15.06.25    Avyakt Bapdada      Sinhala Murli     30.11.2005    Om Shanti    Madhuban


කාලයේ සමීපත්වය නිසා, සීමිත බන්ධන වලින් ඔබව නිදහස් කර, සම්පූර්ණ හා සමාන වන්න.


අද, බාබා සෑම තැනකම සම්පූර්ණ හා සමාන දරුවන් දකිමින් සිටියි. පියාගේ හදවතේ ඒකාබද්ධ වී ඇත්තේ සමාන දරුවන් පමණි. සමාන දරුවන්ගේ විශේෂත්වය නම් ඔවුන් නිරන්තරයෙන් බාධක වලින් නිදහස්වීම, පව්කාර සිතිවිලි වලින් නිදහස් වීම සහ නිහතමානී හා පාරිශුද්ධ වීමයි. එවැනි ආත්ම නිරන්තරයෙන් නිදහස්ය; ඔවුන් කිසිදු ආකාරයක සීමිත බන්ධනයකට බැඳී නොමැත. එබැවින්, ඔබෙන්ම මෙසේ අසන්න: ඔබ එවැනි අසීමිත නිදහසක් ඇති ජීවාත්මයක් බවට පත්ව තිබේද? පළමු නිදහස ඔබේ ශරීර අවධානයෙන් නිදහස් වීමයි - ඔබට අවශ්‍ය විටෙක ඔබේ ශරීරයේ ආධාරය ලබා ගැනීම සහ ඔබට අවශ්‍ය විටෙක ඔබේ ශරීරයෙන් නොබැඳිවීම. ශරීර වලට ආකර්ෂණය නොවන්න. දෙවනුව, නිදහස් ජීවාත්ම කිසිදු පැරණි ස්වභාවයකට හෝ සංස්කාරයකට බැඳී නොසිටිනු ඇත; ඔවුන් ඔවුන්ගේ පැරණි ස්වභාවයෙන් සහ සංස්කාර වලින් නිදහස් වනු ඇත. ඒසමඟම, ඔවුන් ඔවුන්ගේ සබඳතා සහ සම්බන්ධතා තුළ කිසිදු ශාරීරික ජීවියෙකුට ආකර්ෂණය නොවනු ඇත. සබඳතා සහ සම්බන්ධතා ඇති අතර, ඔවුන් නොබැදිව සෙනහස දක්වනු ඇත. එබැවින්, ඔබම පරීක්ෂා කර බලන්න ඕනෑම කුඩා, භෞතික අවයවයක් ඔබව බන්ධනයක බැඳ තිබේද? ඔබේ ආත්මගෞරවය මතක තබාගන්න: ඔබ සර්වබලධාරී, ත්‍රිකාලදර්ශි, ත්‍රිනේත්‍රී සහ ස්වදර්ශන චක්‍රධාරි යන ස්වාමියාය. එම ආත්ම-ගෞරවය මත පදනම්ව, ඕනෑම භෞතික අවයවයකට සර්ව බලධාරී අධිකාරියේ දරුවන් ආකර්ෂණය කර ගත හැකිද? කාලයේ සමීපභාවය දකින අතරතුර, ඔබම පරීක්ෂා කර බලන්න තත්පරයක් ඇතුළත සියලු බන්ධන වලින් නිදහස් වීමට ඔබට හැකිද? එවැනි බැඳීමක් තවමත් පවතීද? අවසාන පත්‍රිකාව සමත් වී අංක එකේ ජීවාත්මයක් බවට පත්වීමේ ප්‍රායෝගික සාක්ෂිය වන්නේ තත්පරයකින් ඔබට අවශ්‍ය ඕනෑම තැනකට ඔබේ මනස සහ බුද්ධිය යොමු කිරීමට සහ උච්චාවචනය නොවී සිටීමට හැකි වීමයි. උදාහරණයක් ලෙස, ඔබට ඔබේ භෞතික ශරීරය සමඟ ඔබට අවශ්‍ය ඕනෑම තැනකට යා හැකියි, නේද? එලෙසම, ඔබේ බුද්ධියෙන් ඔබට අවශ්‍ය අවධියේ ඔබව ස්ථාවර කර ගැනීමට ඔබට හැකි ද? විද්‍යාව හරහා ඔබ නිවසක ස්විචය ක්‍රියාත්මක කළ විගස ආලෝකය