14.06.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට දැන් දැනුමේ තෙවැනි ඇස ලැබී තිබේ. එබැවින් ඔබගේ ද්‍රිෂ්ඨිය තවදුරටත් කිසිවක් වෙතට ඇදී නොයා යුතුයි.

ප්‍රශ්නය:
පැරණි ලෝකය කෙරෙහි අසීමිත නිරාශාවක් ඇති දරුවන්ගේ සලකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන්ට ඇති සෑම දෙයක්ම ඔවුන් පියාට පුද කරයි. කිසිම දෙයක් තමන්ට අයත් යැයි ඔවුන් නොසලකයි. ඔවුන් පවසන්නේ : බාබා, මෙම සිරුරවත් මට අයිති නැහැ. මෙය පැරණි සිරුරක් වන අතර මා එය බැහැර කළ යුතුයි. සෑම දෙයක් කෙරෙහිම තිබෙන ඔවුන්ගේ බැඳීම්, දිගටම බිඳී යන අතර, ඔවුන් සියලු බැඳීම් විනාශ කර දමයි. මෙලොව ඇති සෑම දෙයක්ම සීමිත බවත්, වැඩකට නැති බවත් ඔවුන්ගේ බුද්ධියේ රැඳී තිබෙයි.

ඕම් ශාන්ති.
පියා ඔබට, වෙනත් කිසිවෙකුට ලබාදිය නොහැකි, බ්‍රහ්මාන්ද් හී (ආලෝක පද්ධතිය) සහ ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ලබා දෙයි. රාජයෝගාව ගැන මෙන්ම දෙවියන් පැමිණ සාමාන්‍ය මනුෂ්‍යයන්ව නාරායන් බවට පරිවර්ථනය කරන බව සඳහන් වන්නේ ගීතාවේ පමණයි. ගීතාව හැර වෙනත් කිසිම ග්‍රන්ථයක මෙය සඳහන් කර නැත. පියා ඔබට මෙය කියා තිබුණි. ඔහු පවසන්නේ මා ඔබට රාජයෝගාව ඉගැන්වූවා. මෙම දැනුම, මතකයේ නොමැති කාලයක සිට පැවත එන්නේ නැති බවත් මා ඔබට විස්තර කළා. පියා පැමිණ එක් ධර්මය ස්ථාපනය කරන අතර, ඉන් පසුව අන් සියලුම ආගම් විනාශ වෙයි. මතකයේ නොමැති කාලයක සිට කිසිම ආගමික ග්‍රන්ථ ආදියද පැවතෙන්නේ නැත. ආගමික නායකයන් ඔවුන්ගේ ආගම් ස්ථාපිත කිරීමට පැමිණි විට විනාශය සිදුවන්නේ නැත, එසේනම් සෑම දෙයක්ම අවසානයකට පැමිණෙනු ඇත. භක්ති මාර්ගයේ අය දිගින් දිගටම ග්‍රන්ථ ඉගෙන ගනී. බ්‍රහ්මණ ධර්මයේ ග්‍රන්ථය ගීතාව වන නමුත්, එයත් නිර්මාණය වන්නේ භක්ති මාර්ගයේය, මන්ද ස්වර්ණමය යුගයේ කිසිම ග්‍රන්ථයක් ඉතිරි වන්නේ නැත. වෙනත් ආගම් ආරම්භ වන විට විනාශය සිදුවන්නේ නැත. නව ලෝකය නිර්මාණය කිරීම සඳහා, එකල පැරණි ලෝකය විනාශ වන්නේ නැත එම ලෝකයම දිගටම පැවතෙයි. මෙම පැරණි ලෝකය දැන් විනාශ වීමට යන බව ඔය දරුවන්ට වැටහෙනවා. පියා අපට උගන්වනවා. වර්ණනා කෙරෙන්නේ ගීතාව පමණයි. ගීතාවේ උපතද සැමරෙනවා. වේදයන්ගේ උපත සැමරෙන්නේ නැත. සිටින්නේ එක් දෙවියන් පමණයි. එබැවින් ඔවුන් සැමරිය යුත්තේ ඒකායන කෙනාගේ උපත පමණයි. ඉතිරි සැවොම නිර්මාණය වන අතර ඉන් කිසිවක් ලබාගත නොහැක. ඔබට උරුමය හිමිවන්නේ පියාගෙන් පමණයි. මාමා කෙනෙක්, බාප්පා කෙනෙක් ආදීන්ගෙන් උරුමයක් හිමිවන්නේ නැත. එම කෙනා, ඔබට අසීමිත දැනුම ලබාදෙන, ඔබගේ අසීමිත පියාය. ඔහු ඔබට කිසිම ආගමික ග්‍රන්ථයක් කියාදෙන්නේ නැත. ඔහු පවසන්නේ ඒ සෑම දෙයක්ම අයත්වන්නේ භක්ති මාර්ගයටයි. මා ඔබට සියලුම ග්‍රන්ථයන්ගේ සාරය කියා දෙමි. ග්‍රන්ථ වූ කලී ඉගෙනුමක් නොවෙයි. ඉගෙනුමක් තුළින් කෙනෙකුට තත්ත්වයක් ලැබෙයි. පියා ඔය දරුවන්ට මෙම ඉගෙනුම කියා දෙනවා. දෙවියන් ඔය දරුවන්ට කතා කරන අතර, ඉන්පසුව වසර 5000 කට පසුව මෙය නැවත වරක් ඒ අන්දමින්ම සිදුවෙයි. ඔය දරුවන්ට නිර්මාපකයා, සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන පියාගෙන් දැනගන්නට ලැබී තිබේ. පියා හැර වෙනත් කිසිවෙකුට ඔබට මේ සියල්ල විස්තර කළ නොහැක. ඔහු ඔබට මෙම නෙළුම් මුවින් කතාකරයි. මෙය දෙවියන් ණයට ගෙන ඇති මුඛයයි. එයට ’ගවුමුඛ්‘ (ගවයාගේ මුඛය) යැයිද කියයි. මෙම කෙනා ජ්‍යෙස්ඨ මව ද වෙයි. ඔහුගේ මුඛයෙන් ජලය ආදිය නොව, ඥාන වදන් මතුවෙයි. භක්ති මාර්ගයේදී ගව මුඛයකින් ජලය මතුවන අයුරු පෙන්වයි. භක්ති මාර්ගයේදී ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔය දරුවන්ට දැන් වැටහෙනවා. ඔවුන් බොහෝ දුර ගෙවා එම ජලය බීමට, ගව මුඛයක් වෙතට ගමන් කරයි. ඔබ දැන් සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වෙනවා. ඔබව මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය කිරීමට, පියා සෑම චක්‍රයකදීම ඔබට ඉගැන්වීමට පැමිණෙන බව ඔබ දන්නවා. ඔහු ඔබට උගන්වන්නේ කෙසේද කියා ඔබට දැකගත හැක. දෙවියන් ඔබට උගන්වන බව, ඔබ සෑම කෙනෙකුටම කියයි. ඔහු පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරුවනු ඇත. ස්වර්ණමය යුගයේ සිටින්නේ මනුෂ්‍යයින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව ඔබ දන්නවා. කලි යුගයේ මනුෂ්‍යයින් බොහෝ සිටියි. පියා පැමිණ ආදී සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපනය කරයි. අප සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පත් වනවා. මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පත්වන දරුවන් තුළ, දිව්‍යමය ගුණධර්ම දිස්වෙයි. ඔවුන් තුළ කෝපයේ සුළු සලකුණක්වත් නොතිබෙයි. හදිසියේ හෝ ඔවුන් කෝප වන්නේ නම්, ඔවුන් සැනෙකින් පියාට මෙසේ ලියනු ඇත බාබා, මා අතින් අද මෙම වරද සිදුවිය. මා කෝප වී පාපයක් සිදු කළා. ඔබට පියා සමඟ කෙතරම් සම්බන්ධතාවයක් තිබේද? ’බාබා, මට සමාවන්න.