14.07.24    Avyakt Bapdada      Sinhala Murli     25.11.20    Om Shanti    Madhuban


පරම පියාට සමාන වීම සදහා, කාරණා දෙකක් ගැන අධිෂ්ඨානය ඇති කරගන්න:
තමන්ගේ ආත්ම ගෞරවය රැක ගැනීමට සහ අන් අයට ගෞරව කිරීමට.


අද බාප්දාදා, ඔහුගේ සියල්ලන්ටම වඩා ආදරණීය, මිහිරිතම, කුඩා බ්‍රහ්මින් පවුල සහ කුඩා බ්‍රහ්මින් ලෝකය දකිනවා. මෙම කුඩා ලෝකය බොහෝ අසහායයි, එමෙන්ම බොහෝ ආදරණීයයි! එය මෙතරම් ආදරණීය වන්නේ ඇයි? මන්ද, මෙම බ්‍රහ්මින් ලෝකයේ සෑම ජීවාත්මයක්ම, විශේෂ ජීවාත්මයකි. පිටතින් බලන විට ඔය ජීවාත්ම සාමාන්‍ය ලෙස පෙනෙන නමුත්, ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ගේ ශ්‍රේෂ්ඨතම විශේෂත්වය වන්නේ ඔබගේ දිව්‍යමය බුද්ධියෙන් ඔබ උත්තරීතර ජීවාත්මය හදුනාගැනීමය. එය, වසර 90ක රෝගී මහඵ කෙනෙක් වුවද, ඔය බ්‍රහ්මින්වරු හැර, වැදගත්ම ප්‍රභූවරුන්ට පවා උත්තරීතර ජීවාත්මය හදුනාගැනීමට දිව්‍යමය බුද්ධියක් සහ දිව්‍යමය ඇසක් නොමැත. ඔය සියලුම මව්වරු මෙහි පැමිණ ඇත්තේ ඇයි? ඔබගේ දෙපය ක්‍රියා කළත් නැතත්, ඔබ මෙහි පැමිණ සිටිනවා. ඔබ ඔහුව හදුනාගෙන ඇති නිසා පමණයි ඔබ මෙහි ඇවිත් සිටින්නේ! ඔබ හැර වෙනත් කිසිවෙකුට හදුනාගැනීමේ ඇස හෝ බුද්ධිය ලබා ගත නොහැක. ඔය සියලුම මව්වරු මෙම ගීතය ගායනා කරනවා නේද? “ අප දැක තිබෙනවා! අපට හිමි වී තිබේ!” ඔය මව්වරුන්ට මෙම කුල්මත් බව තිබෙනවාද? ඔබගේ අත් වනනවා. ඉතා හොදයි! ඔය පාණ්ඩවයන්ට මෙම කුල්මත් බව තිබෙනවාද? ඔබ සියලු දෙනාම එකිනෙකාට ඉදිරියෙන් සිටියි. ශක්තීන් තුළ කිසිම අඩුවක් නැති අතර පාණ්ඩවයන් තුළත් කිසිම අඩුවක් නැහැ. කෙසේවෙතත්, මෙම පුංචි ලෝකය කෙතරම් ආදරණීයද කියා දැකීමේ සතුට බාප්දාදාට තිබෙනවා! ඔබට එකිනෙකාව මුණගැසෙන විට, ඔය ජීවාත්ම බොහෝ ආදරණීය ලෙස දිස්වෙයි!

