13.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ අරමුණත් එම අරමුණ ඔබට දෙන ඒකායන කෙනා වන පරමාත්ම පියාත් සිහි කළ විට
ඔබට දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගත හැකි වේ. කාට හෝ දුක් දීම හා කෙනෙක්ව අපහාසයට ලක්
කිරීම රකුසු ගති වේ.
ප්රශ්නය:
පරමාත්ම පියා
ඔය දරුවන්ට ඉහළින්ම ආදරේ බව කියැවෙන්නේ කුමකින්ද?
පිළිතුර:
පරමාත්ම පියාගෙන් ඔබ ලබන මිහිරි ගුරුහරුකම් තමයි ඔහුගේ ඉහළම සෙනෙහස කියැවෙන තැන
වන්නේ. පරමාත්ම පියාගේ පළමුවන උපදේශය නම් : සුමිහිරි දරුවනි, ශ්‍රීමත් උපදේශයට පිටු
පා කිසිම වැරදි වැඩක් කරන්න එපා. ඔබලා සිසුන්ය, එමනිසා, කිසිඳු විටෙක ඔබ නීතිය තම
අතට ගැනීම නොකළ යුතුයි. සෑම විටම ඔබගේ දෙතොලින් ගල් නොව මැණික්ම පිට වීමට ඉඩ
හරින්න.
ඕම් ශාන්ති.
පරමාත්ම පියා
මෙහි සිට ඔය දරුවන්ට කරුණු පහදා දේ. ඔබට දැන් ඔවුන්ව (ලක්ෂ්මි හා නාරායන) ඉතාමත්
පැහැදිලිව දැකිය හැකියි. එය ඔබගේ අරමුණ හා ඉලක්කයයි. එනම්, ඔබ අයිති ඔවුනගේ
වංශයටයි. දිවා රෑ වෙනසක් තිබෙනවා. මේ නිසා තමයි ඔබ නිතර නිතරම ඔවුන් දෙස බලා: අපිත්
ඒ වගේ විය යුතුයි කියා සිතිය යුත්තේ. ඔබ ඔවුන්ගේ ප්‍රශංසාව ඉතාමත් හොඳින් දන්නවා.
ඔබ තම සාක්කුවේ පවා ඔවුන්ගේ පින්තූරයක් තබා ගැනීමට කැමති වේවි. ඔබ ඇතුලත ඇති
පටලැවිල්ල නොතිබිය යුතුයි; ඒකත් හඳුන්වන්නේ ශාරීරික අවධානය කියලයි. ඔබ ලක්ෂ්මි හා
නාරායන දෙස ජීවාත්ම අවධානයෙන් බැලුව හොත්, තමනුත් ඒ වගේ වෙනවා දැයි කියා ඔබට තේරුම්
ගත හැකි වේවි. එමනිසා, ඔබ අනිවාර්යෙන්ම ඔවුන් දෙස බැලිය යුතුයි. ඔබත් ඒ වගේ විය
යුතු බව පරමාත්ම පියා පහදා කියනවා. "මධ්යජිභව" වී ඔවුන් දෙස බලා ස්මරණයේ සිටින්න.
