14.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පරමාත්ම දෙවියන්ම ඔබට උගන්වන නිසා ඔබගේ මුහුණ සෑම විටම සතුටින්ම තිබිය
යුතුයි. ඔබගේ මුහුණ මෙම සතුටින් දීප්තිමත්ව බැබලෙමින් තිබිය යුතුයි.
ප්‍රශ්නය:
දරුවන් වන ඔබ
විසින් දැන් යෙදිය යුතු ප්‍රධාන උත්සාහය කුමක්ද ?
පිළිතුර:
දඬුවම් වලින් නිදහස් වීම සඳහා ඔබ උත්සාහ දැරිය යුතුයි. මේ සඳහා ප්‍රධානම දෙය වන්නේ
ස්මරණ වන්දනාවයි. ඔබගේ පාප දුරු වී යන්නේ මෙම ස්මරණය තුළින් පමණි. ආදරෙන් බාබා
සිහිපත් කළ විට ඔබට නොකඩවා ලොකු ආදායමක් උපයා ගත හැකි වනු ඇත. උදේ පාන්දරින් අවදි
වී ස්මරණයේ අසුන් ගත් විට, ඔබට පැරණි ලෝකය අමතක වී යන අතර පසුව ඔබගේ බුද්ධියට ඇතුළු
වන්නේ දැනුමේ කරුණුම පමණි. දරුවන් වන ඔබලා තම දෙතොලින් කිසිඳු අපිරිසිඳු දෙයක් මතු
වීමට ඉඩ නොතැබිය යුතුයි.
ගීතය:
ඔබ ලැබීමෙන්
අපට සියල්ල ලැබී ඇත අහසත් පොළොවත් සියල්ල අයිති අපටයි.
ඕම් ශාන්ති.
මේ ගීතයට
ඇහුම්කන් දෙන විට එහි අර්ථයත් ඔබ ඉතාමත් හොඳින් දන්නවා. පරමාත්ම දෙවියන් විසින්
තමාට මෙය උගන්වා ලෝක අධිරාජ්‍යය ලබා දෙනවාය යන සතුට ඔබ අත්විඳිනවා. කොහොමනමුත්, මෙම
සතුට සෑහෙන වෙලාවක් තබා ගත හැක්කේ ඉතාමත් ටික දෙනෙකුටයි. ඔවුන්ගේ ස්මරණය ස්ථාවර
නැහැ. අපි පියාට අයිති වන අතර පියා අපට උගන්වනවා. එවන් කුල්මත් බවක් තබා නොගන්නා අය
රාශියක් සිටිනවා. මිනිස්සු ආධ්‍යාත්මික හමුවීම් වලදී විවිධ ආධ්‍යාත්මික කතාන්දර වලට
ඇහුම්කන් දෙමින් සතුටක් විඳිනවා. මෙහිදි පියා ඔබට මෙතරම් ලස්සන දේ කියා දෙනවා. පියා
ඔබට උගන්වනවා සේම ලෝක පාලකයන් බවට පත්කරවනවා. එමනිසා, සිසුන් වන ඔබලා ලොකු සතුටක්
විඳිය යුතුයි ලෞකික අධ්‍යාපනය හදාරන්නෙක් විඳින තරම් සතුටක් මෙහි ඉගෙන ගන්නා අය
විඳින්නේ නැහැ. එය ඔවුන්ගේ සිහියට යන්නේ නැහැ. පියා පැහැදිලි කර කියා දෙනවා එවන්
ගීතවලට හතර පස් වතාවක් ඇහුම්කන් දෙන්න. පියාව අමතක කළ විට ඔබ පැරණි ලෝකයත් පැරණි
සම්බන්ධතාවයනුත් සිහිපත් කරනවා. එවන් අවස්ථා වලදී මෙවන් ගීත වලට ඇහුම්කන් දෙන්න.
එවිට ඔබට පියාව සිහිපත් වේවි. පියා කියු විට ඔබට උරුමයත් මතක් වෙනවා. මෙම උරුමය ඔබට
හිමිවන්නේ ඉගෙනීමෙනුයි. ලෝක පාලකවරුන් බවට පත්වීම සඳහා ඔබලා ශිව බාබා සමඟ ඉගෙන
ගන්නවා. තව මොනවාද ඔබලාට අවශ්‍ය? එවන් ශිෂ්‍යයින් දිවා රෑ විශාල සතුටක් විඳිය
යුතුයි. දිවා රෑ ඔබගේ නින්ද පවා කැඩේවි. නින්ද පවා කැප කර ඔබ විශේෂයෙන්ම එම පියාව,
ගුරුවරයාව විශාල කුල්මත් බවකින් සිහි කළ යුතුය. ඔහෝ! අපට අපගේ පියාගෙන් ලෝක
අධිරාජ්‍යය හිමි වෙනවා. මායා මෙම ස්මරණය තබා ගැනීමට ඉඩ දෙන්නේ නැහැ. ඔබ ඔබගේ ඥාති
හිත මිතුරන් ආදිය සිහිපත් කරනවා. දිගින් දිගටම ඔබ ඒ අය ගැන හිතනවා. බොහෝ දෙනා පැරණි
දිරා ගිය කුණු ගැනමයි හිතන්නේ. තමනුත් ලෝකයේ පාලකවරුන් බවට පත් වෙනවාය කියා පියා
තමන්ට කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔවුන් තුළ කිසිම කුල්මත් බවක් නැහැ. පාසලක
ඉගෙන ගන්නා අයගේ මුහුණු සෑම විටම සතුටින් පිරී තිබෙනවා. මෙහිදී ඔබට උගන්වන්නේ
දෙවියන් පමණයි. මෙම සතුට මේ ආකාරයෙන්ම තබා ගැනීමට හැකියාව තිබෙන්නේ ඉතාමත් ටික
දෙනෙකුටයි. නැති නම් ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළටම නැඟේවි. අසීමිත පියා තමාට උගන්වනවාය
යන්න ඔබට අමතක වෙනවා. මේක මතක් කර ගත්තොත් ඔබට සතුටින් සිටිය හැකියි. කොහොමනමුත්,
ඇතැම් දරුවන්ගේ පරණ කර්ම වල වේදනාව කොයි ආකාරයෙන්ද කියනවා නම් ඔවුන්ට පියාව සිහිපත්
වෙන්නේම නැහැ. ඔවුන් තමන්ගේ මුහුණු කුණු ගොඩවල් වලටමයි හරවන්නේ. බාබා මේ හැමෝම ගැන
නොවෙයි කියන්නේ හැම කෙනෙක්ම සිටින්නේ අදාල අනු පිළිවෙලට. ඉතාමත් වාසනාවන්තම අය කියා
කිව හැක්කේ පියාව සිහිපත් කරමින් තමන්ට මේ උගන්වන්නේ පියාමයි කියා සිතනා අයයි. මේ
මේ වගේ ගුරුවරයෙක් තමන්ව නීතීඥවරයෙක් බවට පත්කරවනවාය කියා ඒ අධ්‍යාපනයේදී සිසුන්
සිතනවා සේ, දෙවි දේවතාවරුන් බවට අපව පත් කරවීම සඳහා මෙහිදී අපට උගන්වන්නේ පියාමයි.
එමනිසා, එහි ලොකු කුල්මත් බවක් තිබිය යුතුයි. මෙයට ඇහුම් කන් දීගෙන ඉන්නා ගමන්
ඔබගෙන් ඇතැම් අයගේ කුල්මත් බව වැඩිවන නමුත් අනිත් අයට නම් කිසිම දෙයක් තේරුම් ගන්න
බැහැ. ගුරු කෙනෙක් තමන්වත් ඔහු සමඟ අරගෙන ගොස් දෙවියන් ලඟට ගෙන යාවි යන විශ්වාසයෙන්
මිනිස්සු ගුරුන්ව අදහනවා. මෙහි දෙවියන් වන්නේ මේ එකම කෙනායි. ඔහු ඔබව තමන් සමඟ ගෙන
යාම සඳහා ඔහුව මුණ ගැසීමට ඔබට මඟ සාදා දෙනවා. මිනිස්සු ගුරු කෙනෙක් ලඟට යන්නේ ඔහුත්
සමඟ තමාවත් සාමයේ දේශය වෙතට ගෙන යවා ගැනීම සඳහායි. මෙහිදී පියා තමන් විසින් ඔබට
කරුණු රාශියක් පැහැදිලි කර කියා දෙනවා. ඔබලා ශිෂ්‍යයින්ය. අවම වශයෙන් ඔබට උගන්වනා
