14.11.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
වෙනවා ඇත. අමෘතය වන් හිමිදිරි පාන්දර ඉතා හොඳයි.

ප්‍රශ්නය:
කීකරු දරුවන්ගේ ලක්‍ෂණ මොනවා ද?

පිළිතුර:
කීකරු දරුවන් අති උසස් පියාගේ උසස් වදන් තම හිස මත තබාගනී. එනම්, ඔවුන් ඒවා ක්‍රියාවට නගයි. ඔවුන්ගේ හැසිරීම ඉතාමත් රාජකීයයි. ඔවුන් ඉතා ඉවසිලිවන්තයි. තමන් ලෝකාධිපත්‍යයන් වෙමින් සිටිනා අදෘෂ්‍යමාන කුල්මත්භාවය ඔවුන්ට තිබෙනවා. කීකරු දරුවන් කිසිසේත් පියාව අපහාසයට ලක්කිරීමට ඉඩ තබන්නේ නැහැ. පියාව අපහාසයට ලක් කරන දරුවන්, එනම්, අකීකරු වන අය බොහෝ සෙයින් අවසේවාවන් කරති. කීකරු දරුවන් නිරන්තරයෙන් පියා අනුගමනය කරන අතර වැරැදි ක්‍රියා නොකරති.

ගීතය:
ඔබේ අහස් සිංහාසනය අතහැර පොළවට බැස එන්න...

ඕම් ශාන්ති.
ඔබ සුමිහිරිතම ආධ්‍යාත්මික දරුවන් ගීතයේ පද පේළි දෙකකට සවන් දුන්නා. ඔය දරුවන්ට දැන් එහි අර්ථය වැටහුණා - එනම් පියා මෙහි සිටින බවයි. පරම පියා මෙහි ඉඳිමින් ඔබට හරි දේවල් පැහැදිලි කර දෙනවා. මන්ද, මිනිස්සු කියන දැනුමේ කරුණු හෝ දෙවියන් හමුවීම ගැන හෝ කියන සෑම දේම වැරදියි. ඔබ ගීතයේ වචන වලට සවන් දුන්නා: අහස් සිංහාසනය අතහැර පොළවට බැස එන්න. කෙසේවෙතත්, අහස් සිංහාසනය කුමක්ද කියා කිසිවකු නොදනී. පාරිශුද්ධ කරන්නා පැමිණිය යුතුයි. ඇතැම් අය දෙවියෙක් නැහැ කියති. එහෙත් තවත් අය, අන් අය සියල්ලම දෙවියන් යැයි කියති. එහෙනම් ඔහු පැමිණිය යුත්තේ ඇයි? ඔය දරවන් දැන් පියා පැමිණ සිටින බව දන්නවා. ඒ නිසා දැන් ඔය භක්ති මාර්ගයේ ගීත වලට සවන් දෙන්න මම කැමැති නැහැ. පාරිශුද්ධ කරන්න ඇවිත් ඔහුගේ හැඳින්වීම දෙන අතර නිර්මාණයේ මුල, මැද සහ අග පිළිබඳ වූ රහස් පැහැදිලි කර දෙනවා. මේ දේවල් තේරුම් ගත හැකි අන් කිසිම කෙනෙක් ලොවේ නැහැ. මෙහිද, විවිධ අදහස්, මත ආදිය ඇති අය බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන් කියන්නේ මනුෂ්‍යයන්ට පාරිශුද්ධ වීම කළ නොහැකි දෙයක් කියායි. පරමාත්ම දෙවියන් නොපැමිණ කෙනෙකු පාරිශුද්ධ විය හැක්කේ කෙසේද? පරම පියා ඇවිත් මෙම ඉගෙනීම දෙනවාත් සමග මෙමගින් කොපමණ විශාල ප්‍රාප්තයන්ද ඇත්තේ යන පෙළඹවීමක්ද කරනවා. ඔබ දන්නවා පරම පියා මෙසේ කියනවා: මා සතු වූවාට පසුද, ඔබ ශ්‍රීමත් අනුගමනය නොකරන්නේ නම්, දඬුවම් විඳීමට