14.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, තමන්ගෙන් දිනපතාම අහන්න: මා වන මෙම ජීවය, කොතරම් පාරිශුද්ධද? ඔබ
පාරිශුද්ධත්වයට පත්වන තරමට විශාල සතුටක් තමන්ටම දැනෙන අතර සේවය සඳහා උද්යෝගයක් ද
ඇති වේ.
ප්‍රශ්නය:
දියමන්තියක්
සේ දිව්‍යමය වීමට ඔබ විසින් දැරිය යුතු උත්සාහය කුමක්ද?
පිළිතුර:
ජීව අවධානයට පත්වන්න! තම ශරීරයට සුළු හෝ බැඳීමක් නොතිබිය යුතුයි. සියලු දුක්
දොම්නස් වලින් ඔබ්බට ගොස් බාබා පිළිබඳ ස්මරණයෙහි පමණක් සිටින්න. මෙම දිව්‍යමය
උත්සාහය ඔබව දියමන්තියක් වැනි තත්ත්වයට පත් කරවයි. ශරීර අවධානය තිබේනම්, තම තත්ත්වය
දුර්වල බවත් තමන් බාබාගෙන් බොහෝ දුරස් වි ඇති බවත් අවබෝධ කර ගත යුතුයි. කර්මතීට්
තත්ත්වයට පත්විය යුත්තේ එම ශරීරයේම සිටියදීම වන බැවින් ඔබ තම ශරීරය රැක බලා ගත
යුතුයි.
ගීතය:
තම හදවත
නැමැති කැඩපතින් මුහුණ දෙස බලන්න!
ඕම් ශාන්ති.
පියා දරුවන්
වන ඔබට කතා කරනවා: යෝගා බලයෙන් තම පාපයන් කපා දමන අයගේ සතුට නැමති රසදිය කඳ ඉහළ
නඟී. දරුවන් වන ඔබට තමන් වෙනුවෙන් තමන්ගේම තත්ත්වය දැනගත හැකියි. තමන්ගේ තත්ත්වය
යහපත් විට, සේවය කිරීමට බොහෝ කැමැත්තක් ඇති වන බව ඔබට දැනෙනවා. ඔබ පාරිශුද්ධත්වයට
පත්වන තරමට අන් අයවත් පාරිශුද්ධත්වයට පත්කිරීමට සහ යෝගීන් කරවීමට උද්යෝගයක් ඇති
වෙනවා, මන්ද ඔබ රාජයෝගීන් හා රාජරිශීන් වන නිසාය. හතායෝගා රිශීන් අවධාරණය කර ගන්නේ
දෙවියන් යනු පංච මහා භූතයන් වන බවයි. රාජයෝගා රිශීන් අවධාරණය කර ගන්නේ දෙවියන් යනු
තම පියා බවයි. මහා භූතයන් සිහිකිරීමෙන් ඔවුන්ගේ පාපයන් කැපී යන්නේ නැහැ. මහා භූතයන්
සමඟ යෝගා තබා ගැනීමෙන් ඔවුන්ට බලය ලැබෙන්නේ නැහැ. කිසිම ආගමක කිසිම කෙනෙක් යෝගා ගැන
දන්නේ නැහැ. ඔවුන්ගෙන් කිසිම කෙනෙක්ට නියම යෝගීවරයෙක් වි ආපසු නිවහන කරා යා
නොහැක්කේ මේ නිසයි. දැන් දරුවන් වන ඔබට තම තත්ත්වය දැනගත හැකියි. ජීව වන ඔබ ඔබේ
පියාව සිහිකරන තරමට ඊට අනුකූලව සතුට ලැබෙනවා. ඔබ තමන්ව පරීක්‍ෂා කළ යුතුයි. දරුවන්ට
