15.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මායාගෙන් ජය ලැබීමට නම්, අප්‍රවේසම් වීමෙන් වලකින්න. දුකක් ගැනීම හෝ දුකට හේතුවක් වීම විශාල වරදකි. ඔබ දරුවන් එය නොකළ යුතුයි.

ප්‍රශ්නය:
ඔබ දරුවන් වෙනුවෙන් පියාගේ අභිලාශය කුමක්ද?

පිළිතුර:
පියාගේ අභිලාශය නම්, ඔහුගේ සියලුම දරුවන් ඔහු සේම සදා පාරිශුද්ධියට පත් වීමයි. පියා සදාතනිකවම සුන්දර වන අතර ඔහු පැමිණ ඇත්තේ ඔබ දරුවන් අසුන්දර බවින් සුන්දර කරවීටයි. මායා ඔබව අවලස්සන කරවන අතර පියා ඔබව ලස්සන කරවයි. ලක්ෂ්මි සහ නාරායන සුන්දරත්වයෙන් පිරී ඇති නිසයි අපිරිසිඳු, අවලස්සන මනුෂ්‍යයින් ඔවුන්ගේ ප්‍රතිමා ඉදිරියට ගොස් ගුණ ගයන්නේ. මිනිසුන් ඔවුන්වම සළකන්නේ පිරිහුණු අය ලෙසයි. ඔබ දැන් පියාගේ ශ්‍රීමත් මෙසේ ලබයි : සුමිහිරි දරුවනි, දැන් ලස්සන වෙමින් සතෝප්‍රධාන් වීමට උත්සාහ දරන්න.

ඕම් ශාන්ති.
පියා කරන්නේ කුමක්ද සහ ඔබ දරුවන් කරන්නේ කුමක්ද? පියාත් දන්නවා ඔබ දරුවනුත් දන්නවා ජීවාත්ම වූ ඔබ තමෝප්‍රධාන් වී ඇති අතර ස්වර්ණමය යුගය යැයි කියන සතෝප්‍රධාන් තත්ත්වයට දැන් පත් විය යුතුව ඇත. පියා ඔබ ජීවාත්ම දෙස බලයි. ජීවාත්මයටයි මෙම සිතිවිල්ල ඇත්තේ ජීවාත්මයක් වන මා අවලස්සන වී ඇත. ජීවාත්මය අවලස්සන නිසා ශරීරය ද අවලස්සන වී ඇත. ඔබ දැක ඇති ඔවුන් (ලක‍්ෂ්මි සහ නාරායන් පිළිම) සියලු යහගුණ වලින් පිරි හා ලස්සන වන අතර ඔබ අවලස්සන පාපීන් වන නමුත් ඔබට ඒ පිළිබඳව කිසිම ඥානයක් නැත. දැන්, ඔබ ලක්ෂ්මි නාරායන් සිද්ධස්ථානයකට ගිය විට ඔබට තේරුම් යනවා ඔබ සියලු යහගුණ වලින් පිරී සිටි බවත් දැන් අවලස්සන වී අපිරිසිඳු වී ඇති බවත්. ඔබ ඔවුන් ඉදිරියේ මෙසේ ගයන්න පුරුදු වී සිටියා අපි අවලස්සන පාපීන් වම්හ. යුවලක් විවාහ වූ පසු ඔවුන් ලක්ෂ්මි නාරායන් කෝවිලකට රැගෙන යයි. දෙදෙනාම පළමුව පාපයෙන් තොර වී සිටි අතර දැන් පාපීන් වී ඇත. මිනිසුන් පාපයෙන් තොර දේවතාවන් ඉදිරියට ගොස් තමන් පාපීන් හා අපිරිසිඳු බව කියයි. විවාහයට පෙර ඔවුන් මෙසේ කියන්නේ නැත. මිනිසුන් පාපයේ ගැළුණු පසුයි සිද්ධස්ථාන වලට ගොස් දේවී දේවතාවන්ට වඳින්නේ. මෙකල ලක්ෂ්මි නාරායන් කෝවිල් වල සහ ශිව කෝවිල් වල විවාහ උත්සව පවා ඇත. ඔවුන් පිරිසිඳු වීම සඳහා අතේ පටියක් බැඳ ගනී. ඔබ දැන් අතේ බැඳ ගන්නේ ලස්සන වීම සඳහා වූ පටියයි. මේ නිසයි ඔබව ලස්සන බවට පත් කරවන ශිව බාබා සිහි කරන්නේ. ඔබ දන්නවා මෙම රථයේ නළල මධ්‍යයයේ ශිව බාබා වාඩි වී සිටින බව. ඔහු සදා පිරිසිඳුයි. ජීව සත්තාව පියා සිහි කළ යුතුයි. පියා ද ළමුන් දැකීමට ප්‍රියයි. නිරතුරුවම මා පමණක් සිහිකර පාරිශුද්ධ වන්න. පියා දෙස බැලීමෙන් ඔබ පිරිසිඳු වන බව ඔබ දරුවන් දන්නා අතර ඉන් ඔබ ලක්ෂ්මි නාරායන් හා සමාන බවට පත් වේ. ඔබ ඉතා ප්‍රවේසමින් මේ අරමුණ හා ඉලක්කය සිහිකළ යුතුයි. ඔබ බාබා වෙතට පැමිණි නිසාම ආපසු ගොස් ඔබේ වැඩ වල නිරත විය යුතු යැයි සිතන්න එපා. ඒ නිසා පියා පෞද්ගලිකවම ඔබ ඉදිරියට පැමිණ විස්තර කර දෙයි. ජීව සත්තාව නළල මධ්‍යයේ ලැගුම් ගනී. අමරණීය ජීවාත්මයේ සිහසුන මෙයයි. මගේ දරුවන් වන ජීවාත්මයන් නළල් මධ්‍යයේ හිඳගනී. ජීවාත්මයම තමෝප්‍රධාන් වන අතරම එම සිහසුන ද තමෝප්‍රධාන් වේ. මේ කරුණු කාරණා ඉතා හොඳින් අවබෝධ කර ගත යුතු ඒවා වේ. ලක්ෂ්මි හා නාරායන් බවට පත් වීම නැන්දලෑ දිහා යනවා වාගේ නොවේ! ඔබ දැන් අවබෝධ කරගෙන සිටිනවා, ඔබ ඔවුන් මෙන්ම වෙන බව. පිරිසිඳු බවට පත්ව ආපසු යන ජීවාත්ම සත්තාවන් දේවී දේවතාවන් යැයි හැඳින්වේ. එවැනි දෙව් ලොවක අප හිමිකරුවන් බවට පත් වන නමුත්, මායා අපට එය අමතක කරවයි. සමහරු මෙහිදී ඥානයට ඇහුම්කන් දුන්නත් පිටවී ගිය පසු අමතක වේ. ඒ නිසයි බාබා එය ඉතා ස්ථීර ලෙස ඔබට ලබා දෙන්නේ. ඔබ හැම කෙනෙක්ම ඔබ දෙසම මෙසේ බලන්න මා ශ්‍රීමත් පිළිපැදීමෙන් මෙම දේවී දේවතාවන්ගේ ගුණාංග ධාරණයට ගෙන ඇත්ද? පිංතූරය ඔබ ඉදිරියේ ඇත. ඔබ දන්නවා ඔබ ඔවුන් සේ විය යුතු බව. පියා පමණයි ඔබව එසේ එවැනි බවට පත් කරවන්නේ. වෙන කිසිවෙකුට ඔබව මනුෂ්‍යයන්ගෙන් දේවී දේවතාවන් බවට පත් කළ නොහැකියි. ඔබ මේවා අනුපිළිවලින් දනී. මේවා භක්ති මඟින් දැන ගත නොහැකියි. ඔවුන්ට දෙවියන්ගේ ශ්‍රීමත් ලැබෙන තෙක් කිසිවක් තේරුම් ගත නොහැකියි. ඔබ දරුවන්ට දැන් ශ්‍රීමත් ලැබේ. ඔබේ බුද්ධිය තුළ මෙසේ හොඳින් තබා ගන්න බාබාගේ ශ්‍රීමත් අනූව බාබා සිහිකිරීමෙන් අප මෙසේ දේවත්වයට පත් වේ. එම ස්මෘතියෙන් පමණයි ඔබට පව් සිඳලිය හැක්කේ. වෙනත් ක්‍රමයක් නොමැත. ලක්ෂ්මි සහ නාරායන් ඉතා ලස්සන වුවත් කෝවිල් වල ඔවුන් ඉතා අවලස්සනව පෙන්වා ඇත. රධූනාථ කෝවිලේ රාමා අවලස්සනව පෙන්වා ඇත. ඒ ඇයි? කිසිවෙක් නොදනී. මෙය එතරම් සුළු කාරණයකි. රාමා අයත් වන්නේ රිදී යුගයටයි. කලා දෙකක් අඩු වීම නිසා සුළු වෙනසක් ඇත. පියා මෙසේ විස්තර කරයි. ආරම්භයේ දී ඔවුන් සතෝප්‍රධාන්ව ලස්සනට හිටියා. යටත් වැසියන් ද සතෝප්‍රධාන් අතර ඔවුන් එසේ වූයේ දඬුවම් විඳීමෙන් පසුවයි. දඬුවම් වැඩි වුණු තරමට තත්ත්වය ද බාල වේ. ඔබ උත්සාහ නොදැරුවොත් පාප කැපී නොගොස් තත්ත්වය ද බාල වේ. පියා ඔබට ඉතා පැහැදිලිව සියල්ල විස්තර කරයි. ඔබ මෙහි සිටින්නේ ලස්සන වීම සඳහාය. එසේ වුවත් ඔබ අවලස්සන කරවන මායා මහා සතුරාය. ඇය පියා පැමිණ ඔබ ලස්සන කරවනවා දකිමින් ඊට විරුද්ධ විය. පියා මෙසේ කියයි නාටකයට අනූව ඇය චක්‍ර භාගයක් ඇගේ කොටස රඟ දක්වනු ඇත. මායා නැවත නැවතත් ඔබේ මුහුණ අහකට හරවයි. සමහරු මෙසේ ලියයි බාබා, මායා මට බොහෝ කරදර කරනවා. බාබා මෙසේ කියයි මෙය යුද්ධයකි. ඔබ අවලස්සනින් ලස්සන වෙමින් ලස්සනින් අවලස්සන වෙයි. මෙය ක්‍රීඩාවකි. ඔහු මෙය තේරුම් කරන්නේ උපත් 84 ම සම්පූර්ණ කරන අයටයි. ඔවුන් පමණි භාරතයට පය තබන්නේ. භාරතයේ සැම කෙනෙක්ම උපත් 84 ගන්නා අය නොවේ. ඔබ දරුවන්ගේ වත්මන් කාලය ඉතා අගනේය. ඔවුන් සේම වීමට ඔබ සම්පුර්ණ උත්සාහය දැරිය යුතුයි. පියා නියතයෙන්ම මෙසේ කියයි මා පමණක් සිහිකරමින් දිව්‍යමය ගුණාංග ධාරණයට ගන්න. කිසිවකුගේ දුකට හේතුවක් නොවන්න. පියා මෙසේ කියයි දරුවනි, එවැනි වැරදි නොකරන්න. ඔබේ බුද්ධි යෝගය එකම පියාට පමණක් සම්බන්ධ කරන්න. ඔබ මෙසේ පොරොන්දු වී ඇත. මා ඔබට කැප වෙමි. ඔබ උපතෙන් උපත මෙසේ පොරොන්දු වුණා බාබා ඔබ පැමිණි විට අප ඔබේ උපදෙස් පමණක් පිළිපැද පිරිසිඳු වී දේවී දේවතාවන් බවට පත් වෙනවා. ඔබේ කලත්‍රයා සහයෝගී නැත්නම්, ඔබේ ම උත්සාහය ඔබ දරන්න. කොහොමනමුත්, ඔවුන් කොතරම් ස්මෘතියෙන් සිටියාද කොතරම් දිව්‍ය ගුණ ඔවුන් ධාරණය කළාද ඒ අනුව යුගලයන් සකස් වීම සිදු වේවි. උදාහරණ වශයෙන් බ්‍රහ්මා හා සරස්වතී