15.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම ලෝකය, සොහොන් පිටියක් වීමටයි යන්නේ. එබැවින් ඔබගේ හදවත එයට බැඳ නොගන්න.
සුරඟන දේශය සිහි කරන්න.
ප්‍රශ්නය:
ලොවෙහි වෙනත්
කිසිවෙකු, ඔය දුප්පත් දරුවන් තරම් වාසනාවන්ත නොමැත්තේ ඇයි?
පිළිතුර:
මන්ද, ඔබට විමුක්තියේ උරුමය ලබා දෙන පරමාත්ම පියාගේ, ඍජු දරුවන් බවට, ඔය දුප්පත්
දරුවන්, පත් වී ඇති බැවින්ය. මෙය ඉගෙන ගන්නේ දුප්පත් දරුවන් පමණයි. ධනවත් අය ටිකක්
ඉගෙනගත්තත්, ඔවුන්ට පරම පියාව සිහි කළ හැක්කේ ඉතා සුළුවෙනි. අවසානයේදී ඔබ පරම පියා
හැර, වෙනත් කිසිවෙකු සිහිපත් නොකරයි. එබැවින් වඩාත්ම භාග්‍යවන්ත අය වන්නේ ඔබයි.
ගීතය:
හදවතේ ආධාරය,
බිඳ නොදැමිය යුතුයි.
ඕම් ශාන්ති.
පියා ඔය
දරුවන්ට පහදා දෙන අතර, මෙම ලෝකය, සැබවින්ම සොහොන් පිටියක් වීමට යන බව, ඔය දරුවන්ට
වැටහෙයි. පෙර කල මෙම ලෝකය, සුරඟන දේශයව තිබුණු අතර, එය දැන් පැරණි වී ඇති බැවින්
එයට සොහොන් පිටියක් යැයි කියයි. සෑම කෙනෙක්ම මෙම සොහොන් පිටියේ වැළලී යා යුතුයි.
පැරණි සෑම දෙයක්ම වැළලී යාමට ඇත, එනම්, සෑම දෙයක්ම දූවිලි බවට හැරෙන්නට යනවා. මෙය
දන්නේ ඔය දරුවන් පමණයි ලෝකයා මෙය නොදනී. දැන් සෑම දෙයක්ම වැළලී යාමට කාලය වන බව,
විදේ්ශයන්හි සමහර මිනිසුන්ගේ අවධානයේ තිබේ. සුරඟන දේශය, ස්ථාපිත කරන අපගේ බාබා,
දැන් නැවතත් පැමිණ ඇති බව, ඔය දරුවන් දන්නවා. තවද ඔබ මෙම සොහොන් බිමට ඔබගේ හදවත බැඳ
ගත්තොත්, ඔබට පාඩුවක් අත්විඳින්නට සිදුවන බවත් ඔය දරුවන්ට වැටහෙයි. ඔබ පෙර
චක්‍රයේදී කළ එම ආකාරයෙන්ම, අසීමිත පියාගෙන් ඔබගේ සතුටෙහි අසීමිත උරුමය ඔබ දැන්
ලබාගන්නවා. මෙය, ඔය දරුවන්ගේ බුද්ධිය තුළ, සෑම පියවරකදීම තිබිය යුතුයි, මන්ද, මෙය
’මන්මනභව’ වන නිසා. පියාගේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි, ඔබ සුරඟන දේශයේ වැසියන්
වන්නේ. භාරතය, සුරංගනාවන්ගේ දේශය විය. වෙනත් කිසිම දේශයක්, සුරඟන දේශය වන්නේ නැත.
මෙය මායා, රාවනගේ ශෝභනයයි. මේ සෑම දෙයක්ම තව ටික කාලයක් පවතීවි. මෙය කෘත්‍රිම
ශෝභනයයි. මායා ව්‍යාජ වන අතර ශරීරයද ව්‍යාජයි. මේ සෑම දෙයක්ම අවසන් කාලයේ ශෝභනයයි.
