13.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, රක්ෂා බන්ධන් කියන උත්සවය කියන්නේ පොරොන්දු ඇති කර ගන්නා උත්සවයයි. මෙය ආරම්භ වන්නේ සංගම යුගයේ දීයි. ඔබ දැන් පොරොන්දු වන්න පාරිශුද්ධත්වයට පත් වන බවට සහ අන් අයව ද පාරිශුද්ධත්වයට පත් කරවන බවට.

ප්‍රශ්නය:
ඔබේ සියලු කාර්යයන් සාර්ථක කර ගත හැක්කේ කුමක් මත පිහිටා සිටීමෙන්ද? ඔබේ නම ගෞරවයට පාත්‍ර වනුයේ කෙසේ ද?

පිළිතුර:
ඔබේ යෝගා බලය මතයි. ඔබට දැනුමේ බලය තියෙනවා. නමුත් ඔබ තුළ විශාල යෝගා බලයකුත් තිබිය යුතුයි. එවිටයි හැමෝම නිරායාසයෙන්ම ඔබ කියන ඕනෑම දෙයක් කිරීමට සූදානමින් ඉන්නේ. යෝගා හරිම අදෘෂ්‍යමානයි. නමුත් මේ යෝගා කිරීම මඟින් තමයි ඔබ ලෝක පාලකයින් බවට පත් වනුයේ. ඔබ යෝගා වී යමක් විස්තර කළහොත් එම විස්තරය පත්තර වර්තාකරුවන් පත්තර වලත් දමාවි. ඔබේ නම පත්තර වල ප්‍රසිද්ධ වී, එමඟින් විශාල පිරිසකට බාබාගේ පණිවුඩය ලැබෙයි.

ඕම් ශාන්ති.
දරුවනි, අද බාබා රක්ෂා බන්ධන් ගැන ඔබට පැහැදිලි කර දීමටයි යන්නේ. මොකද ඒ උත්සවය දැන් ළඟ එනවා. ඔබ අන් අයට රාඛි බඳින්න යනවා. දැන් ඔබ මේ උත්සව ලෙස සමරන්නේ ඉස්සර හැබැහින් සිදුවුණු දේවල්. දරුවනි, ඔබ දන්නවා මීට අවුරුදු 5000කට පෙරාතුවත් ඔබ මේ පොරොන්දුව කර ලියුම් ලියන්න ඇහුවා. මීට විවිධාකාර නම් දුන්නා. මේ බැඳීම් සංකේතවත් කරන්නේ පාරිශුද්ධත්වය. ඔබට හැමෝටම කියන්න තියෙනවා මේ පාරිශුද්ධත්වයට පත් වීමේ පොරොන්දු බැඳීම කරන ලෙස. ඔබ දන්නවා ස්වර්ණමය යුගයේ ආරම්භයේ දී පිරිසිඳු ලොව පටන් ගන්නා බව. රාඛි උත්සවය පටන් ගන්නේ මේ උතුම් මංගල්‍ය සංගම යුගයේ දී යි. එය මූලිකම උත්සවයක්. එය ආරම්භ වූයේ කවදාද? සත් යුගයේ උත්සව නැහැ. ඒවා තියෙන්නේ මෙහෙ භක්ති මාර්ගයේ. සියලුම උත්සව ඇති වන්නේ මේ සංගම යුගයේදී. නැවත ඔවුන් භක්ති මාර්ගයේ දී පටන් ගන්නවා. ස්වර්ණමය යුගයේ උත්සව නැහැ. ඔබ අහන්න පුළුවන් ස්වර්ණමය යුගයේ දීපමාලා සමරණවාද? නැහැ. එයත් සමරන්නේ මෙහෙ. එහෙ සමරන්නේ නැහැ. කලි යුගයේ සමරන උත්සව එහෙ සත් යුගයේ සමරන්න බැහැ. ඉතින් රක්ෂා බන්ධන් සමරන මිනිස්සු කොහොමද තේරුම් ගන්නේ, රාඛි සමරන්නේ ඇයි කියලා? ඔබ ගිහින් හැමෝටම රාඛි බඳින්න. ඔබ ඔවුන්ට කියන්න පාරිශුද්ධත්වයට පත්වන්න. මොකද පිරිසිඳු ලෝකය ගොඩනැගෙමිනුයි පවතින්නේ කියලා. එය ත්‍රිමූර්ති රූපයට යටින් ලියලත් තියෙනවා. පිරිසිඳු ලෝකයේ ගොඩනැගීම සිදු වන්නේ බ්‍රහ්මා මාර්ගයෙන් කියලා. මේ නිසයි රාඛි බැඳීම පාරිශුද්ධත්වයට පත් වීමට මෙහිදී සමරනුයේ! දැන් දැනුම් මඟෙහි කාලයයි. දරුවනි, කවුරු හෝ ඔබට භක්ති ගැන යමක් පවසන්න ගියොත්, ඔබ පහදල දිය යුතුයි ඔබ දැන් ඉන්නේ දැනුම් මාර්ගයේ බව. දෙවියන් පමණයි දැනුමේ සාගරය වන්නේ ඒ වගේම ඔහුට විතරයි පුළුවන් මුළු ලෝකයම පවින් මුදවා ගන්න. භාරතය පවින් මිදුණු කාලයට මුළු ලොවම පවින් මිදිලයි තියෙන්නේ. මන්ද භාරතය පවට යට වූ විට මුළු ලොවම පවට යට වෙනවා. භාරතයට දැන් ලෝකය කියන්න බැහැ. භාරතය ලෝකයේ සියලුම රට වලින් එක් රටක් පමණයි. දරුවනි, නව ලෝකයේ දී එකම එක දිවයිනයි, ඒ භාරතය. මිනිස්සු ජීවත් වෙන්නේ භාරත දේශයේ. භාරතය සත්‍යයේ දේශයයි. ලෝක චක්‍රයේ ආරම්භයේදී එහි තියෙන්නේ දේව ධර්මයයි. ඒ පවින් මිදුණු පිරිසිඳු ආගමයි. එය වසර 5000කට පෙරාතුව තිබුණා. මේ ගෙවී යන ලෝකය තව ඉතාම කෙටි කලයි පවතින්නේ. එය පවින් මිදීමට කොපමණ කලක් ගනී ද? යම් කලක් ගන්නවා. මෙහෙ මිනිස්සු දැඩි උත්සාහයක් දරනව පාරිශුද්ධිය රැකීමට. මේ උත්සවය තමයි සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම උත්සවය. ඔබ බාබාට පොරොන්දු විය යුතුයි, ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට එළැඹෙන බවට. මෙම උත්සවයේ ශ්‍රේෂ්ඨත්වය ගැන හරියටම නිෂ්චය කර ගන්න. හැම දෙනාම කතා කරනවා අනේ උත්තරීතර පියාණනි, උත්තරිතර ජීවය කියලා. ඔවුන් මෙලෙස කිව්වත්, උත්තරීතර පියා ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැහැ. ඔබ දන්නවා උත්තරීතර පියා, උත්තරීතර ජීවය, මේ කාලයේ දී එනවා, මනුෂ්‍යයින්ට දැනුම ලබා දීමට. ඉතා දීර්ඝ කාලයක සිට ජීවය උත්තරීතර ජීවයෙන් වෙනස් වෙලා හිටියා. මේ ජීවය හා උත්තරීතර ජීවය අතර සිදුවන මේලා (හමුව) සිද්ධ වෙන්නේ සංගම යුගයේදී පමණයි. මේ හමුවීමෙනුත් අදහස් කරන්නේ කුම්භ මේලා වගේ දෙයක්. නමුත් මෙය සමරන්නේ වසර 5000කට