15.02.25 Avyakt Bapdada
Sinhala
Murli 22.02.2009 Om Shanti Madhuban
වේගයෙන් ගොස්, ප්‍රථම
කොට්ඨාශයේ උපත ලැබීමේ තෑග්ග හිමි කරගැනීම සඳහා, ඔබගේ හුස්ම සහ සිතිවිලි බලවත් විය
යුතුයි. ඔබගේ හදවත පරිත්‍යාගශීලී සහ අවංක විය යුතුයි,එවිට ඔබගේ සෑම අවශ්‍යතාවයක්ම
ඉටු වනු ඇත.
අද බිංදුව (Zero) වන
පරම පියා, ඔහුගේ වීර (hero) දරුවන්ව මුණගැසීමට ඇවිත්. මෙදින ඔබ සියලු දෙනාම පැමිණ
සිටින්නේ පියාගේ උපන් දිනය සැමරීමට සහ ඒ සමගම ඔබ පැමිණ සිටින්නේ ඔබගේ උපන් දිනයත්
සැමරීමටයි. සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට, ඔබ පෞද්ගලිකව ඔහු ඉදිරියේ මුහුණට
මුහුණලා අසුන්ගෙන සිටියත්, දුර සිටින නමුත් ඔහුගේ හදවතට සමීප වූවත් බාප්දාදා සියලු
සම්බන්ධතා තුළින් ඔබට සුබ පැතුම් ලබා දෙනවා. එහිදී, විශේෂයෙන් සම්බන්ධතා තුනක සුබ
පැතුම් තිබේ: බාබා විශේෂයෙන් පියා, ගුරුවරයා සහ සත්ගුරු ලෙසින්, සෑම තැනකම සිටින
සියලුම දරුවන්ට පෝෂණය, අධ්‍යාපනය සහ ආශිර්වාද ස්වරූපයෙන් සුබ පැතුම් ලබා දෙනවා. ඔය
සියලුම දරුවන්ට සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්.
බැතිමතුන්ද මෙම විශේෂ
උපන් දිනය සමරයි, නමුත් මෙම උපන් දිනය පියාගේ සහ දරුවන්ගේ අවිනාශී සෙනෙහසේ උපන්
දිනය බව ඔය දරුවන් දන්නවා. ආරම්භයේ සිටම පියා සහ දරුවන් එකට හිඳ ඇත. එය සමගම, ලෝක
පරිවර්ථන කාර්යයේදි පියා, දරුවන් සමග හිද ඇත, මන්ද, පියා සහ දරුවන් අතර බොහෝ සෙනෙහස
තිබෙන නිසා. ඔබ දැන් එකට සිටින අතර ඔබ ආපසු නිවහනට යන්නේද එකටයි. පියාට දරුවන්
නොමැතිව යා නොහැකි අතර දරුවන්ට පියා නොමැතිව ආපසු යා නොහැක, මන්ද, ඔබගේ හදවතේ
සෙනෙහසින් ඔබ එකට සිටින බැවින්. නිවහනට යෑමෙන් පසුව ඔබගේ රාජධානියට ඔබ ගිය විට, ඔබ
බ්‍රහ්ම පියා සමග එහි පාලනය කරයි. එබැවින් ඔබගේ සියලුම උපත් අතරින්, වඩාත්ම ආදරණීය
සහ අද්විතීය උපත මෙයයි. මුළු චක්‍රයේ උපත් 84 අතරින් මෙම උපත තරම් වටිනාකමක් වෙනත්
කිසිම උපතකට නොමැත. මෙය, ඔබට ඇසුරද තිබෙන බොහෝ ආදරණීය උපතක්, දියමන්තියක් තරම්
වටින, විශේෂ උපත මෙයයි. ඉතිං ඔබ සියලු දෙනා පැමිණ සිටින්නේ ඔබගේ උපන් දිනය
සැමරීමටද, පරම පියාගේ උපන් දිනය සැමරීමටද? එසේ නැත්නම් පියා ඇවිත් සිටින්නේ
දරුවන්ගේ උපන් දිනය සැමරීමටද, නැත්නම් දරුවන් ඇවිත් සිටින්නේ පියාගේ උපන් දිනය
සැමරීමටද? සෑම තැනකම බැතිමතුන් ශිව ජයන්තිය හෝ ශිව රාත්‍රිය සමරයි; ඔවුන් බොහෝ
සෙනෙහසින් සමරයි. බැතිමතුන්ව දැක, බාප්දාදා ඔවුන්ගේ භක්තියේ ඵලය ඔවුන්ට ලබා දෙයි.
කෙසේවෙතත්, ඔවුන් සමරන ආකාරයේ සහ ඔබ සමරන ආකාරය අතර වෙනසක් තිබේ. ඔවුන් රාත්‍රියේ
සමරන අතර ඔබ අම්රිත් වේලාවේදි සමරයි. වඩාත්ම ශ්‍රේෂ්ඨතම කාලය, අම්රිත් වේලාවයි.
බාප්දාදා සියලුම දරුවන්ගේ ඒප්‍රන, ආශිර්වාද වලින් පුරවන්නේ අම්රිත් වේලාවේදිය. ඔය
සියලුම දෙනාගේ ඒප්‍රන, ආශිර්වාද වලින් පිරි තිබෙනවා නේද? ආශිර්වාද පිරිනමන්නා වන
පරම පියාගෙන් ඔබට දිනපතාම ආශිර්වාදයක් ලැබෙනවා. ඔය සෑම දරුවෙකුටම බාප්දාදාගෙන් බොහෝ
ආශිර්වාද ලැබී තිබෙනවා. ඔබගේ ඒප්‍රන, එම ආශිර්වාද වලින් පිරී තිබෙනවා නේද? ඉතිං ඔබ
සියලු දෙනාම බොහෝ උනන්දුව සහ උද්යෝගයකින් මෙහි ඇවිත් සිටිනවා. සියලුම දරුවන් දැකීමට
බාප්දාදා බොහෝ බොහෝ සේ සතුටු වන අතර නොකඩවා මෙම ගීතය ගායනා කරයි: අපූරුයි දරුවනි!
අපූරුයි! දරුවන් පවසන්නේ: අපූරුයි බාබා! අපූරුයි! එබැවින් පියා පවසන්නේ: අපූරුයි
දරුවනේ! අපූරුයි! පරම පියාගේ දරුවන් බවට පත්වන සියලු දෙනා, ජීවාත්ම කෝටි ගණනක්
අතරින් අතලොස්සයි. ලෝකයේ ජීවාත්ම කෝටි ගණනක් සිටින නමුත් එම ජීවාත්ම අතරින් ඔහුගේ
භාග්‍යවන්ත සහ ආදරණීය දරුවන් ලෙස පියා අමතන දරුවන් අතලොස්ස ඔබලාය. සෑම කල්පයකදීම
කෝටි ගණනකින් අතලොස්සක් වන්නේ ඔබයි, යන කුල්මත් බව ඔබට තිබෙනවාද? වර්ථමානයේ උසස්
තනතුරු දරන ජීවාත්ම කෙතරම් සිටියත්, පියාව හදුනාගෙන ඔහුගේ උපන් දිනය සමරන දරුවන්
සිටින්නේ සිව් කොණින්ම කෝටි ගණනකින් අතලොස්සක් පමණයි. කෝටි ගණනකින් අතලොස්සක් වීමේ
එම සතුට ඔබට තිබෙනවාද? ඔබට එම කුල්මත් බව තිබෙනවාද? අත් ඔසවන්න! ඔබට අවිනාශී
කුල්මත් බවක් තිබෙනවා නේද? එය ඇතැම් විට පමණක් තිබෙන කුල්මත් බවක් නොවෙයි නේද? එය
නිරන්තරයෙන් තිබෙන අතර එය සෑම විටම තිබෙයි. මායා ඔබව පරීක්ෂා කරන අතර ඔබ එය
අත්දකිනවා නේද? මායා තුළත් පරමාත්ම දෙවියන්ගේ දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ,
නමුත් මායාට, පරමාත්ම දෙවියන්ගේ දරුවන් සමග ආරම්භයේ සිට මේ දක්වා සම්බන්ධතාවයක්
තිබී ඇති බව ඔය දරුවන් දන්නවා. මායා සහ පරමාත්ම දෙවියන්ගේ දරුවන්ට එකිනෙකා සමග
සබැදියාවක් තිබේ. මායාගේ වගකීම, පැමිණීම වන අතර ඔය දරුවන්ගේ වගකීම කුමක්ද? දුර
තියාම මායාව පලවා හැරීමයි. ඇයට පැමිණීමට ඉඩ නොදෙන්න! එසේ නැත්නම් ඔබ ඇයට එන්නට ඉඩ
දෙනවද? නැහැ. ඇයව දුර සිටම පලවා හරින්න! ඔබ ඇයට එන්නට ඉඩ දුන් විට, ඇය පැමිණීමේ
පුරුද්ද වර්ධනය කරගනී. ඇයටත් හැගෙන්නේ ඔබ ඇයට පැමිණීමට ඉඩ දෙන බවයි, එබැවින් ඈ
පැමිණෙයි. කෙසේවෙතත්, සමහර දරුවන් මායාට පැමිණීමට ඉඩ දෙනවා පමණක් නොවෙයි, නමුත්
ඔවුන් ඇයට සංග්‍රහද කරයි, එමෙන්ම ඔවුන් ඇයට තේ හෝ කෝපි සංග්‍රහයක් කරයි. ඔබ ඇයට ලබා
දෙන සත්කාරය කුමක්ද කියා ඔබ දන්නවාද? ඔබ මායාගේ බලපෑම යටතට හසුවී, “ප්‍රමාද වැඩියි”
යන පුවරුව තවමත් දමා නොමැති බවත් තව කාලය ඉතිරිව ඇති බව ඔබ සිතයි; ඔබ උත්සාහ දරන බව
සහ ඔබගේ ගමනාන්තයට ඔබ ළඟා වෙයි කියා ඔබ සිතයි. එබැවින් මායාටත් හැගෙන්නේ ඔබ ඇයට
පැමිණීමට ඉඩ දුන් බවයි, දෙවනුව, ඔබ ඇයට ඔබගේ ඇසුර ලබා දෙයි; ඔබ ඇයට සංග්‍රහ කරයි.
