14.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනේ, ඔබට “මන්මනාභව” සහ “මධ්යජීභව” යන ඉතාම තියුණු ඊතල තිබේ. මෙම ඊතල වලින් ඔබට
මායා පරාජය කළ හැක.
ප්රශ්නය:
ඔය දරුවන්ට
පරම පියාගේ උපකාර ලැබෙන්නේ කුමන පදනමට අනුවද? ඔය දරුවන් පියාට ස්තූති කළ යුත්තේ
කුමන ආකාරයටද?
පිළිතුර:
ඔය දරුවන් පියාව සෙනෙහසින් සිහි කරන තරමට, එම ප්‍රමාණයට ඔබට පියාගෙන් උපකාර ලැබෙයි.
ඔහු සමග සෙනෙහසින් කතා කිරීම සදහා ඔහු සමග ඔබගේ සම්බන්ධතාවය නිවැරදිව තබාගෙන නොකඩවා
ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි, එවිට පියා අඛණ්ඩව ඔබට උදව් කරයි. ඔය දරුවන් පියාට තුති
පුදකර මෙසේ කිව යුතුයි: “බාබා, ඔබ උත්තරීතර දනව්වෙන් පැමිණ අපව අපවිත්‍ර බවින්
පිවිතුරු බවට පරිවර්ථනය කරයි. අපට ඔබගෙන් බොහෝ සතුට ලැබෙයි. අප ඔබ වෙනුවෙන් සෙනෙහසේ
කදුළු පවා සලනවා.”
ඕම් ශාන්ති.
සියලු දෙනා
අතරින්, වඩාත්ම ආදරණීය වන්නේ කෙනෙකුගේ මව සහ පියාය, එමෙන්ම මව සහ පියා තම දරුවන්ට
බොහෝ ආදරය කරයි. මිනිසුන් “මවත් ඔබයි පියාත් ඔබයි” කියා පවසන කෙනා පරම පියාය. භෞතික
මවකට සහ පියෙකුට කිසිවෙක් මෙසේ නොකියයි. මෙම ප්‍රශංසාව නියත වශයෙන්ම තිබෙන නමුත් එය
අයත් වන්නේ කාටද කියා කිසිවෙකු නොදනී. මිනිසුන් මෙය දැනගත්තේ නම්, ඔවුන් එහි යන අතර
තව බොහෝ දෙනෙක්වත් එහි රැගෙන යයි. කෙසේවෙතත්, නාටකය ඉරණම් වී ඇත්තේ මේ ආකාරයටයි.
බාබා පැමිණෙන්නේ නාටකය අවසන් වන විට පමණයි. පෙර තිබුණේ සජීවි නාටක පමණයි -
“කතානාද”. නාටකයක් අවසන් වන විට සියලුම නළුවන් වේදිකාව මතට පැමිණෙයි. මෙම නාටකයත්
අසීමිත විශාල නාටකයකි. ස්වර්ණමය යුගයේ, රිදී යුගයේ සහ තඹ යුගයේ සෑම දෙයක්ම, මුළු
ලෝකයේ සම්පූර්ණ චක්‍රයම ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. චක්‍රය බ්‍රමණය
වන්නේ පරම දනව්වේ හෝ සූක්ෂම දේශයේ නොවෙයි; මුළු චක්‍රයම බ්‍රමණය වන්නේ මෙහිදි, මෙම
ලෝකයේය. අශාරීරික ඒකායන කෙනා සත්‍යය ලෙස හදුන්වන බවත් සිහිකර තිබේ. මෙය කාගේ
වර්ණනාවද? සික් මිනිසුන් ග්‍රාන්ත් පොතෙන් මෙම වර්ණනාව ගායනා කරයි. ගුරු නානක් මෙම