සිදුවෙනවා. පියෙකු තම පුත්‍රයාගේ හැදියාවන් හොඳ නැත්නම්, ඔහුට බැන වදිනවා. මෙම පියා කිසිම කෙනෙක්ට බනින්නේ නැහැ. ඔහු සරළව පහදා දෙයි. ඇතැමුන් තම පොරොන්දුව ලෙයින් පවා ලියනවා, එසේ වීත් පරාජිත වී යනවා. පාරිශුද්ධ වීමෙන් කුමක් ලැබෙයිද යන්න මිනිසුන් නොදනී. අපිරිසිඳු අය යැයි කියන්නේ කාටද? පියා පැහැදිලි කරයි: පාපයෙහි ගැලෙන අය අපිරිසිඳුයි. මිනිසුන් සිතන්නේ පාපය අත්හරිත එක කළ නොහැක්කක් ලෙසටයි. ඔවුන්ට කියන්න දේවතාවන් මුළුමනින්ම පාපයෙන් තොර වූවන් (නිර්විකාරී) කියා. ඔබ ඔවුන්ට පින්තූර පෙන්වන්න. මේ ලෝකය පාපයෙන් තොරව තිබුණා. පාරිශුද්ධත්වය තිබූ කල භාරතය ඉතාමත් ධනවත් රාජ්‍යයක් විය. එය ශිවාලය විය. මිනිස්සු සිතන්නේ පාපයෙන් තොරව ජනගහන වර්ධනය ඇතිවන්නේ කෙසේද කියායි. ආණ්ඩුව සැලකිලිමත් වන්නේ ජනගහනය වැඩිවීම කෙසේ නවත්වන්නද කියායි. ඒ වුණත් සෑම වසරේම ජන සංඛ්‍යාව අධික වෙනවා. එය අඩු කිරීම ඉතාමත් අපහසුයි. මෙහි අසීමිත පියා කියනවා: ඔබ පාරිශුද්ධ වුණේ නම්, මම ඔබව ලොවට අධිපතීන් කරවනවා. ආදායම ඉතා විශාලයි. ඔය දරුවන් දන්නවා මායා ජයගත්තන් වීමෙන්, සැබැවින්ම ඔබ ලෝකාධිපතීන් බවට පත්වන බව. ඔබ රාවණ ජයගෙන රාම රාජ්‍යය අත්කර ගනී. මේ පාප එහි නොපවතී: ඔබ ඒවා පරදවා තිබෙයි. මේ දේවල් වටහා ගත් අය විරලයි. ඔවුන් කියයි: එයින් තොරව ලෝකයක් පැවතෙන්නේ කෙසේද? ඒ අයුරින් කතා කරන්නන් ආදී සනාතන දේවි දේවතා ධර්මයට අයත් නොවන බව ඔබ තේරුම් ගත යුතුයි. ඔබ කොතැනක දේශනය පැවත්වුවත් කියන්නේ: පරමාත්ම දෙවියන් කතා කරනවා කියායි. දෙවියන් කියන්නේ: රාගය දරුණුතම සතුරායි. මෙය ජය ගැනීමෙන් ඔබ ලෝක විජයග්‍රාහීත් වෙනවා. ඉතා ඍජුව පැහැදිලි කළත් ඔවුන්ට කිසිවක් නොතේරෙයි. එසේ නැතිනම් පැහැදිලි කරන්නත් දක්ෂ නැතිවා වත්ද? රුපියලක් ඇනා පහයි කියා තේරුම් ගන්නවත් බැරි ඇතැම් දරුවන් ඉන්නා බව බාබාට තේරෙනවා. නැතිනම්, ඔවුන් තවමත් පුර්ණ යෝගීත් නොවී සිටින නිසා ඔවුන් ශක්තිය ලබා නැත. බාබා සර්ව බලධාරියා වේ. ඔබට යෝගා තිබේ නම්, ඔබට බලය ලබාගත හැකියි. බොහෝ දරුවන්ට යෝගාව ඉතා සුළු ප්‍රමාණයකි ඇත්තේ. කිසිම කෙනෙක් බාබාට ඇත්ත ලියන්නේ නැහැ. කවුරුහරි යෝග වාර්තාව ලියන්නේත් කලාතුරකිනි. ගුරුවරුන් තම වාර්තාව ලියන්නේ නැතිනම් ශිෂ්‍යයන් කෙසේ ලියයිද? බොහෝ ශිෂ්‍යයන් යෝගාවෙහි බලවත්ය. ප්‍රධාන දේ තමයි පියා සිහිකරන එක. යෝගා කියන වචන ආගමික ග්‍රන්ථ වල තිබෙන දෙයක්. එය ඇසුවිට මිනිස්සු කලබලයට පත්වෙති. ඔවුන් කියයි: අපට යෝගා උගවන්න. ඕ. යෝගා කියන්නේ ඉගෙන ගන්න දෙයක් නොවෙයි. උදේ පාන්දරින් ඔබම අවදි වී ස්මරණය සඳහා ඉඳගන්න. ඒ සඳහා ඉඳගෙන උගන්වන ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. මේ නිසයි, "ස්මරණය" කියන වචනය හොඳ වන්නේ. යෝගාව හදාරන දෙයක් නොවෙයි. මේ පුරුද්ද සිතට කාවද්ද ගන්න එපා (යෝගා හැදෑරීමේ උවමනාව). පියා කියනවා:තමන් ජීවාත්මයක් යැයි සලකා පරම පියා ස්මරණය කරන්න. එවිට, ඔබ සතෝප්‍රධාත් වෙනවා. අම්රිත් වේලාවේදී බාබා සිහිපත් කරන එක හොඳයි. භක්තිවන්තයන් භක්ති කරන්නේද උදේ පාන්දරින්මයි. මොහුත් පියාව සිහිපත් කරනවා. ඇයි ඔහු පියා සිහිපත් කරන්නේ? ඒ ඔහු පියාගෙන් උරුමයක් ලබා ගන්නයි. භක්ති මාර්ගයේ මිනිස්සු ශිවා සිහිපත් කළා වුවත්, ඔවුන්ට ඔහුගෙන් ලැබෙන්නේ කුමක්ද කියා ඔවුන් දන්නේ නැහැ. දරුවන් වන ඔබලා පමණයි මෙය දන්නේ. පරම පියා මෙම ශ්‍රීමත් ඔබට දෙනවා: තමන්ට යහපතක් කරගැනීම සඳහා මා සිහිපත් කරන්න. සිහිපත් කිරීමෙන් පමණයි ඔබට බලය ලැබෙන්නේ. බලය තුළිනුයි ඔබේ පාප නැති වී යන්නේ. දැනුමෙන් පාප නැති වී යන්නේ නැහැ. දැනුමෙන් ඔබ තත්ත්වයක් ලබා ගනීවි. ඔබ අපිරිසිඳු බවින් පාරිශුද්ධ වන්නේ ස්මරණය තුලිනී. මෙයින් බොහෝ දරුවන් අසමත් වෙති. ඇනා පහක් තරම්වත් වටිනා තරමට කලාතුරකින් ස්මරණයේ යෙදෙන බොහෝ හොඳ මහාරථිනුත් ඉන්නවා. ඇතැම් අය බාබා සිහිකරන්නේ නැහැ එක් පැයිසාවකට (ඇනා-1/6) වත්. මෙයට බොහෝ උත්සාහය අවැසියි. පැහැදිලි කිරීම් ඉතා ඉක්මණින් තේරුම් ගන්න පුළුවන්. එහෙත් ඔබ ස්මරණයෙහි සිටියොත් පමණයි ඔරුව එගොඩ වෙන්නේ. එවිටයි උපත් බොහෝමයක පාප නැති වී යන්නේත්, ඔබ පුන්‍යාත්මයන් වන්නේත්. ඔබ පරම පියාට කන්නලව් කළා: අපිරිසිඳු වී සිටින අපව පාරිශුද්ධ කරන්නට පැමිණෙන්න කියා. බොහෝ අය පාරිශුද්ධ වනවා. එහෙත් තනතුරක් ලබන්නේ ඉතා හොඳින් මරණයෙහි සිටිනා අය පමණයි. බන්ධන වැඩි අය ඔබටත් වඩා ස්මරණයෙහි යෙදෙනවා. ස්මරණය මගින් පමණයි ඔබේ පාප නැති වී යන්නේ. කෙනෙක් කියනවා නම් පාරිශුද්ධත්වය රැකීම කළ නොහැකි දෙයක් කියා ඔබ ඒ කෙනා සමග කතා නොකළ යුතුයි.