තමන් මී හරකෙක් යැයි සිත සිතා සිටින්නැයි කියා කෙනෙක්ට තවත් කෙනෙක් කීවා, ඉතින්
ඔහුත් එය විශ්වාස කිරීමට පටන් ගත්තා. ඔබගේ අරමුණ හා ඉලක්කය ලක්ෂ්මි හා නාරායන වීමට
බව ඔබට තේරෙනවා. කොහොමද ඒ තත්වයට පත් වුණේ. පරමාත්ම පියාව සිහි කිරීමෙනුයි. ඔබ සෑම
කෙනෙක්ම තම තමන්ගෙන් ඇසිය යුතුයි: මා සැබැවින්ම ඔවුන් දෙස බලා පරමාත්ම පියාව සිහි
කරනවා ද? බාබා තමන්ව දේවතාවරුත් කරවන බව ඔබට තේරෙනවා. හැකි උපරිමයෙන්ම පරමාත්ම
පියාව සිහි කරන්න. පරමාත්ම පියා කියන්නේ ඔබට නිරන්තර ස්මරණයේ සිටිය නොහැකියි. නමුත්
ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබගේ ගෙදර දොර වැඩකටයුතු කරන අතර තුර ලක්ෂ්මි නාරායනව සිහි
කළහොත්, අනිවාර්යෙන්ම ඔබ පරමාත්ම පියාවත් සිහි කරාවි. පරමාත්ම පියාව සිහි කළහොත්
අනිවාර්යෙන්ම ඔවුන්වත් සිහි කර තමනුත් ඒ තත්ත්වයට පත් විය යුතුයි කියා සිතාවි. මුලු
දවස පුරාම ඔබ මේ ගැන සැලකිලිමත් විය යුතුයි. එවිට ඔබ කිසිවිටෙක එකිනෙකාට අපහාස
නොකරාවි. "මෙයා මේ වගේ. අර කෙනා මේ වගේ" එවන් දේ වල පැටලෙන අයට උසස් තත්ත්වයක් දිනා
ගත නොහැකියි. එමනිසා, ඔවුන් කවදත් සිටිනුයේ සිටින තැනමයි. මෙතරම් පහසු ක්‍රමයකින්
ඔවුන්ව සිහි කරන විදිය ගැන ඔබට පහදා දී තිබෙනවා. පරමාත්ම පියා සිහි කරන්න. ඔබත්
ඔවුන් මෙන් වේවි. මෙහිදී ඔබ ඔහු ඉදිරියේ සිටිනවා. සෑම කෙනෙකුගේම නිවසේ මේ ලක්ෂ්මි
නාරායනගේ පින්තූරයක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එය නිවැරදිම පින්තූරයකි. ඔවුන්ව
සිහි කළ විට ඔබට බාබාවත් සිහි වෙනවා. වෙන වෙන දේ ගැන කතා කර කර නොඉඳ, දවස පුරා මේ
දේවල්ම නිතරම කතා කරන්න. තවත් කෙනෙක්ට අපහාස කර අර කෙනා, මේ කෙනා මේ මේ වගේ කියා
කීම ම ගැටුම් ඇති කරන්නක්. ඔබගේ බුද්ධිය දිව්‍යමය කර ගත යුතුයි. අන් අයගේ හිත්
රිදවීමේ, අන් අයට අපහාස කිරීමේ හෝ නොමනා හැසීරීම් වල යෙදීමේ ගති ස්වභාවයක් ඔබ තුළ
නොතිබිය යුතුයි. කල්ප බාගයක් පුරා ඔබ ඒවා කරමින් පැමිණියා. දැන් ඔය දරුවන්ට මෙතරම්
මිහිරි ගුරුහරුකම් ලැබෙනවා. මීට වඩා ඉහළ සෙනෙහසක් තවත් නැහැ. ශ්‍රීමත් උපදේශයන්ට
පිටුපා ඔබ කිසිම නරක ක්‍රියාවක් නොකළ යුතුයි. ධ්‍යාන වලට යාමේ විෂය ගැනත් පරමාත්ම
පියා උපදෙස් දෙනවා : සරළව භෝග් පිළිගන්වා ආපසු එන්න. පාරාදීසයට ගොස් නැටුම්
නටන්නැයි කියා බාබා ඔබට කියන්නේ නැහැ. ඔබ වෙන කොහේ හෝ ගියහොත් තමා තුළට මායා ඇතුලු
වී ඇති බව ඔබ තේරුම් ගත යුතුයි. මායාගේ පළමුවනම කාර්යය නම් ඔබව අපිරිසිඳු කරවීමයි.