‘ පියා මෙසේ පවසනු ඇත සමාව දීම සිදුකළ නොහැක, නමුත් එම වරදම නැවත සිදු නොකරන්න. ගුරුවරයෙක් ඔබට සමාව දෙන්නේ නැත. ඔහු ඔබට වාර්තා පොත පෙන්වා, ඔබගේ ආචාර ධර්ම යහපත් නැති බව ඔබට විස්තර කර දෙයි. අසීමිත පියා මෙසේද පවසයි ඔබට තමන්ගේම ආචාරශීලී බව දැකගත හැක. දිනපතාම ඔබගේ වාර්තාව දෙස බලා, තමන්ගෙන්ම විමසන්න අද දින, මා කාට හෝ දුකක් දුන්නාද? මා කාව හෝ අසහනයට පත් කළාද? දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගැනීමට කලක් ගතවෙයි. ශරීර අවධානය බිඳෙන්නේ ඉතා අපහසුවෙන්ය. ඔබ තමන් අශාරීරික බව සලකන විට පමණයි, පියා කෙරෙහි සෙනෙහස තිබිය හැකි වන්නේ. එසේ නැත්නම් බුද්ධිය, ශරීරයේ කර්ම ගිණුම්වල පැටලී තිබෙයි. පියා පවසන්නේ ඔබගේ ශරීරයේ ජීවිකාව වෙනුවෙන් ඔබ ක්‍රියා සිදුකළ යුතුයි, නමුත් ඔබට මේ සඳහා කාලය සාදා ගැනීමට පුලුවනි. භක්තියේ යෙදීමට මිනිසුන් කාලය සොයා ගනී. මීරා සිහිපත් කළේ ක්‍රිෂ්ණාව පමණයි, නමුත් ඇයට අඛණ්ඩව මෙහි පුනරුත්පත්ති ගැනීමට සිදුවිය. ඔය දරුවන්ට දැන් මෙම පැරණි ලෝකය පිළිබඳව නිරාශාවක් තිබේ. ඔබ මෙම පැරණි ලෝකයේ නැවත උපත් නොගන්නා බව ඔබ දන්නවා. මෙම ලෝකය විනාශ වීමටයි යන්නේ. මේ සෑම කාරණාවක්ම ඔබගේ බුද්ධියේ ඇත. බාබාට මෙම දැනුම තිබෙන සේම, ඔය දරුවන්ටද මෙම දැනුම ඇත. ලෝක චක්‍රය පිළිබඳ දැනුම වෙනත් කිසිවෙකුගේ බුද්ධිය තුළ නොමැත. ඔවුන්ගේ බුද්ධිය තුළ මෙම දැනුම තබා ගැනීමට හැකි දරුවන්ද අංකානුරූපයි. උසස්ම උසස් පියා, පාරිශුද්ධකරු ද වන අතර ඔහු අපට උගන්වනවා. මෙය දන්නේ ඔබ පමණයි. උපත් 84 හි චක්‍රය ඔබගේ බුද්ධිය තුළ ඇත. අපායේ මෙය ඔබගේ අවසන් උපත බව, ඔබගේ සිහියේ තිබේ. මෙයට අපායේ අන්ත අගාධය යැයි කියයි. සෑම තැනකම බොහෝ සේ කුණු කසල ඇත. සන්යාසීන් ඔවුන්ගේ නිවෙස් සහ පවුල් අත්හරින්නේ මේ නිසයි. එය භෞතික කාරණාවකි. ඔබ දැන් ආපසු නිවහනට යා යුතු බව ඔබ දන්නා නිසා, ඔබ සෑම දෙයක්ම ඔබගේ බුද්ධියෙන් ඉවතලයි. ඔබ, සෑම කෙනෙක්ම අමතක කළ යුතුයි. මෙම අපිරිසිදු පැරණි ලෝකය, ඔබට දැනටමත් මියගොසින්ය. ඔබගේ නිවස පැරණි වී ඇති විට සහ අලුත් නිවසක් ගොඩනැඟෙන විට, එම නිවස කඩා දමන බව ඔබගේ හදවතට ඇතුළු වෙයි. ඔය දරුවන් දැන් ඉගෙන ගන්නවා. නව