අද බාප්දාදා මේ දේශයේ සහ විදෙස් රටවල සියලුම ජීවාත්මයන්ගේ හදවතේ ගීතයට සවන් දෙමින් සිටියා: “බාබා, මිහිරි බාබා! අප දන්නවා එමෙන්ම අප දුටුවා!” සියලුම දිශාවල දරුවන් මෙම ගීතය ගායනා කරමින් සතුටේ මුසු වී, සෙනෙහස් සාගරය තුළ මුසු වී සිටියා. ශාරීරික ස්වරූපයෙන් මෙහි නොසිටින, සෑම තැනකම සිටින සියලුම දරුවන්, ඔවුන්ගේ හදවත් වලින් සහ ඔවුන්ගේ ද්‍රිෂ්ඨියෙන් බාප්දාදා ඉදිරියේ සිටියි. ශාරීරික ස්වරූපයෙන් දුර ඈත සිටින දරුවන් ඔහු ඉදිරියේ පෞද්ගලිකව සිටින බව, බාප්දාදාද දකියි. මේ දේශයේ හෝ විදෙස් රටවල් වටා සංචාරය කිරීමට සහ මෙහි ලගා වීමට බාප්දාදාට කෙතරම් කාලයක් ගතවනවාද? ප්‍රතිලාභයක් ලෙස, සෑම තැනකම සිටින සියලුම දරුවන්ට බාප්දාදා කෝටි, කෝටි-කෝටි ගුණයක සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙනවා. සෑම තැනකම සිටින සියලු දරුවන් දෙස බලන විට, සෑම කෙනෙකුගේම හදවත තුළ බාබාට පෙනෙන්නේ එක සිතිවිල්ලක් පමණයි. සෑම කෙනෙක්ම තම දෑස් වලින් පවසන්නේ: “පරමාත්ම දෙවියන් අපට ලබා දී ඇති මාස හයක ගෙදර වැඩ අපට මතකයි.” ඔබ සියලු දෙනාටත් මෙය මතකයි නේද? ඔබට එය අමතක වී නැහැ නේද? ඔය පාණ්ඩවයන්ට එය මතකද? ඔබට එය හොදින් මතකද? බාප්දාදා ඔබට මෙය නැවත නැවතත් මතක් කර දෙන්නේ ඇයි? මෙයට හේතුව කුමක්ද? ඔබට කාලය පෙනෙනවා, එමෙන්ම ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ට තමන්වත් පෙනෙනවා. ඔබගේ සිත් තව තව තරුණ වන අතර ඔබගේ සිරුරු මහළු වනවා! ඔබට කාලයේ අයැදුම සහ ජීවාත්මයන්ගේ අයැදුම ඉතා පැහැදිලිව ඇසෙනවා. එබැවින් ජීවාත්මයන්ගේ හදවත් වලින් මතු වන කන්නලව්ව වැඩි වන බව බාප්දාදාට පෙනුනි: “ අහෝ සතුට පිරිනමන්නා! ඕ ශාන්තිය පිරිනමන්නා! ඕ සත්‍ය සතුට පිරිනමන්නා! අපටත් එයින් බිදක් ලබා දෙන්න!”

කන්නලව් කරන අයගේ පෝලිම කෙතරම් දීර්ඝ වෙයිද කියා ටිකක් සිතන්න? පරම පියාගේ හෙළිදරව්ව ඉතා විගසින් සිදුවිය යුතු බව ඔබ සියලු දෙනාම සිතයි. ඔබ සියලු දෙනාටම මෙම සිතිවිල්ල තිබෙන බැවින්, මෙම හෙළිදරව්ව තවමත් පමා වන්නේ ඇයි? ඔබගේ හදවත තුළ මෙම ආශාව තිබෙන අතර තවද ඔබ ඒ ගැන කතා කරයි: “ මට පියාට සමාන වීමට අවශ්‍යයි.” ඔබට මෙය වීමට අවශ්‍යයි නේද? ඔබට මෙය වීමට අවශ්‍යද? අච්චා, එසේ නම් ඔබ මෙය නොවන්නේ ඇයි? ඔබ පියාට සමාන විය යුතු බව, බාප්දාදා ඔබට පවසා තිබේ. විය යුත්තේ කුමක්ද, සහ එය විය යුත්තේ කෙසේද යන ප්‍රශ්න දෙක පැන නගින්නේ නැත, මන්ද, “සමාන වීම” යන ව්‍යවහාරය තුළ මේ දෙකම අඩංගුයි. ඔබ විය යුත්තේ කවුරුන් බවටද, යන පිළිතුර ඔබට තිබේ. ඔබ පියාට සමාන විය යුතුයි. ඔබ එසේ වන්නේ කෙසේද?