මේ සෑම දෙයක්ම දැක, මෙය දැන් දිව්‍ය ලෝකය බවත්, පෙර අපාය තිබුණු බවත් මිනිසුන්
සිතයි. ඔවුන් දිගින් දිගටම විශාල ගොඩනැගිලි තනමින් සිටියි. මේ සියලු ශෝභනය සිදු වී
ඇත්තේ පසුගිය වසර 100 තුළදිය. සියලුම දුරකතන, විදුලිය, ගුවන්යානා ආදිය නිපදවා ඇත්තේ
පසුගිය වසර 100 තුළදීය. බොහෝ සේ ශෝභනය තිබේ! එය දැන් දිව්‍ය ලෝකය යැයි ඔවුන්
සිතන්නේ මේ නිසාය. පැරණි දිල්ලිය කෙසේ වීද? දැන් බලන්න, ඔවුන් කෙතරම් හොඳින් නව
දිල්ලිය ගොඩනඟා තිබේද කියා! ඔවුන් එයට ’නව දිල්ලිය’ යැයි නම් තබාද තිබේ. බාපු
ගාන්දිජීට අවශ්‍ය වූයේ රාම රාජ්‍යය, සුරංඟන දේශය, ඇති කිරීමටයි. මෙය තාවකාලික
ශෝභනයයි. ඔවුන් බොහෝ සේ විශාල ගොඩනැගිලි, වතුර මල් ආදිය ගොඩනගය! එයට, තාවකාලික කලකට
තිබෙන, කෘත්‍රිම දිව්‍ය ලෝකය යැයි කියයි. මෙම ස්ථානයට දිව්‍ය ලෝකය යැයි නොකියන බව
ඔබ දන්නවා. මෙයට කියන්නේ අපාය කියාය. අපායේ ආටෝපයක් පවා තිබේ. මෙය තාවකාලික
ආටෝපයකි. එය දැන් අවසන් වීමට ඉතා ආසන්නයි. පියා දැන් ඔය දරුවන්ට පවසන්නේ පළමුව සාම
දේශය සිහිපත් කරන්න. සියලුම මනුෂ්‍යයන් සොයන්නේ සාමයයි. ඔවුන්ට සාමය සොයාගත හැක්කේ
කොහිද? මුළු ලොවම මෙම ප්‍රශ්නය අසයි ලෝකයේ සාමය තිබිය හැක්කේ කෙසේද? ඇත්ත වශයෙන්ම
අප සෑම කෙනෙක්ම සාම දේශයේ නිවැසියන් බව, මනුෂ්‍යයන් නොදනී. සාම දේශයේදී ජීවාත්ම වන
අප සිටින්නේ සාමයෙන්ය. ඉන්පසුව අපි අපගේ චරිත කොටස් රඟපෑම සඳහා මෙහි පැමිණෙයි. මෙය
දන්නේ ඔය දරුවන් පමණයි. ඔබ දැන් සාම දේශය හරහා සතුටු දේශයට යාමට උත්සාහ දරමින්
සිටියි. ඔබ දැන් ඔබගේ නිවස වන සාම දේශයට යන බව, ඔය සෑම ජීවාත්මයකගේම බුද්ධිය තුළ
තිබේ. මෙහි සාමය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් තිබිය නොහැක මෙය දුක් දේශයයි. ස්වර්ණමය
යුගය, පිවිතුරු ලෝකය වන අතර, කලි යුගය අපවිත්‍ර ලෝකයයි. ඔය දරුවන්ට දැන් මේ සෑම
දෙයක්ම පිළිබඳව අවබෝධය ලැබී තිබේ. ලෝකයේ මිනිසුන් කිසිම දෙයක් නොදනී. අසීමිත පියා,
ඔබට ලෝක චක්‍රයේ මුල, මැද සහ අවසානය පිළිබඳ රහස් පවසන බව, ඔබගේ බුද්ධියට දැන් ඇතුළු
වී තිබේ. ආගමික නිර්මාතෘවරුන් පැමිණ, ඔවුන්ගේ ආගම් ස්ථාපිත කරන අන්දම ගැනද ඔහු ඔබට
කියා දෙයි. දැන් ලෝකයේ බොහෝ ජනයා සිටියි. භාරතයේ පමණක් විශාල ජනගහණයක් සිටියි.