ලෝකය ස්ථාපනය වන බව ඔබ දන්නවා. ඉතිරිව ඇත්තේ ඉතාමත්ම සුළු කාලයක් පමණයි. බොහෝ දරුවන් පැමිණ, මෙහි ඉගෙන ගනීවි. ඔබගේ නව නිවස ගොඩනැඟෙන අතර, පැරණි එක දිගටම විනාශ වීගෙන යයි. ඉතිරිව තිබෙන්නේ ඉතාමත්ම ටික දවසක් පමණයි. මෙම අසීමිත කාරණා ඔබගේ බුද්ධිය තුළ ඇත. ඔබගේ හදවත් තවදුරටත් මෙම පැරණි ලෝකයට බැඳී නැත. අවසානයේ මේ එක දෙයක්වත් ප්‍රයෝජනවත් වන්නේ නැත. අපට දැන් අවශ්‍ය මින් පිට වී යාමටයි. පියා පවසන්නේ මෙම පැරණි ලෝකයට ඔබගේ හදවත් බැඳ නොතබන්න. ඔබගේ පියා වන මා සිහිපත් කරන්න, එමෙන්ම ඔබගේ නිවහන සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යනු ඇත. එසේ නැත්නම් ඔබට විශාල වශයෙන් දඬුවම් විඳීමට සිදුවන අතර, ඔබගේ තත්ත්වය ද විනාශ වනු ඇත. ඔබ උපත් 84 ක් පසුකරගෙන ගොස් ඇති බව ඔබ ජීවාත්ම දන්නවා, එබැවින් ඔබගේ පාපයන් දුරුකර ගැනීම සඳහා පියාව සිහිපත් කිරීමට ඔබ දැන් සැලකිලිමත් වනවා. පියාගේ උපදෙස් පිළිපදින්න එවිට පමණයි ඔබට ඔබගේ ජීවිතය උසස් කරගත හැකි වන්නේ. පියා, උසස්ම උසස් කෙනාය. මෙය දන්නේ ඔබ පමණයි. පියා ඔබට මෙය හොඳින් මතක් කර දෙයි. එම අසීමිත පියා ඥාන සාගරයයි. ඔහු මෙහි පැමිණෙන්නේ අපට උගන්වන්නයි. පියා පවසන්නේ ඔබගේ ජීවිකාව වෙනුවෙන් කළ යුතු සෑම දෙයක්ම කරන්න, නමුත් මෙම ඉගෙනුමද හදාරා, භාරකරුවන් ලෙස සිටින්න. පැරණි ලෝකය ගැන අසීමිත නිරාශාවක් ඇති දරුවන්, ඔවුන්ට ඇති සෑම දෙයක්ම පියාට පුද කරයි. කිසිම දෙයක් අපට අයත් නැත. බාබා, මෙම ශරීරයවත් මට අයිති නැත. මෙය පැරණි සිරුරක් එය අත්හල යුතුයි. සෑම දේකටම ඇති බැඳීම් බිඳී යනවා. ඔබ බැඳීම් ජයගත යුතුයි. මෙය අසීමිත නිරාශාව වන අතර, අනෙක් නිරාශාව සීමිතයි. ඔබ දිව්‍ය ලෝකයට ගොස් ඔබගේම මාලිගා නිර්මාණය කරන බව ඔබගේ බුද්ධියේ තිබේ. මෙම ලෝකයේ කිසිම දෙයක් එහි ප්‍රයෝජනවත් වන්නේ නැත, මන්ද මෙහි ඇති සෑම දෙයක්ම සීමිත බැවින්. ඔබ දැන් සීමිත බවින් පිටතට විත් අසීමිත බව වෙතට යනවා. ඔබගේ බුද්ධියේ රැඳී තිබිය යුත්තේ මෙම අසීමිත දැනුම පමණයි. මෙහි කිසිවක් වෙතට ඔබගේ ද්‍රිෂ්ඨිය තවදුරටත් ඇදී නොයයි. අප දැන් ආපසු නිවසට යා යුතුයි. පියා සෑම චක්‍රයකදීම පැමිණෙන්නේ අපට උගන්වා ඉන්පසුව අපව ඔහුත් සමඟ රැගෙන යාමටයි. මෙය ඔබට අලුත් ඉගෙනුමක් නොවෙයි. ඔබ මෙය සෑම චක්‍රයකදීම ඉගෙන ගන්නා බව ඔබ දන්නවා. ඔබ සෑම කෙනෙක්ම අංකානුරූපයි. මුළු