සමහර දරුවන්ට මායාව හදුනා ගත හැක. සමහර දරුවන් අතින් මායා හදුනා ගැනීමේදි අතපසු
වීමක් සිදු වී, එය මායාගේ උපදෙස්ද, පියාගේ උපදෙස්ද කියා සැක ඇති කරයි. ඇයව හදුනා
නොගැනීම නිසා, ඔවුන් මායාගේ බලපෑම යටතට පැමිණෙයි. බාප්දාදා ඔහුගේ වාසනාවන්ත,
මහාවීර, ජයග්‍රාහී දරුවන්ට පවසන්නේ : ඇයට එන්නට ඉඩ නොදෙන්න! දැන් මායාට පැමිණීමට ඉඩ
දී ඉන්පසුව ඇයව පලවා හැරීමට ඔබගේ කාලය වැය නොකරන්න, මන්ද, ඉතිරිව ඇති කාලය අල්පයි,
එමෙන්ම ලෝක පරිවර්ථකයන් සහ විශ්ව සේවාධාරීන් වී, ලෝකයේ ජීවාත්මයන්ට පරම පියාගේ
හැදින්වීම ලබා දීමේ සහ ඔවුන්ගේ මුක්තියේ උරුමය ලබා දීමේ කාර්යය සිදු කිරීමට ඔබ ලබා
දුන් පොරොන්දුව තවමත් නිමා කර නොමැත. එම කාර්යය නිම කිරීමට ඔබගේ කාලය යොදවන්න.
මායාව පලවා හැරීමට ඔබගේ කාලය ඔබ වැය කරන්නේ නම්, විශ්ව පරිවර්ථකයන් වීමේ පොරොන්දුව
ඔබ ඉටු කරන්නේ කෙසේද? ඔබ පරම පියාගේ සහකරුවන් නේද? ඔබ උපතේදි ඔහුට පොරොන්දු විය:
අපි ඔබ සමග දැන් රැදී සිට ආපසු නිවහනට එකට යනවා. එබැවින් දැන් පරම පියාගෙන් ඔබට
ලැබී ඇති බලයන්ගේ පදනමින් දුර සිටම මායාව පලවා හරින්න. ඔබගේ කාලය එයට භාවිතා
නොකරන්න. බලන්න, ඔබ වසර 70ක් උත්සාහ දරමින් හිද ඇත. දැන් මායා පැමිණ ඉන්පසුව ඔබ ඇයව
පලවා හැරීමට කාලය නොවෙයි, මන්ද, ඔබ ඇයව හදුනනවා. ඔබ දැනුමින් පිරිපුන් නේද? මුළු
නාටකයම පිළිබද දැනුම ඔබට තිබේ. එබැවින් දැනුමින් පිරිපුන් දරුවනේ, ඔබගේ කාලය ඔබ
භාවිතා කළ යුත්තේ කුමක් සදහාද? ඔබ සම්පත් දෙකක් බොහෝ සේ රැස් කරගත යුතුයි. කුමන
සම්පත් දෙකද? එකක් සිතිවිලි වල සම්පත සහ අනෙක කාලය. මේ සම්පත් දෙකම ශ්‍රේෂ්ඨ වන අතර
ඔබ සියලු දෙනාම මෙය දන්නවා, මන්ද, ඔබ දැනුමින්-පිරිපුන් පියාගේ දැනුමින්-පිරිපුන්
දරුවන් නිසා. ඔබ මාස්ටර් දැනුමින්-පිරිපුන් නේද? ඔබ පිරිපුන්ද? ඔබගෙන් සමහරු
දැනුමැති අය වන නමුත් ඔබ දැනුමින්-පිරිපුන් නැහැ. ඔබ කවුරුන්ද? ඔබ
දැනුමින්-පිරිපුන්ද? අත් ඔසවන්න! ඔබ අත් එසවූවා. හොදයි! අපූරුයි! ඔබට සම්පූර්ණ
දැනුම තිබෙනවා. මායාව පලවා හැරීමේ දැනුම ඔබට තිබෙනවාද? පිටුපස අසුන්ගෙන සිටින අයට
මෙය තිබෙනවාද? අච්චා. ඔබ සියලු දෙනාම ඔබගේ කොඩි වනනවා. ඔය මව්වරුන්ට එය තිබෙනවාද?