වර්ණනාව පැවසුවා. කෙසේවෙතත්, “ඒක් ඔම්කාර්” යනු, අශාරීරික උත්තරීතර ජීවාත්මයේ
වර්ණනාව පමණයි, නමුත් එය උත්තරීතර ජීවාත්මයේ වර්ණනාව බව ඒ මිනිසුන්ට අමතක වී, ඔවුන්
ගුරු නානක්ව වර්ණනා කිරීම ආරම්භ කළා. නානක්, සත්ගුරූ බවත් ඔවුන් විශ්වාස කරයි. ඇත්ත
වශයෙන් මුළු ලෝකයේ සියලුම ප්‍රශංසා අයත් වන්නේ ඒකායන කෙනාට පමණයි. වෙන කිසිම
කෙනෙක්ව වර්ණනා නොකළ යුතුයි. ටිකක් බලන්න!, බාබා, බ්‍රහ්ම තුළට ඇතුළු නොවුණා නම්,
බ්‍රහ්ම, සිප්පි කටුවක් මෙන් නොවටින්නේය. සිප්පි කටු වලින් ඔබ දැන් පරම පියා,
පරමාත්ම ජීවය මාර්ගයෙන් දියමන්ති තරම් වටිනා අය බවට පත් වනවා. ලෝකය දැන්
අපවිත්‍රයි; එය බ්රහ්මගේ රාත්‍රියයි. පරම පියා අපවිත්‍ර ලෝකයට පැමිණ, ජීවාත්ම ඔහුව
හැදිනගත් විට, ඔවුන් තමන්ව ඔහු වෙනුවෙන් කැප කරයි. මෙකල දරුවන් පවා බොහෝ කරදර ගෙන
දෙයි. දේවතාවන් බොහෝ යහපත් වීය. පුනර්භව ගැනීමෙන් ඔවුන් ක්‍රම-ක්‍රමයෙන්
තමෝප්‍රධාන් වීය. සන්යාසීන්ද බොහෝ යහපත් අය විය. ඔවුන්ගේ පාරිශුද්ධත්වයෙන් ඔවුන්
භාරතයට උපකාර කළා. භාරතයේ පාරිශුද්ධත්වය නොතිබුණේ නම්, එය රාග චිතකයේ පිළිස්සී යනු
ඇත. ස්වර්ණමය යුගයේ රාග අසිපත නොමැත. මෙම කලි යුගයේ සියලු දෙනාම රාග චිතකයේ කටු මත
අසුන් ගෙන සිටිනවා. ස්වර්ණමය යුගය පිළිබදව මෙසේ නොකියයි. එහි විෂ නොමැත. මෙවන්
කියමනකි: “ඔබ අමෘතය අතහැර ඒ වෙනුවට විෂ පානය කරන්නේ කුමටද?” පාපයේ ගැලෙන මිනිසුන්
අපවිත්‍ර අය ලෙස හැදින්වෙයි. මෙකල මිනිසුන් දරුවන් 10ක් හෝ 12කට පවා උපත ලබා දෙයි;
පාලනයක් නොමැත. ස්වර්ණමය යුගයේ දරුවෙක් බිහි වීමට යන විට, ඔවුන්ට කල් තියා දරුවාගේ
දර්ශනයක් ලැබෙයි. ජීවාත්මයක් ඔහුගේ පැරණි සිරුරේ සිටින අතරම, ඔහුගේ සිරුර අතහැර ගිය
පසු ඔහු වීමට යන දරුවාගේ දර්ශනයක් ඔහුට ලැබෙයි. යුවලකට එහිදි, නීතියට අනුව සිටින්නේ
එක පුතෙක් පමණයි: ඊට වැඩියෙන් නොමැත; ජනගහණය අනිවාර්යෙන් වැඩි වෙයි නමුත් එහි
පාපයන් නොමැත. එහි දරුවන් කෙසේ උපත ලබයිද කියා ඔබගෙන් බොහෝ දෙනෙක් විමසයි. එහි සෑම
