14.12.25    Avyakt Bapdada      Sinhala Murli     18.02.2008    Om Shanti    Madhuban


ලෝක පරිවර්ථනය ගෙන ඒම සදහා නිහැඩියාවේ බලයෙන් පර්යේෂණය කරන්න.


අද දින, ලෝක පරිවර්ථක පියාගේ බලාපොරොත්තුවේ පහන් වන සෑම තැනකම සිටින ඔහුගේ දරුවන් දැකීමට බාප්දාදා සතුටු වනවා. බාප්දාදා වෙනුවෙන් ඔය දරුවන් තුල ගැඹුරු, උපරිම ලෙස ගැඹුරු සෙනෙහස තිබෙන බව, බාප්දාදා දන්නා අතර, බාප්දාදා තුලත් සෑම සියළු දරුවෙක් වෙනුවෙන්ම කෝටි ගුණයකට වැඩි විශාල සෙනෙහසක් තිබෙන අතර සංගම යුගයෙදි ඔබට නිරන්තරයෙන් මෙම සෙනෙහස ලැබීමට තිබේ. කාලය සමීපයට පැමිණෙන බැවින්, එයට අනුව, ඔවුන් දැන් යමක් කළ යුතු බවට සිතිවිල්ල, උනන්දුව සහ උද්යෝගය, සෑම දරුවෙකුගේම හදවත තුල තිබෙන බව බාප්දාදා දන්නවා. වර්ථමානයේ, එය ආගම් වල අධිකාරිත්වය වුනත්, දේශපාලන අධිකාරිත්වය වුනත්, විද්‍යාවේ අධිකාරිත්වය වුනත්, මේ අධිකාරීන් තුනම අන්ත කැලඹිල්ලක තිබෙන බව ඔබ දකින නිසා. විද්‍යාවට වුවද දැන් පදාර්ථ නිවැරදිව ක්‍රියාත්මක කළ නොහැක. ඔවුන් කියන්නේ: ‘එය සිදුවිය යුතුයි’, මන්ද විද්‍යාවේ අධිකාරිත්වයේ පදනම වන්නේ, පදාර්ථ සමග ක්‍රියා කිරීමයි. එබැවින් ඔවුන්ට විද්‍යාවේ පහසුකම් තිබෙන නමුත් පදාර්ථ ඔවුන්ගේ පාලනය යටතේ පවා නොමැත. ඔබ තව දියුණු වත්ම, පදාර්ථයන්ගේ මෙම ක්‍රීඩා මීටත් වඩා වැඩි වෙයි, මන්ද පදාර්ථ වලට තව දුරටත් ආරම්භක කාල වකවානුවේ බලය නොමැත. එවන් කාලයක මේ ගැන සිතන්න: පරිවර්ථනය ගෙන ආ හැක්කේ කුමන අධිකාරිත්වයටද? මෙම නියැඩියාවේ බලය, ලෝක පරිවර්ථනය ගෙන එයි. සෑම තැනකම ඇති කැලඹීම් අවසන් කිරීමට යන්නේ කවුද කියා ඔබ දන්නවාද? පරමාත්ම දෙවියන්ගේ පෝෂණය ලැබීමට අයිතියක් තිබෙන ජීවාත්මයන්ට හැර වෙනත් කිසිවෙකුට මෙය කළ නොහැක. එබැවින් බාප්දාදා සමග සිටින බ්‍රහ්මින් ජීවාත්ම වීම ගැන සහ පරිවර්ථන කාර්යයේ ඔහුගේ සහකරුවන් වීමේ උනන්දුව සහ උද්යෝගය ඔබ සියළු දෙනාට තිබෙනවාද?

ඔබ සමග ගමන් කරන විට, අධිකාරිත්ව තුනේම කෙතරම් දුරට කැලඹීම් තිබේද කියා, බාප්දාදා දැක ඇති නමුත් ඔය සාමයේ දෙවි දේවතාවන් නිහැඩියාවේ බලවත් බලයෙන් පර්යේෂණය කරන ප්‍රමාණය තවමත් අඩු බව බාප්දාදා විශේෂයෙන් අම්රිත් වේලාවේ දැක තිබේ. එබැවින් ඔය සියළුම දරුවන්ට බාප්දාදා මෙම උද්යෝගය ලබා දෙනවා: සේවා ක්ෂේත්‍රයේ, ඔබ ශබ්දය ඉතා හොදින් පතුරන නමුත් එහි යම් බාධා තිබෙන නමුදු, නිහැඩියාවේ බලය ( බාප්දාදාට නැවත නැවතත් කැස්සක් ඇති විය). උපකරණය එතරම් නිරෝගී නැති වුනත් බාප්දාදාට දරුවන් හමු නොවී සිටිය නොහැකි අතර දරුවන්ටත් බාබාව හමු නොවී සිටිය නොහැක. එබැවින් බාප්දාදා මෙම විශේෂ සංඥාව ලබා දෙනවා: දැන් නිහැඩියාවේ බලයේ චිත්ත තරංග සෑම තැනකම විහිදුවන්න.

දැන්, ඔබ විශේෂයෙන් බ්‍රහ්ම බාබාව සහ ජගදම්බාව දුටුවා. ඔහුම ආදි දේව් ලෙස සිටි අතරම නිහැඩියාවේ බලයෙන් ඔහු බොහෝ උත්සාහ දැරුවා. ඔබගේ දාදී පවා මෙම එක් දෙය, කර්මතීට් වීම සදහා බොහෝ දැඩිව ක්‍රියාත්මක කළා. වගකීම් තිබෙන අතර සහ සේවය වෙනුවෙන් සැලසුම් සාදන අතර, උපකරණය කෙතරම් රෝගී වුනත්, ඒ තිබියදි බාප්දාදා තුල සෙනෙහස තිබුණි. (උපකරණයට නැවත නැවතත් කැස්ස ඇති විය). එබැවින්, සේවයේ වගකීම කෙතරම් විශාල වුනත්, ඔබ නිහැඩියාවේ බලය පුහුණු නොකර, ඔබට සේවයේ ක්ෂණික සහ ප්‍රායෝගික ඵලයේ සාර්ථකත්වය ලබා ගත නොහැක, මන්ද, ඔබට මුළු චක්‍රයටම තමන් වෙනුවෙන් ප්‍රතිලාභය නිර්මාණය කර ගැනීමට හැකි වන්නේ එවිට පමණයි. මේ වෙනුවෙන්, ඔය සෑම කෙනෙකුටම රාජධානියේ සහ මුළු චක්‍රයටම වන්දනීය වීමේ ප්‍රතිලාභය රැස් කරගැනීම සදහා කාලය දැන්ය, මන්ද, සංවේදී සිදුවීම් අනිවාර්යෙන් පැමිණීමට නියමිතයි. එවන් කාලයකදී, නිහැඩියාවේ බලය තුලින් අල්ලා ගැනීමේ බලය සහ හසුකර ගැනීමේ බලය බොහෝ සේ අත්‍යාවශ්‍යයි. මෙම පහසුකම් වලට කිසි දෙයක් කළ නොහැකි කාලයක් පැමිණෙයි. ඔබට කාර්යයක් කිරීමට මග පාදන්නේ ආධ්‍යාත්මික බලය සහ බාප්දාදාගේ උපදෙස් හසුකර ගැනීමෙන් පමණයි. එබැවින් තමන්ව පරීක්ෂා කරන්න: එවන් වෙලාවකදි ඔබගේ මනසට සහ බුද්ධියට බාප්දාදාගේ ස්පර්ෂණ ලබා ගැනීමට හැකි වෙයිද? ඔබ දීර්ග කාලයක් පුරා මෙය පුහුණු කිරීමට අවශ්‍යයි. මෙය නිරන්තරයෙන් සිදු කරන අන්දම වන්නේ - ඇතැම් විට පමණක් නොව නිරන්තරයෙන් - ඔබගේ මනස සහ බුද්ධිය පිරිසිදුව සහ පැහැදිලිව තබා ගැනීමයි. පෙරහුරුවීම් දැන් නොකඩවා වැඩි වෙයි, එමෙන්ම ඒවා තත්පරයකදි සැබෑවක් වෙයි. ඔනෑම ජීවාත්මයක් වෙනුවෙන්, ඔනෑම කාර්යයක් හෝ සහයෝගී සහකරුවෙක් වෙනුවෙන් ඔබගේ මනසේ හෝ බුද්ධියේ සුළු හෝ නිෂේදනීයත්වයක් ඇත්නම් එවිට එය පිරිසිදු සහ පැහැදිලි බව නොකියයි. මේ නිසයි බාප්දාදා ඔබගේ අවධානය මෙයට යොමු කරන්නේ. පරීක්ෂා කරන්න: මා දවස පුරා කෙතරම් නිහඩ බලය රැස් කරගෙන තිබෙනවාද? සේවය කරන අතර, මගේ වචන තුල නිහඩ බලය නොමැති නම්, එවිට මට අවශ්‍ය පමණට සාර්ථකත්වයේ ක්ෂණික ඵලය ලබා ගැනීමට නොහැකි වෙයි. වැඩි උත්සාහයක් සහ අඩු ප්‍රතිලාභයක් තිබෙයි. සේවය කරන්න, නමුත් නිහැඩියාවේ බලයෙන් පිරි සේවය සිදු කරන්න. එසේ කිරීමෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිඵලයක් ලැබෙයි. නැවත නැවතත් තමන්ව පරීක්ෂා කරන්න. ඔබ දිනපතා කුමන සේවයක් සිදු කළත්, එමෙන්ම ඔබ එය කොහේ සිදු කළත්, එය හොද බව, බාප්දාදාට සතුටුයි. කෙසේවෙතත් දැන් නිහඩ බලය රැස් කරගැනීමට සහ පරිවර්ථනය ගෙන ඒමට, තමන් වෙත වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

