14.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාබා සෙනෙහසේ සාගරය වන්නා සේ, ලෝකයේ වෙන කිසිම කෙනෙක්ට එවන් වූ සෙනෙහසක් ඔබට දිය නොහැක්කා සේ, ඔබත් පියා සේම විය යුතුයි. කිසිම කෙනෙක්ව කරදරයට පත් කරවන්න එපා.

ප්‍රශ්නය:
ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළින් තිබෙන්නේ කුමන සිතිවිලි වලින්ද?

පිළිතුර:
1) දැන් අප අපගේ සාක්කු දැනුමේ මිණිමුතු වලින් පුරවමින් සිටිනා අතර එවිට සියලු ආකර පිරි යනු ඇත. එහිදී, ස්වර්ණම යුගයෙහි අප ස්වර්ණමය මාළිගා තනනු ඇත. 2) අපගේ බ්‍රහමින් වංශය බොහෝ උසස්ය. අපි සත්‍ය නාරායනගේ සත්‍ය කතාවට, අමරණීයත්වයේ කතාවට සවන් දෙන අතර අනෙක් අයටද කියා දෙන්නෙමු. ඔබට නොකඩවා එවන් සිතිවිලි තිබේනම් ඔබගේ සතුටෙහි රසදිය කඳ ඉහළ නැංවී තිබේවි.

ඕම් ශාන්ති.
දරුවන් වන ඔබ පරමාත්ම පියාව සිහිපත් කරමින් මෙහි අසුන් ගෙන සිටියි. ඉතාමත් උසස්ම වූ උපදෙස් වන මෙම ශ්‍රීමත් ඔබ ලබා ගනී. ස්මරණ වන්දනාව ඉතාමත් මිහිරියි. දරුවන් වන ඔබ තමන් දරණ උත්සාහයේ තරමට සියල්ල තේරුම් ගනී. එනම්, වැඩි වැඩියෙන් ඔබ පරම පියාව සිහිපත් කළ තරමට ඔබ වඩාත් මිහිරි වනු ඇත. මන්ද, ඔහු සැකරින් වන නිසයි. ඔබට ආදරය කරන්නේ මේ එකම එක පරමාත්ම පියා පමණයි. අන් සියලු දෙනාම ඔබට පහර දෙන අයයි. මුළු ලෝකයම දිගින් දිගටම එකිනෙකාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇත. පරම පියා ඔබට ආදරෙයි ඒ වාගේම දරුවන් වන ඔබ පමණයි ඔහුව හඳුනන්නේ. පියා කියනවා මම කවුරු වුවත්, මම කොයි ආකාරයේ වුවත්, මම ඉතාමත් ශ්‍රේෂ්ඨයි! මට කියන්න ඔබගේ පරම පියා කොපමණ ශ්‍රේෂ්ඨද? ඔහු කුඩා තිතක් පමණයි. කිසිම කෙනෙක් ඔහු ගැන දන්නේ නැහැ කියා ඔබ කියනවා. දරුවන් වන ඔබත් නැවත නැවතත් ඔහුව අමතක කරනවා. භක්ති මාර්ගයේදී ඔබ ලොකු ලොකු පින්තූර වන්දනා කළා. දැන් අපි කොහොමද තිතක් පමණක් වන්දනා කරන්නේ? තිතක් මතක් කරන්නේ තිතක් පමණයි. තමන් තිත් බවත් අපේ පරමාත්ම පියාත් ඒ ආකාරයේම බවත් ජීවාත්මයන් දන්නවා. ජීවයක් ජනාධිපති කෙනෙක් වනවා නැතිනම් සේවකයෙක් වනවා. එසේනම්, එවන් චරිතයක් රඟපාන්නේ ජීවාත්මයයි. සැමටම වඩා මිහිරි වූ කෙනා පරම පියායි. සෑම කෙනෙක්ම ඔහුව මතක් කරනවා ඕ පාරිශුද්ධකරුවාණනි, දුක නැති කරන්නාණනි, සතුට බෙදන්නාණනි පැමිණෙන්න! ඔබ තිතක් වශයෙන් හැඳින්වූ කෙනා ඉතාමත් සූක්‍ෂම බවත්, නමුත් ඔහු මහා ගුණ ඇත්තෙක් වන බවටත් ඔබ තුළ දැන් දැඩි විශ්වාසයක් තිබෙනවා. ඥාන සාගරය, ශාන්ත සාගරය