14.01.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ ද්‍රිෂ්ඨිය කිසිවෙකුගේ ශරීරය මත පතිත නොවිය යුතුය. තමන් ජීව සත්තාවක්
යැයි සලකා, කිසිවෙකුගේ සිරුර දෙස නොබලන්න.
ප්රශ්නය:
ඔය සෑම
බ්‍රහ්මිණ් දරුවෙක්ම අවධානයක් යොමු කළ යුත්තේ කුමන විශේෂ කරුණු දෙකටද?
පිළිතුර:
මෙම ඉගෙනුම සහ දිව්‍යමය ගුණධර්ම. සමහර දරුවන්ට කෝපය සුළුවෙන්වත් නොමැති අතර,
ඇතැමෙකුට බොහෝ කෝපය තිබෙන අතර, ඔවුන් බොහෝ සේ සණ්ඩු සරුවල් කර ගනිති. ඔය දරුවන්
දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගැනීම ගැන සහ දේවතාවන් බවට පත් වීම ගැන සැලකිලිමත් විය
යුතුයි. කිසි කෙනෙකුට කෝපයෙන් කතා නොකරන්න. බාබා පවසන්නේ ඔවුන් තුළ කෝපය ඇති
දරුවන්, නපුරු භූතයන්ගේ ස්වාමීන් සහ ළමාතැනීන් මෙනි. එවන් නරක භූතයන් ඇති කිසි
කෙනෙක් සමග ඔබ කතා නොකළ යුතුයි.
ගීතය:
මා පැමිණ
සිටින්නේ මාගේ භාග්‍යය අවදි කරමිනි.
ඕම් ශාන්ති.
ඔය දරුවන්ට
ගීතය ඇසුණා. වෙන කිසිම හමුවක එවන් ගී තැටි වල තේරුම විස්තර නොකරයි. එහිදී ඔවුන්
කරන්නේ ආගමික ග්රන්ථ කියවීම පමණයි. සීක් දේවස්ථාන වල, ග්‍රාන්ත් පොත කියවන අය, ඉන්
පේළි දෙකක් ගෙන, ඉන්පසුව එය පුළුල් කරයි. වෙනත් කිසිම තැනක, ඔවුන් වාදනය කළ තැටිය
විස්තර නොකරයි. පියා දැන් විස්තර කරන්නේ එම සියලුම ගීත අයත් වන්නේ භක්ති මාර්ගයටයි.
දැනුම, භක්තියෙන් වෙනස් බව ඔය දරුවන්ට කියා දී ඇති අතර, එය ලබා දිය හැක්කේ අශාරීරික
ශිවාට පමණයි. මෙම දැනුමට ආධ්‍යාත්මික දැනුම යැයි කියයි. විවිධ මාදිලියේ දැනුම තිබේ.
මෙම කලාලය සාදා ඇත්තේ කෙසේද කියා කෙනෙක් ඔබගෙන් අසනු ඇත. සෑම දෙයක් ගැනම දැනුමක්
තිබේ. ඒ සෑම දෙයක්ම භෞතික දේවල්ය. ජීව සත්තාවන් වන අපට සිටින්නේ එක් ආධ්‍යාත්මික
පියෙක් පමණක් බවත්, ඔහුගේ ස්වරූපය දැක ගැනීමට නොහැකි බවත් ඔය දරුවන් දන්නවා. එම
අශාරීරක ජීවයේ ප්රතිරුව, සැලිග්රමයක් මෙනි. ඔහුට උත්තරීතර ජීවය යැයි කියයි. ඔහුට
අශාරීරිකයි, යැයිද කියයි. ඔහුට මනුෂ්‍ය ස්වරූපයක් නොමැත. සෑම දේකටම අනිවාර්යෙන්ම
ස්වරූපයක් තිබෙන අතර, කුඩාම ස්වරූපය වන්නේ ජීවයක ස්වරූපයයි. එයට ස්වභාව ධර්මයේ
ආශ්චර්යය යැයි කියයි. ජීවයක් කෙතරම් කුඩාද යත්, මෙම දෑස් වලින් එය දැකගත නොහැක. ඔය
දරුවන්ට දැන් දිව්‍යමය දර්ශන ලබා දී තිබේ, එමගින් ඔබට සෑම දේකම දර්ශන ලැබෙයි.