ලොවෙහි බොහෝ මනුෂ්‍යයින් සිටියි. කෙසේවෙතත්, ඔබගෙන් ඉතාමත්ම සුළු පිරිසක් පමණයි මෙය දන්නේ. මෙම බ්‍රහ්මණයින්ගේ වෘක්ෂය ක්‍රම ක්‍රමයෙන් අඛණ්ඩව වර්ධනය වෙයි. නාටකයේ සැලසුමට අනුව ස්ථාපනය සිදුවිය යුතුයි. මෙය ඔබගේ ආධ්‍යාත්මික රජය බව ඔය දරුවන් දන්නවා. දිව්‍යමය ද්‍රිෂ්ඨි මඟින් අපට නව ලෝකය දැක ගැනීමට පුළුවනි. අප එහි යා යුතුයි. දෙවියන් එක්කෙනෙක් පමණයි. අපට උගන්වන කෙනා ඔහුයි. පියා අපට රාජයෝගාව ඉගැන්නුවා. ඉන්පසුව යුද්ධය ඇති වී, එක් ධර්මයේ ස්ථාපනයත් බොහෝ ආගම් වල විනාශයත් සිදුවිය. ඔබ එම අයමයි. ඔබ චක්‍රයෙන් චක්‍රයට ඉගෙන ගනිමින් ඔබගේ උරුමය හිමිකර ගන්නවා. ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ උත්සාහයන් දැරිය යුතුයි. ඔබගේ මෙම ඉගෙනුම අසීමිතයි. කිසිම මනුෂ්‍යයෙකුට ඔබට මෙම ඉගැන්වීම ලබාදිය නොහැක. ශ්‍යාම් සහ සුන්දර් හී රහස්ද පියා පහදා දී තිබේ. ඔබ දැන් ලස්සන වන බවත්, පෙරකල ඔබ අවලස්සනව සිටි බවත් ඔබට දැන් වැටහෙනවා. මෙසේ වූයේ ක්‍රිෂ්ණාට පමණක් නොවෙයි මුළු රාජධානියටම විය. ඔබ දැන් අපායේ වැසියන්ගෙන් දිව්‍ය ලෝකයේ වැසියන් වන බව ඔබට වැටහෙනවා. ඔබ දැන් මෙම අපායට අකමැතියි. ඔබ වඩාත්ම ශුභදායක සංගම් යුගයට පැමිණ ඇත. බොහෝ දෙනෙක් මෙහි පැමිණෙන නමුත්, පෙර චක්‍රයේ මතු වූ අය පමණයි නැවතත් මතුවන්නේ. සංගම යුගය, ඉතා හොඳින් සිහියේ තබාගන්න. අප වඩාත්ම උසස් අය බවට පත්වනවා අප සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පත්වනවා. දිව්‍ය ලෝකය යනු කුමක්ද, අපාය යනු කුමක්ද කියාවත් මිනිසුන්ට වැටහෙන්නේ නැත. ඔවුන් පවසන්නේ සෑම දෙයක්ම එකවර මෙහි පවතින බවයි, සතුටින් සිටින අය දිව්‍යලෝකයේ සිටින බවත්, දුකෙන් සිටින අය අපායේ සිටින බවත්ය. බොහෝ මත තිබේ. එකම ගෙදර බොහෝ මත තිබේ. ඇතැම් අයගේ දරුවන්ට, ඔවුන්ගේ බැඳීම්වල රැහැන් බිඳෙන්නේ නැත. ඔවුන්ගේ බැඳීම් නිසා, ඔවුන් ජීවත් වන්නේ කෙසේද කියා ඔවුන්ට වැටහෙන්නේ නැත. ඔවුන් විමසන්නේ මා මගේ පුතාට විවාහ වීමට ඉඩදිය යුතුද? කෙසේවෙතත්, ඔය දරුවන්ට මෙම විනය ගැන පහදා දී තිබේ. එක් අතකින් දිව්‍යලෝකයේ වැසියෙක් වීමට ඔබ දැනුම ගන්නා අතර, අනෙක් අතින් ඔබ ඔහුව අපායට යැවිය යුතුද කියා විමසනවා! ඔබ අසන නිසා, බාබා පවසන්නේ හොඳයි, ඔහුට එය කිරීමට ඉඩ දෙන්න. ඔබ, බාබාගෙන් මෙය විමසන බැවින් ඔබට දරුවා කෙරෙහි බැඳීමක් ඇති