නීති විරෝධීව හැසිරීමෙන් විශාල හානියක් සිදු වෙනවා. ප්‍රවේසම් නොවුණහොත් ඔබට දැඩි
දඩුවම් විඳීමට සිදු වේවි. ධරමරාජ් ද පරමාත්ම පියා සමඟ සිටිනවා. රාවණගේ සිර කුටියේ
කෙතරම් කාලයක් පුරා ඔබ දඩුවම් විඳ තිබෙනවාද කියා කියැවෙන අසීමිත ගිණුම් සම්භාරයක්
ඔහු ළඟ තිබෙනවා, පරමාත්ම පියා කියනවා : දැන් අන් සියල්ල අමතක කර එකම එක පරමාත්ම
පියාව පමණක් සිහිපත් කරන්න. ඔබ තුළ ඇති සෑම පටලැවිල්ලක්ම ඉවත් කර දමන්න. කවුද ඔබව
පාපයට ගෙන යන්නේ? ඒ භූත මායායි. මේ රාජයෝගාවයි. මේ ඔබගේ අරමුණ හා ඉලක්කයයි. පරමාත්ම
පියාව සිහි කිරීමෙන් ඔබ ඔබගේ උරුමය දිනා ගනීවි. එමනිසා, ඔබ මෙම රාජකාරියේ නියැලිය
යුතුයි. ඔබ, තමා තුළ ඇති සෑම කසල දෙයක්ම ඉවත් කර දැමිය යුතුයි. මායාගේ බලපෑම හරිම
දැඩියි. කෙසේවෙතත්, ඔබ නොනවත්වාම ඇයව පළවා හැරිය යුතුයි. හැකි උපරිමයෙන්ම ස්මරණ
වන්දනා ගමනේ නිරත වන්න. ඔබගේ ස්මරණය දැන්ම අඛණ්ඩ වන්නේ නැහැ. අඛණ්ඩ සිහි කිරීමේ
තත්ත්වයක සිටියහොත් පමණයි ඔබ උසස් තත්ත්වයක් දිනා ගන්නේ. කෙසේවෙතත්, තවමත් ඔබ තුළ
යම් යම් පටලැවිලි හා නරක සිතිවිලි තිබේ නම්, ඔබට උසස් තත්ත්වයක් දිනා ගත නොහැකියි.
මායාගේ බලපෑමට හසු වුණු විට තමයි ඔබ පරාජිත වන්නේ. පරමාත්ම පියා පහදා කියන්නේ:
දරුවනි, අශෝභන කිළිටි ක්‍රියා කර පරාජිත වන්න එපා. ඔබ මෙතරම් නරක අවධියකට පත්ව
ඇත්තේ අන් අයට අපහාස කරමින් පැමිණි නිසායි. දැන් ඔබට විමුක්තිය ලැබෙනවා. එමනිසා,
කිසිම නරක දෙයක් නොකළ යුතුයි. මායා ඔබව ගෙල ළඟටම ගිල ගෙන ඇතත් ඔබට ඒ බව අවබෝධ වී
නොමැති බවත් බාබා දකිනවා. ඔබ සිතාගෙන සිටින්නේ තමන් හරිම හොඳින් ඉදිරියට යනවා
කියලයි. නමුත් නැහැ. පරමාත්ම පියා පහදා කියන්නේ : ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා
සියල්ලෙන්ම ඥාන රත්න පමණක් පිට වීමට ඉඩ හරින්න. අපවිත්‍ර දේ කතා කිරීමත් ගල් විසි
කරනවා වැනි දෙයකි. ඔබ දැන් ගල් බවින් දිව්‍යමය වෙමින් සිටිනවා. එමනිසා, ඔබගේ
දෙතොලින් ගල් පිටවිය නොයුතුයි. මේවා ඔබට පහදා දෙන්නේ බාබායි. ඔබට පැහැදිලි කිරීමේ
අයිතිය පරමාත්ම පියාට තිබෙනවා. සහෝදරයෙකුගෙන් තවත් සහෝදරයෙකුට අනතුරු ඇඟවීමක්
කෙරෙන්නේ නැහැ. ඉගැන්වීමේ කාර්යය කරන්නේ පරම ගුරුවරයායි. ඔහුට ඕනෑම දෙයක් ඔබට කිව
හැකියි. සිසුන් නීතිය තම අතට නොගත යුතුයි. ඔබ සිසුනුයි. පරමාත්ම පියා ඔබට පහදා
දෙනවා. කෙසේවෙතත්, එකම එක පරමාත්ම පියාව සිහි කරන්නැයි යන උපදේශය ඔය දරුවන් ලබා
තිබෙනවා. ඔබගේ වාසනාව දැන් විවර වෙලා. ශ්‍රීමත් පිළිපැදීම නොකිරීමෙන්, පළමුව ඔබට
දඩුවම් විඳීමට සිදු වන අතර, දෙවනුව ඔබගේ තත්ත්වයත් පහළ බසිනවා. මෙය උපතක් උපතක්
පාසා, කල්පයක් කල්පයක් පාසා සිදු වන්නකි. පරමාත්ම පියා පැමිණ ඔය දරුවන්ට උගන්වනවා.
