15.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔබගේ බුද්ධිය පිරිසිඳු කිරීමටයි. පිරිසිඳු වුණු විට පමණයි ඔබට දේවතාවරුන් බවට පත් විය හැක්කේ.

ප්‍රශ්නය:
මෙම නාටක චක්‍රයේ පරමාත්ම පියාටවත් නිදහස් විය නොහැකි, තීරණය වී ඇති සැලැස්ම කුමක්ද?

පිළිතුර:
සෑම කල්පයකදීම පරමාත්ම පියාට දරුවන් ළඟට ඒමට සිදු වෙනවා. අපිරිසිඳුව දුකින් සිටිනා දරුවන්ව පිරිසිඳු, සතුටින් පිරි අය බවට නැවතත් පත් කරවීමට ඔහුට සිදුවෙනවා. මෙම සැලැස්ම නාටකයේ කල්තබාම තීරණය වූවක්. පරමාත්ම පියාටවත් මෙම බන්ධනයෙන් නිදහස් වන්න බැහැ.

ප්‍රශ්නය:
ඔබට උගන්වනා පරමාත්ම පියාගේ ප්‍රධානම සුවිශේෂී ගති ලක්ෂණය කුමක්ද?

පිළිතුර:
ඔහු මුළුමනින්ම නිරහංකාරයි. ඔහු මෙම අපිරිසිඳු ලෝකයේ අපිරිසිඳු ශරීරයකට පැමිණෙනවා. පරමාත්ම පියා ඔබව මේ කාලයේ දී දිව්‍යලෝක පාලකවරුන් බවට පත් කරවනවා. පසුව, තඹ යුගයේ පටන් ඔබ ඔහුට රන් මාලිඟා සාදනවා.

ගීතය:
මෙම පව්කාර ලෝකයෙන් අපව සැපපහසු දනව්වකට ගෙන යන්න...

ඕම් ශාන්ති.
සුමිහිරි ආධ්‍යාත්මික දරුවනි, ලෝක දෙකක් ගැන කියැවෙනා ගීතයකට ඔබ සවන් දුන්නා. එකක් පව්කාර ලෝකය වන අතර අනෙක පින්වත් ලෝකයයි: සතුටින් පිරි ලොව හා දුකින් පිරි ලොව. නව ලෝකයේ නව ගොඩනැඟිල්ලක අනිවාර්යෙන්ම ඇත්තේ සතුටයි. පැරණී නිවසේ ඇත්තේ දුකම පමණයි; අන්න ඒ නිසා තමයි එය විනාශ කර දැමිය යුත්තේ. ඉන් අනතුරුව ඔබ ඔබගේ නව නිවහනේ සතුටින් ජීවත් වේවි. කිසිම මනුෂ්‍යයෙක් දෙවියන් ගැන දන්නේ නැති බව ඔය දරුවන් දැන් දන්නවා. මෙය රාවණ්ගේ රාජ්‍යය නිසා. සෑම කෙනෙකුගේම බුද්ධිය සම්පූර්ණයෙන්ම ගල් හා තමෝප්‍රධාන් බුද්ධියක් බවට පත් වෙලා. පරමාත්ම පියා පැමිණ පැහැදිලි කර කියනවා: සෑම කෙනෙක්ම මට දෙවියන් කියා කතා කරනවා. නමුත් කිසිම කෙනෙක් මාව දන්නේ නැහැ. දෙවියන් යනු කවුරුන්දැයි කියා ඔවුන් දන්නේ නැතිනම් ඔවුන්ගෙන් ඇති ඵලක් නැහැ. දුකින් සිටිනා මිනිසුන් තමයි: අහෝ ප්‍රභූ! අහෝ ඊෂ්වර! කියා කන්නලව් කරන්නේ. කෙසේවෙතත්, නිර්මාණකරු වන අසීමිත පියා කවුරුන්දැයි කියා කිසිම කෙනෙක් නොදන්නා එක හරිම පුදුම කාරණක්. ඔහු සෑම තැනම සිටිනවායි කියා ඔවුන් කියනවා, කිඹුලන්, තලගොයින් තුළත් සිටිනවා කියා කියනවා. ඔවුන් දෙවියන්ව අපහාසයට ලක් කරනවා. ඔවුන් නොසෑහෙන සේ අපහාසයට ලක් කරන්නේ පරමාත්ම පියාවයි. මෙත්ත මේ නිසා තමයි දේව වාක්‍යයේ තිබෙන්නේ: භාරතයේ මිනිසුත් පහළටම බැස තමෝප්‍රධාත් වී