මුළු ලෝකයම දැන් සොයමින් සිටියි: අවසානයේ, ලෝක පරිවර්ථකයෙක් ලෙස උපකරණයක් වන්නේ කවුද? මන්ද, දිනෙන් දින අසාමය සහ දුක වැඩි වන අතර ඒවා අඛණ්ඩව වැඩි වනු ඇත. එබැවින් බැතිමතුන් ඔවුන්ගේ විශේෂ දේවතාවන්ව සිහි කරනවා. සමහරු අන්තයට ගොස් අසහනයෙන් දිවි ගෙවනවා. ආගම්, ගුරූන් දෙස බලා සිටින අතර විද්‍යාඥයන්ද සිතන්නේ: ‘අප මෙය කරන්නේ කෙසේද? එය සිදු වන්නේ කවදාද?’ එබැවින් ඒ සියළු මිනිසුන්ට ප්‍රතිචාර දක්වන්නේ කවුද? සියළු දෙනාගේ හදවතේ මෙම හඩ තිබේ: ‘අවසානයේ, ස්වර්ණමය අරුණෝදය පැමිණෙන්නේ කවදාද?’ එබැවින් එය ගෙන එන්නේ ඔබ සියළු දෙනා නොවේද? ඒ අය, ඔබලා නේද? මේ සදහා උපකරණ වන්නේ ඔබ බව සිතන අය, අත් ඔසවන්න! ඔබ උපකරණද? අච්චා. ඔබගෙන් බොහෝ දෙනෙක් උපකරණයි, එබැවින් කෙතරම් කාලයකදි එය සිදු විය යුතුද? ඔබ සියළු දෙනාම සතුටු වන අතර බාප්දාදාටද සතුටුයි. බලන්න, ස්වර්ණමය කාලයට අනුව, ඔය සෑම කෙනෙකුටම මෙම ස්වර්ණමය අවස්ථාව තිබෙනවා.