සැරයයි. ඒ කුම්භ මේලා කියන වතුර නාන උත්සවය බොහෝ අවස්ථා වල සමරණවා. එවන් මේලාවන් අයත් වන්නේ භක්ති මාර්ගයටයි මේ මේලාව දැනුම පදනම් කරගෙන පැවතෙන්නේ. සංගමයකුත් කුම්භ (එක්වීමක්) ලෙස හඳුන්වනවා. නිවැරදිවම කියනව නම් එහිදී ගංගාවන් තුනක් ගැන කියැවිය යුතු නැහැ. කොහොමද එහෙම අදෘශ්‍යමාන ගංගාවන් පැවතිය හැක්කේ? බාබා කියනවා ඔබගේ මේ ගීතාවයි අදෘෂ්‍යමාන වෙන්නේ කියලා. අන්න ඒ නිසයි කියන්නේ ඔබ රාජධානිය ලබන්නේ යෝගා බලය මඟින් කියලා. ඒ තුළ නැටුම්, ගැයුම් නැහැ. භක්ති මාර්ගය අවසාන වෙන්නේ සම්පූර්ණ චක්‍ර භාගයකින්. නමුත් දැනුම අවසන් වෙනවා. මේ එකම එක ජීවිතයෙන්ම දැනුමෙන් ලබන වාසි සහගත ප්‍රතිඵල යුග දෙකකින් නැති වී ගියද, දැනුම නැති වන්නේ නැහැ. භක්ති සිද්ධ වෙන්නේ තඹ සහ යකඩ යුගයන් දෙකෙහිදීයි. දැනුම ලැබෙන්නේ එක් මොහොතයි. නමුත් එහි ප්‍රතිඵලය උපත් 21 කට බලපානවා. ඔබේ දෙඇස් දැන් විවෘත වෙලයි තියෙන්නේ. ඉස්සර ඔබ අන්ධකාරය නැමැති නිද්‍රාවකට පත් වෙලයි හිටියෙ. දැන් රාඛි බඳින කාලයේ දී හුඟක් බ්‍රහ්මින් අයත් (පූජකයින්) රාඛි බඳිනවා. ඔබත් බ්‍රාහ්මණයින්. ඔවුන් උපත ලැබුවේ පාපයෙන් නමුත් ඔබ උපත ලබන්නේ කටින්. භක්ති මාර්ගයේ මිනිස්සු දැඩි අන්ධ විශ්වාසයකින් ඉන්නේ. ඔවුන් ඒ මඩ වගුරේ ගිලිලයි ඉන්නේ. භක්තිය මඩ වගුරක් වගේ. ඔබේ කකුල මඩ වගුරකට ලිස්සල ගියොත් ඔබේ බෙල්ල ළඟට එනකම් ඔබ එහි ගිලෙනවා. අන්න ඒ නිසයි ඔබ වැනි ටොප් නොට් (හිස මුදුනේ කොණ්ඩය බැඳපු) අයව ඉන් අල්ලලා එළියට ඇදල ගන්න බාබා ආයෙමත් ආවේ. දරුවනි, පැහැදිලි කර දීමට ඔබ දැඩි උත්සාහයක් දැරිය යුතුයි. මිලියන ගණනක් ඉන්න තැනකට ගිහින් එක් එක් අයට වෙන වෙනම කතා කරන්න දැඩි උත්සාහයක් දැරිය යුතුයි. ඔබ අපහාසයට ලක් වේවි. පුවත් පත් වල ඔවුන්, ඔබ අන්‍යයන්ව නිවෙස් අතහැර යාමට කටයුතු කළා යැයි පල කිරීමෙන් හා ඔබ ස්වාමි පුරුෂයා සහ භාර්යාව සහෝදරයා සහ සහෝදරිය බවට පත් කරනවා යැයි පළ කිරීමෙන් ඔවුන් ඔබව අපහාසයට ලක් කළා. ආරම්භයේදී සිදු වූ දේවල් පුවත් වලින් සෑම අතකම පැතිරී ගියා. දැන් ඔබට හැමෝටම විස්තර කරන්න බැහැ. එමනිසා, පසුව පුවත්පත් ඔබ වෙනුවෙන් යොදා