කියමින් මිනිස්සු ඔහු ගැන ගුණ ගායනා කළා වුවත් ඔහු පැමිණ සතුට බෙදා දෙන්නේ කෙසේද යන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. එකිනෙකා කොපමණ දුරට ශ්‍රීමත් අනුගමනය කරනවා ද යන්න සුමිහිරි දරුවන් වන ඔබට අවබෝධ කර ගත හැකියි. සේවය කිරීම සඳහා ඔබත් ශ්‍රීමත් ලබා ගන්නවා. මිනිසුන් රාශියක් අසනීපයෙන් හා වේදනාවෙන් සිටිනවා. නිරෝගීව සිටිනා අයත් රාශියක් සිටිනවා. සත් යුගයේ ජීවත් වන සෑම කෙනෙක්ගේම අයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 125ක්, 150ක් වන බව භාරතයේ මිනිසුන් වන ඔබ හොඳින් දන්නවා. සෑම කෙනෙක්ම තමන්ගේ සම්පූර්ණ ආයු කාලයම ගත කරනවා. මෙය සම්පූර්ණයෙන්ම අපිරිසිඳු ලෝකයක් වන අතර වැඩි කාලයක් එය රඳා පවතින්නේත් නැහැ. දැන් වුවත් මිනිස්සු ඉතා විශාල ධර්ම ශාලා ආදිය සාදනවා. මේ ලෝකය කොපමණ කාලයක් තිබේවිද යන්න ගැන ඔවුන් දන්නේ නැහැ. කෝවිල්, පල්ලි, පන්සල් සාදන්න ඔවුන් රුපියල් සිය දහස් ගණනක් වියදම් කරනවා. ඒවා තව කොපමණ කාලයක් පවතීවිද? ඒවා විනාශ වී යෑමට නියමිතව ඇති ඒවා බව ඔබ දන්නවා. බාබා කවදාවත් එවැනි ක්‍රියා තහනම් කරන්නේ නැහැ. ඔබගේම ගෙදර එක කාමරයක ඔබට ඉස්පිරිතාලයකුත් විශ්ව විද්‍යාලයකුත් නිර්මාණය කරවා ගත හැකියි. කිසිම මුදලක් වියදම් කරන්නේ නැතිව ඔබට උපත් 21ක් පුරාවට නිරෝග සම්පත්තිය, ධනය, සතුට සියල්ල ලබා ගත හැකියි. ඔබ ලොකු සතුටක් ලැබූ බව ඔබට කියා දී තිබෙනවා. ඔබ තමෝප්‍රධාන් වූ විට ලොකු දුකක් අත් විඳින්න සිදු වෙනවා. වැඩි වැඩියෙන් තමෝප්‍රධාන් වෙන්න වෙන්න රණ්ඩු සරුවල් වීම් වැඩි වන අතර ලෝකයේ දුකත් වර්ධනය වනු ඇත. මිනිස්සු දුකම අත්විඳිනු ඇත. එවිට වේදනාවෙන් කරන කෑ ගැසීම් අසන්න ලැබේවි. පසුව දිව්‍යමය දර්ශනයකින් දුටු විනාශය ඔබට ප්‍රායෝගිකවම දැකිය හැකි වේවි. බොහෝ අයට ස්ථාපනය පිළිබඳ දර්ශනත් ලැබී තිබෙනවා. කුඩා දියනියන් නොයෙකුත් දර්ශන ලබා තිබෙනවා. ඔවුන්ට කිසිම දැනුමක් තිබුණේ නැහැ. පැරණි ලෝකය අනිවාර්යෙන්ම විනාශ වීමට නියමිතයි. පරම පියා පැමිණ තමන්ට හිමි උරුමය ලබා දෙන බව ඔබ දන්නවා. කොහොමනමුත්, දරුවන් වන ඔබ උසස් තත්ත්වයක් ලබා ගැනීමට මහත් උත්සාහයක් දැරිය යුතුයි. පරමාත්ම පියා දැන් මේ සියල්ල දරුවන් වන ඔබට පැහැදිලි කර කියා දෙනවා. දැන් ඉතිරි වී තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයක් වන බව ඒ මිනිස්සු දන්නේ නැහැ. පියා කියනවා මම තමයි දානය කරන්නා. ඔබට සියල්ල ලබා දීම සඳහා මා පැමිණිය