භාරතය දිව්‍ය ලෝකය වූ කල්හි, එය ඉතා ධනවත් වූ අතර, වෙනත් ආගම් නොතිබිණි. ඔය දරුවන්ව
දිනපතාම නැවුම් කෙරෙනවා. පරමාත්ම පියා සහ ඔබගේ උරුමය සිහි කරන්න! මෙය භක්ති
මාර්ගයේද දිගටම පැවතෙයි ඔවුන් පියා සිහි කිරීම සඳහා සෑම විටෙකම ඔවුන්ගේ ඇඟිල්ල ඉහළට
දිගු කරයි. අල්ලා හෝ දෙවියන් එහි උඩ සිටින බව, ඔවුන් කියයි. කෙසේවෙතත්, ඒ අන්දමින්
ඔහුව සිහි කිරීමෙන් පමණක් කිසි දෙයක් නොවෙයි. සිහිපත් කිරීම තිබීමෙන් ඔවුන්ට කෙසේ
යහපතක් සිදුවෙයිද කියාවත් ඔවුන් නොදනී. ඔහු සමඟ තිබෙන සබඳකම කුමක්ද කියා ඔවුන්
නොදනී. දුක් කලකදී ඔවුන් කන්නලව් කරන්නේ අහෝ රාමා! සිහිපත් කරන්නේ ජීවාත්මයයි.
කෙසේවෙතත්, සාමය සහ සතුට යනු කුමක්ද කියා ඔවුන් නොදනී. ඔබ සෑම කෙනෙක්ම ඒකායන පියාගේ
දරුවන් බව, ඔබගේ බුද්ධියට දැන් ඇතුළු වී තිබේ. එබැවින් කිසියම් දුකක් තිබිය යුත්තේ
ඇයි? අසීමිත පියාගෙන් ඔබගේ නිරන්තර සතුටෙහි උරුමය ඔබට ලැබීමට තිබේ. මෙය පිංතූරයේ
පැහැදිලිවම පෙන්වයි. පරමාත්ම දෙවියන්, දෙව්ලොව ස්ථාපිත කරන, දිව්‍යමය දෙවි
පියාණන්ය. ඔහු පැමිණෙන්නේ භාරතයේ පමණයි, නමුත් කිසි කෙනෙකුට මෙය වැටහෙන්නේ නැත.
දේවතා ධර්මය ස්ථාපිත කළේ නිසැකයෙන්ම සංගම යුගයෙදීය. එය ස්වර්ණමය යුගයෙදී ස්ථාපිත
කරන්නේ කෙසේද? කෙසේවෙතත්, වෙනත් ආගම් වල අය, මෙම දේවල් නොදනී. ආදි සනාතන දෙවි දේවතා
ධර්මය, ස්ථාපිත කළේ කෙසේද කියා විස්තර කර දෙන්නේ දැනුමින් සපිරි පරම පියා පමණයි.
ස්වර්ණමය යුගයේ කාල පරාසය වසර සිය දහස් ගණනක් බව පැවසීමෙන්, ඔවුන් එය බොහෝ ඈතට ගෙන
ගොස් තිබේ. ඔය දරුවන් පිංතූර භාවිත කරමින් විස්තර කළ යුතුයි. භාරතයේ එම ලක‍්ෂ්මි සහ
නාරායනගේ රාජධානිය පැවතුණි. ඔවුන් තම රාජධානිය හිමි කරගත්තේ කෙසේද හෝ කෙදිනද කියා
මිනිසුන් නොදනී. ඔවුන් ස්වර්ණමය යුගයේ අධිපතියන් බව ඔවුන් නිකමට කියයි. මිනිසුන්
ඔවුන්ගේ ප්‍රතිමා ඉදිරියට ගොස් සිඟමන් යදින බැවින් ඔවුන්ට තාවකාලික කාලයකට යමක්
ලැබෙයි. දන් දෙන, එමෙන්ම පුණ්‍යකර්ම සිදු කරන අයටද, තාවකාලික කාලයකට යම් ඵලයක්
ලැබෙයි. දුප්පත් ගැමි රැස්වීමක නායකයාටද (පංචායත්), ධනවත් ගැමි රැස්වීමක නායකයෙකුට
තිබෙන සතුටම තිබෙයි. දුප්පත් අය පවා සලකන්නේ තමන් බොහෝ සතුටින් සිටින බවයි.
