13.11.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම නාටකයේ, ඔබ නළුවන්ටයි ප්‍රධාන නළු නිළියන්ගේ භූමිකා ලැබී තිබෙන්නේ.
මුළු කල්පයෙහිම ඔබ මෙන් ප්‍රධාන චරිතයක් අන් කිසිවකුටත් ලැබී නැත.
ප්රශ්නය:
සාමාන්‍ය
මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පත් කරවීමේ විභාගය සමත් විය හැක්කේ කාට ද?
පිළිතුර:
පියාව අනුගමනය කර පියා මෙන්ම පාරිශුද්ධත්වයට පත් වූ අයට මෙම විභාගයෙන් සමත් විය
හැකියි. ඔබ උපත් 21ක් සඳහා අසීමිත උරුමයක් ලබා ගන්නවා. ඒ හෙයින් ඔබ අනිවාර්යෙන්ම
පොඩි උත්සාහයක් දරන්න වෙනවා. ඔබ දැන් උත්සාහ කළේ නැතිනම්, සෑම කල්පයකම උත්සාහ
දරන්නේ නැහැ. එසේ නම්, ඔබ ඉහළ තත්ත්වයක් ලබා ගන්නේ කෙසේද? පාරිශුද්ධත්වයට පත්
වුණොතින් ඔබට උසස් තත්ත්වයක් හිමිවෙනවා. නැතිනම්, දඬුවම් විඳින්නට සිදුවෙනවා.
ඕම් ශාන්ති.
බාබා
පුද්ගලිකවම කතා කරන්නේ අති සුමිහිරි වූ ආධ්‍යාත්මික දරුවන් වන ඔබ සමඟයි. අසිමිත
පියා ඔබ සමඟ කතා කරනවා යන්න ඔබට තේරුම් ගත හැකියි. ඔහු සැමටම වඩා අති සුමිහිරිම
කෙනායි. පියෙකු මිහිරියි එසේම ගුරුවරයෙකු ද මිහිරියි. ඒ දෙදෙනාගෙන්ම ඔබ උරුමයක්
ලබාගන්නවා. ගුරු කෙනෙකුගෙන් ඔබ භක්තියේ උරුමය ලබාගන්නවා. මෙහිදී, ඔබ ඒ තුන් ආකාරයේ
උරුමයන් එක් පරම පියාගෙන් ලබනවා. ඔහු හමුවේ පුද්ගලිකවම අසුන් ගැනීමට ලැබීමේ සතුටත්
ඔබට ඇත. පාරිශුද්ධකරුවා නමින් හඳුන්වන ඒ අසීමිත පරම පියා තමයි ලෝක මානව වෘක්ෂයේ
බීජය බව ඔබ දන්නවා. අනෙකුත් බීජ අජීවීයි. එහෙත් මෙම බීජය ජීවමානයි. ඔහුව ජීවමාන
බීජය වූ පරම සත්‍යය. ප්‍රාණය, පරමානන්දයේ ප්රතිමූර්තතිය කියා හඳුන්වනවා. ඥානයේ
සාගරයද ඔහු වේ. කෙසේ වෙතත්, ඔහුගෙන් ලබාගන්නා ඥානය කුමක්දැයි කිසිම කෙනෙක් නොදනී.
පියා විසින් මෙම ඥානය දෙනු ලැබූ අය පසුව භක්ති මාර්ගයේ දී ඔහු වෙනුවෙන් දේවස්ථාන
සාදා ග්රන්ථයන් ලියනා බව ඔබ දන්නවා. චක්‍රයේ සංගම යුගය සෑම වසර 5000කට වතාවක්
පැමිණෙන බව දන්නේ ඔබ පමණයි. ආධ්‍යාත්මික, අවිනාශී ඉතාමත් සුබ වූ සංගම යුගය වශයෙන්
හඳුන්වන්නේ මෙයයි. ඇත්තවශයෙන් ම කියනවා නම්, උසස් මනුෂ්‍ය ජීවාත්ම රාශියක් සිටිනවා.