ඔය මව්වරු දැනුමින් පිරිපුන්ද? ද්විත්ව විදේශිකයන්? ද්විත්ව විදේශිකයන්ද ඔවුන්ගේ
කොඩි වනනවා. අච්චා. මෙම දර්ශනය කෙතරම් සුන්දරද කියා බලන්න. කොඩි ඉතා ලස්සණට
දිස්වනවා. ඉතිං, දැනුමින් පිරිපුන් වීම යනු, දුර සිටම මායාව පලවා හැරීමයි. ඉතිං ඔබ
එවැනි අයද? ඔබගේ සම්පත් රැස් කරගැනීමට බැංකුව පවතින්නේ සංගම යුගයේ මේ කාලයේ පමණක්
බව, බාප්දාදා ඔබට දැනටමත් කියා තිබේ. පසුව කල්පය පුරාවටම ඔබට රැස් කරගත හැකි බැංකුව
නොතිබෙයි. මෙකල ඔබ රැස් කරගෙන ඇත්තේ කුමක්ද, එය නොකඩවා ප්‍රයෝජනවත් වෙයි.
කෙසේවෙතත්, එය රැස් කරගැනීමට ඇති බැංකුව විවෘතව තිබෙන්නේ සංගම යුගයේ දැන් පමණයි.
එබැවින් ඔබ මිනිසුන්ට පවසන්නේ කුමක්ද? මෙම පණිවිඩය ලබා දෙන විට ඔබ සියලු දෙනාටම
පවසන්නේ: “දැන් නොවෙයි නම්, කිසිදා නොවෙයි!” ඉතිං ඔබ සියලු දෙනාටම මෙය මතකද? දැන්
නොවෙයි නම් කිසිදා නැත. ඔබට මෙය සෑම විටම මතකද? සංගම යුගයේ උපත, සියල්ලට වඩා කෙටිම
වන නමුත් එය මිල කළ නොහැකි උපතයි. මෙම උපතේ වටිනාකම චක්‍රය පුරාම අඛණ්ඩව පවතියි.
එබැවින් ඔබ කෙතරම් රැස් කරගෙන තිබෙන්නේද කියා, ඔබ පරීක්ෂා කරනවා නේද? ඔබට අවශ්‍ය
ප්‍රමාණයට ඔබ රැස් කරගන්නවාද? ඇවිදීමේ කාලය දැන් අවසන් වී ඇති බව බාප්දාදා ඔබට
දැනටමත් පවසා තිබේ. එය දැන් පියාසර කිරීමට කාලයයි. උත්සාහ දැරීමේ කාලය දැන් අවසන්
වී ඇති අතර එය දැන් තීව්‍ර උත්සාහ දැරීමට කාලයයි. මෙයත් කෙටි කාලයකි. මේ නිසයි
බාප්දාදා ඔය ද්විත්ව විදේශිකයන්ට ‘ද්විත්ව උත්සාහ දරන්නන්’ යන නම්බු නාමය ලබා දී
තිබෙන්නේ. කතා කරන්න, ඔබ දෙගුණයක් තීව්‍ර උත්සාහ දරන්නන්ද? අත් ඔසවන්න! දෙගුණයක්
තීව්‍ර උත්සාහ දරන්නන්, මෙය ස්ථිරයිද? අච්චා. උපන් දින සුබ පැතුම් සමගම බාප්දාදා
ඔබට සුබ පැතුම්ද ලබා දෙනවා. කෝටි-කෝටි-ගුණයක් සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්!
බාප්දාදා ලබා දුන්,
හොදින් රැදී සිටීමේ ගෙදර වැඩට, සමහර දරුවන් අවධානය යොමු කළ බව බාප්දාදා දුටුවා.
ලකුණු 100ක් හිමි කර ගත්තේ ටික දෙනෙක් පමණයි. 50% ගත් වැඩි දෙනෙක් සිටිනවා.