දිව්‍යමය දර්ශන මඟින් අතීතයේ පැවතුණු අයව ඔබට දැකගත හැක. පළමුවෙන්ම අතීතය වූයේ එම
කෙනාය. ඔහු දැන් නැවත පැමිණ ඇති නිසා, ඔබට ඔහුගේ දර්ශනයක් ලැබෙයි. ඔහු ඉතාම
සූක්ෂමයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවය හැරුණු කොට අන් කිසිවෙකුට ජීවය පිළිබඳ
දැනුම ලබා දිය නොහැකි බව මෙයින් වටහාගත හැක. මිනිසුන් ජීවය ගැන හරිහැටි නොදනී. ඒ
අයුරින්ම ඔවුන්ට උත්තරීතර ජීවය පිළිබඳවත් නිවැරදිව දැන ගත නොහැක. ලෝකයේ මිනිසුන්ට
අනේක අදහස් තිබේ. ඇතමෙක් කියන්නේ ජීවය, උත්තරීතර ජීවය තුළට මුසුවන බවයි, තව කෙනෙක්
තවත් යමක් කියයි. ඔය දරුවන් දැන් ඔබ දරණ උත්සාහයට අනුව, අංක පිළිවෙලට වටහා ගනී. මෙය
එකම ප්‍රමාණයට සෑම කෙනෙකුගේම බුද්ධියේ පතිත වන්නේ නැත. ඔබ නැවත නැවතත් ඔබගේ බුද්ධිය
තුළට මෙය කාවැද්දිය යුතුයි. අප ජීව සත්තාවන් වන අතර, අපි අපගේ උපත් 84හි චරිත කොටස්
රඟපාන්නෙමු. පියා දැන් පවසන්නේ තමන් ජීව සත්තාවන් බව සලකා, පරම පියා, පරමාත්ම ජීව
සත්තාව වන මාව හැඳිනගෙන, මාව සිහිපත් කරන්න. පියා පවසන්නේ මා මෙම කෙනා තුළට ඇතුළු
වී, ඔය දරුවන්ට දැනුම ලබා දෙන්නෙමි. ඔය දරුවන් තමන් ජීව සත්තාවන් බව නොසලකන නිසා,
ඔබගේ ද්‍රිෂ්ඨිය මෙම ශරීරය වෙතට යයි. ඇත්ත වශයෙන්ම ඔබට මෙම කෙනා සමග කිසි දෙයක්
කිරීමට නැත. සියලු දෙනාටම විමුක්තිය පිරිනමන්නා වන්නේ ශිව බාබා වන අතර, අප සෑම
කෙනෙකුටම සතුට ලබා දෙන්නේ ඔහුගේ උපදෙස් වලට අනුවයි. සෑම කෙනෙකුටම සතුට ලබා දීම ගැන
මෙම කෙනාට කිසිම අහංකාරකමක් නොමැත. පියාව නිවැරදිව සිහි නොකරන අයට, ඔවුන්ගේ අඩුපාඩු
ඉවත් කර ගැනීමට නොහැකිය. තමන් ජීව සත්තාවන්ය යන විශ්වාසය ඔවුන්ට නොමැත. මිනිසුන්
ජීව සත්තාවන් ගැන හෝ උත්තරීතර ජීව සත්තාව ගැන හෝ නොදනී. සර්ව ව්‍යාප්තිය පිළිබඳ
අදහස දස අත පැතිරුවේ භාරතයේ මිනිසුන්ය. ඔබ අතර සිටින සේවය කළ හැකි දරුවන්ට මෙය
වැටහෙන නමුත්, ඉතිරි අයට ඒ තරමටම එය වැටහෙන්නේ නැත. ඔය දරුවන් නිවැරදිව සහ
සම්පූර්ණයෙන්ම පියාව හඳුනාගත්තේ නම්, ඔබ ඔහුව සිහිපත් කොට, දිව්‍යමය ගුණධර්ම ද
ධාරණය කරගනු ඇත. ශිව බාබා ඔබට මෙය විස්තර කරයි. මෙය අළුත් කාරණාවකි. බ්‍රහ්මිණ්වරු
අනිවාර්යෙන්ම අවශ්‍යයයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් පැවතෙන කාල වකවානුව ගැන
ලෝකයේ කිසිම කෙනෙක් නොදනී. භෞතික බ්‍රහ්මිණ්වරු බොහෝ සිටින නමුත්, එම පරම්පරාව
උපදින්නේ මව් කුසකිනි. ඔවුන් බ්‍රහ්මාගේ දරුවන්, මුඛයෙන් උපන් පරම්පරාවක් නොවෙයි.