ගනීවි. පුවත්පත් මඟින් ඔබේ නම ගෞරවයට පාත්‍ර වේවි. රක්ෂා බන්ධන් වල නියම අර්ථය මිනිසුන්ට කියා ඔවුන් එයින් දැනුවත් කිරීමට ඔබ දැන් සිතිය යුතුයි. ඔබ බාබාට පොරොන්දු වන්න ඔහු ඔබව පාරිශුද්ධත්වයට පත් කිරීමට පැමිණි විට ඔබ ඒ පාරිශුද්ධත්වයට පත් වන බවට. අපිරිසිඳු අයව පිරිසිඳු කරන ඒ තැනැත්තා තමයි ඔබට රාඛි බඳින්නේ. මිනිස්සු ක්‍රිෂ්ණාගේ උපත සමරණවා. ඔහුගේ මංගල්‍යය නොපෙන්නුවද, ඔහු අනිවාර්යෙන්ම සිහසුනට පත් විය යුතුයි. ලක්ෂ්මි සහ නාරායන් ඉන්නේ ස්වර්ණමය යුගයේ ආරම්භයේදීයි ඔවුන්ගේ විවාහ මංගල්‍යයන් සිදු විය යුතුයි. කෙසේවෙතත්, ඔවුන් සමරන්නේ රජුගේ උපතයි. මංගල්‍යය සිදු වූ විට එයයි දීපවාලි වෙන්නේ. සත් යුගයේ තියෙන්නේ අති මහත් අලංකාරයක්. එහිදී සංගම යුගයේ සිදු වන දේවල් සිදු වන්නේ නැහැ. එහි සෑම නිවසක්ම ආලෝකමත්. එහිදී ඔවුන් දීපවාලි සමරන්නේ නැහැ. එහි ජිවයන්ගේ ආලෝකය දැල්වෙමිනුයි පවතින්නේ. ඔවුන් මංගල්‍යයයි සමරන්නේ, දීපවාලී නොවෙයි. ජීවයන්ට නිවසට යා නොහැකියි ඔවුන්ගේ ජීව ආලෝකමත් වන තෙක්. ඒ නිසා ඔබ දැන් සිතිය යුතුයි, කෙලෙසද මේ අපිරිසිඳු අය පිරිසිඳු කරන්නේ කියලා. දරුවනි, ඔබ මේ ගැන සිතා උසස් නිල දරන අයට ගොස් පහදා දෙන්න. ඔබ පුවත්පත් වල අපහාසයට ලක් වුණා. දැන් ඔබ ඔවුන්ගෙන් ගෞරව ලබනවා. ඔබ ඔවුන්ට සුළු මුදලක් දුන් විට ඔවුන් හොඳ දේවල් පළකරනවා. නමුත් ඔබ කොච්චර කාලයක් මෙහෙම මුදල් දෙන්නද? මුදල් දීම හරියට අල්ලස් දීමක් වගේ. නීතියට පටහැනියි. අද කාලයේ අල්ලස් දීමකින් තොරව කිසි දෙයක් කරන්නේ නැහැ. එනම්, ඔබත් අන් අය වගේ අල්ලස් දෙන්න පුරුදු වුණොත් ඔබ සහ ඔවුන් අතර වෙනසක් ඇත්තේ නැහැ. මේ නිසයි ඔබට යෝගා බලය තියෙන්නේ. ඕනෑම කොනෙකු ලවා ඕනෑම දෙයක් කරවිය හැකි වන සේ ඔබට යෝගා බලය තිබිය යුතුයි. ඔවුන්ට දැනුම පතුරුවන්න ඔබටත් දැනුම බලය තිබිය යුතුයි. මේ සියලු පින්තූර තුළ දැනුම ගැබ් වෙලා තියෙනවා. යෝගා අදෘෂ්‍යමානයි. ඔබේ අසීමිත උරුමය දිනා ගැනීමට නම් ඔබ ජීවයක් බවට නිෂ්චය කරගෙන බාබාව සිහිකරන්න. මෙය අදෘෂ්‍යමාන සම්බන්ධයක්. එමඟින් ඔබ ලෝක අධිරාජ්‍යයින් බවට පත් වෙනවා. ඔබ කොතැන සිටියත් ඔබට පියාව සිහි