13.08.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාබා පැමිණ සිටින්නේ ඔබගේ වාසනාව අවදි කරවීමටයි. ඔබේ වාසනාව අවදි විය හැක්කේ පාරිශුද්ධත්වයට පත්වීමෙන් පමණයි.

ප්‍රශ්නය:
වාසනාව අවදි වී තිබෙන දරුවන්ගේ සලකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන් සතුටේ දෙවඟනන් බවට පත්වෙනවා. ඔවුන් අසීමිත පියාගෙන් ඔවුන්ගේ සතුටෙහි උරුමය හිමිකර ගන්නා අතර සැවොම සතුටට පත් කරවයි. ඔවුන්ට කෙසේවත්, කිසිවෙකුටවත් දුකක් දිය නොහැකිය. ඔවුන් ව්‍යාස්ගේ, සුඛ්දෙව්ගේ දරුවන් වන සත්‍ය සතුට පිරිනමන්නන්ය. පංච පාපයන් අත්හැර ඇති ඔවුන්ට කියන්නේ සත්‍ය රාජයෝගීන්, රාජසෘෂීන් කියාය. ඔවුන්ගේ ස්ථීතිය නොසැලෙන, නොසෙල්වෙන තත්ත්වයේ පවතී. ඔවුන්ට කිසිම දේකට හඬන්නට හැකියාවක් ඇත්තේ නැත, ඔවුන්ට කියන්නේ ඇලීම් ජයගත්තන් කියාය.

ගීතය:
මගේ වාසනාව අවදි කරවාගෙන මම පැමිණ සිටින්නෙමි.

ඕම් ශාන්ති.
ගීතයේ පද වැල ඇසෙනා විට ඔය දරුවන්ට හිරිගඩු පිපෙනා තරම් සතුටක් ඇති විය යුතුයි. එය සාමාන්‍ය ගීතයක් වුවත් කිසිම කෙනෙක් එහි අර්ථය දන්නේ නැහැ. ඒ සියලුම ගීත හා ග්‍රන්ථ සියල්ලෙහි අර්ථය ඔබට කියා දෙන්නේ පරමාතම පියා පැමිණි විට පමණි. කලි යුගයේ දී සෑම කෙනෙකුගේම වාසනාව නිද්‍රාවේ ඇත්තක් බව ඔය ආදරණීය දරුවනුත් දන්නවා. ස්වර්ණමය යුගයේ දී ඔවුන්ගේ වාසනාව අවදි වෙලා. සැඟවුණු වාසනාව අවදි කරවා උපදෙස් දී ඔබගේ වාසනාව නිර්මාණය කරවන්නේ පරමාත්ම පියාම පමණයි. ඔහු මෙහි අසුන් ගෙන ඔය දරුවන්ගේ වාසනාව අවදි කරවනවා. දරුවෙක් ඉපදුණු සැනෙකින් ඔහුගේ වාසනාව අවදි වෙනවා. දරුවා ඉපදුණු සැනකින් තමන් උරුමක්කරුවෙක් බව ඔහු දැන ගන්නවා. යතාර්ථයෙන් මෙය අසීමිත කරුණක්. සෑම කල්පයකදීම තම වාසනාව අවදි වී නැවතත් නින්දට යන බව ඔය දරුවන් දන්නවා. ඔබ පාරිශුද්ධ වුණු විට ඔබගේ වාසනාව අවදි වෙනවා. පිරිසිඳු ගෘහ ජිවිතය කියා කියනවා. "ආශ්‍රමය" කියා කියන්නේ යම් ශුද්ධ ස්ථානයකටයි. පිරිසිඳු ගෘහ ආශ්‍රම තිබුණා. එයට එහායින් අපිරිසිඳු ආගම් තිබුණා. එයට ආශ්‍රමයක් කියා කියන්නේ නැහැ. සෑම කෙනෙක්ම ගෘහ මාවත පිළිපදිනවා.