තත්පරයකින් සෑම තැනකම ලබා දීමට පටන් ගනී, ඒ ආකාරයෙන්ම, ඔබ දැනුවත් භාවය පිළිබඳ සිතිවිල්ලේ ස්විචය ක්‍රියාත්මක කළ විට, ඔබට ප්‍රදීපාගාරයක් සහ බලවත් නිවසක් බවට පත් වී ජීවාත්මයන්ට ආලෝකය සහ ශක්තිය ලබා දිය හැකිද? තත්පරයකින් අශාරීරික වීමට ඔබට නියෝගයක් ලැබුණු විට, ඔබ ඒ බවට පත්වනු ඇත, නේද? නැතහොත්, ඔබට සටන් කිරීමට සිදුවේද? දිගු කාලයක් පුරා මෙම පුහුණුව ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. දිගු කාලයක් පුරා පුහුණුව නොමැති නම්, එම අවස්ථාවේදී ඔබට අශාරීරික වීමට උත්සාහයක් අවශ්‍ය වනු ඇත. මේ නිසා බාප්දාදා ඔබට මෙම සංඥාව ලබා දෙයි: දවස පුරා ක්‍රියා කරන අතරතුර මෙයද පුහුණු වන්න. මේ සඳහා මනස පාලනය කිරීමේ බලය අවශ්‍ය වේ. ඔබේ මනස ඔබේ පාලනය යටතේ තිබේ නම්, ඔබේ භෞතික අවයව කිසිවක් ඔබට බලපෑම් කළ නොහැක.

දැන් සියලුම ජීවාත්මයන්ට ඔබෙන් බලයේ ආශිර්වාදයක් අවශ්‍යයි. ඔබ ස්වාමියා වන සර්ව බලධාරී ජීවාත්ම කෙරෙහි අනෙකුත් ජීවාත්මයන්ට මෙම පිරිසිදු ආශාව ඇත: “අපි කිසිදු උත්සාහයක් නොගෙන, ඔබගේ ආශිර්වාදයෙන්, ඔබගේ දෘෂ්ටියෙන් සහ ඔබගේ කම්පන වලින් අපව නිදහස් කරන්න. “ සෑම කෙනෙකුම දැන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් වෙහෙසට පත්ව ඇත. ඔබ සියලු දෙනාම වෙහෙසීමෙන් නිදහස් වී ඇත. නේද? නැතහොත්, ඔබ දැන්ටත් වෙහෙස විය යුතුද? වෙහෙසීමෙන් නිදහස් වීමට පහසු ක්‍රමය ඔබේ හදවතින්ම පියාට අතිශයින්ම ආදරය කිරීම බව ඔබට කලින් පවසා තිබුණි. ඔබ උපත ලැබූ මොහොතේම බ්‍රාහ්මණ ජීවාත්ම පොරොන්දුවක් ලබා දුන්නා. ඔබට එම පොරොන්දුව මතකද? පියා ඔබව ඔහුට අයිති කර ගත් විට, සහ ඔබට ඔබේ බ්‍රාහ්මණ උපත ලබා දුන් විට, ඔබ සියලු දෙනාම ඔබේ බ්‍රාහ්මණ ජීවිතය සඳහා දුන් පොරොන්දුව කුමක්ද? ඔබට ඔබේ පොරොන්දුව මතකද? ඔබ එකඟව හිස නමනවා. හරි. ඔබ ඔබේ දෑත් වනනවා. ඔබට එය තදින් මතකද නැතහොත් සමහර විට ඔබ එය අමතක කරනවාද? බලන්න, ඔබ උපත් 63 දී මෙය අමතක කර ඇත. නමුත් මෙම එක් උපතේදී ඔබ ස්මරණයේ ප්‍රතිමූර්ති බවට පත්ව ඇත. ඉතින්, පියා ඔය දරුවන්ගෙන් අසනවා: ඔබේ ළමා කාලයේ පොරොන්දුව ඔබට මතකද? ඔහු එය ඔබට ඉතා පහසු කර තිබෙනවා. ලෝකය තිබෙන්නේ පියාගේ දෑතෙ. ඔබට සියලු සබඳතා ඇත්තේ එකම පියා සමඟයි. ඔබට සියලු ජයග්‍රහණ ලැබෙන්නේ එකම පියාගෙනි. ඔබට උගන්වන සහ ඔබව නඩත්තු කරන තැනැත්තා ඔහුය. සියල්ල ඇත්තේ එකම තැනැත්තා තුළය. පවුලක් වුවද ,දේව භක්තික පවුලක් වුවද එය එකම පියාගේ ය. එය විවිධ පියවරුන්ගේ පවුල නොවේ; එය එකම පවුලකි. පවුල තුළ ද, ඔබට එකිනෙකා කෙරෙහි අධ්‍යාත්මික සෙනෙහසක් ඇත; එය ආදරය පමණක් නොවේ, එය අධ්‍යාත්මික සෙනෙහසකි. ඔබ උපත ලැබූ විට දුන් පොරොන්දුව බාප්දාදා ඔබට මතක් කර දෙයි. ඔබ දුන් වෙනත් පොරොන්දුව කුමක්ද? සෑම කෙනෙකුම තම හදවතින්ම පියාට මහත් උනන්දුවකින් හා උද්‍යෝගයකින් මෙසේ පැවසූහ: සියල්ල ඔබගේ ය. ශරීරය, මනස සහ ධනය සියල්ල ඔබගේ ය. ඔබ පියාට දුන් ඕනෑම දෙයක්, ඔහු ඔබට එම කාර්යය සඳහා භාවිතා කිරීම සඳහා එය භාරදී ඇත. ඔබ ඒවා පියාට දුන්නා. ඔබ ඒවා දුන්නා නේද? නැතහොත්, ඔබ ඒවා ටිකක් ආපසු ගන්නවාද? ඔබ ඒවා ආපසු ගන්නා විට, එය ඔබට භාර දී ඇති දෙයට වංක වීමකි. සමහර දරුවන් ඔවුන්ගේ හදවතින්ම කරන සංවාද වලදී මෙසේ පවසති: “මගේ මනස දුක්ඛිතයි.” “මගේ මනස” පැමිණියේ කොහෙන්ද? ඔබ “මගේ” යන්න ඔබේ එකට භාර දුන් විට, “මගේ මනස” පැමිණියේ කොහෙන්ද? ඔබ සියලු දෙනාම කවචයක්වත් නොමැතිව අධිරාජ්‍යයන් බවට පත්ව ඇත. දැන් කිසිවක් ඔබේ නොවේ. ඔබ කවචයක් නොමැතිව සිටින අතර, තවමත් ඔබ අධිරාජ්‍යයන්ය. ඇයි? පියාගේ වස්තු ඔබේ වස්තු බවට පත්ව ඇත, එබැවින් ඔබ අධිරාජ්‍යයන් නේද? පරමාත්ම දෙවියන්ගේ වස්තු දරුවන්ගේ වස්තූන්ය. ඉතින්, බාප්දාදා ඔබට ඔබේ පොරොන්දු මතක් කර දෙයි. “ඔබගේ” යන්න “මගේ” බවට පත් කරන්න. පියා පවසයි : පියා ඔබව දිව්‍ය වස්තු වලින් සමෘද්ධිමත් කර ඇති බැවින්, ඔහු වගකීම ද භාර ගත්තේය. කුමන වචන වලින්ද? මාව ස්මරණය කරන්න, එවිට ඔබට සියලු ජයග්‍රහණ සඳහා අයිතියක් ඇත. මාව ස්මරණයෙ තබා ගන්න.” එවිට, ඔබ මෙසේ පැවසුවා: “මම ඔබේ සහ ඔබ මගේ.” මෙය පොරොන්දුවක් නේද? ඉතින් පියා පවසයි : මාගෙ වස්තූන් නිරන්තරයෙන් ඔබට සහ සියලු ජීවාත්මයන් සඳහා භාවිතා කරන්න. ඔබ ඒවා වැඩි වැඩියෙන් භාවිතා කරන තරමට, වස්තු වැඩි වනු ඇත. ඔබට සියලු බලයන්ගේ නිධානය ඇත; එබැවින් සියලු බලතල භාවිතා කරන්න. “මම සර්ව බලධාරී බලධාරියෙක්” යන මෙම දැනුම ඔබේ බුද්ධියේ පමණක් තබා නොගන්න, නමුත් කාලයට අනුව සේවය කිරීම සඳහා සියලු බලතල භාවිතා කරන්න.

