14.02.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ජීවාත්ම අවධානයට පත් වී පියාව සිහිපත් කරන්න, යන ශ්‍රීමත් උපදෙස(උසස් මගපෙන්වීම්) ඔබට ලැබී තිබේ. කිසිම හේතුවක් මත, ඔබ කිසි කෙනෙක් සමඟ වාද නොකළ යුතුයි.

ප්‍රශ්නය:
ඔබගේ බුද්ධියට පිරිසිදු වී, පියා සමඟ සම්බන්ධ වීම පිණිස, නිර්මාණය කර ඇති ක්‍රමවේදය කුමක්ද?

පිළිතුර:
දින හතක බත්තියක්. අළුත් අය පැමිණි විට, ඔවුන්ව දින හතක බත්තියක අසුන් ගන්වන්න. ඔවුන්ගේ බුද්ධියෙන් කුණු කන්දල් ඉවත් වී, ඔවුන්ට අප්‍රසිද්ධ පියාව, අප්‍රසිද්ධ ඉගෙනුම සහ අප්‍රසිද්ධ උරුමය හඳුනාගැනීමට හැකි වෙයි. ඔවුන් පැමිණි විගසම, අසුන් ගත්තේ නම්, ඔවුන් අවුලට පත් වී කිසි දෙයක් වටහා නොගනු ඇත.

ගීතය:
අවදි වන්න, මනාලියනි, අවදි වන්න! අළුත් දවස උදාවීමට ආසන්නයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් දැනුමින් යුතු අය බවට පත් කිරීම සඳහා, එවන් ගීත වාදනය කර, ඒවායේ අරුත වටහා දිය යුතු වනවා. ඔබට එවිට අන් අය ඉදිරියේ කතා කිරීමට හැකි වෙයි. බුද්ධිය තුළ, ආරම්භය, මැද සහ අවසානය පිළිබඳව කෙතරම් දැනුමක් තිබේද කියා, ඔබට දැන ගැනීමට හැකි වෙයි. උඩ ඉහළ ඇති සියලුම රහස්, අශාරීරික ලෝකයෙන්, සූක‍්ෂම දේශයෙන් සහ ශාරීරික ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ සියලුම රහස් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ බැබලෙනවා සේය. පියා තුළ ඇති මෙම දැනුම, ඔහු ඔබට කියා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම අළුත් දැනුමක්. ග්‍රන්ථ ආදියේ, නම් සඳහන් කර ඇති මුත්, එම නම් සඳහන් කිරීමේදී, ඔවුන් හිර වී, ඒවා ගැන වාද කරන්නට පටන් ගනිවි. මෙහිදී, ඔහු විස්තර කරන්නේ සම්පූර්ණයෙන්ම සරළ අන්දමකින්ය : දෙවියන් කතා කරයි: මා සිහි කරන්න. පාරිශුද්ධකරුවා වන්නේ මා පමණයි. ක්‍රිෂ්ණා, බ්‍රහ්ම, විෂ්ණු, ශංකර් ආදීන්ට පාරිශුද්ධකරුවා කියා කිසි විටෙක නොකියයි. සූක‍්ෂම දේශයේ වැසියන්ට, පාරිශුද්ධකරුවා යැයි ඔබ නොකියයි. එසේ නම් භෞතික ලෝකයේ මනුෂ්‍යයින් පාරිශුද්ධකරුවන් වන්නේ කෙසේද? මෙම දැනුම නිසැකයෙන්ම ඔබගේ බුද්ධියේ ඇත. ග්‍රන්ථ ගැන උවමනාවට වඩා වාද කිරීම හොඳ නැත. අවශ්‍ය පමණට වඩා, සාකච්ජා සිදුවනවා. ඔවුන් මුගුරු වලින් පවා එකිනෙකාට පහර දෙති! මෙම දේවල් ඉතා පහසුවෙන් ඔබට විස්තර කර දෙනවා. ග්‍රන්ථ වල තිබෙන දේ ගැන, අනවශ්‍ය ගැඹුරට ඔබ නොයා යුතුයි. ප්‍රධානතම කරුණ වන්නේ, අනිවාර්යෙන්ම ජීවාත්ම අවධානයට පත් වීමය, තමන් ජීවාත්මයක් බව සලකා, පියා සිහි කිරීමය. ප්‍රධානතම ශ්‍රීමත් වන්නේ මෙයයි. අන් සියල්ලම සවිස්තරයි. බීජය ඉතා කුඩා වන අතර, අන් සියල්ලම වෘක‍්ෂයේ ව්‍යාප්තියයි. ගසක සියලුම දැනුම, එහි බීජය තුළ මුසු වී ඇති සේම, මෙම සියලු දැනුමද, බීජය තුළ මුසු වී තිබේ. බීජය සහ ගස, ඔබගේ බුද්ධියේ තිබේ. ඔබ කරන අන්දමින්, අන් කිසිවෙකුට මෙය වටහා ගැනීමට නුපුළුවන. ඔවුන් ගසේ ආයුෂ ඉතා දිගු කොට ලියා තිබේ. පියා මෙතැන අසුන් ගෙන, බීජය සහ ගස මෙන්ම නාටක චක්‍රය පිළිබඳ රහස් ද විස්තර කර දෙයි. ඔබ ස්ව-දර්ශන චක්‍රධාරීන්ය. අළුත් අය පැමිණි විට, දරුවන් ස්ව-දර්ශන චක්‍රධාරීන් බව කියමින්, පියා ඔවුන්ගේ වර්ණනාව ගායනා කළේ නම්, ඔවුන් ගෙන් කිසිකෙනෙකුට වටහා ගැනීමට නොහැකි වෙයි. ඔවුන් තමන් දරුවන් බව වත් සලකන්නේ නැති වෙයි. පියා අප්‍රසිද්ධ වන අතර දැනුමද අප්‍රසිද්ධයි, එමෙන්ම උරුමයද අප්‍රසිද්ධයි. මෙම දේවල් අසන ඕනෑම අළුත් කෙනෙක් ව්‍යාකූලත්වයට පත් වෙයි. මේ නිසයි ඔවුන්ට දින හතක් බත්තියක අසුන් ගැනීමට සලස්වන්නේ. භගවතය, රාමායනය ආදිය ඔවුන් දින හතක් පුරා කියවීම පවත්වන්නේ, ඇත්ත වශයෙන්ම, මෙකල ඔවුන්ගේ බුද්ධියේ කුණු කන්දල් ඉවත් කර, බුද්ධියේ යෝගාව පියා සමඟ සම්බන්ධ වීම සඳහා, ඔවුන්ව දින හතක බත්තියක තැබීමේ සිහිවටනයක් වශයෙනි. මෙහි, සෑම කෙනෙක්ම රෝගියෙක්ය. මෙම රෝග, ස්වර්ණමය යුගයේ නොපවති. මෙය චක්‍රයෙන් භාගයක රෝගයකි. අවගුණ පහේ රෝගය, අති විශාලය. ඔබ එහිදි ජීවාත්ම අවධානයෙන් රැඳී සිටියි. ඔබ එක් ශරීරයක් අතහැර, තවෙකක් ගන්නා බව, ඔය ජීවාත්ම දන්නවා. ඔබට පූර්ව දර්ශනයක් ලැබෙයි. එහිදී අකල් මරණ කිසි විටෙක සිදු වන්නේ නැත. ඔබ මරණය ජයගන්නා අය බවට පත් කෙරෙනවා. ඔවුන් කියන්නේ මරණය, මරණය, සහ මහා මරණය, කියාය. මහාකාල් දේවාලය ද තිබේ. සීක් ජනතාවට, අමරණීය සිහසුන තිබේ. ඇත්ත වශයෙන්ම අමරණීය සිහසුන වන්නේ, ජීවාත්මය අසුන් ගෙන සිටින නළල මධ්‍යයයි. සියලුම ජීවාත්ම, මෙම අමරණීය සිහසුන් මත අසුන් ගෙන සිටියි. පියා මෙතැන අසුන් ගෙන මෙය විස්තර කර දෙයි. පියාට ඔහුගේම සිහසුනක් නොමැත. ඔහු පැමිණ, මෙම කෙනාගේ සිහසුන ගනි. ඔහු මෙම සිහසුන මත අසුන් ගෙන, ඔය දරුවන්ව, මොණර සිහසුන මත අසුන් ගැනීමට සුදුස්සන් බවට පත් කරවයි. ලක‍්ෂ්මි සහ නාරායන අසුන් ගන්නා එම මොණර සිහසුන, කුමන ආකාරයේ එකක්ද කියා ඔබ දන්නවා. මොණර සිහසුන සිහි කර තිබේ, එසේ නේද? ඔබ මෙය ආවර්ජනය කළ යුතුයි ඔහුට, අවිහිංසක ස්වාමියා වන දෙවියන්, යැයි ආමන්ත්‍රණය කර ඇත්තේ ඇයි? ’අවිහිංසක ස්වාමියා‘ යැයි කියන විට, බුද්ධිය ඉහළ අහසට යයි. මුනිවරු, පූජකයන් ආදිය ද ඔවුන්ගේ ඇඟිල්ලෙන් උඩ, ඉහළ පෙන්වන්නේ, ඔබට ඔහුව සිහි කරවීම පිණිසයි. කෙසේවෙතත්, කිසිවෙකුට කිසි දෙයක් නිවැරදිව දැන ගත නොහැක. පියා, පාරිශුද්ධකරුවා, දැන් පෞද්ගලිකවම ඔබ ඉදිරියට පැමිණ පවසන්නේ: මා සිහිපත් කරන්න එවිට ඔබගේ පාපයන් දුරුවෙයි, කියාය. මෙය සහතිකයක්. මෙයත් ගීතාවේ ලියා ඇති මුත්, ඔබ ගීතාවෙන් එක් නිදසුනක් ගෙන හැර පෑවොත්, ඔවුන් නිදසුන් දහයක් ගෙනහැරපානු ඇත. මේ නිසයි මෙය අනවශ්‍ය වන්නේ. ග්‍රන්ථ ආදිය හදාරා ඇති අය සිතන්නේ, ඔවුන්ට අන් අයට අභියෝග කළ හැක, කියා. මෙම ග්‍රන්ථ ගැන කොහෙත්ම නොදන්නා ඔය දරුවන්, ඒවායේ නමවත් සඳහන් නොකළ යුතුයි. මෙපමණක් කියන්න ’දෙවියන් පවසන්නේ : ඔබගේ පියා වන මා සිහි කරන්න‘ කියා. පාරිශුද්ධකරුවා යැයි කියන්නේ ඔහුට පමණයි. ඔවුන් මෙවැනි ගීතයක්ද ගයයි ’සීතාගේ රාමා වන පාරිශුද්ධකරුවා‘... සන්යාසීන් ද අතන මෙතන ජප කරමින් යයි. මෙවන් බොහෝ අදහස් තිබේ, එසේ නොවේද? මෙම ගීතය ද ඉතාමත්ම ලස්සනයි ! නාටකයේ සැලසුමට අනුව, මෙවන් ගී සෑම චක්‍රයකදීම රචනා වෙයි. ඒවා ඔය දරුවන්ට පමණක්ම රචනා වුණු ඒවා මෙනි. බොහෝ හොඳ ගීත තිබේ. නිදසුනක් ලෙස ’අන්ධයින්ට පාර පෙන්වන්න, ඕ ප්‍රභූ !