13.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ ජීවිතය, දියමන්තියක් මෙන් වටිනා කිරීම සඳහා ඔබ පියා වෙතට පැමිණ ඇත. ඔබගේ ජීවිතය එසේ වන්නේ, පියාගේ සිහිපත් කිරීම තුළින් පමණයි.

ප්‍රශ්නය:
නව ලෝකයේ උසස් තත්ත්වයක් හිමි කර ගැනීම සඳහා, ඔබ දැරිය යුතු ප්‍රධානතම උත්සාහය කුමක්ද?

පිළිතුර:
බාබා පවසන්නේ: සුමිහිරි දරුවනි, ඔබව බොහෝ දුකට පත් කර ඇති පැරණි නෑදෑයින්ට තිබෙන බැඳීමේ උගුලෙන් ඔබගේ බුද්ධිය ඉවත් කරගෙන, මා සිහි කරන්න! ඔවුන් සමඟ දිවි ගෙවන අතර, ඔබගේ මනස මාහට සම්බන්ධ කරන්න. නිරන්තරයෙන් ’මන්මනභාව්’ මන්ත්‍රය සිහිකරන්න, එවිට ඔබට නව ලෝකයේ උසස් තත්ත්වයක් හිමි වෙයි.

ගීතය:
ඔබ රාත්‍රිය නිදමින්, දහවල, කෑම කමින් ගත කළා! දියමන්තියක් මෙන් වටිනාකමක් තිබුණු ඔබගේ ජීවිතය, සිප්පි කටුවක් මෙන් නොවටිනා වී තිබේ!

ඕම් ශාන්ති.
ආගමික ග්‍රන්ථවල සාරය ඔය දරුවන්ට පහදා දෙන සේම, මෙම ගීතද ඔබට පහදා දෙනු ලබනවා. සෑම කෙනෙකුගේම ආධ්‍යාත්මික පියා, ඔහුම පමණයි. ඔහු මෙහි අසුන්ගෙන, බ්‍රහ්මගේ සිරුර තුළින් සියලුම ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. පියා පහදා දෙන්නේ අහෝ දරුවනි, ඔබගේ ජීවිතය, දියමන්තියක් මෙන් වන බව ඔබ දන්නවා. ඔබ පියා වෙතට පැමිණෙන්නේ ඔබගේ ජීවිතය දියමන්තියක් මෙන් වටිනා කිරීමටයි. දිව්‍ය ලෝකයේ නිවැසියන්ගේ උපත, දියමන්තියක්-වැනි උපතක් යැයි කියනු ලබයි. කලි යුගයේ වැසියන්ගේ උපත, සිප්පි කටු මෙන් නොවටි. ඔබ දැන් සංගම යුගයද දන්නවා. අපි දැන් සංගම යුගයේ වැසියන්ය. මෙම සංගම යුගය, සියලු දෙනාටම සෙත සැලසෙන යුගයයි. සෑම කෙනෙකුටම විමුක්තිය සහ ජීවන මුක්තිය ලැබෙන්නේ සංගම යුගයෙදීය. මෙය පිරිනමන්නේ කවුද? උත්තරීතර දේශයේ සිට පැමිණෙන සංචාරකයාය. සංචාරකයා ඔහුයි. ඔබ සංචාරකයින් නොවෙයි. ඔබ මෙහි ආ පසු, ඔබ ආපසු යන්නේ නැත. පියා පවසන්නේ මා පැරණි ලෝකයට ඇතුළු වී ඉන්පසුව ආපසු යයි. සේවය කරන එක් සංචාරකයෙක් පමණක් සිටින බව, ඔය දරුවන් දන්නවා. ඔහු පැමිණ, දරුවන් වන අපට ඉතා හොඳින් සේවය කරයි. එවන් සේවයක් අන් කිසිවෙකුට කළ නොහැක. ඔබ කන්නලව් කරන්නේ සේවය වෙනුවෙනි පැමිණ, අපවිත්‍ර අපව, පිවිතුරු කරන්න! පියාද පවසන්නේ ඔබ බොහෝ දුකින් සිටින නිසා මා