නමුත් ඔවුන් උසස් වන්නේ එක් උපතක් සඳහා පමණයි. පසුව ඔවුන් මධ්‍යම හා පහත්ම මට්ටමට
යනවා. බලන්න ලක්ෂ්මි සහ නාරායන කොපමණ උසස් අයද කියා. ඉතාමත් උසස් ජීවාත්මයන් වන්නේ
ඔවුනුයි. ඒ දෙදෙනාම එවන් උසස් තත්ත්වයට පත් කෙරෙව්වේ කවුද? ඉහළම ඉහළ කෙනා දෙවියන්
බවත් ඔහු අති උසස් තත්ත්වයක සිටිනා බවත් සඳහන් කර තිබෙනවා. ලෝක අධිරාජ්‍යයා හා
අධිරාජිණිය ලොව සිටිනා උසස්ම ජීවාත්ම දෙදෙනා වේ. භාරතය උසස් දේශයක් වශයෙන් පැවැති
කල ඔවුන් තම අධිරාජ්‍යය පාලනය කළා. ඔවුන් එම අධිරාජ්‍යය හිමි කරගත්තේ කෙසේ ද? කිසිම
කෙනෙක් මෙය දන්නේ නැහැ. ඔබව ඒ තරම් උසස් අය කරවන පියා ඒ තරම් සුමිහිරි කෙනෙක්
වශයෙන් ඔබ අත්දැකිය යුතුයි. ඔබ ඔහුගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඔබව ලෝක පාලකයන් බවට
පත්කරවන උසස් පියා ඒ තරම් සාමාන්‍ය ස්වරූපයකින් ඇවිත් ඔබට සියල්ල කියා දෙන ආකාරය
දෙස බලන්න. අසීමිත පියා භාරතයට එන බව දන්නේ ඔබ පමණයි. මිනිස්සු ශිවාගේ උපන් දිනය
සමරනවා. ඔහු මෙහි පැමිණ භාරතය දිව්‍ය ලෝකයක් බවට පත්කරවනවා. ඔබ දිව්‍ය ලෝකයේ
වැසියන් වී සිටි බවත් පසුව ඔබ උපත් 84ක් ගත් බවත් දැන් අපායේ වැසියන් බවට පත්ව
සිටිනා බවත් ඔබ දැන් දන්නවා. නැවතත් වතාවක් ඔබව දිව්‍ය ලෝක වැසියන් බවට පත් කරවීමට
බාබා පැමිණ සිටිනවා. පියා දැන් කියනවා: මා සිහි කරන්න, ඔය ජීවාත්ම තමෝප්‍රධාන්
තත්ත්වයේ සිට සතෝප්‍රධාන් තත්ත්වයට පත්වනු ඇත. සතෝප්‍රධාන් නොවී කිසිම කෙනෙකුට නිවස
බලා යන්නට බැහැ. නැතිනම්, ඔවුන්ට දඬුවම් විඳින්න සිදුවේවි. දඬුවම් ලබන්නේ
ජීවාත්මයන්ය. ජීවාත්මයක් ගර්භාෂයේ සිටියදී ශරිරයක් ලබා දඬුවම් ලබන්නට නියම වී ඇත.
ළදරුවන්ට බොහෝ සේ වේදනා විඳී මට සිදුවෙනවා. ඔවුන් බොහෝ පීඩාවට පත්ව කෑ ගසයි. ඔවුන්
කියයි: මා ආයෙත් පවක් කරන්නේ නැහැ. ඔය දරුවන් ගර්භාෂ සිර කුටිය තුළට යන්නේ නැහැ.