බ්‍රහ්මාගේ දරුවන්, දෙවියන්, පියාණන් ගෙන්, උරුමයක් ලබයි. ඔබ දැන් එම උරුමය ලබමින්
සිටියි. ඔය බ්‍රහ්මිණ්වරු, එම බ්‍රහ්මිණ්වරුන් ගෙන් වෙනස්ය. ඔය බ්‍රහ්මිණ්වරුන්
සංගම යුගයේ සිටින අතර, එම බ්‍රහ්මිණ්වරුන් සිටින්නේ තඹ සහ කලියුග වලයි. ඔය සංගම යුග
බ්‍රහ්මිණ්වරුන් සම්පූර්ණයෙන්ම වෙනස්ය. ප්‍රජාපිතා බ්‍රහ්මාට බොහෝ දරුවන් සිටියි.
භෞතික පියෙක් දරුවන් නිර්මාණය කරන බැවින් ඔහුට ද බ්රහ්මා කියා කියන නමුත්, එය
ශරීරය හා සම්බන්ධ කරුණකි. මෙම පියා (ශිවා) පවසන්නේ සියලුම ජීව, මගේ දරුවන්ය.
සුමිහිරිම ආධ්‍යාත්මික දරුවන් වන්නේ ඔබයි. මෙය ඕනෑම කෙනෙකුට විස්තර කර දීම පහසුය.
ශිව බාබාට ඔහුටම කියා සිරුරක් නොමැත. මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරන නමුත්, දැකිය
හැකි සිරුරක් ඔහුට නොමැත. නමක් දෙන්නේ ශරීරයටයි. උත්තරීතර ජීවයට ඔහුටම කියා සිරුරක්
නොමැත, මේ නිසයි ඔහුට උත්තරීතර ජීව සත්තාව කියා කියන්නේ. එම ජීවයට ශිවා යැයි කියයි
එම නම, කිසිදින වෙනස් වන්නේ නැත. කෙනෙක් තම ශරීරය වෙනස් කරන විට, නමද වෙනස් වෙයි.
ශිව බාබා පවසන්නේ මම නිරන්තරයෙන් අශාරීරික උත්තරීතර ජීවයයි. නාටකයේ සැලසුමට අනුව,
මම දැන් මෙම සිරුර ගෙන ඇත්තෙමි. සන්යාසීන්ගේ නම් වුවද වෙනස් වෙයි. කෙනෙක් ගුරු
කෙනෙකුට අයත් වන විට, ඔහුගේ නම වෙනස් කරයි. ඔබද ඔබගේ නම් වෙනස් කරනු ලැබූයේ වුවද,
කෙතරම් කාලයක් බාබා දිගින් දිගටම සෑම කෙනෙකුගේම නම් වෙනස් කරන්නද? බොහෝ දෙනෙක් හැර
ගියහ. එකල මෙහි සිටි අයගේ නම් වෙනස් කෙරුණි. දැන් කිසි කෙනෙකුගේ නම් වෙනස්
නොකෙරෙයි. කිසි කෙනෙක් විශ්වාස කළ නොහැක. මායා බොහෝ දෙනෙක් පරාජය කරන බැවින් ඔවුන්
පැන යයි. මේ නිසයි බාබා කිසි කෙනෙකුට අළුත් නමක් නොදෙන්නේ. ඔහු එක්කෙනෙකුට නමක් දී
තවත් කෙනෙකුට නොදෙන්නේ නම් එය හොඳ නැත. ඔබ සෑම කෙනෙක්ම මෙසේ කියන මුත් බාබා අපි
දැන් අයත් වන්නේ ඔබටයි, ඔබ නිවැරදිව බාබාට අයත් වන්නේ නැත. ඔබගෙන් බොහෝ දෙනෙකුට,
උරුමකරුවෙක් වීමෙහි අරුත, වැටහෙන්නේ නැත. බොහෝ දෙනෙක් බාබා මුණගැසීමට පැමිණෙන
නමුත්, ඔවුන් උරුමකරුවන් නොවෙයි. ඔවුන්ට ජයග්‍රාහී මාලාවට ඇතුළු වීමට නොහැකි වෙයි.
සමහර හොඳ දරුවන් සලකන්නේ ඔවුන් උරුමකරුවන් කියාය, නමුත් ඔවුන් උරුමකරුවන් නොවන බව,
බාබා දන්නවා. උරුමකරුවෙක් වීමට නම්, ඔබ පළමුව දෙවියන්ව ඔබගේ උරුමකරුවා කළ යුතුයි.
මෙම රහස් විස්තර කර දීමට අපහසුයි. උරුමකරුවෙක් වීම යනු කුමක්ද කියා බාබා ඔය දරුවන්ට
විස්තර කර දෙනවා. ඔබ දෙවියන්ව ඔබගේ උරුමකරුවා කරන විට, ඔබ ඔබගේ සියලු දේපළ දිය
යුතුයි. ඉන්පසුව පියා ඔබව ඔහුගේ උරුමකරුවා කරයි. දුප්පත් අයට පමණයි මෙය කළ හැකි
වන්නේ ධනවත් අයට ඔවුන්ගේ දේපළ දීමට නොහැක. මාලාව නිර්මාණය වන්නේ දරුවන් ටික
දෙනෙකුගෙන් පමණයි. ඔබට උරුමකරුවෙක් වීමට අයිතියක් තිබේද නැත්ද කියා ඔබ බාබාගෙන්
අසන්නේ නම්, බාබාට ඔබට කිව හැක. අර බාබාට මෙන්ම මේ බාබාට ද ඔබට කිව හැක. මෙය වටහා
ගැනීමට හැකි සාමාන්‍ය කරුණකි. උරුමකරුවෙක් වීම සඳහා ඔබට නුවණ අවශ්‍යයි. ලක්ෂ්මි සහ
නාරායන් ලෝකයේ අධිපතියන්ව සිටි බව ඔබට දැක ගත හැක, නමුත් ඔවුන් එම ආධිපත්‍යය හිමි
කරගත්තේ කෙසේද කියා කිසි කෙනෙක් නොදනී. ඔබගේ අරමුණ සහ ඉලක්කය දැන් ඔබ ඉදිරියේ තිබේ.
ඔබ පත්විය යුත්තේ එය බවටයි. ඔය දරුවන් කියන්නේ ඔබ චන්ද්‍ර වංශික රාමා හෝ සිතා නොව,
සූර්ය වංශික ලක්ෂ්මි හෝ නාරායන් වන බවයි. ආගමික ග්රන්ථ වල රාමා සහ සීතාව අපහාසයට
ලක් කර තිබේ. ලක්ෂ්මි සහ නාරායන්ගේ අපහාසයක් ඔබ කිසි විටෙක නොඅසනු ඇත. ශිව බාබා
මෙන්ම ක්රිෂ්ණාවද අපහාසයට ලක් කෙරෙයි. පියා පවසන්නේ මම ඔය දරුවන්ව සියල්ලන්ටම වඩා
ශ්‍රේෂ්ඨ අය බවට පත් කරනවා. ඔය දරුවන් මටත් වඩා උසස් වනවා. කිසි කෙනෙක් කිසිම විටෙක
ලක්ෂ්මි හෝ නාරායන්ට අපහාස කරන්නේ නැත. ක්‍රිෂ්ණා ජීවය සහ නාරායන්ගේ ජීවය එකක්
වුවද, මිනිසුන් මෙය නොදන්නා නිසා, ඔවුන් ඔහුට අපහාස කර තිබේ. ඔවුන් ලක්ෂ්මි සහ
නාරායන්ට බොහෝ සතුටින් දේවාල තනයි. ඇත්ත වශයෙන්ම ඔවුන් සාදන දේවාල, රාධා සහ
ක්‍රිෂ්ණාට විය යුතුයි, මන්ද ඔවුන් සතෝප්‍රධාන් වූ බැවිනි. මොවුන් (ලක්ෂ්මි සහ
නාරායන්), ඔවුන්ගේ වැඩිහිටි අවස්ථාවේ සිටින බැවින්, ඔවුන්ට සතෝ යැයි කියයි, නමුත්
රාධා සහ ක්‍රිෂ්ණා බාල බැවින් ඔවුන්ට සතෝප්‍රධාන් යැයි කියයි. කුඩා දරුවෙක්
මහාත්මයකට සමානයි. පාපයන් යනු කුමක්ද කියා කුඩා දරුවන් නොදන්නා සේම, එහි සිටින
වැඩිහිටියන්ටද පාපයන් ගැන දැනුමක් නොමැත. මෙම නරක භූතයන් පහ එහි නොමැත. ඔවුන්
පාපයන් ගැන කිසිවක් නොදනී. වර්තමානයේ ඇත්තේ රාත්‍රියයි. රාත්රියේදී පමණයි රාගයට
ආශාවක් තිබෙන්නේ. දේවතාවන් සිටින්නේ දහවල නිසා, එහි රාගයට කිසිම ආශාවක් නොමැත. එහි
කිසිම පාපයක් නැත. දැන් එය රාත්‍රිය බැවින් සෑම කෙනෙක්ම පාපයේ ගැලෙයි. උදෑසන පැමිණි
වහාම ඔබගේ සියලු පාපයන් අවසන් වන බව ඔබ දන්නවා. එවිට පාප යනු කුමක්ද කියා ඔබ
නොදන්නවා ඇති. ඒවා රාවණ්ගේ දූෂිත ගති ලක්ෂණයි. මෙය දූෂිත ලේකයයි. දූෂණය නොමැති
ලෝකයේ පාපයන් පිළිබඳ ප්‍රශ්නයක් නැත. එයට දෙවියන්ගේ රාජධානිය යැයි කියයි. වර්තමානයේ
එය රාක්ෂකයාගේ රාජධානියයි, නමුත් කිසි කෙනෙක් එය නොදනී. ඔබ දැන් දරණ උත්සාහයට අනුව
අංක පිළිවෙලට සෑම දෙයක්ම දන්නවා. ඔය දරුවන් බොහොමයක් සිටියි. ඔය බ්‍රහ්ම කුමර
කුමරියන් කාගේ දරුවන්ද කියා මිනිසුන්ට නොවැටහෙයි. ඔවුන් සෑම කෙනෙක්ම ශිව බාබාව සිහි
කරයි. ඔවුන් බ්‍රහ්මාව සිහි නොකරයි. මොහුද කියන්නේ ඔබගේ සියලු පාපයන් දුරු කරන ශිව
බාබාව සිහි කරන්න. වෙන කිසිම කෙනෙක් සිහි කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වන්නේ නැත.