ඔය දරුවන්ට සේවය කිරීමට පැමිණ ඇත. ඔබ අඬ ගසන්නේ අපගේ දුක නැති කර, අපට සාමය ලබා දෙන්න! ඔබ සෑම විටෙකම මෙම කරුණු දෙක සිහියේ තබා ගනී සතුට සහ සාමය. මෙහි අසාමය සහ දුක තිබේ, මිනිසුන් කන්නලව් කරන්නේ ඒ නිසයි. පැමිණ ඔය දරුවන්ට ලෝක චක්‍රය විස්තර කර දෙන්නේ පියා පමණයි. භක්ති මාර්ගය දැන් අවසානයකට පැමිණෙන බව, ඔය දරුවන්ට වැටහෙයි. කලි යුගයේ අවසානය යනු, භක්තිය දිගින් දිගටම පහත් වීමයි. ඔබගේ ඉහළ නැඟීමේ ස්ථීතිය ඇතිවන්නේ ඥානය මගිනි. ඔබ උසස්ම-උසස් තත්ත්වය හිමි කරගන්නා අතර, ඉන්පසුව එම ප්‍රතිලාභයේ සතුට, අඩු වීගෙන යයි. භාරතයේ තිබෙන තරම්, භක්තිය වෙනත් කොහෙවත් නැත. භක්තිය, චක්‍රයෙන් භාගයක් පවති. භක්තිය ඇරඹෙන්නේ, තඹ යුගය ආරම්භ වී, වෙනත් ආගම් ස්ථාපිත වීම ආරම්භ වන විටය. මුලින් දිව්‍ය ලෝකය ඉතා හොඳ වන අන්දමින්, භක්තියද ආරම්භයේ හොඳ වන අතර, ඉන්පසුව එහි අංශක, ක්‍රමයෙන් අඩුවෙයි. භක්තිය ආරම්භ වන විට, ඔබ පළමුවෙන්ම ශිවාගේ වන්දනාකරුවන් වෙයි. චක්‍රයෙන් භාගයකට වන්දනාවක් නොමැත. පසුව, භක්ති මාර්ගය ආරම්භ වන විට, අනෙත් ආගම්ද පැවතීම ඇරඹෙයි. එතරම් භක්තියක් වෙනත් කිසිවෙකුට කළ නොහැක. භක්තිය චක්‍රයෙන් භාගයකට පැවතෙයි. විශේෂයෙන් භාරතයටත්, අන් සියල්ලන්ටමත්, විමුක්තිය පිරිනමා, ඔවුන්ව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවන, දුර ඈත දේශයේ සිට පැමිණි සංචාරකයා වන පරමාත්ම පියා, නැවත වතාවක්, දරුවන් වන අපට ආධිපත්‍යය ලබා දීමට පැමිණ ඇති බව, ඔය දරුවන් දන්නවා. ඔබට ඉතා විශාල උරුමයක් හිමිවන නමුත්, කිසිම කෙනෙකුගේ බුද්ධිය තුළ, එකදු දෙයක්වත් සනිටුහන් වන්නේ නැත. භාරතයේ ජනතාව බොහෝ භක්තියේ යෙදෙයි. දේවාල බොහෝ තිබේ. භාරත අර්ධද්වීපයේ, බොහෝ දේවාල තිබේ. මෙම දේවාල කාගෙද කියා, ඔබ දැන් දන්නවා. ඔවුන් පළමුවෙන්ම දේවාලයක් තනන්නේ, ශිව බාබාටය. ඉන්පසුව ඔවුන් දේවතාවන්ට දේවාල ගොඩනඟයි. එම දේවාල ඔබ ඉදිරියේ තිබේ. එක් අතකින් ඔවුන් දිගින් දිගටම ශිව බාබාට වන්දනා කරන අතර, අනෙක් අතින් ශිව බාබා, ඔබව වැඳුම් ලබන්නට සුදුසු අය බවට පත් කරවයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ වැඳුම් ලබන්නට සුදුසු දේවතාවන් වීමටයි. ඇත්ත වශයෙන්ම, දේවතාවන්ගේ වන්දනාකරුවන් සියල්ලම මෙහි පැමිණ, බ්‍රහ්මණයන් වෙයි. වර්ධනය ක්‍රම ක්‍රමයෙන් සිදුවෙයි. සෑම දෙනාටම එකවර ඉගෙන ගැනීමට නොහැක එයට කාලයක් ගත වෙයි. පෙර චක්‍රයේ ඉගෙනගත් අය, නැවතත් ඉගෙන ගනීවි. ඔබ දිගටම එකිනෙකාට ඉගැන්විය යුතුයි. එය තුළින් මිනිසුන්ට දිව්‍ය ලෝකයේ අධිපතියන් විය හැකි, පියා මෙන්ම ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය, ඔබ සෑම කෙනෙකුටම ලබා දෙයි. පැමිණ මෙය වටහාගන්න! මෙම නාටකය අඛණ්ඩව බ්‍රමණය වන අන්දම, ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. වසර සිය දහස් ගණයක් දිග කතාපුවතක්, කිසිවෙකුට පැවසිය නොහැක. වසර 5000කට පෙර පැවතියේ කුමක්ද, එමෙන්ම එය කාගේ රාජධානිය වුයේද කියා, ඔබ දන්නවා. එය භාරතයේ, පිදුම් ලබන්නට සුදුසු, දේවතාවන් වූ අපගේ රාජධානිය විය. ඔබ පිදුම් ලබන්නට සුදුසුව සිට, පසුව වඳින්නන් වූ බව, ඔබට මතකද? ඔබ පිදුම් ලබන්නට සුදුසු දේවතාවන්ව සිට ඉන්පසුව උපත් 84ක් ගත් බව, ඔබ පෙර දැන සිටියේ නැත. උපත් 84හි කතා පුවත, ලක‍්ෂ්මි සහ නාරායනගේ කතා පුවතයි. ඔබ ඔබගේ උපත් 84හි කතා පුවත පවසයි. අසුන්ගෙන, ඔවුන්ගේ කතා පුවත ලියන්නට, ඔවුන්ට බොහෝ කාලයක් ගත වෙයි. ඔබට විනාඩියකදී ඔබගේ උපත් 84හි කතා පුවත පැවසිය හැක. ඔවුන් තම එක් උපතක කතාව, ඔවුන්ගේ ළමා කාලයේ සිට, කල කී දේ ගැන ලියයි. මෙම කෙනාද ඔහුගේම කතා පුවත, ඔහු උපත් 84හි චක්‍රය වටා යන අන්දම ගැන කියයි. එය එක් බ්‍රහ්මණයෙක් පමණක් පිළිබඳව නොවෙයි බොහෝ බ්‍රහ්මණයන් සිටියි. මෙම චක්‍රය ගැන දන්නේ ඔබ පමණයි. මෙම චක්‍රය ගැන දැනුවත් වීමෙන් ඔබ රජවරුන් සහ රැජිනියන් වන අතර, ඔබ අන් අයවද ඒ හා සමාන කරවයි. භාරතයේ ජනතාව තරම් වෙනත් කිසිවෙකු භක්තියේ යෙදෙන්නේ නැත. ඉතිරි සියලුම කණ්ඩායම්, ආගම්, ආදිය ස්ථාපිත වන්නේ, අපගේ භක්තියේ කාලය තුළදීය. මුලදී අපගේ මල් ගස, තිබුණේ ඉතා කුඩාවටයි. ආධ්‍යාත්මික මල් උයන තිබුණු අතර එහි ජීවමාන මල් වූයේ ඔබයි. එයට මල් උයන යැයි කියයි. පසුව, එය දිගටම ඔබගේ කටු උයන බවට පත් වෙයි. මෙකල සෑම කෙනෙක්ම කටු වී ඇත. ඔබ කටු බවින්, මල් බවට පරිවර්ථනය විය යුතතේ කෙසේද කියා, පියා මෙහි අසුන් ගෙන පහදා දෙයි. එකිනෙකාට දුක් දීම යනු, කටුවක් මෙන් ඇනීමයි. හොඳම