14.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අපේ බාබා පරමාත්ම පියා මෙන්ම පරම ගුරුවරයා ද සත්ගුරු ද වන බව නිරන්තරයෙන් සිහියේ තබා ගන්න. මෙය සිහි කිරීම "මන්මනාභව" වීම වේ.

ප්‍රශ්නය:
මායාගේ දුහුවිල්ල ඇසට ගිය විට ඔබ විසින් කරන පළමු වැරැද්ද කුමක්ද?

පිළිතුර:
මායා ඔබ ලවා කරවන පළමු වැරැද්ද නම් ඉගෙනීම නතර කරවීමයි. පරමාත්ම දෙවියන් තමාට උගන්වනවාය යන්න ඔබට අමතක වී යයි. පරමාත්ම පියාගේම දරුවන් පියාගේ ඉගැන්වීම් අමතක කිරීම පුදුමයට කරුණක්. මෙම ඥානය කුමනාකාරයේ දැනුමක් ද කිවහොත් ඔබ නිතර ඇතුලාන්ත සතුටින් ද නැටිය යුතුයි. ඒ වුවත්. මායාගේ බලපෑමත් පොඩි නැහැ. ඇය ඔබගේ ඉගෙනීම නතර කරවනවා. ඉගෙනීම නතර කරනවා යනු නොපැමිණ සිටීමයි. (absent වීමයි.)

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි ඉඳ ආධ්‍යාත්මික දරුවන්ට කරුණු පහදා දේ. පැහැදිලි කිරීමක් ලබා දෙන්නේ අඩු අවබෝධයක් ඇත්තෙකුටයි. ඇතැම් අය ඉතාමත් ඥානාන්විත වෙනවා. බාබා හරිම අපූරු බව ඔය දරුවන් දන්නවා. මෙහි සිටින අතර අපගේ අසීමිත බාබා, අපගේ අසීමිත ගුරුවරයාත් වන බව ඔබලා ඇතුලාන්තයෙන් තේරුම් ගන්නවා. ඔහු ඔබට අසීමිත ඉගෙනුමක් ලබා දෙනවා. ලෝකයේ මුල. මැද හා අග පිළිබඳව ඔහු පහදා දෙනවා. මෙම කාරණය ඔය සිසුන්ගේ සිහියේ රඳවා ගත යුතුයි. එවිට ඔහු අනිවාර්යෙන්ම ඔබව තමා සමඟ රැගෙන යාවි. මෙය වියපත් වුණු ජරාජීර්ණ ලෝකයක් බව පරමාත්ම පියා දන්නවා. දරුවන්ව ඉන් ඉවත් කර ගත යුතුයි. කොහාට ද? ගෙදරට. උදාහරණයක් ලෙස කියනවා නම්, දැරිවියක් විවාහ වුණු විට විවාහයේ ඥාතීන් පැමිණ ඇයව කැන්දාගෙන යනවා. ඔබලා දැන් මෙහි සිටිනවා. අපට මේ අසීමිත ගුරුහරුකම් දෙන්නේ අපගේම අසීමිත පියාය යන්න ඔය දරුවන් තුළ අනිවාර්යෙන්ම ඉස්මතුව තිබීය යුතුයි කියා බාබා පහදා දෙනවා. බාබා කෙතරම් ශ්‍රේෂ්ඨ ද ඔහුගේ ගුරුහරුකමුත් එතරම්ම ශ්‍රේෂ්ඨයි. නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳ වූ සියලු රහසුත් ඔය දරුවන්ගේ සිහියේ තිබෙනවා. පරමාත්ම පියා අපව මෙම ජරාජීර්ණ ලෝකයෙන් මුදවා ගෙන නිවහන කරා ගෙන යාවි යන්න ඔබලාට තේරෙනවා. ඇතුලාන්තයෙන් මෙය සිහිපත් කිරීමත් "මන්මනාභව" වීම වේ. එහේ මෙහේ යන එන අතර පවා මෙය ඔබගේ සිහියේ තිබෙනවා. මතකයේ තිබෙන්නේ අපූරු දේයි. හොඳින් ඉගෙන ගැනීමෙන් හා ස්මරණයේ සිටීමෙන් ලෝක පාලකවරුන් බවට තමන් පත් වෙනවාය යන්න ඔබලාට තේරෙනවා. මෙය අනිවාර්යෙන්ම ඔබගේ බුද්ධියේ කැකෑරෙමින් තිබීය යුතුයි. පළමුව පරමාත්ම පියාව සිහිපත් කර පසුව ඔබලා පරම ආචාර්යවරයාව සොයා ගතයුතුයි. ඒ ඔබගේ අසීමිත ආධ්‍යාත්මික පියාය යන්න ඔය දරුවන්ට වැටහෙනවා. පහසු සිහි කිරීමට මඟ බාබා ඔබට කියා දෙනවා: නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. ඔබලා පාරිශුද්ධ වීම සඳහා උපතක් උපතක් පාසා වැදුම් පිදුම්, දානමාන, තපස් රැකීම් රැසක් කරමින් පැමිණියා. මිනිස්සු දේවාල වලට ගොස් වන්දනා මාන කරනවා. මුල් කාලයේ පටන්ම තමන් එසේ කරමින් පැමිණියා කියා ඔවුන් සිතා ගෙන සිටිනවා. ආගමික ග්‍රන්ථ වලට ඇහුම් කන් දෙන්න පටන් ගත්තේ කවදා සිට දැයි කියා ඔවුන්ගෙන් අහන්න, ඔවුන් කියාවි ආරම්භක කාලයේ පටන්ම කියනවා. මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ. සත් යුගයේ ආගමික ග්‍රන්ථ කිසිවක් නැහැ. ඔය දරුවන් මේ ගැන පුදුමයට පත් විය යුතුයි. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මේ දේවල් ඔබට පහදා දෙන්න බැහැ. ඔහු පරමාත්ම පියා මෙන්ම, පරමාචාර්ය හා සත්ගුරු ද වෙනවා. ඔහු අපේ බාබායි. ඔහුට මවක් හෝ පියෙක් නැහැ. ශිව බාබා තමාගේ දරුවායි කියා කිසිම කෙනෙකුට කියන්න බැහැ. ඔබගේ බුද්ධියට මේවා නිතර නිතර මතක් විය යුතුයි. මත්මතාභව යනු මෙයයි. ගුරුවරයා ඔබට උගන්වන නමුත් ඔහු කිසිම කෙනෙකුගෙත් ඉගෙන ගෙන නැහැ. කිසිම කෙනෙක් ඔහුට උගන්වලා නැහැ. ඔහු ඥානයෙන් සපිරියි. මානව ලෝක ගසෙහි බීජය ඔහුයි. ඔහු ඥාත සාගරයයි. සජීවී ජීවාත්මයක් වන නිසා, ඔහුට සියල්ල ඔබට කියාදිය හැකියි. ඔහු කියනවා: දරුවනි, මා ඇතුළු වී සිටිනා මෙම කෙනා මඟින් මා ඔබට මුල සිට මේ දක්වා වුණු සෑම රහසක්ම පැහැදිලි කර කියා දෙනවා. අවසානය ගැන ඔබට පසුව කියා දෙන්නම්. අවසානය පැමිණෙමින් තිබෙනා බව එවිට ඔබට අවබෝධ වේවි. ඔබ එක් එක් මට්ටම් වලින් තම තමන්ගේ කර්මතීත් තත්ත්වයටත් පත් වේවි. ඒ සියල්ලේ සලකුණුත් ඔබට පෙනේවි. පැරණී ලෝකය අනිවාර්යෙන්ම විනාශ විය යුතුයි. ඔබ මෙය වාර ගණනාවක් දැක තිබෙනවා. දිගටමත් දකීවි. මීට පෙර කල්පයේ ඔබ ඉගෙන ගත් ආකාරයෙන්ම තමයි දැනුත් ඔබලා ඉගෙන ගන්නේ. ඔබ තම අධිරාජ්‍යය දිනා ගෙන පසුව එය අහිමි කර ගත්තා. දැන් නැවතත් දිනා ගනිමින් සිටිනවා. පරමාත්ම පියා