සතුන් තුළ පවා එය තිබෙනවා. සෑම කෙනෙක්ම දරුවන් නිර්මාණය කරනවා. සත්ත්වයින් පවා ගෙවල් දොරවල් සාදනවා. ස්වර්ණමය යුගයේදී දේවතාවරුන්ව සිටි ඔබ පිරිසිඳු ගෘහ ආශ්‍රමයකට අයිතිව සිටි බව ඔය දරුවන් දැන් දන්නවා. ඔවුන්ගේ ගුණ ගයන්නේත් සියලු ගුණයෙන් පිරි... කියලයි. ඔබටත් මෙසේ ගායනා කළා. තමන් දැන් නැවතත් වතාවක් මානව තත්වයෙන් දේවතාවරුත් වන බව ඔබට තේරෙනවා. දේවතා ධර්මය තිබෙනවා. බ්‍රහ්ම, විෂ්ණු හා ශංකර්වත් හඳුන්වන්නේ දේවතාවරුන් ලෙසිනුයි. "දේව බ්‍රහ්මා, දේව විශ්ණු නමස්කාරය" නමුත් ශිවාට කියන්නේ: පරමාත්ම පරම ශිව් නමස්කාරය කියලයි. වෙනසක් තිබෙනවා. ශිවා හා ශංකර් එකම කෙනෙක් කියා කියන්න බැහැ. ඔබට තිබුණේ ගල් බුද්ධිනුයි. දැන් ඒවා දිව්‍යමය වෙමින් පවතිනවා. දේවතාවරුන් ගල් බුද්ධි ඇති අය වශයෙන් හඳුන්වන්නේ නැහැ. නාටක සැලැස්මට අනුව එය නැවතත් රාවණ රාජ්‍යය වුණු පසු ඔවුන්ට ඉණිමඟ බැස ඒමට සිදුවෙනවා. දිව්‍යමය බුද්ධිත් ඇති තත්ත්වයෙන් ගල් බුද්ධි ඇති අය බවට ඔවුන්ට පත්වීමට සිදු වෙනවා. ඔබව වඩාත් බුද්ධිමත් කරවන්නේ එකම එක පරමාත්ම පියායි. ඔහු ඔබගේ බුද්ධිය දිව්‍යමය කරවනවා. ඔබ මෙහි පැමිණෙන්නේ දිව්‍යමය බුද්ධියක් ඇති අයෙක් වීමටයි. දිව්‍යත්වයේ අධිපතිටත් දේවාල තිබෙනවා. එහිත් එවන් විශාල පිරිසක් එකට එකතු වුවත් දිව්‍යත්වයේ අධිපති කවුදැයි කියා ඒ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඔබව දිව්‍යමය කරවන්නේ පරමාත්ම පියාම පමණයි. ඔහු සියලුම ප්‍රාඥයින්ගෙත් ප්‍රාඥයායි. මෙය ඔය දරුවන්ගේ බුද්ධියට ඇති පෝෂණයයි. බුද්ධිය වෙනස් වෙනවා. "දුෂිත දේ දකින්න එපා." කියා කියනවා. මෙය අදාල වන්නේ වඳුරන්ට නොවෙයි. වඳුරන් බවට පත්ව ඇත්තේ මිනිසුන්මයි. වානරයින්ව මිනිසුන් හා සසඳා තිබෙනවා. මෙය හඳුන්වන්නේ කටු කැළයක් ලෙසිනුයි. ඔවුන් එකිනෙකාට දුක් දී ගන්නවා. ඔය දරුවන් දැන් ඔබගේ බුද්ධියට පෝෂණය ගනිමින් සිටිනවා. අසීමිත පියා ඔබව පෝෂණය කරවනවා. මෙය අධ්‍යයනයකි. එයට ඥාන අමෘතය කියාත් කියනවා. වතුර පිළිබඳ ප්‍රශ්නයක් එහි නැහැ. මේ දිනවල, මිනිස්සු හැමදේම අමෘතය කියා කියනවා. ගංඟා නදියේ ජලයටත් ඔවුන් අමෘතය කියා කියනවා. දේවතා පිළිම වල දෙපා සෝදා ඔවුන් ඒ පැන් පානය කරනවා. ඒ වතුර තියාගෙන සිටිනවා. එම දිය බිඳ සුවිශේෂී අමෘත බිඳක් කියා ඔවුන් සලකනවා. අපිරිසිඳු අයව ඉතා පිරිසිඳු වෙනවායි කියා ඔවුන් ඒ දිය බිඳ ගන්නා අයට කියන්නේ නැහැ. ගංඟා නදියේ වතුරට පාරිශුද්ධකරු කියා කියනවා. පුද්ගලයෙක් මිය ගිය විට ගංඟා පැන් බිඳක් දෙතොලේ තබාගෙන මිය යා යුතුයි කියා කියනවා. අර්ජුන ඊතලය විද්ද සැනකින් ඊය පතිත වු