බොහෝ දරුවන්ගේ වාර්තා වල බාප්දාදා දැක තිබෙනවා, ඔබ බල දෙකක් මතක තබාගෙන, ඒවා නියම වේලාවට භාවිතා කළහොත්, ඔබ සැම විටම බාධක වලින් නිදහස්ව සිටින බව. එවිට බාධක ඔබ ඉදිරියට පැමිණීමට ධෛර්යයක් නොතිබෙනු ඇත. මෙය පියාගෙන් ලැබෙන සහතිකයකි. ඇත්ත වශයෙන්ම, ඔබට සියලු බලතල අවශ්‍යයි, නමුත් බහුතරයකට ඉවසීමේ බලය සහ අවබෝධයේ බලය අවශ්‍ය බව දැක තිබෙනවා. ඔබ සියල්ල අවබෝධ කරගන්නවා, නමුත් එය ප්‍රායෝගික ස්වරූපයකට පත් කිරීමට අඩු අවධානයක් යොමු කරනවා. මේ නිසා, ඔබ එය අවබෝධ කරගත් විට, ඔබේ මුහුණ සහ හැසිරීම වෙනස් වෙනවා. ඔබට ඉතා හොඳ උනන්දුවක් සහ උද්‍යෝගයක් තිබෙනවා, “ඔව්, මම එය අවබෝධ කර ගත්තා“ නමුත් එවිට මොකද වෙන්නේ? ඔබ සියලු දෙනාම මේ ගැන අත්දැකීම් ලබා තිබෙනවා නේද? එතකොට මොකද වෙන්නේ? සෑම මොහොතකම එය ඔබේ ස්වරූපයට දැමීමේ යම් අඩුපාඩුවක් තිබෙනවා, මොකද ඔබ මෙහි එහි ප්‍රතිමූර්තිය බවට පත් විය යුතුයි. ඔබේ බුද්ධියෙන් යමක් දැන ගැනීම වෙනස් කාරණයක්. කෙසේවෙතත්, එය ඔබේ ස්වරූපයට දැමීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. සමහර විට, බාප්දාදාට සමහර දරුවන් කෙරෙහි අනුකම්පාවක් දැනෙනවා. දරුවන්ට උත්සාහයක් දැරිය නොහැකි බව පියා තේරුම් ගන්නා අතර, එබැවින්, දරුවන්ට එය කිරීමට ඉඩ නොදී, පියාට එය කිරීමට පෙළඹෙනවා. කෙසේවෙතත්, නාට්‍යයේ රහස නම්, යමක් කරන තැනැත්තාට එහි ප්‍රතිලාභ ලැබීමයි. මේ නිසා, බාප්දාදා නියත වශයෙන්ම සහයෝගයෙන් කටයුතු කළත්, එය කළ යුත්තේ ඔබ දරුවන්මයි.

බාප්දාදා දැකලා තියෙනවා සමහර දරුවන්ට ගොඩක් හොඳ සිතිවිලි තියෙනවා කියලා. අම්රිත් වේලාවේදී, බාප්දදාට ගොඩක් හොඳ සිතිවිලි වලින් මල්මාලා ලැබෙනවා. “මම මේක කරන්නම්, මම ඒක කරන්නම්, මම අනිත් එක කරන්නම්... බාප්දාදා පවා සතුටු වෙනවා: වා! දරුවනේ, වා! එහෙනම්, ඒක කරන කොට ඔබලා දුර්වල වෙන්නේ ඇයි? ඒකට හේතුව බ්‍රහ්මණ පවුලේ රැස්වීමේ වාතාවරණය බව දැකලා තියෙනවා. සමහර අවස්ථා වලදී, වාතාවරණය දුර්වලයි, ඒක ඔබට ඉක්මනින් බලපානවා. බාබා ඔවුන්ගේ භාෂාව කොහොමද කියලා ඔබට කියන්න ඕනද? එවිට ඔවුන්ගේ භාෂාව හරිම මිහිරියි. ඔවුන්ගේ භාෂාව තමයි. "මේක හැමදාම වෙනවා, කොහොමත් වෙනවා... ඒ වගේ වෙලාවක ඔබට මොන වගේ සිතිවිලි තියෙන්න ඕනද? "මේක වෙනවා, මේක දිගටම යනවා..." කියලා ඔබ හිතන කොට, ඒක නොසැලකිලිමත්කම වෙනවා . ඉතින්, ඒ වෙලාවෙ, ඔබ ඒ භාෂාව වෙනස් කරන්න ඕන. පියාගේ නියෝග මොනවද? පියා කැමති මොනවටද? මොකටද පියා කැමති ? පියා මෙහෙම කිව්වද? එය මෙහෙම කළාද? ඔබ පියාගේ ස්මරණයෙ සිටින විට, නොසැලකිලිමත්කම අවසන් වෙනවා, උනන්දුව සහ උද්යෝගය ඇති වෙනවා. නොසැලකිලිමත්කමේ ගොඩක් වර්ග තියෙනවා. මේ ගැන ඔබ අතර පන්තියක් තියාගන්න. ලැයිස්තුවක් හදන්න. එකක් සාමාන්‍ය නොසැලකිලිමත්කමයි, අනෙක රාජකීය නොසැලකිලිමත්කමයි. ඉතින්, නොසැලකිලිමත්කම අධිෂ්ඨානයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ අධිෂ්ඨානය සාර්ථකත්වයේ පදනමයි. ඒක ඔබගේ සිතිවිලි වල පවතින අතර ඔබ එම ස්වරූපය බවට පත් වෙන්නේ නැත්තේ මේ නිසායි.