එහිදී, පාප නොමැති නිසා ගර්භාෂය මාලිගාවකි. මෙහි මේ රාවණ රාජ්‍යයෙහි පාපයන් සිදුවන
නිසායි ඔවුන් රාම රාජ්‍යයක් ඉල්ලන්නේ. කොහොමනමුත්, රාවණගේ රාජ්‍යය කුමක් ද කියා
ඔවුන් දන්නේ නැහැ. රාවණගේ පඹයෙක් සාදා පුළුස්සයි. ඒ නිසා ඔහු නැසී ගොස් තිබිය
යුතුයි, ඔහුව යළි යළි පුච්චනවා නම් ඒ කියන්නේ ඔහු මිය ගොස් නැති බවයි. ඒ නිසා, ඒ
දේවල් කිරීමෙන් ඇති යහපත කුමක් ද? ඒ මිනිස්සු ලංකාව සූරා කනවා. එක්තරා ගසක කහ
පැහැයෙන් පිළිලයක් සෑදෙන විට ඔවුන් එය රත්රන් කියා සලකා ඒවා එකතු කරගන්නවා (දකුණු
ඉන්දියාවේ). ඇත්තෙන්ම, මේ කාලයේදී තමයි ඔබ රාවණ් මර්ධනය කර ස්වර්ණම යුගයේ අධිපතීන්
බවට පත්වෙමින් සිටින්නේ. අජ්මිර් වල මිනිස්සු පාරාදිසියේ ආකෘතියක් සාදා ඇත. බාබා
නැවත වතාවක් ඔය දරුවන්ව ස්වර්ගයේ අධිපතීන් කරවන්නට ඇවිත් සිටින බව ඔබ දන්නවා.
ඉන්පසු ඔබ දියමන්ති හා මැණික් ඔබ්බවා සාදන ලද මාලිගා වල වාසය කරාවි. ඔය දරුවන් දැන්
යෝග බලයෙන් පාපයෙන් නිදහස් වී සතෝප්රධාත් වෙනවා. ඔය ජීවාත්මයන් මුළුමනින්ම පාපයෙන්
තොර වී සාමයේ දේශය වෙත යනවා. එහි දුක කියා දෙයක් නැත. බාබා කියා තිබෙනවා මෙම නාටකය
තුළ ප්‍රධාන චරිතය ඔබට ලැබී තිබෙනවා කියා. මෙම නාටකය අධිරාජ්‍යයක් ජයගෙන පසුව අහිමි
කරගැනීම සම්බන්ධ එකකි. ඔබයි කතා නායක සහ කතා නායිකාවන් වන්නේ. කතා නායක (හීරෝ) යනු
ප්‍රධාන නළුවායි. ස්වර්ණමය යුගයේ ඔබ ජීවත් වන්නේ පිවිතුරු ගෘහ ආශ්‍රම වලයි. එහෙත්
දැන් මේ යකඩ යුගයෙහි අපවිත්‍ර ගෘහ ක්රියාකාරිත්වයනුයි තිබෙන්නේ. බාබා දැන් ඔබව
ස්වර්ණම යුගයට ගෙන යනවා. එහි ලක්ෂ්මී සහ නාරායන සූර්ය වංශ රාජධානිය තිබෙනවා. පසුව
ඔවුන් උපත් ගෙන චන්ද්‍ර වංශයේ කොටසට අයත් වෙනවා. ජනගහණය නොකඩවා වැඩිවෙනවා. දැන්
මිලියන ගණන් මිනිසුන් සිටිනවා. මේ නිසායි මිනිසුන් කියන්නේ, උපත් පාලනයක් තිබිය
යුතුයි කියා. දරුවන් එක්කෙනෙක් දෙන්නෙක් ඇත්තත්, තව දරුවන් ඉපදීම නතර කරන්නේ නැහැ.
ජනගහණය අඩු කිරීමේ කාර්යය පරම පියා සතුයි කියා ඔබ මිනිසුන්ට කියන්න. පරම පියා
දන්නවා මිනිසුන් අධික වන විට ඔවුන් මිය යන බව. මා පැමිණ සිටින්නේ සියලු දෙනාවම නැති
කර එක් ධර්මයක් ස්ථාපනය කරන්නයි. එහි සිටින්නේ 900,000ක ජනගහණයක් පමණයි. මෙය මැජික්
එකක්, නැද්ද? යකඩ යුග රාත්‍රිය අහවර වේවි. උදෑසන පිබිදේවි. මිනිස්සු උපත් පාලනය
සම්බන්ධව බොහෝ මුදල් නාස්ති කරනවා. පියාට නම් කිසිම මුදලක් වැය වන්නේ නැහැ.
ස්වභාවික ව්‍යසන වලින් බොහෝ අය නැති වී යනවා. මෙය නාටකයේ තීරණය වී තිබෙනවා.