දෙයක්ම සිදුවන්නේ යෝගා බලයෙන් බව ඔවුන්ට කියන්න. ඔබ ලෝක රාජධානිය හිමි කරගන්නේ යෝගා
බලයෙනි. ඔබට භෞතික බලයෙන් ලෝක රාජධානිය හිමි කරගත නොහැක. ක්‍රිස්තියානුවන් එකමුතු
වන්නේ නම්, ඔවුන් මුළු ලෝකයම පාලනය කරන බව, බාබා පවසා තිබෙනවා. කෙසේවෙතත්, නීතිය
ඔවුන්ට එකමුතු වීමට ඉඩ නොදෙයි. එම බළලුන් දෙදෙනා එකිනෙකා සමග සටන් කරන විට ඔය
දරුවන්ට වෙඬරුව ලැබෙයි. ක්‍රිෂ්ණාව පෙන්වා ඇත්තේ මුවේ වෙඬරු සමගයි. ඔවුන් පෙන්වන
වෙඬරුව නියෝජනය කරන්නේ ලෝක රාජධානියයි. ආගමික ග්‍රන්ථවල සිහි කර තිබෙන්නේ යෝගා බලය
සමග කරන සටන බව, අසීමිත පියා පවසයි; එය භෞතික බලය නොවෙයි. ආගමික ග්රන්ථ වල කතා
කෙරෙන්නේ ශාරීරික හිංසනයේ යුද්ධ පිළිබදවයි. එය සමග ඔබගේ සම්බන්ධයක් නොමැත.
පාණ්ඩවයන් සහ කෞරවයන් අතර සටනක් නැත. ඒ සියලුම බොහෝ ආගම් වසර 5000කට පෙරත් පැවතීය.
ඒ සියලුම ආගම් එකිනෙකා සමග සටන් කර තමන්ව විනාශ කරගත්තා. ඔය පාණ්ඩවයන් දේවතා ධර්මය
ස්ථාපිත කළා. ඔබට ලෝක රාජධානිය හිමි වුනේ මෙම යෝගා බලය තුළින්ය. ඔබ දැන් මායා
ජයගන්නන් සහ ලෝකය ජය ගන්නන් බවට පත් වෙමින් සිටිනවා. මායා, රාවන, ස්වර්ණමය යුගයේ
නොසිටියි. එහිදි ඔබ රාවනගේ පඹයන් සාදා පුළුස්සා දමන්නේ නැහැ. දැන් විවිධ ආකාරයේ
පිළිරූ සාදයි. එවන් රකුසන් හෝ යක්ෂයින් සිටිය නොහැක. ස්ත්‍රීන් සහ පුරුෂයන් යන
දෙපිරිසටම පාප පහ තිබෙන බව වත් ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔවුන් ඒ දෙකම එකට දමා ඔලු
දහයක් ඇති රාවනගේ පඹයෙක් සාදයි. තවද ඔවුන් විෂ්ණුව පෙන්වන්නේද අත් සතරක් ඇතිවයි;
මිනිසුන්ට මෙම සාමාන්‍ය කරුණ වැටහෙන්නේ නැහැ. ඔවුන් රාවනගේ විශාල පඹයෙක් සාදා එය
පුළුස්සා දමයි. අසීමිත පියා ඔය වඩාත්ම ආදරණීය දරුවන්ට මේ දේවල් පහදා දෙයි. පියෙක්
තුළ සෑම විටම ඔහුගේ දරුවන් කෙරෙහි අංක පිළිවෙලට සෙනෙහස ඇත. සමහරු වඩාත්ම ආදරණීය වන
අතර සමහරු කෙරෙහි අඩු සෙනෙහසක් ඇත. දරුවෙක් යම් කෙනෙකුට වඩාත් ආදරණීය වන තරමට ඔහුට
වැඩියෙන් සෙනෙහස දක්වයි. මෙහිදීද සේවය වෙනුවෙන් පෙනී සිටින සහ දයාබර අය සෙනෙහසට