යන දෙදෙනා හොඳ උත්සාහයන් දැරූ නිසා ඔවුන් යුවළක් සේ හමු වී ඇත. ඔවුන් හොඳම සේවයක් කරමින් ස්මෘතියෙන් ද සිටී. එයද යහගුණයකි. ගෝපිවරුන් (පිරිමි) අතරත් බොහෝ හොඳ දරුවන් ඇත. සමහර දරුවන් ඔවුන් මායාට ආකර්ෂණය වී ඇති බව ඔවුන්ම තේරුම් ගනී. එම දම්වැල් නොකැඩී නැවත නැවත, නමටත් ස්වරූපයටත් කොටු වේ. පියා මෙසේ කියයි නමට හා ස්වරූපයට හසු නොවන්න. මා වෙතට හසු වී සිටින්න. ඔබ අශරීරික වනවා සේම මා ද අශරීරිකය. මම ඔබව ද එසේම කරවමි. ගුරුවරයෙක් ඔහු හා සමානව ඔබව තනයි. ශල්‍ය වෛද්‍යවරයෙක් ඔබව ශල්‍ය වෛද්‍යවරයෙක් බවට පත් කරයි. එම කෙනා අසීමිත පියා වන අතර ඔහුගේ නම දිදුලයි. මිනිසුන් මෙසේ හඬනඟයි පාරිශුද්ධකරුවාණනි, එන්න ! ජීවාත්මයන් ශරීර මඟින් හඬනඟයි බාබා, පැමිණ අපව පාරිශුද්ධ කරවන්න ! ඔබ දන්නවා ඔහු ඔබව පිරිසිඳු කරනා ආකාරය. සමහර දියමන්ති වලද පිපුරුම් ඉරි ඇත. ජීවාත්මයනට දැන් වෙනත් බාල දේ මුසුවී ඇත. ඒවා අස්වන අතර ජීවාත්මයන් සැබෑ රත්‍රන් බවට පත් වේ. ඔබ ජීවාත්මයන් පිරිසිඳු විය යුතුයි. ඔබේ අරමුණත් ඉලක්කයත් පැහැදිලියි. වෙනත් ආධ්‍යාත්මික කණ්ඩායම් වල මෙය නොකියැවේ. පියා මෙසේ විස්තර කරයි ඔබේ ඉලක්කය මෙසේ වීමටය. ඔබත් දන්නවා නාටකයට අනූව ඔබ චක්‍ර භාගයක් ම පාපකාරී රාවණ් හා විසූ බව. දැන් ඔබ මෙසේ විය යුතුය. ඔබ ළඟ නිල ලාංඡනය තිබේ. මේ නිල ලාංඡනය අනූව විස්තර කිරීම පහසුය මේ ත්‍රිමූර්තියයි. ස්ථාපනය බ්‍රහ්මා මඟින් සිදු වන නමුත් බ්‍රහ්මා එය නොකරයි. ඔහු අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් වේ. මේ බව මිනිසුන් දන්නේ නැත. ඔබ දැන් දන්නවා ඔබේ අධ්‍යයනයේ අවසානය ඉතා උසස් බව. පියා පැමිණ ඔබට උගන්වයි. බාබාට ඥානය ඇති නමුත් ඔහු කා සමඟවත් ඉගෙන ගන්නේ නැත. නාටක සැලැස්ම අනූව, ඔහු ඥානයෙන් යුක්තය. ඔබට මෙසේ ඇසිය නොහැකියි ඔහු ඥානය ලාබා ගත්තේ කොහෙන්ද? නැත. ඔහු වනාහී ඥානයෙන් පිරුණු කෙනාය. ඔබ අපිරිසිඳු බවින් පිරිසිඳු කරන්නේ ඔහු පමණි. එසේ වීමට මිනිසුන් ගංඟානම් ගඟේ ස්නානය කරති. ඔවුහු මුහුදේ ද නාති. ඊළඟට ඔවුන් සාගරය දේවත්වයෙන් සලකා වන්දනා කරති. ඇත්තෙන්ම ගංඟාවන් නිරතුරුව ගලා යයි. කෙදිනකවත් විනාශ නොවේ. කෙසේ වුවත් කළින් ඒවා පාලනයක් තුළ තිබුණි. ජල ගැලීම් ආදිය අසන්නට නොතිබුණි. මිනිසුන් ඒවායේ ගිලී ගියේ නැත. එහි සිටියේ මිනිසුන් සුළු ප්‍රමාණයක් වන අතර දිගටම සංඛ්‍යාව වැඩි විය. කලි යුගය අවසානයේ දී මිනිසුන් විශාල වශයෙන් සිටී. එහි, මිනිසුන්ගේ ආයු කාලය ඉතා දිගුය. ඉන්පසු අවුරුදු 2500 කින් බොහෝ සෙයින් වර්ධනය වී ගස වැඩේ. සියල්ලට පළමුව භාරතයේ තිබුණේ අපගේ රජදහනයි. ඔබෙන් ද සමහරු දන්නවා, ඔබ ඔබේ රජ දහන ස්ථාපනය කරන බව. අපි යෝග බලය ඇති ආධ්‍යාත්මික රණ විරුවෝ වම්හ. ඔවුන් මෙය ද අමතක කරයි. අපි මායා සමඟ යුධ වදින අයයි. දැන් මේ රජ දහන ස්ථාපනය වෙමින් තිබේ. පියා සිහිකළ තරමට ඔබ ජයග්‍රාහී වෙයි. ඔබේ අරමුණත් ඉලක්කයත් ඔවුන් හා සමාන වීමටය. බාබා මොහු මඟින් ඔබව දේවී දේවතාවන් බවට පත් කරවයි. ඉතින් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ පියාව සිහිකළ යුතුයි. මොහු අතරමැදි ඒජන්ත වෙයි. ඔබ සත්ගුරු මුණ ගැසුනේ ඒජන්තගේ ස්වරූපයෙන් යැයි සිහි කෙරේ. බාබා මේ ශරීරයට ආ විට මොහු අතරමැදි ඒජන්ත බවට පත් විය. එවිට ඔහු ඔබට ශිව බාබා හා යෝගා වීමට ඉඩ සළසයි. කොහොමනමුත්, ගිවිස ගැනීම් ආදිය සඳහන් වන්නේ නැත. ශිව බාබා මොහු තුළින් අප ජීවාත්ම පිරිසිඳු කරවයි. ඔහු මෙසේ කියයි දරුවනි, ඔබේ පියා වන මා සිහි කරන්න. ඔබ මෙසේ නොකියයි පියා වන මා සිහි කරන්න. ඔබ පියා පිළිබඳ ඥානය පතුරවයි බාබා මෙසේ පවසයි. පියා ද ඔබට ඉතා පැහැදිලිව විස්තර කරයි. ඔබ ඉදිරියට යන විට ඔබට දසුන් පහළ වන අතර ඔබේ හෘද සාක‍්ෂිය ද මෙය දැන ගනී. පියා මෙසේ කියයි දැන් ඉතිරි වී ඇත්තේ ඉතා සුළු කාලයකි. ඔබ ඔය දෑසින් විනාශය දකී. පෙර පුහුණු සිදුවන විට ඔබට විනාශය සිදුවන ආකාරය දැකිය හැක. ඔබ දෑසින් ම බොහෝ දකී. බොහෝ මිනිසුන්ට පාරාදීසය දර්ශනය වනු ඇත. ඉතා ඉක්මනින් මේවා දිගටම සිදු වෙයි. ඥාන මාර්ගයේ දී සියල්ල යථාර්තයක් වන අතර භක්ති මාර්ගයේ දී හැම දෙයක් ම අනුකරණ වේ. ඔවුන්ට දර්ශන පහළ වුවද එසේ පත් නොවන අතර ඔබ එවන් බවට පත් වේ. ඔබ දසුන් වලින් දකින දේ සැබැවින්ම දකිනු ඇත. විනාශය දකිනවා යනු නැන්දම්මලා දිහා යනවා මෙන් නොවේ. අහන්න