යාදවවරුන් කියන්නේ යුරෝපීයයටයි. එවිට කෞරවයත් සහ පාණ්ඩවයන් කියන්නේ භාරත
වැසියන්ටයි. ඒ සෑම කෙනෙක්ම සිටින්නේ එක් පැත්තකයි. මේ සහෝදරවරු දෙගොල්ලන් මේ
පැත්තේය. භාරතයේ සහෝදරත්වය ඇත. මෙම සහෝදරත්වය එවන් යකඩ යුගයට අයත් එකකි. ඔබ දැන්
එතැනින් අයින් වී සංගම යුගයට ඇවිත් සිටිනවා. කෞරව සහ පාණ්ඩවයන් පැමිණියේ එකම
පවුලකිනි. මුලික වශයෙන් ගත්කල ජීවාත්මයන් සහෝදරයන් ය. ඔබවයි බාබා මුලින්ම හමුවුණේ.
රේස් එකක මුලින් පැමිණි අයට තෑග්ගක් හිමි වෙයි. ඔබට තිබෙන්නේ ස්මරණයේ තරගයයි. මෙය
මොනම ග්රන්ථ වලත් සඳහන් වී නැහැ. පරම පියා කියයි: මා සමඟ යෝගා කරන්න. මෙම යෝග
වන්දනාව සිදුවන්නේ මෙකල පමණයි. වෙන කිසිම කෙනෙකුට මෙම වන්දනා ගමන ගැන කියා දෙන්න
බැහැ. ස්වර්ණම යුගයේ භෞතික යෝගා හෝ ආධ්‍යාත්මික යෝගා නැහැ. එහිදී ඒ සඳහා
අවශ්‍යතාවයකුත් නැහැ. මේ කාලයේ ඔබේ බුද්ධියේ මේ සෑම දේම තියෙනවා. නාටකයේ සෑම
තත්පරයේම රංගන ඔබට පැහැදිලි කර තිබෙනවා. මෙයටයි, ස්ව-දර්ශන චක්‍රය කියන්නේ.
ඇත්තෙන්ම ඔබයි දැන් ස්ව-දර්ශන චක්‍රධාරීන් වී සිටින්නේ. උපත් 84ක් පිළිබඳ එසේම මුළු
චක්‍රයේම ඥානය ඔබට තිබෙනවා. තමා යනු ජීවාත්මයයි. මෙම ඥානය ඇත්තේ ජීවාමයටයි. එබැවින්
ඔය දරුවන් දැන් ස්ව-දර්ශන චක්‍රධාරීන් බවට පත්වී සිටිනවා. මම ඔබව අමතන්නේ:
ආධ්‍යාත්මීක දරුවන්, ස්වදර්ශන චකධාරීන්. බ්‍රාහ්මණ කුලයේ අලංකාරයන්. මෙම වචන වල
අර්ථය අලුතින් පැමිණි අයට වටහාගත නොහැකියි. ඔබෙත් බොහෝ දෙනෙක් ටික කලෙකින් පැත යන
නිසා මෙම ආභරණ ඔබට දෙන්නේ නැහැ. උපත් 84හි චක්‍රය දැත් ඔබේ සිහියේ තිබෙනවා. දැන් ඔබ
පළමු ස්ථානය දිනා ගනු ඇත. පළමුවෙන් ඔබ නිවස වෙත යනවා අනතුරුව දේවතාවන් බවට පත්
වෙනවා. ඉන්පසුව, ක්ෂත්රියයන්, වෛශ්‍යයන්, ශුද්‍රයින් බවට පත්වෙනවා. මෙය අවබෝධ කළ
යුතු දෙයක්. මෙතරම් දෙයක් වත් ඔබට මතක තබාගත හැකි නම්, එය ඉතාමත් ලොකු වසනාවක්,
දැන් තව ඉතිරි වී ඇත්තේ ඉතාමත් කෙටි කාලයකි. ඉන් අනතුරුව අප දිව්‍ය ලෝකය වෙත යනවා.