ගීතාවේ ලියා තිබෙන්නේ නිරතුරුවම මා පමණක් සිහි කරන්න! ක්‍රිෂ්ණා මෙය නොකිවේය. ඔබට
උරුමයක් හිමි වන්නේ අශරීරික පියාගෙනි. තමන් ජීව සත්තාවක් බව සැලකූ විට පමණයි, ඔබට
අශාරීරික පියාව සිහි කළ හැකි වන්නේ. පළමුව ඔබ ජීවයක් බවත්, ඔබගේ පියා උත්තරීතර ජීවය
බවත්, යන ස්ථීර විශ්වාසය ඇති කරගන්න. ඔහු පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට මා ඔබට
ඔබගේ උරුමය දෙන්නෙමි. මම සියලු දෙනාටම සතුට පිරිනමන්නාය. මම සියලු ජීව සත්තාවන්
ආපසු සාම දේශයට රැගෙන යන්නෙමි. පියාගෙන් ගිය චක්‍රයෙදී තම උරුමය හිමි කරගත් අය,
පැමිණ බ්‍රහ්මිණ්වරුන් වී, නැවතත් ඔවුන්ගේ උරුමය හිමි කරගනී. බ්‍රහ්මිණ්වරුන්
අතරින්ද, ඇතැමෙක් ඉතාමත්ම ස්ථීර දරුවන්ය සැබෑ දරුවන් මෙන්ම කුඩම්මාගේ දරුවන්ද
සිටියි. අපි අශරීරික ශිවාගේ දරුවන්ය. පෙළපත් ගස වැඩෙන අන්දම ඔබ දන්නවා. දැන්
බ්‍රහ්මිණ්වරුන් වූ අපි, ආපසු නිවසට යා යුතුයි. සියලුම ජීව සත්තාවන්, තම ශරීර
අත්හැර ආපසු නිවසට යා යුතුයි. පාණ්ඩවයන් සහ කෞරවයන් යන දෙකොටසම, තම ශරීර අත්හල
යුතුයි. ඔබ දැනුමේ සංස්කාර ගෙන යන අතර, ඔබට ලැබෙන තිළිණය ඒ අනුව වෙයි. එයත් නාටකයේ
නියම වී තිබේ. ඉන්පසුව නාටකයේ දැනුම කොටස, අවසානයකට පැමිණෙයි. දැන් උපත් 84ක්
ගැනීමෙන් පසුව, ඔබට මෙම දැනුම නැවතත් ලැබෙනවා. ඉන්පසුව මෙම දැනුම අතුරුදහන් වී, ඔබ
ඔබගේ ප්‍රතිලාභය අත්විඳීවි. වෙනත් කිසිම ආගමක පින්තූර එහි නොමැත. පින්තූර තිබෙන්නේ
භක්ති මාර්ගයේය. ස්වර්ණමය යුගයේදී කිසිවෙකුගේ පින්තූර නොමැත. භක්ති මාර්ගය පුරාවටම
ඔබගේ පින්තූර පවතිනවා. ඔබගේ රාජධානියේ වෙනත් කිසිම පින්තුර නොමැත. එකල සිටින්නේ
දේවතාවන් පමණයි. දේවතාවන් ආදිතම සදාතනික අය බව, ඔබට මෙයින් වටහාගත හැක. ඉන්පසුව
ලෝකය දිගටම වර්ධනය වනවා. ඔය දරුවන් මෙම දැනුම ආවර්ජනය කර, අතීන්ද්රීය සතුටෙහි
සිටිය යුතුයි. ආවර්ජනය කිරීමට බොහෝ කරුණු තිබේ. කෙසේවෙතත්, මායා ඔබට නැවත නැවතත්
අමතක කරවන බව, බාබා දන්නවා. ශිව බාබා ඔබට උගන්වන බව ඔබ සිහියේ තබා ගත යුතුයි. උසස්ම
උසස් කෙනා ඔහුයි. අපි දැන් ආපසු නිවසට යා යුතුයි. මේ දේවල් බොහෝ පහසුයි! සෑම දෙයක්ම
රඳා පවතින්නේ සිහිපත් කිරීම මතයි. අපි දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගෙන දේවතාවයන් විය
යුතුයි. පාපයන් පහ, නරක භූතයෝය. රාගය, කෝපය සහ ශරීර අවධානයේ නරක භූතයෝ සිටියි. ඔව්
සමහරුන්ට වෙනත් අයට වඩා වැඩියෙන් නරක භූතයෝ සිටියි. ඔය බ්‍රහ්මිණ් දරුවන් දන්නවා
මෙම පාපයන්, විශාල නරක භූතයෝ බව. අංක එකේ නරක භූතයා වන්නේ රාගයයි. දෙවැන්න කෝපයයි.
