14.11.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබේ භෞතික දෑසින් දැකිය හැකි කිසිවක් නොබලන්න. ඒවායින් ඔබේ බන්ධන ඉවත් කර
ගන්න. මන්ද, හැම දෙයක්ම විනාශයට යනවා.
ප්රශ්නය:
ලෝකේ කිසි
කෙනෙකු නොදන්නා දෙවියන්ගේ ආණ්ඩුව විසින් කරන අදෘෂ්‍යමාන කාර්යය කුමක්ද ?
පිළිතුර:
දෙවියන්ගේ ආණ්ඩුව ජීවයන් පාරිශුද්ධ කර ඔවුන් දේවත්වයට පත් කරවනවා. මෙය අනෙක්
මනුෂ්‍යයන්ට අවබෝධ කරගත නොහැකි අදෘෂ්‍යමාන කාර්යයක්. සාමාන්‍ය මනුෂ්‍යයෝ දේවත්වයට
පත් වූ විට ඔවුන් අපායේ වාසීන්ගෙන් දිව්‍යලෝකයේ වාසීන් බවට පත්වෙනවා. මනුෂ්‍යයින්ගේ
චරිතයට පාපයන් සම්පූර්ණයෙන්ම ඇතුළු වෙලා.
ඕම් ශාන්ති.
ඔබ අවබෝධ
කරගෙන සිටිනවා ’ඕම් ශාන්ති‘ යැයි කීමෙන් ඔබ ඔබේ මූලික ආගම වන තමන් සහ නිවහන ගැන
සිහි කරනවා. නමුත් දැන් ඔබට ඒ නිවහනෙහි හිඳ සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. පියාගේ
දරුවන් වන ඔබ දිව්‍යලෝක උරුමයත් සිහිකරනවා. ’ඕම් ශාන්ති‘ යැයි කියන විට මේ සියලු
දැනුම බුද්ධියට ඇතුළු වෙනවා. මා, මේ ජීවය සාමයේ ප්‍රතිමූර්තියක්. මම සාමයේ සාගරය වන
පියාගේ දරුවෙක්. දිව්‍යලෝකය නිර්මාණය කරන පියා අපව පාරිශුද්ධත්වයේ සහ සාමයේ
ප්‍රතිමූර්තියක් බවට පත් කරවන්නායි. ප්‍රධානතම කරුණ පාරිශුද්ධත්වයයි. පිරිසිඳු
ලෝකයත් අපිරිසිඳු ලෝකයත් තියෙනවා. පිරිසිඳු ලෝකයේ එකම එක පාපයක්වත් තිබිය නොහැකියි.
පාපයන් පහ තිබෙන්නේ අපිරිසිඳු ලෝකයේයි. එමනිසා, මේ ලෝකයට දූෂිත ලෝකය යැයි කියනවා. ඒ
ලෝකය පාපයෙන් තොර ලොවයි. පාපයෙන් තොර ලොවෙන් ඔබ ඉනිමඟ දිගේ පහළට එන විට, දූෂිත
ලෝකයට වැටුණා. ඒ පිරිසිඳු ලෝකය, මේ අපිරිසිඳු ලෝකයයි. රාම රාජ්‍යය සහ රාවන් රාජ්‍යය
තියෙනවා. කාලයට පවරන්නා සේ දවල් රැය සිහි කෙරෙනවා. දිවා බ්රහ්මා සහ රාත්‍රී
බ්රහ්මා වශයෙන් තිබෙනවා දවස පුරා සතුටත් රැය පුරා දුකත් තිබෙනවා. රැය ඉබාගාතේ යන
අය වෙනුවෙනුයි. ඒක රෑට ඔබ ඇවිදින්න යාමක් නොවෙයි. නමුත් භක්තිය තමයි ඉබාගාතේ යන්නේ.