බදුන් වෙයි. භක්ති මාර්ගයේ මිනිසුන් අනුකම්පාව ඉල්ලයි. ඔවුන් පවසන්නේ: “දෙවියනේ,
කරුණාකර මට අනුකම්පා කරන්න!” කෙසේවෙතත්, කිසිවෙක් නාටකය නොදනී. ඔවුන් සම්පූර්ණයෙන්
අපවිත්‍ර වූ විට පැමිණීමට, බාබාගේ වැඩසටහන ඔහුට නියමිත වී තිබේ. පරමාත්ම දෙවියන්ට,
තමාට අවශ්‍ය දේ කිරීමට හෝ ඔහුට අවශ්‍ය ඕනෑම විටෙක පැමිණීමට හෝ නොහැක. ඔහුට එවැනි
බලයක් තිබුණා නම්, ඔහුව මෙතරම් අපහාසයට ලක් කර ඇත්තේ ඇයි? එමෙන්ම ඔහුව පිටමං කළේ
ඇයි? (රාමායනයේ ඇති රාමාගේ කතාපුවත). මේවා බොහෝ සේ අදෘෂ්‍යමාන කාරණාය. ක්‍රිෂ්ණාට
අපහාස කළ නොහැක. මෙසේ කියා තිබේ: “දෙවියන් එවන් දේවල් නොකරයි.” කෙසේවෙතත්, විනාශය
අනිවාර්යෙන් සිදුවිය යුතුයි, එබැවින් එය කිසිවෙකු බේරා ගැනීම පිළිබද ප්‍රශ්නයක්
නොවෙයි. සෑම කෙනෙක්ම ආපසු නිවහනට රැගෙන යා යුතුයි. ස්ථාපනය සහ විනාශය
දිරිගැන්වෙනවා, එබැවින් අනිවාර්යෙන් පරමාත්ම දෙවියන් සිටිය යුතුයි, එහෙම නේද? පරම
පියා, පරමාත්ම ජීවය, ස්ථාපන කාර්යය සිදුකරයි. කුමකද? ඔබ මිනිසුන්ගෙන් මෙම ප්‍රධාන
ප්රශ්නය ඇසිය යුතුයි: “ගීතාවේ දෙවියන් කවුද?” මුළු ලෝකයම මේ ගැන අවුලට පත්ව
සිටියි. ඔවුන් ආගමික ශාස්ත්‍රයට මනුෂ්‍යයෙකුගේ නමක් ඇතුලත් කර ඇත. පරමාත්ම දෙවියන්
හැර වෙනත් කිසිවෙකුට ආදි සනාතන දේවතා ධර්මය ස්ථාපිත කළ නොහැක. එබැවින් ගීතාවේ
දෙවියන් ක්‍රිෂ්ණා බව ඔවුන් කියන්නේ කෙසේද? විනාශයේ සහ ස්ථාපනයේ කාර්යය තිබෙන්නේ
කාටද? ගීතාවේ දෙවියන් කවුරුන්ද කියා අමතක කිරීමෙන් ඔවුන් ගීතාව විනාශ කර ඇත.
ඔවුන්ගේ විශාලතම වරද මෙයයි. ඉන්පසුව දෙවනුව, ජගත්නාත්පූරී වල, ඉතා අපිරිසිදු ඉරියව්
සහිත දේවතාවන්ගේ ප්‍රතිමා ඔවුන් සාදා තිබේ. අපිරිසිදු පිංතූරු ළග තබා ගැනීම රජය
විසින් තහනම් කර ඇත. එබැවින් මෙය ඔවුන්ට පහදා දෙන්න. දේවාල පිළිබද මේ දේවල්
කිසිවෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැහැ. මෙහි අසුන් ගෙන මෙම දේවල් විස්තර කර දෙන්නේ
පරම පියා පමණයි. බලන්න ඔය දරුවන් ඔබගේ පොරොන්දු සහිත ලිපි ලියන්නේ කෙසේද කියා.