කෙනෙක් රළු අන්දමකට කතා කරන විට, එම කෙනා තුළ කෝපය තිබෙන බව පියා කියනවා. එම නරක
භූතයා ඉවත් කළ යුතුයි. නරක භූතයෙක් ඉවත් කිරීම ඉතා අපහසුය. මිනිසුන් බොහෝ දෙනෙක්
කෝපය නිසා දුක ඇති කරයි. මිනිසුන් එතරම්ම බැඳීම් නිසා දුක දෙන්නේ නැත බැඳීම් ඇති අය
පමණයි දුක් විඳින්නේ. මේ නිසයි පියා පවසන්නේ එම නරක භුතයින්ව පලවා හරින්න! ඔය සෑම
දරුවෙක්ම ඉගෙනුමට සහ දිව්‍යමය ගුණධර්ම වලට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. සමහර
දරුවන්ට කෝපයේ සුළු සලකුණක්වත් නොමැති අතර, ඇතමෙක් කෝපය නිසා බොහෝ සණ්ඩු දබර ඇති
කරගනී. ඔය දරුවන් දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගෙන, දේවතාවන් වීම ගැන සිතිය යුතුයි.
කිසිම විටෙක තරහින් කතා නොකරන්න. කෙනෙක් කෝප වන විට, ඔහු තුළ කෝපයේ නරක භූතයා සිටින
බව තේරුම් ගන්න. ඔවුන් නරක භූතයින්ගේ ස්වාමීන්, ළමාතැනීන් වනවා සේය. එවන් නරක
භූතයින් සිටින අය සමග, කිසිම විටෙක කතා නොකරන්න. කෙනෙක් තරහින් කතා කර, නරක භූතයා
අනෙක් කෙනා තුළටද ඇතුළු වූ විට, නරක භූතයින් දෙදෙනා එකිනෙකා සමග දබර කරගනී. ’නරක
භූතයින්ගේ ළමාතැන‘ (භූත්නාදනී) යන කියමන ඉතා අපිරිසිඳුයි. නරක භූතයා ඔබ තුළට ඇතුළු
නොවීමට, ඔබ එවන් කෙනෙකුගෙන් දුරස්ව සිටිය යුතුය. නරක භූතයෙක් ඉදිරියේ සිටගෙන
නොසිටින්න, එසේ නැත්නම් එය ඔබ තුළටද ඇතුළු වෙයි. පියා පැමිණෙන්නේ ඔබගේ රාක්ෂක ගති
ඉවත් කර, දිව්‍යමය ගුණධර්ම ධාරණය කිරීමට මඟ පෑදීමටයි. පියා පවසන්නේ මා පැමිණ
සිටින්නේ ඔබට දිව්‍යමය ගුණධර්ම ධාරණය කරවීමට සහ දේවතාවන් බවට පත් කිරීමටයි. ඔය
දරුවන් දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්නා බව ඔබ දන්නවා. දේවතාවන්ගේ ප්‍රතිමා ඔබ
ඉදිරියේ තිබේ. කෝපය ඇති අයගෙන් සම්පූර්ණයෙන්ම ඈත්ව සිටින ලෙස, බාබා ඔබට කියා තිබේ.
තමන්ව ආරක්ෂා කර ගැනීමට නුවණ අවශ්‍යයි. ඔබ තුළ කෝපය සුළුවෙන්වත් නොතිබිය යුතුයි.
එසේ නැත්නම් ඔබගේ පාපය, සිය ගුණයකින් වැඩිවෙයි. පියා ඉතා පැහැදිලිව ඔය දරුවන්ට
විස්තර කරනවා. බාබා පෙර චක්‍රයේදී කළ ආකාරයෙන්ම, ඔබට උගන්වන බවද ඔය දරුවන්ට
වැටහෙනවා. ඔබ දරණ උත්සාහයට අනුව, අංක පිළිවෙලට, ඔය දරුවන්ට දිගටම වැටහෙයි. තමන්ට
මෙන්ම අන් අයටද කාරුණික වන්න. ඇතමුන්ට අන් අය කෙරෙහි කරුණාවක් තිබෙන නමුත්, තමන්
කෙරෙහි කරුණාවක් නොමැත. අන් අය එවිට ඉහළ නඟින අතර, ඔවුන් පසුපස රැඳෙයි. ඔවුන්ම
පාපයන් පරාජය නොකරන නමුත්, ඔවුන් අන් අයට විස්තර කර දෙයි. එබැවින් අන් අය එවිට
පාපයන් ජයගනී. එවන් පුදුමාකාර දේද සිදුවෙයි! අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දැනුම
මතගා, අතීන්ද්රීය සතුටින් රැඳී සිටින්න. කිසිම කෙනෙකුට රළු අන්දමකින් කතා නොකරන්න.