දේවතාවරුනුත් මාවත් අපහාසයට ලක් කරනා දවසට තමයි මම පැමිණෙන්නේ, කියලා. දරුවන් කියනවා: නාටකයට අනුව අපි නැවතත් වතාවක් මෙම චරිත කොටස් රඟදැක්විය යුතුයි. පරමාත්ම පියා කියනවා: මෙම නාටකය කල්තබාම තීරණය වූවකි. මමත් මෙම නාටකයේ බන්ධනයෙන් බැඳිලයි සිටින්නේ. මටවත් මෙම නාටකයෙන් නිදහස් වන්න බැහැ. අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවීමට මට පැමිණීමට සිදු වෙනවා. නැතිනම්, නව ලෝකය ස්ථාපනය කරන්නේ කවුරුන් ද? රාවණ්ගේ රාජ්‍යයේ දුකින් දරුවන්ව මුදවා ගෙන ඔවුන්ව නව ලෝකයට ගෙන යන්නේ කවුද? තමන් ඉන්නේ දිව්‍ය ලෝකයක යැයි කියා සිතනා ධනවත් මිනිසුන් රාශියක් මෙම ලෝකයේ සිටිනවා; ඔවුන්ට ධනය. මාළිඟා හා අහස්යානා තිබෙනවා. ඒ වුණත් ඇතැම් අය නිකම් ඉඳගෙන ඉන්නා අතරේ හදිසියේම අසනීප වී මිය යනවා. ඇත්තේ මහා දුකක්. ස්වර්ණමය යුගයේ කිසිදු විටෙක අකල් මරණයක් තිබුණේ නැති බව ඔවුන් දන්නේ නැහැ. එහි දුකක් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එහි මිනිසුන්ගේ ආයුකාලය දීර්ඝයි. නමුත් මෙහි සිටිනා අය හදිසියේම මිය යනවා. ස්වර්ණමය යුගයේ එවන් දේවල් සිදු වන්නේ නැහැ. එහි සිදු වන්නේ මොනවාදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා කියන්නේ: ඔවුන්ට ඇත්තේ ඉතාමත් පිරිහුණු බුද්ධියක්. මා පැමිණ ඔවුන්ගේ බුද්ධිය පිරිසිඳු කරවනවා. රාවණ් ඔවුන්ගේ බුද්ධින් ගල් වන් පිරිහුණු බවට පත් කරවනා අතර දෙවියන් ඔබගේ බුද්ධිය පිරිසිඳු කරවනවා. පරමාත්ම පියා ඔබව මානවයින්ගෙන් දේවතාවරුන් කරවනවා. තමන් මෙහි පැමිණ සිටින්නේ සූර්ය වාංශික අධිරාජ්‍යවරුත් හා අධිරාජිණීයන් බවට පත් වීමටයි කියා ඔය සියලුම දරුවන් කියනවා. ඔබගේ අරමුණ හා ඉලක්කය සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන් වීමටයි. සත්‍ය නාරායන් වීමේ කතාන්දරය මෙයයි. පසුව භක්ති මාර්ගයේ දී බ්‍රහමිණ් පූජකවරුන් ඒ කතාන්දරය කියනවා. කෙසේවෙතත්, එහිදී කිසිම කෙනෙක් සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන් කෙනෙක් වන්නේ නැහැ. ඔබ අනිවාර්යෙන්ම මෙහි පැමිණ සිටින්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන් වීමටයි. ඇතැම් අය ඔබගෙන් අහනවා: ඔබගේ ආයතනයේ අරමුණ කුමක්ද? ඔවුන්ට කියන්න: අපේ අරමුණ තමයි සාමාන්‍ය මිනිසුන්ව නාරායන් බවට පත් කිරීම කියලා. ඒත් මෙය ආයතනයක් නොවෙයි; මෙය පවුලක්. මව, පියා හා දරුවන් සිටිනවා. භක්ති