යුතුයි. මිනිස්සු කියනවා පාරිශුද්ධකරුවාණනි පැමිණෙන්න! පැමිණ අපව පාරිශුද්ධත්වයට පත් කරවන්න! පියා කියනවා පළමුවෙන්ම ඔබ ඉතාමත්ම ඥානවන්ත මෙන්ම සතෝප්‍රධාන් අය වශයෙන් සිටියා! දැන් ඔබ තමෝප්‍රධාන් වෙලා. තමන් ලෝකය පාලනය කරමින් සිටිය බව ඔබ දැන් දන්නවා. මීට පෙර ඔබ ලෝකයේ පාලකයින් වශයෙන් සිටියාය යන්න ඔබ දැනගෙන සිටියේ නැහැ. ඔබ නැවතත් වතාවක් අනිවාර්යෙන්ම එම තත්ත්වයට පත් වේවි. ඉතිහාසය සහ භූගෝලය නැවතත් පටන් ගනීවි. මීට වසර 5000කට පෙර ඔහු පැමිණි බවත් ඔබව ලෝකයේ පාලකයින් බවට පත් කළ බවත් පසුව ඔබ උපත් 84හි ඉනිමඟෙහි පහළට ගමන් කර පැමිණි බවත් බාබා ඔබට කියා දෙනවා. මේ තොරතුරු කිසිවක් කිසිම ග්‍රන්ථයක සඳහන්ව නැහැ. ශිව බාබා ග්‍රන්ථ හැදෑරුවාද? දැනුමට අධිපතිත්වය ඇති කෙනා වශයෙන් හැඳින්වූයේ ඔහුවයි. අනිත් මිනිස්සු ග්‍රන්ථ හදාරා ග්‍රන්ථ වල අධිකාරීත්වය ඇත්තන් බවට පත් වෙනවා. ඕ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! කියා ඔවුන් ගයනවා. ඔවුන් ගංඟා වල ස්නානය කරනවා. ඇත්තෙන්ම කියනවානම් මෙම භක්තිය ඇත්තේ ගෘහවාසීන්ටයි. මුක්තිය ලබා දෙන්නා වන්නේ කවුද යන්න ගැන ඒ මිනිස්සු දන්නේ නැති බව පියා දැන් මෙහි සිට දරුවන් වන ඔබට කියා දෙනවා. පියා පැහැදිලි කර කියා දෙනවා ඔබ කෑ ගසා මට කතා කළා ඕ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! මම ඔබව පාරිශුද්ධත්වයට පත් කරවනවා. ඔබට ඉගැන්වීම සඳහා මම මෙහි පැමිණෙනවා. ආශීර්වාද හෝ අනුකම්පාවක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. මම තමයි ගුරුවරයා. කරුණාවක්, ආශීර්වාදයක් ඉල්ලන්නේ ඇයි? ඔබ උපත් ගණනාවක් තිස්සේ ආශීර්වාද ගණනාවක් ලබා ගනිමින් සිටියා. දැන් මෙහි පැමිණ මවගේ හා පියාගේ බූදලයේ උරුමකරුවෙක් බවට පත් වන්න. ඔබ ලබන වෙනත් ආශීර්වාද මොනවාද? දරුවෙක් ඉපදුණු ගමන්ම ඔහු පියාගේ බූදලයට උරුමකරුවා වෙනවා. ඔබ ඔබගේ භෞතික පියාගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙනවාද? මෙහි අනුකම්පාවක් ගැන ප්‍රශ්නයක් නැහැ. පරමාත්ම පියාව සිහිකිරීම පමණයි ඔබ විසින් කළ යුතු කාර්යය වන්නේ. පියා තිතක් බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරම පියා දැන් මෙය ඔබට කියා දී තිබෙනවා. සෑම කෙනෙක්ම කියනවා උත්තරීතර පියා, උත්තරීතර ජීවය වන සත්‍ය පියාණනි! එමනිසා, ඔහු තමයි උත්තරීතර ජීවය වන්නේ. එහෙම නේද? උත්තරීතර කෙනා වන්නේ ඔහුයි. අන් සියලු දෙනාම ජීවයනුයි. උත්තරීතර පියා පැමිණ ඔබව ඔහු හා