දරුවනි, ගැළවීම ලැබීම උදෙසා ඔබ මෙහෙ පැමිණියා. පාපයන් පහ මත ජීවයන් වන ඔබ පාපයෙන්
පිරුණා. ඒ සේරගෙන්ම ප්‍රධානතම පාපය රාගයයි. මේ පාපය නිසා තමයි මනුෂ්‍යයෝ පාපකාරී
ජීවයන් වන්නේ. ඔබ හැම කෙනෙක්ම දන්නවා තමන් අපිරිසිඳුයි කියලා ඒ ඔබ උපදින්නේ
දූෂණයෙන්. රාගය නමැති පාපය මත පිහිටා ඔබේ සියලුම සුදුසුකම් නාස්ති වෙලා ගියා.
එනිසයි බාබා කියන්නේ මේ රාගය නමැති පාපය ජයගන්න. එමගින් ඔබ ලෝකය ජයගෙන නව ලෝකයේ
පාලකයින් බවට පත්වෙනවා. ඔබගේ ඇතුළාන්තයේ අති විශාල සතුටක් තිබිය යුතුයි. මනුෂ්‍යයන්
අපිරිසිඳු වූ විට ඔවුන්ට කිසිවක්ම අවබෝධ කරගන්න බැහැ. රාගය නිසා බොහෝ උපද්‍රව සිදු
වෙනවා. එතැන ඇත්තේ අසාමය සහ දුක නමැති හැඬුම්. වර්තමානයේ දුක නමැති හැඬුම් ඇතිවන්නේ
ඇයි? මන්ද, හැම කෙනාම පාපකාරී ජීවයන්. පාපය නිසා ඔවුන්ට කියන්නේ යක්ෂයින් කියලා.
බාබා දැන් ඔබව හොඳින් දැනුවත් කරවනවා තමන් සම්පූර්ණයෙන්ම බෙලිකටු වන් තත්ත්වයක,
සතයක්වත් නොවටිනා තත්ත්වයක සිටි බව. නිශ්ප්රයෝජන දේවල් පුළුස්සා දමනවා. දරුවනි, ඔබ
දැන් තේරුම් ගන්න මේ ලෝකයේ කිසිම දෙයක ඇති ප්‍රයෝජනයක් නැහැ. සෑම මනුෂ්‍යයෙක්ම
ගින්නට හසු වෙනවා. ඔබේ දෑසට දැකිය හැකි ඕනෑම දෙයක් විනාශයට යනවා. ජීවයන් පිළිස්සිය
නොහැකියි ඊට හේතුව ජීවයන් රක්ෂිතයි. ජීවයන් රක්ෂණය කළ හැකිද? ඔබ ඔබේ ශරීරය රක්ෂණය
කරනවා. දරුවනි, ඔබට කියා තිබෙනවා මෙය ක්‍රීඩාවක් බව. ජීවයන් පංච මහාභූතයන්ට
එපිටින්, ඈතින් වාසය කරනවා. මේ ලෝකයේ සියලුම සැරසිලි නිර්මාණය වෙන්නේ පංච
මහාභූතයන්ගෙන්. ජීවයන් නිර්මාණය වෙන්නේ නැහැ, ඔවුන් නිතරම පවතිනවා, ඔවුන් පිරිසිඳු
සහ අපිරිසිඳු ජීවයන් වෙනවා. ජීවයන් පාපයන් පහෙන් වඩාත් අපවිත්‍ර වෙනවා! බාබා පාපයන්
සිදු කිරීමෙන් ඔබව මුදා ගන්නවා. ඔබේ මුළු චරිතයම පාපයන් මඟින් නටඹුන් වුණා. කිසි
කෙනෙකු දන්නේ නැහැ චරිතය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියලා. පාණ්ඩව රාජ්‍යය සහ කෞරව
රාජ්‍යය ගැන සිහි කෙරෙනවා. පාණ්ඩවවරුන් කියන්නේ කවුද කියල දන්න කෙනෙක්වත් නැහැ. ඔබ
දැන් දන්නවා තමන් අයිති වෙන්නේ දේව සමාජයට බව. රාම රාජ්‍යය ගොඩනැංවීමට බාබා
පැමිණියා. වර්තමානයේ දේව සමාජය කරන්නේ කුමක්ද? ජීවයන් පිරිසිඳු කරවීම හා ඔවුන්
දේවත්වයට පත් කරවීමයි. එසේ නොවුවහොත්, ඔවුන් එන්නේ කොහි සිටද? කිසි කෙනෙකු මෙය
දන්නේ නැහැ. එමනිසා, මෙයට කියනවා අදෘෂ්‍යමාන ආණ්ඩුව කියලා. ඔවුනුත් මනුෂ්‍යයෝ,
ඉතින්, ඔවුන් දේවත්වයට පත් වෙන්නේ කොහොමද ? ඔවුන්ව දේවත්වයට පත් කරවූයේ කවුද?