ඔබලා අතරේ දැන් සේවා රැස්වීම් පවත්වනවා. ඔබ එම රැස්වීම් පවත්වන්නේ ගැටළුවක් විසදීම සදහා නේද? ඒ අන්දමින්ම මෙයටත් රැස්වීමක් පවත්වන්න. සිහි කිරීමේ සිටීමට සහ සේවය කිරීමට සැලසුමක් සාදන්න. සිහි කිරීම යනු, නිහැඩියාවේ බලයයි, එමෙන්ම ඔබ එය අත්කර ගන්නේ ඔබ ඉහළම ස්ථිතියේ සිටින විටයි. ඔබ යම් ස්ථානයක මුදුනේ සිටගත් විට, ඔබට සෑම දෙයක්ම ඉතා පැහැදිලිව පෙනෙයි. ඒ අන්දමින්ම, ඔබගේ ස්ථිතිය මුදුනින්ම. ඉහළම ස්ථානය කුමක්ද? එය උත්තරීතර දනව්වයි. බාප්දාදා පවසන්නේ: සේවය සිදු කර ඉන්පසුව පැමිණ, ඉහළම ස්ථිතියේ පරම පියා සමග අසුන් ගන්න. ඔබ වෙහෙසට පත් වූ විට, ඔබ විනාඩි පහක් නිශ්ශබ්දව අසුන් ගන්න අතර ඉන් වෙනසක් ඇති වෙයි. ඒ අන්දමින්ම, විටින් විට පැමිණ, පරම පියා සමගින් අසුන් ගන්න. මුදුනේ ඇති අනෙක් ස්ථානය කුමක්ද? ලෝක චක්‍රය දෙස බලන්න, මුදුනේ ඇති ස්ථානය කුමක්ද? සංගම යුගයේ, ඉදිකටුව ඉහල දෙසට යොමු වී ඇති බව පෙන්වා තිබෙනවා නේද? ඉතිං, ඔබ පහලට විත් සේවය සිදු කර, ඉන්පසුව ඉහල ඇති ස්ථානයට ආපසු යයි. ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? කාලය ඔබට අඩගසනවාද, නැත්නම් ඔබ කාලය සමීපයට ගෙන එනවාද? නිර්මාණකරු කවුද? එබැවින් ඔබ අතරේ එවන් සැලසුම් සාදන්න. අච්චා.

බාබා පැමිණිය යුතු බව දරුවන් පැවසූ අතර පරම පියා පැවසුවේ: හා ජී. ඒ අන්දමින්ම නොකඩවා එකිනෙකාගේ අවස්ථාව, ස්වභාවය සහ ආකල්පය වටහාගෙන ‘හා ජී’ කියන්න, මන්ද, එසේ කිරීමෙන්, සමූහයේ බලය, නිහැඩියාවේ ගිණිදැල් නිර්මාණය කරයි. ඔබ ගිණි කන්දක් දැක තිබෙනවා නේද? ඉතිං, මෙම සමූහයේ බලය, නිහඩ ගිණිදැල් නිර්මාණය කරයි. අච්චා.

මෙම වාරයේ මහාරාශ්ත්‍ර, අන්ද්‍රා ප්‍රදේශ් සහ බොම්බාය සේවය කරනවා:

