් ගන්නා තුරු වෙන කිසිම දෙයක් විස්තර කිරිමට යන්න එපා. පියාගේ මෙම හැඳින්විම ලබා දෙන මෙවැනි පින්තූර දෙකක් හෝ හතරක් තිබිය යුතුයි. මේවා ඉතා පැහැදිලිව ඔබ විසින් තේරුම් කර දුනහොත් බාබා සිහිපත් කළ යුතු බවට ඔවුන්ගේ බුද්ධිය හොඳින් තේරුම් ගන්නවා. ඔවුන්ට කියන්න: ඔහු තමයි සර්ව අධිකාරි තැනැත්තා කියලා. ඔහු සිහිපත් කිරීමෙන් ඔබගේ සියලුම පාපයන් විනාශ වී යනවා. බාබාගේ ප්‍රශංසනියත්වය ඉතාමත් පැහැදිලියි. ප්‍රථමයෙන්ම හා අනිවාර්යෙන්ම ඔබ ඔවුන්ට විස්තර කර දිය යුතුයි: ඔබ ජිවාත්මයක් ලෙස සළකා බාබා සිහිපත් කරන්න කියා. ශරීරයත් සමඟ ඇති සියලුම සබඳතා දැන් නවතා දමන්න. "මම සිඛ් ආගමේ කෙනෙක්” "මම තමයි අහවලා" ආදී වශයෙන් පවසන්නේ නැතිව ඒ එකම පියා පමණක් සිහිපත් කරන්න. පාරිශුද්ධත්වය, සාමය හා සතුටේ උරුමය අපට ලබා දෙන්නේ ඒ එකම පියා යන කරුණ ඔවුන් තුළ ස්ථිර කරන්න. ඔබගේ චරිතය හැඩගස්වන එකම කෙනා තමයි බාබා. ඉතින් බාබා හිතුවා ඔබ මේ විශේෂම වූ කරුණ යටින් ඉරක් ගසා ගෙන නොමැති බව. ඔබ මෙය ඔවුන්ගේ බුද්ධිය තුළට හොඳින් කාවද්දන තරමට තමයි ඔවුන් බාබා සිහිකිරිමට පෙළඹෙන්නේ. බාබාගේ හැඳින්විම ලබා දිම සඳහා විනාඩි පහක් ගත වූවත් එය අත්හරින්න එපා. ඔවුන් බාබාගේ ප්‍රශංසනීයත්වය ඉතා ආශාවෙන් අසාගෙන සිටියි. බාබාගේ පින්තූරය තමයි ප්‍රධානම දෙය. පෝළිම තිබිය යුත්තේ මෙම පිත්තුරය ඉදිරිපිටයි. ඉන්පසු මෙම නිර්මාණය සිදු වන ආකාරයත් එය නැවත නැවතත් කැරකෙන්නේ කෙසේද යන්නත් විස්තර විය යුතුයි. ඔබ සත්‍යයේ දූතයන් වන නිසා, නොයෙකුත් ඇට වර්ග පොළොවෙහි ඉතා පහසුවෙන් පැළවනවා මෙන් ඔබ අන් අය හට දෙන දැනුමත් ඔවුන් තුළ ඉතා හොඳින් පතිත විය යුතුයි. ඔවුන් ඔවුන්ගේ පියා පිළිබඳව හරි හැටි නොදන්නා නිසා තමයි ඒ අනාථ වූ තත්ත්වයට දැන් පත් වී තිබෙන්නේ. ඔබ මෙම හැඳින්වීම ඔවුන් වෙත ලබා දිය යුතුයි. බාබා තමයි උත්තරීතර වු පියා වන්නේ. උත්තරීතර ගුරුවරයා, උත්තරීතර වු සත් ගුරුවරයා වන්නේත් ඔහුමයි. ඔබ මෙම තුන් ආකාරයම ගැන හොඳින් පැහැදිලි කර දුනහොත් පමණයි ඔවුන්ගේ බුද්ධියෙහි තිබෙන වැරදි ආකල්පය වන, දෙවියන් සෑම තැනකම සිටිනවා යන්න ඔවුන්ගේ හදවත් වලින් ඉවත් වන්නේ. ප්‍රථමයෙන්ම ඔවුන්ගේ බුද්ධිය තුළ මෙය ස්ථාපිත කරවන්න: ඔබ බාබා සිහිපත් කරන විට පමණයි මේ අපිරිසිඳු බවින් පාරිශුද්ධත්වයට පත් විය හැක්කේ. ඒ වගේම ඔබ සියලුම දිව්‍යමය ගුණාංග පවා ජිවිතයට ඇතුලත් කර ගත යුතු කාලය දැන් පැමිණ තිබෙනවා. ඔබ අනිවාර්යෙන්ම සතෝප්‍රධාන් තත්ත්වයට පත් විය යුතුයි. දරුවනි, අන් අයට මේ ගැන පැහැදිලි කර දෙන විට ඔබටත් මන්මනාභව් යන්න ඉතා හොඳින් පුහුණු කළ හැකි දෙයක් වනවා. ඔබ බාබාගේ පණිවිඩකරුවන් වන නිසා ඔහුගේ පණීවිඩය ඉතා හොඳින් අන් අය වෙත ලබා දිය යුතුයි. ලෝකයේ වෙන කිසිම මිනිසෙක් දන්නේ නැහැ ඔබගේ බාබා තමයි ඔබගේ පියා වන්නේත් ගුරුවරයා වන්නේත් ඒ වගේම සත් ගුරුවරයා වන්නේත් කියා. ඔවුන් බාබාගේ හැඳින්විම අසා බොහෝ සතුටට පත් වෙයි. බාබා කියන්නේ : මා පමණක් සිහි කරන්න. එවිට ඔබගේ සියලුම පාපයන් විනාශ වී යයි කියායි. ඔබ මේ ගැන දන්නවා. ගිතාවේ මහාභාරත යුද්ධය පිළිබඳවත් සඳහන් කරනවා. නමුත් මෙය භෞතිකව සිදුවන යුද්ධයක් නොවේ. බාබා සිහිපත් කිරිමෙහිදී තමයි ඔබ තුළ යුද්ධයක් හට ගන්නේ. ඔබගේ මෙම අධ්‍යාපනය වෙනස් දෙයක්. සියලුම දෙනා ශරීර අවධානයේ සිටින නිසා ඔබගේ යුද්ධය හට ගන්නේ ස්මරණත් සමඟයි. ඔබ දැන් ජීවාත්ම අවධානයට පත් වී බාබා සිහි කරන දරුවන් බවට පත් විය යුතුයි. ප්‍රථමයෙන්ම ඔවුන් හට මෙය යටින් ඉරක් ගසා ගන්න කියන්න: බාබා තමයි ඔබගේ පියා, ඔබගේ ගුරුවරයා, ඒ වගේම ඔබගේ සත්ගුරුවරයා. ඉතින් අප දැන් සවන් දිය යුත්තේ ඔහුටද ඔබටද? බාබා කියනවා : දරුවනි, ඔබ අනිවාර්යෙන්ම ශ්‍රීමත් අනුගමනය කොට සම්පුර්ණයෙන්ම උසස් වු තත්ත්වයට පත් විය යුතුයි. මෙය තමයි අප විසින් කළයුතු සේවය. සත්‍ය විසින් දෙනු ලබන මෙම උපදෙස් පිළිපැදීමෙන් ඔබගේ සියලුම පාපයන් විනාශ කර දැමිය හැක. බාබාගේ ශ්‍රීමත් වන්නේ : මා පමණක් සිහි කරන්න යන්නයි. ඔබ විසින් අන් අයට විස්තර කර දෙනු ලබන මෙම ලෝක නාටක චක්‍රය පිළිබඳවත් ඔබට කියා දුන්නේ ඔහු විසිනුයි. බාබා කියනවා : ඔබ පාරිශුද්ධත්වයට පත් වි මා සිහිපත් කළහොත් පමණයි මට ඔබ මගේ නිවස කරා ඔබව ගෙන යා හැක්කේ. බාබා තමයි අසීමිත වූ ඔබගේ උත්තරීතර මග පෙන්වන්නා වන්නේ. මිනිසුන් කෑ ගසනවා: අහෝ පාරිශුද්ධකරුවාණනි, අප පාරිශුද්ධත්වයට පත් කර මේ අපරිසිඳු වූ ලෝකයෙන් අප මුදා ගන්න. අනෙක් සියලුම දෙනා භෞතික