බොම්බායේ සමහර දුප්පත් අය වාසය කරන ස්ථාන දෙස බලන්න! කෙනෙක් කෙතරම් කෝට්පතියෙක්
වුවද, ඔහු සිටින්නේ දුකින් බව, ඔය දරුවන්ට වැටහෙයි. ඔබ තරම් වෙනත් කිසිවෙකු
භාග්‍යවන්ත නොවන බව ඔබ පවසයි. අපට විමුක්තියේ උරුමය ලබා දෙන පරමාත්ම පියාට, අපි
ඍජුවම අයත් වෙයි. වැදගත් මිනිසුන්ට කිසිදා උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැක.
දුප්පත් අය, ධනවත් වෙයි. ඔබ දැන් ඉගෙන ගන්නා නමුත් එම මිනිසුන් නූගත්ව සිටියි.
ඔවුන් විටෙක ටිකක් ඉගෙන ගනිවි, නමුත් ඔවුන්ට පරමාත්ම පියාගේ සිහිපත් කිරීමේ සිටීමට
නොහැකි වෙයි. අවසානයේදී ඔබට පරම පියා හැර අන් කිසිවක් සිහි නොවනු ඇත. සෑම දෙයක්ම
සොහොන් පිටියේ වැළලෙන බව ඔබ දන්නවා. ඔබ දැන් කරගෙන යන ව්‍යාපාරය ආදිය, කෙටි කලකට
පමණක් බව, ඔබගේ බුද්ධිය තුළ රැඳී තිබිය යුතුයි. ධනවත් මිනිසුන් වන්දනාකරුවන්ගේ
විශ්‍රාම ශාලා (ධර්ම ශාලා) ආදිය තනයි. ඔවුන් ඒවා ගොඩනඟන්නේ ව්‍යාපාරයක් ලෙස නොවෙයි.
වන්දනා ස්ථාන වල, විශ්‍රාම ශාලා නොතිබුණේ නම්, මිනිසුන් නවාතැන් ගන්නේ කොහිද? ධනවත්
අය වන්දනාකරුවන්ට විශ්‍රාම ශාලා තනන්නේ මේ නිසාය. ඒවා තිබෙන්නේ ව්‍යාපාරිකයන්ට ගොස්
එහි ව්‍යාපාර සිදු කිරීමට නොවෙයි. වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලා ගොඩනැඟෙන්නේ වන්දනා
ස්ථාන වලයි. ඔබගේ මධ්‍යස්ථානය, දැන් විශාලතම වන්දනා ස්ථානයයි. ඔබගේ මධ්‍යස්ථාන කොහේ
තිබුණත්, මිනිසුන්ට සාමය සහ සතුට ලබා ගත හැකි ශ්‍රේෂ්ඨතම වන්දනා ස්ථාන වන්නේ ඒවාය.
ඔබගේ මෙම ගීතා පාඨශාලාව බොහෝ විශාලයි. මෙය ඔබගේ ආදායම් මාර්ගයයි මෙය තුළින් ඔබ බොහෝ
උපයාගනී. එමෙන්ම මෙය, ඔය දරුවන්ට වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාවකි. විශාලතම වන්දනා
ස්ථානය එයයි. අසීමිත පියාගෙන් ඔබගේ අසීමිත උරුමය ඔබට ලැබෙනවා. මෙයට වඩා ශ්‍රේෂ්ඨ
වන්දනා ස්ථානයක් නොමැත. එම වන්දනා ගමන් වල යෑමෙන් ඔබට කිසිවක් නොලැබෙන බව ඔබට
වැටහෙයි. බැතිමතුන්ද දේවාලවලදී, බොහෝ සෙනෙහසින් යුතුව අමෘතය ගෙන පානය කරයි, මන්ද,
එය පානය කිරීමෙන් ඔවුන්ගේ හදවත් පිවිතුරු වෙන බව ඔවුන් විශ්වාස කරන බැවින්.