මාර්ගයේ දී ඔබ; ඔබ තමයි මව, ඔබ තමයි පියා කියා කන්නලව් කරමින් ගායනා කළා. ඔබ පැමිණී විට අප ඉමහත් සතුටට පත් වේවි. අපි ලෝක පාලකවරුන් වෙමු. ඔබලා දැන් ලෝක පාලකවරුන් වෙනවා. ඒත් දිව්‍ය ලෝක පාලකවරුනුයි. එවන් පියෙක් දැකීමෙන් ඔබගේ සතුට මහා ඉහළින් ඉහළ නැඟිය යුතුයි. කල්ප බාගයක් පුරාවට ඔබ සෙවූ කෙනා ඔහුයි: අහෝ දෙවියනි වඩිනු මැනවි! ඔබ පැමිණීමෙන් අප ඔබගෙන් ලබන්නේ මහත් සතුටකි. මෙම අසීමිත පියා ඔබට අසීමිත උරුමයක් දෙනවා. ඒකත් උපත් 21ක් පුරාවටම තිබෙන්නක්. පරමාත්ම පියා කියනවා: මම ඔබව දිව්‍යමය සමාජයට අයිති අය බවට පත් කරවනවා. නමුත් රාවණ් ඔබව යක්ෂ සමාජයට අයිති අය බවට පත් කරවනවා. මම ආදි සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය කරනවා. පාරිශුද්ධත්වය නිසා එහි සිටිනා සෑම කෙනෙකුගේම ආයු කාලය ඉතාමත් දීර්ඝයි. මෙහි සිටිනා අය භෝගීන්(ඉන්ද්‍රිය සන්තර්පනයේම නිරත වන්නන්). ඒ නිසාම ඔවුන් හදිසියේම මිය යනවා. එහිදී ඔබ ලබනා උරුමය ඔබගේ යෝගාවේ ඵලයක්. ඔබගේ ආයු කාලය වසර 150ක්. නිවැරදිම වෙලාවට ශරීරය අතහැර දමා ගොස් තවත් එකක් හරිම වෙලාවට ගනීවි. මෙහි සිට මෙම ඥානය ඔබට දෙන්නේ පරමාත්ම පියාම පමණයි. භක්තිවන්තයින් දෙවියන්ව සොයනවා. ග්‍රන්ථ හැදෑරීමත් වන්දනා ගමන් යාමත් දෙවියන් මුණ ගැසීමට මඟයි කියා ඔවුන් විශ්වාස කරනවා. පරමාත්ම පියා කියනවා: ඒවා නිවැරදි මාර්ග නොවෙයි. ඔබට මාර්ගය පෙන්විය හැක්කේ මටම පමණයි. ඔබ කිව්වා: අහෝ දෙවියනි, අන්ධයින්ට මඟ පෙන්වන්නාණෙනි, පැමිණෙන්න! අපව සාමයේ දේශයට හා සතුටේ දේශයට ගෙන යන්න. එමනිසා, සතුටේ දේශයට මඟ පෙන්වන්නේ පියාම පමණයි. පරමාත්ම පියා කවදාවත් දුකක් දෙන්නේ නැහැ. මිනිස්සු නිරපරාදේ ඔහුව අපහාසයට ලක් කර තිබෙනවා. කෙනෙක් මිය ගිය විට මිනිස්සු දෙවියන්ට අපහාස කරනවා. පරමාත්ම පියා කියනවා: මම කාවවත් මරන්නේත් නැහැ කිසිම කෙනෙකුට දුකක් දෙන්නේත් නැහැ. ඒ සියල්ල ඇත්තේ ඒ ඒ අයගේම චරිත කොටසේයි. අකල් මරණ හෝ දුකක් කියා දෙයක් මා ස්ථාපනය කරනා රාජ්‍යයේ නැහැ. මම ඔබව සතුටු දේශයට ගෙන යනවා. බාබා ඔබව ඉතාමත් ඉහළ මිනිසුන් බවට පත් කරවනවා කියා ඔබගේ ඇඟේ හිරිගඩු පිපිය යුතුයි. සංගම යුගය තමයි ඉතාමත් උතුම්ම යුගය කියා මිනිස්සු දන්නේ නැහැ. භක්ති මාර්ගයේ භක්ති වන්තයින් උතුම් මාස ආදිය නිර්මාණය කර තිබෙනවා. ඇත්තටම කියනවා නම් ඉතාමත් උතුම්ම මාසය වන්නේ පරමාත්ම පියා පැමිණ ඔබව උසස්ම මිනිසුන් බවට