තත්ත්වයේ සිටියා වුවත් මොහු තමයි ඔබගේ උත්තරිතර වූ ආධ්‍යාත්මික මඟපෙන්වන්නා වන්නේ. ඔබට උගන්වන්නේ ශිව බාබායි. දරුවනි, බාබා ඔබට කියන තවත් දෙයක් තමයි: ඔබ කරන ඕනෑම ක්‍රියාවකදී බාබා සිහිපත් කරන්න යන්න. මෙහිදි ඔබ විඩාවට පත් නොවිය යුතුයි. දරුවනි, සමහර අවස්ථා වලදි බාබා දකිනවා දරුවන් පාන්දරින්ම මෙහි පැමිණ සිටින නිසා ඔවුන් බොහෝ විඩාවට පත් වන බව. මෙය ඉතා පහසු මාර්ගයක් වන නිසා කිසිම අවස්ථාවක බලහත්කාරයෙන් භාවනා කිරිමට පෙළඹෙන්න එපා. ඒ කියන්නේ මඳක් නිදහසේ ඇවිදීමට යන්න. නමුත් ඉතා හොඳින් බාබාගේ ස්මරණයෙහි සිටින්න. ඔබ තුළ මේ ආකාරයේ උද්යෝගයක් තිබිය යුතුයි : බාබා, බාබා, බාබා. නිරන්තරයෙන් සිහි කරන සියලු දෙනා මෙම උද්යෝගය අනිවාර්යෙන්ම ලබනවා. ඔබ තුළ බැඳී තිබෙන සියලුම මළකඩ ඉවත්ව යන්නේ එවිටයි. ඔබ තුළ බාබා හට ගැඹුරු සෙනෙහසක් තිබිය යුතුයි. ඔබ එම අතින්ද්‍රිය සතුට අන් දකින්නේ අවසාන මොහොතේදියි. ඔබ බාබා සිහි කිරිමෙහි නිරන්තරයෙන් නිරතව සිටියහොත් පමණයි මෙම තමෝප්‍රධාන් තත්ත්වයෙන් ඉවත් වි සතෝ ප්‍රධාන් තත්ත්වයට පත් වීමට හැක්කේ. එවිට ඔබගේ සතුට අසිමිත වු සතුටක් බවට පත් වෙයි. මේ සියලු දේ නිසා තමයි: " දෙවියන් විසින්, අපගේ පියා විසින් ඉගෙන ගෙන ඇති ගෝප් හා ගෝපින් ගෙන් ඒ අතින්ද්‍රිය වූ සතුට ගැන අසා දැන ගන්න" කියා කියමනක් සෑදී තිබෙන්නේ. පරමාත්ම දෙවියන් පවසනවා : මා පමණක් සිහිපත් කරන්න. ඔබ අනිවාර්යෙන්ම ඔවුන් හට බාබාගේ ප්‍රශංසනීයත්වය ගැන විස්තර කර දිය යුතුයි. මේ එකම බාබාගෙන් පමණයි ඔබ ඒ ගැලවිම නමැති ඔබගේ උරුමය ලබා ගන්නේ. කොහොමනමුත්, සියලුම දෙනා අනිවාර්යෙන්ම මෙම ගැලවිම ලබා ගන්නවා. සියලුම දෙනා අනිවාර්යෙන්ම ඒ සාම දේශය කරා යනවා. බාබා අපට අනිවාර්යෙන්ම ගැලවිම ලබා දෙනවා යන සිතිවිල්ල සෑම විටෙකම ඔබගේ බුද්ධියෙහි තබා ගන්න. සාම දේශය පිළිබඳවත් සතුටු දේශය පිළිබඳවත් ඔබට හොඳින් කියා දි තිබෙනවා. සෑම ජිවාත්මයක්ම වාසය කරන්නේ ඒ සාම දේශයේයි. එය තමයි ඔබගේ නිහඬ නිවහන, නිහඬතාවයේ කුළුණ. කිසිම කෙනෙක්ට එය ඔවුන්ගේ භෞතික ඇස් වලින් දැක ගත නොහැකියි. විද්‍යාඥයන්ට වුවත් යම් යම් දේ සොයා ගත හැක්කේ ඔවුන්ට ඔවුන්ගේ භෞතික ඇස් වලින් දැක ගත හැකි දේ පිළිබඳව