භාරතය පාපයෙන් තොරව තිබූ කල සතෝප්‍රධාත් වී තිබුණා. එහෙත් ධනවතුන්ට මෙම ඥානය අවබෝධ කර ගැනීම අපහසුයි. මන්ද, ඒ සඳහා ස්මරණය අවැසිවන නිසයි. පරම පියා කියයි: ඔබගේ පවුලේ අය හා ගෙදර සිටිනා අතරේ ඔබගෙන් ඔවුන්ට විය යුතු වගකීම් ඉටුකරන්න. ඇත්තෙන්ම, මෙහි තිබෙන නීති ඉතාමත් තදයි. උපතක් උපතක් පාසාම ඔබ පාපකාරී ජීවාත්මයන්ට දානය කරමින් දිගටම පාපකාරී ජීවාත්මයක් වුවා. ඔබ තවදුරටත් පාපකාරී ජීවාත්මයට මුදල් නොදිය යුතුයි. කොහොම නමුත්, එය ඔවුන්ගේ සියාගේ උරුමය නම් ඔබ එය දිය යුතුමයි. මේ නිසා තමයි පියා කියන්නේ: පළමුවෙන්ම, ඔබගේ ලෞකීක වගකීම් ඉටු කර පසුව බාබාට කැප වෙන්න. මෙසේ මතුවන්නේ මිලියන ගණනිත් අතමිටකි. මෙම ඉලක්කය ඉතා උසස් ඉලක්කයකි. පියාව අනුගමනය කරන්න. බැඳීම් නැති කරනවා යනු නැන්දම්මාගේ ගෙදර යනවා වැනි දෙයක් නොවේ. ඒ සඳහා සෑහෙන උත්සාහයක් අවශ්‍ය වනවා. ලෝකාධිපත්‍යය ලැබෙනවා කියන්නේ විශාල ලැබීමක්. සෑම චක්‍රයකදීම ලෝකාධිපත්‍යයන් වූවන් නැවතත් එම තත්ත්වයට පත්වනවා. නාටකය පිළිබඳ වූ රහස් බුද්ධියට යන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකුටයි. ධනවත් අය එතරම් පහසුවෙන් උසස් කළ නොහැකියි. දුප්පත් අය ඉක්මණින් කියනවා: බාබා, මේ සෑම දෙයක්ම ඔබගේය කියා. පසුව ඔවුනුත් සේවය කළ යුතුයි. පාරිශුද්ධත්වයට පත්වීම සඳහා ස්මරණය අවශ්‍යයි. එසේ නැතිනම්, බොහෝසෙයින් දඩුවම් විඳීමට සිදුවෙනවා. දඩුවම් ලැබුවහොත් තත්ත්වය බාල වෙනවා. ස්මරණයෙහි නොයෙදන අය දඬුවම් විඳිනවා. ඔබ කෙතරම් ඥානය ලැබුවත් එමගින් පාප නැති වී යන්නේ නැහැ. දඩුවම් විඳ පසුව පහළ තත්වයක් ලැබීම අරුමයක් නොවේ. පරම පියාගෙන් සම්පූර්ණ උරුමය ලබන්නට ඔබ ඔහුට කීකරු විය යුතුයි. උසස්ම පියාගේ උසස් වාක්‍ය ඔබේ ඔළුවේ තිබිය යුතුයි. ක්‍රිෂ්ණා ජීවාත්මය ද මේ කාලයේදී උරුමය ලබනවා. මා ලක්ෂ්මී සහ නාරායන ජීවාත්ම දෙකට ඔවුන්ගේ උපත් ගණනාවකින් අවසානම උපතේ දී උගන්වා ඔවුන්ගේ උරුමය ලබා දෙනවා. ඔබ අතරිනුත් රජකුමරුන් හා රජකුමරියන් බවට පත්වීමට යන අය ඉන්නවා. රාජකීය පවුලකින් එන කෙනෙකුගේ හැසිරීම ඉතාමත් ඉවසිලිවන්තයි. ඔවුන් තුළ සූක්‍ෂම වූ කුල්මත් බවක් තිබෙනවා. බාබා ඉන්නේ ඉතා සරළ ලෙසයි. තව ඉතිරිවී තිබෙන්නේ ටික කාලයක් බවත් තමා දැන් ලෝක අධිරාජ්‍යයා