එක් එක් අයගේ තත්ත්වය දැනගත හැකිවා මෙන්ම තමන්ගේම තත්ත්වය ද දැනගත හැකියි. තමන්ට
ශරීර අවධානය නොමැති බව පරීක්‍ෂා කර බලන්න. ශරීර අවධානය තිබේනම්, තමන් ඉතාමත් දුර්වල
බවත්, බාබාගෙන් බොහෝ දුරස් බවත් අවබෝධ කරගත යුතුයි. බාබා ඔබට අණ කරනවා දරුවනි, දැන්
ඔබ දියමන්ති මෙන් විය යුතුයි. පියා ඔබව ජීව අවධානයට පත් කරවනවා. පියාට කිසිම ශරීර
අවධානයක් නැහැ. ශරීර අවධානයට පත්වන්නේ දරුවනුයි. පියා පිළිබඳ ස්මරණය කිරීමෙන් ඔබ
ජීව අවධානයට පත්වෙනවා. නිරන්තරයෙන් තමන්ව පරීක්‍ෂා කර බලන්න මා කොතරම් වේලාවක්
ස්මරණයේ යෙදෙනවාද? බාබාව සිහිකරන තරමට ඔබේ සතුට නැමති රසදිය කඳ ඉහළ යන අතර තමන්ව
වඩාත් වටිනා තත්ත්වයට පත්කරවනවා. කිසිම දරුවෙක් කර්මතීට් තත්ත්වයට ළඟා වි ඇතැයි
සිතන්න එපා. නැහැ. තවමත් තරඟය යනවා. අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නේ තරඟය
සම්පූර්ණ වූ විටයි. ඉන්පසු විනාශයත් ඇරඹෙනවා. ඔබ තම කර්මතීට් තත්ත්වයට පත්වන තෙක්
නොනැවතී පෙර පුහුණු විම් පැවැත්වෙනවා. කිසිම කෙනෙක්ගේ රෝග ගැන කතා කරන්න අපට බැහැ.
අවසානයේදී හැමදෙනාගේම ප්‍රතිඵල දැන ගැනීමට ලැබෙනවා. දැන් තවමත් ටික කාලයක් ඉතිරිව
තිබෙනවා. මේ දාදාත් කියනවා සුමිහිරි දරුවනි, තව ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාලයයි.
මේ කාලයේදී, එකම එක්කෙනෙක්ටවත් ඔහුගේ කර්මතීට් තත්ත්වයට ළඟාවෙන්න බැහැ. ඕනෑම රෝගයක්
කර්ම ගෙවීමක් ලෙස හැඳින්වෙනවා. වෙනත් කිසිම කෙනෙක්ට එම වේදනාව ගැන දැන ගැනීමට බැහැ.
ඒ වේදනාව පවතින්නේ ඇතුළාන්තයේයි. තවමත් කිසිම කෙනෙක් නිරන්තර සහ ස්ථාවර තත්ත්වයක්
නිරමාණය කරගෙන නැහැ. ඔබ මෙය ලබා ගැනීමට උත්සාහ දරණ තරමට, බොහෝ පාපකාරී සිතිවිලි සහ
කුණාටු පැමිණෙනවා. දරුවන් වන ඔබ විශාල සතුටක් අත්දැකිය යුතුයි! ලෝක හිමිකරුවෙක්
වනවා කියන්නේ පොඩි දෙයක්ද? ධනවත් මිනිස්සුන්ට විශාල මන්දිර සහ සැප පහසුකම් තිබෙන
නිසා ඔවුන් දැඩි සතුටකින් සිටිනවා. ඔබ දැන් පියාගෙන් අපරිමිත සතුටක් ලබනවා.