නැවතත් වතාවක් ඔබට උගන්වනවා. එය හරිම පහසුයි. තමන් අනිවාර්යෙන්ම ලෝක පාලකවරුන් ලෙසින් සිටි බව ඔය දරුවන්ට වැටහෙනවා. බාබා පැමිණ ඔබලාට මෙම ඥානය දෙනවා. බාබා ඔබට අවවාදයක් දෙනවා: ඔබගේ ඇතුලාන්තයේ විවිධ දේ සිදු වෙනවා ඇති. බාබා අපගේ පරමාත්ම පියා සේම පරම ගුරුවරයාත් වෙනවා. ගුරුවරයාව කිසි දිනෙක අමතක කර දැමිය හැකිද? ඔබ දිගටම පරම ගුරු සමඟ ඉගෙන ගන්නවා. මායා ඇතැම් දරුවන් ලවා නොයෙකුත් වැරදි කරවනවා. එය හරියට ඇය ඔවුන්ගේ ඇස් වලට දුහුවිලි දමා ඇත්තාක් වගේයි. ඇය ඔවුන්ව ඉගෙනීමෙන් නතර කරවනවා. පරමාත්ම දෙවියන්ම ඉගැන්වුවත් ඔවුන් එවන් ඉගෙනීමක් අතහැර දමා යනවා. අධ්‍යයනය තමයි ප්‍රධානම දේ. ඒ වුවත් එම අධ්‍යයනය නතර කරන්නේ කවුද? පරමාත්ම පියාගේ දරුවෝමයි. දරුවන් තුළ මහත් සතුටක් තිබීය යුතුයි. පරමාත්ම පියා ඔබට සෑම දෙයක් ගැනම ඥානය දෙනවා. සෑම කල්පයකදීම ඔහු එය ඔබලාට දෙනවා. පරමාත්ම පියා කියනවා: අඩුම තරමින් මාව මේ විදියට සිහි කරන්න. කල්පයක් කල්පයක් පාසා මෙය හොඳින් තේරුම් කරගෙන ධාරණය කරගන්නේ ඔබලාමයි. ඔහුට පියෙක් නැහැ. ඔහු අසීමිත පියා වන නිසා අපූරුම පියා ඔහුයි. මට කියන්න: මට පියෙක් සිටිනවා ද? ශිව බාබා කාගේ දරුවා ද? මෙම ඥානය කෙතරම් අපූරු ඥානයක්දැයි කියනවා නම් මේ කාලයේ දීම හැරෙන්න වෙන කිසිම කාලයකදී මෙය ඉගෙන ගන්නත් බැහැ. එමෙන්ම එය ඉගෙන ගන්නෙත් ඔය බ්‍රහමින්වරුන්ම පමණයි. පරමාත්ම පියාව සිහි කිරීමෙන් තමන් ටිකින්ටික පාරිශුද්ධත්වයට පත් වෙන බවත් ඔබලා දන්නවා. නැතිනම් දඩුවම් විදීමට සිදු වේවි. සිරකුටියක් වැනි වූ දරු ගැබකදී මහත් දඩුවම් විඳීමට සිදු වෙනවා. විනිශ්චය සභාව අසුන් ගන්නා එහිදී ඔබට සෑම දෙයක් ගැනම දර්ශන ලැබේවි. ඔබ විසින් කළ දේවල් මොනවා ද කියන එක ගැන දර්ශනයක් නොදී ඔබ කිසිම කෙනෙකුට දඩුවම් දිය නොහැකියි. නැතිනම්, ඇයි තමන්ට මේ දඩුවම් දෙන්නේ කියා ඔබ කලබලයට පත් වේවි. කුමන අයෙක් කුමනාකාරයක පාපයක් කළාද වැරැද්දක් කළා ද කියා මේ පරමාත්ම පියා දන්නවා. ඔබ කළ සෑම දෙයක් ම ඔහු පෙන්වාවි. ඒ මොහොතේ දී උපත් ගණනාවකදී කල පාපයන්ට දඩුවම් විඳිනවා වගේ ඔබට දැනේවි.