වන්නේ, ශිෂ්‍ය දිවිය බව කියැවෙයි. හොඳම ජීවිතය එයයි. සියලුම ගැහැනු සහ පිරිමි ළමුන් ඉතා සතුටින් ඉගෙනගනී. පසුව, ඔවුන් විවාහ වූ විගසම, එකිනෙකාට කටු මෙන් අනින්නට පටන් ගනී. ස්වර්ණමය යුගයෙදී කිසිම කෙනෙක් තව කෙනෙකුට අනින්නේ නැත. ඔබ දැන් මල් බවට පත් වනවා. භාරතය දෙව්ලොව වූ කල, එහි අසීමිත සතුට තිබුණු බව ඔබ දන්නවා. රන් ආකර තිබුණි. ඒවා දැන් හිස් වී තිබේ. පසුව ඔබට බොහෝ රත්තරං ලැබෙයි. භාරතයේ, දියමන්ති, රත්තරං සහ වෙනත් මැණික් ආකර තිබුණි. එකල, අමරිකාව ආදිය පැවතුණේ නැත. එවිට බොම්බායද පැවතුණේ නැත. කලි යුගය අවසානයේ, කිසිම තැනක රත්තරං පෙනෙන්ට නොමැති වීම විශ්මයකි, එනමුදු ස්වර්ණමය යුගයේ ආරම්භයේදී ආකර පිරී තිබෙන අතර, රත්තරං මාලිගා ගොඩනැඟෙයි, එය විශ්මයකි! එහි ආකර වලින් බොහෝ රත්තරං මතුවෙයි. ඔබට මෙහි මැටි ගඩොල් තිබෙන ආකාරයෙන්ම එහිදී රත්තරං ගඩොල් තිබෙයි. ධ්‍යානයකට සම වැදී, රත්තරං හැර වෙනත් කිසිවක් නුදුටු මායා නම් මෝඩයා ගැන ඔවුන් නාටකයක් රඟ දක්වයි. ස්වර්ණමය යුගයේ, සැබවින්ම රත්තරං පමණක් තිබෙයි. මෙහි ඔබට මැටි ගඩොල්වත් සොයා ගන්නට නොහැකිය. ඔබ මෙහි ගඩොල් මිල දී ගන්නා නමුත්, එහිදී ඔබට රත්තරං ගඩොල් නොමිලේ ලැබෙයි. එය දහවල සහ රාත්‍රිය මෙන් වෙනසකි. එබැවින් ඔබ නව ලෝකයේ උසස් තත්ත්වයක් හිමි කරගැනීමට උත්සාහ නොදරන්නේ ඇයි? මෙම බැඳීම් නමැති උගුලේ ඔබ සිරවිය යුත්තේ ඇයි? පියා පවසන්නේ ඔබගේ පැරණි නෑදෑකම් වලින් ඔබ බොහෝ දුක් ගනී. ඒවා අත්හරින්නට කියා බාබා ඔබට නොකියයි. ඔබගේ බුද්ධිය එක් පරමාත්ම පියාට යෝගාව තුළින් සම්බන්ධ කරන්න, එපමණයි, එවිට ඔබ ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. ’මන්මනභව’හි අරුත වන්නේ මා සිහි කරන්න, එමෙන්ම අත් සතරක් සහිත පිළිරුව විෂ්ණු, එනම්, විෂ්ණු දේශය සිහිකරන්න. ඇත්තේ එක් ප්‍රධාන ව්‍යවහාරයයි. භක්ති මාර්ගයේ ව්‍යාකූල බොහෝය. ඔය ජීවාත්ම, එක් ආදරවන්තයා, පරම පියා, පරමාත්ම ජීවයගේ ආදරවන්තයින්ය. ඔහු ඔබව සතුටු දේශයේ අධිපතියන් බවට පත් කරවයි. සියලුම ජීවාත්ම සිහිකරන්නේ ඔහුවයි. ඔබ ආධ්‍යාත්මික ආදරවන්තයාගේ ආධ්‍යාත්මික ප්‍රේමවන්තයින් වන්නේ එක් වතාවක් පමණයි. අන් සියල්ල, මානව, භෞතික ආදරවන්තයින් සහ ප්‍රේමවන්තයන්ය. අසීමිත