ගුරුවරයාව සිහිපත් කරන්න! කොහොමනමුත්, ඇත්තටම කියනවා නම් කිසිම සිහිකිරීමක් නැහැ ඒ
ගැන අහන්නවත් එපා! හොඳ දරුවන් ලඟවත් මේ මතකය නැහැ. අපට උගන්වන්නේ ශිව බාබායි. ඔහු
දැනුමේ සාගරයයි. ඔහු අපට උරුමය ලබා දෙනවා. මේක පමණක්වත් සිහියට ආවොත් ඔබගේ සතුටේ
රසදිය කඳ ඉහළ නැඟේවි. පියා මේ සියල්ලම තමන් විසින් කියා දෙනවා. නමුත් ඔබගේ කුල්මත්
බව නම් තවම වැඩි වන්නේ නැහැ. ඔබගේ සිහිය වෙන වෙන පැතිවල රස්තියාදු වෙනවා. පියා
කියනවා මා සිහිපත් කරන්න එවිට ඔබගේ පාප දුරු වී යාවි. මම මෙය ඔබට සහතික කරනවා. එකම
එක පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක් සිහිපත් කරන්න එපා. විනාශ වීමට යන දෙයක් සිහි
කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ? කෙනෙක් මිය ගිය විට මිනිස්සු අවුරුදු හතරක් පහක්
යන කම් ඔහුව සිහිපත් කරනවා. ගුණ කියමින් සිටිනවා. පියාම දැන් ඔබට කියන්නේ දරුවනි,
මා සිහිපත් කරන්න! වැඩි වැඩියෙන් සෙනෙහසින් බාබාව සිහි කළ තරමට වැඩි වැඩියෙන් ඔබගේ
පාප දුරු වී යනු ඇත. ඔබටත් ලොකු ආදායමක් උපයාගත හැකි වේවි. උදේ පාන්දරින්ම අවදි වී
පියාව සිහිපත් කරන්න. භක්තිවන්තයින් පවා තම පුජාවන් කරන්නේ උදේ පාන්දරයි.
කොහොමනමුත්, ඔබ දැන් සිටින්නේ දැනුම මාර්ගයේයි. පැරණි ලෝකයේ කුණුවල ඔබ දැන්
පැටලැවිය යුතු නැහැ. දරුවන් බොහෝ දෙනා හරිම පුදුම විදියට පැටලෙනවා. ඒ ගැන නම්
අහන්නවත් එපා! ඔවුන් කුණු ගොඩින් අයින් වෙන්නේම නැහැ. මුළු දවස පුරාම කුණු කන්දල්
ගැන තමයි කතා කරකර ඉන්නේ. දැනුමේ කරුණු ඔවුන්ගේ සිහියට ඇතුළු වෙන්නේම නැහැ.
කොහොමනමුත්, මුළු දවස පුරාම සේවය සඳහා එහේ මෙහේ දුව පැන ඇවිදින දරුවන් කිහිප
දෙනෙකුත් සිටිනවා. පියා නම් ඉතින් මතක් කරන්නේ සේවය කරනා දරුවන් පමණයි. දැන් නම්
මනෝහාර් තමයි වැඩිම සේවයක් කරමින් සිටින්නේ. අද ඇය කාර්ණාල් වලට යනවා හෙට තව කොහාට
හරි යනවා. ඇය දිගින් දිගටම සේවය සඳහා යනවා. තමන් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කර ගන්නා
අය මොන සේවයක් කරන්නද ? පියාගේ ආදරයට වැඩියෙන්ම ලක් වන්නේ කවුද ? ඉතාමත් හොඳින්
සේවය කරනා අයයි. දිවා රෑ තිස්සේ සේවය ගැන සැලකිල්ලෙන් ඉන්නා අය තමයි පියාගේ හදවත
දිනා ගන්නේ. මෙවන් ගීතවලට දිගටම නැවත නැවතත් ඇහුම්කන් දෙන විට ඔබට පියාව සිහිපත්
කළහැකි වන අතර ඔබගේ කුල්මත් බවත් ටිකක් වැඩිවේවි. බාබාත් කියා තිබෙනවා ඔබ කාට හෝ
කුමන හෝ වේලාවක පොඩි දුකක් ඇති වුණොත් මෙම සින්දු දමා අසන්න. ඔබට සතුටක් දැනේවි.
ඔහෝ! අපි ලෝක පාලකවරුන් බවට පත්වෙනවා! පියා ඉතාමත් සරලව කියන්නේ මා සිහිපත් කරන්න!