එමනිසා, ඔබට අලුත්ම ඥානයක් දෙන ගුරුවරයා තමයි බාබා යන්න ඔබගේ සිහියේ තිබිය යුතුයි.
තම තමන් ජීවාත්ම බව සලකන්න. ජීවාත්ම හා පරමාත්ම ජීවය අතර හමුවීමක් සිදු වන බව කියා
තිබෙනවා. අපි නැවතත් වසර 5000කට පසුව මුණ ගැසෙනවා. ඔබට අවශ්‍ය තරමේ උරුමයක් ඔබට
මෙහිදී දිනා ගත හැකියි. නැතිනම්, පසුතැවිලි වීමට සිදු වේවි; අඩා වැලපීමට සිදු වේවි.
සියල්ල ඔබට පෙනෙන්න පටන් ගනීවි. දරුවන් පන්තියකින් තවත් පන්තියකට මාරු කළ විට පිටු
පසම ආසන වල අසුන් ගෙන සිටින්නන් වෙතට හැමගේම අවධානය යොමු වෙනවා. මෙහිදීත් ඔබ එවන්
මාරු වීමක් ලබනවා. ඔබ තම ශරීර හලා දමා ස්වර්ණම යුගයේ රාජකුමාරයින්ගේ පාසලට ගොස්
භාෂාව ඉගෙන ගැනීමට යන බව ඔබ දන්නවා. එහිදී සෑම කෙනෙක්ම භාෂාව, මව් බස ඉගෙන ගත
යුතුයි. මෙම ඥානය හොඳින්ම අවබෝධ කර ගත් බොහෝ පිරිසක් සිටිනවා. ඔවුන් නිතිපතා
අධ්‍යයනයක් කරන්නේ නැහැ. සැරයක් දෙසැරයක් අතපසු වුවහොත්, පසුව එසේ අතපසු කිරීම ඔබට
පුරුද්දක් වෙනවා. පසුව ඔබ මායාගේ සහවාසයට වැටුණු අයගේ ඇසුර ලබනවා. ශිව් බාබාගේ
අනුගාමිකයින් සිටින්නේ හරිම ටික දෙනයි. අන් සෑම කෙනෙක්ම මායාගේ අනුගමිකයින්ය. ඔබ
ශිව් බාබාගේ අනුගාමිකයෙක් වුණු විට මායාට එය විඳදරා ගෙන සිටිය නොහැකියි. මෙන්න මේ
නිසා තමයි ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුත්තේ. අපවිත්‍ර මිනිසුන්ගෙන් ඔබ ඉතාමත්
ප්‍රවේසම් විය යුතුයි. හංසයිනුත් පාත්තයිනුත් සිටිනවා. බාබා ඔබට ඊයේ රැයෙත් කියා
දුන්නා: දවස පුරා කාට හෝ අපහාස කර කර සිටීම හෝ අන් අය ගැන සිත සිතා සිටීම දිව්‍යමය
ගුණධර්මයක් නොවෙයි. දේවතාවරුන් එලෙස හැසිරෙන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා :
පරමාත්ම පියාවත් උරුමයත් සිහි කරන්න. කෙසේවෙතත්, ඔබ තවතමත් අන් අයට අපහාස කරනවා. ඔබ