මිනිස්සු ආගමික පොත් වල නොයෙකුත් කතන්දර සඳහන් කර ඇත. ක්‍රිෂ්ණා ගැන නොයෙකුත් දේ
සඳහන් කර තිබෙනවා. ක්‍රිෂ්ණාට නයෙක් දෂ්ඨ කළ බවත්, ක්‍රිෂ්ණා බටනළා වාදනය කරන නිසා
ඔහු රාධේටත් වඩා සැමගේ සෙනෙහසට පාත්‍ර වුණා කියාත් සඳහන් කර තිබෙනවා. ඇත්තෙන්ම මෙය
ඥානයේ කරුණුයි. මේ මොහොතේදී ඔබ ඥානයේ දෙවි දේවතාවන් වෙනවා. ඔබ හොඳින් ඉගෙන ගෙන කුමර
කුමරියන් බවට පත්වෙනවා. මෙය ඔබගේ අරමුණ සහ ඉලක්කය වේ. යම් කෙනෙකු ඔබෙන් ඔබේ අරමුණ
හා ඉලක්කය කුමක්දැයි විමසුවොත් කියන්න: සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට
පත්වීමයි කියා. අප දේවතාවන් වී සිට උපත් 84කට පසු ශුද්‍රයින් බවට පත්වනවා. අපට
උගන්වනා කෙනා ඥානයේ මහා සාගරයයි. පරමාත්මයයි. ක්‍රිෂ්ණා නොවෙයි. මෙම රාජ යෝගාව වෙත
කිසිම කෙනෙකුට උගන්වන්න බැහැ. ඔබ කියනවා: බාබා, අප සෑම කල්පයේම මෙහි පැමිණ අපගේ
අධිරාජ්‍යය දිනාගන්නවා. මෙය දන්නේ ඔබ පමණයි. ස්වර්ගයේ දොරටුව විවෘත වන්නේ මෙම මහා
භාරත යුද්ධයෙන් පමණයි. බාබා පැමිණ රාජයෝග උගන්වන නිසා ස්වර්ගයක් අනිවාර්යයෙන්ම
අවශ්‍යයි. අපාය විනාශ විය යුතුයි. මෙම මහා යුද්ධය ගැන ග්රන්ථ වල ලියැවී තිබෙනවා.
(බාබා කැස්සා) කවුද කැස්සේ? ඒ ශිව් බාබා ද නැත්නම් බ්‍රහ්ම බාබා ද? (බ්රහ්මා). මේ
කර්මයේ විඳවීම්. අවසානය තෙක්ම එය තිබේවි. ඔහු පරිසමාප්ත වන තෙක්ම එය තිබේවි. ඉන්
අනතුරුව මෙම ශරීරය ඉතිරි වන්නේ නැහැ. එතෙක් කුමන හෝ දෙයක් සිදුවේවි. මෙයටයි කර්මයේ
විඳවීම කියා කියන්නේ. ස්වර්ණම යුගයේ දී කිසිම කර්ම විඳවීමක් නැහැ. එහි ලෙඩ ආදිය
නැහැ. අපි සදා නිරෝගී, සදා ධනවත් අය බවට පත්වෙමු. අසීමිත පියාගෙන් උරුමය ලබාගන්නා
නිසා අපි සදා ප්‍රීතියෙන් සිටිමු. පසුව කල්ප භාගයකට පසුව දුක ආරම්භ වෙනවා. එහිදී ද
දුක අධික වන්නේ භක්තිය මිශ්‍ර භක්තියක් වූ පසුවයි. මිනිස්සු වේදනාවෙන් කෑ ගසයි.