කියලයි. ඉගෙනීම ඉතාමත් පහසුයි. දරුවන් විසින් ලඟ තබා ගත යුතු හොඳ ගීත කිහිපයක් බාබා
තෝරාගෙන තිබෙනවා. එහෙත් දරුවන්ට ඔහුව අමතක වෙනවා. ඇතැම් අය ඉගෙන ගැනීම පවා නතර කර
දමනවා. ඉදිරියට යන අතර මායා ඔවුනට පහර දෙනවා. ඔබගේ බුද්ධිය තමෝප්‍රධාන් තත්ත්වයෙන්
සතෝප්‍රධාන් තත්ත්වයට පත් කර ගැනීම සඳහා බාබා ඔබට හරිම පහසු මාර්ගයක් පෙන්වා දෙනවා.
හරි වැරැද්ද දෙක හොඳින් වෙන් කර හඳුනා ගත හැකි ආකාරයේ බුද්ධියක් ඔබ සෑම කෙනෙක්ටම
ලැබී තිබෙනවා. අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! කියා ඔබ දෙවියන්ට කන්නලව් කළා.
දැන් ඔහු ඇවිල්ලයි ඉන්නේ. ඔබ පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. උපත් ගණනාවක බරක් ඔබගේ
හිස මත තිබෙනවා. එමනිසා, වැඩි වැඩියෙන් සිහිපත් කළ තරමට වැඩි වැඩියෙන් ඔබ
පාරිශුද්ධත්වයට පත් වී ඒ සතුටත් ඔබ තුළ ඇති වේවි. දිගටම සේවය කළා වුණත් තමන් කෙතරම්
දුරට බාබා සිහිපත් කරනවාද යන්න ගැන වාර්තාවක් ඔබ ලඟ තබා ගත යුතුයි. කිසිම කෙනෙකුට
නිවැරදි වාර්තාවක් තබා ගන්න බැහැ. කරුණු සටහන් කර ගත්තා වුණත් සිහි කිරිම කියන එක
අමතක වෙනවා. පියා කියනවා දේශන දෙන විට පවා ස්මරණයේ සිටින්න. ඔබට ලොකු ශක්තියක්
ලැබේවි. පියා කියනවා මමත් ගිහින් දරුවන් රාශියකට උදව් කරනවා. මම ඇතැම් අයට ඇතුළු වී
සේවය කරනවා. සේවය සිදු විය යුතුයි. කෙනෙකුගේ වාසනාව අවදිවීමට කාලය මෙයයි. නමුත්
පැහැදිලි කර දෙන කෙනා තුළ එතරම් ප්‍රඥාවක් නැතැයි කියා දුටු සැනකින් මම ඇතුළු වී
සේවය කරනවා. ඇතැම් අය ලියනවා බාබා තමයි මේ සේවය කළේ කියලා. මට කිසිම ශක්තියක්
තිබුණේ නැහැ ඒක නිකම් හරියට බාබා මුරලිය කළා වගෙයි. කොහොමනමුත්, අනිත් අය තමන් ඒ
දේශනය හොඳට පැහැදිලි කළා කියා සිතා ආඩම්බර වෙනවා. පියා කියනවා ජීවයන්ට යහපත සැලසීම
සඳහා මම ඇතැම් අයට ඇතුළු වෙනවා. එවිට ඔවුන් ගුරුවරයාටත් වඩා දක්ෂ කෙනෙක් වෙනවා.
එතරම් දක්ෂ නැති ගුරුවරයෙක් යැව්වොත් ශිෂ්‍යයින් සිතාවි මට මෙයාට වඩා හොඳින්
පැහැදිලි කරන්න පුළුවන් කියලා. නැතිනම්, මෙයාට කිසිම ගුණයක් නැහැ මගේ තත්ත්වය මෙයාට
වඩා හොඳයි කියා සිතාවි. ලොක්කන් වගේ සිටිනා ඇතැම් අය ඉන්නේ ලොකු අහංකාරයකින් ඔවුන්
ජීවත් වෙන්නේ ලොකු අසිරියකින්. වැදගත් පුද්ගලයින්ට පවා ඔවුන් ලොකු කුළුපග බවකින්
කතා කරනවා. ඒ පුද්ගලයින් ඔවුන්ට දෙවඟනක් වගේ කියනා විට ඔවුන්ට හරි සතුටුයි.