දේවතාවන් වාසය කරන්නේ දිව්‍යලෝකයේ. ඔවුන්ව දිව්‍යලෝක වැසියන් කරවූයේ කවුද?
දිව්‍යලෝක වැසියන්ගේ තත්ත්වයෙන් ඔවුන් අපායේ වැසියන් තත්ත්වයට පත්වුණා, ඊට පසුව
අපායේ වැසියන් තත්ත්වයෙන් නැවතත් දිව්‍යලෝකයේ වැසියන් තත්ත්වයට පත්වුණා. ඔබ මේ
කිසිවක් දැන සිටියේ නැහැ. ඉතින්, වෙන කවුරුවත් දැනගන්නේ කොහොමද? ස්වර්ණමය යුගය
දිව්‍යලෝකය ලෙසත් කලි යුගය අපාය ලෙසත් හැඳින්වෙනවා. ඔබත් අවබෝධ කරගන්නවා මේ නාටකය
සදාකාලික බව. අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත්වීමට ඔබ මෙහිදී ඉගෙනුම ලබනවා. ජීවයන්
තමයි අපිරිසිඳු වෙන්නේ. අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත්වීමේ ව්‍යාපාරය බාබා ඔබට
ඉගැන්වූවා. ඔබ පිරිසිඳු වුවහොත් පිරිසිඳු ලෝකයට යනවා. ජීවයන් පිරිසිඳු වුවහොත්
පමණයි දිව්‍යලෝකයට යාමට සුදුසු වෙන්නේ. සංගම යුගයේදී පමණයි ඔබ මේ ඥානය ලබන්නේ.
පිරිසිඳු වීමට ඔබ ආයුධ ලබනවා. එකම එක්කෙනා තමයි පාරිශුද්ධත්වයට පත්කරන්නා, බාබා ලෙස
හැඳින්වෙනුයේ. ඔවුන් ඔහුට තමයි කියන්නේ අපව පිරිසිඳු කරන්න! ලක්ෂ්මී සහ නාරායන්
දිව්‍යලෝකයේ පාලකයෝ වෙනවා. පසුව උපත් 84 ගැනීමේදී ඔවුන් අපිරිසිඳු වෙනවා. මොහු
(ක්‍රිෂ්ණා) තමයි ’අසුන්දර සහ සුන්දර‘ (ශ්‍යාම් සුන්දර). නමුත් මිනිස්සුන්ට එහි
අර්ථය වැටහෙන්නේ නැහැ. ඔබත් ක්‍රිෂ්ණා ගැන පැහැදිලි හැඳින්වීමක් ලබා ගත්තා. ඔවුන්
තනි ලෝකය ද්විත්ව ලෝකයක් කළා. පැරණි සහ අළුත් වන මේ එකම එක ලෝකය පමණයි තියෙන්නේ.