බව බාබාට වැටහෙනවා. බාබා ’එපා‘ කියා කීවද, අකීකරුකම සිදුවෙයි. දියණියන් විවාහ විය යුතුයි. එසේ නැත්නම් නරක ආශ්‍රය නිසා ඔවුන් විනාශ වී යෑමට ඉඩ තිබේ. පුතුන් විවාහ විය යුතු නැහැ. කෙසේවෙතත්, මේ සඳහා ඔබට එඩිතරකම අවශ්‍යයි. බාබා, මේ කෙනා මඟින් එය ප්‍රායෝගිකව පෙන්වා දුන්නා. අන් අය මෙම කෙනාව දුටු විට, ඔවුන්ද එසේ කිරීම ආරම්භ කළා. ඔවුන්ගේ නිවෙස්වල බොහෝ කෝලාහල ඇති විය. මෙය කලහ කෝලාහල ඇති ලෝකයයි. එය කටු කැලෑවකි. මිනිසුන් නොකඩවාම එකිනෙකාට රිදවයි. දිව්‍ය ලෝකයට මල් උයනක් යැයි කියයි. මෙය කැලයකි. පියා පැමිණ ඔබව කටු වලින් මල් බවට පරිවර්ථනය කරයි. මතුවන්නේ ඉතාම ටික දෙනෙක් පමණයි. ඔබ ප්‍රදර්ශන වලදී කියන සෑම දේකටම ඔවුන් ’ඔව්‘ කියා කියන නමුත්, ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත එය එක් කණකින් ඇතුළු වී අනෙක් කණෙන් පිට වී යයි. රාජධානියක් ස්ථාපනය කිරීමට කල්ගතවෙයි. මනුෂ්‍යයන්, තමන් කටු බව සලකන්නේ නැත. ඔවුන්ට මනුෂ්‍යයින්ගේ මුහුණුවර තිබුණද, ඔවුන්ගේ චරිත, රිලවුන්ටත් වඩා අන්තය. කෙසේ වුවත්, තමන් එවැන්නන් බව ඔවුන් සලකන්නේ නැත. එබැවින් පියා පවසන්නේ ඔබගේ නිර්මාණයට පහදා දෙන්න. ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැතිනම්, ඔවුන්ව පිටමං කරන්න. කෙසේවෙතත්, එසේ කිරීමට ඔබට ශක්තිය අවශ්‍යයි. බැඳීම් යන කෘමීන්, කෙතරම් තදින් බැඳී තිබේද යත්, ඔවුන් ඉවත් කළ නොහැක. මෙහිදී ඔබ බැඳීම් විනාශ කරන්නන් විය යුතුයි. මගේ වන්නේ එක්කෙනෙක් හැර වෙනත් කිසිවෙකු නොවෙයි. පියා දැන් පැමිණ ඇත්තේ අපව ආපසු නිවසට රැගෙන යාමටයි. ඔබ පාරිශුද්ධ විය යුතුයි. එසේ නැත්නම් බොහෝ සේ දඬුවම් විඳීමට සිදුවන අතර, ඔබගේ තත්ත්වය විනාශ වෙයි. දැන් ඔබගේ එකම සැලකිලිමත්කම විය යුත්තේ, තමන්ව සතෝප්‍රධාන් කිරීමටය. ශිවාට ඇති දේවාල වලට ගොස් විස්තර කරන්න: “දෙවියන් භාරතයේ ජනයාව දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත් කළ අතර, ඔහු එය නැවත වරක් සිදු කරනවා. ඔහු පවසන්නේ: මා පමණක් සිහිපත් කරන්න, එපමණයි.” අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම පැරණි ලෝකය කෙරෙහි අසීමිත නිරාශාවක් ඇති කර, ඔබට ඇති සෑම දෙයක්ම පියාට පුද කරන්න. කිසිවක් මට අයිති නැත. මෙම සිරුර පවා මට අයත් නැහැ. එයට ඇති ඔබගේ බැඳීම බිඳ දමා, බැඳීම් විනාශ කරන්නෙක් වන්න.