ගුරුවරයාට වඩා ශිෂ්‍යයන් දක්ෂ වුණු තැන් රාශියක් තිබෙනවා. සෑම විභාගයකින්ම සමත්ව
සිටින්නේ බාබා පමණයි. ඔහු දැනුමේ සාගරයයි. ඔබ ඔහු සමඟ ඉගෙන ගෙන පසුව අන් අයටත්
උගන්වනවා. ඇතැම් අය මේවා ඉතාමත් හොඳින් උකහා ගන්නවා. අනිත් අයට අමතක වෙනවා. ඉතාමත්
වැදගත්ම හා ප්‍රධානම කරුණ වන්නේ ස්මරණ වන්දනාවයි. නැතිනම්, ඔබගේ පාප දුරු වන්නේ
කොහොමද ? ඇතැම් දරුවන්ගේ හැසිරීම කොයි ආකාරයේ ද කියනවා නම්, මේ බාබාත් ඒ බාබාත්
පමණයි ඒ ගැන දන්නේ. දරුවන් වන ඔබලා දැන් දඬුවම් වලින් නිදහස් වීමේ ප්‍රධාන උත්සාහය
දැරිය යුතුයි. මේ සඳහා වැදගත්ම කාරණය වන්නේ ස්මරණ වන්දනාවයි. ඔබගේ පාප දුරු කර ගත
හැක්කේ මෙම ස්මරණයෙන් පමණි. ඇතැම් අය මුදල් වලින් සහයෝගය දක්වනවා. ඔවුන් හිතනවා
තමන් ධනවත් වේවි කියා. කොහොමනමුත්, දඬුවම් වලින් නිදහස් වීමට නම් ඔබලා මෙම උත්සාහය
දැරිය යුතුයි. නැතිනම්, පියා ඉදිරියේ ඔබට දඬුවම් විඳීමට සිදු වේවි.
විනිශ්චයකාරවරයකුගේ දරුවෙක් වැරැද්දක් කළ හොත් විනිශ්චයකාරවරයාට ලැජ්ජාවක්. පියා
කියාවි මා විසින් පෝෂණය කරමින් සිටි කෙනෙක්ට මම කොහොමද දඬුවම් දෙන්නේ ? ඒ වේලාවට ඔබ
බිම බලාගෙන වේදනාවෙන් අඬාවි. බාබා මට ගොඩක් දේ හොඳින් පැහැදිලි කර කියා දුන්නා
නමුත්, මම කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ධර්මරාජ් පවා බාබා සමඟ සිටිනවා. ඔහු ඔබගේ
හදවත දන්නවා. මෙය ඇත්තටම සිදුවන බව ඔබලාට දැන් දැකගත හැකියි. ඇතැම් ජීව වසර දහයක්
තිස්සේ පාරිශුද්ධත්වයේ මාර්ගය හොඳින් අනුගමනය කර හදිස්සියේම තමන්ගේ සම්පුර්ණ ආදායම
නැති කර දමා ගනිමින් අපිරිසිඳුතාවයට පත් වන ආකාරයට මායා ඔවුනට පහර දෙනවා. එවන්
උදාහරණ රාශියක් සිටිනවා. බොහෝ අය වැටෙනවා. මායාගේ කුණාටු වලින් බොහෝ දෙනා වෙහෙසට
පත්වෙන අතර පියාවත් ඔවුන් අමතක කර දමනවා. පියාගේ අසීමිත අධිරාජ්‍යය ලබා ගැනීම
පිළිබඳ වු සතුට ඔවුන් තුළ නැහැ. රාගය වගේම බැඳීමත් තිබෙනවා. ඔබ මෙහිදී බැඳීමෙන් ජය
ගත යුතුයි. කවුරු හෝ අපිරිසිඳු කෙනෙක් සමඟ තම හදවත බඳවා තබා ගැනීමෙන් ඇති ඵලය
කුමක්ද ? ඔව් ඒ කෙනාට පියාගේ හැඳින්වීම දී ඔහුව නඟා සිටුවීමේ අවධානය තිබිය යුතුයි.
මම මොහුව ශිව දේවාලයක ජීවත් විය හැකි තරමේ සුදුස්සෙක් බවට පත්කරවන්නම්.
