14.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ස්මරණ වන්දනා ගමනේ දී කිසිම විටෙක වෙහෙසට පත් නොවන්න. ඔබව වෙහෙසට පත්කරවන්නේ ශාරීරික අවධානයේ කුණාටුයි. ජීවාත්ම සත්ථා විඥාණයට පැමිණි විට ඔබගේ වෙහෙස තුරන් වේවි.

ප්‍රශ්නය:
උපත් 21ක්ම සඳහා වන ඔබගේ උසස් වාසනාව ඔබට අහිමි කරවන්නේ කුමන සංකාරය ද?

පිළිතුර:
කවුරු හෝ කෙනෙක් තුළ මුහුණ එල්ලාගෙන බුම්මාගෙන සිටීමේ පුරුද්ද නැතිනම් පරමාත්ම පියා සමඟ හෝ මෙම අධ්‍යයනය සම්බන්ධයෙන් සන්තාපයට පත්ව නිහඬව කොන් වී සිටීමේ පුරුද්ද තිබේ නම් ඒ කෙනාගේ උපත් 21ක් සඳහාම වූ ඒ පුද්ගලයාගේ වාසනාව ඔහුට අහිමි වී යනු ඇත. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ: සුමිහිරි දරුවනි, ශාරීරික අවධානය නිසා කිසිම විටෙක වැරදි ආකාරයේ කුල්මත් බවක් තබා නොගන්න. උදා: බොහෝ පිරිසකට දැනුම කියා දුන් ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුට උදව් කළ ආකාරය පිළිබඳව වැනි. බලන්න බාබා කෙතරම් නම් ශ්‍රේෂ්ඨ බලයක් ඇති අයෙක් ද ඒත් ඔහු හරිම නිරහංකාරයි. එමනිසා, පරමාත්ම පියා දෙස බලන්න.

ගීතය:
අහෝ රාත්‍රියේ සංචාරය කරන්නාණනි, වෙහෙසට පත් නොවන්න, ඔබගේ සතුටේ දින වැඩි ඈතක නොවෙයි.

ඕම් ශාන්ති.
සුමිහිරි, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමුවුණු ආදරණීය දරුවන්ට ගීතය ඇසුණා. සේවාධාරි හා යෝගාවේ නියැලී සිටිනා දරුවන් ඉතාමත් ඉක්මනින් එහි අර්ථය තේරුම් ගනීවි. රාත්‍රියේ ගමන් කරනා අප බ්‍රහමිණ්වරුන්ගේ රාත්‍රිය. දැන් අවසන් වෙමින් පවතී. රාත්‍රිය කියා හඳුන්වන්නේ භක්ති මාර්ගයයි. කල්ප බාගයක් එනම්, රාත්‍රිය දැන් අවසන් වෙමින් පවතී. සීමිත දවසක් හා රාත්‍රියකුත් තිබෙනවා. කල්ප බාගයක් පුරාවට බ්‍රහමිණ්වරුන්ගේ දවසකුත් අනිකුත් කල්ප බාගයේ දී රාත්‍රියත් පවතිනවා. මේ කාලයේ දී පරමාත්ම පියා පැමිණි විට අන්ධකාරය දසත පැතිරිලා. එය හිමිදිරියේ පළමු ආලෝකයයි: ඉර පායාගෙන එනවා. ඔය දරුවන් දන්නවා ඒ වගේම පරමාත්ම පියාත් දැන් කියනවා: සුමිහිරි දරුවනි, ස්මරණ වන්දනා ගමනේ දී වෙහෙසට පත් නොවන්න. මිනිස්සු පයින්ම ගමන් කරනා භෞතික වන්දනා ගමන් තිබෙනවා. ඔවුන් ඇවිදින්නේ ඉතාමත් සෙමින්. තැන තැන විශ්‍රාමශාලා වල නැවති නැවතී