එය හරියට ඒ උපත් සියල්ලේම ගරුත්වය නැති කර ගත්තා වගේ වේවි. එමනිසා, පරමාත්ම පියා කියනවා, සුමිහිරි දරුවනි. ඔබලා ඉතාමත් හොඳ උත්සාහයක් දැරිය යුතුයි. කලා දහසයෙන්ම පූර්ණ වීමට නම් ස්මරණයේ පුහුණුව හොඳින්ම දරන්න. තමත් කිසියම් හෝ කෙනෙකුට දුකක් දෙනවාදැයි කියා පරීක්ෂා කර බලන්න. අපි සතුට දානය කරනා පරමාත්ම පියාගේ දරුවෝයි. අපි ඉතාමත් ලස්සන විය යුතුයි. ඔබත් සමඟ යන්නේ මෙම ඉගෙනුමයි. මිනිස්සු හොඳින් ඉගෙන ගෙන නීතිවේදීන් බවට පත් වෙනවා. මෙම පරමාත්ම පියාගේ ඥානය තමයි සත්‍යය, එය අසහායයි. එමෙන්ම මෙම පාන්දව රජය කාටවත් පේන්නේ නැහැ. ඔබ හැර වෙන කිසිම කෙනෙකුට මෙය තේරුම් ගන්නත් බැහැ. මෙම අධ්‍යයනය මහා පුදුමාකාරයි. ඇහුම් කන් දෙන්නේ ජීවාත්මයනුයි. පරමාත්ම පියා නිතර නිතරම කියන්නේ: කවදාවත් ඉගෙනීම නතර කරන්න එපා. මායා ඔබව නතර කරවාවි. පරමාත්ම පියා කියනවා: එහෙම කරන්න එපා, ඉගෙනීම නතර කරන්න එපා. බාබාට සෑම වාර්තාවක්ම ලැබෙනවා. කෙනෙක් දවස් කීයක් ඇබ්සන්ට් වී තිබෙනවාදැයි කියා බාබා රෙජිස්ටරයෙන් බලනවා. කෙනෙක් ඉගෙනීම නතර කළ විට පියාවත් අමතක කරනවා. ඇත්තෙන්ම කියනවා නම්, ඔහු අමතක කල හැකි ආකාරයේ කෙනෙක් නොවෙයි. ඔහු අපූරුම පියායි. ඔහු පැහැදිලි කරන්නේ නාටක කතාවයක් වගේයි. කෙනෙකුට නාටක කතාවක් ගැන කිවහොත් හරිම පහසුවෙන් ඔහුට එය මතක තබා ගත හැකියි; කවදාවත් එය අමතක වෙන එකක් නැහැ. මොහුත් තමාගේ අත්දැකීම් ගැන කියනවා. කුඩා කාලයේ පටන්ම ඔහුට කිසිම දෙයක් ගැන වැඩි ආශාවන් තිබුණේ නැහැ. ඔහු කිය කියා සිටියේ: මේ ලෝකය දුකින් පිරිලා. තනි මට රුපියල් දස දහසක් ලබා ගත හැකි වුණා නම්, රුපියල් පනහක පමණ පොළියක් ලඟ තබා ගෙන නිදහසේ සිටිමට මට ඒ ඇති. ගේ දොර හා ව්‍යාපාර දෙකක් බලාකියා ගැනීම අපහසුයි. අච්චා. එහෙම කියපු බාබා එක දවසක් "සෞභාග්‍ය සුන්දරී" කියලා චිත්‍රපටියක් බැලුවා. ඒත් එක්කම ඔහුගේ පෙර තිබුණු නිරාශාව නැති වී ගියා. විවාහය හා තවත් එක් එක් දේ ගැන ඔහුට සිතිවිලි පහල වෙන්න පටන් ගත්තා. මායාගේ එක කම්මුල් පහරින් ඔහු සියල්ල අහිමි කර ගත්තා. එමනිසා, පරමාත්ම පියා කියනවා: මේ ලෝකය මහා අපායක්. එහි තිබෙන එවන් චිත්‍රපට හා සිනමා නිර්මාණත් අන්ත අපායේම දේවලුයි. ඒවා බැලීමෙන් හැමගේම ආකල්ප දුෂිත වෙනවා. පිරිමි අය පුවත් පත් ආදිය බලද්දී ලස්සන කාන්තා රූප දකින විට ඔවුන්ගේ ආකල්ප ඒවාට ඇදී ගොස් "මෙයා හරි ලස්සනයි" වගේ සිතිවිලි හිතනවා. ඇත්තටම කියනවා නම් එවන් සිතිවිලි ඇති නොවිය යුතුයි. බාබා කියනවා: මේ මුලු ලෝකයම විනාශ වීමටයි යන්නේ. මෙන්න මේ නිසා තමයි ඔබ අන් සියලු දේ අමතක කර දමා නිරන්තරයෙන් මා පමණක්ම සිහි කල යුත්තේ. ඇයි ඔබ එවන් පින්තුර දෙස බලන්නේ? මේ දේ මා ඒවායින් ඔබගේ ආකල්ප පිරිහීම පමණයි සිදු වෙන්නේ. ඔබගේ ඇස් වලට පෙනෙන ඒ සෑම දෙයක්ම සොහොන් බීමේ වැළලීමටයි යන්නේ. ඇස් වලින් පෙනෙන ඒ කිසිම දෙයක් සිහි කරන්න එපා. ඒවා කෙරෙහි ඇති බැඳීම අතහැර දමන්න. මේ සෑම ශරීරයක්ම වියපත් වුණු ජරාජීර්ණ ශරීරයි. ඔය ජීවාත්ම පාරිශුද්ධ වෙමින් පැමිණීයත්, ඔබලාගේ ශරීර තවමත් කිළිටියි. ඉතින් ඇයි ඒවාට අවධානය යොමු කළ යුත්තේ? ඔබ බැලිය යුත්තේ පරමාත්ම පියා දෙස පමණයි. පරමාත්ම පියා කියනවා: සුමිහිරි දරුවනි; ගමනාන්තය හරිම ඉහළයි. වෙන කිසිම කෙනෙකුට ලෝක පාලකවරයෙක් වීමේ උත්සාහයවත් දරන්න බැහැ. මෙය වෙත කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුලු වෙන්නවත් බැහැ. මායාගේ බලපෑම පොඩි නැහැ. විද්‍යාඥ්ඥවරුන්ගේ (Scientists) බුද්ධිය හොඳට වැඩ කරනවා. නමුත් ඔබලාට තිබෙන්නේ නිහඬතාවයයි (Silence). සෑම කෙනෙක්ම මෝක්ෂය පතනවා. නමුත් ඔබගේ අරමුණ ජීවන මුක්තිය ලැබීමයි. පරමාත්ම පියාත් මේ ගැන පහදා දී තිබෙනවා. ගුරුන් ආදීන්ට මේ ඥානය දිය නොහැකියි. තම දරු පවුලත් සමඟ නිවසේ වෙසෙන අතර, පාරිශුද්ධව සිට අධිරාජ්‍යය දිනා ගන්න. ඔබ භක්ති මාර්ගයේ දී සෑහෙන කාලයක් අපතේ හැරියා. තමන් කෙතරම් වැරදි කර තිබෙනවා දැයි කියා ඔබට දැන් තේරෙනවා. වැරදි කර කර එන අතර ඔබ අඥාන ගල් බුද්ධි ඇති අය බවට පත් වුණා. මෙම ඥානය ඉතාමත් පුදුම සහගත එකක් කියලා ඇතුලාන්තයෙන් ඔබට දැනෙනවා. අගයක් නැති තමන් ඉතාමත් ශ්‍රේෂ්ඨ අය බවට පත් වෙනවාය කියා ඔබට දැනෙත්ත පටන් ගන්නවා. ගල් බුද්ධි තිබුණු ඔබලා දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් වෙනවා. ඉතින්, ඔබගේ බාබා අසීමිත බාබා වෙන නිසා, ඔබගේ සතුටත් හොඳ ඉහළින් තිබිය යුතුයි. ඔහුට පියෙක් නැහැ. ඔහු ඔබගේ පරම ගුරු වුණත් ඔහුට ගුරු කෙනෙක් නැහැ. මොහු කාගෙන් ද ඉගෙන ගෙන තිබෙන්නේ කියලා මිනිස්සු ප්‍රශ්න නගනවා. ඔවුන්ට ඒ ගැන පුදුමයි. ඔහුත් කිසියම් ගුරු කෙනෙකුගෙන් මේවා ඉගෙන ගන්නට ඇතැයි කියා මිනිසුන් සිතනවා. එය එසේ නම් ඒ ගුරුට තවත් ගෝලයින් සිටිය යුතුයි. එක ගෝලයෙක් පමණක් සිටීවි ද? ගුරු කෙනෙකුට ගෝලයින් රෑසක් සිටිනවා. අඝා-ඛාන් ට ගෝලයින් කී