බවට පත්වෙන්න සිටින බවත් ඔහු දන්නවා. මොහුත් අපිරිසිඳුව තමයි සිටියේ. මොහු බබාගේ වාහනය නිසා තමයි මෙම ගදිය මත ඉඳගත යුතු වන්නේ. බාබා වෙන කොහේ ඉඳගන්න ද? ඔහුත් ඔබ වාගේම ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. බොහෝ දරුවෝ පියාව හඳුනා ගන්නේ නැහැ. පරම පියා සමග ධර්මරාජ්ද සිටිනවා. පියා කියනවා: ඔබ මට කීකරු නොවී සිටියොත්, මට අපහාස කළොත් ධර්මරාජ් බොහෝ සෙයින් දඩුවම් දෙයි. ඔබ මටත් මගේ දරුවාටත් කෙලින්ම අකීකරු වෙනවා. පියාට බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වූ එකම එක පුතෙක් පමණයි ඉන්නේ. ඔහු ඒ පුතාට ආදරෙයි. ඔබ මොහුට අපහාස කළහොත් බොහෝ දඩුවම් විඳින්න සිදුවෙනවා. තව ටිකක් බාධක ඒමට ඉඩ හරින්න. පසුව කී දෙනෙකු මෙහි දුවගෙන එයිද කියා බලන්න. ඔබ සෑම කෙනෙක්ම මෙහි දුවගෙන ආවා. මොහු කිසිම මැජික් එකක් කළේ නැහැ. ශිව බාබා තමයි මැජික්කරුවා. ශිව බාබා මොහු තුළට ඇතුළු වෙනවා යන්න ගැන නොදන්නා අය බොහෝමයක් ඉන්නවා. ශිව බාබා ඉදිරියේ ඔබ වැරදි වැඩක් කළොතිත් ඔහු කියයි ඔබ නුසුදුසු ළමයෙක් කියා. මොහු තුළ දෙදෙනෙක් ඉන්නවා. මේ නිසා තමයි බාප්දාදා කියා ටෙලිග්‍රෑම් වල අමතා තිබෙන්නේ. කොහොම නමුත්, දරුවත් දන්නේ නැහැ බාබා සහ දාදා එකට ඉන්නේ කොහොමද කියලා. පියා උරුමය දෙන්නේ දාදා මාර්ගයෙනි. ඔබම මෙම මාතෘකාව ඉදිරියට ගත යුතුයි. බාප්දදා කියන්නේ කවුද කියා ඔබ දන්නවාද? බාප්දාදා කියා ඔබ අමතන්නේ කාටද කියලා කවුරු හෝ ඔබෙන් ඇසුවොත් බාප්දාදා කියන්නේ එක් අයෙකුගේ නමක් නොවෙයි. දරුවන් උපක්‍රමශීලීව පැහැදිලි කළ යුතුයි. අන් අයට පැහැදිලි කරන විට තමන් දාදා මාර්ගයෙන් ශිව බාබාගෙන් උරුමය ලබනවා යන්න ඔවුන්ට වැටහිය යුතුයි. විනාශය දැන් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. එය සිදුවීමට ප්‍රථම බාබා උගන්වනවා. ඉතින් ඔබත් මෙය ඉගෙන ගත යුතුයි. ඔබ කල්ප බාගයක් පුරාම කන්නලව් කරමින් සිටි එම පියා දැන් ඔබට ඥානය දෙන්නට පැමිණ සිටිනවා. කෙසේවෙතත්, සමහරු කියනවා: ඔවුන්ට මෙය වටහාගන්න වේලාවක් නැහැයි කියා. එවිට ඔබට කියන්න පුළුවන්: ඔබ අයත් වන්නේ දේව ධර්මයට නොවේ. ඔබගේ වාසනාවේ, දිව්‍යලෝකය යන සතුට ඔබ තුළ නැහැ. මෙහිදී, ඔබගේ ඔළුව නැමීම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ තිබෙන්නේ. මිනිස්සු අනිවාර්යයෙන්ම සන්යාසීන්ගේ කකුල් ලඟ වැඳ වැටෙනවා. මොහු සූක්ෂමයි. ඔබ මෙසේ දියුණු වෙමින් සිටින විට බොහෝ මිනිස්සු මිය යනවා. මන්ත්‍රීවරුන් වැනි පුද්ගලයන් දැක ගැනීමට විශාල සෙනගක් රොක්වනවා. මෙහිදී පියා දරුවන් සමග අසුන්ගෙන සිටින්නේ ඉතාමත් සූක්‍ෂම අයුරිනී. මෙහිදී ඔබ බලන්නේ කවුරු දෙසද? මොහු මැණික් කරුවෙක් බව ඔබ දන්නවා. බ්‍රහ්මා මාර්ගයෙන් මනුෂ්‍ය ලොව නිර්මාණය වූයේ කෙසේද යන්න ගැන ආගමික ග්‍රන්ථ වල ලියා තිබෙනවා. පියා කියනවා:මා මොහු තුළට ඇතුළු වී එය නිර්මාණය කරනවා. මෙයද ලියා තිබෙනවා. නමුත් ගල් බුද්ධියකින් යුතු වූ අයට එය වැටහෙන්නේ නැහැ. පියා පැමිණ ඔබව පාරිශුද්ධත්වයට පත්කරවා පසුව මාරුකර යවනවා. ඔහු අළුත් නිර්මාණයක් නිර්මාණය කරන්නේ නැහැ. අපිරිසිඳු අයව පිරිසිඳු කිරීමේ මාර්ගය මෙයයි. අනේක විධ ස්වරූපවලින් යුතු පින්තූරය තිබිය යුතුමයි. ඔබ ළඟ විශාල පින්තූරයක් තිබෙනවා නම් පැහැදිලි කිරීම පහසුයි. ගල් බුද්ධියකින් යුතු වූ කෙනෙක්ව දිව්‍යමය බුද්ධියක් ඇති අයෙක් බවට පත්කිරීම පහසු වැඩක් නොවේ. සමහර මිනිස්සු ඇවිත් අලස ලෙස වට පිට බලා යන්න යනවා. ඒ සේවකයන් වීමට සිටින ඔවුන්ගේ බුද්ධියේ කුමන හෝ දෙයක් තැන්පත් වෙනවා. අප බ්‍රහමින්වරුන් වන අතර දේවතාවරුත් වීමටයි ඉන්නේ. බාබා "හම් සෝ, සෝහම්" යන්නෙහි අර්ථය ඉතා හොඳින් විස්තර කර දී තිබෙනවා. මිනිස්සු කියනවා: ජීවාත්මය කියන්නේ පරමාත්මයටයි කියා. මෙහිදී ඔබ දන්නවා, ජීවාත්ම වන ඔබ සදාකාලික බව. ජීවාත්ම වන අප ප්‍රථමයෙන් බ්‍රාහ්මිණ්වරුත්, පසුව දේවතාවන් බවටත්, ඉත්පසු වෛශ්‍ය බවටත් පත්වනවා. අප සෑම වංශයක්ම හරහා යනවා. අප උපත් 84ක චක්‍රය පුරා යනවා. ප්‍රමාදවී එන අය ගන්නා උපත් සංඛ්‍යාව දළ වශයෙන් කොපමණ වේද? මෙය ඔබට ගණනය කළ හැකියි. බාබා කැමැති වන ලෙස ඉතා හොඳ පින්තූර සෑදිය යුතුයි. මේ පින්තුර සාදන්නට උදව් කළ හැකි දක්‍ෂ දරුවන් දෙතුන් දෙනෙක් සිටිය යුතුයි. වියදම දරන්න බාබා සුදානම්, එමෙන්ම වස්තු ගබඩාවක් පසුව ඔහුම සාදනවා. බාබා කියනවා: ප්‍රධාන පින්තුර විනිවිදව (ට්‍රාන්ස්ලයිට්) නිර්මාණය කළ යුතුයි. මිනිස්සු ඒවා දුටුවාම ඉතාමත් සතුටට පත්වේවි. මුළු ප්‍රදර්ශන සෙට් එකම මේ අයුරින් නිර්මාණය කළ යුතුයි. කෙසේවෙතත්, දරුවන් යුහුසුළු