බාබාගෙන් තම රාජ්‍යය දිනා ගන්නා බව ඔබ දන්නවා. ඔවුන් ධනයෙන් ලබන සතුට තරම් සතුටක්
සාමය තුළින් අත්විඳින්නේ නැහැ. සන්යාසීන් තම නිවෙස් සහ පවුල් අතහැරදමා ගොස් වනගත
වෙනවා. ඔවුන් මුදල් භාරගන්නේ නැහැ. ගන්නේ චපාති විතරයි. දැන් ඔවුන් බොහෝ ධනවත්
වෙලා! හැමදෙනාම මුදල් ගැන කණගාටුවට පත්වෙනවා. රජ කෙනෙක් තම ජනතාව ගැන සිතන නිසා
තමයි සියලුම දේවල් යුද්ධය සඳහා වැය කරන්නේ. ස්වර්ණමය යුගයේදී යුද්ධ ගැන ගැටළුවක්
නැහැ. දරුවන් වන ඔබට දැන් තම තමන්ගේම රාජ්‍යය වෙත යනවා යන සතුට තිබෙනවා! එහි බිය
පිළිබඳ කිසිම ගැටළුවක් නැහැ. එහි බදු පිළිබඳ ගැටළු නැහැ. ශරීරය පිළිබඳ හැඟීම
තිබෙන්නේ මෙහෙයි. මෙසේ සිහිකරනවා ස්වාමී, අධිපතිවරයාණන් ඔබව සියලු දුක්
වේදනාවන්ගෙන් ඔබ්බට ගෙන යනවා. සියලු දුක් වේදනාවන්ගෙන් ඔබ්බට යාම සඳහා තමන් දැන්
කොතරම් උත්සාහ දරණවාදැයි ඔබ දන්නවා. ඉන්පසු උපත් 21ක් සඳහා කිසිම දුක් වේදනාවක්
ඇතිවන්නේ නැහැ. බාබා සිහිකිරීමෙන් ඔබ නොසැලී සිටිවි. රාමායන කතාව පදනම්ව ඇත්තේ ඔබ
මතයි. මහාවීර් වන්නේ ඔබයි. ජීවය කියනවා රාවණ්ට අපව සෙලවිය නොහැකියි. අවසානයේදී ඔබේ
තත්ත්වය වන්නේ එයයි. වර්තමානයේදී, ඕනෑම කෙනෙක් නොසන්සුන් විය හැකියි. දුක් වේදනාවන්
ඇති වෙනවා. ලෝක යුද්ධය ඇරඹුණු විට, දැන් වේලාව පැමිණි බව ඔබ අවබෝධ කර ගන්නවා. පියාව
සිහිකිරීමට වැඩි වැඩියෙන් උත්සාහ දරණ තරමට ඔබට වැඩි යහපතක් සිදු වෙනවා. දැන් උත්සාහ
දැරීමට තිබෙන එකම එක මොහොතයි. කාලය ගත වූ විට විනාශයේ බොහෝ කලබල ඇති වෙනවා. දැන්
ඔබේ ශරීරයට පවා බැඳීම තිබෙනවා. බාබා කියනවා තමන්ගේ ශරීරය රැකබලා ගන්න! එය ඔබේ
අන්තිම ශරීරය වන අතර කර්මතීට් තත්ත්වයට ළඟාවීම සඳහා උත්සාහ දැරීමට සිදුවනුයේද එම
ශරීරය මගිනි. ඔබ ජීවත්ව සිටිනතාක් කල් දිගින් දිගටම පියාව සිහිකළ යුතුයි. පියා
කියනවා දරුවනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! ඔබ ජීවත්ව සිටිනතාක් කල් පියාව සිහිකරන අතර
ඔබ ලබන උරුමය ද වඩාත් දිව්‍යමය වෙනවා. ඔබ දැන් නොනවත්වාම ධනය උපයනවා. ඔබේ ශරීරය
සෞඛ්‍යමත්ව සහ රෝගාබාධ ආදියෙන් නිදහස්ව තබා ගන්න. මේ ගැන නොසැළකිලිමත් වන්න එපා! තම
ආහාරපාන ගැන සැළකිලිමත් වුවහොත් කිසිම දෙයක් සිද්ද වෙන්නේ නැහැ. තම හැසිරීම ස්ථාවර
කර ගැනීමෙන් (සෑම දෙයක් සම්බන්ධයෙන්ම යහපත් හැසිරීම) ඔබේ ශරීරය සෞඛ්‍යමත්ව පවතීවි.