පියාව අනුගමනය කරන්න: පියාගේ සහ මවගේ පියසටහන්! අශාරීරික පියාව සහ ශාරීරික මව වන බ්‍රහ්මා. ඔවුන්ව අනුගමනය කිරීමටවත් ඔබ නොදන්නේද? වත්මන් ලෝකයේ අන්ධයින්ට පවා අන්ධයින්ව අනුගමනය කළ හැක. තමන්ගේ සැරයටියෙන්, වෙනත් සැරයටියක හඩ පසුපස යාමෙන්, ඔවුන්ට දුර තැනකට ලගා විය හැකි බව දැක තිබේ. ඔබ මාස්ටර් සර්ව බලධාරීන්. තෙවැනි ඇසක් ඇති සහ තුන් කාලය දන්න අය ඔබයි. ඔබට අනුගමනය කිරීම ලොකු දෙයක් නොවෙයි. එය ඔබට අපහසු දෙයක්ද? කතා කරන්න! එය අපහසු දෙයක්ද? නැහැ, නමුත් එය එසේ වෙයි. බාප්දාදා සෑම තැනකම වටා සංචාරය කරන අතර, සෑම බ්‍රහ්මින් ජීවාත්මයක්ම, මධ්‍යස්ථානයක හෝ නිවසක සිටියත්, බ්‍රහ්ම පියාගේ පිංතූර බොහෝමයක් තබා සිටින බව දැක තිබේ. කොහේ බැලුවත් තිබෙන්නේ පිංතූර පමණයි, අව්‍යක්ත පියාගේ හෝ බ්‍රහ්ම පියාගේ. එය හොදයි. කෙසේවෙතත්, ඔබට චිත්‍රයක් දැකීමෙන් චරිතයක් සිහි කිරීමට හැකි වෙයිද, නැත්නම් ඔබට එය සිහි නොවන්නේද කියා බාප්දාදා විමසිලිමත් වෙයි. ඔබ කරන්නේ පිංතූරයක් දෙස බැලීම පමණද? පිංතූරයක් දෙස බැලීමෙන් ඔබ දිරිමත් විය යුතුයි. බාප්දාදා ඔබට පවසන්නේ වෙනත් කිසිවක් නොවෙයි, එක වචනයක් පමණයි. සරළව අනුගමනය කරන්න, එපමණයි! වැඩිපුර සිතන්න හෝ බොහෝ සැලසුම් සාදන්න එපා. “ මෙය නොවෙයි! මා කළ යුත්තේ එයයි. මා එය මෙසේ නොකළ යුතුයි! මා එය කළ යුත්තේ එසේය!” නැහැ, ඔබ කළ යුත්තේ පියා කළ දේ අනුකරණය කිරීම පමණයි. අනුකරණය කරන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? මෙකල විද්‍යාව ෆොටෝකොපී යන්ත්‍ර නිපදවා තිබේ. ඔවුන් මේවා නිපදවා තිබෙනවා නේද? ඔබට ෆොටෝකොපි යන්ත්‍රයක් තිබෙනවා නේද? එබැවින් ඔබට මෙහි බ්‍රහ්ම පියාගේ පිංතූර තිබේ. ඒවා ඉතා හොදින් තබාගන්න. ඉතා විශාල පිංතූර තබා ගන්න. ඔබට ඒවා තබා ගත හැක, නමුත් අඩු තරමින් ෆොටෝකොපියක් සාදන්න!

සෑම තැනකම වටේ සංචාරය කරන අතර බාප්දාදා මෙය බලමින් සිටියා. ඔබ ප්‍රිය කරන්නේ පිංතූරයටද, චරිතයටද? ඔබට සිතිවිල්ල තිබේ, ඔබට උද්යෝගය තිබේ, එමෙන්ම ඔබට අරමුණද තිබේ. ඔබට තවත් අවශ්‍ය කුමක්ද? යම් දෙයක් හොදින් සවි කිරීම සදහා, එය කොන් සතරින්ම ශක්තිමත්ව සවි කළ යුතු බව බාප්දාදා දැක තිබේ. එබැවින් කොන් තුනක් බොහෝ ස්ථිර බවත් දැන් ශක්තිමත් කළ යුත්තේ එක කොනක් පමණක් බවත් බාප්දාදා දුටුවා. ඔබට සිතිවිල්ල තිබෙනවා, ඔබට උද්යෝගය තිබෙනවා, එමෙන්ම ඔබට අරමුණත් තිබේ. ඔවුන්ට