අභ්‍යන්තරයෙන් ඒ සඳහා ක්‍රම සාදා ගන්න. එහිදී කිසිම බන්ධනයක් පිළිබඳ ප්‍රශ්නයක් පැන
නඟින්නේ නැහැ. ඔබගේ ඥාතීන් කෙතරම් ආදරණීය අය වුණත් කිසිම ආකාරයක ගැඹුරු තද සෙනෙහසක
බන්ධනයක් ඒ කිසිම කෙනෙක් සමඟ තබා නොගත යුතුයි. නමුත් දිගටම සියල්ල පැහැදිලි කරන්න.
නැතිනම්, ඔවුන් නිවැරදි වන්නේ නැහැ. ඔබ කරුණාවන්ත විය යුතුයි. තමා කෙරෙහිත් අන් අය
කෙරෙහිත් ඔබ කරුණාවන්ත විය යුතුයි. බාබාටත් අනුකම්පා සිතෙනවා. කී දෙනෙක්ව තමා හා සම
කෙනෙක් බවට පත් කළ හැකිද කියා ඔබ බැලිය යුතුයි. පියාගේ හැඳින්වීම කී දෙනෙකුට
දුන්නාද කියන සහතිකය ඔබ බාබාට දිය යුතුයි. ජීවයනුත් බාබාට මෙසේ ලිවිය යුතුයි බාබා
මොහු ලවා මට ඉතාමත් හොඳ හැඳින්වීමක් ලැබුණා. මම සේවය කරනවා කියා බාබා තේරුම් ගන්නේ
බාබාට ඒ වගේ සහතිකයක් ලැබුණු විට පමණයි. ගුරුවරයා ඉතාමත් දක්ෂ කෙනෙක් කියා ඔවුන්
බාබාට ලිවිය යුතුයි. ඇය ඉතාමත් හොඳින් සේවය කරනා අතර ඉතාමත් හොඳින් උගන්වනවා.
කොහොමනමුත්, ඇතැම් දරුවන් යෝගා විෂයෙන් අසමත් වෙනවා. බාබාව සිහි කළ යුතුයි යන සිහිය
ඔවුන්ට නැහැ. පියා පැහැදිලි කරනවා කෑම කන විටදී පවා ශිව බාබාව සිහිකරමින් කෑම කන්න
ඇවිදින්න යන විටත් ශිව බාබාව සිහිකරන්න. ඕපාදුප කතා කරන්න එපා. ව්‍යාපාරික කටයුතු
ගැන සිතන්න අවශ්‍ය වුණොත් ඒ කටයුතුවල නිරත වන්න. පසුව ශිව බාබා සිහි කිරීමේ කාර්යයේ
නිරත වන්න. පියා කියනවා තමන් විසින් කළයුතු සෑම දෙයක්ම කරන්න. නිදා ගැනීම වුණත්
කරන්න. නමුත් ඒත් සමඟම මේකත් කරන්න. අවම වශයෙන් පැය අටක ස්මරණයක් තිබිය යුතුයි.
කොහොමනමුත්, එය සිදුවන්නේ අවසානයේදී පමණයි. ක්‍රමක් ක්‍රමයෙන් තමාගේ ස්මරණ වාර්තාව
වැඩි දියුණු කර ගන්න. ඇතැම් අය අපි පැය දෙකක් පුරා බාබාව සහි කළා කියා ලියනවා.
කොහොමනමුත්, ටික දවසක් යන විට ඔවුන්ගේ වාර්තාව දුර්වල වෙනවා. මායා ඔවුන්වත්
අතුරුදහන් කර දමනවා. මායා හරිම බලවත්. මුළු දවස පුරාම මෙම සේවය කිරීමේ කාර්යබහුලව
නිරතව සිටින්නන්ට තමයි බාබාව සිහි කිරීමත් කළ හැකි වන්නේ. ඔවුන් පියාගේ හැඳින්වීම
දිගටම සෑම කෙනෙකුටම ලබා දෙනවා. බාබා ස්මරණය ගැන ඉතාමත් හොඳින් අවධාරණය කර කියනවා.
තමන්ට ඒ ස්මරණයේ සිටිය නොහැකියි කියා ඔබටම දැනෙනවා. මෙම ස්මරණයේදී තමයි මායා ඔබට
බාධක ගෙන එන්නේ ඉගෙනීම ඉතාමත් පහසුයි. ඔබ ඉගෙන ගන්නේ පියා සමඟයි. පියාගෙන් දැනුමේ
ධනය ගත් තරමට ඔබ ධනවත් වනු ඇත. පියා සෑම කෙනෙකුටම උගන්වනවා. මුරලිය සෑම කෙනෙකුටම
යනවා. මධුබන්වල සිටිනා ඔබ පමණක් නොවෙයි ඉගෙන ගන්නේ. සෑම කෙනෙක්ම ඉගෙන ගන්නවා.