සම තත්ත්වයට පත් කරවනවා. වෙන කිසිම දෙයක් නැහැ. දෙව්ලොව නිර්මාණකරු වන පියා පැමිණ ඔබව දෙව්ලොව පාලකයින් බවට පත් කළ යුතු බව සෑම කෙනෙකුගේම බුද්ධියේ තිබෙනවාද? දෙව්ලොවෙහි ගෝලය අතින් ගත් ක්‍රිෂ්ණා කෙනෙක්ව පෙන්වීමට හේතුව කුමක්ද යන්න දැන් ඔබට වැටහෙනවා. මවකගේ කුසින් ශරීරය පිටතට පැමිණි මොහොතේ සිටන්ම කෙනෙක්ගේ ආයුෂ කාලය ආරම්භ වෙනවා. ශ්‍රී ක්‍රිෂ්ණා සම්පූර්ණ උපත් 84ම ලබා ගන්නවා. ඔහුගේ උපත් 84 ගණනය කරන්නේ ඔහු මවගේ කුසින් පැමිණි මොහොතේ සිටන්ය. ලක්ෂ්මී හා නාරායනට එම තත්ත්වයට පත් වීමට වසර 30ක් 35ක් ගත වෙනවා. එමනිසා, එම වසර 30, 35 වසර 5000න් අඩු කළ යුතුයි. ශිව බාබා සම්බන්ධයෙන් කිසිම ගණන් කිරීමක් කරන්න බැහැ. ශිව බාබා පැමිණියේ අසවල් වේලාවේ යැයි කිසිම සඳහනක් කර නැහැ. ආරම්භයේ සිටම දර්ශනය තිබුණා. මුස්ලිම්වරයෙක් පවා උයන් ආදිය දකින්නට වුණා. එම උග්‍ර භක්තිය කිසිම කෙනෙක් කර නැහැ. නිකම් නිවසේ සිටිනා අතරම ඔවුන් ධ්‍යාන ගත වෙනවා. අනිත් මිනිසුන් නොයෙක් උග්‍ර භක්ති ක්‍රියා කරනවා! පරමාත්ම පියා දැන් ඔබ ලඟටම පැමිණ සියලු දේ කියා දෙනවා. බාබා පැමිණ සිටින්නේ ඉතාමත් දුර ඈත දේශයක සිට බව දරුවන් වන ඔබ දන්නවා. ඔහු මොහුගේ ශරීරයට ඇතුල් වී අපට උගන්වනවා. කොහොමනමුත්, ඔබ පිටතට ගිය විට ඔබගේ සතුට අඩු වෙනවා. මේ දේවල් මතක තබාගෙන සිටිනවා නම් ඔබගේ සතුටත් එන්න එන්නම වැඩි වන අතර ඔබ කර්මතීත් තත්ත්වයට ද පත් වනු ඇත. කොහොමනමුත්, එයට කිසියම් කාලයක් ගත වෙනවා. දැන් බලන්න, ශ්‍රී ක්‍රිෂ්ණාගේ ජීවයේ අවසන් උපතේ දී දැනුම බොහෝ සෙයින් තිබෙනවා. පසුව මවගේ කුසින් පැමිණි අනතුරුව එක පැන්සයක් වටිනා තරම් දැනුමක් වත් ඔහු වෙත නොතිබෙනු ඇත. ක්‍රිෂ්ණා බට නලාවක් වාදනය නොකළ බව ඔහුට දැනුමක් නොතිබුණු බව පරම පියා පැමිණ කියා දෙනවා. ලෝකයේ පාලකයින් වන ලක්ෂ්මී හා නාරායනට දැනුමක් නැතිනම්, සන්යාසීන් වැනි අයට දැනුමක් ලැබෙන්නේ කෙසේද? ක්‍රිෂ්ණා බුලත් කොලයක් මත පාවී ආවා, මේ මේ වගේ ක්‍රියා කළා කියා මිනිස්සු කියනවා. ඒ සියල්ල ඔවුන් විසින් ලියා ඇති මිත්‍යා කතන්දර පමණයි. ඔහු තමාගේ පය ගංඟා නදිය මත තැබූ විට ගංඟාව අතුරුදන් වී ගිය බව සඳහන් කර තිබෙනවා. මිනිසුන්ට හදන්න බැරි කතාවක් තිබෙනවාද? පරම පියා දැන් පැහැදිලි කර කියා දෙනවා මිනිසුන් විසින් කියන ලද කිසිම වැරදි දෙයක් විශ්වාස කරන්න එපා. පියා කියනවා ඉගෙන ගෙන ඇති සියල්ල අමතක කර දමන්න! තමාගේ ශරීරය පවා අමතක කර දමන්න. ජීවාත්මයක් ශරීරය