උපතක් උපතක් පාසා අන් අයට අපහාස කරමින් පැමිණියා. ඇතුලාන්තයේ පටලැවිල්ලක්. මෙයත්
ඇතුලාන්තයේ සිදු වන ගැටුමක්. ඔබ කිසිම හේතුවක් නොමැතිව තමාව මරා දමා ගන්නවා. බොහෝ
පිරිසකට හානි ගෙන එනවා. "අහවල් අහවල් කෙනා මෙන්න මේ මේ වගේයි" ඒකෙන් ඔබට ඇති දේ
කුමක්ද? එකම එක පරමාත්ම පියා තමයි සැමටම උත්තරීතර. ඔබ දැන් ශ්‍රීමත් පිළිපැදිය
යුතුයි. මිනිස් මත ඔබව ඉතාමත් කිළිටි කරවනවා. ඔවුන් දිගින් දිගටම එකිනෙකාට අපහාස කර
ගනිමින් සිටිනවා. කෙනෙකුට අපහාස කරනවා යනු මායාගේ භුතයාට හසු වීමයි. මේ ලෝකය
අපිරිසිඳුයි. තමන් දැන් අපිරිසිඳු තත්ත්වයෙන් පාරිශුද්ධ වෙමින් සිටිනා බව ඔබට
තේරෙනවා. ඒවා ඉතාමත් නරක පුරුදු. නැවතත් ඒ ආකාරයේ ක්‍රියා ඔබගෙන් සිදු නොවීමට ඔබ අද
පටන් තමන්ගේම කනින් ඇද ගත යුතුයි කියා පැහැදිලි කර කියා දී තිබෙනවා. කවුරු හෝ
කෙනෙක් කිසියම් වැරැද්දක් කරනවා දුටුවහොත් ඔබ එය බාබාට වාර්තා කළ යුතුයි. ඔබට එය
කුමකට ද? ඇයි තවත් කෙනෙක්ට අපහාස කරන්නේ? පරමාත්ම පියාට සියල්ලම ඇසෙනවා. පරමාත්ම
පියා මෙම ඇස් කන් ණයට අරගෙනයි ඉන්නේ. පරමාත්ම පියාට පෙනෙනවා වගේම මේ දාදාටත්
පෙනෙනවා. ඇතැම් අයගේ හැසිරීමත් ඔවුන්ගෙන් පිටවන වාතාවරණයත් හරිම අයුතු සහගතයි.
පියෙක් නැති අයෙක්ව හඳුන්වන්නේ අනාථයෙක් ලෙසිනුයි. ඇතැම් අය පරමාත්ම පියාව දන්නේත්
නැහැ, ඔහුව සිහි කරන්නේත් නැහැ. තම තමන්ව හදා ගන්නවා වෙනුවට ඔවුන් තව තවත් නරක්
වෙනවා; මෙන්න මේ නිසා තමයි ඔවුන් තම තත්ත්වය නැති කර ගන්නේ. ඔබ ශ්‍රීමත්
පිළිපදින්නේ නැතිනම් ඔබ අනාථයෙක්. ඔවුන් මවගේ හා පියාගේ ශ්‍රීමත් පිළිපදින්නේ නැහැ.
“මවත් ඔබයි පියාත් ඔබයි” කියා කියනවා. ඔහු ඔබගේ මිතුරාත් වෙනවා. කෙසේවෙතත්,
මීමුත්තෙක් නොසිටියහොත් මවක් සිටින්නේ කොයින් ද? ඔවුන්ට ඒ තරම් ඥානයක්වත් නැහැ.