වීමට අවශ්‍ය කවුරුන්ද කියා, ඔබ ඕනෑම කෙනෙකුගෙන් විමසන්නේ නම්, පියාට සමාන වීමට අවශ්‍ය බව ඔවුන් කියයි. පියාට වඩා අඩු කෙනෙක් වීමට ඔවුන්ට අවශ්‍ය බව කිසිවෙක් නොකියයි; කිසිසේත්ම නැහැ! ඔවුන්ට අවශ්‍ය වන්නේ සමාන වීමටයි. මෙය ඉතා හොදයි. මෙම එක කොන ශක්තිමත් කිරීමට ඔබ තැත් කරන නමුත් ඔබ ගමන් කරන අතර එය බුරුල් වෙයි. එම කොන, අධිෂ්ඨානයයි. ඔබට සිතිවිල්ල තිබේ, එමෙන්ම ඔබට අරමුණත් තිබේ, නමුත් අහිතකර අවස්ථාවක් පැන නගින විට, එනම්, ඔබ සරළ ලෙස හදුන්වන ගැටළුවක් පැන නගින විට, එය ඔබගේ අධිෂ්ඨානය දුර්වල කරයි. ඔබට මිය යාමට සිදුවුනත්, ඔබ කිසිම විටෙක ඔබගේ සිතිවිලි වලින් අත්නොහල යුතු දෙය වන්නේ අධිෂ්ඨානයයි. ඔබට හිස නැමීමට සිදු වෙයි, ඔබට මිය යාමට සිදුවෙයි, ඔබගේ ජීවිතයෙන් තමන්ව හැඩගසා ගැනීමට සිදු වෙයි, ඔබට දරාගැනීමට සිදු වෙයි, ඔබට සවන් දීමට සිදු වෙයි, නමුත් ඔබ කිසිම විටෙක ඔබගේ සිතිවිල්ල අත් නොහළ යුතුයි. මෙය හැදින්වෙන්නේ අධිෂ්ඨානය ලෙසයි. කුඩා දරුවන් ඕම් නිවසේ නතර වීමට පැමිණෙන විට, බ්‍රහ්ම බාබා ඔවුන්ට විහිළු කරයි. ඔවුන්ව ශක්තිමත් කිරීම සදහා ඔහු මෙසේ විමසයි: ඔබට මෙපමණ ජලය පානය කළ හැකිද? ඔබ මෙතරම් මිරිස් කයිද? ඔබ බියට පත් වන්නේ නැහැ නේද? ඉන්පසුව ඔවුන්ගේ දෑස් ඉදිරියේ ඔහු අත්පුඩි ගසයි. (ඔවුන් ඇසි පිය හෙලන්නේ නම් අසමත් වෙයි!) ඉතිං මේ අන්දමට බ්‍රහ්ම පියා කුඩා දරුවන්ව ශක්තිමත් කළා. කෙතරම් ප්‍රශ්න පැමිණියත් ඔබගේ සිතිවිලි ඇස, සුළුවෙන්වත් චංචල නොවිය යුතුයි! ඔබ කුඩා දරුවන්ව සිටි කාලයේ, එය රතු මිරිස් සහ ජල බදුනක් විය. ඔබ සියලු දෙනාම දැන් වැඩිමහල්ලන් වී සිටිනවා නේද? එබැවින් අදත් බාප්දාදා ඔබගෙන් විමසන්නේ: ඔබට අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබෙනවාද? පියා හා සමාන විය යුතු බවට අධිෂ්ඨානය, ඔබගේ සිතිවිල්ලේ තිබෙනවාද? ඔබ එය වන බව නොවෙයි, නමුත් ඔබ අනිවාර්යෙන් එය බවට පත්වීමට යන බව. අච්චා! ඔබට දැන් අත් වැනිය හැක. රූපවාහිනිය ඇති අය ඔවුන්ගේ පිංතූරයක් ගන්න! රූපවාහිනිය ප්‍රයෝජනවත් විය යුතුයි, නේද? ඔබගේ අත් ඉහළට ඔසවන්න! අච්චා, මව්වරුන් පවා අත් ඔසවනවා. පිටුපස අසුන්ගෙන සිටින අය තව ඉහළට අත් ඔසවන්න! අච්චා. ඉතා හොදයි. කැබින් ඇතුලේ අසුන්ගෙන සිටින අය අත් ඔසවන්නේ නැහැ. කැබින් තුළ සිටින්නේ උපකරණයි. අච්චා. ඔබ කෙටි කාලයකට ඔබගේ අත් ඔසවා බාප්දාදාව සතුටු කළා.