ඔවුන් යනවා. තමන් අහවල් ගමනාන්තයට යා යුතුයි කියා ඔවුන් දැනුවත්. පෙර කල මිනිස්සු මහත් ශ්‍රද්ධා භක්තියෙන් පයින්ම වන්දනා ගමන් යනවා. එයට දැඩි උත්සාහයක් අවශ්‍යයි. මෙය ඉතාමත් පහසුයි. මෙය හඳුන්වන්නේ පහසු සිහි කිරිම නැතිනම් යෝගාව කියලයි. ඔබට කිරීමට ඇත්තේ පරමාත්ම පියාව සිහි කිරීම පමණයි. වෙහෙසට පත් වෙනවා යනු ශාරීරික අවධානයට ලක් වීමයි. මායාගේ බාධක එත බවට සැකයක් නැහැ. නමුත් ඔබ වෙහෙසට පත් නොවිය යුතුයි. වෙහෙසට පත් වුණු විට ඔබ ශාරිරික අවධානයට හසු වෙනවා. පරමාත්ම පියා කියනවා: දරුවනි, ඔබගේ ශාරීරික ජීවිකාව සඳහා ඔබ වැඩපළ කර ගත යුතුයි. ඒ සඳහා ඔබට අවසර තිබෙනවා. පැය අටක් ජීවිකාව සඳහා. පැය අටක් විවේකයට. මෙයටත් පැය අටක් දෙන්න. කෙසේවෙතත්, කිසිම කෙනෙක් මුලු පැය අටම දෙන්නේ නැහැ. අවසානයේදී ඔබට පැය අටක් පුරා ස්මරණයේ නිරතව සිටිය හැකි වේවි. නොනවත්වාම ඔබගේ වර්ධන සටහන වැඩි කරගන්න. මෙහි පැමිණ අසුන් ගත් විට, බාබාව සිහි කිරීමට ඔබට උදව් කරනවා. එයට මෙහෙය වන භාවනාව කියා කියනවා. ඔබ බාබා සිහි කරමින් පැමිණ අසුන් ගන්නවා. ඉන් අදහස් වෙන්නේ නැහැ ඔබ මෙහි පැමිණි විට පමණයි බාබාව සිහි කළ යුත්තේ කියලා. විනාඩි පහක් දහයක් යෝගාවේ අසුන් ගත යුතුමයි කියා සිතනා බොහෝ දෙනා සිටිනවා. කෙසේවෙතත්, පියා කියන්නේ ඔබගේ වැඩ රාජකාරි කරගන්නා ගමන්, එහේ මෙහේ යන එන අතර යෝගාවේ සිටින්න. මිනිස්සු ගංඟා නදියේ ස්නානයට ගිය විට නොනවත්වාම රාමාගේ නම ජප කරනවා. මෙහිදී, ඔබට කිසිම දෙයක් ජප කිරීමට අවශ්‍ය නැහැ. නමුත් කළ යුත්තේ පරමාත්ම පියාව සිහි කිරීමයි. ඒ පරමාත්ම පියා කතා කරන්නේ ඔය දරුවන්ටම පමණයි. ඔබගේ යහපත ඇත්තේ ස්මරණ වන්දනා ගමනේයි. මෙහිදී ඔබ වෙහෙසට පත් නොවිය යුතුයි. කුණාටු ගණනාවක් පැමිණේවි: ඒවා වැලි කුණාටු නොවෙයි. මායාගේ කුණාටු පැමිණි විට බුද්ධියේ යෝගාව බිඳෙනවා. පසුව ඔබ ශාරීරික අවධානයට පත් වුණු විට, වැඩ රාජකාරී හා දරුමල්ලන් සිහි කිරීමට පටන් ගන්නවා. පරමාත්ම පියා කියන්නේ: ඒ සියලු ව්‍යාපාර අවසන් වීමටයි යන්නේ. ඔබගේ දරුවන්ටවත් ඔබගේ දේපළ වලට උරුමකම් කියන්න බැරි වේවි. මන්ද සියල්ල විනාශ වීමටයි ඇත්තේ. අසීමිත පියාගේ උරුමක්කරුවන් සිටින්නේ මෙහිය. සීමිත උරුමය අවසන් වීමටයි යන්නේ. තම