පමණයි. ජිවාත්මයක් දෙස අපට මේ ඇස් දෙකෙන් දැක ගත නොහැකි වුවත් අපට එය තේරුම් ගත හැක. ජිවාත්මයක් දැක ගැනීමට අපට නොහැකි නම් අප බාබා දකින්නේ කෙසේද? මෙය හොඳින් තේරුම් ගත යුතු දෙයක් වනවා. අපට ඔහු මෙම ඇස් වලින් දැක ගත නොහැකියි. පරමාත්ම දෙවියන් විසින් කියන්නේ : මා සිහිපත් කරන්න එවිට, ඔබගේ සියලුම පාපයන් විනාශ වි යයි කියායි. නමුත් කවුද මේක කියන්නේ? ඔවුන් මෙය හොඳින් තේරුම් නොගන්නා නිසා ඔවුන් කියන්නේ එය ක්‍රිෂ්ණා විසින් පවසන ලද්දක් බවයි. භක්තිවන්තයින් ක්‍රිෂ්ණා බොහෝ සෙයින් සිහිපත් කරනවා. ඔවුන්ගේ භක්තිය දවසින් දවසම පරිහානියට පත් වනවා. ආරම්භයේදී නම් ඔවුන්ගේ භක්තිය තිබුණේ ඒ එකම ශිවා හට පමණයි. එය අමිශ්‍ර භක්තියක් වුවා. ඉන්පසු ලක්ෂ්මි හා නාරායන හට වන්දනා කිරීම ආරම්භ වූවා. පරමාත්ම දෙවියන් තමයි උසස්තම තැනැත්තා ඔහු තමයි ඔබට මේ විශ්ණු බවට පත් විමේ උරුමය ලබා දෙන්නේ. ඔබ ප්‍රථමයෙන්ම ශිවාගේ වංශයට අයත් වි පසුව විශ්ණුගේ දේශය කරා යා යුතුයි. ඔබ මෙම මල් මාලාවට අයත් වන්නේ ඔබ විසින් ප්‍රථම පාඩම හොඳින් අවබෝධකර ගත්තායින් පසුවයි. බාබා සිහිපත් කිරීම යනු ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා තරම් පහසු වූ දෙයක් නොවේ. ඔබ අන් සියලුම දිශා වලින් ඔබගේ බුද්ධිය ඉවතට ගෙන එකම දිශාවක් කරා එය යොමු කළ යුතු වනවා. ඔබ ඔබගේ භෞතික ඇස් වලින් දකින සියලුම දෙයින් ඔබේ බුද්ධි යෝගාව ඉවත් කළ යුතුයි. බාබා කියනවා : මා පමණක් සිහිපත් කරන්න. මේ ගැන කිසිම ආකාරයක පටලැවිල්ලක් ඇති කර ගන්න එපා. බාබා අසුන් ගෙන සිටින්නේ මෙම රථය තුළයි. ඔහු ප්‍රශංසනියත්වයට ලක් වී තිබෙන්නේ අශාරීරික තැනැත්තා හැටියටයි. මොහු විසින් ඔබට සෑම විටකම පවසන්නේ මන්මනාභව් තත්ත්වයට පත් වෙන්න කියායි. ඔබ විසින් සියලුම දෙනාවම අභිවෘද්ධියට ලක් කළ යුතුයි. ඔබ ආහාර පිළියෙල කරන විට බාබාගේ ස්මරණයෙහි සිටිය යුතුයි. එවිට එම ආහාරය ගන්නා තැනැත්තා අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් වෙනවා. ඔබ එකිනෙකා හට මෙය සිහිපත් කර දෙන්න. එවිට එම පුරුද්ද ඔබ සියලුම දෙනාට නිරායාසයෙන්ම එනවා. සෑම කෙනෙක්ම පුංචි හෝ වේලාවකට බාබා සිහිපත් කරනවා. සමහරු පැය භාගයක් කරනවා. තවත් සමහරු විනාඩි