මෙය මිල කළ නොහැකි තරම් වටිනා ශරීරයක්. මේ ශරීරයන්ගෙන් තමයි ඔබ උත්සාහ දරා දේවතාවන්
බවට පත්වන්නේ. එමනිසා, ශ්‍රේෂ්ඨතම වන්නේ මේ කාලයයි. ඔබට මෙම සතුට තිබිය යුතුයි. ඔබ
පියාව සහ උරුමය සිහිකරන තරමට නාරායන් වීමට ඇති කුල්මත් භාවය වැඩි වෙනවා. ඔබට උසස්
තත්ත්වයක් දිනා ගත හැකි වන්නේ පියා පිළිබඳ ස්මරණයෙන් පමණි. තමන් කොතරම් සතුටක් සහ
කුල්මත් භාවයක් රඳවා ගන්නේදැයි පරීක්‍ෂා කර බලන්න. දුප්පත් අයට පවා වඩාත් වැඩි
සතුටක් තිබිය යුතුයි. ධනවත් අය තම ධනය ගැන කණගාටු වෙනවා. කුමාරීන් වන ඔබ අතර කිසිම
දුකක් ඇත්තේ නැහැ. ඔව්, කාගේ හෝ නෑදෑයෙක්, හිතමිතුරෙක් දුප්පත් නම් ඔවුන් ඔහුව
රැකබලා ගත යුතුයි. නිරතුරුව හැමදෙනාවම අවදි කරවන්න. ඔවුන් අවදි නොවේනම්, කොපමණ
කාලයක් ඔබ ඔවුන්ට උදව් කරන්නද? බාබා කියනවා ඔබ සේවයට කැප වී ඔබේ භාර්යාවට ද
ආධ්‍යාත්මික සේවයෙහි නිරත වීමට ඉඩ දෙන්න. ඔබ බාබාගේ උදව්කරුවන්. හැමදෙනාටම උදව්
අවශ්‍යයි. පියාට තනිවම කරගන්න පුළුවන් මොනවාද? කී දෙනෙක්ට තනියම මන්ත්‍රය දෙන්න
ඔහුට පුළුවන්ද? මා ඔබට මන්ත්‍රය දෙනවා. ඉන්පසු ඔබ එය අන් අයට ලබා දෙනවා. දිගින්
දිගටම බීජය පැළ කරන්න. ඔහු දිගින් දිගටම දරුවන් වන ඔබට කියනවා හැකි උපරිම ලෙස
නොනවත්වා උදව්කරුවෙක් වී මන්ත්‍රය දෙන්න. මිනිසුන්ට කියන්න පියා පැමිණ ඇතැයි යන
පණිවිඩය හැම දෙනාටම දුන් බව ඔබේ ආගමික ග්‍රන්ථ වල කියැවෙනවා. එමනිසා, තම උරුමය
දිනාගැනීම උදෙසා ඔහුව සිහි කරන්න. ශාරීරික මනුෂ්‍යයන්ව සිහි කරන්න එපා! තමන් ජීවයක්
බව අවධාරණය කරගෙන පියාව සිහිකළහොත් ඔබේ පාපයන් දුරුවන අතර, උරුමය ද දිනාගනු ඇත.
බොහෝ දෙනා ගීතාවට සවන් දෙනවා මෙන්ම එය අන් අයටත් කියා දෙනවා. එහි ඉතාමත් ප්‍රසිද්ධ
වචනය වන්නේ ’මන්මනභව’ යන්නයි. පියාව සිහිකරන්න, එවිට ඔබට විමුක්තිය ලැබෙනවා.
සන්යාසීන් ද මෙයට කැමතියි. ’මද්‍යජිබව්’ යනු ජීවන මුක්තියයි. දරුවන් වන ඔබ පියාට
අයත් වූ විට ඔහු කියනවා දරුවනි, ජීව වන ඔබ අපිරිසිඳු වුණා. අපිරිසිඳුව සිටිමින් ඔබට
ආපසු යන්න බැහැ. මෙය අවබෝධ කර ගත යුතු දෙයක්. භාරතයේ මිනිසුන් වන ඔබ සතෝප්‍රධාන්ව
සිටියා. ඔබ තමෝප්‍රධාන් වූවා. දැන් නැවත වතාවක් සතෝප්‍රධාන් විය යුතුයි. එමනිසා,
පියා කියනවා උත්සාහ දරණ්න, ඔබට උසස් තත්ත්වයක් ලැබෙනවා. උපතින් උපත ඔබ භක්ති කරනවා.
මුලදී නොසැලෙන භක්තියක් තිබූ බව ඔබ දන්නවා. දැන් භක්තිය හරිම වැනෙන සුළුයි! ඔවුන්
ශරීර පවා වන්දනා කරනවා. එනම්, මහා භූතයන් පවා වන්දනා කරනවා. දේවතාවන්ට නම් අඩු
තරමින් පාරිශුද්ධත්වයවත් තිබෙනවා! කෙසේවෙතත්, මේ කාලයේදී හැමදෙනාම තමෝප්‍රධාන්.