සමහරු එය රුධිරයෙන් ලියයි. ද්‍රෞපදී, ඇගේ සාරියෙන් කැබැල්ලක් ඉරා, ශ්‍රී
ක්‍රිෂ්ණාගේ රුධිරය ගලන තුවාලය එතූ අන්දම ගැන කතා පුවතක් තිබේ. මෙය ඇගේ සෙනෙහසේ
සංඛේතයකි. ඔබගේ සෙනෙහස තිබෙන්නේ ශිව බාබාටයි. මෙම කෙනා, බ්‍රහ්මගෙන්, රුධිරය වහනය
විය හැක. ඔහුට වේදනාවක් දැනිය හැක, නමුත් ශිව බාබාට තමන්ගේම සිරුරක් නොමැති නිසා
වේදනාවක් දැනෙන්නේ නැත. ශ්‍රී ක්‍රිෂ්ණාට තුවාල වුණා නම්, ඔහුට වේදනාවක් දැනෙනු ඇත,
එබැවින් ඔහු පරමාත්ම දෙවියන් ලෙස හදුන්වන්නේ කෙසේද? බාබා පවසන්නේ : මම දුක සහ සතුට
ඉක්මවා සිටිමි. ඔව්, මා පැමිණ ඔය දරුවන්ව නිරන්තර සතුටට පත් කරනවා. ශිවා නිරන්තර බව
කියයි. නිරන්තර සතුට ලබා දෙන කෙනා ශිවා බව ඔවුන් කියයි. මෙම දැනුම ධාරණය කර,
පිවිතුරුව රැදී සිටින, සැබවින් ආලෝකණය සහ යෝගීව සිටින මගේ සුමිහිරි, බොහෝ කලක්
නැතිව සිට, දැන් හමුවුණු වටිනා දරුවන් කෙරෙහි මා තුළ සෙනෙහස තිබේ. ශාරීරික
පියෙකුටත් ඇතැම් හොද දරුවන් සහ ඇතැම් නරක දරුවන් සිටිය හැක. සමහරු බොහෝ අයහපත් වී,
එබැවින් ඔවුන්ගේ පවුලේ නමට අපහාස කරයි; ඔවුන් බොහෝ කිලිටි වෙයි. මෙහිදීද එම දේම
සිදුවෙයි. ඔවුන් විශ්මයට පත් වී, මෙහි පැමිණ බාබාට අයත් වී, මෙම දැනුමට සවන් දී,
අන් අයටත් මෙම දැනුම ලබා දී, ඉන්පසුව ඔවුන් බාබාව අතහැර දමා යයි. මේ නිසයි ඔබගේ
විශ්වාසය ගැන ඔබට ලිපියක් ලියන්නට කියන්නේ. එවිට මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කෙරෙයි.
ඔබගෙන් සමහරු ඔබගේ රුධිරයෙන් පවා ලියයි; ඔබ රුධිරයෙන් ලියා පොරොන්දුවක් වෙයි. මෙකල
මිනිසුන්ට ප්‍රතිඥාවක් ලබා දෙන්නට කියයි, නමුත් එය ව්‍යාජ ප්රතිඥාවකි. පරමාත්ම
දෙවියන් සෑම තැනකම සිටින බව විශ්වාස කිරීම යනු, “මමත් දෙවියන්, ඔබත් දෙවියන්” යන
අවධානය ඇතිව ප්‍රතිඥාවක් ලබා දීමයි. පරම පියා පවසන්නේ : පියාට ප්‍රායෝගිකව සෑම
තැනකම සිටිය හැක්කේ කෙසේද කියා ඔබට දැන් වැටහෙයි. බාබා මෙම ජනෙල් නමැති ඇස් දෙකෙන්
බලයි. මෙය ණයට ලබා ගත් පිටස්තර ශරීරයකි. මෙම නිවස ප්‍රයෝජනයට ගන්නා කුලී නිවැසියා
බාබාය. ඒ අන්දමින්ම බාබා පවසන්නේ : මා මෙම ශරීරය ප්‍රයෝජනයට ගන්නවා. බාබා ඔබ දෙස