ඔබත් සමග තරහින් කතා කරන කෙනෙකුගෙන් ඉවත්ව යන්න.
2. දෙවියන්ගේ
උරුමකරුවෙක් වීම සඳහා, පළමුව ඔහුව, ඔබගේ උරුමකරුවා කරගන්න. නුවණැත්තෙක් වී, ඔබට
අයත් සෑම දෙයක්ම පියාට දීමෙන්, ඔබගේ සියලුම බැඳීම් අවසන් කරගන්න. තමන්ට කාරුණික
වන්න.
වරදානය:
ඔබ නොබැදි
නිරීක්ෂකයෙකු ලෙස ඉහළම මනෝ ස්ථිතියෙහි සිටිමින් පියා මෙන් සියලු ජීවාත්මයන්ට සකාෂ්
ලබාදෙන අව්යක්ත් සුරදූතයෙකු වේවා.
නිරතුරුවම ඔබ
අශාරීරික ජීවාත්මයක් බව සලකන අතර ඇවිදිමින්, එහා මෙහා යමින් සහ ක්‍රියාවන්හි යෙදෙන
විට ඔබ අව්යක්ත් සුරදූතයෙකු බව සලකන අතර ඔබ දිගටම ඉහළට පියාසර කරනවා ඇත.
සුරදූතයෙකු යනු ඉහළම ස්ථිතියක සිටින අයෙකි. මේ භෞතික ලෝකයේ සිදුවෙමින් පවතින දේ
කුමක් වුවත්, නොබැදි නිරීක්ෂකයෙකු වී සෑම කෙනෙකුගේම චරිත කොටස නිරීක්ෂණය කරමින්
දිගටම ඔවුන්ට සකාෂ් ලබා දෙන්න. ඔබේ අසුනෙන් බැස සකාෂ් දිය නොහැක. ඉහළම ස්ථිතියෙහි
ස්ථාවරව සිටිමින්, ඔබේ ආකල්පයේ සහ ද්රිෂ්ටියේ උපකාරයෙන්, අමිශ්‍ර මනෝ ස්ථිතියකින්
කරුණාවේ සකාෂ් ලබා දෙන්න. එවිට පමණක් ඔබට ඕනෑම ආකාරයක වාතාවරණයක ආරක්ෂිතව සිටීමට
හැකි වන අතර පියා මෙන් අව්‍යක්ත සුරදූතයෙකු වීමේ ආශිර්වාදය ලබා ගත හැකිය.
පාඨය:
සිහිකිරීමේ
බලයෙන් දුක සතුට බවටත් අසාමය සාමය බවටත් පරිවර්තනය කරන්න.
ඔබගේ බලවත් මනසින්
සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.
ඔබට ඕනෑම ස්ථානයක
සිට, බොහෝ ජීවාත්මයනට ඔබේ පිවිතුරු හැඟීම්, උතුම් ප්‍රාර්ථනා, ශ්‍රේෂ්ඨ ආකල්ප සහ
උසස් කම්පන තරංග මඟින් සේවය කළ හැකිය. මෙය කළ හැකි මාර්ගය නම් ප්‍රදීපාගාරයක් සහ
බලාගාරයක් වීමයි. මේ සඳහා භෞතික පහසුකම්, අවස්ථාවක් හෝ වේලාවක් තිබීම පිළිබඳ
ප්‍රශ්නයක් නැත. ඔබ සරළව ආලෝකයෙන් සහ බලයෙන් පිරී සිටිය යුතුය.