දහයකට පමණ කරනවා. ඔබ බොහෝ ආදරයෙන් විනාඩි පහක් හෝ බාබා සිහිපත් කළ හොත් ඔබට එම රාජ්‍යයට හිමිකම් කිව හැකියි. රජත් රැජිණත් අනිවාර්යෙන්ම එකිනෙකා හට සෙනෙහස දක්වනවා. ඔබත් සෙනෙහසේ සාගර බවට පත් විය යුතුයි. මේ නිසා තමයි ඔබ සියලුම දෙනා හට සෙනෙහස දක්වන්නේ : ඔබ තුළ ඇත්තේ සෙනෙහස පමණයි. බාබා සෙනෙහසේ සාගරය නම් දරුවන් හටත් එවැනිම සෙනෙහසක් එකිනෙකා හට තිබිය යුතුයි. එහිදීත් එවැනිම සෙනෙහසක් එකිනෙකා හට තිබිය හැක්කේ එවිටයි. රජත් රැජිණත් එකිනෙකා හට බොහෝ ආදරය කරනවා. එහිදී දරුවන් පවා එකිනෙකා සමඟ බොහෝ සෙනෙහසින් කාලය ගත කරනවා. එම සෙනෙහස අසීමිත වු සෙනෙහසක්. මෙහිදී නම් එකිනෙකා හා දබර කරගන්නවා මිස කිසිදු සෙනෙහසක් එකිනෙකා තුළ නැහැ. රාගය නැමැති කඩුව කිසිම විටෙක ඔවුන් විසින් පාවිච්චි කෙරෙන්නේ නැහැ. මේ නිසා තමයි භාරතයේ ප්‍රශංසනියත්වය අසිමිත වූ දෙයක් වන්නේ. භාරතය තරම් පිරිසිඳු වු වෙන කිසිම දේශයක් අපට දැක ගත නොහැකියි. මෙය තමයි උසස්ම වු වන්දනා ගමන වන්නේ. බාබා මෙහි පැමිණ සියලුම දෙනා හට සේවයක් කරනවා. ඔහු සියලුම දෙනා හට උගන්වනවා. මෙම අධ්‍යාපනය තමයි ප්‍රධානම දෙය. කෙනෙක් ඇසුව හොත් ඔබ භාරතයට සේවය කරන්නේ කෙසේද කියා ඔහුට කියන්න: භාරතය දැන් අපිරිසිඳු වී තිබෙන නිසා තමයි ඔබට දැන් එය පාරිශුද්ධත්වයට ලක් කිරිමට අවශ්‍ය වි තිබෙන්නේ. ඉතින් අප විසින් එය කෙරෙන්නේ ශ්‍රීමත් අනුගමනය කිරිමෙනුයි. සැමටම කියන්න : බාබා සිහි කරන්න එවිට ඔබ පත් වි සිටින මේ අපිරිසිඳුතා වලින් මිදී අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් වනවා කියා. මෙය තමයි අප විසින් කෙරෙන ආධ්‍යාත්මික සේවය. එකළ භාරතය පාලනය වූවේ ඔටුණු යුගලයකින් හෙබි පාලකයන් විසිනුයි. එකළ තිබුණු සාමය හා සමෘද්ධිය විශ්වසනියයි. ඉතින් මෙම නාටකය හැඩ ගැස් වී ඇති ආකාරයට අපි නැවතත් ශ්‍රීමත් අනුගමනය කිරිම මඟින් එය නැවතත් මෙහි ස්ථාපිත කරනවා. මෙම වචන ඉතා හොඳින් සිහියෙහි තබා ගන්න. ලෝකයේ සිටින මිනිසුන්ට අවශ්‍ය වන්නේ සාමයයි: ඔබ අනිවාර්යෙන්ම ඔවුන් වෙත එය ගෙන ආ යුතුයි. මේ සියලුම දේ ඔබට පවසන්නේ පරමාත්ම දෙවියන් විසිනුයි. දරුවනි, බාබා ඔබට සැම විටම කියන්නේ : මා, ඔබගේ ආදරණීය පියා සිහිපත් කරන්න