කෙසේවෙතත්, එය නිකම් ජලය පමණයි. මෙහි පරමාත්ම පියා පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට
ඔබට උරුමයක් ලැබෙයි. ඔබට දැන් අසීමිත පියාගෙන් දැනුමේ අවිනාශී මිණිමුතු වල සම්පත්
ලැබෙනවා. අමරණීයත්වයේ ස්වාමියා, පාර්වතීට කතාපුවත පැවසූ බව සිතමින් මිනිසුන්
සාමාන්‍යයෙන් ශංකර් වෙතට යයි. ඔහුට ඔවුන්ගේ ඒප්‍රන පිරවීමට කියා ඔවුන් ඉල්ලන්නේ මේ
නිසාය. ඔබ අවිනාශී දැනුමේ මිණි මුතු වලින් ඔබගේ ඒප්‍රන පුරවාගනිමින් සිටිනවා.
අමරණීයත්වයේ ස්වාමියා අසුන්ගෙන එක් අයෙකුට පමණක් අමරණීයත්වයේ කතාපුවත පවසන්නේ නැත.
නිසැකයෙන්ම තව බොහෝ ජනයා සිටිය යුතු අතර ඔවුන් සිටින්නේ මරණීය දේශයේ විය යුතුයි.
සූක‍්ෂම කලාපයේ කතාපුවතක් පැවසීමට අවශ්‍යතාවයක් නැත. සියලුම පූජකයන්, පැවිද්දන්,
සන්යාසීන් ආදීන් යන, බොහෝ වන්දනා ස්ථාන ඔවුන් සාදා තිබේ. මිනිසුන් සිය දහස් ගණනක්
අමරනාථ (අමරණීයත්වයේ ස්වාමියාගේ දේවාලය) වලට යයි. උපරිම මිනිසුන් සංඛ්‍යාවක් යන
ස්ථානය වන්නේ කුම්භ මේලාවයි, ඔවුන් පිවිතුරු වන බවට විශ්වාසයෙන්, එහිදි ගංඟා නදියේ
ස්නානය කරයි. ඇත්ත වශයෙන් කුම්භ මේලාව තිබෙන්නේ මෙහිය. මිනිසුන් එම මේලාවන් වෙතට
උපතින් උපතට ගොස් ඇති නමුත් පරම පියා පවසන්නේ එසේ කිරීමෙන් කිසිවෙකුට ආපසු නිවසට යා
නොහැක, මන්ද, ජීවාත්ම පිවිතුරු වූ විට පමණයි ඔවුන්ට ආපසු නිවසට යාමට හැකි වන්නේ.