කරන්න පුළුවන්. ඔබ මෙතැන හිඳ සිටින විටත් ඔබ තුළ තිබිය යුත්තේ නිකම්ම නිකම් යෝගා නෙමෙයි. ගැඹුරු සම්බන්ධයක් (සාධනා). දැනුම යෝගා දෙකම ඉතා පහසුයි. දින හත පාඩම් මාලාව ගන්න, එච්චරයි. වෙන මොනවත් අවශ්‍ය නැහැ. ඔබට අන්‍යයන් ළඟට ගොස් ඔවුන්වත් තමන්ට සමාන තත්ත්වයකට පත් කරවා ගන්න පුළුවන්. බාබා තමයි දැනුමේ හා සාමයේ සාගරය. මේවා තමයි ප්‍රධානම කරුණු දෙක. ඔබට පුළුවන් ඔබේ උරුමය නැමැති සාමය ඔහුගෙන් දිනාගන්න. සිහි කිරීම ඉතාමත් සූක්ෂමයි. දරුවනි, ඔබ පිට පළාත් වලට යාමටත් සුදුසුයි. නමුත් ඔබ බාබා සිහිකළ යුතුයි. ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. එමෙන්ම දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කර ගත යුතුයි. ඔබ තුළ කිසිම දුර්වලත්වයක් නොතිබිය යුතුයි. රාගයත් විශාලතම දුර්වලත්වයක්. බාබා කියනවා අපිරිසිඳු වෙන්න එපා. ඔබේ භාර්යාව ඔබ සමඟ සිටියත් ඔබ නිශ්චය කර ගත යුතුයි, තමන් ජීවයක් බව සහ මා, ඔබේ පියාව සිහි කරන්න. දැක්කත් බලන්න එපා. ඔබේ පියාව සිහිකරන්න. ඔහුයි දැනුමේ සාගරය. ඔහු ඔබව ඔහුට සමාන කරගන්නවා. ඉතින් ඔබත් දැනුම් සාගරයක් වන්න. ඔබ මේ ගැන නොසන්සුන් විය යුතු නැහැ. ඔහුයි උත්තරීතර ජීවය ඔහු ඉන්නේ උත්තරීතර දනව්වේ. ඒ නිසයි ඔහුට උත්තරීතර කියන්නේ. ඔබත් ඉන්නේ එතැනයි. ඔබ දැන් දැනුම ගන්නවා. ඔබේ නොම්බරය අනූව ඔබ දරණ උත්සාහයේ ප්‍රමාණයට ගෞරවයෙන් සමත් වන අයට තමයි දැනුම් සාගරයක් කියන්නේ. බාබා දැනුම් සාගරයයි. ඔබත් ඒ දැනුම් සාගරයක් වෙමින් පවතිනවා. ජීවයන් උත්තරීතර ජීවයට වඩා විශාල හෝ කුඩා නැහැ. ඔහු ගැන කියැවෙන්නේ ඔහු හිරු දහසකටත් වඩා දීප්තිමත් කියලයි. මේ සියල්ල බොරු කතා. ඔබ දර්ශනය කරගෙන ඉන්න ස්වරූපය තමයි ඔබේ බුද්ධියේ තියෙන්නේ, මෙය වටහා ගැනීමයි. ඔබට දර්ශනය වුවහොත් ජීවය හෝ උත්තරීතර ජීවය ඒ දෙකම එකයි. බාබා ඔබට පැහැදිලි කෙරෙව්වා මම දැනුම් සයුර පාරිශුද්ධත්වයට පත් කරන්නා මම නියම වෙලාවට එනවා සියල්ලන්ටම ගැලවීම ලබා දීමට. ඔබයි භක්ති වැඩිපුරම කරලා තියෙන්නේ. ඒ වගේම ඔබටයි බාබා නැවත උගන්වන්නේ. රක්ෂා බන්ධන් වලට පසුව තියෙන්නේ ක්‍රිෂ්ණාගේ උපතයි. ඉන්පසුව