කෙසේවෙතත්, බාප්දාදාට අවශ්‍ය වන්නේ - ඔහුට අවශ්‍ය කුමක්ද කියා බාප්දාදා ඔබට කිව
යුතුද? බාප්දාදාගේ බලාපොරොත්තුවේ පහනක් වන සෑම කෙනෙක් කෙරෙහිම බාප්දාදා තුළ
බලාපොරොත්තු තිබේ, බාප්දාදාගේ බලාපොරොත්තු ඉටු කරන මහාවීර දරුවන් කෙරෙහි. එබැවින්
කාලයට අනුව, දැන් සිටම ඔබ දීර්ඝ කාලයක් පුරා, තීව්‍ර උත්සාහ දැරීමේ වාර්ථාවේ මෙය
රැස් කර නොගන්නේ නම්, එවිට බාප්දාදා විටින් විට ඔබට ව්‍යවහාර තුනක් ගැන මතක් කර
දෙනවා: හදිසියේ, නිති-සූදානමින් සහ දීර්ඝ කාලයක් පුරා ඔබගේ ගිණුමේ රැස් කර ගැනීම.
බාප්දාදාට අවශ්‍යයි, ඔබගේ රාජධානියේ - එමෙන්ම ඔබගේ රාජධානිය දැන් පැමිණීමට ඉතාම
ආසන්න බවට සතුට ඔබට තිබේ. පරම පියා පැමිණ ඇති බවට පණිවිඩය ඔබ වර්ථමානයේ ලබා දෙයි. ඒ
ආකාරයෙන්ම, ඔබගේ දිව්‍යමය රාජධානිය, සාමයේ සහ සතුටේ රාජධානියද පැමිණීමට ඉතා
ආසන්නයි, යන සුබ පුවතත් ඔබ ලබා දෙයි. ඔබ සියලු දෙනාටම මෙම පණිවිඩය ලබා දෙන විට,
දීර්ඝ කාලයක් පුරා ඔවුන්ගේ ගිණුමේ තීව්‍ර උත්සාහය රැස් කරගෙන ඇති අය පමණක්, ප්‍රථම
උපතේ සිට 21 වන උපත දක්වා රාජධානියේ සම්පූර්ණ භාග්‍යයට අයිතිය හිමි කර ගනීවි.
‘දීර්ඝ කාලයක් පුරාවට’ යන මෙම ගිණුම ඔබගේ අවධානයේ තබා ගන්න, මන්ද, නව නිවසක සතුට
තිබේ. ඔබ උපත් දෙක තුනකට පසුව පැමිණෙන්නේ නම්, ගොඩනැගිල්ලක් මාස දෙක, තුනක් පැරණි
නම්, එවිට ඔබ පවසන්නේ කුමක්ද? එය අළුත්ද, නැත්නම් මාස තුනක් පරණයිද? ඔහුගේ සියලුම
විශේෂ ආදරණීය දරුවන්, වඩාත්ම ආශ්චර්යමත් දරුවන්, පියාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන
සිටින දරුවන්, බ්‍රහ්මගේ සහකරුවන් ලෙස ප්‍රථම උපතේ පැමිණීම, බාප්දාදාට අවශ්‍යයි.
ඔබ මෙයට කැමතිද? ඔබ එයට කැමතිද? ඔබ කැමතිද? අච්චා. එසේ නම් ඔබ කළ යුතු වන්නේ
කුමක්ද? ඔබට යමක් කිරීමට සිදුවෙයි නේද? ඔබ එයට කැමතියි, එමෙන්ම පියාද එයට කැමති,
එබැවින් ඔබ කළ යුත්තේ කුමක්ද? දැන් අතීතය, අතීතයේම තබන්න, බාප්දාදා ඔබට ඒ වෙනුවෙන්
සමාව දෙනවා. එය අතීතයයි. දැන් සිට, ඔහුගේ උපන් දින තෑග්ග ලෙස ඔබ පියාට ලබා දෙන්නේ
කුමක්ද? ඔබ තෑග්ගක් දෙනවා නේද? ඔබ පියාගේ උපන් දිනය සැමරීමට ඇවිත්, එබැවින් ඔබ ඔහුට
ලබා දෙන තෑග්ග කුමක්ද? සෑම දරුවෙක් වෙනුවෙන් බාබාගේ බලාපොරොත්තුව වන්නේ දැන් වුවද,
මෙම අවසන් කාල වකවානුවේදී, ඔබට වේගයෙන් යා හැක. ප්‍රථම වතාවට පැමිණි අය අත් ඔසවන්න!
අච්චා.
අවසානයේ පැමිණ ඇති ඔය
සියලුම දරුවන්ට, ප්‍රථම වතාවට මෙහි පැමිණි අයට, බාප්දාදා කෝටි ගුණයක සුබ පැතුම් ලබා
දෙනවා. බාබා ඔබට එක වාසනාවක් ගැන පවසනවා, තවමත් ඔබගේ වාසනාව නිර්මාණය කිරීමට ඉඩක්
තිබෙනවා, මන්ද, ‘ප්‍රමාද වැඩියි’ යන නාම පුවරුව තවමත් දමා නැත. අවසානයේ පැමිණි
කෙනෙක් වේගයෙන් උත්සාහ දරන්නේ නම්, එවිට ඔහුට ‘අවසානයේ බැවින් වේගවත් සහ වේගවත්
නිසා ප්‍රථමයට’ පැමිණ, ප්‍රථම කොට්ඨාශයට පැමිණිය හැක. ප්‍රථම අංකය නොවෙයි, මන්ද ඒ
ගැන දැනටමත් දැනුවත්ය, නමුත් ඔහුට ප්‍රථම කොට්ඨාශයට පැමිණිය හැක. ඔබ මෙයට කැමතිද?