මායා ඔබගේ සිහි බුද්ධිය මුළුමනින්ම අනිත් පැත්ත හරවනවා. අසීමිත පරමාත්ම පියාගේ
උපදෙස් වලට ඔබ කීකරු නොවුනහොත්, ඔබට දඩුවම් විඳීමට සිදු වන අතර ගැලවීමක් ලැබෙන්නේ
නැහැ. ඇතැම් අය හැසිරෙන ආකාරය දකිනා විට පරමාත්ම පියා කියන්නේ : ඒ ජීවාත්මයන්ට
මොනවා වෙන්න ද යන්නේ? මෙයා නම් වන මලක්මයි. මෙයා වරා මලක්. ඒ අයට කවුරුත් කැමති
නැහැ. එමනිසා, තමන්ව හදා ගන්න! නැතිනම්, ඔබගේ තත්ත්වය විනාශ වී යයි. උපතක් උපතක්
පාසා පාඩු විඳීමට සිදු වේවි. කෙසේවෙතත්, ශාරීරික අවධානයෙන් සිටින අයගේ සිහියට මෙය
ඇතුල් වන්නේ නැහැ. ජීවාත්ම අවධානයෙන් සිටින අයට පමණයි පරමාත්ම පියාට ආදරය කළ
හැක්කේ. පරමාත්ම පියාට කැප වෙනවායි කියන එක නැන්දම්මාගේ ගෙදර යනවා වගේ ලේසි දෙයක්
නොවෙයි. ප්‍රභූ අයට එවන් දෙයක් කළ නොහැකියි. ඔවුන්ට "කැප වීම" යන්නෙහි අර්ථයවත්
තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ හදවත් හැකිලෙනවා. බන්ධන කිසිවක් නැති අය බොහෝ දෙනෙක්
සිටිනවා; ඔවුන්ට දරුවනුත් නැහැ. එවන් අය: බාබා, අපේ හැම දෙයක්ම ඔබමයි කියා කියනවා.
කටින් එහෙම කිව්වත් ඇත්තටම එහෙම නැහැ. ඔවුන් පරමාත්ම පියාට බොරුත් කියනවා. තමාව කැප
කරනවා යනු බැඳීම් ඉවත් කිරීමයි. දැන් මේ අවසානයයි. ඉතින්, ඔබ ශ්‍රීමත් පිළිපැදිය
යුතුයි. ඔබගේ දේපළ වස්තු කෙරෙහි ඇති බැඳීමෙන් ඔබ නිදහස් විය යුතුයි. එවන් බන්ධන
වලින් නිදහස් අය බොහෝමයක් සිටිනවා. ඔබ ශිව බාබාව අයිති කරවා ගත්තා; ඔහුව භාර ගත්තා.
මේ ඔබගේ පරම පියා, ගුරුවරයා හා සත්ගුරුයි. ඔබ ඔහුට අයිති වූයේ ඔහුගේ සියලු දේපළට
හිමිකම් කීමටයි. බාබාගේ දරුවන් වන අය අනිවාර්යෙන්ම දේවතා වංශයේ කොටස්කරුවන් වෙනවා.
ඒ වුවත්, විවිධ තත්ත්වයන්ගේ විවිධ වෙනස්කම් තිබෙනවා. දැසි දස්සන් රැසක් සිටිනවා.