දෂේරා උත්සවය. ඇත්තටම ක්‍රිෂ්ණාට එන්න බැහැ දෂේරාව (රාවණ් පිච්චීම)ට පෙර. දෂේරා සමරන්නේ ක්‍රිෂ්ණාගේ උපතට පෙරයි. ඔබට පුළුවන් මේවා ගැන වාර්තාවක් තබා ගන්න. ඉස්සර ඔබට කිසිවක් තේරුණේ නැහැ. බාබා දැන් ඔබව වඩාත් තේරුම් සහගත කරවනවා. ගුරුවරයාත් ඔබව ඥානවන්ත කරවනවා. සුමිහිරි දරුවනි, ඔබත් තත්පරයකින් දැනුවත් බවට පත් විය යුතුයි. කෙසේවෙතත්, මිනිසුන්ට තියෙන ගල් බුද්ධියට කිසිවක් අවබෝධ වෙන්නේ නැහැ. ඇත්තටමඑ යට ගත වෙන්නේ තත්පරයක් පමණයි. උපතින් උපත ඔබට අළුත් සීමිත පියෙක් ඉන්නවා. මේ අසීමිත පියා එන්නේ එක් වතාවයි, ඔහු පැමිණ ඔබට උපත් 21ක උරුමය ලබා දෙනවා. ඔබ දැන් ඔබේ අසීමිත උරුමය අසීමිත පියාගෙන් ලබා ගත යුතුයි. ඔබටත් දීර්ඝායුෂ තියෙනවා. ඉන් කියැවෙන්නේ නැහැ ඔබට එකම පියෙක් උපත් 21දීම ඉන්නවා කියලා, නැහැ. ඔබේ ආයු කාලය දීර්ඝ වෙනවා. ඔබ දුක අත්දකින්නේ නැහැ. අවසානයට මේ දැනුම විතරයි ඔබේ බුද්ධියේ රැඳෙන්නේ. ඔබ බාබාව සිහිකළ යුතුයි. උරුමය දිනා ගත යුතුයි. පුතෙකු ඉපදුණු විටම ඔහු උරුමක්කරුවෙක් වෙනවා. දැන් ඔබ බාබාව හඳුනනවා, බාබාව සහ උරුමය සිහිකර පාරිශුද්ධ වන්න දිව්‍යමය ගුණධර්ම උකහා ගන්න. බාබා සහ උරුමය හරිම ලේසියි. ඔබේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරිපිට තිබෙනවා. දරුවනි, ඔබ දැන් සිතිය යුතුයි දැනුම පත්තර වල විස්තර කරන්නේ කෙසේද කියලා. ඔබ ඔවුන්ට ත්‍රිමූර්ති හී පිනතූරය දිය යුතුයි, මන්ද බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය යන්න විස්තර කළ යුතුයි. බාබා එන්නේ බ්‍රාහ්මණයින් පවිත්‍ර කරන්නයි, මේ නිසයි ඔවුන් රාඛි බඳින්නේ. පාරිශුද්ධත්වයට පත් කරන්නා භාරතය පවිත්‍ර කරනවා. දැන් ඔබේ උපත් 21 සම්පූර්ණයි. ඔබ සැවොම පාරිශුද්ධ විය යුතුයි. මන්ද පාරිශුද්ධ ලොව බිහිවෙමින් පවතින නිසා. ඒ උපත් සියල්ලම ගත් අය පැහැදිලිව අවබෝධ කර ගන්නවා. අවසානයට එන අය එතරම් සතුටක් අත්දකින්නේ නැහැ, මන්ද ඔවුන් කර තිබෙන්නේ අඩු භක්ති ප්‍රමාණයක්. බාබා එන්නේ ඔබට භක්තියේ ප්‍රතිඵල දීමටයි. ඔබ දැන් දන්නවා කවුද භක්ති ගොඩක්ම කළේ කියලා. ඔබයි නොම්බර එකට පත් වෙන්නේ. ඔබලා අමිශ්‍ර