පැමිණ ඇති ඔය අළුත් දරුවන් එයට කැමතිද? ඔබට අවස්ථාවක් තිබෙනවා. බාප්දාදා ඔබට ආසනයක්
ලබා දෙනවා, නමුත් ඒ වෙනුවෙන් ඔබට යම් දෙයක් කිරීමට සිදු වෙයි. සෑම හුස්මයකදී සහ සෑම
සිතිවිල්ලකදීම අවධානය යොමු කරන්න. සෑම හුස්මක් සහ සෑම සිතිවිල්ලක්ම බලවත් කරගන්න.
එය අපතේ නොයවන්න, මන්ද, ඔබ සියලු දෙනාගේ නම්බු නාමය කුමක්ද, ප්‍රථම වතාවට පැමිණි
අයගේ සහ බොහෝ වාර ගණනක් පැමිණි අයගේ? ඔබ බලවත් දරුවන්, දුර්වල දරුවන් නොවෙයි.
බාප්දාදා ලබා දෙන සෙනෙහස සහ සිහි කිරීම කුමක්ද? දිනපතාම ලබා දෙන සෙනෙහස සහ සිහි
කිරීම වන්නේ: හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින ආදරණීය, බොහෝ කලක් නැතිව සිට දැන් හමු
වූ දරුවන්. මේ නිසයි බාප්දාදා ඔබට මෙම ස්වර්ණමය අවස්ථාව ලබා දෙන්නේ. කෙසේවෙතත්, එය
ලබා ගැනීමට කැමති අයට එය ලබා ගත හැක. පරම පියා ලබා දෙනවා, එසේ කිරීමට ඔහු බැදී
සිටියි. තීව්‍ර උත්සාහ දරන කිසිවෙක් සිටිනවාද? ඔබට අවස්ථාවක් තිබෙනවා. “ප්‍රමාද
වැඩියි” යන පුවරුව දැමීමෙන් පසුව සෑම දෙයක්ම අවසන් වෙයි. කෙසේවෙතත්, ඔහුගේ උපන් දින
තෑග්ග ලෙස ඔබ බාප්දාදාට ලබා දෙන්නේ කුමක්ද? ඔබ ඇවිත් සිටින්නේ මෙම උපන් දිනය
සැමරීමට නේද? බාප්දාදා ඔය සියලුම දරුවන්ට ඔබගේ උපන් දිනයට විශේෂ තෑග්ගක් ලබා දී
තිබෙන අතර, එය වන්නේ, ඔබ අද සිට අවසානය දක්වා 90% තීව්‍ර උත්සාහයක යෙදෙන්නේ නම්,
එවිට බාප්දාදා එය 10% කින් වැඩි කරනවා. ඔබ එයට එකඟද? සියලු නිෂ්ඵලත්වය දැන් අවසන්
විය යුතුයි. ස්වර්ණමය යුගයේ දේවතාවන් පැමිණෙන විට, ඔබ මෙහිදි කතා කරන භාෂාව ඔවුන්ට
වැටහෙන්නේ නැහැ. ඔබ “උත්සාහය” යන වචනය භාවිතා කරන විට, “උත්සාහය කියන්නේ කුමක්ද?”