කරවීමට බාබාටයි උත්සාහ කරන්න සිදුවී තිබෙන්නේ. ප්‍රධානම දේ තමයි පරම පියාගේ ස්මරණය තිබීම. ස්මරණයෙන්ම පමණයි ඔබ අපිරිසිඳු බවෙත් පිරිසිඳු වන්නේත්, ලෝක අධිපතීන් වන්නේත්: වෙනත් මාර්ගයක් නැහැ. ගමන බිමනේ යෙදෙන අතරේද බාබා සිහිපත් කරන්න. චක්‍රයත් සිහිපත් කළ යුතුයි. ඔබට ඉතාමත් හොඳ රාජකීය ගති ස්වභාවයක් තිබිය යුතුයි. මෙසේ යන විට ඇතැම් අය තන්හාවටත්, අනෙක් අය ඇල්මටත් ගොදුරු වෙනවා. ඇතැම් අය තමන් කැමැති දේ ලබාගන්න හුරුවී සිටින හෙයින් ඒවා නොලැබුණහොත් ඔවුන් අසනීප වෙනවා. මේ නිසා තමයි එවැනි පුරුදු ඔබ ඇති නොකරගත යුතු වන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තමාගේ යහපත උදෙසා පරම පියාගේ අණට කීකරුවන්න. බාප්දාදාට කිසිම විටෙක අකීකරු නොවන්න. තණ්හාව හෝ ඇල්ම ආදී පුරුදු කිසිවක් නොතබාගන්න.

2. ඔබගේ ගති ස්වභාවය රාජකීය එකක් කරගන්න. උදෑසනින්ම අවදි වී පියා ස්මරණය කිරීමට පුහුණුවන්න.

වරදානය:
ඔබ, සියලු ජීවාත්මයන්ට බලයන්ගේ දානය ලබා දෙන ‘මාස්ටර් බීජයක්’ වේවා.

වියළී ගොස් මැලවී ගිය පත්‍ර වැනි ජීවාත්මයන්ට සහ භක්තිකයන්ට, ඔබේ 'බීජ ස්වරූපී' ස්ථිතිය තුළින් නැවත වරක් බලයන්ගේ දානය ලබා දෙන්න. ඔවුන්ට සියලු ලැබීම් අත්විඳීමට ඉඩ සැළසීමේ පදනම වන්නේ සියලු ආශාවන් පිළිබඳ දැනුමෙන් ඔබ නොදැනුවත්ව සිටින ඔබේ මනෝ ස්ථිතියයි. ඔබම ආශාවන් පිළිබඳ දැනුමෙන් තොරව සිටින විට, ඔබට අනෙක් සියල්ලන්ගේම ආශාවන් ඉටු කිරීමට හැකි වනු ඇත. ආශාවන් පිළිබඳ දැනුමෙන් තොර වීම යනු, ඉතා බලවත් 'බීජ ස්වරූපී' ස්ථිතියක සිටීමයි. එබැවින්, 'ප්‍රධාන බීජය' බවට පත් වී, භක්තිකයන්ගේ ආයාචනය අසා, ඔවුන්ට යම් ලැබීමක් ලබා ගැනීමට මඟ සළසන්න.

පාඨය:
පරමාත්මාගේ ආරක්ෂක වියන යට නිරන්තරයෙන් රැඳී සිටීම යනු, ඔබේ 'අලෞකික' ජීවිතයේ ආරක්ෂාව අත්විඳීමයි.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

මෙම කාලය අතිශය වටිනා එකක් ලෙස සලකා එය ප්‍රයෝජනයට ගන්න; එවිට ඔබට පරිසමාප්ත ස්ථිතියට පත්විය හැකි වනු ඇත. ඔබට බාධා කරන ඕනෑම නිශ්ඵල සිතිවිල්ලකින් නිදහස් වීමට නම්, කිසිවිටෙකත් අභ්‍යන්තරව හෝ බාහිරව විවේක නොගන්න. ඔබ විවේකීව නොසිටින්නේ නම්, කිසිවක් අපතේ යන්නේ නැත. දෙවනුව, සෑමවිටම ඔබව 'අමුත්තෙකු' ලෙස සලකන්න.