තැනින් ගංඟාව මතු වුණායි කියා කියනවා. පසුව ඔහු අමෘතය පානය කිරීමට දුන්නා. ඔය දරුවන් කිසිම දුන්නක් විද නැහැ. දුණු ඊතල වලින් සටන් කරනා අය සිටිනා ගම්මානයක් තිබෙනවා. එතැන සිටිනා ප්‍රධානියා දේව අවතාරයක් කියා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. පරමාත්ම පියා කියනවා: ඒ සෑම කෙනෙක්ම භක්ති මාර්ගයේ ගුරුය. සිටින්නේ එකම එක සැබෑ සත්ගුරු පමණයි. විමුක්තිය දානය කරන්නා එකම එක අයෙක් වන අතර ඔහු සෑම කෙනෙක්වම තමා සමඟ ආපසු ගෙන යනවා. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට ඔබව ආපසු ගෙන යන්න බැහැ. බ්‍රහ්ම ධාතුව හා මුසුවීම කියා දෙයක්වත් සිදු වන්නේතැහැ. මෙම නාටකය කල්තබාම තීරණය වුණු දෙයක් වන අතර එය සදාතනිකව කැරකෙනවා. ලෝක ඉතිහාසය හා භුගෝලය නැවත නැවත කැරකෙන්නේ කෙසේදැයි කියා ඔබ දැන් දන්නවා. ජීවාත්මයත්, මිනිසුන් තම තමන්ගේ පියාව, නිර්මාණකරුව, අහෝ දෙවියන්නේ කියා සිහිපත් කරනවා. නමුත් ඒ කෙනාව දන්නේ නැහැ. සීමිත පියෙකුට කවදාවත් දෙවියන් පරම සත්‍යය කියා කියන්නේ නැහැ. දෙවි පියාණන් කියා ඔවුන් මහත් ගෞරවයකින් කියනවා. ඔහු පාරිශුද්ධකරු, දුක නැති කර සතුට දානය කරන්නා කියා කියනවා. එක් පැත්තකින් ඔහු දුක නැති කර සතුට දානය කරන්නායි කියා කියනා අතර යම් දුකකට පත් වුණු විටෙක දරුවා මිය ගිය විටෙක දෙවියන් සතුටත් දුකත් දෙකම දෙනවායි කියාත් කියනවා. දෙවියන් කළේ මොනවා ද? ඔහු අපේ දරුවා අරගෙන ගියා. පසුව ඔවුන් දෙවියන්ට අපහාස කරනවා. දෙවියන් තමාට දරුවෙක් දුන්නා කියා කියනවා. එහෙනම් ඔහු ඒ දරුවාව ආපසු ගතහොත් ඇයි ඔබ අඬන්නේ? ඔහු දෙවියන් ලඟට ගිහින්. ස්වර්ණමය යුගයේ දී කිසිම කෙනෙක් අඩන්නේ නැහැ. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: ඇඩීමට කිසිම හේතුවක් නැහැ. ඒ ජීවාත්මය යා යුතුයි. තමන්ගේ කර්ම ගිණුම් වලට අනූව ඔහු තම චරිත කොටස රඟදැක්විය යුතුයි. කිසිම ඥානයක් නොමැතිකම නිසා මිනිස්සු සෑහෙන්න අඬනවා. ඇතැම් අය උන්මාදයිනුත් වෙනවා. මෙහිදී පරමාත්ම පියා කියන්නේ ඔබගේ මව මිය ගියොත් හල්වා කන්න. පියා මිය ගියත් හල්වා කන්න. බැඳීම් දමනය කළ අයෙක් වන්න. මගේ කියා සිටින්නේ එකම එක පරමාත්ම පියා පමණයි. වෙන කිසිම කෙනෙක් නැහැ. එවන් තත්ත්වයක් ඔය දරුවන් තුළ තිබිය යුතුයි. බැඳීම් දමනය කළ රජුගේ කතාව ඔබ අසා ඇති. ස්වර්ණමය යුගයේ දී දුකක් කියා