අතහැර වෙනම නමක්, වෙනම රූපයක්, වෙනම දේශයක්, වෙනම සිරිත් විරිත් ඇති තැනක තමාට අයිති චරිතය රඟපෑම සඳහා වෙනම ශරීරයක් ලබා ගන්නවා. පරමාත්ම පියා කියනවා මෙය අපිරිසිඳු ඇඳුමකි. ජීවය හා ශරීරය දෙකම අපිරිසිඳුයි. ජීවාත්මය අවලස්සන මෙන්ම ලස්සන එකක් වශයෙනුත් සලකනවා. ජීවාත්මය පාරිශුද්ධව තිබුණු කල එය ලස්සනට තිබුණා. පසුව රාග ගින්න මත අසුන් ගැනීම නිසා එය අවලස්සන වුණා. දැන් එය දැනුම ගින්න මත හිඳුවා තිබෙනවා. පාරිශුද්ධකරු වන පරම පියා කියනවා මා සිහිපත් කරන්න, ඔබගේ අපිරිසිඳු කහට සියල්ල නැති වී යනු ඇත! ජීවාත්මය තුළ නොයෙකුත් දේ මිශ්‍ර වී ඇත. කලි යුගයේ අවසානයේ දී ඔබ දුප්පත්. පසුව සත් යුගයේ දී ඔබ රත්‍රන් මාළිගා පවා තනාවි. මෙහි ඇති දියමන්ති වල වටිනාකම කොතෙක් ද යත් හරිම පුදුම සහගත දෙයක්. එහි ඒවා ගල් වගේ සෑම තැනම තිබෙනවා. ඔබ දැන් පරම පියාගෙන් ලැබෙන දැනුම නැමති මිණි මුතු වලින් තම සාක්කු පුරවා ගන්නවා. මැණික් පිරුණු බන්දේසි පිටින් සාගරයෙන් ගෙන ආවා යන්න සඳහන් වී තිබෙනවා. තමාට අවශ්‍ය ප්‍රමාණයක් සාගරයෙන් ලබා ගන්න! ආකර පවා පිරේවි. ඔබ දර්ශන ලබා තිබෙනවා. ජිනී වන මායා ගැන වූ නාට්‍යයක් තිබෙනවා. ඔහු සූක්‍ෂම ලෝකයේ තිබෙන රත්‍රන් ගඩොල් කිහිපයක් දැක ඒවා අරගෙන එන්න සිතුවාලු. කොහොමනමුත්, පහළට පැමිණි විට කිසිවක් තිබුණේ නැහැ. එහි ඔබ රත්‍රන් මාළිගා තනාවි. සතුටේ රසදිය කඳ ඉහළ නඟින ආකාරයේ සිතිවිලි ඔබ තුළ තිබිය යුතුයි. පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. වසර 5000කට පෙරත් ශිව බාබා පැමිණි බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. නමුත් වසර 5000කට පෙර පැමිණ ඔහු අපට රාජයෝගා ඉගැන් වූ බව ඔබ දන්නවා. සෑම කල්පයකදීම අපට උගන්වන්නේ ඔහු පමණයි. මෙහි පැමිණ බ්‍රහමිණ්වරුන් වන අය පසුව දේවතාවන් බවට පත් වෙනවා. ඔවුන් විවිධ වර්ගයේ රූප ඇති පිළිමයක් නිර්මාණය කරනවා. එහි බ්‍රහමිණ්වරුන් තබන හිස් මුදුනේ කොණ්ඩය ඉවත් කර තිබෙනවා. බ්‍රහමින් වංශය ඉතාමත් උසස් වංශයක් ලෙස සඳහන් වී තිබෙනවා. කොහොමනමුත්, ඔවුන් භෞතික බ්‍රහමිණ්වරුන්ය. නමුත් ඔබ ආධ්‍යාත්මික අයයි. ඔබ සත්‍ය වූ කතාන්දරය කියා දේ. මෙය සත්‍ය වූ නාරායනගේ කතාන්දරයයි, අමරණීයත්වයේ කතාන්දරයයි. බාබා ඔබට අමරණීයත්වයේ කතාන්දරය කියා දී ඔබව අමරණීයත්වයට පත් කරවනවා. මෙම මරණයේ දේශය විනාශ වී යා යුතුයි. ශිව බාබා කියනවා මම පැමිණ සිටින්නේ ඔබව ගෙන යෑමටයි. ජීවාත්ම රාශියක් සිටීවි! එහි