එහි නාමයම වන්නේ මහාරාශ්ත්‍ර. නාටකයට අනුව, මහාරාශ්ත්‍රයට ස්වර්ණමය තිලිණයක් ලැබී තිබේ. එය කුමක්ද? මහාරාශ්ත්‍රයට බ්‍රහ්ම පියාගෙන් සහ මම්මාගෙන් ඍජු පෝෂණය ලැබුණා. දිල්ලියට සහ යූපී වලටත් එය ලැබුණු නමුත් මහාරාශ්ත්‍රයට එය වැඩියෙන් ලැබුණා. දැන්, මහාරාශ්ත්‍ර කොහොමත් ශ්‍රේෂ්ඨයි. ඔබ දැන් කළ යුත්තේ කුමක්ද? මහාරාශ්ත්‍ර: ඔබ සියළු දෙනා එකට එකතුවී, සියළු දෙනාටම එකම ස්වභාවය, එකම සංස්කාර, නිහඩ බලය පතුරුවා හරින්නේ කෙබදු ආකාරයටද, යන සේවය වෙනුවෙන් එකම අරමුණ තිබෙන අන්දමට, එවන් සැලසුමක් සාදා, එවන් රැස්වීමක් පවත්වන්න. මෙයට සැලසුම් සාදන්න. ඔබ මෙම සැලසුම් සාදනවා නේද? ඔබ ඒවා සාදනවා නේද? අච්චා. ඔබ සාදා ඇති සැලසුම් පිලිබදව බාප්දාදාට මාසයකට පසුව වාර්ථාවක් ලබා දෙන්න. මෙම හදවතට සමීප කතාබස් වලින් තව දුරටත් එකතු කිරීම් සිදු කෙරෙයි. විවිධ කලාපත් එයට එකතු කිරීම් කරයි. ඔබට සැකිල්ල සෑදිය හැකි අතර අනෙක් අය එය දියමන්ති වලින් හැඩ කරයි. ඔබට මෙම එඩිතරකම තිබෙනවා නේද? ගුරුවරු, ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? පලමු පේළියේ අය, ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? සංස්කාර සුසංයෝග කිරීමේ නර්ථනය සිදු කරන්නේ කුමන කලාපයද? එක කලාපයකට මෙම මාතෘකාව ගන්න පුළුවන්: පිවිතුරු ආකල්පයක්, පිවිතුරු දැක්මක් සහ පිවිතුරු ක්‍රියා සිදු කරන්නේ කෙසේද? තව කලාපයකට මෙම මාතෘකාව ගත හැක: ජීවාත්මයකට තමාගේම සංස්කාර පරිවර්ථනය කළ නොහැකි නම් - ඔහුට එම ආශාව තිබෙන නමුත් ඔහුට එය කළ නොහැකි නම් - එම ජීවාත්මය වෙනුවෙන් ඔබ තුල සමාව දීම, දයානුකම්පාව, සහයෝගය සහ සෙනෙහස ඇති කර, ඔබගේ බ්‍රහ්මින් පවුල ශක්තිමත් කරගන්නේ කෙසේද? මෙයට සැලසුමක් සාදන්න. මෙය කළ හැකිද? කළ හැකිද? පලමු පේළියේ සිටින අය, මෙය කළ හැකිද? එය කළ හැකි බව ඔබ සිතන්නේ නම්, අත් ඔසවන්න. පලමු පේළියේ අසුන්ගෙන සිටින සියළු දෙනාම මහාරතීන්. බාප්දාදා දැන් නම් සදහන් නොකරන නමුත්, ඔවුන් ප්‍රිය කරන ඔනෑම දෙයක් පිලිබදව, සෑම කලාපයක්ම හදවතට සමීප කතාබහක යෙදී, ශිව රාත්‍රියට පසුව, මසකට පසුව ඔවුන්ගේ ප්‍රතිඵල ලබා දිය හැක. එය මහාරාශ්ත්‍ර වන අතර එය හොදයි. සෑම තැනකම ව්‍යාප්තිය සිදු වනවා. ඒ සදහා බාප්දාදා සුබ පැතුම් ලබා දෙනවා. සුබ පැතුම්. ඔබ මෙතෙක් සිදු කර ඇති දේ වෙනුවෙන් ඔබට සුබ පැතුම් තිබෙන නමුත්, දැන් ගුණාත්මක බව වැඩි කරගන්න. ගුණාත්මක බව යනු, ඔවුන් ධනවත් විය යුතු බව නොවෙයි. ගුණාත්මක බව යනු, ඔවුන්ගේ ජීවිතයේ විනයක් ලෙසින් ඔවුන් සිහිපත් කිරීමේ සිටීම ඔප්පු කර පෙන්විය යුතු බවයි, එමෙන්ම ඔබ කොහොමත් මයික් සහ උරුමකරුවන් ගැන දන්නවා. ඔබගේ බුද්ධියේ විශ්වාසය තිබී ඔබ සැහැල්ලු වේවා. අච්චා.