එමනිසා, වන්දනාවනුත් දිගින් දිගටම තමෝප්‍රධාන් බවට පත්වෙනවා. ඔබ දැන් පියාව සිහි කළ
යුතුයි. භක්තිවන්ත වචන කතා නොකළ යුතුයි. ’ඕ රාමා!’ (ඕ දෙවියනේ) කීමත් භක්තිය පළ
කිරීමක්. ඔබ ඒ ආකාරයට කතා නොකළ යුතුයි. මෙහෙ, කිසිම දෙයක් කියන්න අවශ්‍ය නැහැ. ’ඕම්
ශාන්ති’ කියාවත් ඔබ නැවත නැවතත් නොකිව යුතුයි. ‘ශාන්ති’ කියන්නේ මා වන ජීවය, සාමයේ
ප්‍රතිමූර්තියක්. මොනව වුවත් ජීවය එම තත්ත්වයේ පවතිනවා! ඒක කියන්න අවශ්‍ය නැහැ!
අනෙක් මිනිසුන්ට ඔබ ’ඕම් ශාන්ති’ කියා කීවාට, එහි අර්ථය ඔවුන්ට තෙරෙන්නේ නැහැ.
ඔවුන් ’ඕම්’ යන වචනයේ ශ්‍රේෂ්ටත්වය ගැන ගායනා කරනවා. ඔබ අර්ථය දන්නවා, ඉතින් නිතරම
’ඕම් ශාන්ති’ කියා කීමේ ප්‍රයෝජනයක් නැහැ. ඔව්, ඔබට එක් එක් අයගෙන් අහන්න පුළුවන්
ඔබ ඉන්නේ ශිව බාබා පිළිබඳ සිහියෙන්ද? මමත් දුවගෙන් අහනවා ඔබ සරසන්නේ කාවද? එවිට ඇය
පිළිතුරු දෙනවා ශිව බාබාගේ වාහනය. හුසේන්ගේ වාහනයක් තිබෙන්නාක් සේ, මේ ශිව බාබාගේ
වාහනයයි. ඔවුන් අශ්වයෙක්ව සරසනවා. ඔවුන් අශ්වයාගේ අර්ථය වටහා ගන්නේ නැහැ. ආගම්
ස්ථාපිත කිරීමට පැමිණි ආගම් නිර්මාතෘවරයන්ගේ ජීව පාරිශුද්ධයි. පැරණි අපිරිසිඳු
ජීවයන්ට ආගමක් ස්ථාපනය කරන්න බැහැ. ඔබ ආගමක් ස්ථාපිත කරන්නේ නැහැ. ශිබ බාබා එය ඔබ
මාර්ගයෙන් කළා. එමෙන්ම ඔහු ඔබව පාරිශුද්ධත්වයට පත් කළා. ඒ මිනිස්සු භක්ති මාර්ගයේ
බොහෝ සැරසිලි කරනවා. මෙහෙ ඔබ සැරසිලි වලට කැමති නැහැ. පියා ඉතාමත් නිරහංකාරයි! ඔහු
කියනවා මා මොහුගේ උපත් ගණනාවක අවසානයේදී පැමිණියා. මුලදී, ස්වර්ණමය යුගයේ ශ්‍රී
නාරායන් සිටියා. ශ්‍රී නාරායන් එන්නේ ශ්‍රී ලක්ෂ්මිටත් පෙරයි. වයසින් වැඩිම ඔහුයි.
ක්‍රිෂ්ණාගේ නම ප්‍රශංසා කෙරෙන්නේ මේ නිසයි. මිනිස්සු නාරායන්ව ප්‍රශංසා කරනවාටත්
වැඩියෙන් ක්‍රිෂ්ණාව ප්‍රශංසා කරනවා. ඔවුන් ක්‍රිෂ්ණාගේ උපන් දිනය සමරණවා. ඔවුන්
නාරායන්ගේ උපන් දිනයවත් සමරන්නේ නැහැ. ක්‍රිෂ්ණා නාරායන් වන බව කිසිම කෙනෙක් දන්නේ
නැහැ. ළමා කාලයේ නමම දිගටම භාවිත කරනවා. එක් එක් අය උපත් ලැබුවා. ඉතින් ඔවුන් ඔහුගේ
උපත සමරනවා. ඔවුන් ක්‍රිෂ්ණාගේ උපන් දිනය පමණක් සමරන්නේ මේ නිසයි. කිසිම කෙනෙක්
නාරායන්ගේ උපන් දිනය ගැන දන්නේ නැහැ. පළමුවෙන්ම ශිවාගේ උපන් දිනයත්, පසුව
ක්‍රිෂ්ණාගේ උපන් දිනයත්, ඉන්පසු රාමාගේ උපන් දිනයත් ආදී වශයෙන් සමරනවා. ශිවාත්
සමඟම ගීතාවේ උපතත් සිදුවෙනවා. ශිව බාබා පැමිණෙන්නේ මොහුගේ උපත් ගණනාවක අවසානයේදීයි.