කිසිම ශබ්දයක් නොමැති බව ජීවාත්ම වන ඔබ දන්නවා. මී මැසි රෑනක් ඇති තැන උන් ලොකු ශබ්දයක් ඇති කරනවා! සියලුම මී මැස්සන් මී මැසි රැජිණ පස්සේ යනවා. උන් අතර ලොකු සහයෝගීත්වයක් තිබෙනවා. ගුමු ගුමු ගානා මි මැස්සන්ගේ උදාහරණයත් පැමිණ තිබෙන්නේ මෙයිනුයි. ඔබ මනුෂ්‍ය ජීවීන්ව දේවතාවන් බවට පත් කරවනවා. ඔබ අපිරිසිඳු අයට දැනුමේ ගුමු ගුමු නාදය ඇසෙන්න සලස්වන අතර එමඟින්ඔවුන් පාරිශුද්ධ වූ ලෝකයේ පාලකයින් බවට පත් වෙනවා. මේ ඔබගේ පවුල් සමාජයයි. එයිනුත් මෙතැන වැඩි පිරිසක් සිටින්නේ මව්වරුන්ය. ’මව්වරුන්ට නමස්කාර වේවා’ කියා කියන්නේ අන්න ඒ නිසයි. බ්‍රහ්ම කුමාරි කෙනෙක් යනු පියාගෙන් උපත් 21ක් දිනා ගැනීමට අන් අයව උනන්දු කරවන්නෙකි. සේවය කර හොඳින් ඉගෙන ගන්නා අය පාලකයින් බවට පත් වෙනවා. වඩා හොඳ, රජ කෙනෙක් වීමද හෝ සේවකයෙක් වීමද? අවසානයේ දී තමන් කුමන තත්ත්වයකට පත් වෙනවාද යන්න ගැන ඔබට දැනුමක් ලැබෙනු ඇත. එවිට පසුතැවිලි වීමට සිදු වේවි ඇයි මම ශ්‍රීමත් අනුගමනය නොකළේ? පරම පියා කියනවා: ශ්‍රීමත් අනුගමනය කරන්න! මස් මාළු කෑම වගේ දේවල් දිගටම කරගෙන යන අතරේම, කෙනෙක් එතැන මධ්‍යස්ථානයක් අරඹන්න කියා දුන්නොත් ඔබ එය පිළි නොගත යුතුයි. එක් කෙනෙක් පින්වත් ජීවයක් වන අතර තවත් කෙනෙක් පව්කාර ජීවයක් වේවි. එවිට එම ස්ථානය ආශ්‍රමයක් බවට පත් නොවනු ඇත. තම නිවසේ දෙව්ලොවක් නිර්මාණය කර ගන්නවා නම් ඔබත් දෙව්ලොව සිටින්නෙක් විය යුතුයි. හුදෙක් ආශීර්වාද මතම පමණක් යැපෙන්න එපා. පරමාත්ම පියාව සිහිපත් කරන්න! ඔහු ඔබව පාරිශුද්ධත්වයට පත් කරවා නැවතත් නිවස වෙත ගෙන යනු ඇත. තමන් එවන් විශාල ලොතරැයියක් දිනා ගන්නවාය යන සතුට ඔබගේ සිතේ තිබිය යුතුයි! වැඩි වැඩියෙන් පියාව සිහිපත් කළ තරමට ඔබගේ පාප සියල්ල විනාශ වී යනු ඇත. පරම පියා ඔබට දක්වන තරමේ ආදරයක් ලෝකයේ වෙන කිසිම කෙනෙක්ට දක්වන්න බැහැ. සෙනෙහසේ සාගරය යනුවෙන් හඳුන්වන්නේ ඔහුයි. ඔබත් ඔහු හා සම විය යුතුයි. ඔබ කිසියම් කෙනෙක්ට දුකක් දුන්නොත්, නැතිනම් කරදර කළොත් ඔබට මියැදෙන්න සිදු වන්නේත් දුකෙනුයි. බාබා ඔබට ශාප කරනවා නොවෙයි, හුදෙක් පැහැදිලි කර කියා දෙනවා පමණයි. සතුට ලබා දෙන්න. ඔබත් සතුටින් සිටිනු ඇත! සෑම කෙනෙක්ටම සෙනෙහස ලබා දෙන්න! බාබා සෙනෙහසේ සාගරයත් වනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අන් අය විසින් කියනු ලබන වැරදි දේ විශ්වාස කරන්න එපා. ඔබ ඉගෙන ගත් සෑම වැරදි දෙයක්ම අමතක කර දමා අශරීරික වීම පුහුණු කරන්න.