දරුවෝ පළමුව ලාබාලයි. පසුව වැඩෙන විට ඔවුන් මහළු වෙනවා. ලෝකයත් පළමුව නවතාවයෙන්
තිබී පසුව පැරණි වෙනවා. පැහැදිලි කිරීමට ඔබ ඔබේ හදවතට බොහෝ සෙයින් තට්ටු කළ යුතුයි!
ඔබ තමන්ගේම රාජ්‍යය ගොඩනංවනවා. මොහු (ක්‍රිෂ්ණාගේ ජීවය)ත් මෙය තේරුම් ගත්තා. සෑම
දේම අවබෝධ කර ගැනීමෙන් තමයි ඔහු ඉතා සුමිහිරි බවට පත් වූයේ. ඔහුට පැහැදිලි කරන්නේ
කවුද? දෙවියන්. එය යුද්ධයක් සම්බන්ධ ගැටළුවක් නොවෙයි. දෙවියන් ඔබව ඉතාමත් දැනුවත්
සහ ඥානවන්ත කරවනවා! මිනිසුන් ශිව කෝවිලට ගොස් තම හිස නමනවා. නමුත් ඔවුන්ගෙන්
කිසිවෙක් දන්නේ නැහැ ඔහු කවුද, මොනවද කරන්නේ කියලා. ඔවුන් නිකම් ඔහේ කියනවා කාශි වල
සිට පැමිණි ශිවා, ලෝක පාලකයා කියලා. නමුත් කිසිම දෙයක අර්ථය දන්නේ නැහැ. ඔබ ඔවුන්ට
පැහැදිලි කිරීමට උත්සාහ ගත් විට ඔවුන් කියනවා ඔබ කොහොමද අපට තේරුම් කරලා දෙන්න
එන්නේ ? අපි වේද ග්රන්ථ හැම දෙයක්ම කියවලා තියෙන්නේ. දරුවන් වන ඔබ මේවා තේරුම්
ගන්නේ අනුපිළිවෙලට. සම්පූර්ණයෙන්ම ගල් බුද්ධියක් තියෙන අය මේවා අමතක කරනවා.
දිව්‍යමය බුද්ධියක් තිබෙන අය අනෙක් අයගේ බුද්ධියත් දිව්‍යමය කරවීමේ කාර්යයේ
නියැලෙනවා. ගල් බුද්ධියක් ඇති අයගේ ක්‍රියාත් ඒ වගේමයි! එහෙ ඉන්නේ හංසයෝ සහ කොක්කු.
හංසයෙක් කිසිවෙකු දුකට පත් කරවන්නේ නැහැ. කොක්කු දුක දෙනවා. එවන් අය යක්ෂයෝ කියලත්
හඳුන්වනවා. ඔවුන්ට කිසිම අවබෝධයක් නැහැ. ගොඩක් දූෂිත අය මධ්‍යස්ථානයට එනවා. ඔවුන්
පිරිසිඳුව සිටිනවා කියා කතන්දර කියනවා, එහෙත් ඒවා බොරු. ලෝකය බොරුවක් කියාත් කියා
තිබෙනවා... දැන් එය සංගම යුගයයි. එතැන ඇත්තේ විශාල වෙනසක් ! බොරුකාරයෝ, වැරදි
හැසිරීම් ඇති අය තමයි තුන්වන පංතියට එන්නේ. පළමු, දෙවන සහ තෙවන පංතිය වශයෙන්
තියෙනවා. බාබාට පුළුවන් කියන්න මොනවගේ අයද තුන්වන පංතියට එන්නේ කියලා. ඔබේ
පාරිශුද්ධත්වයේ සම්පූර්ණ ඵලය දිය යුතුයි. බොහෝ දෙනා කියනවා අපි දෙන්නා පාරිශුද්ධව
ජීවත් වෙනවා. එය සිදුවිය නොහැකියි. යෝගා බලය නොමැති නිසා ඇතැම් දරුවන්ට ඉතා පහසු
කරුණු පැහැදිලි කරන්න බැහැ. දෙවියන් උගන්වන බව කිසි කෙනෙකු පැහැදිලි කර දෙන්නේ
නැහැ. පිරිසිඳු වීමෙන් ඔබ උපත් 21ක් සඳහා දිව්‍යලෝකයේ පාලකයින් වෙනවා. ඔබ විශාල
ලොතරැයියක් දිනා ගන්නවා. එහෙ බොහෝ සතුටක් තිබෙනවා. බොහෝ දරුවෝ පිරිසිඳු විවාහයක් කර
පාරිශුද්ධත්වය සුරකිනවා. දේවතාවන් පිරිසිඳුයි. එකම එක බාබාට පමණයි පුළුවන් ඔබව
අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත්කරන්න. දැනුම, භක්තිය සහ නිරාශාව ඔබට පහදා දුන්නා.