ඇතැම් අය එකිනෙකාට අණ විධාන දෙනවා. දැසි දස්සනුත් එක් එක් මට්ටමේ අයයි. පිට සිටින
දැසි දස්සන් රාජකීය පවුලේ මාළිගාවට ඇතුල් වන්නේ නැහැ. පරමාත්ම පියාට අයිති අයට
පමණයි එය කළ හැක්කේ. සතයක තරම් වත් නුවණක් නැති දරුවනුත් සිටිනවා. මමාව හෝ මගේ රථය
හෝ සිහි කරන්නැයි කියා බාබා කියන්නේ නැහැ. පරමාත්ම පියා කියන්නේ : මා පමණක් සිහි
කරන්න. සියලුම ශාරීරික ඥාතීන් කෙරෙහි ඇති බැඳීම ඉවත් කර දමා තම තමන් ජීවාත්ම බව
සලකන්න. කෙනෙකුට ආදරය කිරීමේ අවශ්‍යතාවය ඔබට තිබෙනවා නම්, ඒකායන කෙනාට පමණක් ආදරය
කරන්න. ඔබගේ ඔරුව එගොඩ වේවි. පරමාත්ම පියාගේ උපදෙස් පිළිපදින්න. බැඳීම් ජය ගත් රජ
කෙනෙක් ගැන කතාන්දරක් තිබෙනවා. දරුවන් මූලිකයින් කියා සලකන නිසා පිරිමි දරුවෙක්
දේපළ වල හිමිකම ලබනවා. ඔබ බාබාව ඔබගේ full මාස්ටර් කර ගතහොත්, ඔහු මේ සියල්ලම ඔබට
දේවි. මෙය ගනුදෙනුවක් නොවෙයි; අවබෝධයට කරුණක්. ඔබ සියල්ලම හොඳින් අහගෙන සිටියත්,
ඊලඟ දවසේ ඒ සියල්ල අමතක කර දමනවා. තම සිහියේ මේ කරුණු තිබුණි නම් අන් අයට පැහැදිලි
කරදිය හැකි වේවි. පරමාත්ම පියාව සිහි කිරීමෙන් ඔබ දෙව්ලොව පාලකයින් වෙනවා. මෙය
ඉතාමත් පහසුයි. දිගටම තම කටින්ම ඔබගේ අරමුණ හා ඉලක්කය ගැන අන් අයට කියා දෙන්න.
ගැඹුරු, සියුම් බුද්ධියක් ඇති අය ඉක්මනින්ම තේරුම් ගනීවි. මේ පින්තූර ආදියත්
අවසානයේදී ප්‍රයෝජනවත් වේවි. ඒවායේ සම්පූර්ණ ඥානයම තිබෙනවා. ලක්ෂ්මි නාරායන හා රාධේ
ක්‍රිෂ්ණා අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? කිසිම කෙනෙක් දන්නේ නැහැ. ලක්ෂ්මි නාරායන
අනිවාර්යෙන්ම මුලදී රජ කුමරෙක් හා කුමාරිකාවකි. යාචකයෙකුගෙන් රාජකුමාරයෙකුට කියා
මිසක් යාචකයෙකුගෙන් රජෙකුට කියා කියන්නේ නැහැ. රාජ කුමාරයෙක් වීමෙන් අනතුරුව ඔහු
රජෙක් වෙනවා. මෙය ඉතාමත් පහසුයි. කෙසේවෙතත්, මායා ඇතැම් අයව අල්ලා ගන්නවා. අන් අයට
අපහාස කිරීමේ හා කටකතා පැතිර වීමේ පුරුද්ද බොහෝ අය ළඟ තිබෙනවා: ඔවුන්ට කරන්න වෙන
කිසිම දෙයක් නැහැ. ඔවුන් කවදාවත් පරමාත්ම පියාව සිහි කරන්නේත් නැහැ. ඔවුන් නිතරම
එකිනෙකාට අපහාස කිරිමේ ව්‍යාපාරයම තමයි කර කර සිටින්නේ. මායා ඔවුනට උගන්වන පාඩම
මෙයයි. පරමාත්ම පියා උගන්වන පාඩම හරිම සරළයි. අවසානයේ දී සන්යාසීවරුන් ආදී සෑම
කෙනෙක්ම අවදි වී BK වරුන් පමණයි ඥානය තියෙන අය කියා කියාවි. කුමර කුමරියන් කොහොමත්
පාරිශුද්ධයි. ඔබ මානවයින්ගේ පියාගේ දරුවනුයි. ඔබ තුළ කිසිම නරක සිතිවිල්ලක් නොතිබිය
යුතුයි. බොහෝ අයට තවමත් නරක සිතිවිලි තිබෙනවා. ඒවාට දඩුවම ඉතාමත් දරුණුයි. පරමාත්ම
පියා ඔබට බොහෝම හොඳින් පහදා දෙනවා. මෙහිදී නරක විදියට හැසිරෙනවා දුටුවහොත් වැඩිකල්
ඔබට මෙහි සිටිය නොහැකි වේවි. ඔබට දඩුවමකුත් ලැබේවි; ඔබ සුදුස්සෙක් නොවන අතර පියාවත්
රවටමින් සිටිනවා. ඔබට පරමාත්ම පියාව සිහි කළ නොහැකි වේවි. ඔබගේ තත්ත්වය
සම්පූර්ණයෙන්ම වැටී යාවි. ඔබගේ එම වැටීමම තමයි දඩුවම. ශ්‍රීමත් පිළි නොපැදීමෙන් ඔබ
ඔබගේම තත්ත්වය විනාශ කර ගන්නවා. පරමාත්ම පියාගේ උපදෙස් පිළි නොපැද්ද විට වැඩි
වැඩියෙන් භූතාත්මයන් ඇතුල් වෙනවා. ඔබගේ දැඩි දඩුවම් දැන්ම පටන් ගන්නත් පුළුවන් බව
බාබා ඇතැම් විට සිතනවා. දඩුවමත් නොපෙනෙන සුළුයි. දැඩි දුක් වේදනා එන්න විදියක්
නැහැ. බොහෝ දෙනා බිම වැටී දඩුවම් විඳිනවා. පරමාත්ම පියා සෑම දෙයකටම සංඥා දෙනවා.