කියායි. බාබා වුවත් දන්නවා ඔබ ඔහුව එතරම් දුරට සිහි කරන්නේ නැති බව. මේ සඳහා යම් උත්සාහයක් දැරිය යුතුයි. මෙම ස්මරණය මඟින් තමයි ඔබ ඔබගේ කර්මාක්ෂය තත්ත්වයට පත් වන්නේ. ඔබ විසින් මෙම ස්වදර්ශන චක්‍රය හොඳින් කරකැවිය යුතුයි. කිසිම කෙනෙකුගේ බුද්ධියෙහි මෙහි තේරුම අඩංගු වෙන්නේ නැහැ. නොයෙකුත් ග්‍රන්ථයහි නොයෙකුත් ආකාරයේ වැරදි දේ කියා තිබෙනවා. බාබා කියනවා : දැන් ඔබ විසින් ඒ අධ්‍යයනය කර ඇති සියලුම දේ අමතක කර දමා ඔබ ජිවාත්මයක් යන අවධානයට පැමිණෙන්න. මා විසින් ඔබට උගන්වන දෙය පමණයි ඔබ විසින් ගෙන යා යුත්තේ. වෙන කිසිම දෙයක් ඔබ තුළ නොතිබිය යුතුයි. බාබාගේ හැදෑරිම පමණයි ඔබ යන විට ගෙන යන්නේ. මේ සඳහා තමයි ඔබ දැන් උත්සාහ දරන්නේ. පුංචි දරුවන් ගැන පවා අඩුවෙන් සිතන්න එපා. ඔවුන් කෙතරම් පුංවිද ඒ තරමටම ඔවුන්ට බාබාගේ නාමය පතුරුවා ලිය හැකියි. තරුණ දුවරුන් පරිණත වූ වයසක පුද්ගලයන් හට විස්තර කරන විට පුදුමාකාර දේ සිද්ධ වෙනවා. ඔවුනුත් ඔබ වැනිම තත්ත්වයට පත් විය යුතුයි. ඔවුන් ඔබගෙන් ප්‍රශ්න ඇසුවහොත් ඔබට පිළිතුරු දිය හැකියි. එවන් වු කුමාරින් සූදානම් කරන්න. එවිට එවැනි දරුවන් මධ්‍යස්ථාන කරා යැවීමට පුළුවන්. එවන් වූ කණ්ඩායමක් සූදානම් කරන්න. ඔබට මේ ආකාරයට සේවය කළ හැක්කේ මේ කාලයේදී පමණයි. තරුණ දුවරුන් හට වැඩිමහල් පුද්ගලයන් හට විස්තර කර දීමට හැකියි යන්න ඇත්තෙන්ම පුදුමයක්. කෙනෙක් ඔබගෙන් ඇසුවහොත් ඔබ කාගේ දරුවෙක්ද කියා ඔහුට කියන්න: ශිවා බාබාගේ දරුවෙක් කියා. ඔහු අශාරීරික කෙනෙක්. ඔහු බ්‍රහ්මාගේ ශරීරයට පැමිණ අපට මෙම දැනුම ලබා දෙනවා. ඔබ මෙම හැදෑරීම මඟින් ලක්ෂ්මි හා නාරායන තත්ත්වයට පත් වනවා. සත් යුගය ආරම්භයේදී නම් ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යය මෙහි ස්ථාපිත වූවා. ඔවුන් එම තත්ත්වයට පත් කරන ලද්දේ කවුරුන් විසින්ද? ඔවුන් අනිවාර්යෙන්ම හොඳ ක්‍රියා කර තිබෙනවා. බාබා ඔබට කර්ම න්‍යාය ගැන උගන්වනවා. මෙහිදී ඔබට උගන්වන්තේ ශිව බාබා විසිනුයි. ඔහු ඔබගේ පියා වනවා, ගුරුවරයා වනවා, සත් ගුරුවරයා වනවා. එමනිසා, බාබා කියනවා : ඔබ ඒ ශිව බාබාගේ පින්තූරය ඉදිරියට ගොස් ඒ ගැන හොඳින් විස්තර කර දිය යුතුයි. ප්‍රථමයෙන්ම ඔවුන්ට ඇල්ෆා යන්න