දැන් බාප්දාදා පතන්නේ දරුවන් ලවා එක දෙයක් සිදු කිරීමටයි. ඔහුට අවශ්‍ය එය ඔබට පැවසීමට පමණක් නොවෙයි, නමුත් ඔහුට අවශ්‍ය වන්නේ ඔබ එය සිදු කිරීමයි. ඔබගේ මනස තුළට අධිෂ්ඨානය දමන්න, එපමණයි. සුළු කාරණා නිසා ඔබගේ සිතිවිලි දුර්වල කර නොගන්න. කෙනෙක් ඔබට අපහාස කළත්, වෛර කළත්, ඔබට අගෞරව කර, නින්දා කළත්, ඔබට දුක ඇති කළත්, ඔබගේ සුබ පැතුම් කිසිදා නතර නොවිය යුතුයි. ඔබ අභියෝගයක් නිකුත් කරමින් පවසන්නේ, ඔබ මායා සහ පදාර්ථ පරිවර්ථනය කරන ලෝක පරිවර්ථකයන් බවයි. ඔබට ඔබගේ වෘත්තිය මතකයි නේද? ඔබ ලෝක පරිවර්ථකයන් නේද? ඔහුගේ සංස්කාර වල බලපෑම යටතේ කෙනෙක් ඔබට දුක ඇති කළත්, ඔබට වේදනා ගෙන දී ඔබව චංචල කළත්, ඔබට යම් පීඩාකාරී දෙයක්, සතුට බවට පරිවර්ථනය කළ නොහැකිද? ඔබට නින්දා දරාගත නොහැකිද? ඔබට නින්දාවක් රෝස මලකට වෙනස් කළ නොහැකිද? ඔබට ගැටළුව, පියාට සමාන වීමේ සිතිවිල්ල බවට පරිවර්ථකය කළ නොහැකිද? ඔබගේ බ්‍රහ්මින් උපත තුළට ඔබ පැමිණ, විශ්වාසය ඇති වුනේ කවදාද කියා, ඔබ සියලු දෙනාටම මතකද? ඔබට එයට තත්පරයක් ගත වුනත්, මාසයක් ගත වුනත්, ඔබට විශ්වාසය ඇති වූ විට, ඔබගේ හදවත පැවසුවේ, “මා බාබාගේ වන අතර බාබා මගේය!” ඔබට මෙම සිතිවිල්ල තිබුණා නේද? ඔබ මෙය අත්දුටුවා නේද? ඒ වෙලාවේ ඔබ මායාට අභියෝගයක් නිකුත් කර, ඔබ මායා පරාජය කරන බව පැවසුවා. ඔබ මායාට මෙම අභියෝගය නිකුත් කළාද? ඔබට මායා පරාජය කිරීමට අවශ්‍යද, නැද්ද? ඔබ මායා ජය ගන්නා අය නේද? එසේ නැත්නම් එසේ වන වෙනත් අය, ඉදිරියේදි පැමිණීමට සිටිනවාද? ඔබ මායාට අභියෝග කර ඇති නිසා, මෙම ප්‍රශ්න, මෙම සිදුවීම් සහ මෙම කැලඹීම් සියල්ල, මායාගේ රාජකීය ස්වරූපයි. මායා වෙනත් ස්වරූප වලින් පැමිණෙන්නේ නැත. ඔබ මායාගේ මෙම ස්වරූප ජයගන්නා අය විය යුතුයි. “සිදුවීම් වෙනස් නොවෙයි, මධ්‍යස්ථානය වෙනස් නොවෙයි, ස්ථානය වෙනස් නොවෙයි, ජීවාත්ම වෙනස් නොවේ, නමුත් මා වෙනස් විය යුතුයි.” සියලු දෙනාම ඔබගේ පාඨ වලට බොහෝ ප්‍රිය කරයි. “අපට කිසිවෙකුගෙන් පලි ගැනීමට අවශ්‍ය නැත, නමුත් අපි අනිවාර්යෙන් වෙනස් වෙනවා.” මෙය පැරණි පාඨයක්. මායා අළුත් සහ රාජකීය ස්වරූප වලින් තව වැඩියෙන් පැමිණෙයි. බිය නොවන්න! මායා එවන් ස්වරූප වලින් පැමිණෙන බව සහ ඇය පැමිණෙමින් සිටින බව, බාප්දාදා ඔබට විශේෂයෙන් පවසනවා. එය මායා බව ඔබට අවබෝධ නොවන, එවන් ආකාරයකින් මායා පැමිණෙයි. ඔබ මෙසේ කියයි: “දාදී ඔබට වැටහෙන්නේ නැහැ! මේ මායා නොවෙයි. මෙය යම් සැබෑ දෙයක්!” ඇය ඊටත් වඩා වැඩි