ද්විත්ව විදේශිකයන් සිටගන්න: (යුගල් සහ කුමාරීන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් පැවැත්වුණි:

මෙම කුමාරීන් ඇවිත් සිටින්නේ ඔවුන්ගේම සංඛේත ඇතිවයි. එය හොද බව දිස්වෙයි. සියළු දෙනාටම ඔබව දැකගැනීමට කුමාරීන් හැරෙන්න. අනෙක් පැත්තට හැරෙන්න. එය හොදයි. ඔබ සියළු දෙනාම වාසනාවන්තයි, නමුත් කුමාරීන් දෙගුණයක් වාසනාවන්තයි. ඇයි? ඇත්ත වශයෙන් කුමාර්ලත් වාසනාවන්තයි, නමුත් කුමාරීන්, ඔවුන්ගේ කුමාරී ජීවිතයේ අමරණීයව රැදී සිටින්නේ නම්, ඔවුන්ට “ගුරු-භායි” (ගුරූට පසුව ඊලගට සිටින කෙනා) වීමේ බාප්දාදාගේ සිහසුන හිමිවෙයි. ඔබට කොහොමත් හදවත් සිහසුන තිබෙනවා. ඔබ සියළු දෙනාටම එය තිබෙනවා, නමුත් ගුරූගේ සිංහාසනය යනු ඔබ අසුන්ගෙන මුරලිය කියවන ස්ථානයයි; ඔබ ගුරුවරුන් වී අන් අයට උගන්වයි. මේ නිසයි බාප්දාදා මෙසේ පවසන්නේ: කුමාරීන් දෙගුණයක් වාසනාවන්ත වන අතර පවුල් (පරම්පරා) 21ක් ඉහළ නංවන අයයි. ඉතිං ඔබ ඔබගේ උපත් 21ක් ඉහළ නැංවූ අතර ඔබ උපකරණ වන්නේ කාටද, ඔවුන්වත් ඔබ උපත් 21කට ඉහළ නංවනවා. ඉතිං ඔබ එවන් කුමාරීන් නේද? ඔබ එසේද? නිසැකද? ටිකක් දුර්වල අය අත් ඔසවන්න. ඔබ ස්ථිර අයයි. ඔවුන් ස්ථිර කුමාරීන්ද කියා ඔබ දැක තිබෙනවාද? (නිව්යෝක්හි මෝහිනි බෙන්ගෙන් විමසමින්); කුමාරීන්ගේ කණ්ඩායම ස්ථිරද කියන්න. ඔවුන්ගේ ගුරුවරයා කවුද? (මීරා බෙන්). එසේ නම් ඔබ සියළු දෙනාට අත්පොලසන් ගැසිය හැක. බාප්දාදාටත් සතුටුයි. (මෙය කුමාරීන්ලාගේ 8වන වැඩමුළුව වූ අතර ඔවුන්ගේ තේමාව වුනේ: අයිති වීමේ අත්දැකීම. රටවල් 30 කින් කුමාරීන් 80 දෙනෙක් සිටියා. සියළු දෙනාටම අයිති වීමේ ඉතා හොද අත්දැකීමක් ලැබුණා.) සුබ පැතුම්. කුමාරීන් මොවුන්ය. ඔබ සියළු දෙනා කවුද? ඔබ කියන්නේ: ඔවුන් කුමාරීන් වන අතර අපි බ්‍රහ්ම කුමාරීන් සහ බ්‍රහ්ම කුමාර්ලා. ඔබ වුවද අඩු නැහැ. මෙය කුමාර්ලාගේ කණ්ඩායමක්. එය මිශ්‍ර කණ්ඩායමක්. එය හොදයි. ඔය යුගල වලට ඇති කුල්මත්බව කුමක්ද? ඔබට ඇති අතිරික්ත කුල්මත්බව කුමක්ද කියා ඔබ දන්නවාද? ගෘහවාසීන් මෙම දැනුම ධාරණය කරගත් කාලයේ සිට, ඔවුන්ටත් මෙය කළ හැකි බවට එඩිතරකම, මිනිසුන්ගෙන් බහුතරයක් තුලද වර්ධනය වී තිබේ. අපටත් මෙය කළ හැක. පෙර ඔවුන් සිතුවේ: බ්‍රහ්ම කුමාරී කෙනෙක් වීම යනු සියල්ල අත්හැරීමට සිදු වීමයි. නමුත් බ්‍රහ්ම කුමාර් හෝ කුමාරී කෙනෙක් වීමෙන් පසුවත් ඔවුන්ට සෑම දෙයක්ම කළ හැකි බව සහ තම පවුලේ අය සමග වාසය කරමින් දිගටම සියල්ල කළ හැකි බව ඔවුන්ට දැන් වැටහෙයි. යුවල් වලට තව එක විශේෂත්වයක් තිබේ. එකට වාසය කරන අතර, සියළු දෙනා සමග සම්බන්දතා පවත්වන අතර, පරමාත්ම දෙවියන් සමග ඔවුන්ගේ සම්බන්දතාවය ශ්‍රේෂ්ඨ බවත් ඔවුන් ජයග්‍රාහී බවත් ඔවුන් මහාත්මයන්ට අභියෝග කර තිබේ. එබැවින් ජයග්‍රහණයේ ධෛර්යය ලබා දීම යුගලයන්ගේ යුතුකමයි. මේ නිසයි බාප්දාදා යුවල් වලට සුබ පතන්නේ. මෙය හොදද? ඔවුන්ට අභියෝග කරන අය ඔබලා නේද? ඔබ මෙයින් ස්ථිරද? කෙනෙක් පැමිණ ‘CID’ රංගනයක් කරන්නේ නම්, ඔවුන් එය සිදු කලාදෙන්. ඔවුන්ට කියන්න: ඔවුන්ට එය කළ හැක. ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? අත් ඔසවන්න! අච්චා.