දෙයකුත් නැහැ. අකල් මරණ කියා දෙයකුත් නැහැ. තමන් දැන් මරණය ජය ගනිමින් සිටිනා බව ඔය දරුවන් දන්නවා. පරමාම පියාට මහා මාරයා කියාත් කියනවා. ඔහු තමයි සියලුම මාරයින්ගේත් මාරයා. ඔබ මරුවා ජය ගත යුතුයි. එහි කිසිම කෙනෙකුට මරණය පැමිණෙන්නේ නැහැ. ජීවාත්මයටවත් ශරීරයටවත් මරණය පැමිණෙන්නේ නැහැ. ජීවාත්මයක් එක් ශරීරයක් අතහැර දමා තවත් එකක් ගන්නවා. එය හඳුන්වන්නේ "මාරයා විසින් ගෙන ගියා" කියලයි. කෙසේවෙතත්, මරණය කියා දෙයක් නැහැ. මිනිස්සු ගුණ ගායනා කර කර සිටියත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන් ගුණ ගයනවා. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: මේ පස් පව් ඔබගේ බුද්ධිය මුලුමනින්ම විනාශ කර දමලා. මේ කාලයේ දී කිසිම කෙනෙක් පරමාම පියාව දන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි මෙය අනාථයින්ගේ ලෝකයක් කියා කියන්නේ. ඔවුන් නොකඩවාම එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් වෙමින් සිටිනවා. මේ මුලු ලෝකයම බාබාගේ නිවහනයි. පරමාත්ම පියා මෙම ලෝකයේ සිටිනා සෑම දරුවෙක්වම අපිරිසිඳු බවින් පිවිතුරු කරවනවා. කල්ප බාගයක් පුරාවටම පිවිතුරු ලෝකයක් තිබුණා. රාම රජුත් ඔහුට අයිති පුරවැසියනුත් කියා ගීත ගයනවා. එහි කිසිම අධර්මයක් පැවතිය හැක්කේ කෙසේද? සිංහයාත් බැටළුවාත් එකම පොකුණෙන් දිය බිව්වා කියා කියනවා. එසේ නම් එහි රාවණ සිටිය හැක්කේ කෙසේද? ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එවන් කතාන්දර ඇසෙන විට පිටරට වල මිනිසුන් හිනා වෙනවා. පරමාත්ම පියා මෙහි පැමිණ ඔබට ඥානය දෙනවා. මෙම ලෝකය අපිරිසිඳුයි. ඔහු අපිරිසිඳු දෙයක් පිරිසිඳු කිරීම උඩ ඉඳගෙන සිතිවිල්ලෙන් කරන්නද? අහෝ පාරිශුද්ධකරුවාණනි. වඩිනු මැනව කියා කන්නලව් කරනවා. එමනිසා, ඔහු අනිවාර්යයෙන්ම භාරතයට පැමිණෙන්න ඇති. දැනටත් ඔහු කියන්නේ ඈත සාගර මම, ඔබවත් මා හා සමාන ඥාන සාගර දරුවන් බවට පත් කරවීමට පැමිණ සිටිමි. පරමාත්ම පියාට පමණයි සත්‍යය ව්‍යාස් කියා කියන්නේ. ඉතින් මොහු ව්‍යාස් දේව වන අතර ඔබ ඔහුගේ දරුවාය. සුඛ්දේව්ය. ඔබ දැන් සතුටු දේවතාවරුන් වෙමින් සිටිනවා. ඔබ දැන් ඔබගේ සතුටු උරුමය ව්‍යාස්, ශිවාචාර්යගෙන් දිනා ගනිමින් සිටිනවා. ඔබ ව්‍යාස්ගේ දරුවන්ය. කෙසේවෙතත්, මිනිස්සු කලබලයට පත් නොවන සේ ඔබ ශිවාගේ දරුවන් කියා කියනවා. ඔහුගේ සැබෑ නම ශිවායි. ජීවාත්මයක් දැන ගත හැකියි: පරමාත්ම ජීවයකුත් දැනගත හැකියි. අපිරිසිඳු බවින් පාරිශුද්ධවීමේ මඟ ඔබට කියා දෙන්නේ ඔහු පැමිණි විට පමණයි. ඔහු කියනවා: මම ඔය ජීවාත්මයන්ගේ පරමාත්ම පියායි. ඔහු මහපට ඇඟිලේ හැඩ ඇත්තෙක් කියා කියනවා. එතරම් විශාල රූපයකට එහි (නළල මධ්‍යයේ) සිටිය නොහැකියි. එය ඉතාමත්ම සියුම්. වෛද්‍යවරුන් පවා ජීවාත්මයක් දැකීමට කෙතරම් උත්සාහ කළත් කවදාවත් ඔවුන්ට එය දැකිය හැකි වන්නේ නැහැ. ජීවාත්මයක් අවබෝධ කර ගත හැකියි. පරමාත්ම පියා අසනවා: ඔබ දැන් ජීවාත්මය අවබෝධ කරගෙන ද සිටින්නේ. එතරම් කුඩා ජීවාත්මයක් තුළ විශල චරිත කොටසක් පටිගත වී තිබෙනවා, තැටියක සේ. මුලදී ඔබ ශාරීරික අවධානයෙන් සිටි අතර දැන් ජීවාත්ම අවධානයට පත් වෙලා. තමන් උපත 84ක් ගන්නේ කෙසේද කියා ඔය ජීවාත්මයන් දන්නවා. එයට අවසානයක් නැහැ. මෙම නාටකය ඇරඹුණේ කවදාදැයි කියා ඇතැම් අය අහනවා. කෙසේන්වෙතත්, එය සදාතනිකයි. එය කෙදිනකවත් විනාශ වන්නේ නැහැ. එය හඳුන්වන්නේ කල්තබාම තීරණය වුණු අවිනාශී ලෝක නාටකය කියලයි. ඔබ දැන් ලෝකය දන්නවා. නූගත් දරුවන්ට උගත්කමක් ලබා දෙන්නා සේ. පරමාත්ම පියා ඔය දරුවන්ට උගන්වනවා. ශරීරයකින් ඉගෙන ගත්තේ ජීවාත්මයයි. මෙය ගල් බුද්ධියට ආහාරයයි. බුද්ධියට අවබෝධය ලැබෙනවා. බාබා ඔය දරුවන් වෙනුවෙන් පින්තූර සාදා තිබෙනවා. ඒවා ඉතාමත් පහසුයි. ත්‍රිමූර්තිය තිබෙනවා: බ්‍රහ්ම, විශ්ණු, ශංකර්. ඇයි බ්‍රහ්මා ත්‍රිමූර්තිය කියා සලකන්නේ? දේව, දේව මහා දේව කියා කියනවා. එකක් මත තවත් එකක් තබා පිළිම හැදුවත් ඒ කිසිවක අර්ථය ඔවුන් දන්නේ නැහැ. ඔහු බ්‍රහ්මා වන්නේ කෙසේද, ප්‍රජාවගේ පියාටත් කියන්නේ බ්‍රහ්මා කියලයි. ඔහු සුක්ෂම කලාපයේ දේවතාවරයෙක් වන්නේ කෙසේද? ප්‍රජාවගේ පියා වන බාබා සිටින්නේ මෙහියි. මේ කරුණු ග්‍රන්ථ වල සඳහන් වී නැහැ. පරමාත්ම පියා කියනවා: මම මෙම ශරීරයට ඇතුලු වී මොහු හරහා ඔබට කතා කරනවා. මම මොහුව මගේ රථය කරගන්නවා. මම මොහුගේ උපත් ගණනාවක අවසානයේ දී පැමිණෙනවා. මොහු පංච පාපයනුත් අතහැර දමනවා. අත්හැරීමක් කරන්නෙක් යෝගීවරයෙක්, සෘෂිවරයෙක් කියා කියනවා. ඔබ දැන් රාජසෘෂිවරුය. ඔබ පොරොන්දුවක් වෙනවා. ඒ සන්නාසීවරුන් තම ගෙවල් දොරවල් පවුල් අතහැර දමා යන්න යනවා. මෙහි, සැමියා බිරිඳ එකටම ජීවත් වෙනවා. තමන් කවදාවත් පාපයේ ගැලෙන්නේ නැහැයි කියා ඔබ කියනවා. ප්‍රධානම