දෙනෙක් සිටිනවා ද බලන්න. ඔවුන් තමන්ගේ ගුරුව කෙතරම් අගය කරනවා ද කියතොත් ඔහුගේ වටිනාකම මණීන්නේ ඔහුගේ බරට සමාන දියමන්ති වලින්. මේ සත්ගුරුව ඔබ කිරන්නේ කුමක් සමඟද? ඔහු තමයි අසීමිත සත්ගුරු. ඔහු කෙතරම් බරද? එක දියමන්තියක් තරම්වත් බර නැහැ. ඔය දරුවන් එවන් දේ ගැන සිතිය යුතුයි. මෙය ඉතාමත් සියුම් කරුණක්. අහෝ දෙවියනේ කියා සෑම කෙනෙක්ම කීවත් ඔහු පරමාත්ම පියා, පරම ගුරුවරයා හා ගුරු බව ඔවුන් දන්නේ නැහැ. මොහු සාමාන්‍ය විදියට අසුන්ගෙන සිටිනවා. උස ආසනයක අසුන් ගන්නේ එවිට ඔහුට සෑම කෙනෙකුගේම මුහුණ බැලිය හැකි නිසායි. ඔහු ඔය දරුවන්ට ආදරෙයි. දරුවන්ගේ සහාය නොමැතිව ස්ථාපන කාර්යය කරන්න බැහැ. වැඩියෙන් සහයෝගය දක්වන දරුවන් වැඩි ආදරයට ලක් වේවි. හොඳින් ආදායම උපයන දරුවෙක් අනිවාර්යෙන්ම උසස් තත්ත්වයක් දිනා ගනීවි. ඔහුට වැඩි ආදරයකුත් ලැබේවි. ඔය දරුවන් දැකීමෙන් බාබා සතුටට පත් වෙනවා. ජීවාත්මය සතුටු වෙනවා. සෑම කල්පයකදීම දරුවන්ව දකින්න ලැබීම මට සතුටක්. සෑම කල්පයකදීම සහායකයින් වන්නේ දරුවනුයි. ඔහු මහත් සෙනෙහසට ලක් වෙනවා. මෙම සෙනෙහස කල්පයක් කල්පයක් පාසා ඇති වෙනවා. ඔබ කොහේ සිටියත්, සිහියෙන් පියාව සිහිපත් කරන්න. ඔහු ඔබගේ අසීමිත පියායි. ඔහුට පියෙක් හෝ ගුරුවරයෙක් නැහැ. ඔහුම තමයි සියල්ල. සෑම කෙනෙක්ම සිහි කරන කෙනා. කිසිම කෙනෙක් ස්වර්ණමය යුගයේ දී ඔහුව සිහි කරන්නේ නැහැ. ඔබගේ බෝට්ටුව උපත් 21කටම එතෙර වී යනවා. එමනිසා ඔබ මහත් සතුටට පත් විය යුතුයි. දවස පුරාම පරමාත්ම පියාගේ සේවයේ නිරත වන්න. එපමණයි. එවන් පියෙකුගේ හැඳින්වීම සෑම කෙනෙකුටම දෙන්න: පරමාත්ම පියාගෙන් මෙම උරුමය ඔබට දිනා ගත හැකියි. පරමාත්ම පියා ඔබට රාජයෝගාව උගන්වන අතර ඔහු ඔබව ආපසු රැගෙනත් යනවා. මුලු කල්පයම ඔබගේ සිහියේ තිබෙනවා. වෙන කිසිම කෙනෙකුට එවන් කල්පයක් නිර්මාණය කරන්න බැහැ. වෙන කිසිම කෙනෙක් එහි අර්ථය තේරුම් ගන්නේත් නැහැ. බාබා ඔබගේ අසීමිත බාබා, ඔහු ඔබට අසීමිත රාජ්‍යයක් හිමි කර දෙනවා. ඔහු ඔබව ආපසු රැගෙනත් යනවා කියා ඔබලාට දැන් තේරෙනවා. මේ ආකාරයෙන් පැහැදිලි කළහොත් දෙවියන් සෑම තැනකම සිටිනවායි කියා කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඔහු පරමාත්ම පියා හා පරම ගුරුවරයායි. ඉතින් ඔහු සර්ව ව්‍යාපී වන්නේ කෙසේද? අසීමිත පියා