භක්තිය කළ අයයි. ඔබෙන් අහන්න මම මේ පුද්ගලයාට වඩා භක්ති කර තිබෙනවාද ? බලවත් සේවයක් කරන අය බොහෝ භක්ති කර තිබිය යුතුයි. බාබා, නම් කිහිපයක් කිව්වා කුමාර්කා, ජනක්, මනෝහාර්, ගුල්සා. හැමෝම අනුපිළිවෙලයි. නමුත් ඔබට මෙහි අනුපිළිවෙලට ඉඳගන්න බැහැ. එමනිසා, ඔබ සිතිය යුතුයි කොහොමද පත්තර වලට රක්ෂා බන්ධන් ගැන ලියන්නේ කියලා. රාඛි බඳින්න මැති ඇමතිවරු ළඟටත් යා හැකියි. නමුත් ඔවුන් පවිත්‍ර වෙන්නේ නැහැ. ඔවුන්ට කියන්න පවිත්‍ර වන්න එවිට නව ලොව ගොඩ නැඟිය හැකියි කියලා. ඔබ යක්ෂ බවට පත් වෙලයි හිටියේ උපත් 63ක්. දැන් බාබා කියනවා මේ ඔබේ අවසන් උපතේ පවිත්‍ර වන්න. බාබාව සිහිකරන්න, එමඟින් ඔබේ හිසේ තියෙන පව් බර ඉවත් කර දැමිය හැකියි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ගෞරවයෙන් සමත් වීමට නම්, බාබා මෙන් දැනුම් සාගරයක් වන්න. ඔබවම විනිශ්චය කර බලන්න ඔබ තුළ දුර්වලතා තියෙනවාද කියා. ඒවා දුරලන්න. අන් අයගේ ශරීර දුටුවද ඒ දෙස නොබලන්න. අන්‍යයන් සමඟ කතා බහ කිරීමේදී ද තමන් ජීවාත්ම බවට නිශ්චය කරගන්න.

2. විශාල යෝගා බලයක් ලබාගන්න. එවිට ඔබේ සියලු ක්‍රියා පහසුවෙන් සිදු වේවි. සියලු දෙනා පාරිශුද්ධත්වයට පත් විය යුතු බව කියන පණිවුඩය පුවත්පත් වලට දෙන්න. අන්‍යයන්වත් ඔබේ තත්ත්වයට සමාන කර ගැනීමට සේවය කරන්න.

වරදානය:
ඕනෑම ශාරීරික අවධානයක් ජීවාත්ම අවධානයේ මනෝ ස්ථිතියකට පරිවර්ථනය කිරීම මගින් ඔබට අසීමිත නිරාශාවක් ඇති වේවා.

දිගටම ගමන් කරන අතරතුර, ඔබට උනන්දුවක් නොමැති නම්, එයට ප්‍රධාන හේතුව ඔබේ ශරීර අවධානයයි. ඔබට නිරාශාවක් ඇතිවන තුරු හෝ ශරිර අවධානයක් නැති වන තුරු, ඔබට කිසිම දෙයකට ස්ථිර නිරාශාවක් ඇති කර ගත නොහැක. සබඳතා කෙරෙහි නිරාශාවක් තිබීම මහ දෙයක් නොවේ; ලෝකයේ බොහෝ මිනිසුන්ට ද නිරාශාව ඇත. කෙසේවෙතත්, මෙහි දී, ඔබ ශරිර අවධානයේ බොහෝ ස්වරූප දැනගෙන සිටිය යුතු අතර ඒ සියල්ල ජීවාත්ම අවධානයේ මනෝ ස්ථිතියට පරිවර්ථනය කළ යුතුය. අසීමිත නිරාශාවක් ඇති අයෙකු බවට පත් වීමට මාර්ගය මෙයයි.

පාඨය:
ඔබේ සිතිවිලි පාද ශක්තිමත් වූ විට, අඳුරු වලාකුළු වැනි වූ අවස්ථාවන් පරිවර්ථනය වනවා ඇත.