අපවිත්‍ර වීම නිසා, සෑම කෙනෙකුගේම පියාපත් බිඳී ගොස් ඇත. ජීවාත්මයට පියාපත් ලැබී
තිබේ. යෝගාවේ සිටීමෙන් වඩාත්ම වේගයෙන් ජීවාත්මයට ඉගිලී යා හැක. ජීවයකට, අමරිකාවේ හෝ
ලන්ඩන්හි කර්ම ගිණුම් තිබේ නම්, ඔහු ඉතා වේගයෙන් එහි ඉගිලී යනු ඇත. ජීවය තත්පරයකදී
එහි ලඟා වෙයි. කෙසේවෙතත්, ජීවාත්ම කර්මතීට් වූ විට පමණයි ඔවුන්ට විමුක්ති දේශයට
යාමට හැකි වන්නේ. එසේ වන තුරු, ජීවාත්ම, උපත් සහ පුනරුත්පත්ති චක්‍රය තුළට මෙහි
පැමිණිය යුතුයි. නාටකය අඛණ්ඩව ගත වී යන ආකාරයෙන්, ජීවාත්මයන්ද එසේමයි ඔවුන්
මොහොතකදී ඉගිලී යයි. ජීවයක් තරම් වේගවත් වෙනත් දෙයක් නැත. බොහෝ ජීවාත්ම සියල්ලම,
අශාරීරික ලෝකයට යයි. ජීවයකට එක් ස්ථානයකින් තවත් ස්ථානයකට යාමට, වැඩි කාලයක් ගත
වන්නේ නැත. මිනිසුන්ට මෙම දේවල් වැටහෙන්නේ නැත. නව ලෝකයේ අනිවාර්යෙන්ම ජීවාත්මයන්
ටික දෙනෙක් සිටින බවත් ඔවුන් ඉතා සතුටින් එහි රැඳී සිටින බවත්, ඔය දරුවන්ගේ
බුද්ධියට ඇතුළු වෙයි. උපත් 84ක් ගැනීමෙන් අනතුරුව, එම ජීවාත්ම දැන් බොහෝ දුකට පත්වී
සිටියි. ඔබ දැන් මුළු චක්‍රය ගැනම දන්නවා. ඔබගේ බුද්ධිය මෙම දේවල් පිළිබඳව සිතයි.
වෙනත් මිනිසුන්ගේ බුද්ධි මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැත. ප්‍රජාපිතා බ්‍රහ්මාව
සිහි කර ඇත. ඔබ පෙර චක්‍රයේද බ්‍රහ්ම කුමර කුමරියන් බවට පත් වූහ. ඔබ ප්‍රජාපිතා
බ්‍රහ්මාගේ දරුවන් බව, ඔබ දන්නවා. බාබා අපගේ මාර්ගයෙන් දිව්‍ය ලෝකය ස්ථාපිත කරනවා.
ඔබ දරණ උත්සාහයට අනුව, අංක පිළිවෙලට ඔබ වටිනා වූ විට, පැරණී ලෝකය විනාශ වී යයි.
ත්‍රිමූර්තිය සිහි කෙරෙන්නේ මෙහිය. ඔවුන්ද ත්‍රිමූර්තියේ පිංතූරයක් තබයි. එහි
ශිවාගේ පිළිරුව පෙන්වන්නේ නැත. මෙසේ කියයි බ්‍රහ්මාගේ මාර්ගයෙන් ස්ථාපනය. එය සිදු
කරන්නේ කවුද? ශිව බාබා! පැවැත්ම සිදුවන්නේ විෂ්ණුගේ මාර්ගයෙනි. ඔය බ්‍රහ්මණයින්
දැන් දේවතාවන් වීමට සුදුසු වෙමින් සිටිනවා. ඔබ දැන් එම චරිත කොටස් රඟපානවා.
ඉන්පසුව, ඔබ නැවතත් චක්‍රයකට පසුව, නැවතත් ඒවා රඟපානු ඇත. ඔබ දැන් පිවිතුරු වෙමින්
සිටිනවා. ඔබ පවසන්නේ බාබාගේ නියෝග වන්නේ රාගය නමැති සතුරා පරාජය කරන්න! නිරතුරුවම
මා පමණක් සිහි කරන්න! මෙය ඉතා පහසුයි. ඔය දරුවන් භක්ති මාර්ගයේදී බොහෝ දුක දැක
තිබේ. කුමන හෝ සුළු සතුටක් තිබුණේ නම්, එය තාවකාලික කාලයකට පමණයි. භක්ති මාර්ගයේ
මිනිසුන්ට දර්ශන ඇතිවෙයි. ඔවුන්ගේ ආශාවන් තාවකාලික කාලයකට ඉටු වෙයි. ඔබට ඇතිවන
දර්ශන ලබා දෙන්නේ මමයි. එය නාටකයේ නියම වී තිබේ. තත්පරයෙන් තත්පරයට, අතීතයේ කුමක්
සිදුවුවද, එය නාටකයේ තැටිගත වී ඇත. එය මේ දැන් තැටිගත වූවා, යැයි ඔබට කිව නොහැක.