පසුව විනාශය සිදුවෙන්නේ එවිටයි. දැන් ඔබ බාබාට පුද්ගලිකවම ඇහුම් කන් දෙනවා. ඔබ ඉන්
මහත් සතුටක් ලබනවා. මොහු ඔබගේ සැබෑ පියා. ගුරුවරයා සහ සත්ගුරු වේ. මෙම ප්‍රශංසාව
එකම එක අශාරීරික පියාගේ ප්‍රශංසාවයි. මෙම පියාව සිහිපත් කරන්න. එවිට ඔබට උසස්
තත්ත්වයක් හිමි වේවි. මේ ඒකායන කෙනා සිංහාසනයක් මත අසුන් ගත් සන්යාසී කෙනෙක් හෝ
ශ්‍රේෂ්ඨ මහාත්මා කෙනෙක් නොවෙයි, කවදාවත් ඔබට ඔහු ඉදිරියේ හිස නමන්න ඔහු ඉඩ දී
නැහැ. පියා කියනවා: මා ඔබගේ කීකරු සේවකයායි. මට කකුල් තිබෙනවා ද? ඔබ ඔබගේ හිස
නමන්නේ කාටද? ගුරුන් රාශියක් ඉදිරියේ හිස නම නමා ගොස් දැන් ඔබගේ නළලත් ගෙවිලා
ගිහින්. භක්ති මාර්ගයේ සිදුවුණු දේවල් ඥාන මාර්ගයේ දී සිදුවන්නේ නැහැ. භක්ති
මාර්ගයේ මිනිස්සු කියනවා: ඕ රාමා. පියා කියන්නේ මෙහිදී ඔබ කිසිම ශබ්දයක් නොතැඟිය
යුතුයි. තමා ජීවාත්මයක් යැයි සිතා අදෘෂ්‍යමානව පරම පියා සිහිපත් කරන්න. ඕ ශිවා,
කියාවත් ඔබ නොකිව යුතුයි. ඔය දරුවන් පරම පියාව අභ්‍යන්තරයෙන් සිහිපත් කරනවා. මේ
තමාගේ පියා යැයි ජීවාත්මය දන්නවා. ඔබ අදෘෂ්‍යමානව ඇතුලාන්තයෙන් ඔහුව සිහි කළ
යුතුයි. නිහඬ මැතිරීම කියන්නේ මෙයටයි. මහා හයියෙන් කෑ ගසා මතක් කරන්න අවශ්‍ය නැහැ.
ජපමාල ගණන් කිරීම කාටත් පෙනෙන්න කළත් රහසින් (කුඩා මල්ලක් තුළ) කළත් එකයි. රහසින්
එය කරනවා යනු අදෘෂ්‍යමාන දෙයක් නොවෙයි. අදෘෂ්‍යමාන දෙය නම් තමා ජීවාත්මයක් යැයි
සලකා පියා සිහිපත් කිරීමයි. ඔහු ශිව බාබා වන අතර අනෙක් කෙනා ප්‍රජාපිතා බ්රහ්මා
වේ. ඔබව සරසවා ගන්නට ද්විත්ව එන්ජින් ලැබෙනවා. මොහුගේ ජීවාත්මය ද සරසනවා. පසුව ඔබගේ
දෙමාපියන්ගේ නිවසට ගොස් එතැනින් පති කුළය වූ විශ්ණු ගේ දේශය වෙත ගමන් කරනවා. මේ
ද්විත්ව දෙමාපියන්ගේ නිවසයි: අලෞකීකයි, එය ඔබේ ලෞකීක ලෝකය වන අතර අනෙක මෙලොව අභිබවා
ඇති ලෝකයයි (ජීවාත්ම ලෝකය). කිසිම කෙනෙක් දන්නේ නැහැ මෙම සුක්ෂම පියාව. ඒ නිසාමයි,
ඇයි මේ දාදාගේ පින්තූරයක් මෙතන තියාගෙන ඉන්නේ කියා අහන්නේ. මෙම ශරීරය තුළින්
පරමාත්මයයි උගන්වන්නේ කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. තම උපත් ගණනාවක අවසානයේ දී
මොහු වන්දනාමාන කරන්නෙකු බවට පත්වුණා. රජෙක් වී සිටි ඔහු හිඟන්නෙක් බවට පත්වෙලා.
බාබා පැහැදිලි කරනවා: මම මේ ශරීරයට ඇතුලු වෙනවා. ඒ වුණත් කිසිම කෙනෙකුගේ සිහියේ මෙය
රැඳෙන්නේ නැහැ. මිනිස්සු කෝවිල් වල හරකෙක්ව තබා ඇත. කොහොම නමුත්, ශංකර් සූක්ෂම
කලාපයේ වැසියෙක්. එහි හරකුත් නැහැ. හරකෙක් ගෙන් පෙන්නුම් කරන්නේ පුරුෂයෙක් බවයි.