දරුවන් ලොකු මහත් වී විවාහ වුණු පසු තමන් අරක මේක වෙන්නම් කියා ධනවත් අය සිතනවා. පරමාත්ම පියා කියනවා: දැන් එපමණ කාලයක් ඉතිරි වී නැහැ. එමනිසා, ලෝකයට ඇති බැඳීම මුලුමනින්ම අවසන් කර දමන්න. මෙය අමු සොහොනකි. ඔබ ඔබේ විවිධ වැඩ හා දරුවන් ආදීන් ගැන සන්තාපයෙන් මළොත්, ඔබ ඔබේ විනාශය නිකරුනේ ඇති කර ගනී. ශිව බාබා පිළිබඳ ස්මෘතියෙන් සිටී නම්, එය මහා භාග්‍යයකි. ශරීර අවධානයට පැමිණ සියල්ල විනාශ වන අතර, ජීවාත්ම අවධානයට පැමිණීමෙන් භාග්‍යය උදා වේ. ඔබ ස්මෘතියෙන් සිටි තරමට අනාගත උපත් 21කට ඔබේ උරුමය ඉහළ යයි. ස්මෘතියෙන් නොසිටීමෙන් විශාල පාඩු සිදුවේ. එය චක්‍රයෙන් චක්‍රය මෙසේම සිදුවේ. මෙය මහා පාඩු සිදුවන කරුණකි! ඔබ ඔබේ සම්පූර්ණ උරුමය ලැබීම ගැන සිතිය යුතුයි. ධනයට බොහෝ කෑදර නොවිය යුතුයි. ඔබ කිසිම දෙයක් ගැන බොහෝ සෙයින් නොයෙදිය යුතුයි. කෙනෙක් බංකොලොත් වූ විට, බොහෝ සන්තාපයට පත් වී ශිව බාබා සම්පූර්ණයෙන් අමතක කරයි. එවිට ඔවුන් මෙම ඥානයට ආඩපාලි කියමින් ඒ නිසා බංකොලොත් වූ බව හෝ අසනීප වන බව කියයි. ඔබ එසේ නොසිතිය යුතුයි. අසනීප ආදිය ඇති වන්නේ කර්ම ගෙවා දැමීමට වන අතර කර්ම ගිණුම් පියවීම හොඳ දෙයකි. ධර්මරාජ්ගේ දඬුවමට වඩා අසනීප වීම වඩා හොඳය. කර්ම ගිණුම් පියවිය යුතුමය. මෙම ශරීරය බොහෝ රෝගාබාධ සහිත එකකි. එය බොහෝ සෙයින් බලාගත යුතුය! නිකම් සිටිනා අතරම එය නවතී. සමහරුන්ට හෘද අකර්ණයද ඇති වේ. එවන් වූ ජරාජීර්ණ වූ ලෝකය බුද්ධියෙන් සම්පූර්ණයෙන් අත්හැරිය යුතුයි. තම පියා නව නිවසක් හැදූ බව දරුවන් දුටු කල ඔවුන්ගේ හදවත් පරණ ගෙයින් ඉවත් වේ. ඔවුන් මෙසේ කියයි බාබා, නව නිවස ඉක්මනින් හදන්න! මෙම ජරාජීර්ණ නිවසේ බොහෝ අර්බුද ඇත. ඔබ දන්නවා මේ වියපත් ලෝකය බොහෝ කිලිටු බව. මේ වූ කලී ඔබේ අසීමිත අත්හැරීමයි. ඔවුන් අතහරින්නේ ගෙවල් දොරවල් සහ පවුල්ය. එය සීමිත අත්හැරීමයි. ඔබ අත්හරින්නේ පාපයන්ය. පරම පියා මෙසේ කියයි ශරීරයත් ශරීරය හා සබැඳි නෑකමුත් කඩා දමා නිරතුරුවම මා පමණක් සිහිකරන්න. ඔබ ඇස් වලට පෙනෙන මෙම ලෝකය අමතක කර දමන්න. ඔබේ බුද්ධිය දන්නවා ඔබේ උත්සාහය දෙව්ලොව අධිරාජ්‍යය ලැබීමට බව. ඔබ ඔබේ තෙවෙනි ඥාන ඇස ලබා ඇත. මේ සියල්ල සොහොන් බිමක් බවට පත් වේ. ඊට කිසිඳු