නැත, මෙම නාටකය, සදාතනිකවම පෙර නියම වූවක්. නළුවක් කී දෙනෙක් සිටියත්, ඒ සෑම
කෙනෙකුටම තමන්ගේම අවිනාශී චරිත කොටස තිබේ. කිසි කෙනෙකුට සදාතනික විමුක්තියක්
නොලැබෙයි. සන්යාසීන් පවසන්නේ, ඔවුන් ආලෝකයට මුසු වන බවය. පියා විස්තර කර දෙන්නේ, ඔබ
අවිනාශී ජීවාත්ම බවයි. ජීවාත්මයක් තිතක් පමණයි. එතරම් කුඩා ජීවාත්මයක් තුළ උපත් 84ක
චරිත කොටසක් පටිගත වී තිබේ. මෙම චක්‍රය නොකඩවා බ්‍රමණය වෙයි. උපත් 84ක් ගන්නේ,
පළමුව ඔවුන්ගේ චරිත කොටස් රඟපෑමට පැමිණෙන අයයි. සෑම කෙනෙකුටම එපමණ උපත් ගණනක් ගත
නොහැක. ඔය දරුවන් හැර වෙනත් කිසිවෙකුගේ බුද්ධිය තුළ, මෙම දැනුම නොමැත. දැනුමේ මහා
සාගරය වන්නේ පරමාත්ම පියා පමණයි. ඔබගේ උරුමය පියාගෙන් ඔබට ලැබෙන බව, ඔබ දන්නවා.
පියා අපව, අපවිත්‍ර බවින් පිවිතුරු කරනවා. ඔහු අපට අපගේ සාමයේ සහ සතුටේ උරුමය ලබා
දෙනවා. ස්වර්ණමය යුගයේ දුකක නාමයක් හෝ සළකුණක් නැත. පියා පවසන්නේ ඔබට දීර්ඝායුෂ
ලැබේවා! ඔබ ධනවත් වේවා! හුදකලා මාවතේ අයට, එවන් ආශිර්වාද ලබා දිය නොහැක. ඔය දරුවන්,
ඔබගේ පියාගෙන් ඔබගේ උරුමය හිමි කර ගන්නවා. ස්වර්ණමය සහ රිදී යුග, සතුටේ දේශයන්ය.
ඉන්පසුව දුක ඇතිවන්නේ කෙසේද කියා, කිසිවෙකු නොදනී. දේවතාවන් පාපයේ මාර්ගයට යන්නේ
කෙසේද කියා සලකුණු තිබේ. ජගත්නාථපූරි වල ඔටුනු ආදිය සහිත දේවතාවන්ගේ ප්‍රතිමා ඔවුන්
පෙන්වා ඇති නමුත්, ඔවුන් අපවිත්‍ර ප්‍රතිමාද නිර්මාණය කර ඇත. ඔවුන් කළු ගලෙන් එම
ප්‍රතිමාව නිර්මාණය කළේ ඒ නිසාය. දේවතාවන් පාපයේ මාර්ගයට ගිය බව, ඉන් ඔප්පු වෙයි.