භගීරත් නම් භාග්‍ය රථය පුරුෂයෙක් වශයෙන් පෙන්වනවා. මනුෂ්‍ය ජීවාත්ම හාත්පසින්ම
මෝඩයින් වෙලා. පියා කියනවා: රාවණ ඔබව මෝඩ කෙරෙව්වා. ඔවුන්ම කියනවා අපිට
රාම-රාජ්‍යයක් අවශ්‍යයි කියා. කෙසේවෙතත්, රාම-රාජ්‍යය තිබෙන්නේ ස්වර්ණමය දේශයේයි.
කලි යුගයේ ඇත්තේ රාවණ රාජ්‍යයයි. රාම සහ රාවණ සිටින්නේ භාරතයේයි. ශිව ජයන්තිය
සමරන්නේත් භාරතයේයි. රාවණගේ උපන් දිනයක් සමරන්නේ නැහැ. මන්ද, ඔහු සතුරෙක්. උපන් දින
සමරන්නේ සතුට දෙන කෙනෙකුගෙයි. ශිව බාබා පැමිණ දැන් ඔබට ඥානය දී රාවණ්ව පරාජය කිරීමට
සලස්වනවා. රාවණ කරන්නේ කුමක් ද, ඔහු පැමිණියේ කවදාද කියා දැන් ඔබ දන්නවා. නියම ගණන්
මිණුම් දක්වා තිබෙනවා. මේවා හොඳින් ධාරණය කරගන්න. අමතක කරන්න එපා. ඔබ වලාකුළු සේ
ඥානයෙ සාගරය වෙත පැමිණ සිටියි. තමාව පුරවාගෙන ගොස් වැසි වස්සවන්න. ඔබ ඉතාමත් හොඳින්
මේවා ධාරණය කළ යුතුයි. ඔබ පුද්ගලිකවම බාබා හමුවේ සිටිනවා. තමා දැන් අසීමිත බාබා
හමුවේ නිවසේ සිටින්නාක් සේ හැඟීමක් ඔබට දැනෙනවා. බ්‍රහමිණ් කුලයේ අලංකාරය ඔබයි.
මමාත් බාබාත් මෙහි සිටිනවා. බාබා අපට ගරුවරයා සේ උගන්වයි පසුව සත්ගුරු සේ ඔහු අපව
ඔහු සමඟ ගෙන යාවි. අනෙක් ගුරුන් තමා සමඟ කිසි වෙකු ගෙන යන්නේ නැහැ. ගුරු කෙනෙකුගේ
යුතුකමයි ආනුගාමිකයන්ව තමා සමඟ රැගෙන යාම. ඇත්තෙන්ම ඔවුනුත් අනුගාමිකයන් නොවේ.
ඔවුන් සන්යාසීන්: අනෙක් අය ගෘහවාසීන්ය. ඉතින් ඔවුන් අනුගාමිකයන් වන්නේ කෙසේ ද? ඔබ
ශිව බාබාවත්. බ්‍රහ්ම බාබාවත් අනුගමනය කරනවා. මොහු මෙම තත්ත්වයට පත්වෙනවා මෙත්,
ඔබත් එසේම වෙනවා. ජීවාත්ම වන අප පාරිශුද්ධත්වයට පත්වී බාබා ලඟට යනවා. බාබා කියනවා:
නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. සැබෑ ආනුගාමිකයන් වන්නේ ඔබයි. පියා කියනවා: මා
පැමිණ සිටින්නේ ඔබව රැගෙන යන්නයි. දැත ඥානයේ විතකය මත ඉඳගන්න. එවිට මම ඔබව රැගෙන
යමි. ස්වර්ණම යුගයේ ලක්ෂ්මි සහ නාරායනගේ අධිරාජ්‍යයක් තිබුණා. එකල අන් සෑම ආගම් වල
අයම සිටියේ සාම දේශයේයි. මේ දේවල් තේරුම් ගන්න ඉතාමත් පහසුයි. බාබාගේ අනුගාමිකයින්
වන්න. පාරිශුද්ධ වු තරමට ඔබ ලබාගන්නා තත්ත්වය වඩාත් යහපත් එකක් වනවා ඇත. නැතිනම්,
වෙන්නේ දඩුවම් විඳින්නයි. ඔබ අනිවාර්යයෙන්ම නිවස කරා යා යුතුයි. ඔබ උපත් 21කට උරුමය
ලබමින් සිටිනවා. ඉතින් ඇයි ඔබ උත්සාහ දරන්නේ නැත්තේ? දැන් උත්සාහ නොකළොත් කල්පයක්
කල්පයක් පාසාම එය නොකරනු ඇත. එවිට උසස් තත්ත්වයක් ලබාගන්නේ කෙසේ ද? මෙය විශාල,
අසීමිත පන්තියකි. හුදෙක් එහි තිබෙන්නේ එක් විභාගයයි: මනුෂ්‍යයන්ව දේවතාවන් බවට
වෙනස් කිරීමයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. එක් පරම
පියාගේ සත්‍ය අනුගාමිකයන් වී සම්පුර්ණයෙන් පාරිශුද්ධ වන්න. උපත් 21ක් සඳහා වූ උරුමය
අත්කර ගන්නට උත්සාහ කරන්න.