බාප්දාදා සෑම විටම සලකන්නේ ද්විත්ව විදේශිකයන් එඩිතරකම ඇති අය ලෙසයි. ඇයි? ඔබ වැඩට යයි, ඔබ පංති වලට සහභාගී වෙයි, ඔබගෙන් සමහරු පංති මෙහෙයවන අතර මධ්‍යස්ථාන වල සියළු ආකාරයේ සේවය සදහා ඔබ උදව්කරුවන් වන බව බාප්දාදා දැක තිබෙනවා. මේ නිසයි බාප්දාදා ඔබට මෙම නම්බු නාමය ලබා දෙන්නේ: ඔබ සියළු-දේවල් (all-round group) කරන කණ්ඩායමක්. මේ අන්දමින් නොකඩවා ඉදිරියට ගමන් කර, අන් අයවත් ඒ අන්දමින් ඉදිරියට ගමන් කරවන්න. අච්චා.

ගුරුවරු: ඔය ගුරුවරු හොදින්ද? බොහෝ ගුරුවරු සිටිනවා. අච්චා, වැඩිමහළු අයත් සිට ගන්නවා. එය හොදයි. පරම පියාට සමාන වීමේ නම්බු නාමය ඔබටත් ලැබී තිබේ. පියා, ගුරුවරයා ලෙසද මෙහි පැමිණෙයි. ගුරුවරයෙක් යනු ඇගේ අත්දැකීම් වල පදනමට අනුව අන් අයව අත්දැකීම් ඇති අය බවට පත් කරන කෙනෙකි. ශ්‍රේෂ්ඨතම වන්නේ අත්දැකීම් වල අධිකාරිත්වයයි. කෙනෙකුට එක වරක් යම් දේක අත්දැකීමක් ලැබුණොත්, ඔහුගේ මුළු ජීවිත කාලයටම එය අමතක නොවෙයි. ඔබ ඇසූ හෝ දුටු දෙයක් ඔබට අමතක විය හැක, නමුත් ඔබ අත්වින්ද දෙයක් කිසිදා අමතක කළ නොහැක. එබැවින් ගුරුවරු යනු අත්දැකීම් ඇති අය බවට පත් වී, අන් අයවත් අත්දැකීම් ඇති අය බවට පත් කරන අයයි. ඔබ සිදු කරන්නේ මෙය නේද? එය හොදයි. ඔබගේ අත්දැකීම් වල යම් අඩුවක් ඇත්නම්, එක මාසයකදි එම හිඩැස පුරවන්න. ඉන්පසුව බාප්දාදා ප්‍රතිඵලය ඉල්ලා සිටිනවා. අච්චා.