ගියාන් සහ භක්ති භාගෙ භාගෙ බෙදෙන අතර නිරාශාව එන්නේ භක්තියට පසුවයි. මේ අපිරිසිඳු
ලෝකයේ තවදුරටත් ඔබ රැඳී සිටින්නේ නැහැ. ඔබ ඔබේ ඇඳුම් (ශරීරය) ඉවත් කර නිවහන වෙත යා
යුතුයි. දැන් අපි අපේ උපත් 84 සම්පූර්ණ වී නිවහන වෙත, සාම දනව්ව වෙත යනවා. පළමු
කරුණ ඇල්ෆා ඔබ අමතක නොකළ යුතුයි. දරුවනි, ඔබ අවබෝධ කර ගන්න මේ පැරණි ලෝකය
අනිවාර්යෙන්ම විනාශය කරා යන බව. බාබා නව ලෝකය නිර්මාණය කරනවා. බොහෝ වතාවක් නව ලෝකය
ගොඩනැංවීමටත් පැරණි ලොව විනාශ කිරීමටත් බාබා පැමිණියා. අපාය ඉතා විශාලයි,
දිව්‍යලෝකය ඉතා කුඩායි. නව ලෝකයේ තිබෙන්නේ එක ආගමයි. මෙහෙ බොහෝ ආගම් තිබෙනවා. මෙසේ
ලියැවී තිබෙනවා ශංකර් මාර්ගයෙන් විනාශය. බොහෝ ආගම් වල විනාශයත් එකම එක ආගමේ
ස්ථාපනයත් ඇතිවන්නේ බ්රහ්මා මඟින්. මේ ආගම නිර්මාණය කරන්නේ කවුද? ඒ, බ්රහ්මා
නොවෙයි. බ්රහ්මා අපිරිසිඳු බවින් පිරිසිඳු වෙනවා. මා (ශිවා) අපිරිසිඳු බවින්
පිරිසිඳු වූ බව කියැවෙන්නේ නැහැ. මොවුන් පිරිසිඳු විට ලක්ෂ්මී සහ නාරායන්. ඔහු
අපිරිසිඳු විට බ්රහ්මා ලෙස හඳුන්වනවා. බ්‍රහ්මාගේ දවාල සහ බ්‍රහ්මාගේ රැය ගැන
සඳහන් වෙනවා. ඔහු (ශිව බාබා) සදාකාලික නිර්මාපකයා නම් වෙනවා. ජීවයන් සදාකාලිකයි ඔහු
ජීවයන්ගේ නිර්මාපකයා කියන්නේ නැහැ. එමනිසා, ඔවුන් සදාකාලික යැයි හැඳින්වෙනවා පියා
සදාකාලිකයි සහ ජීවයන් ද සදාකාලිකයි. මේ නාටකයත් සදාකාලිකයි. මෙය සදාකාලික නොනවතින
නාටකයක්. ජීවයන් වන ඔබට ලෝක චක්‍රයේ මුල, මැද සහ අග ගැන දැනුම ලබා දෙනවා. මෙය
දුන්නේ කවුද? බාබා. ඔබ උපත් 21කට නායකයාට සහ පාලකයාට අයත්ව සිටියා. පසුව ඔබ රාවන්
රාජ්‍යයේ අනාථයින් වුණා. ඔබේ චරිතය මේ පාපයන්ගෙන් දූෂිත වුණා. මනුෂ්‍යයෝ විශ්වාස
කරනවා අපාය සහ දිව්‍යලෝකය එකම කාලයේ එකට පිහිටනවා කියලා. දරුවන් වන ඔබට සත්‍යය ඉතා