කියා ඔවුන් විමසනු ඇත, මන්ද, ඔවුන් ප්‍රතිලාභය අත්විඳින අය නිසා. ඒ අන්දමින්ම, ඔය
තීව්‍ර උත්සාහ දරන්නන්, ඔබගේ සිහින, සිතිවිලි සහ ප්‍රායෝගික ක්‍රියා තුළ ඇති සියලුම
නිෂ්ඵලත්වය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය වනවා. ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? බාබා
ඔබට 10% සැනසිලි ලකුණු ලබා දෙනවා. ඔබ එකගද? අත් ඔසවන්න! ඔබට කෙතරම් ප්‍රතිශතයකට
නිශ්චිතද? 100%? නැහැ; 101% මන්ද, දරුවන් සහ ඔවුන්ගේ ඇසුර නොමැතිව සිටීමට බාප්දාදා
කැමති නැත. ඔබ “මගේ බාබා” කියාද, බාබා “මගේ දරුවා” කියාද පවසා ඇති බැවින්, ඔබ පියාට
සමාන විය යුතු බව පියා විශ්වාස කරයි. දැන් අධිෂ්ඨානගත සිතිවිලි වලට අවශ්‍යතාවයක්
තිබේ. ඔබ පොතක් මුද්‍රණය කර තිබෙනවා නේද? “සාර්ථකත්වයට යතුර වන්නේ අධිෂ්ඨානගත
සිතිවිලිය”. ඔබගේ සිතිවිලි වලට සාමාන්‍ය වීමට ඉඩ නොදෙන්න. ඔබ කවුරුන්ද? මෙහි
ජනාධිපති, සාමාන්‍ය ආකාරයකට ක්‍රියා කරන්නේ නම් එය හොදද? එබැවින් ඔබ කවුරුන්ද? ඔබ
සිංහාසන තුනක වාසය කරන්නන්ය. සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම සිංහාසනය වන්නේ බාප්දාදාගේ
හදවත් සිංහාසනයයි. ඉතිං, හදවත් සිහසුන ඇති අය, අඩු තරමින් ප්‍රථම උපතේ සහකරුවන්
වෙයි. සිහසුනේ අසුන් ගන්නේ එක්කෙනෙක් පමණක් වුවද, ඔබට අඩු තරමේ රාජධානියේ රාජකීය
පවුලේ කොටසක් වීමට අයිතියක් ඇති අය විය හැක. එබැවින් සහකාරිත්වය ඉටු කරන අය, ඔබ අඩු
තරමින් එකට ආපසු නිවහනට යා යුතුයි. බාප්දාදා කෙසේ හෝ ඔබව ගෙන යයි. ඔහු ඔබව යම්
ස්ථානයක් හරහා ගෙන ගියත්, ඍජුවම ගෙන ගියත්, ඔහු අනිවාර්යෙන්ම ඔබව ආපසු රැගෙන යනවා.
ඉන්පසුව ඔබ නිවහනේ අසුන්ගෙන රැදී සිටිනවාද? බ්‍රහ්ම පියා පිටව යන අතර ඔබ එහි
අසුන්ගෙන රැදී සිටීම හොදද? ඔබලා රාජ යෝගීවරු නේද? ඔබ තමන්ට දෙන නම්බු නාමය සහ අන්
අයට උගන්වන්නේ කුමක්ද? රාජ යෝගාවද, ප්‍රජා යෝගාවද? (පුරවැසියන් වීම සදහා යෝගාව).
රාජකීය පුරවැසියන් සිටියත්, ඔබලා පුරවැසි යෝගීවරු නොවෙයි. ඔබලා රාජ යෝගීවරුන්ය.
ඉතිං පියා ඔබ සියලු දෙනාටම ලබා දී ඇති තෑග්ග ඔබගේ මතකයේ තිබෙයිද? කවදා වන තුරුද?
අවසානය දක්වා. ඔබ බොහෝ උත්සාහ දරන බව බාප්දාදා දැක තිබේ, එමෙන්ම දරුවන් බොහෝ සේ
වෙහෙස වී වැඩ කරන අන්දම බාප්දාදා දකින විට, දරුවන් ඒ ආකාරයට වෙහෙස වනවා දැකීමට ඔහු
අකමැතියි. එබැවින් සෙනෙහසේ ගිලී සිටින්න, එවිට උත්සාහය අවසන් වෙයි. ඔබ “මගේ බාබා”
පවසන විට, එවිට අනෙක් සියලුම “මගේ” අවසන් වෙයි. ඔබ “මගේ බාබා” කියන විට, අනෙක් සෑම
දෙයක් වෙනුවෙන්ම ඇති “මගේ” එහිදි අවසන් වනවා නේද? එකක් ඇතුලේ තව බොහොමයක් ඇති
ක්‍රීඩා භාණ්ඩයක් (රුසියානු බෝනික්කන්) ඔබ ගෙනෙනවා. එකක් ඇතුලේ තව 10ක් හෝ 12ක්
මුසු වී තිබෙනවා. ඔබ එම ක්‍රීඩා භාණ්ඩය පෙන්වන එමෙන්ම “මගේ බාබා, මගේ බාබා” පවසන අය
ඔබලා නේද? ඔහු මගේ බාබා, එහෙම නේද? ඔහු මහාරතීන්ගේ බාබා නොවෙයි. “මගේ බාබා”. ඔහු
“මගේ බාබා” බැවින්, එසේ නම් සීමිත “මගේ” වන සෑම දෙයක්ම “ඔබගේ” තුළ මුසු කරන්න. මගේ
වෙනුවට “ඔබගේ” කියන්න, එවිට විශාල වෙනසක් ඇති වෙයි. මගේ (මේරා) සහ “ඔබගේ” (තේරා)
අතර කොපරමණ වෙනසක් තිබෙනවාද? ම සහ ත යන අකුරු දෙකේ වෙනස පමණයි. තිබෙන්නේ එක අකුරක
වෙනසක් පමණයි. එබැවින් “මගේ බාබා” ස්ථිරයි නේද? එය ස්ථිරද? කෙතරම් ප්‍රතිශතයකටද?