රාජකීය ස්වරූපයකින් පැමිණෙයි. බිය නොවන්න! ඇයි? පරාජය වුනත් ජය ගත්තත්, සතුරෙක් ඔහුට තිබෙන කුඩා හෝ විශාල ආයුධ භාවිතා නොකරයිද? ඔහු ඒවා භාවිතා නොකරයිද? ඔහු ඒවා භාවිතා කරයි. එබැවින් මායාද අවසන් වීමට යනවා. කෙසේවෙතත්, ඇගේ අවසානය, සමීපයට පැමිණෙන තරමට අනුව, ඇය ඒ අනුව ඇගේ ආයුධ බොහෝ නව ආකාර වලින් භාවිතා කරන අතර ඉදිරියටත් භාවිතා කරනු ඇත. පසුව ඇය ඔබගේ දෙපා මුල හිස නමයි! ප්‍රථමයෙන් ඔබගේ හිස නැම්මවීමට ඇය තැත් කරයි, ඉන්පසුව ඇයම හිස නමයි. බාප්දාදා ඔබට මෙහිදි එක වචනයක් යටින් ඉරක් ඇදීමට කියා, නැවත නැවතත් කියයි. පියාට සමාන වීමේ ඔබගේ අරමුණ. මේ සදහා ඔබගේ ආත්ම ගරුත්වය රැක ගන්න. ගෞරවය ලබා දීම යනු ගෞරවය ලැබීමයි. එය ගැනීමෙන් ඔබට එය නොලැබෙයි, නමුත් එය දීම යනු, එය ලැබීමයි. යමෙක් ඔබට ගරු කළ යුතු බව පැවසීම, නිවැරදි නැත. ගෞරවය ලබා දීම යනු එය ලැබීමයි. එබැවින් ආත්ම ගරුත්වය යනු, ශරීර අවධානය මත පදනම් වුනු ආත්ම ගරුත්වය නොවෙයි, නමුත් එය බ්‍රහ්මින් දිවියේ ආත්ම ගෞරවයයි, ශ්‍රේෂ්ඨ ජීවාත්මයකගේ ආත්ම ගෞරවය, සම්පූර්ණ වීමේ ආත්ම ගෞරවයයි. එබැවින් ඔබගේ ආත්ම ගරුත්වය රැකගන්න; ගෞරවය ගන්නට එපා. ගෞරවය ලබා දීම යනු, එය ලැබීමය. මෙම කරුණු දෙක ගැන අධිෂ්ඨානය ඇති කරගන්න. කෙනෙක් ඔබගේ අධිෂ්ඨානය චංචල කිරීමට කෙතරම් තැත් කළත්, ඔබගේ අධිෂ්ඨානයට දුර්වල වීමට ඉඩ නොදෙන්න. එය ශක්තිමත් කරගන්න. නොසැලී සිටින්න! ඔබ බාප්දාදාට සිදු කළ මාස හයේ පොරොන්දුව ඔබට ඉටු කිරීමට හැකි වන්නේ එවිට පමණයි. ඔබට ඔබගේ පොරොන්දුව මතකයි නේද? නොකඩවා ගණන් කරමින්, දැන් දින 15ක් අවසන් වී ඇති බවත්, දැන් ඉතිරිව තිබෙන්නේ මාස පහ හමාරක් බවත් නොකියන්න! ඔබ හදවතට සමීප කතාබහක යෙදෙන විට, ඔබ අම්රිත් වේලාවේ හදවතට සමීප කතා බහක යෙදෙනවා, එවිට ඔබ බාප්දාදාට බොහෝ හොද දේවල් පවසයි. ඔබ ඔහුට පවසන්නේ කුමක්ද කියා ඔබ දන්නවා නේද? අධිෂ්ඨානය හදා ගන්න! වැරදි දේවල් වලට අධිෂ්ඨානය ඇති කර නොගන්න: “ මට ස්ථිර විශ්වාසයක් තිබේ, මා කෝප විය යුතුයි.” එසේ නොකරන්න! ඇයි? මේ දිනවල වැඩි දෙනෙකුගේ වාර්ථාවේ, බාප්දාදාට විවිධ අන්දමේ කෝප වීම් ගැන පැමිණිලි ලැබෙයි. කෝපය, එහි දළ ස්වරූපයෙන් තිබෙන්නේ ඉතා අඩුවෙනි, නමුත් කෝපයේ විවිධ ආකාරවල සලකුණු, වැඩි ප්‍රමාණයක් තිබේ. කෝපයේ ඇති විවිධ ආකාර පිළිබදව පංතියක් පවත්වන්න. එවිට ඔබ පවසන්නේ කුමක්ද? “එය මගේ චේතනාව හෝ හැගීම වුනේ නැහැ. මා එය නිකමට එසේ කීවේ!” මේ ගැන පංතියක් පවත්වන්න!