සෙනෙහසක් නොතබන්න. මෙකල, මිනිසුන්ට බොහෝ මුදල් තිබෙන අතර පාපයන් ද බොහෝ බලවත්ය. කාම රාගය බොහෝ බලවත්ය. කාම රාගය නොමැතිව ඔවුන්ට සිටිය නොහැකිය. ඔවුන් අවුරුදු තුන හතරක් පිරිසිඳුව සිට මෙසේ ලියයි බාබා, අද ඔහු යක්ෂයාට නතුව මූණේ දැලි ගා ගත්තා. එතරම්ම වූ පහරක් ඔහුට වැදුනි! ඔහු ඉහළම මහලෙන් වැටුණා. පළමුවැන්න ශරීර අවධානයයි. ඔබ උසකින් වැටුණු විට සම්පූර්ණයෙන් කුඩු වී අවසන් වෙයි, ඔබේ අස්ථී සියල්ල කැඩී යයි. ඊට පසු බොහෝ උත්සාහ දැරිය යුතු වේ. මෙය ලොකුම ප්‍රහාරයයි. මේ නිසයි බාබා මෙසේ කියන්නේ කාම රාගය ලොකුම සතුරාය. පාපයෙහි ගැලීම අපිරිසිඳු බවයි. ඔබ මෙසේ කියයි බාබා, අපව අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් කරන්න. ඔවුන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරව සිටියේ භාරතයේය. රාම රාජ්‍යයේ පාපය ගැන සඳහන් නොවුණත්, කලා බැස යාම දිගටම සිදුවේ. භාරතය සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරය. දැන් එය පාපයෙන් පිරී ඇත. සූර්ය වංශයේ අය සම්පූර්ණයෙන් පාපයෙන් තොරය. අවුරුදු 1250ක් ඇවෑමෙන් ලෝකය බොහෝ පිරිහී ඇත. ඒ නිසයි, පළමුව සතෝප්‍රධාන්ව ඊළඟට සතෝ වන්නේ. ඔබ පතන්නේ මමා හා බාබා අනුගමනය කරමින් සූර්ය වංශික අධිරාජ්‍යයන් සහ අධිරාජිණියන් වීමටයි. ඒ සඳහා කිසිඳු අපහසුවක් හෝ වියදමක් නැත. ඔබ කිසිවක් කීමක් අවශ්‍ය නොවන අතර, ස්මෘතියෙන් සිටින්න. මෙයට පහසු යෝගාව යැයි කියයි. ඊට උත්සාහයක් අවශ්‍යයි. බාබා ඉදිරියේ සිටින ඔබ සියලු දෙනා මහාරාතීන්ය. මෙහිදී සම්පුර්ණ යෝගාව අවශ්‍ය වන අතර එවිට පමණයි හීය ඉලක්කයට වදින්නේ. මෙය යෝගා බලයයි. එවැනි බොහෝ යෝග අඩු පාඩු වී තිබේ. යෝගා වලට බොහෝ බාධක ඇත. අසීමිත පියා මිහිරි දරුවන් වන ඔබට විස්තර කරයි පරම පියාත් අධ්‍යයනයත් කිසිවිටෙක අත නොහරින්න. එසේ කළොත් ඔබේ උපත් 21ක වාසනාව නැති වේ. බොහෝ හොඳ ළමයින්ට පවා මෙය සිදුවේ. ඔවුන් අන් අයට විස්තර කරන ආකාරය පිළිබඳ කුල්මත් වී ශරීර අවධානයට පත්වේ. ශරීරය පිළිබඳ අහංකාරය ඇති වූ විට ඔවුන් වැටේ. මෙහිදී එවැනි අහංකාරයක් නොතිබිය යුතුය. ශිව බාබාට එවැනි අහංකාරයක් තිබේද? ඔහු එතරම්ම මානයෙන් තොරය, එහෙත් ඔහු එබඳුය, ඔහු මහා අධිකාරීය. ඔහු මෙසේ කියයි මම සාමාන්‍ය