2. ඔබේ මුවින් "ඕහ්
ශිව බාබා." කියා නොකිව යුතුයි. ශබ්දය අභිබවා යන්න. තමාව ජීවාත්මයක් යැයි සලකමින්
ඇතුලාන්තයෙන් පරම පියා සිහිපත් කරන්න.
වරදානය:
ඔබ ගුණධර්ම වල
ප්‍රතිමූර්තියක් බවට පත්ව, ඔබ අයත් රාජකීය පවුල පිළිබඳව නිරන්තරයෙන් සිහි තබා
ගනිමින් ඔබේ ඉහළම ස්ථිතියේ රැඳී සිටින්න.
රාජකීය පවුලට අයත් අය
කිසිවිටෙකත් තම පාද පොළොවේ හෝ මඩේ තබන්නේ නැත. මෙහිදී, 'ශරීර අවධානය' යනු එම මඩයි;
එබැවින් එම මඩ තුළට නොබැස, නිරන්තරයෙන්ම එයට බොහෝ ඉහළින් රැඳී සිටින්න. ඔබ 'උසස්ම
උසස්' පියාගේ රාජකීය පවුලට අයත්, උසස් තත්ත්වයක් හිමි දරුවන් බව නිරන්තරයෙන් සිහි
තබා ගන්න; එවිට ඔබේ දෘෂ්ටිය පහළට යොමු නොවනු ඇත. නිරන්තරයෙන්ම ඔබව ගුණධර්ම වල
ප්‍රතිමූර්තියක් ලෙස දකිමින්, ඔබේ ඉහළම ස්ථිතියේ රැඳී සිටින්න. යම් දුර්වලතා දැකීමට
ලැබුණහොත්, ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන්න. ඔබ නැවත නැවතත් ඒ ගැන
සිතමින් සිටියහොත්, එම දුර්වලතා එලෙසම පවතිනු ඇත.
පාඨය:
රාජකීය
ස්වභාවයක් ඇති අයෙකු, තම ප්‍රීතිමත් සහ සතුටු මුහුණ තුළින් පාරිශුද්ධත්වයේ
රාජකීයත්වය පිළිබඳ අත්දැකීම ලබා දෙයි.
අව්‍යක්ත සංඥාව:
බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
භෞතික ස්වභාවය සහ
සූක්ෂම ස්වභාවය අතර ඇති වෙනස සම්පූර්ණයෙන්ම නැති වී ගිය විට, ඔබ ඔබේ පරිසමාප්ත
ස්ථිතියට ඉතා සමීප වනු ඇත. එවිට මෙම භෞතික ලෝකය 'අව්‍යක්ත' ලෝකයක් බවට පත්වනු ඇත.
බාප්දාදා භෞතික ස්වරූපයෙන් පැමිණිය ද, ඔහු තුළ අව්‍යක්ත ලෝකයේ සහ අව්‍යක්ත ස්වරූපයේ
බලපෑම නොනැසී පවතින අතර, එම අත්දැකීම ඔය දරුවන්ට ලබා දෙයි; එලෙසම, ඔබ ද ඔබේ
අව්‍යක්ත ස්ථිතිය අත්විඳිය යුතු අතර, එම අත්දැකීම අන් අයටත් ලබා දිය යුතුය.