ඔහු ඇතුළුවන්නේ බුද්ධිමත්, අත්දැකීම් බහුල ශරීරයටයි. හැමදේම ඉතාමත්ම පැහැදිලිව
විස්තර කර දුන්නා. ඒත් තවමත් කිසිම කෙනෙක්ගේ බුද්ධියට කිසිවක් ඇතුළු වී නැහැ. පියා
කියනවා මේ දැනුම අතුරුදන්ව යනවා. මා පැමිණ මේ දැනුම ඔබට දුන්විට පමණයි අන් අයට
කියාදීමට ඔබට හැකි වන්නේ. තමන් අනාගතයේදී අනිවාර්යෙන්ම මේ තත්ත්වයට (දේවතා) පත්වන
බව දරුවන් වන ඔබ දැන් දන්නවා. බාබාට විවිධාකාර දර්ශන දෙකක්, තුනක් පමණ ලැබුණා. මා
මේ තත්ත්වයට පත්වෙනවා. මා ඔටුන්නක් පැළඳි කෙනෙක් බවට පත්වෙනවා. මා හිස් ආවරණයක්
සහිත කෙනෙක් වෙනවා. ඔහුට රාජ්‍යයන් දෙකක්, හතරක් දර්ශණය වුණා. ඔබට දැන් මේවා අවබෝධ
කර ගත හැකියි. ලෝකයේ වෙනත් කිසිම කෙනෙක්ට මේවා තේරුම් ගන්න බැහැ. ඔව්, තමන් යහපත්
ක්‍රියා කළහොත් හොඳ උපතක් ලැබෙන බව ඔවුන් අවබෝධ කර ගත්තා. ඔබ දැන් සාමාන්‍ය මනුෂ්‍ය
තත්ත්වයේ සිට නාරායන් වීමට අනාගතය උදෙසා උත්සාහ දරණවා. තමන් මෙම තත්ත්වය දිනා ගන්නා
බව ඔබ දන්නවා. තම කර්මතීට් තත්ත්වය ලබා ගැනීමට උත්සාහ දරණ අය ඉතා උසස් සතුටක්
අත්දකිනවා. ඔබ කියනවා බාබා, අපි මමා සහ බාබා අනුගමනය කරනවා. අපට සිහසුන මත හිඳ
ගැනීමට හැකියාව ලැබෙන්නේ එවිට පමණයි. තමන් කොතරම් සේවය කරනවාද සහ කොතරම් සතුටක් තමා
තුළ රඳවා ගන්නවාද කියාත් ඔබ තේරුම් ගත යුතුයි. තමන් සතුටින් සිටින විට අන් අයවද
සතුටට පත් කිරීමට ඔබට පුළුවන්. ඔබ තුළ යම්කිසි නරක දෙයක් තිබුණොත් දිගින් දිගටම ඔබේ
හෘද සාක්‍ෂිය ඔබව වේදනාවට පත් කරනවා. සමහරු පැමිණ, තමන්ට බොහෝ සෙයින් තරහ යන බව
බාබාට කියනවා. ’මා තුළ මේ භූත ජීවය සිටිනවා.’ මෙය සැළකිල්ලට ගත යුත්තක්. භූත
ජිවයන්ට තමන් තුළ රැඳී සිටීමට ඉඩ නොදිය යුතුයි. ඔබට තරහ යන්නේ ඇයි? සෙනෙහසින් යුතුව
පැහැදිලි කරන්න. බාබා කවුරුන් සමඟවත් තරහ ගන්නේ නැහැ. ශිව බාබා ගැන ප්‍රශංසාවන්
තිබෙනවා. බොහෝ අය නොවැදගත් බොරු ගුණ ගායනා කරනවා. මා කළ යුත්තේ කුමක්ද? මට කිව්වා
කාගේ හරි රෝගයක් සුව කරන ලෙස වෛද්‍යවරයෙකුගෙන් ඉල්ලන්නාක් සේ, පැමිණ අපිරිසිඳු අයව