‘ (මෙම පොළෝ තලයට ඉහළින් වසනා කෙනා)! ප්‍රභූ ලෙස අමතන්නේ ක්‍රිෂ්ණාට නොවෙයි. ප්‍රභූ හෝ ඊශ්වර (සියලු ආශාවන් ඉටු කර දෙන්නා) යැයි අමතන්නේ අශාරීරික කෙනාට පමණයි. මෙහි ඔබ පවසන්නේ, බාබා, පරම පියා, පරම ජීවාත්මය බවයි. ඔහුද ජීවාත්මයක් නොවේද? ඔවුන් අනවශ්‍ය ලෙසින් භක්ති මාර්ගයට වැඩිපුර ගොස් තිබේ. මෙහි සෑම දෙයක්ම ඉතාමත්ම සරළයි - ඇල්ෆා සහ බීටා. ඇල්ෆා යනු අල්ලා වන අතර බීටා යනු රාජධානියයි. එය ඉතාම සරළ දෙයකි! පියා සිහිපත් කරන්න, එවිට ඔබ දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. ලක‍්ෂ්මි සහ නාරායන අනිවාර්යෙන්ම දිව්‍යලෝකයේ අධිපතියන් විය. ඔවුන් සම්පූර්ණයෙන්ම අවගුණ වලින් තොර වූහ. එබැවින්, පියා සිහිපත් කිරීමෙන් පමණයි, ඔබ අනිවාර්යෙන්ම ඔවුන් මෙන් අංග සම්පූර්ණ වන්නේ. ඔබ සිහිපත් කරන සහ සේවය කරන ප්‍රමාණයට අනුව, ඔබට උසස් තත්ත්වයක් හිමි වනු ඇත. මෙයද වැටහෙයි. පාසැලක ශිෂ්‍යයින් ඉතා අඩුවෙන් ඉගෙන ගන්නා විට, ඔවුන්ට එය අවබෝධ නොවන්නේද? සම්පූර්ණ අවධානය යොමු නොකරන අය, දිගටම පිටුපස අසුන් ගනී. එබැවින් ඔවුන් නිසැකයෙන්ම අසමත් වනු ඇත. තමන්ව නැවුම් කරගැනීම සඳහා, රචනා කර ඇති දැනුමේ හොඳ ගීත වලට ඔබ දිගටම සවන් දිය යුතුයි. එවන් ගීත ඔබගේ නිවෙස් වල තබා ගන්න. ඔබට ඒවා අන් අයට වුවද විස්තර කර දිය හැක. බලන්න මායාගේ සෙවණැල්ල නැවතත් වැටෙන අන්දම. චක්‍රයේ කාලය වසර 5000ක් බව ග්‍රන්ථ වල සඳහන් කර නොමැත. බ්‍රහ්මාගේ දහවල සහ බ්‍රහ්මාගේ රාත්‍රිය තිබෙන්නේ භාගය බැගින්ය. යමෙක් මෙම ගීත රචනා කෙරෙව්වා. නුවණැත්තාගේ බුද්ධිය, පියාය, එබැවින් අසුන්ගෙන එම ගීත රචනා කළ අයගේ බුද්ධියට එය ඇතුළු විය. මෙම ගීත ආදිය ඇසීමෙන් ඔබ වෙතට පැමිණි බොහෝ දෙනෙක් ධ්‍යානයකට සම වැදුණි. මෙම දැනුම ගැන ගීත ගායනා කරන අයත් ඔබ වෙතට පැමිණෙන දිනයක් එයි. ඔවුන් පියාගේ වර්ණනාව ගැන කෙබඳු ගීත ගායනා කරන්නේද යත්, ඒවා ඔබගේ හදවත්ද ස්පර්ෂ කරනු ඇත. එවන් ගායකයන් පැමිණෙයි. එය තාලය මතද රඳා පවති. ගායනා කිරීමේ කලාව ද ඉතා ප්‍රසිද්ධයි. වර්තමානයේ එවන් කිසිවෙකු නොමැත. එක් ගීතයක් පමණක් රචනා වී ඇත; අවිහිංසක ශිව දෙවියන්, කෙතරම් මිහිරිද කෙතරම් ආදරණීයද! පියා නිසැකයෙන්ම බොහෝ මිහිරි මෙන්ම ඉතාමත්ම ආදරණීයද වෙයි. ඒ නිසයි සෑම කෙනෙක්ම ඔහු සිහිපත් කරන්නේ. දේවතාවන් ඔහුව සිහිපත් කරන්නේ නැත. පිංතූර වල ඔවුන් පෙන්වා ඇත්තේ, රාමා, ශිවා ඉදිරියේ සිටින අන්දම; රාමා වන්දනා කරමින් සිටියි! මෙයත් වැරදියි. දේවතාවන් කිසි