පැහැදිලිව තේරුම් කර දෙනවා. දැන් ඔබ අදෘෂ්‍යමානයි. මේ වගේ සියලුම දේවල් ආගමික
ග්‍රන්ථයන්ගේ ලියැවී තිබෙනවා. නූල සම්පූර්ණයෙන්ම වටවෙලා. ඔවුන් කතාකරනවා අපෙන්
වැඩක් නැහැ, පැමිණ අපව පිරිසිඳු කර චරිතය නවතාවයකට පත්කරන්න. ඔබේ චරිතය විශාල ලෙස
වෙනසකට පත්විය යුතුයි. සමහරු ඔවුන්ගේ චරිතය නවතාවයකට පත්කරනු වෙනුවට වඩ වඩාත් නරක්
කර ගන්නවා. මේක ඔවුන්ගේ මූණ දිහා බැලුවහම ඔබට කියන්න පුළුවන්. අද ඔවුන් හංසයින් සහ
හෙට ඔවුන් කොක්කුන් වෙනවා ඊට ඔවුන් කාලයක් ගන්නේ නැහැ. මායාත් ඉතාමත් අදෘෂ්‍යමානයි.
මෙහෙ කිසිවක් දෘෂ්‍යමාන නැහැ, නමුත් ඔවුන් පිටතට ගිය මොහොතේම හැම දේම පෙනෙන්න
ගන්නවා. ඔවුන් පුදුමයට පත්වෙනවා, ඔවුන් ඇහුම්කන් දෙනවා, පසුව ඔවුන් දිව යනවා. ඔවුන්
ඉතාමත් දරුණු ලෙස පහතට වැටී ඇටකටු පවා තැලී පොඩි වී යනවා. මෙය ඉන්ද්‍රාගේ උසාවිය,
ඉන්ද්‍රප්‍රසාද් යන්න මතක් කරනවා. ඔබ දන්නවා මේ සමූහයට ගෙන නොයා යුත්තේ කාවද කියලා.
ඉතා කෙටි දැනුමකට සවන් දීමෙන් ඔවුන් දිව්‍යලෝකයට යනවා දැනුම විනාශ කරන්න බැහැ. බාබා
කියනවා දැන් උත්සාහ දරා උසස් තත්ත්වයක් ලබන්න. ඔබ පාපයේ ගැළුනොත් තමන්ගේ තත්ත්වය
අහිමි කරගන්නවා. මේ චක්‍රය කරකැවෙන්නේ කෙසේදැයි ඔබ දැන් දන්නවා. දරුවනි, ඔබේ
බුද්ධිය දැන් බොහෝ සේ වෙනස් වෙලා! එහෙමවුණත්, මායා තවමත් ඔබව රවටනවා. ඔබ ආශාවන්
පිළිබඳව මුළුමණින්ම නොදන්නා අය බවට පත් විය යුතුයි. ඔබ එකක හෝ තවෙකක ආශාවන් රඳවාගෙන
සිටීනම් ඔබට සියල්ල අහිමි වී සතයක් තරමටවත් නොවටිනා තත්ත්වයට පත්වෙනවා. මායා ඉතා
හොඳ මහාරාතීන්ලා පවා රවටනවා. එවිට ඔවුන්ට බාබාගේ හදවත දිනා ගැනීමට බැහැ. ඇතැම්
දරුවෝ තම පියා මැරීමට පවා පැකිළෙන්නේ නැහැ. ඔවුන්ට තම පවුලත් විනාශ කළ හැකියි.