මධ්‍යස්ථානයකට මුරලි නොලැබුණු විට ඔවුන් අඬනවා. කොහොමනමුත්, මුරලියට ඇහුම් කන්
නොදෙන අයත් සිටිනවා. ඔවුන් තමන්ට ඕන ඕන දේ කරමින් ඉන්නවා. මුරලියට ඇහුම්කන් දීමට ඔබ
තුළ ආසාවක් තිබිය යුතුයි. බාබා අපි ඇවිත් ඉන්නේ අපගේ උරුමය දිනා ගැනීමටයි කියන ගීතය
අංක එකේ ගීතයක්. ඔවුන් කියනවා බාබා, මම කවුරු වුණත් මම කොහොම කෙනෙක් වුණත් එකම
ඇහැක් පමණක් ඇති කෙනෙක් වුණත් බාබා මම ඔබගේයි. මේක ඇත්ත. නමුත් ඔවුන් කිලිටි වී
සිටින නිසා දැන් යහපත් විය යුතුයි. සියල්ල රඳාපවතිනුයේ යෝගාව හා අධ්‍යාපනය මතයි.
පියාට අයිති වීමෙන් පසු සෑම දරුවෙක්ම සිතිය යුතුයි මම දැන් පියාට අයිතියි. මම
අනිවාර්යෙන්ම දිව්‍යලෝකයට යා යුතුයි. කොහොමනමුත්, දිව්‍යලෝකයේදී ඔබ කුමන තත්ත්වයකට
ද පත් වෙන්න යන්නේ කියාත් ඔබ විසින් සිතිය යුතුයි. හොඳින් ඉගෙනගෙන දිව්‍යමය ගුණ
ධර්ම උකහා ගන්න. වඳුරෝ වගේ හිටියොත් කුමන තත්ත්වයක් දිනා ගන්නද ? එහාට පුරවැසියන්
හා සේවකයිනුත් අවශ්‍යයි. දැන් ඉගෙන ගන්නේ නැති අය එහිදී ඉගෙන ගත් අයගේ බර උසුලනු
ඇත. වැඩියෙන් උත්සාහ දැරූ තරමට වැඩි සතුටක් අත්විඳීමට ඔබට හැකි වනු ඇත. හොඳ ධනවත්
කෙනෙක් බවට පත් වුණොත් හොඳ ගෞරවයක් ඔබට හිමි වේවි. හොඳින් ඉගෙන ගත් අයට කවුරුත්
හොඳින් ගෞරව කරනවා. පියා දිගින් දිගටම ඔබට උපදෙස් දෙනවා. පියාව සිහිපත් කරමින්
සාමකාමීව සිටින්න. කොහොමනමුත්, දුර ඈත ඉන්නා අය මේ බාබා ඉදිරියේ අසුන්ගෙන ඉන්නා ඔබට
වඩා හොඳින් බාබාව සිහිපත් කරනා බවත් බාබා දන්නවා. එමනිසා, ඔවුන් උසස් තත්ත්වයක්
දිනා ගන්නවා. භක්ති මාර්ගයේදී සිදුවන්නේත් ඒ දේමයි. ඇතැම් භක්තිවන්තයින් ඉතාමත් හොඳ
ඉහළම ගණයේ අයයි. ඔවුන් ඔවුන්ගේ ගුරුටත් වඩා හොඳ ස්මරණයක සිටිනවා. ඉතාමත් හොඳින්
භක්ති කළ අය තමයි මෙහේ පැමිණෙන්නේ. ඔබ සෑම කෙනෙක්ම භක්තිවන්තයෙක්. සන්යාසීන් වගේ අය
එන එකක් නැහැ. සෑම භක්තිවන්තයෙක්ම තම භක්තිය අවසන් කර මෙහි පැමිණේවි. පියා ඉතාමත්
පැහැදිලිව විස්තර කර දෙනවා. ඔබ මෙම දැනුම ගන්නවා කියන කාරණය තුළින් ඔප්පු වන්නේ ඔබ
ඉතාමත් හොඳින් භක්තිය කර ඇති බවයි. හොඳින් භක්ති කර ඇති අය අඩුවෙන් භක්ති කර ඇති
අයට වඩා හොඳින් දැනුම ඉගෙන ගනු ඇත. ප්‍රධාන උත්සාහය රඳාපවතින්නේ ස්මරණය තුළයි. ඔබගේ
පාප දුරු කර ගත හැක්කේ මෙම ස්මරණය තුළින් පමණි. ඔබ ඉතාමත් මිහිරි විය යුතුයි.