කෙනෙක් සිහිපත් කරන්නේ නැත. සිහිපත් කිරීම සිදු කරන්නේ මනුෂ්‍යයින්ය. ඔබ දැන් මනුෂ්‍යයින් වන අතර පසුව, ඔබද දේවතාවන් බවට පත් වෙයි. දේවතාවන් සහ මනුෂ්‍යයින් අතර දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. එම දේවතාවන්ම ඉන්පසුව මනුෂ්‍යයන් වෙයි. චක්‍රය නොකඩවා බ්‍රමණය වන ආකාරය කිසි කෙනෙක් නොදනී. අප සැබවින්ම දේවතාවන් වන බව ඔබ දැන් සොයා ගෙන තිබේ. අප දැන් බ්‍රහ්මිණ්වරුන්ය. නව ලෝකයේදී අපට දේවතාවන් යැයි කියයි. ඔබ දැන් විශ්මයෙන් පිරි සිටියි! මෙම බ්‍රහ්මා, මෙම උපතේ පෙර සමයේ, වන්දනා කරුවෙක්ව සිටියදී, ශ්‍රී නාරායනගේ ප්‍රශංසාව ගායනා කළ අතර, නාරායනට බොහෝ සෙනෙහසක් තිබිණි. ඔහු නැවතත් එය බවට පත් වීම, දැන් විශ්මයක් සේ හැඟෙයි. එබැවින් සතුටෙහි රසදිය කඳ බොහෝ සේ ඉහළ නැඟිය යුතුයි. අප්‍රසිද්ධ සටන්කාමීන් ඔබයි. ඔබ හිංසාවෙන් තොරයි. ඔබ සැබවින්ම දෙගුණයකින් අවිහිංසකයි. ඔබට රාගයේ අසිපත නොමැති සේම ඔබ යුධ වදින්නේද නැත. රාගය වෙනයි, කෝපය වෙනයි. එබැවින් ඔබ දෙගුණයකින් අවිහිංසකයි, අවිහිංසක සේනාවයි. ’සේනාව‘ යන වචනය නිසා, ඔවුන් සේනා ඇතිකර තිබේ. මහාභාරත යුද්ධයේදී ඔවුන් පිරිමින් පෙන්වා තිබේ එහි ගැහැණුන් නොමැත. ඇත්ත වශයෙන්ම ඔබ ශිව ශක්තින්ය. ඔබලා වැඩි දෙනෙක් සිටින නිසා, ඔබට ශිව ශක්ති සේනාව යැයි කියයි. මෙහි අසුන් ගෙන, මෙම දේවල් ඔබට විස්තර කර දෙන්නේ පරමාත්ම පියා පමණයි. දැන් ඔය දරුවන් නව යුගය සිහි කරයි. ලෝකයේ කිසිම කෙනෙක් නව යුගය ගැන දන්නේවත් නැත. ඔවුන් සිතන්නේ නව යුගය පැමිණෙන්නේ වසර 40,000කට පසුව කියාය. නව යුගය වන්නේ ස්වර්ණමය යුගය බව ඉතාමත්ම පැහැදිලිය. එබැවින් බාබා ඔබට අවවාද කරන්නේ එවන් හොඳ ගීත ඇසීමෙන් ඔබ නැවුම් වන අතර, ඔබ අන් අයටද විස්තර කර දෙනු ඇත. මේ සෑම එකක්ම දක‍්ෂ ක්‍රමවේදයන්ය. මේවාගේ අරුත වැටහෙන්නේ ඔබට පමණයි. ඔබව නැවුම් කරගැනීම සඳහා ඉතා හොඳ ගීත බොහොමයක් තිබේ. මෙම ගීත බොහෝ සේ උපකාරී වනවා. ඔබගේ මුව විවර කර ගැනීමට සහ සතුට ලබා ගැනීමට ඒවායේ අරුත් උකහාගන්න. හොඳින් ධාරණය කරගත නොහැකි අයට පියා පවසන්නේ : තම නිවසේ අසුන් ගෙන, අඛණ්ඩව පියා සිහිපත් කරන්න. තම ගෘහයේ වාසය