බොහෝ ගුරුවරු පැමිණ සිටිනවා. (ගුරුවරු 1200ක් ඇවිත් සිටිනවා). 1200 දෙනෙක් තුළ අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබුණේ නම්, එවිට හෙට පරිවර්ථනය සිදු වීමට හැකි වෙයි. එවිට මෙතරම් හදිසි අනතුරු ඇති නොවෙයි. සියලු දෙනාම ආරක්ෂිතව සිටියි. ගුරුවරු ඔබගේ අත් ඔසවන්න! ඔබගෙන් බොහෝ දෙනෙක් සිටිනවා. ගුරුවරු වීම යනු අත්තිවාරම වන උපකරණ වීමය. අත්තිවාරම ශක්තිමත්ව රැදී තිබෙනවා නම්, එනම්, එය අධිෂ්ඨානගතව ඇත්නම්, එවිට ගසේ ඉතිරි කොටස ඉබේටම හරි යයි. මෙකල, පිටත ලෝකයේ සහ බ්‍රහ්මින් ලෝකයේ සියලු දෙනාටම අවශ්‍ය වී ඇත්තේ එඩිතරකම සහ සත්‍ය සෙනෙහසයි - කෝන්දේසි සහිත සෙනෙහස නොවෙයි, ආත්මාර්ථකාමී සෙනෙහස නොවෙයි. එකක් සත්‍ය සෙනෙහස වන අතර අනෙක එඩිතරකමය. නිදසුනක් ලෙස යම් කෙනෙක් 95%ක චංචලත්වය ඇති කරන යම් දෙයක්, ඔහුගේ සංස්කාර වල බලපෑම යටතේ සිදු කරන්නට ඇති, නමුත් ඔහුගේ 5% නිවැරදිය. ඔබ එම යහපත්කමේ 5% දෙස බලා, ඔහු ඉතා හොදින් ක්‍රියා කළ බව කියමින් ඔහුව උනන්දු කර, ඉන්පසුව ඉතිරියත් නිවැරදි කරන ලෙස ඔහුට කියන්නේ නම්, ඔහු එතරම් සංවේදී නොවනු ඇත. “ඔබ මෙය සිදු කළේ ඇයි? එය කළ යුත්තේ මෙසේ නොවෙයි! ඔබට එය එසේ කළ නොහැක!” කියා ඔබ කියන්නේ නම්, එවිට ඔහු ඒ වන විටත් දුර්වල සහ ඔහුගේ සංස්කාරවල බලපෑම යටතේ සිටින නිසා, ඔහු පීඩාවටද පත් වෙයි. ඔහුට ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වෙයි. ප්‍රථමයෙන් ඔහුගේ 5% වෙනුවෙන් ඔහුව උනන්දු කරවන්න. “එය ඔබ තුළ ඇති ඉතා හොද දෙයක්.” ඔබට එය ඉතා හොදින් කළ හැක! පසුව කාලය මෙන්ම ඔහුගේ ස්ථිතිය ගැන සලකා බැලීමෙන් පසුව ඔහුට විස්තර කර දීමෙන්, ඔහු පරිවර්ථනය වෙයි. ඔහුව උනන්දු කරවන්න, මන්ද, බලපෑමක් යටතේ සිටින ජීවාත්මයන්ට එඩිතරකම නොමැත. පියා ඔබව පරිවර්ථනය කළේ කෙසේද? ඔහු ඔබගේ දුර්වලතා ගැන කියමින්, ඔබ දූෂිත බව, ඔබ අපිරිසිදු බව පැවසුවාද? ඔහු එසේ කීවාද? ඔය සෑම කෙනෙක්ම ජීවාත්මයක් බව ඔහු ඔබට සිහි කර දුන් අතර මෙම උසස් අවධානය ඔබට බලය ලබා දී, ඔබව පරිවර්ථනය කළා. ඔවුන්ට මතක් කර දී ඔවුන්ව උනන්දු කරවන්න. මෙම අවධානය ඉබේටම බලය ගෙන දෙයි. ඔබට වැටහෙනවාද? එබැවින් ඔබ දැන් සමාන වනවා නේද? සරළව මෙම එක ව්‍යවහාරය මතකයේ තබාගන්න, “මව සහ පියාව අනුගමනය කරන්න.” ඔබ කළ යුත්තේ පියා කළ දේ කිරීම පමණයි. සරළව ඔබගේ පිය සටහන් ඔහුගේ පියසටහන් මත තබන්න. සමාන වීම කෙතරම් පහසුද කියා, එවිට ඔබ අත්දකිවි. නාටකය, ඔබට නොකඩවා කුඩා ක්‍රීඩා පෙන්වයි. ඔබ විශ්මයේ සලකුණු තබන්නේ නැහැ නේද? අච්චා.