අවසානය වන විට, ඔවුන් මුළුමනින්ම අවලස්සන වූයේ ඒ අන්දමින්ය. නාටකයේ සැලසුමට අනුව,
භාරතය කෙතරම් අලංකාරව පැවතුණාද එමෙන්ම එය තමෝප්‍රධාන් වීමට තිබුණු අන්දම කෙසේද කියා
ඔබ දැන් දන්නවා. ඔබට දැන් සංගම යුගයෙදී මෙම දැනුම ලැබෙයි. පරමාත්ම පියා, දැනුමින්
සපිරිය. එම කෙනා ඔබට තුන්දෙනාම වෙයි ඔබගේ පියා, ගුරුවරයා සහ ගුරු. ඔබට ශිව බාබා
උගන්වන බව, සෑම විටෙකම ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. මෙය, ඔබ දැනුමින් පිරී ඇති
අසීමිත ඉගෙනුමකි ඔබ සෑම දෙයක් ගැනම දන්නවා. ඒ මිනිසුන් පවසන්නේ, ඔහු සෑම තැනකම
සිටින බවයි. ඔබ පවසන්නේ, ඔහු පාරිශුද්ධකරු බවයි. එහි දිවා රාත්‍රිය මෙන් වෙනසක්
තිබේ. ඔබ දැන් අංක පිළිවෙලට, අධිපති දැනුමින් සපිරි වී ඇත. පියා දන්නා සෑම දෙයක්ම
ඔබට උගන්වයි. ඔබත් සෑම කෙනෙකුටම පවසන්නේ: පරමාත්ම පියා සිහිපත් කරන්න, එවිට උපත්
21කට ඔබට උරුමයක් හිමි වෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබට
නැවුම්ව සිටීමට සහ අන් අයව නැවුම් කිරීමට, පියාව සහ උරුමය සිහිපත් කරන්න, එමෙන්ම
අන් අයටද එය සිහි ගන්වන්න.
2. මෙම පැරණි ලෝකයට,
මෙම සොහොන් පිටියට, ඔබගේ හදවත බැඳ නොගන්න. සාම දේශය සහ සතුටු දේශය සිහිපත් කරන්න.
ඔබව දේවතාවක් වීමට සුදුස්සෙක් බවට පත් කරගන්න.
වරදානය:
ඔබේ සිතිවිලි
සහ බුද්ධිය ඔබේ අණ යටතේ තබාගෙන, ඔබ මාස්ටර් සර්වබලධාරී අධිකාරියේ අධ්‍යාත්මික
අධිකාරිය සමඟ ඒවා භාවිතා කරත්වා.
ඔබ ඔබේ භෞතික අත් සහ
පාද ඔබට අවශ්‍ය පරිදි පහසුවෙන් භාවිතා කරනවා සේම, ඔබේ සිතිවිලි සහ බුද්ධිය ඔබට
අවශ්‍ය ඕනෑම තැනකට යොමු කිරීමට ඔබට හැකි විය යුතුය. මෙය ආධ්‍යාත්මික අධිකාරිය ලෙස
හැඳින්වේ. ශබ්දයට පැමිණීම පහසු වනවා සේම, ශබ්දයෙන් ඔබ්බට යාම ද පහසු වේවා. මෙය
පුහුණු වීමෙන්, ඔබට දර්ශන ලබා දෙන ස්වරූපයක් බවට පත්වීමට හැකි වනු ඇත. එබැවින්, මෙම
පුහුණුව පහසු සහ නියත කර ගන්න, එවිට ඔබ මාස්ටර් සර්වබලධාරී අධිකාරියක් ලෙස හඳුන්වනු
ලැබේ.
පාඨය:
ඔබේ මුල්
අවධිය බලවත් වූ විට, අහිතකර තත්ත්වයන් ඒ ඉදිරිපිට මහ දෙයක් නොවනු ඇත.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
මෙම අචල්ඝර්
(ස්ථාවරත්වයේ නිවහන) ඔබේ නොසැලෙන අවධියේ ස්මාරකයයි. බාප්දාදා නිරන්තරව හා ස්ථාවරව
සිටින ආකාරයටම, ඔබ දරුවන් ද නිරන්තරව හා ස්ථාවරව සිටිය යුතුය. ඔබ ඒකායන තැනැත්තාගේ
මිහිරියාව තුළ අතරමං වී සිටින විට, ඔබට නියත සහ ස්ථාවර අවධියක රැඳී සිටීමට හැකි වනු
ඇත. ප්‍රශ්නාර්ථ ලකුණ වඩාත්ම නැමුණු එකකි. එම විරාම ලකුණ ඔබෙන් ඉවත් කළ විට, ඔබට
නාට්‍යයේ ඉරණම පිළිබඳව නිරන්තරයෙන් ස්ථාවරව සිටීමට හැකි වනු ඇත.