දෙය පාපයයි. ශිව් බාබා නිර්මාණකරු බව ඔබ දන්නවා. ඔහු තම නිර්මාණය නිර්මාණය කරනවා. ඔහු තමයි බීජය. සත්‍යය, සජීවී ප්‍රාණය. ප්‍රමෝදයේ සාගරය සහ ඥාන සාගරය. තමන් ස්ථාපනය, පෝෂණය හා විනාශය කරගෙන යන්නේ කෙසේදැයි කියා දන්නේ පරමාත්ම පියා පමණයි. මිනිසුන්ට මේ දේවල් තේරෙන්නේ නැහැ. ඔය දරුවන් දැන් මේ සියල්ල දන්නා නිසා දැන් අන් අයට කියා දීමටත් ඔබට හැකියාව ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. එක් එක් ජීවයන්ට ඔවුන්ගේම කර්ම ගිණුම් තිබේ. එමනිසා, ජීවයක් තම ශරීරය අත්හැරි විට ඔබ හැඬිය යුතු නැත. සම්පූර්ණයෙන්ම ඇලීම ජය ගත්තෙකු වන්න. ඔබව අයිති එකම එක පියාට පමණක් මිස අන් කිවෙකුටත් නොවේය යන වග ඔබගේ බුද්ධියේ රඳවා තබා ගත යුතුය.

2. ඔබගේ බුද්ධිය නරක් කරන එම පංච පාපයන් අත්හරින්න. සතුටේ දෙවඟනක් වී සැවොම සතුටු කරවන්න. කෙසේවත්, කිසිවෙකුත් දුකට පත් නොකරන්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන්ම විනය නීතිරීති සීමාව තුළ රැඳී සිටීමට වගබලා ගන්න; එවිට ඔබ උසස්ම ජීවන රටාවක් අනුගමනය කරන උසස්ම උසස් ජීවාත්මයක් වනු ඇත.

තමන්, රාමගේ සැබෑ සීතා ලෙස සලකමින් නිරන්තරයෙන්ම විනය නීතිරීති සීමාව තුළ රැඳී සිටින දරුවන් - එනම්, ඒ පිළිබඳව සැලකිලිමත් වන අය - ස්වභාවිකවම පරිස්සමින් සහ ප්‍රීතිමත්ව සිටිති. උදෑසන සිට රාත්‍රිය දක්වා, අනුගමනය කිරීම සඳහා ඔබට ලබා දී ඇති මෙම විනය නීතිරීති පිළිබඳ පැහැදිලි ඥානය ඔබේ බුද්ධිය තුළ තබා ගන්න. ඔබ සැබෑ සීතා ලෙස සලකා විනය නීතිරීති සීමාව තුළ රැඳී සිටින්න; එවිට ඔබ උසස්ම ජීවන රටාවක් අනුගමනය කරන උසස්ම ජීවාත්මයක් ලෙස හැඳින්වෙනු ඇත.

පාඨය:
සේවයේ යෙදීමේ දී අන්තවාදී නොවන්න; සේවය සහ ස්ව-උත්සාහය අතර සමබරතාවය පවත්වා ගන්න.

අව්‍යක්ත සංඥාව: අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.

පූර්ණ පාරිශුද්ධත්වය යනු සිතිවිලි තුළ පවා කිසිදු දුර්ගුණයක් නොතිබීමයි. මෙම ඥානය, ගුණධර්ම සහ සියලු බල ලබා ගැනීමේ දී, ඔබ සැමවිටම සම්පූර්ණ හා පරිසමාප්ත බවත් සියලු ලැබීම් සතු බවත් පෙන්නුම් කරන ආලෝකයේ ඔටුන්න ඔබ තුළ නිරන්තරයෙන්ම පැහැදිලිව දර්ශනය විය යුතුය. නිරන්තරයෙන්ම ඔබ සැහැල්ලු (ආලෝකමත්) ස්වභාවයකින් සහ ජීවාත්ම-විඥාන ස්වරූපයෙන් අත්විඳින්න. ඕනෑම ක්‍රියාවක් කරන විට ඔබව සැහැල්ලු ස්වභාවයකින් අත්විඳින්න.