පත් කරවනා කාලයයි. ඔබ දැන් ඉහළම ඉහළ මානවයින් වෙනවා. ඉහළම මානවයින් වන්නේ ලක්ෂ්මි හා නාරායනුයි. මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඉහළ තත්ත්වයකට ඔබව ගෙන යන්නේ පරමාත්ම පියා පමණයි. ඉණීමඟ පින්තූරය ඕනෑම කෙනෙකුට පහදා දීම හරිම පහසුයි. පරමාත්ම පියා කියනවා: දැන් නාටකය අවසානයකට පැමිණීලයි තිබෙන්නේ, ඔබ නිවහන කරා යා යුතුයි. දැන් ඔබ ඒ පැරණී, අපිරිසිඳු ශරීරය අතහැර දැමිය යුතුයි. මුලදී ඔබ නව ලෝකයේ සතෝප්‍රධාත්ව සිටියා; පසුව උපත් 84ක් ගැනීමෙන් අනතුරුව ඔබ තමෝප්‍රධාන් ශුද්‍රයින් වුණා. ඔබලා දැන් බ්‍රහමිණ් තත්ත්වයෙන් ශුද්‍රයින් වෙලා. පරමාත්ම පියා දැන් ඔබගේ භක්තියේ ඵලය ඔබට දීමට පැමිණ සිටිනවා. ස්වර්ණමය යුගයේ දී පරම පියා ඔබට ඵලය දී තිබෙනවා. පියා සතුට දානය කරන්නායි. පාරිශුද්ධකරු වන පරමාත්ම පියා පැමිණී විට ඔහු මුළු ලෝකයේම සිටිනා මිනිස් ජීවයන්ව පාරිශුද්ධ කරනවා පමණක් නොව මුළුමහත් ස්වභාවධර්මයාම සතෝප්‍රධාත් කරවනවා. මේ වන විට ස්වභාවධර්මයාත් තමෝප්‍රධාන් වෙලයි තිබෙන්නේ; මිනිසුන්ට හරිහැටි හාල් ඇටයක්වත් නැහැ. මීලඟ වසරේ දී හොඳ අස්වැන්නක් ලබන්න මේ මේ වගේ දේ කරමුයි කියා ඔවුන් කිව්වත් කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. ස්වභාවික වියසන සිදුවීම කාටවත් වලක්වන්න බැහැ. ආහාර අහේනි. භුමිකම්පා සහ වසංගත ඇති වේවි. ලේ ගංගාවන් පවා ගලාවි. මේ එම මහා භාරත යුද්ධයමයි. පරමාත්ම පියා කියනවා: දැන් ඔබගේ උරුමය දිනා ගන්න. මා පැමිණ සිටින්නේ ඔබට ඔබගේ දිව්‍ය ලෝක උරුමය ලබා දීමටයි. මායා, රාවණ් ඔබට සාප කරනවා; ඇය ඔබට දෙන්නේ අපායේ උරුමයයි. මෙම නාටකය කල්තබාම තීරණය වූවක්. පරමාත්ම පියා කියනවා: නාටකයට අනුව, මම ශිව ආරාමය (ශිවාලයාව) ස්ථාපනය කරනවා. ශිවාලයාව වශයෙන් තිබුණේ මෙම භාරතයයි. දැන් එය ගණීකා මඩමක් වෙලා. මිනිස්සු වස සාගරයේ එන්න එන්නම ගිලෙනවා. බාබා දැන් ඔබව ශිවාලයාව වෙතට ගෙන යාමට සිටිනා බව ඔය දරුවන් දන්නා නිසා ඔබට ලොකු සතුටක් දැනිය යුතුයි. අසීමිත පියා ඔබට උගන්වනවා. පරමාත්ම පියා කියනවා: මම ඔබලාව ලෝක පාලකවරුන් බවට පත් කරවනවා. භාරතයේ මිනිසුන් තම තමන්ගේ ආගම ගැනවත්, ශ්‍රේෂ්ඨම වංශ පරම්පරාව තමන්ගේ පරම්පරාව කියාවත් හෝ අන් සෑම වංශයක්ම මතුවන්නේ එයින් බවවත් දත්තේ නැහැ. තිබුණු වංශ පරම්පරාව ගැන හෝ ආදී සනාතන ධර්මය ගැනවත් ඔවුන් දන්නේ නැහැ. වංශ පරම්පරාව ආදී සනාතන දේවී