කුමක්ද කියා තේරුම් කර දෙන්න. ඔවුන් එය හොඳින් තේරුම් ගත් විට තවත් ප්‍රශ්න කිරීමට එන එකක් නැහැ. ඔබ ඇල්ෆා කුමක්ද කියා කියා දෙන්නේ නැතිව අනෙක් පින්තුර විස්තර කර දිමට ගියහොත් ඔවුන් ඔබගේ ඔළුවට බරක් වේවි. ප්‍රධානම කරුණ තමයි ඇල්ෆා. ඔබ දැන් ශ්‍රීමත් අනුගමනය කරනවා. මෙසේ කියන අයත් ඔබට දැක ගැනිමට හැකිවෙයි: මා දැන් ඇල්ෆා යන්න හඳුනාගෙන තිබෙනවා. ඉතින් මට තවත් මොනවාද අවශ්‍ය වන්නේ. ඇල්ෆා යන්න කුමක්ද කියා හඳුනා ගැනීමෙන් මා සියලුම දේ හඳුනා ගත්තා වනවා. ඔවුන් මෙහි පැමිණ දානයක් ලබාගෙන යනවා. ඔබ තමයි පළවන පන්තියේ දානයන් ලබා දෙන්නේ. ඔබ අන් අය හට බාබාගේ හැඳින්විම ලබා දෙන තරමට, ඔබ බාබා සිහිපත් කිරිමට පෙළඹෙනවා ඒ වගේම තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත් වෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අතීන්ද්‍රිය සතුට අත්දැකීමට නම් නිරන්තරයෙන්ම ‘බාබා, බාබා‘ යන උද්යෝගය ඔබ තුළ තබා ගන්න. ඔබ විසින් කරන ඕනෑම ක්‍රියාවකදී බලහත්කාරයෙන් බාබා සිහි කිරිමට යන්න එපා. නමුත් වින්දනයක් ලබමින් ඔබට එය කළ හැකියි. අනෙක් සියලුම දිශාවලින් ඔබගේ අවධානය ඉවතට ගෙන ඒ එකම පියාගේ දිශාවට පමණක් ඔබගේ අවධානය යොමු කරන්න.

2. බාබා සෙනෙහසේ සාගරය වනවා සේම ඔබත් සෙනෙහසේ සාගරයන් බවට පත් විය යුතුයි. සියලුම දෙනා අභිවෘද්ධිය කරා ගෙන යන්න. බාබාගේ ස්මරණයෙහි සිට අන් අයටත් එම ස්මරණය තබා ගැනීමට සහය වන්න.

වරදානය:
ඔබ නිශ්ශබ්දතාවයේ බලයේ ආයුධ වලින් ලෝකය සාමකාමී කරවන අධ්‍යාත්මික රණශූරයෙකු (ආයුධ අතැතිව සිටින්නෙකු) වේවා.

නිශ්ශබ්දතාවයේ බලයේ ආයුධ වන්නේ ඔබේ පිරිසිදු සිතිවිලි, ඔබේ සුබ පැතුම් සහ ඔබේ ඇස්වල භාෂාවයි. ඔබ පරමාත්ම පියාගේ සහ ඔහුගේ නිර්මාණයන් පිළිබඳ හැඳින්වීම වචන වලින් ලබා දෙනවා සේම, නිශ්ශබ්දතාවයේ බලය මත සහ ඔබේ ඇස්වල භාෂාවෙන්, ඔබට ඔබේ ඇස්වලින් ජීවාත්මයන්ට පියාගේ අත්දැකීම ලබා දිය හැකිය. නිශ්ශබ්දතාවයේ බලය ඕනෑම භෞතික සේවා මෙවලම්වලට වඩා බෙහෙවින් උසස් ය. ආධ්‍යාත්මික හමුදාවේ විශේෂ ආයුධය මෙයයි. මෙම ආයුධයෙන් ඔබට සාමකාමී නැති ලෝකය සාමකාමී කළ හැකිය.

පාඨය:
බාධක වලින් නිදහස්ව සිටීම සහ අන් අය බාධක වලින් නිදහස් කිරීම සැබෑ සේවයේ සාක්ෂියකි.