මාතේශ්වරීජීගේ අමිල වදන්

සදාතනික ආලෝක පදාර්ථය, නිහඬ නවාතැන වන අතර භෞතික ලෝකය ක්‍රීඩා පිටියයි.

ජීවාත්මයන්ගේ නිවහන සදාතනික ආලෝක පදාර්ථයයයි, එහිදී ඔවුන්ගේ සිරුරු සියලු චරිත කොටස් රඟපෑමෙන් නිදහස්ය, එනම්, ජීවාත්ම දුක හා සතුට ඉක්මවූ තත්ත්වයක සිටියි, එය නිහඬ නවාතැන ලෙසද හැඳින්වෙයි. ජීවාත්ම තම සිරුරු වලින් ඔවුන්ගේ චරිත කොටස් රඟපාන ස්ථානය, ක්‍රීඩා පිටියයි, එනම්, භෞතික ලෝකයයි. එබැවින් ප්‍රධාන ලෝක දෙකක් තිබේ; එකක් අශාරීරික ලෝකය වන අතර අනෙක ශාරීරික ලෝකයයි. ලෝකයේ මිනිසුන් කියන්නන් වාලේ කියන්නේ දෙවියන් මැවුම්කරු, රැකවරණය දෙන්නා සහ විනාශකරුයි, අපව පෝෂණය කරන කෙනා, අපව මරා දමන කෙනා, අපව පුළුස්සන කෙනාය. එබැවින් අපට සතුට සහ දුක ලබා දෙන්නා ඔහුය. කෙනෙකුට දුක අත් වූ විට ඔහු පවසන්නේ: දෙවියනේ ඔබගේ දීසිය මිහිරියි (දෙවියන් පිළිගන්වන සෑම දෙයක්ම මිහිරියි), නමුත් එය වැරදි දැනුමයි, මන්ද, එය පරමාත්ම දෙවියන්ගේ කාර්යභාරය නොවෙයි. පරමාත්ම දෙවියන් දුක නැති කරන්නා නොවන අතර ඔහු දුක ලබා දෙන්නාද නොවෙයි. ඉපදීම, මියයාම, සතුට හෝ දුක විඳීම යන සියල්ල මනුෂ්‍යයන්ගේ සංස්කාර වල තිබේ. අපට ශාරීරික උපතක් ලබා දෙන්නේ අපගේ දෙමාපියන් වන අතර මිනිසුන් ඔවුන්ගේ කර්මික බන්දන වලට අනුව පිය පුතු සම්බන්ධතාවයකට ඇතුළු වෙයි. ඒ ආකාරයෙන්ම, ජීවාත්මයන්ගේ පියා, පරම පියාය, එසේ නම් ඔහු අසීමිත නිර්මාණය, නිමවා, එය රැකගන්නේ කෙසේද? ඔහු බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් යන ඔහුගේ ස්වරූප තුනේ නිර්මාණකරු වන අතර මෙම සුරඟන ස්වරූප තුළින්, ඔහු දිව්‍යමය ලෝකයේ නිර්මාණය නිම කර, රකුසු ලෝකය විනාශ කර ඉන්පසුව දිව්‍යමය ලෝකයේ රැකවරණය සිදු කිරීමට මඟපාදයි. පරමාත්ම දෙවියන්ගේ මේ ක්‍රියාකාරකම් තුන අසීමිත වන නමුත් සතුට සහ දුක, උපත සහ මරණය සිදු වන්නේ එක එක්කෙනාගේ කර්මයට අනුවයි. පරමාත්ම දෙවියන් සතුට දානය කරන්නා වන අතර ඔහුගේ දරුවන්ට ඔහු කිසිම විටෙක දුකක් දෙන්නේ නැත. අච්චා.