බොහෝ දරුවන්ගේ කාඩ්පත්, ලිපි සහ හදවතේ ගීත බාප්දාදා වෙතට ළගා විය. ඔබ සියලු දෙනාම පවසන්නේ: “තවද, මගේ ස්මරණයත්, මගේ සෙනෙහසත් ලබා දෙන්න.” එබැවින් පියාද පවසන්නේ: මගේ සෙනෙහස සහ සිහි කිරීමත් ලබා දෙන්න. පියා ඔබව සිහි කරන අතර ඔය දරුවන්ද පියාව සිහි කරයි, මන්ද, මෙම පුංචි ලෝකයේ සිටින්නේ බාප්දාදා සහ ඔය දරුවන් පමණයි, වෙනත් ව්‍යාප්ති නොමැත. එබැවින් ඔබ කාව සිහි කරන්නද? දරුවන් පියාව සිහි කරන අතර පියා දරුවන් සිහි කරයි. එබැවින් බාප්දාදා මේ දේශයේ සහ විදෙස් රටවල සිටින සියලුම දරුවන්ට බොහෝ බොහෝ බොහෝ සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙනවා. අච්චා.

බ්‍රහ්මින් ලෝකයේ සෑම තැනකම සිටින සියලුම විශේෂ ජීවාත්මයන්ට, අධිෂ්ඨානය තුළින් නිරන්තරයෙන් සාර්ථකත්වය ලබා ගන්නා සාර්ථකත්වයේ තාරකාවන්ට, තමන්ව පරිපූර්ණ කරගැනීමෙන්, කාලයේ අයදීම සහ ජීවාත්මයන්ගේ අයැදීම ඉටු කරන අංගසම්පූර්ණ ජීවාත්මයන්ට, එඩිතරකමේ ආශිර්වාදය ලබා දීමෙන් බලපෑමක් යටතේ සිටින දුර්වල ජීවාත්මයන්ව උනන්දු කරන අයට, පරම පියාගේ උපකාර ලැබීමට සුදුසු ජීවාත්මයන්ට, ලෝක පරිවර්ථකයන් ලෙසින් තමන්ගේ පරිවර්ථනය තුළින්, මායා, පදාර්ථ සහ දුර්වල ජීවාත්ම පරිවර්ථනය කරන පරිවර්ථක ජීවාත්මයන්ට, සෑම තැනකම සිටින, පුංචි බ්‍රහ්මින් ලෝකයට අයත් සියලුම ජීවාත්මයන්ට සහ පෞද්ගලිකවම මෙහි පැමිණ ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, බාප්දාදාගේ කෝටි, කෝටි, කෝටි-ගුණයක සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
දුර සිට මායාව හදුනාගැනීම සදහා, ඔබ නිහැඩියාවේ පහසුකම් භාවිතා කර, ඇය පලවා හැර, මායා ජයගත්තෙක් වේවා.

අවසන් මොහොත දක්වාම මායා පැමිණෙයි, නමුත් මායාගේ යුතුකම වන්නේ පැමිණීම වන අතර ඔබගේ යුතුකම වන්නේ ඇයව දුර සිටම පලවා හැරීමයි. මායා පැමිණ, ඔබව චංචල කර ඉන්පසුව ඔබ ඇයව පලවා හරින්නේ නම්, එයත් කාලය අපතේ හැරීමක්. එබැවින් නිහැඩියාවේ පහසුකම් වලින්, ඒ මායා බව දුර සිටම හදුනාගන්න. ඇයට ඔබගේ සමීපයට පැමිණීමට ඉඩ නොදෙන්න. “මා කුමක් කරන්නද? මා මෙය කරන්නේ කෙසේද? මා තවමත් උත්සාහ දරන්නෙක්” කියා ඔබ සිතන්නේ නම්, එය මායාට සත්කාර පුද කරනවා වැනිය, එවිට ඔබ අසහනයට පත් වෙයි. එබැවින් දුර සිටම මායාව හදුනාගෙන ඇයව පලවා හරින්න, එවිට ඔබ මායා ජයගත්තෙක් වෙයි.

පාඨය:
ශ්‍රේෂ්ඨ භාග්‍යයේ රේඛා ඉස්මතු කරගන්න, එවිට පැරණි සංස්කාර වල රේඛා යටපත් වෙයි.