ආදරවන්තයන්ට දැන් අසීමිත ප්‍රේමවන්තයාව මුණගැසී ඇත. ඔබ ඔහුට පවසන්නේ පැමිණ, අපවිත්‍ර අපව පිවිතුරු කරන්න! ඔවුන් කන්නලව් කරන්නේ ඒකායන කෙනාට පමණයි. ඔබ අපවිත්‍ර වී ඇති බැවින් ඔබ පාරිශුද්ධකරුට කන්නලව් කරන බව, ඔය ජීවාත්ම දන්නවා. කුම්භමේලාවක් පැවැත්වෙන විට, බොහෝ දෙනෙක් ගොස් ගංඟා නදියේ ස්නානය කරයි. ඉන් කිසිම යහපතක් නැත. එය තුළින් කිසිවෙකු පිවිතුරු වන්නේ නැත. පියා දැන් පැමිණ ඔබ මත දැනුම වස්සයි. ඔබව දැනුමින් වස්සයි, එය මඟින් කටු කැලෑව, මල් උයනක් බවට පත්වෙයි. එය ඔබගේ රාජධානිය වන විට, අපවිත්‍ර කිසිවෙකු එහි නොසිටින බව ඔබ දන්නවා. ඥාන වර්ෂාවෙන්, මුළු ලෝකයම වස්සනු ලබයි. සෑම දෙයක්ම නැවුම් සහ කොළ පැහැ ගැන්වෙයි. දියමන්ති සහ මැණික් ආකර පවා, නැවතත් අළුත් වෙයි. ඔය දරුවන් දැන් බොහෝ සතුටින් සිටිය යුතුයි! අසීමිත පියා පෞද්ගලිකවම මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට මෙසේ පවසන බව ඔබට දැකිය හැක මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. ඔබට ඕනෑම තැනක අසුන් ගත හැක ඔබ ස්නානය කරන විට පවා, ඔබගේ බුද්ධිය තුළ පියාගේ සිහි කිරීම තබා ගන්න. ඒ වෙලාවට ඔබට පියා සිහිකිරීමට කාලය තිබේ. ඔබ පියාව කෙතරම් සිහි කරන්නේද, එයට අනුව ඔබ ආදායකමක් උපයා ගනි. සිහිපත් කිරීම තුළ ආදායමක් තිබේ. සිහිපත් කිරීමෙන් ආදායමක් උපයාගත හැකි බව, ඔබ කිසිදා අසා තිබෙනවාද? මෙය ඉතා විශාල ආදායමකි! ඔබ විෂ්ණු දේශයේ අධිපතියන් වෙයි. ඔය ජීවාත්මයන්ගේ පියා, අශාරීරික කෙනා බව ඔබ දන්නවා. ඔහු මෙම කෙනාගේ සිරුරේ ආධාරය ගෙන තිබේ. ’භාග්‍යවන්ත රථය’ ගැනද කතා කෙරෙයි. උත්තරීතර පියාගේ උත්තරීතර ජීවාත්මය, ඇතුළු වී පදවන්නේ, භාග්‍යවන්ත රථයයි. ජීවාත්මයකගේ රථය සූදානම් වන විට, එම ජීවාත්මය විගසින් පැමිණ, එයට ඇතුළු වෙයි. පියාට තිබෙන්නේ මෙම රථය තුළට ඇතුළු වී, ඥානය දීම පමණයි. මෙම කෙනාගේ බොහෝ උපත් ගණනාවක අවසන් උපතේ අග මෙන්ම එය ඔහුගේ විශ්‍රාමික අවදිය වන විට, පියා පවසන්නේ මා පැමිණ, මෙම කෙනා තුළට ඇතුල් වෙමි එනම්, මා මෙම රථය තුළ පෙනී සිටිමි. එය අශ්ව රථයක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔබට දැන් ඥානය ලැබී තිබේ. පියා මෙහි අසුන් ගෙන ඔබට මුහුණට මුහුණලා විස්තර කරදෙයි. ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. කෙනෙක් ICS විභාගයට ඉගෙන ගන්නා විට, ඔහුට විශාල කුල්මත්භාවයක් තිබේ. උසස්ම විභාගය එයයි. මෙයත් ඔබට ඉගෙනුමකි. මෙය, පරමාත්ම දෙවියන් උගන්වන පාසැලයි. දැන් මෙවන් ප්‍රශ්නයක් පැන නඟියි දෙවියන් යනු කවරෙක්ද? එය ශ්‍රී ක්‍රිෂ්ණාද එසේත් නැත්නම් ශිව බාබාද? සෑම කෙනෙකුගේම දෙවියන් කවරෙක්ද? එය අශාරීරික කෙනා විය හැකි බව මිනිසුන් විශ්වාස කරන නමුත්, එය ක්‍රිෂ්ණා බව සෑම කෙනෙක්ම විශ්වාස නොකරයි. සියලුම ජීවාත්මයන්ගේ පියා, අශාරීරික උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයයි. ඔහු නිරන්තරයෙන් සිටින්නේ උත්තරීතර දේශයේය. ඔය දරුවන්ව දෙව්ලොව අධිපතියන් කිරීමට, ඔහු පැමිණෙන්නේ එක් වරක් පමණයි. එම බාබාම සෑම චක්‍රයකදීම පැමිණ, ඔබව යාචකයන්ගෙන් රජකුමරුන් බවට පරිවර්ථනය කරන බව, ඔබ දන්නවා. භාරතය දැන් යාචකයෙකි. ඔබගේ මතු උපතෙදී ඔබ කවුරුන් වන්නේද කියා, ඔබට දර්ශන ලැබී තිබේ. තවද ඔබට ස්ථාපනයේ මෙන්ම විනාශයේද දර්ශන ලැබී තිබේ. පරමාත්ම දෙවියන් පවසයි මා ඔබව රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවමි. ඇතැම් අය බොහෝ දන් දී බොහෝ පුණ්‍යකර්ම සිදු කරන විට, ඔවුන්ට තාවකාලික සතුට ලැබෙයි. ඔවුන් රජවරුන්ට දාව ඉපදී ඉන්පසුව සැනෙකින් මිය යයි. සමහරුන් මව්කුස තුළදි පවා මිය යයි. ඇතැමුන් කොර, අංගවිකල හෝ එක් ඇසක් පමණක් ඇති අය වෙයි. කෙනෙක් ලබන තත්ත්වය, ඔහු සිදුකරන ක්‍රියා වලට අනුවයි. මා දැන් ඔබව රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවනවා. ඔබ පවසන්නේ බාබා, මා ඔබ වෙනුවෙන් කැප වෙමි. එබැවින් ඔබ නියත වශයෙන්ම රාජධානියක් හිමි කරගනී. භාරතයට මහා දානපතියන්ගේ දේශය, යැයි කියයි. මෙහි මිනිසුන් බොහෝ දන් දී එමෙන්ම බොහෝ පුණ්‍ය කර්ම ද සිදුකරයි. ඒ සියල්ල ආරම්භ වන්නේ භක්ති මාර්ගයේය. පියා දැන් ඔබට උපත් 21කට දානයක් දෙයි. ඔබ දැන් තමන්ව බාබා වෙනුවෙන් කැප කරයි. ඔබ දැන් ඔබගේ සිරුරු, මනස සහ ධනය දී තිබේ. පියා පවසන්නේ දැන් භාරකරුවන් සේ ජීවත් වන්න. ඔබගේ ගෘහය සහ පවුල රැක බලාගන්න. ’සෑම දෙයක්ම අයත් වන්නේ ශිව බාබාටයි. මා ඔබ සතුයි. මා සිහි කරන්නේ ඔබ පමණයි.’ ඔබ හදවතින්ම තමාව කැප කරයි. පියා පවසන්නේ ඔබට මාලිගාවල ජීවත් වී, එහේ මෙහෙ සංචාරය කර විනෝද විය හැක, නමුත් මා සිහි කරන්න, එපමණයි, එවිට ඔබ බොහෝ සතුටින් රැඳී සිටියි. ඔබ ලෝකයේ අධිපතියන්ව සිටියා. ඔබ දැන් උත්සාහ දැරීමෙන් නැවතත් එය බවට පත්වෙමින් සිටිනවා. පියා විස්තර කරන්නේ මිහිරිතම, සුමිහිරි දරුවනි, ඔබ පාපයන් ජයගන්නේ, යෝගා බලයෙන් පමණයි. පියාගේ සිහිපත් කිරීමේ සිටීමෙන් ඔබ ලෝකයේ පාලකයන් බවට පත් වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. රාජකීය තත්ත්වයක් හිමි කරගැනීම සඳහා, තමන්ව, සම්පූර්ණයෙන්ම පියාට කැප කරන්න. ඔබගේ සිරුර, මනස සහ ධනය කැප කර, භාරකරුවෙක් ලෙසින් ජීවත් වන්න. පාපයන් පරාජය කළ කෙනෙක් වීමට උත්සාහ දරන්න.

2. ආදායමක් උපයාගත හැක්කේ සිහිපත් කිරීම තුළින් පමණයි. එබැවින් නිරන්තරයෙන් සිහිපත් කිරීමේ සිටිමට උත්සාහ දරන්න. මල් ලෝකයට අයිතියක් හිමි කරගැනීම සඳහා, එවන් ආධ්‍යාත්මික මල් බවට පත් වන්න. ඔබ තුළ කටු ඉතිරි වී නොතිබිය යුතුයි.

වරදානය:
ඔබට අසීමිත නිරාශාවක් ඇති වී එකම පරම පියා තුළ මුළු ලෝකයම අත්විඳිය හැකි වේවා.

පරම පියා තම ලෝකය ලෙස සලකන අයට පමණක් අසීමිත නිරාශාවක් තිබිය හැකිය. පරමාත්ම පියා පමණක් තම ලෝකය ලෙස සලකන අය තම ලෝකයේ රැඳී සිටිනු ඇති අතර ඔවුන් වෙනත් කිසිවෙකු සමඟ සම්බන්ධ නොවනු ඇත, ඔවුන් ඉබේම එයින් ඉවත් වේ. මිනිසුන් සහ දේපළ යන දෙකම ලෝකයට ඇතුළත් වේ. පරම පියාගේ ධනය යනු මගේ ධනයයි. මෙම අවධානය පවත්වා ගැනීමෙන්, ඔබ අසීමිත නිරාශාවක් ඇති අයෙකු බවට පත්වනු ඇත. අන් අය දෙස බලන විට, ඔබට කිසිවෙකු නොපෙනේ, ඔවුන් ඔබට දෘශ්‍යමාන නොවනු ඇත.

පාඨය:
බලවත් අවධියක් අත්විඳීමට, හුදකලාවේ සිටීමේ සහ විනෝදාස්වාදයේ සමබරතාවය තබා ගන්න.

අව්‍යක්ත සංඥාව: ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.

මිනිසුන්ට ආරක්ෂිතව සිටීමට බලකොටුවක් ඉදිකර ඇත. ඔබ රජෙකුට කුඩා කුටියක් නිර්මාණය නොකරනු ඇත, බලකොටුවක් ගොඩනඟනු ඇත. ඔබ සෑම කෙනෙකුම තමාටත්, තම හිතමිතුරනුත් සහ අනෙකුත් සියලුම ජීවාත්ම සඳහා ගිණිකන්දක් වැනි ස්මරණයේ බලකොටුවක් ගොඩනගා ගත යුතුය. ස්මරණ බලයේ ගිණිකන්ද ඇති විට, සියලුම ජීවාත්ම ආරක්ෂාව අත්විඳිනු ඇත.