කරන අතර මෙම මන්ත්‍රය මතක තබා ගන්න : පියා සිහිකර පාරිශුද්ධත්වයට පත්වන්න. පෙර කල, පිරිමි ඔවුන්ගේ භාර්යාවන්ට මෙසේ කීහ: ඔබට ගෙදර සිට දෙවියන්ව සිහි කළ හැක, එබැවින් දේවාල ආදියට යෑමට ඇති අවශ්‍යතාවය කුමක්ද? මම ඔබට පිළිරුවක් ගෙදරට ගෙනත් දෙන්නම්. මෙතැන ඉඳගෙන සිහිකිරීමේ සිටින්න. ඔබ එහෙ මෙහෙ යන්න කරදර වන්නේ ඇයි? මේ අන්දමින් බොහෝ පිරිමි, ඔවුන්ගේ භාර්යාවන්ට යෑමට ඉඩ නොදුන්නේය. වන්දනා කිරීම සහ සිහිකිරීම යනු එකම දෙයයි. ඔබ පිළිරුවක් එක් වරක් දුටුවේ නම්, ඔබට එය කොහොමත් සිහිකළ හැක. මොණර පිහාටුව සහ ඔටුන්න සහිත ක්‍රිෂ්ණාගේ පිළිරුව සුලභ එකකි. ඔය දරුවන්ට දර්ශන ලැබුණි. ඔහු එහිදී උපත ලබන ආකාරයේ දර්ශන ඔබට ලැබුණි. කෙසේවෙතත්, ඔබට ඒවායේ ජායාරූපයක් ගත හැකිද? කිසි කෙනෙකුට නිවැරදි එකක් ගැනීමට නොහැක. එය නිර්මාණය කළ නොහැක, එය දැකිය හැක්කේ, දිව්‍යමය දර්ශනයකින් පමණයි. ඔව්, එය දැකීමෙන් අනතුරව, ඔබට එය විස්තර කළ හැක. කෙසේවෙතත්, එය පිංතාරුවට නැඟීමට ආදිය කළ නොහැක. චිත්‍ර ශිල්පියා දක‍්ෂයෙක් වුවත්, ඔහුට දර්ශනයක් ලැබුණත්, ඔහුට නිවැරදිව මුහුණුවර චිත්‍රයට නැඟිය නොහැක. එබැවින් බාබා විස්තර කර ඇත්තේ : කිසි කෙනෙක් සමඟ උවමනාවට වඩා වාද නොකරන්න. ඔවුන්ට කියන්න ඔබගේ කැමැත්ත තිබෙන්නේ පාරිශුද්ධත්වයට පත් වීමට බව. ඔබ සාමය ඉල්ලයි, එසේ නම්, පියා සිහිපත් කර පිවිතුරු වන්න! පිවිතුරු ජීවාත්ම වලට මෙහි වාසය කළ නොහැක. ඔවුන් ආපසු යයි. ජීවාත්ම පිවිතුරු කිරීමේ බලය ඇත්තේ පරමාත්ම පියාට පමණයි; අන් කිසිවෙකුට ජීවාත්ම පිවිතුරු කළ නොහැක. මේ සෑම දෙයක්ම, මෙම නාටකය රඟ දැක්වෙන වේදිකාව බව, ඔය දරුවන් දන්නවා. මෙකල, මුළු වේදිකාවම රාවණගේ රාජධානියයි. ලෝකය රැඳී තිබෙන්නේ මුළු සාගරය මතයි. මෙය අසීමිත දිවයිනකි. ඒවා සීමිතයි. මෙය අසීමිත කරුණකි (දිවයින), එනම්, දිව්‍යමය රාජධානිය චක්‍රයෙන් භාගයක්ද, රාක‍්ෂක රාජධානිය චක්‍රයෙන් භාගයක්ද පැවතීම. සැබවින්ම මහාද්වීප වෙන් වෙන්ව පවති නමුත් මේ සෑම දෙයක්ම අසීමිතත්ත්වයේ කාරණාය. ඔබ දන්නවා අප අනිවාර්යෙන්ම ගංගා සහ යමුනා යන සුමධුර නදී අසබඩ වාසය කරන බව. මුහුදට ආදියට යෑමට අවශ්‍ය වන්නේ නැත. ඔවුන් එම