දේවතා ධර්මයට අයත් අයයි: දෙවන කොටස චන්ද්‍ර වංශයට අයිති අයයි. ඉන් පසුව ඉස්ලාම්වරුන්ගේ වංශ පරම්පරාව මතු වෙනවා. මුළු ගසෙහිම රහස් ගැන කිසිම කෙනෙකුට පහදා දෙන්න බැහැ. දැන් මේ වන විට වංශ පරම්පරා කීයක් නම් තිබෙනවා ද කියා බලන්න. අතුරිකීලි රාශියක් තිබෙනවා. මෙය ආගම් ගණනාවක ගසයි. මෙහි පැමිණ මෙම කරුණු ඔබගේ සිහියේ රඳවන්නේ පරමාත්ම පියාම පමණයි. මෙය අධ්‍යයනයක්. ඔබ මෙය දිනපතා හැදෑරිය යුතුයි. දෙවියන් කතා කරයි: මම ඔබව රජවරුන්ගෙත් රජවරුන් කරවමි. විනාශ වන සුළු ධනයක් දානය කර මිනිස්සු අපිරිසිඳු රජවරුත් වෙනවා. මම ඔබව උපත් 21කටම පාලකවරුන් විය හැකි තරමට පාරිශුද්ධ කරවනවා. එහි කිසිම අකල් මරණයක් නැහැ. ඔබ නියමිත කාලයට ඔබගේ ශරීරය අතහැර දමා යාවි. නාටකයේ රහස් ගැන පියා ඔය දරුවන් හට පහදා දී තිබෙනවා. අනිකුත් චිත්‍රපට හෝ නාට්‍ය ගැන පහදා දෙන්නාක් සේ මෙම නාටකය ගැන පහදා දීමත් හරිම පහසුයි. මේ දිනවල මිනිස්සු නොයෙකුත් වර්ගයේ නාට්‍ය සාදනවා. මිනිස්සු ඒවාට බොහෝ සෙයින් ආකර්ෂණය වෙලා. ඒ සියල්ල සීමිත නාටකයි නමුත් මෙය අසීමිත නාටකයක්. මේ දිනවල මායාගේ ආටෝපය හරිම ඉහළින් තිබෙනවා; දිව්‍ය ලෝකය දැනටමත් ස්ථාපනය වී හමාරයි කියා මිනිස්සු සිතනවා. මීට පෙර මේ වගේ විශාල ගොඩනැඟිලි ආදිය තිබුණේ නැහැ. දැන් විශාල විරෝධත්වයක් තිබෙනවා! දෙවියන් දිව්‍ය ලෝකය නිර්මාණය කරනා අතර මායාත් ඇයගේ දිව්‍ය ලෝකය පෙන්වනවා. ඒ සියල්ල මායාගේ ආටෝපයයි. ඇය වැටෙන්න ඔන්න මෙන්න කියලයි සිටින්නේ. ඒ වගේම ඇය හරිම බලවත්. ඔබගේ මුහුණ ඇයගෙන් ඉවතට හරවා ගත යුතුයි. පරමාත්ම පියා දුප්පතුන්ගේ ස්වාමියායි. ධනවතුන් සඳහා මෙය දිව්‍ය ලෝකය වුවත් දුප්පතුන් සිටින්නේ අපායේයි. එමනිසා, අපායේ වාසය කරන්නත් දෙව්ලොව වාසීන් විය යුතුයි. මෙම උරුමය හිමි වන්නේ දුප්පතුන්ට පමණයි. ධනවත් අය සිතන්නේ දිව්‍ය ලෝකයත් අපායත් දෙකම මෙහි තිබෙනවා. තමන් සිටින්නේ දිව්‍ය ලෝකයේ කියලයි. මේ සියල්ල දැන් හොඳින් තේරුම් ගෙන සිටින්නේ ඔබ පමණයි. භාරතය එවන් දිළිඳු යාචකයෙක් වෙලා. භාරතය ඉතාමත් ධනවත්ව තිබුණා. එකම එක ආදී සනාතන දේවී දේවතා ධර්මයක් පමණයි තිබුණේ. දැනටත් ඔවුන් නොයෙකුත් පැරණී දේ හාරා සොයා ගන්නවා. මේක වසර මෙපමණ කාලයක් පැරණයි කියා යම් යම් දේ ගැන කියනවා. ඇටකටු ටිකක් හොයාගෙන මේවා වසර සිය දහස් ගණනක් පැරණී අස්ථි වර්ගයක් කියා කියනවා. දැන් ඉතින් වසර සිය දහස් ගණනක් පැරණී