පාරිශුද්ධත්වයට පත්කරන ලෙස මගෙන් ඉල්ලා සිටිනවා. ඔහු බෙහෙතක් දෙනවා, එහෙම නැත්නම්
බෙහෙතක් විදිනවා. මන්ද, ඒක ඔහුගේ රාජකාරියයි. ඒක එච්චර ලොකු දෙයක් නොවෙයි. ඔවුන්
සේවය කිරීමට හැකිවන ලෙස ඉගෙන ගන්නවා. ඔවුන්ට බොහෝ ඉගෙන ගත්තොත් බොහෝ සෙයින් ඉපැයීමට
පුළුවන් වෙනවා. පියාට ආදායමක් උපයන්න නැහැ. ඔහු ඔබව ආදායම් ඉපැයීමට සුදුසු කරවනවා.
බාබා කියනවා ඔබ මට සදාකාලික ශල්‍ය වෛද්‍යවරයා කියාත් කියනවා. ඔබ මට වඩාත් ශ්‍රේෂ්ඨ
ප්‍රශංසාවන් දී තිබෙනවා. පාරිශුද්ධත්වයට පත් කරන්නාට ශල්‍ය වෛද්‍යවරයා යැයි කියන්න
බැහැ. මෙය මට දුන් ප්‍රශංසාවක් පමණයි. පියා කියනවා මා සිහිකරන්න, ඔබේ පාපයන් දුරු
වී යයි! ඒ ඇති! මගේ කොටස වන්නේ ඔබට මේවා පැහැදිලි කර දීමයි නිරන්තරයෙන් මා පමණක්
සිහි කරන්න. ඔබ මා සිහි කරන තරමට උසස් තත්ත්වයක් ඔබට ලැබෙනවා. මේ රාජයෝගා දැනුමයි.
ගීතාව ඉගෙන ගත් අයට මෙය පැහැදිලි කරදීම පහසුයි. ඔබ වන්දනාවට සුදුසු රජවරුන්ගෙත්
රජවරු වෙනවා. ඉන්පසුව ඔබ වන්දනාකරුවන් වෙනවා. ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ ලෝකය
පාරිශුද්ධත්වයට පත්කරවනවා. තත්ත්වය ඉතාමත් උසස්! යකඩ යුග කන්ද එසවීමට ඔබ සියලු
දෙනාම තම ඇඟිල්ල දෙනවා. එය ඇත්තටම කන්දක් නොවෙයි. නවලෝකය පැමිණෙන බවත්, එමනිසා,
තමන් අනිවාර්යෙන්ම රාජයෝග ඉගෙන ගතයුතු බවත් දැන් ඔබ අවබෝධ කර ගන්නවා. පියා පැමිණ
ඔබට මෙය උගන්වනවා. සතෝප්‍රධාන් වන්න! මීට පෙර චක්‍රයේදී මෙය අවබෝධ කරගත් අයට ඔබ
පැහැදිලි කර දෙන විට, ඔවුන් එයට කැමැත්ත දක්වා කියනවා ඔබ කියන දේ හරි. සත්‍ය
වශයෙන්ම, පියා කිව්වා මන්මනභව්! මෙය සංස්කෘත වචනයක්. පියා කතා කරන්නේ හින්දියෙන් මා
සිහිකරන්න! තමන් දිව්‍යමය ධර්මයකට අයත්ව සිටි බවත්, තම ක්‍රියාවන්ද දිව්‍යමය
තත්ත්වයේ පැවති බවත් දැන් ඔබ තේරුම් ගන්නවා. මේ නිසා තමයි මෙවන් ප්‍රශංසාවක්
තිබෙන්නේ කලා දහසයෙන්ම සම්පූර්ණයි. ඔබ දැන් නැවත වතාවක් එම තත්ත්වයට පත්විය යුතුයි.