ද්වාරකාව ගැන සඳහන් කරන විට, එය ඇත්තේ මුහුද මැද නොවෙයි. ද්වාරකාව වෙනම ස්ථානයක් නොවෙයි. ඔය දරුවන්ට දර්ශන ලැබී තිබේ. මුල් කාලයේදී සංදේශිට සහ ගුල්සාට බොහෝ දර්ශන ලැබුණි. ඔවුන්ට බත්තියේ සිටි අන් අයව විනෝදමත් කළ යුතු වූ නිසා, ඔවුන් ශ්‍රේෂ්ඨ චරිත කොටසක් රඟපෑවා. එබැවින් ඔවුන්ව දර්ශන මඟින් බොහෝ සේ විනෝදමත් කරනු ලැබුවා. පියා පවසන්නේ : අවසානයේදී ඔබව බොහෝ සේ විනෝදමත් කරනු ලැබෙයි. එම කොටස වෙනම එකකි. මෙවැනි ගීයක්ද තිබේ අප දුටු දේ ඔබ නුදුටුවේය. ඔබට අඛණ්ඩව එකින් එක දර්ශන ලැබෙයි. නිදසුනක් ලෙසින්, විභාගයේ දින ලංවත්ම, ඔබ ලකුණු කීයක් ලබා සමත් වන්නේද කියා, ඔබට දැන ගන්නට ලැබෙයි. මෙයද ඔබගේ ඉගෙනුමයි. දැන් ඔබ දැනුමින් සපිරී වී, මෙතැන අසුන්ගෙන සිටින්නාක් මෙනි. සෑම කෙනෙක්ම පිරී නැත. පාසැලක සෑම කෙනෙක්ම සෑම විටෙකම අංකානුරූපිතයි. මෙයද දැනුමයි. අශාරීරික ලෝකය, සූක‍්ෂම දේශය - ඔබට තුන් ලෝකයේ දැනුම තිබේ. ඔබ මෙම ලෝක චක්‍රය දන්නවා. එය අඛණ්ඩව බ්‍රමණය වෙයි. පියා පවසන්නේ : ඔබට ලබා දී තිබෙන දැනුම, අන් කිසිවෙකු විසින් ඔබට විස්තර කළ නොහැක. ඔබ මත අසීමිත දශා තිබේ. ඇතමෙකුට ගුරුගේ දශාවද, අන් අයට රාහුගේ ග්‍රහණයක දශාද තිබේ. එබැවින් ඔවුන් ගොස්, සොහොන් පල්ලන් ආදීන් වෙයි. මේවා අසීමිත දශාවන්ය. ඒවා සීමිත දශාවන්ය. අසීමිත පියා, ඔබට අසීමිත දේ කියා දී, ඔබට අසීමිත උරුමයක් ලබා දෙයි. ඔය දරුවන්ට බොහෝ සේ සතුට තිබේ. ඔබ බොහෝ වාර ගණනාවක් ආධිපත්‍යය හිමිකර, ඉන්පසුව එය නැති කරගෙන තිබේ. මෙය සම්පූර්ණයෙන්ම සත්‍යයි. අළුත් දෙයක් නොවෙයි! ඉන්පසුව ඔබට සදා සතුටින් සිටිය හැකි වෙයි. එසේ නැත්නම්, මායා ඔබගේ ගෙල සිරකර දමයි. එබැවින් ඔබ සෑම කෙනෙක්ම එක් ආදරවන්තයාගේ පෙම්වතුන්ය. ඔය සෑම පෙම්වතෙක්ම සිහිකරන්නේ එම එක් ආදරවන්තයාව පමණයි. ඔහු පැමිණ සෑම කෙනෙකුටම සතුට ලබා දෙයි. ඔබ චක්‍රයෙන් භාගයක්ම ඔහු සිහිකරමින් සිටියා. දැන් ඔබට ඔහුව මුණගැසී ඇති බැවින්, ඔබ බොහෝ සතුටු විය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, ’අළුත් දෙයක් නොවෙයි‘ යන පාඩම ස්ථීර කරගන්න. අසීමිත පියා, අපට අසීමිත ආධිපත්‍යය ලබා දෙනවා, යන සතුට රඳවා ගන්න.