100% හෝ 101% ද? 101% වෙනුවෙන් එක ඇඟිල්ලක් පෙන්වන්න. 101% කියන අය අත් ඔසවන්න!
බාප්දාදා එය දකිනවා. එය රූපවාහිනියේද පෙන්වනවා. අච්චා.
බාප්දාදාගේ හදවත්
සිහසුනේ අසුන්ගෙන සිටින සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට, සෑම තැනකම සිටින තීව්‍ර
උත්සාහ දරන්නන්ට, බාප්දාදා ලබා දී ඇති තෑග්ග පිළිගෙන ඇති සෑම තැනකම සිටින දරුවන්ට
සහ ඔවුන්ගේ සිතිවිලි වලින් බාප්දාදාට තෑග්ගක් ලබා දී ඇති අයට, ඔවුන්ගේ සිතිවිලි
නිරන්තරයෙන් අධිෂ්ඨානයෙන් පුරවන, අධිෂ්ඨානශීලී උත්සාහ දරන්නන්ට, පොරොන්දුවක් සිදුකර
හෙළිදරව්ව ගෙන එන සියලුම දරුවන්ට, බාප්දාදාගේ හදවතින් බොහෝ, බොහෝ සෙනෙහස සහ ආදරය.
හදවතින් සෙනෙහස සහ සිහි කිරීම කාරුණිකව පිළිගන්න. ඔය සියලුම දරුවන්ට නැවත වරක් සුබ
පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්!
වරදානය:
ආගන්තුකයෙක්
වීමේ ආකල්පය ඇතිව ඔබ නිරන්තරයෙන් උඩ ඉහළ හිඳ, ඒ අනුව ඔබගේ ගෘහය සහ මනෝ ස්ථිතිය
ශ්‍රේෂ්ඨ කරගනිත්වා.
තමන් ආගන්තුකයන් බව
සලකා ගමන් කරන අය, ඔවුන්ගේ සිරුරේ නිවෙස් වලින් වෙන්ව සිටියි. ආගන්තුකයෙකුට තමන්ගේ
කියා කිසිවක් නොමැත. ඔහු සෑම දෙයක්ම භාවිතා කරන නමුත් තමන්ට එය අයිතියි, යන
හැඟීමෙන් නොවෙයි. සියලු පහසුකම් භාවිතා කරන අතර ඔහු ඒවාට නොබැඳී සිටින තරමට, ඔහු ඒ
ප්‍රමාණයට පියාට ආදරණීය වෙයි. ඔහු පහසුවෙන් ශරීරයට, ශාරීරික නෑදෑයින්ට සහ සියලු
දේපළ වලට ඔබ්බෙන් සිටියි. ගෘහවාසියෙකුට ආගන්තුකයෙක් යන ආකල්පය තිබෙන ප්‍රමාණයට
අනුව, ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත්වන අතර ඔහුගේ මනෝ ස්ථිතිය උසස්ව රැඳී තිබෙයි.
පාඨය:
ඔබගේ ස්වභාවය
පිවිතුරු සහ පිරිසිදු කරගන්න, එවිට ඔබගේ සෑම පියවරකදීම සාර්ථකත්වය මුසුවී තිබෙයි.
අව්‍යක්ත සංඥාව:
එකමුතුකම සහ විශ්වාසයේ විශේෂත්වයෙන් සාර්ථකත්වයෙන් පිරිපුන් වන්න.
අප සියලු දෙනාම එකයි
(එකමුතුයි) යන තාත්විකත්වය ඔබ දැන් ලෝකයාට පෙන්විය යුතුයි; අප ඒකායන කෙනාට අයත්ය,
එමෙන්ම අපට නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථිතියක් තිබේ. අප ඒකායන කෙනා සමග සෙනෙහසින්
බැඳී සිටින අතර ඒකායන කෙනාගේ නාමය හෙළිදරව් කරයි. දැන් මෙම ආදරණීය සහ අද්විතීය
ස්වර්ණමය ස්ථිතියේ ධජය ඔසවන්න. ඔබ ජ්‍යෙෂ්ඨ හෝ කණිෂ්ඨ වුනත්, රෝගී හෝ නිරෝගී වුනත්,
මහාරතී කෙනෙක් හෝ අශ්වාරෝහකයෙක් වුනත්, ඔබ සියලු දෙනාම එකමුතු සහ සහයෝගශීලී විය
යුතුයි. එවිට ඔබ පහසුවෙන් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වෙයි.