ඔවුන් මහාම පව්කාර ජීවයන්. මේ සේරම කරන්න පොළඹවන්නේ රාවන්. ඔබ ඔවුන්ගේ මේ දේවල්
අහන්නවත් කැමති නැහැ. එය එතරම් ජරා ලොවක් ! ඔබේ හදවත එවන් දේවල් වලට බැඳීමට ඉඩ
නොතබන්න. පාරිශුද්ධත්වයට පත්වීමට විශාල ධෛර්යයක් අවශ්‍යයි. ලෝක ත්‍යාගය දිනා ගැනීමට
පාරිශුද්ධත්වය ඉතා වැදගත්. පාරිශුද්ධත්වය මත විශාල ලෙස හැලහැප්පීම් සිදුවෙනවා.
ගාන්ධිත් කියනවා අහෝ පාරිශුද්ධත්වයට පත්කරන්නාණෙනි පැමිණෙන්න! බාබා කියනවා ලෝකයේ
ඉතිහාසය සහ භූගෝලය නැවත වතාවක් ක්‍රියාත්මක වෙනවා. හැම කෙනෙකුම ඉහළ සිට නැවත වතාවක්
පහළට එන විට ඔබ සියලුම දෙනාට එකම නිවහන වෙත යා හැකියි. ඔබ සියලුම දෙනා නිවහන වෙත
ගෙන යාමට බාබා පැමිණියා. බාබා පැමිණීමට පෙර කිසිවෙකුට නැවතත් යා නොහැක. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මායාට
රැවටීමෙන් සුරැකීම සඳහා කිසිමාකාරයක ආශාවන් තබා නොගන්න. ආශාවන්ගෙන් සම්පූර්ණයෙන්ම
මිදෙන්න.
2. ලෝක පාලක තත්ත්වය
දිනා ගැනීම උදෙසා පාරිශුද්ධත්වය ඉතා වැදගත් වේ. එමනිසා, ඔබට පාරිශුද්ධත්වය රැකීමට
ධෛර්යය තිබිය යුතුයි. ඔබ තම චරිතය නවතාවයකට පත්කර ගත යුතුයි.
වරදානය:
ඔබගේ
සිහිකිරීමේ ආරක්ෂාවේ වියන යට සහ චර්යාධර්ම සංග්‍රහය තුළ නිරතුරුව රැඳී සිටීමෙන් ඔබ
ජයග්‍රාහී වී මායා ජයගත හැකිවේවා.
පරමාත්ම පියා සිහි
කිරීම ඔබේ ආරක්ෂාවේ වියන වන අතර ඔබේ වියන යට රැඳී සිටීම යනු ජයග්‍රාහී වීම සහ මායා
ජය ගැනීමයි. ඔබේ සිහිකිරීමේ ආරක්ෂාවේ වියන යටතේ සහ චර්යාධර්ම සංග්‍රහය තුළ
නිරන්තරයෙන් රැඳී සිටින විට කිසිවෙකුට ඒ යටට පැමිණීමට ධෛර්යයක් නැත. ඔබ ආචාර ධර්ම
පද්ධතියෙන් බැහැරව ගිය විට, මායා ඔබව ඇයට අයිති කර ගැනීමට දක්ෂ වෙයි. කෙසේ වෙතත්
ජයග්‍රාහී ජපමාලය ඔබගේ සිහිවටනය වන බැවින් ඔබ අනන්ත වාර ගණනක් ජයග්‍රහණය කර ඇත. මෙම
දැනුවත්භාවය සමඟ නිරතුරුවම බලවත්ව සිටින්න, ඔබ මායා විසින් පරාජය නොකරනු ඇත.
පාඨය:
සියලු වස්තු
ඔබ තුළට ඒකාබද්ධ කරන විට ඔබ දිගටම පූර්ණත්වය අත්විඳිනු ඇත.