බලන්නේ මෙම ජනෙල් තුළින්ය. ඔහු මෙහි පෙනී සිට ඔබ දෙස බලයි. ජීවාත්මයක් නියත වශයෙන්ම
තම ඉන්ද්‍රියන් තුළින් ක්‍රියා කරයි. මා මෙම කෙනා තුළට ඇතුළු වී ඇති නිසා මා
අනිවාර්යෙන් කතා කරයි. මෙම ඉන්ද්‍රියන් භාවිතා කිරීම නිසා මට අනිවාර්යෙන් කුලියක්
ගෙවීමට සිදුවෙයි. ඔය දරුවන් දැන් අපාය, දෙව්ලොව බවට පරිවර්ථනය කරමින් සිටියි. සියලු
දෙනාව අවදි කළ යුත්තේ ඔබයි; සියලු දෙනාටම ආලෝකය ලබා දෙන අය ඔබයි. ඉතිරි සියලු දෙනාම
කුම්භකරණ නින්දේ නිදා සිටියි. ඔය මව්වරු ඔවුන්ව අවදි කරයි; ඔබ ඔවුන්ව දෙව්ලොව
පාලකයන් බවට පත් කරවයි. මෙහි සිටින අයගෙන් වැඩි දෙනෙක් මව්වරුන්ය. මෙසේ පැවසෙන්නේ ඒ
නිසයි: “මව්වරුන්ට නමස්කාර වේවා.” බිෂම්පිතමායි ආදීන්ට ඊතල විද්දේ ඔබයි. “මන්මනාභව”
සහ “මධ්යජීභව” යන ඊතල විදීම ඉතාම පහසුයි. ඔබට මායා ජයගැනීමට හැකි වන්නේ මෙම ඊතල
වලින්ය. ඔබ ඒකායන පියාව සිහිපත් කර එම ඒකායන කෙනාගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි.
පරම පියා ඔබට කෙතරම් ශ්‍රේෂ්ඨ ක්‍රියා උගන්වන්නේද යත්, ඔබට උපත් 21කට ඔබගේ ක්‍රියා
වලට පසුතැවීමට සිදු නොවෙයි. ඔබ සදා නිරෝගී සහ සදා ධනවත් වෙමින් සිටියි. ඔබ බොහෝ වාර
ගණනාවක් ලෝක පාලකයන් වී ඇත. ඔබට ඔබගේ රාජධානිය හිමි වී, පසුව එය නැවත අහිමි විය.
බ්‍රහ්මින් වංශයේ ඔය මැණික්, වීරයන් සහ වීරවරියන්ගේ චරිත රඟපායි. නාටකයේ වඩාත්ම
ශ්‍රේෂ්ඨ චරිත කොටස් රඟපාන්නේ ඔය දරුවන්. එබැවින් ඔබව එතරම් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන
පියා කෙරෙහි ඔබ තුළ බොහෝ සෙනෙහස තිබිය යුතුයි. “බාබා, ඔබ එවන් හාස්කමක් සිදු කරයි!
මා නාරයන වෙන බවට සුළු සිතිවිල්ලක් වත් මට නොතිබුණි.” බාබා පවසන්නේ : ඔය දරුවන්,
ලක්ෂ්මි සහ නාරායන සහ දේවතාවන් මෙන් සිටියා. පසුව පුනර්භව ගැනීමේදි ඔබ රකුසන් බවට
වෙනස් විය. ඔබ උත්සාහ දරා ඔබගේ උරුමය හිමි කරගනී. මෙවන් කියමනක් තිබේ, “කෙනෙක්
වැඩියෙන් උත්සාහ දරන තරමට ඔහුට වැඩියෙන් දර්ශන ලැබෙයි.” ඔබට මෙම රාජයෝගාව ඉගැන්වූයේ
මෙම ඒකායන පියා පමණයි. ඔබට දැන් මෙම සත්‍ය සහ පහසු රාජයෝගාව අන් අයට ඉගැන්විය හැක.