ඥානයෙන් සපිරියි. ඔහු මුලු ලෝකයේම මුල, මැද හා අග ගැන දත්තවා. පරමාත්ම පියා දරුවන්ට කියන්නේ: මෙම ඉගෙනීම අමතක කරන්න එපා. මේක තමයි ලොකුම ඉගෙනීම. බාබා උත්තරිතර පියා, උත්තරීතර ගුරුවරයා මෙන්ම උත්තරිතර සත්ගුරුත් වෙනවා. ඔහු ඒ සෑම ගුරු කෙනෙක්වමත් ආපසු ගෙන යනවා. එවන් අරුම පුදුම දේ කියා දිය යුතුයි. මෙය අසීමිත නාටකයක් බව ඔවුන්ට කියන්න. සෑම නළුවෙක්ටම ඒ ඒ අයට අදාල චරිත කොටස හිමි වී තිබෙනවා. ඔබ අසීමිත පියාගෙන් අසීමිත රාජ්‍යයක් හිමි කර ගන්නවා. ඔබලා ලෝක පාලකවරුන්වයි සිටියේ. පාරාදීසය අනිවාර්යෙන්ම තිබුණු අතර නැවතත් එය උදා වෙනවා. නව ලෝකයේ පාලකයා වූයේ ක්‍රිෂ්ණායි. දැන් මෙය පැරණී ලෝකයයි. එමෙන්ම ඔහු අනිවාර්යෙන්ම නව ලෝකයේ පාලකවරයා වේවි. මෙය පින්තුරයේ ඉතාමත් පැහැදිලිව පෙන්වා තිබෙනවා. ඔබගේ දෙපා අපාය දෙසටත් මුහුණ දෙව්ලොව දෙසටත් දැන් තිබෙන බව ඔබලා දන්නවා. ඔබට මතක මෙයයි. මෙය සිහි තබා ගැනීමෙන් ඔබගේ අවසන් සිතිවිලි ගමනාන්තයට ගෙන යාවි. මේවා එතරම් සුන්දර කරුණු වන අතර ඔබලා ඒවා මතකයේ තබා ගත යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ ඇසට පෙනෙන සෑම දෙයක් කෙරෙහිම ඇති බැඳීම ඉවත් කර ගන්න. එකම එක පරමාත්ම පියා දෙස පමණක් බලන්න. ආකල්ප පිවිතුරු කර ගැනීම සඳහා ඔබගේ අවධානය සුළුවෙන් හෝ කිළිටි ශරීර දෙසට ඇදෙන්න දෙන්න එපා.

2. හොඳින් ඉගෙන ගෙන පරමාත්ම පියා විසින් උගන්වන මෙම අසහාය සත්‍ය ඥානය අන් අයටත් කියා දෙන්න. කිසිදු විටෙක මෙම ඉගෙනීම අතපසු කරන්න එපා.

වරදානය:
ඔබ සාමයේ බලය අත්හදා බලන සහ සෑම කාර්යයකින්ම පහසුවෙන් සාර්ථකත්වයට පත්වන ජීවාත්මයක් වේවා.

දැන් වෙනස් වන කාලයට අනුව, ඔබ සාමයේ බලය භාවිතා කරමින් අත්හදා බැලීම් කරන ජීවාත්මයක් බවට පත් විය යුතුය. ඔබ සෙනෙහසේ වචන වලින් ජීවාත්ම තුළ සහයෝගීතාවයේ හැඟීම් ඇති කරන්නාක් මෙන්, එලෙසම, යහපත් ප්‍රාර්ථනා සහ ස්නේහී හැඟීම් ඇති මනෝ ස්ථිතියේ ඔබව ස්ථාවර කර ගනිමින් එතුළ උසස් හැඟීම් නිර්මාණය කරන්න. පහනකින් තවත් පහනක් දැල්විය හැකි සේම, ඔබේ බලවත් සුබ පැතුම් අන් අය තුළ වඩාත් උසස් හැඟීම් නිර්මාණය කරයි. මෙම බලය තුළින්, ඔබට ඉතා පහසුවෙන් ඔබේ භෞතික කාර්යයන්හි සාර්ථකත්වය ළඟා කර ගත හැකිය. සරළව ඔබවම අත්හදා බලන්න.

පාඨය:
සැමගේ සෙනෙහස ලැබීමට, පිපෙන රෝස මලක් වන්න, පරවෙන්න එපා.