අච්චා.
සුමිහිරි, බොහෝ කලක්
නැති වී සිට දැන් හමු වුණ, සේවය කළ හැකි, විශ්වාසවන්ත, කීකරු දරුවන්ට ඔබගේ මව,
පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික
පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ ඥාති
හිතමිතුරන් ඔබ කෙරෙහි කෙතරම් ඇල්මෙන් සිටියත් කිසිඳු ආකාරයක බන්ධනයේ රැහැනකින් තමා
ඇද ගැනීමට ඔබ ඉඩ නොතැබිය යුතුයි. බන්ධන ජය ගත්තෙකු වන්න. උපක්‍රමශීලීව ඔවුනට
පැහැදිලි කර කියා දෙන්න. තමා කෙරෙහිත් අන් අය කෙරෙහිත් කරුණාවන්ත වන්න!
2. ලොකු සෙනෙහසකින්
පියාවත් ගුරුවරයාවත් සිහිපත් කරන්න. දෙවියන්ම තමාට උගන්වනවාය, ලෝකයේ ආධිපත්‍යය තමාට
ලබා දෙනවාය යන කුල්මත් බව තබා ගන්න. ඇවිදින්න යන විටත් බාබාව සිහි කරන්න. ඕපාදූප
කතා කරන්න එපා.
වරදානය:
පියාණන්ගේ
නොනැසී පවතින, අධ්‍යාත්මික වර්ණයෙන් යුත් සැබෑ හෝලියෙන් ඔහු හා සමාන වීමේ අවදිය
අත්විඳින්න.
ඔබ පරමාත්ම දෙවියන්ගේ
වර්ණයෙන් වර්ණවත් වූ ශුද්ධ ආත්මයන් ය. සංගම යුගය යනු ශුද්ධ ජීවිතයක යුගයයි. මෙම
නොනැසී පවතින, අධ්‍යාත්මික වර්ණයෙන් ඔබ වර්ණවත් වූ විට, ඔබ සැමදා පියාට සමාන වේ.
එබැවින්, ඔබේ හෝලි ඔහුගේ සමාගම සමඟ වර්ණවත් වී පියාට සමාන විය යුතුය. ඔබ අන් අය ද
ඔබට සමාන කරන තරම් ශක්තිමත් වර්ණයක් වේවා. සෑම ආත්මයක්ම මෙම ඥානයේ නොනැසී පවතින
වර්ණයෙන්, ස්මරණයේ වර්ණයෙන්, සියලු බලවල වර්ණයෙන්, ගුණධර්මවල වර්ණයෙන් සහ උසස්
ආකල්පයේ අධ්‍යාත්මික වර්ණයෙන්, දැක්මෙන්, සුබ පැතුම් වලින් සහ පිරිසිදු හැඟීම්
වලින් වර්ණවත් කරන්න.
පාඨය:
ඔබේ දර්ශනය
ආලෝකික් වේවා, ඔබේ මනස සිසිල් වේවා, ඔබේ බුද්ධිය කරුණාවන්ත වේවා, ඔබේ මුඛය මිහිරි
වේවා.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.
සත්‍යයේ බලයේ
ප්‍රතිමූර්තියක් වී, කුල්මත් බවින් කතා කර මෙසේ කියන්න, අපි සර්ව බලධාරි රජයේ
අනුගාමිකයන්. මෙම අවධානය තිබීමෙන්, ඕනෑම වැරදි දෙයක් නිවැරදි කරගන්න. අප සත්‍යය
සැගවිය යුතු නැහැ, අප එය හෙළිදරව් කළ යුතුයි, නමුත් අප මෙය කළ යුත්තේ ආචාරශීලීවයි.
ඔබ ශිවාගේ ශක්තීන් බවට කුල්මත් බව පවත්වාගන්න. ශක්තීන්ට එඩිතරකම තිබෙන විට, සර්ව
බලධාරී උපකාර කරයි.