දෙයක් නැත ! එකිනෙකා ඉදිරියේ මිනිසුන් මරා ගනී. අත්පුඩි ගැසිය හැක්නේ අත් දෙකකිනි (දෙපැත්තකින්). සහෝදරයින් වෙන් කර ඔවුන් එකිනෙකා හා සටනට යවයි. මෙය ද නාටකයේ නිර්මාණය වී ඇත. ඔවුන් මෙම රහස් තේරුම් නොගනී. දෙගොල්ලන් වෙන් කිරීම නිසා ඔවුන් දිගටම සටන් වදින නිසා ඒ මඟින් ඔවුන් දිගටම ආදායම් ලැබීමට ආයුධ විකුණා ගනී. කොහොමනමුත්, අවසානයේ දී එයින් ඵලක් නැත. ගෙදර සිටිත්දීම බෝම්බ පුපුරා සියල්ල විනාශ වේ. එහි මනුෂ්‍යයින් හෝ ආයුධ අවශ්‍ය නොවේ. පියා මෙසේ විස්තර කරයි දරුවනි, ස්ථාපනය නියත වශයෙන්ම සිදු වේ. ඔබ උත්සාහ කළ තරමට ඔබට ලැබෙන තත්ත්වය උසස් වනු ඇත. බොහෝ දේ ඔබට විස්තර කෙරේ. දෙවියන් මෙසේ කියයි දරුවනි, කාම රාගය නම්වූ කඩුව පාවිච්චි නොකරන්න. කාම රාගය ජය ගැනීම මඟින් ඔබ ලෝකයම ජය ගත්තන් වේ. ඉනික්බිතිව, කාට හෝ මෙම හීය නියතවම වදිනු ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම කාලය වූ කලී ඉතා අගනේය. දැන් ය ඔබ හොඳින් උත්සාහ කර සම්පුර්ණයෙන් පියාට කැප විය යුත්තේ. දිව්‍ය ගුණ ද ධාරණයට ගන්න. ඔබ කිසිඳු ආකාරයේ වරදක් නොකළ යුතුයි. එකම පියාගේ උපදෙස් පිළිපදින්න.

2. ඔබ ඉදිරියේ ඉලක්කයත් අරමුණත් තබාගන්නා අතර ඉතා ප්‍රවේසමෙන් දිගටම ඉදිරියට යන්න. ඔබව, ජීවාත්මය පිරිසිඳු හා සතෝප්‍රධාන් කිරීමට උත්සාහ කරන්න. ඔබ ඇතුළත ඇති කැලැල් සොයා බලා ඒවා ඉවත් කර ගන්න.

වරදානය:
ඔබ සම්පූර්‍ණයෙන්ම පිවිතුරු ජීවාත්මයක් බවට පත්වී එමගින් බ්‍රහමින් දිවියේ සෑම තත්පරයකදීම සතුටේ අවධිය අත්විඳින්න.

පිවිතුරු බව සතුටේ සහ සාමයේ මව යැයි කියනු ලැබේ. ඕනෑම ආකාරයක අපවිත්‍රතාවයක් ඔබට දුක සහ අසාමය අත්විඳීමට සලස්වයි. බ්‍රහමින් ජීවිතය යනු සෑම තත්පරයකම සතුටෙන් සිටීමයි. දුකක් ඇතිවන සිද්ධියක් තිබුණා වුවත් පාරිශුද්ධත්වයේ බලය ඔබට ඇතිවිට කිසිදු දුකක අත්විදීමක් තිබිය නොහැක. පාරිශුද්ධ ජීවාත්ම මාස්ටර් සතුට දානය කරන්නන් බවට පත්වන අතර දුක් වාතාවරණයක් අධ්‍යාත්මික සතුටේ එකක් බවට පරිවර්තනය කරයි.

පාඨය:
පහසුකම් සමග අත්හදා බලමින් අධ්‍යාත්මික උත්සාහය වැඩිදියුණු කරගැනීම අසීමිත නිරාශාව පිළිබද ඇති ආකල්පය වේ.