බොහෝ අය තම වාසනාව නැති කර ගන්නවා. මෙන්න මේ නිසා තමයි පියා ඔබට අනතුරු අඟවන්නේ.
දැන් වැරදි කිරීමට කාලය නොවෙයි. තමාව හදා ගන්න. අවසන් හෝරාවට දැන් වැඩි කාලයක්
නැහැ. අච්චා.
සුමිහිරි, ආදරණීය
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත්
වලට පටහැනිව කිසිදු නීති විරෝධි හැසිරීමකින් ඔබ ක්‍රියා නොකළ යුතුයි. ඔබ තමාව අලුත්
කරවා ගත යුතුයි. කිළිටි මිනිසුන්ගෙන් ප්‍රවේසම් වන්න.
2. ඔබ බන්ධන වලින්
නිදහස් අයෙක් නම් මුලුමනින්ම තමාව කැප කරවන්න. සෑම බැඳීමක්ම ඉවතලන්න. කිසිදු විටෙක
කිසිම කෙනෙකුට අපහාස කිරීම හෝ කිසිම කෙනෙක් ගැන ඕපාදුප කතා කිරීම නොකරන්න. කිලිටි
සිතිවිලි වලින් තමාව මුදවා ගන්න.
වරදානය:
ඔබ බලගතු
අවධියක ස්විඡය ක්‍රියාත්මක කර නිෂ්ඵලත්වයේ අන්ධකාරය අවසන් කරන අව්යක්ත් සුරදූතයෙක්
වේවා.
ඔබ භෞතික ආලෝකයක්
දැල් වූ විට, අන්ධකාරය දුරු වේ. එලෙසම, බලවත් අවධියක් යනු ස්විඡයකි. මෙම ස්විඡය
දමන්න, නිෂ්ඵලත්වයේ අන්ධකාරය දුරු වේ. එවිට එක් එක් නිෂ්ඵල සිතිවිලි තනි තනිව අවසන්
කිරීමට සිදුවීමෙන් ඔබ නිදහස් වනු ඇත. ඔබේ අවධිය බලවත් වූ විට, ඔබ මහා දානපතියෙකු හා
ආශිර්වාද පිරිනමන්නෙකු බවට පත් වනු ඇත, මන්ද, පිරිනමන්නෙකු වීම යනු බලවත් කෙනෙකු
වීමයි. දානය කළ හැක්කේ බලවත් අයට පමණක් වන අතර බලය ඇති තැන සියලු නිෂ්ඵලත්වයන්
අවසන් වේ. එබැවින්, මෙය අව්යක්ත් සුරදූතයන්ගේ උසස් රාජකාරියයි.
පාඨය:
භාග්‍යවන්ත
ජීවාත්ම යනු සත්‍යයේ පදනම මත සියලු ජීවාත්මයන්ගේ හදවත් වලින් ආශිර්වාද ලබන අයයි.