ඇටකටුවක් කොහෙන් මතුවන්නද? ඒවාට ඉතාමත් ඉහළ මිළකුත් නියම කරනවා. පරමාත්ම පියා කියනවා: මා පැමිණ සිටින්නේ සැමටම මුක්තිය දානය කිරීමටයි. මම මොහුට ඇතුළු වෙනවා. මේ බ්‍රහ්මා භෞතිකයි. පසුව මේ බ්‍රහ්මා සූක්ෂම ලෝක වාසී ඉටු දේවතාවරයෙක් වෙනවා. ඔහු සූක්ෂම වන අතර මොහු භෞතිකයි. පරමාත්ම පියා කියනවා: මම ඔහුගේ උපත් ගණනාවක අවසානයේ දී පැමිණෙනවා. මෙම පළමුවන පාරිශුද්ධ කෙනා පසුව පළමු අපිරිසිඳු කෙනා වෙනවා. මම ඔහුට ඇතුළු වන්නේ නැවතත් වතාවක් අංක එකේ පාරිශුද්ධ කෙනා බවට පත් වන්නේ ඔහුම නිසායි. තමන් දෙවියන් කියා හෝ තමන් අහවල් අහවල් කෙනෙක් කියා ඔහු කිව්වේ නැහැ. තමන් මෙම ශරීරයට පැමිණ ඒ හරහා සෑම කෙනෙක්වම සතෝප්‍රධාන් කරවන බව පරමාත්ම පියාත් අවබෝධ කර ගන්නවා. ඔබ අශාරිරිකව පැමිණ උපත් 84ක් ගෙන තම චරිත කොටස රඟදක්වා දැන් නැවතත් නිවහන බලා යාමට සිටිනා බව පරමාත්ම පියා දැන් ඔය දරුවන්ට පහදා දෙනවා. තමා ජීවයක් බව සලකා ශරීරයේ අහංකාරය බිඳ දමන්න. ඔබ ස්මරණ වන්දනාවේ නිරත විය යුතුයි. වෙන කිසිම අපහසුතාවයක් නැහැ. ඥානයට ඇහුම්කන් දී පාරිශුද්ධ වන අය ලෝක පාලකවරුන් වේ. මෙය එතරම් ඉහළ පාසලක්. අපට උගන්වනා පරමාත්ම පියා ඉතාමත් නිරහංකාරයි. මෙම පැරණී ලෝකයේ පැරණී අපිරිසිඳු ශරීරයකට ඔහු පැමිණෙනවා. භක්ති මාර්ගයේ දී ඔබ ඉතාමත් ලස්සන රන් දේවාල ඔහු වෙනුවෙන් සෑදුවා. දැන් මේ කාලයේ දී මම ඔබව දිව්‍ය ලෝකයේ පාලකවරුන් බවට පත් කරවනවා. ඒ සඳහා මා පැමිණ අපිරිසිඳු ශරීරයක අසුන් ගන්නවා. පසුව භක්ති මාර්ගයේ දී ඔබ මගේ රූපය සෝම්නාථ දේවාලයේ හිඳුවනවා. ඔබ රත්තරන් දියමන්ති දේවාල සෑදුවේ ඔහු ඔබව ලෝක පාලකවරුන් බවට පත්කර වූ බව ඔබ දන්නා නිසායි. මෙන්න මේ නිසා තමයි ඔබ ඔහුට පුද සත්කාර කරන්නේ. ඒ සියල්ලකම අර්ථය ඔබට පහදා දී තිබෙනවා. මුල් කාලයේ දී භක්තිය හරිම පිරිසිඳුවට තිබුණා. පසුව එය අපිරිසිඳු වුණා. බලන්න මේ දවස් වල මිනිස්සු මිනිස්සුන්වම වන්දනා කරනා ආකාරය! ගං ඉවුරු වල ඉඳගෙන තමත් ශිව දෙවියන් යැයි කියා ගනිමින් සිටිනා මිනිසුන් දෙස මඳක් බලන්න! මව්වරුන් ගිහින් ඒ අයට කිරි පූජා පවත්වනවා. වන්දනා කරනවා. මේ දාදාත් ඒ දේවල් කළා. ඔහු ඉහළම ඉහළ වන්දනාකරුවෙක්. ඒක පුදුමයක්. පරමාත්ම පියා කියනවා: මෙය හරිම පුදුම ලෝකයක්. දිව්‍ය ලෝකය නිර්මාණය වුණේ කෙසේද, අපාය නිර්මාණය වුණේ කෙසේද කියා බාබා ඔය දරුවන්ට සියලුම රහස් කියා දෙනවා. මේ ඥානය ග්‍රන්ථ වල නැහැ. ඒ සියල්ල