2. ආශීර්වාද මත පමණක් යැපෙන්න එපා. ඔබව පාරිශුද්ධත්වයට පත්කරවා ගන්න. සෑම පියවරකදීම පියාව අනුගමනය කරන්න. කිසිම කෙනෙක්ට කිසිම විටෙක දුකක් දෙන්න එපා. කිසිම කෙනෙක්ව කරදරයට පත් කරන්න එපා.

වරදානය:
ඔබ සම්පූර්ණයෙන්ම විශ්වාසවන්ත වී, අන් සියල්ලන්ගෙන් වෙන් වී, ඔබේ සැබෑ සෙනෙහසේ පදනම මත, එම ඒකායන තැනැත්තා සමග සම්බන්ධ වේවා.

ඔබ සම්පූර්ණයෙන්ම විශ්වාසවන්ත දරුවන්ට පරම පියා හැර වෙන කිසිවෙකු නොමැති අතර පරම පියාගේ කාර්යය,පරම පියාගේ ප්‍රශංසාව සහ පරම පියාගේ ඥානය පමණක් ඔබේ සිතිවිලි සහ සිහින තුළ තිබේ. ඔබ එකම එක පරමාත්ම පියාට මිස වෙන කිසිවෙකුට අයත් නොවිය යුතුය. ඔබේ බුද්ධියේ සෙනෙහස නිරන්තරයෙන් ඒකායන පියා සමග පමණක් සම්බන්ධ විය යුතුයි. එවිට ඔබ බොහෝ දෙනෙකුගේ ඇසුරෙන් වර්ණවත් නොවනු ඇත. එබැවින්, ඔබේ පළමු පොරොන්දුව නම්: මම අනෙක් සියල්ලන්ගෙන් වෙන් වී ඒකායන පියාට පමණක් සම්බන්ධ වන්නෙමි. මෙම පොරොන්දුව ඉටු කිරීම යනු සම්පූර්ණයෙන්ම විශ්වාසවන්ත වීමයි.

පාඨය:
ඔබගේ සත්‍යයේ මුල් අවධිය, අහිතකර තත්ත්වයන් මධ්‍යයේ ඔබව සම්පූර්ණ හා පරිපූර්ණ කරවනවා ඇත.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

ඔබ උත්තරීතර පියාගේ දරුවන් බව මතක තබා ගැනීමෙන්, ඔබේ මනෝ ස්ථිතිය නියත හා ස්ථාවරව පවතිනු ඇත. ඔබට ඒකායන තැනැත්තා සමඟ සියලු සබඳතා ඇති විට, ඔබේ ස්ථිතිය ද ඒක්-රාස් (නිරන්තර හා ස්ථාවර) වනු ඇත. සබඳතා නූල වෙනත් කෙනෙකු දෙසට ඇදී ගියහොත්, ඔබට නියත සහ ස්ථාවර ස්ථිතියක් නොලැබෙනු ඇත. එබැවින්, ඔබගේ මනෝ ස්ථිතිය නියත සහ ස්ථාවර කර ගැනීම සඳහා, ඒකායන තැනැත්තා හැර අන් කිසිවෙකු දෙස නොබලන්න.