බාප්දාදාගේ හදවත් සිහසුනේ සහ ලෝක රාජධානියේ සිහසුනේ අසුන් ගෙන සිටින ඔබ සියළු දෙනාට, ඔබගේ නිහැඩියාවේ බලය නිරන්තරයෙන් වැඩි කරගන්න සහ අන් අයට ඉදිරියට ගමන් කිරීමට උනන්දුව සහ උද්යෝගය ලබා දෙන අයට, නිරන්තරයෙන් සතුටින් රැදී සිට සියළු දෙනාට සතුටේ තිලිණය ලබා දෙන අයට, සෑම තැනකම සිටින බාප්දාදාගේ වාසනාවන්ත සහ ආදරණීය දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය ආශිර්වාද සහ නමස්තේ.

වරදානය:
ඔබ සෑම අවස්ථාවකදීම ආරක්ෂිතව රැදී සිටීමෙන්, වායු සමීකරණය කරන ලද ප්‍රවේශ පත්‍රයකට අයිතියක් හිමි කරගනිත්වා.

වායු සමීකරණය කරන ලද ප්‍රවේශ පත්‍රයක් හිමි වන්නේ, මෙහිදි සෑම අවස්ථාවකදීම ආරක්ෂිතව රැදී සිටින දරුවන්ටයි. කුමන සිදුවීමක් පැන නැගුනත්, කුමන ප්‍රශ්න පැමිණියත්, ඔනෑම ප්‍රශ්නයක් තත්පරයකදි අභිබවා යාමට ඔබට සහතිකයක් තිබිය යුතුයි. එම ප්‍රවේශ පත්‍රයට ඔබ මුදල් ගෙවිය යුතු සේම, මෙහිදි මෙම ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම සදහා ඔබට නිරන්තරයෙන් ජයගැනීමේ මුදල තිබිය යුතුයි. මෙම මුදල් උපයා ගැනීමට ඔබට වෙහෙස වී වැඩ කිරීමට අවශ්‍ය නැත, නමුත් ඔබ කළ යුත්තේ සෑම විටම පරම පියා සමග රැදී සිටීම පමණයි. එවිට ඔබ අඛණ්ඩව ගිණිය නොහැකි තරම් ආදායමක් රැස්කර ගනී.

පාඨය:
කුමන සිදුවීමක් වුනත් කම් නැහැ, එයට යන්නට ඉඩ දෙන්න, නමුත් කිසිම විටෙක ඔබගේ සතුටට යන්නට ඉඩ නොදෙන්න.

අව්‍යක්ත සංඥාව: දැන් පරිසමාප්ත සහ කර්මතීට් වීමට ගැඹුරින් සැලකිලිමත් වන්න.

ඔබගේ නිර්මාණය වන ඉබ්බාට උගේ සියළු ඉන්ද්‍රියයන් තත්පරයකදි මුසුකර ගත (අසුරා ගත) හැක. නිර්මාණයට පවා අසුරා ගැනීමේ බලය තිබේ. අසුරා ගැනීමේ බලයේ පදනමින් ඔය මාස්ටර් නිර්මාණකරුවන්ට තත්පරයකදි සියළු සිතිවිලි නවතා, තත්පරයකදි එක සිතිවිල්ලක ස්ථාවර විය හැක. ඔබ ජීව-අවධාන ස්වරූපයේ, ඔබගේ සියළුම භෞතික ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාවන්හි අවධානය ඉක්මවා, තමන්ව ස්ථාවර කරගත් විට, එවිට ඔබ කර්මතීට් ස්ථිතිය අත්විදියි.