තමන් කොතරම් දුරට සතෝප්‍රධාන් සහ පාරිශුද්ධත්වයට පත්ව ඇත්දැයි පරීක්ෂා කර බලන්න.
අපාය නැමති වාසස්ථානය, දිව්‍යලෝකය නැමති වාසස්ථානය බවට පත්කිරීමට ඔබ කරන සේවය
කොතරම්ද? අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියා මෙන්
නිරහංකාර වන්න. තම ශරීරය බලා කියා ගන්නා අතර, ශිව බාබා පිළිබඳ ස්මරණයෙහි සිටින්න.
මේ ආධ්‍යාත්මික සේවයෙහි පියාගේ උදව්කරුවෙක් බවට පත්වන්න.
2. තමා ඇතුළත කිසිම
භූත ජීවයකට රැඳී සිටීමට ඉඩ නොදෙන්න. කිසිම කෙනෙක් සමඟ තරහ ගන්න එපා. සෑම කෙනෙක්
සමඟම දැඩි සෙනෙහසකින් යුතුව ක්‍රියා කරන්න. මව සහ පියා අනුගමනය කර සිහසුන දිනා
ගන්න.
වරදානය:
"ස්වරාථ්"
(ස්ව-තම, රාථ්-රථය) යන වචනයේ අර්ථය වටහා ගැනීමෙන් පහසු උත්සාහ දරන්නෙකු වී නිරන්තරව
ස්ථාවර හා අචල ස්ථිතියක රැඳී සිටටිත්වා.
වර්තමානයේ මිනිසුන්
එකිනෙකා කෙරෙහි දක්වන බැඳීම ඇතිවන්නේ සෙනෙහස නිසා නොව ආත්මාර්ථකාමීත්වය නිසාය.
ආත්මාර්ථකාමීත්වය නිසා බැඳීමක් ඇති වන අතර, එම බැඳීම හේතුවෙන් ඔවුන්ට නොබැඳිව
සිටීමට නොහැකි වේ. එබැවින්, "ස්වරාථ්" යන වචනයේ අර්ථය තුළ ඔබව ස්ථාවර කරගන්න; එනම්,
පළමුවෙන්ම ඔබේ 'රථය' (ශරීරය) කැප කරන්න. එම "ස්වරාථ්" (තමා වෙනුවෙන්
වීම/ආත්මාර්ථකාමීත්වය) පහව ගිය විට, ඔබ නොබැඳි තත්ත්වයට පත්වනු ඇත. මෙම එක් වචනයේ
අර්ථය දැන ගැනීමෙන්, ඔබ නිරන්තරව ඒකායන තැනැත්තාට අයත් වන අතර ස්ථාවර හා අචල වනු
ඇත. මෙය පහසු උත්සාහයකි.
පාඨය:
ඔබ ඔබේ සුරදූත
ස්වරූපයෙන් රැඳී සිටින විට, කිසිදු බාධාවකට ඔබට බලපෑම් කළ නොහැක.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
සම්පූර්ණ
පාරිශුද්ධත්වය, බ්‍රහ්මින්වරුන් වන ඔබේ අලංකාරයයි. නිරන්තරව අලංකාර ප්‍රතිරූපයක්
ලෙස රැඳී සිටින්න; එනම්, ඔබේ පාරිශුද්ධ ස්වරූපය තුළ ස්ථාවරව සිටිමින් මෙම අසීමිත
වේදිකාව මත ඔබේ 'වීර' චරිත කොටස රඟ දක්වන්න. නිරන්තරව බ්‍රහ්මචාරී වී(බ්‍රහ්මචාරීව,
පවිත්‍රව) සිටින්න, එවිට සිතිවිලි තුළින්වත් කිසිදු ආකාරයක අපවිත්‍රත්වයක් ඔබේ
ආකල්පයට බාධා නොකරනු ඇත. ඔබේ ආකල්පයේ ඇතිවන ඕනෑම බාධාවක් හෝ දඟකාරකමක් ඔබේ වාර්තාව
මත කළු පැල්ලමක් ඇති කරනු ඇත. එබැවින්, ආකල්පය තුළ පවා නිරන්තරයෙන් බ්‍රහ්මචාරීව
සිටින්න.