ඔබගේ යුතුකම වන්නේ සියලු දෙනාට පියාගේ හැදින්වීම ලබා දීමයි. සියලු දෙනාම දැන් අනාථ
දරුවන් වී ඇත. කෝටි ගණනක් අතරින් පෙර කල්පයේ මෙම දේවල් වටහා ගත් සුළු පිරිස පමණක්
මෙය වටහා ගනීවි. ලෝකයේ මහාම මෝඩයන් දැක ගන්නට ඔබට අවශ්‍ය නම්, ඔබට ඔවුන්ව මෙහිදි
දැක ගත හැකි බව, බාබා පවසා තිබේ. ඔවුන්ට උපත් 21කට උරුමය ලබා දීමට සිටි, එම පරම
පියාව දික්කසාද කරන අයයි, ඒ. මෙය නාටකයේ නියම වී තිබේ. ඔබ දැන් පරමාත්ම දෙවියන්ගේම
දරුවන්ය. ඉන්පසුව ඔබ දේවතාවන්, ක්ෂත්රියයන්, වෛශ්‍යන් සහ ශුද්‍රයින්ගේ දරුවන් ලෙස
උපත් ගනී. ඔබ දැන් රකුසාගේ දරුවන්ගෙන් දෙවියන්ගේ දරුවන් බවට පරිවර්ථනය වී ඇත. පරම
පියා ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු බවට වෙනස් කිරීමට, උත්තරීතර දනව්වේ සිට පැමිණෙයි;
ඔබ බොහෝ සේ ඔහුට තුති පිදිය යුතුයි. භක්ති මාර්ගයේ මිනිසුන් පවා ඔහුට බොහෝ තුති පුද
කරයි. ඔවුන් දුකින් සිටින විට ඔහුට තුති පුද කරන්නේ නැත. ඔබට දැන් බොහෝ සතුට ලබා
දෙමින් තිබේ. එබැවින් ඔබ ඔහුට බොහෝ සෙනෙහස පෑ යුතුයි. ඔබ පියා සමග සම්බන්ධතාවයක්
ඇති කර, ඔහුට සෙනෙහසින් කතා කරන්නේ නම්, ඔහු සවන් නොදෙන්නේ ඇයි? ඔබ රාත්‍රියේ අවදි
වී බාබාට කතා කළ යුතුයි. මෙම බාබා ඔහුගේ අත්දැකීම් නොකඩවා බෙදා ගනී: මා බොහෝ සේ
බාබාව සිහි කරනවා. බාබාගේ සිහි කිරීමේ සිටින අතර සෙනෙහසේ කදුළු පවා වැගිරෙයි. මා
සිටියේ කෙසේද, එමෙන්ම බාබා මාව පත් කළේ කවුරු බවටද? මෙයම ඔබටත් බලපායි. ඔබ දැන් ඒ
ආකාරයට පත් වෙමින් සිටිනවා. යෝගාවේ සිටින අයට බාබා උපකාර කරයි. ඔබගේ දෑස් ඉබේටම
විවෘත වෙයි. ඔබගේ සයනය සෙලවෙයි. බාබා මේ අන්දමට බොහෝ දෙනෙක්ව අවදි කරයි. අසීමිත
පියා තුළ බොහෝ දයාව තිබේ. ඔබ මෙහි පැමිණියේ මන්ද කියා, බාබා ඔබගෙන් විමසූ විට, ඔබ
පිළිතුරු දෙන්නේ: “බාබා, අනාගතයේ ශ්‍රී නාරායන විවාහ කරගැනීමට සුදුසු වන්නේ කෙසේද
කියා ඉගෙන ගැනීමටයි මා පැමිණියේ.” හෝ, “ලක්ෂ්මි විවාහ කරගැනීමට හැකි වීම සදහා මා
මෙම විභාගය සමත් විය යුතුයි.” මෙය ඉතාම ආශ්චර්යමත් පාසැලකි! මේවා ඉතාම ආශ්චර්යමත්
කාරණාය! ශ්‍රේෂ්ඨතම විශ්ව විද්‍යාලය මෙයයි. කෙසේවෙතත්, ඔබට “දේවමය විශ්ව විද්‍යාලය”
යන නම භාවිතා කිරීමට රජය අවසර නොදෙයි. යම් දිනකදි ඔවුන් අනිවාර්යෙන් මෙය පිළිගනු