ගෙදරක සාමාන්‍ය ශරීරයකට ඇතුළු වෙමි. මම පෝසත් කෙනෙකුගේ නිවසට නොයමි. එමනිසා, දරුවනි, ඔබ දැන් අවදි විය යුතුය! බාබා ඔබට ඉතා හොඳ ක්‍රම කියා දෙයි. තෙපර බාන්නේ ඔබ දරුවනුයි. නාටකයට අනූවම ඔබේ තත්ත්වය එතරම් බලවත් වී නැත. ඔබ ඉදිරියට යන විට එසේ වේවි. අපි ආණ්ඩුවට කියන්නේ මෙතරම් අවුරුදු ගණනකින් දෙව්ලොව ස්ථාපනය වන බවයි. එවැන්නක් මිනිසුන් ප්‍රවෘත්ති පත්‍රයක දුටු විට ඔවුන් ඔබ වෙත පැමිණ අසාවි. බොහෝ අය පැමිණේවි. මේ දේපළ ආදිය ඇත්තේ ඉතා කෙටි කලකටය. ඔබ ඔබේ දේපොළ ඔබේම යැයි නොසලකයි. ඔබ දන්නවා මෙය බොහෝ කෙටි කලකටයි තිබෙන්නේ කියා. මේ ගොඩනැගිලි ආදිය ඇත්තේ ඔබට සිටීමටයි. බොහෝ දරුවන් පැමිණීමට සිටී. ඔවුන් ප්‍රාණවත් වීම සඳහා මධුබන් වලට පැමිණේ. මධුබාන් ප්‍රධාන කාර්යාලයයි. ඔබ අද කරන්නේ කුමක්ද? හෙට කුමක් කරනවාද? ඔබ අද තපස්යා කරන අතර ඉනික්බිතිව දිල්ලියට සහ ව්‍රින්දවාන් හි රජදහන පාලනය කරයි. ඔබේ සිහිවටන මෙහි තිබෙන ආකාරය ඔබ පැහැදිලිව පෙන්වා දිය යුතුයි. අප දැන් කරන හැම දෙයම මීට අවුරුදු 5000කට පෙරද කරා. සියල්ලට පළමු ශිව බාබාට සිද්ධස්ථාන තැනුවා. දිල්වාලා සිද්ධස්ථාන ආදිය කළේ පසු කාලීනවය. සියල්ල කළ යුත්තේ බුද්ධියෙනි. දිල්වාලා සිද්ධස්ථානය කවදා හැදුවාදැයි අවශ්‍ය නම් ඔබට සෙවිය හැකියි. එය අපේ නිවැරදිම සිහිවටනයයි. ඔබ මිහිරිතම දරුවන් බොහෝ සතුටින් සිටිය යුතුයි. මේ සියලු ක්‍රම සේවය දියුණු කිරීම සඳහා යොදාගත යුතුය. මෙසේ කියමනක් ඇත. ‘‘රාමා ගිය විට, රාවණ් ද ඔහුගේ මහා පවුල සමඟ ගියේය.’’ බලන්න රාවණ් පවුල මොනතරම් විශාලද සහ රාමා පවුල මොනතරම් කුඩා ද කියා! මෙය බොහෝ දෙනෙකුට තේරුම් ගත නොහැකිය. බාබා මෙහි සිට විස්තර කළත් එම පැහැදිලි විශ්වාසය ඇති වී නැත. ඔබ ඔබේ ශරීරය ජීවත් කරවීම සඳහා නියතයෙන් ම ක්‍රියාත්මක විය යුතුයි. සේවාධාරී දරුවන් වූ පාණ්ඩවයින්ට ආණ්ඩුවෙන් පැවැත්මක් ලබාගත යුතුයි. අපි ඔවුන් නඩත්තු කළ යුතුයි. දරුවන්ගේ තත්ත්වයද ඒ අනූව විය යුතුයි. බාබා පිළිබඳ ස්මෘතිය තුළ මේ ලෝකය පිළිබඳ සියල්ල අමතක කළ යුතුයි. මෙම ස්මෘති වන්දනා ගමන ගැන මහත් කුල්මත් බවක් ඇති දරුවන්ට මහත් ශක්තිමත් බවක් ඇති වේ. ඔබ ශරීරය අත් හරින විට ඒ මොහොතේ ශිව බාබා ස්මෘතිය තිබෙනු