2. දැනුමේ හොඳ ගීත වලට සවන් දී, තමන්ව නැවුම් කරගන්න. ඒවායේ අරුත වටහාගෙන, අන් අයටද විස්තර කර දෙන්න.

වරදානය:
මායාව සහ ඇගේ සියලු නෑදෑයන්ව ඔබගෙන් දික්කසාද කර, සියලු සම්බන්ධතා පරම පියා සමග පැවැත්වීමෙන් ඔබ මායා ජයගන්න සහ බැදීම් ජයගන්නෙක් වේවා.

දැන් ඔබගේ අවධානයේ ඇති සියලු පැරණි ගනුදෙනු අවසන් කර තනි පුද්ගලයෙක් වන්න. ඔබට එකිනෙකා සමග සහයෝගී විය හැකි නමුත් සහකරුවන් වශයෙන් නොව. ඒකායන කෙනාව ඔබගේ සහකරු කර, මායාව සහ ඇගේ සියලු සම්බන්ධකම් දික්කසාද කරන්න. එවිට ඔබ මායා පරාජය කරන සහ බැදීම් ජය ගන්න ජයග්‍රාහකයෙක් ලෙස රැදී සිටියි. යම් කෙනෙක් කෙරෙහි සුළු බැදීමක් පවා ඇත්නම්, එවිට තීව්‍ර උත්සාහ දරන්නෙක් වනවා වෙනුවට ඔබ උත්සාහ දරන්නෙක් පමණක් වෙයි. එබැවින් කුමක් සිදු වුනත් නොකඩවා සතුටින් නර්ථනය කරන්න. ‘දඩයමට මරණය සහ දඩයක්කරුට සතුට’. මෙය හැදින්වෙන්නේ බැදීම් විනාශ කරන්නෙක් වීම ලෙසයි. එවන් බැදීම් විනාශ කරන්නන්, ජයග්‍රාහී මල්දමේ පබුළු වෙයි.

පාඨය:
සත්‍යයේ විශේෂතාවයෙන් දියමන්තියේ දීප්තිය වැඩි කරගන්න.

හුදකලාවට ප්‍රිය කර, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.

බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම, ස්ථාවර සහ ශ්‍රේෂ්ඨ ස්ථිතියක අසුනක් මත අසුන්ගෙන සිටීම, හුදකලාවේ සිටීම, අශාරීරික වීම, එකමුතුකම ස්ථාපිත කරන කෙනෙක් විම, ඒකායන කෙනාට අයත් වීම සහ අරපිරිමැස්මේ අවතරණයක් වනවා දැකීමටයි. එකිනෙකාගේ අදහස් වටහාගෙන ඔවුන්ට ගරු කරන්න. එකිනෙකාට සංඥා කරමින් ඔබ අතරේ අදහස් හුවමාරු කරගෙන, ඔබගේ සමූහයේ බලයේ ස්වරූපය හෙළිදරව් කරන්න, මන්ද, ඔබගේ සමූහය තුළ ඇති එකමුතුකමේ බලය, මුළු බ්‍රහ්මින් පවුලම සමූහයක් තුළ එකට ගෙන ඒමට උපකරණයක් වෙයි.