ඇත. මිනිසුන් අඛණ්ඩව පැමිණෙයි. මෙය සැබවින්ම ඉතා විශාල විශ්ව විද්‍යාලයක් බව ඔවුන්
කියයි. බාබා ඔබව ඔහුගේ දෑසේ හිදුවා ඔබට උගන්වයි. ඔහු ඔබව දෙව්ලොව රැගෙන යන බව, ඔහු
පවසයි. එබැවින් ඔබ මේ අන්දමට බාබා සමග බොහෝ කතා කරන්නේ නම් බාබා ඔබට බොහෝ සේ උපකාර
කරයි. ඔහු උගුර සිර වන අයගේ අගුල විවෘත කරයි. රාත්‍රියේ ස්මරණයේ සිටීමෙන් ඔබ බොහෝ
සතුට අත්විදියි. බාබා ඔහුගේ අත්දැකීම් ඔබට පවසා, ඔහු උදෑසන අමෘතය හෝරාවේ බාබා සමග
කතා කරන අන්දම ගැන ඔබට කියයි. පරම පියා ඔය දරුවන්ට පවසන්නේ : ප්‍රවේසම් වන්න! මෙම
වංශයේ නමට අපහාස නොකරන්න. ඔබ ඔහුට පරිත්‍යාග කල පංච පාපයන් නැවත නොගන්න. අච්චා.
සුමිහිරි ආදරණීය බොහෝ
කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට, ඔබගේ මව, පියා බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ
සුබ උදෑසනක්. ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර කරයි.
ධාරණය සඳහා සාරාංශය:
1. පරම පියාගේ
සෙනෙහස ලබා ගැනීමට නම්, දයාවෙන් පිරිපුන් වී, සේවයට ඉදිරිපත් වන්න. වටිනා සහ කීකරු
වී, ඒ අනුව සැබෑ ග්‍යානී සහ යෝගී ජීවාත්මයක් වන්න.
2. හිමිදිරි උදෑසන
අම්රිත් හෝරාවේ අවදි වී, පරම පියා සමග මිහිරි කතා බහක යෙදෙන්න. පියාගේ උපකාර
අත්විදීමට බොහෝ සෙනෙහසින් වඩාත්ම ආදරණීය පියාව සිහිපත් කරන්න.
වරදානය:
නිරන්තර
උනන්දුව සහ උද්යෝගය මෙන්ම ඔබගේ මනසින් සතුටේ ගීත ගායනා කිරීමෙන් ඔබට සදාතනික සතුටේ
භාග්‍යය හිමි වේවා.
සදාතනික ක්‍රම භාවිතා
කිරීමෙන්, සතුටේ භාග්‍යය ඇති ඔය දරුවන්ට අවිනාශී සාර්ථකත්වය හිමි වෙයි. ඔබගේ මනසේ
නිරන්තරයෙන් “අපූරුයි! අපූරුයි!” යන සතුටේ ගීත මතු වෙයි. “අපූරුයි බාබා! අපූරුයි
භාග්‍යය! අපූරුයි මිහිරි පවුල! ශ්‍රේෂ්ඨ සංගම යුගයේ මිහිරි කාලය අපූරුයි!” සෑම
ක්‍රියාවක්ම “අපූරුයි! අපූරුයි!” එබැවින් ඔබට සතුටේ සදාතනික භාග්‍යය තිබේ. “ඇයි
මට?” යන ප්රශ්නය කිසි විටෙක ඔබගේ මනසට ඇතුළු විය නොහැක. “ඇයි?” වෙනුවට ඔබ පවසන්නේ
“අපූරුයි! අපූරුයි!” එමෙන්ම “මම” වෙනුවට ඔබ පවසන්නේ “බාබා! බාබා!”.
පාඨය:
ඔබට ඇති වන
සියලු සිතිවිලි මත මෙම අවිනාශී රජයේ මුද්‍රාව තබන්න, එවිට ඔබ ශක්තිමත්ව සිටිවි.