2. ඔබගේ වාර්තා පොතේ සලකුණක් ඇතිවන, කිසිම වරදක් සිදු නොකරන්න. සියලුම දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. ඔබ තුළ කෝපයේ සුළු සලකුණක්වත් නොතිබිය යුතුයි.

වරදානය:
ඔබ ඥාණවන්ත ජීවාත්මයක් වී ඔබේ කතා කිරීම, සිතීම සහ කිරීම යන තුනම සමාන කර ගනිත්වා.

විශ්‍රාම යාමේ අවධියට යාමට කාලය දැන් ළං වෙමින් තිබේ. එබැවින්, ඔබේ දුර්වලතා, "මගේ" යන ඕනෑම සවිඥ්ඥාණිකත්වයක් සහ නාස්තිකාර ක්‍රීඩා අවසන් කර, ඔබේ කතා කිරීම, සිතීම සහ කිරීම සමාන වීමට ඉඩ දෙන්න. එවිට ඔබ මෙම ඥාණයේ ප්‍රතිමූර්තියක් බවට පත්වනු ඇත. ඥාණවන්ත ජීවාත්ම සහ ඥාණයේ ප්‍රතිමූර්ති වන අයගේ සෑම ක්‍රියාවක්ම, සංස්කාරයක්, ගුණධර්මයක් සහ යුතුකමක්ම පරමාත්ම පියාගේ ඒවා මෙන් බලවත් වනු ඇත. එවැනි ජීවාත්මයන්ට මෝඩ, නාස්තිකාර ක්‍රීඩා කළ නොහැක. ඔවුන් නිරන්තරයෙන් දේව ක්‍රීඩා කරමින් කාර්යබහුල වනු ඇත. ඔවුන් නිරන්තරයෙන් පරමාත්ම පියා සමඟ රැස්වීමක් සමරමින් අන් අයව පරමාත්ම පියාට සමාන කරවයි.

පාඨය:
සේවය කිරීමට ඇති උද්‍යෝගය සියලු සුළු රෝග සමනය කරයි. එබැවින්, සේවය කිරීමේ නිරන්තරයෙන් කාර්යබහුලව සිටින්න.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

අභ්‍යන්තර්ගත වීම යනු මුඛයේ සහ මනසේ නිහඬතාවය පවත්වා ගැනීමයි. ලෝකවාසීන් ද මුඛයේ නිහඬතාවය පිළිපදියි, නමුත් මෙහිදී, ඔබ නිෂ්පල සිතිවිලි වලින් වැළකී මනසේ නිහඬතාවයක් පවත්වා ගත යුතුය. ඔබට සිතිවිලි වල පාලනයක් ඇති විට, ඔබගේ නිෂ්පල සිතිවිලි වල වේගය පාලනය වෙයි. එසේම, ඉඳහිට, ඔබේ මනසෙහි නිෂ්පල සිතිවිලි වල ගමනාගමනය පාලනය කරන්න.