දාර්ශනික ග්‍රන්ථයිනුයි. ඒ ආධ්‍යාත්මික පියාත් ඔය බ්‍රහමිණ්වරුනුත් හැරෙන්න වෙන කිසිම කෙනෙකුට දිය නොහැකි මෙය ආධ්‍යාත්මික ඥානයයි. ඔය බ්‍රහමිණ්වරුන් හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම ආධ්‍යාත්මික ඥානය ලබන්න බැහැ. බ්‍රහමිණ්වරුන් වන තෙක් ඔබලාට දේවතාවරුන් වන්න බැහැ. තමන්ට උගන්වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණා නොව පරමාත්ම දෙවියනුයි යන ලොකු සතුට ඔය දරුවන් තුළ තිබිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මායාගේ මහා විශාල ආටෝප දෙස නොබලා ඔබ අහක බලා ගත යුතුයි. ඉතාමත් උසස් මානව පිරිසක් බවට පත් වෙමින් සිටිනා තමන්ට පරමාත්ම දෙවියන්ම පැමිණ උගන්වනවාය යන්න දැන ගනිමින් ඔබ හිරිගඩු පිපෙනා සතුටකින් සිටිය යුතුයි.

2. මුළු ලෝකයේම අධිරාජ්‍ය වාසනාව දිනා ගැනීම සඳහා කළ යුත්තේ පාරිශුද්ධත්වයට පත් වීම පමණයි. පරමාත්ම පියා කිසිම අහංකාරයකින් තොරව අපිරිසිඳු ලෝකයේ අපිරිසිඳු ශරීරයකට පැමිණෙන්නාක් සේ, ඔබත් නිරහංකාර වී පරමාත්ම පියා සේම සේවා කටයුතු කළ යුතුයි.

වරදානය:
ඔබ ඒකායන කෙනා සමඟ සියලු සබඳතා තබා ගනිමින් සියලු ආධාරකයන්ගෙන් නිදහස් වූ පරිසමාප්ත සුරදූතයෙකු වේවා.

ඔබ පිසින දෙයක් පිසී සූදානම් වන විට, එය බඳුනෙහි නොඇලී වෙන්වන්නට පටන් ගනී. ඒ හා සමානව, ඔබ ඔබේ පරිසමාප්ත අවධියට සමීප වන තරමටම, ඔබ සෑම කෙනෙකුගෙන්ම වඩාත් නොබැදි වනවා ඇත. ඔබ ඔබේ ආකල්පයෙන් සියලු බන්ධන වලින් වෙන් වූ විට, එනම්, ඔබට කිසිවෙකු කෙරෙහි කිසිදු බැඳීමක් නොමැති විට, ඔබ පරිසමාප්ත සුරදූතයෙකු වනවා ඇත. ඒකායන කෙනා සමඟ ඔබගේ සියලු නෑ සබඳතා තබා ගැනීම ගමනාන්තයයි. මෙය කිරීමෙන්, ඔබ අවසාන ගමනාන්තය වන සුරදූත ජීවිතය ළංව ඇති බව අත්විඳිනු ඇත. ඔබේ බුද්ධියේ ඉබාගාතේ යෑම නතර වනු ඇත.

පාඨය:
සෙනෙහස කෙතරම් බලවත් චුම්බකයක් ද යත්, එය ඔබට අපහාස කරන අයව ද ඔබ වෙත සමීප කරවයි.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

ඔබේ මනසින් සේවය කිරීමට නම්, ඔබේ මනස සහ බුද්ධිය කිසිදු නිෂ්ඵල සිතිවිලි වලින් නිදහස් විය යුතුය. ඒවා “මන්මනාභව” මන්ත්‍රයේ පහසු ස්වරූපයෙන් තිබිය යුතුය. උසස් මනසක් ඇති, ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, එනම්, බලවත් සිතිවිලි ඇතිව, සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වලින් යුතු වූ අයට ඔවුන්ගේ මනසින් බල දානය කළ හැකි වේ.