ඇත. මෙසේම සන්‍යාසීන් ශරීරය අත්හරින විට බ්‍රහ්ම් ධාතුව සිහිකරන අතර මළ නිහඬතාවයක් වටපිටාවේ එවිට ඇති වේ. පවුලක කෙනෙක් මැරෙන විට ඇති වන නිහඬතාව බාබා අත් විඳ ඇත. මෙහිද එසේමය. අවසානයේ දී ඔබට සියල්ල අමතක වනවා මෙනි. දැන් අප ආපසු ගෙදර යා යුතුයි. දිගටම ශරීර අවධානය අත්හළ යුතුයි. අවසානයේ දී ඔබ සතුටින් සහ උද්යෝගයෙන් ශරීරය අත්හළ යුතුයි එපමණයි! ඔබ යන්නේ කොහාටද? ඔබට එවැනි තත්ත්වයක් ඇතිවිට ඔබේ වටිනාකම ඇති වී ජයග්‍රාහී මාලාවට ඇතුළුවනු ඇත. ඔබට සාමය ධාරාවක් ලෙස පැමිණේ. කෙනෙක් ආ කල මෙසේ කියයි මෙහි මට හොඳ සාමයක් ඇත. මේ නියම සාමයයි. ජීවාත්ම සත්තාව ශරීරයෙන් ඉවත් වේ. ඔබ දරුවන් දන්නවා ඔබ සාමයේ ප්‍රතිමූර්තීන් බව. අප සිටින්නේ අපේ මුල් ආගම තුළයි. කිසිම කෙනෙකුට ක්‍රියා නොකර සිටිය නොහැකියි. ඔවුන් හතා යෝග වලින් මොනවද නොකරන්නේ! ඔබ දැන් දන්නවා ඔබේ මුල් ආගම සාමය බව. අප මෙහි ආවේ අපේ චරිත කොටස් රඟපෑමට වන අතර දැන් අප ආපසු ගෙදර යා යුතුයි. පරම පියා මෙසේ කියයි මාව සිහිකර ඔබේ ගෙදරද සිහිකරන්න. පරම පියා සිහිකිරීමෙන් ඔබට උරුමයක් ලැබේ. පරම පියා මෙසේ කියයි මා නිවසේ සිටිනා ආකාරයෙන් සිහිකරන්න. මම මෙහි එන්නේ තාවකාලිකවය. ඔබේ බුද්ධියෙන් බාබාගේ ස්මෘතිය ස්ථාවරව තිබෙන්නේ සාම දේශයේ දීය. ඔබ ඔබේ නිවසේ උරුමයද ලැබිය යුතුයි. එය ජීවාත්ම සත්තාවන්ගේ ගෙදර වන අතර මෙය දිවිගෙවන්නන්ගේ ගෙදරයි. ඔබේ ගෙදර අමතක නොකර පරමාත්ම පියා අමතක නොකරන්න! එසේ පරම පියා සිහිකිරීමෙන් පමණයි ඔබ පිරිසිඳු වී ගෙදර යන්නේ. ඥානය උකහා ගැනීම මඟින් ඔබ නව ලෝකයේ රජදහන පාලනය කිරීමට යයි. හැකි අන් හැම කෙනෙකුටම දිගටම පාර පෙන්වන්න. සැම විටම පරම පියා දෙස බලන්න. ඔබ දන්නවා පියා කළ දේ. ඔහු සියල්ල මව්වරුන්ට භාර දුන්නා. එම කෙනා උපදෙස් දුන්නා සියල්ල මව්වරුන්ගේ සේවයට යොදන්න කියා. අන් අය මොහු දෙස බලා ඔහු අනුගමනය කරමින් ඔවුන්ද කැප විය. කොහොමනමුත්, ඔවුන්ට මෙහි නැවතීමට ද හැකි විය. නාටකයට අනූව, යාග ගින්න නිර්මාණය කළ යුතුයි. පාකිස්ථානය සහ හින්දුස්ථානය වෙන් විය. ඔබේ යාගය පටන් ගත්තේ පාකිස්ථානයෙන්ය. ඔබ ගඟ තරණය කළේය. බලන්න ඔවුන් ආගමික ලේඛණ වල ලියා ඇති දේ! ඔබ ප්‍රායෝගිකව ඒ සියල්ල අසා නැවත චක්‍රයකට පසුව ද එලෙසම අසයි. පරම පියා මෙසේ කියයි දැන් පාපයන්ට කන් නොදෙන්න! ඔබ ඔබේ වැඩ කටයුතු ආදිය කරගෙන ගියත් පාපයට කන් නොදෙන්න! පරම පියා මෙසේ කියයි සියල්ලටම ශ්‍රීමත් උපදෙස් ලබා ගන්න. ‘‘බාබා, මේ අවස්ථාවේදී මා කළ යුත්තේ කුමක්ද?’’ බාබා එවිට සියල්ල කියා දෙයි. ඔබට යමක් ඇසීමට ඇත්නම් බාබා වෙත පැමිණෙන්න. ඔබ හැම පියවරකදීම බාබා ගෙන් ඇසිය යුතුය. ශ්‍රීමත් අනුගමනය මඟින්, ඔබ හැම පියවරකින්ම මිලියන ගණන් උපයයි. පසු වී යන හැම තත්පරයක දීම ඔබ එසේ උපයයි. ඔබ එතරම් විශාල ප්‍රමාණයක් ධනය උපයයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ජයග්‍රාහී මල් දාමයේ පැමිණීමට නම් ඔබගේ ශරීරයෙන් මිදීමට උපරිම උත්සාහය දරන්න. දිගටම ශාරීරික අවධානය අතහැර දමන්න. මෙම ලෝකය ඔබගේ බුද්ධියෙන් ඉවත් කර ගන්න.

2. මිල මුදල් සම්බන්ධයෙන් ඕනෑවට වඩා ලෝභ නොවන්න. පරමාත්ම පියා සිහි කිරීම හැර වෙන කිසිම දෙයක් ගැන සිතන්න එපා. පියා හෝ ඥානය සම්බන්ධයෙන් උකටලී නොවන්න.

වරදානය:
ඔබ ඒකාබද්ධ ස්වරූපයක් ලැබ, මාස්ටර් යන අවධානයේ සිට, ඉහළම අධිකාරිය අත්විඳිත්වා.

පළමුව, ශරීරය සහ ජීවාත්මය යන ඒකාබද්ධ ස්වරූපය ඔබේ අවධානය තුළ තබා ගන්න. ශරීරය නිර්මාණය වන අතර ජීවාත්මය නිර්මාණකරු වේ. එවිට ඔබට ඉබේම මාස්ටර් වීමේ අවධානය ලැබේ. ඔබ මාස්ටර් යන අවධානයේ සිටින විට, ඉහළම අධිකාරියේ අත්දැකීම අත්විඳිමට ලැබේ. එවිට ශරීරය ක්‍රියාත්මක කරන්නේ ඔබයි. දෙවනුව, පරම පියා සහ දරුවා (ශිව ශක්තියේ) ඒකාබද්ධ ස්වරූපය පිළිබඳ අවධානය ඇතිව, ඔබේ අධිකාරිය සමඟ මායාගේ ඕනෑම බාධක ජය ගැනීමට ඔබට හැකි වනු ඇත.

පාඨය:
සියලු ප්‍රසාරණය තත්පරයකින් මුසු කර මෙම ඥානයේ සාරය අත්විඳින්න සහ එම අත්දැකීම අන් අයට ලබා දෙන්න.

අව්‍යක්ත සංඥාව: ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.

ඔබේ ස්මරණය ගිණිකන්දක් වැනි බලවත් ස්ථිතියකට පැමිණි විට ඔබේ සියලුම පාප ගෙවී පාප විනාශ කරන්නෙකු බවට පත් වේ. එවිට සියලු ජීවාත්මයන්ගේ බල රහිත අවධිය මෙම ස්මරණය සමඟ අවසන් වනු ඇත. මේ සඳහා, ඔබ සෑම තත්පරයකම සහ සෑම හුස්මකදීම පරම පියා සමඟ ඒකාබද්ධව සිටිය යුතුය. කිසිම මොහොතක ඔබට සාමාන්‍ය ස්මරණයක් නොතිබිය යුතුයි. ඔබේ සෙනහසේ ස්වරූපය බලය සමඟ ඒකාබද්ධ කර ගන්න.