ඉතින්, අද ඔබට ඇසුණේ කුමක්ද? ඔබේ පොරොන්දු ඔබට මතක් වුණා නේද? ඔබ කොතරම් හොඳ පොරොන්දු දෙනවාද කියනවා නම්, බාප්දාදා පවා පොරොන්දු ඇසීමෙන් සතුටු වෙනවා. කෙසේවෙතත්, ඔබ දෙන පොරොන්දු තරම් ප්‍රතිලාභ ඔබ ගන්නේ නැහැ. ඉතින්, බාප්දාදාට අවශ්‍ය වන්නේ මෙයයි. බාප්දාදා ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඔබ අසනවා නේද? බාප්දාදාට අවශ්‍ය වන්නේ මෙයයි: කාලයට පෙර සැමවිටම සූදානම් වන්න. කාලය ඔබේ ස්වාමියා බවට පත් නොවිය යුතුයි. ඔබ කාලයේ ස්වාමිවරුන්. එමනිසා, බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔය දරුවන් කාලයට පෙර සම්පූර්ණ වී පියා සමඟ ලෝක වේදිකාවේ හෙළිදරව් වීමටයි.

බාබා හමුවීමට පැමිණි අලුත් දරුවන්, ඔබේ දෑත් ඔසවන්න! ඔබේ දැත් ඉහළට ඔසවන්න! හරි අලුත් දරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වෙනවා. වාසනාවන්ත දරුවන් මෙහි පැමිණ ඇත්තේ ඔවුන්ගේ වාසනාව ලබා ගැනීමටයි. එබැවින්, සුබ පැතුම්, සුබ පැතුම්! දැන් පැමිණ සිටින සියලුම අලුත් දරුවන් අතරින්, ආශ්චර්යයන් කරන්නේ කවුදැයි අපි බලමු. ඔබ පසුව පැමිණියත්, ඔබට නිසැකවම ඉදිරියට යා හැකිය. සියලුම ප්‍රතිඵල බාප්පාද වෙත ළඟා වේ. අච්චා.

ද්විත්ව විදේශිකයන්: ඔබ ද්විත්ව විදේශිකයන් හොඳ අවධානයක් යොමු කිරීම හොඳයි. ඔබටම සහ සේවයටත්. කෙසේවෙතත්, ඔබ එයට සුළු දෙයක් එකතු කළ යුතුයි. ඔබ එය අවධාරණය කළ යුතුයි. ඔබට කුමන පරිවර්තනයක් පිළිබඳ සිතිවිල්ලක් තිබුණත්, එය හොඳ උනන්දුවකින් හා උද්යෝගයකින් සහ ධෛර්යයකින් යුක්තව කළ යුතුයි. එය අවධාරණය කිරීම දිගටම කරගෙන යන්න: "මම මෙය කළ යුතුයි. මම වෙනස් විය යුතුයි. මම මා වෙනස් කර ලෝකය වෙනස් කළ යුතුයි." "අධිෂ්ඨානය" නැවත නැවතත් අවධාරණය කිරීම දිගටම කරගෙන යන්න. කෙසේවෙතත්, කෙසේවෙතත් බාප්දාදා සතුටුයි සේවයේ ප්‍රසාරණය සහ සේවයට සහ ඔබටම අවධානය යොමු කිරීම ගැන. කෙසේවෙතත්, සම්පූර්ණ අවධානය තිබිය යුතුය. නමුත් අවධානය ඇති අතර කුඩා ආතතියක් ද ඇත. එය නිසැකවම අවසන් කළ යුතුය. කෙසේවෙතත්, ඔබට හොඳ ධෛර්යයක් ඇත. ඔබේ ධෛර්යයට සුබ පැතුම්. පියා සමඟ මෙහි වාඩි වී සිටින සියලු දෙනා ඔබේ ධෛර්යයට ඔබට සුබ පැතුම් පිරිනමති. ප්‍රශංසා කරන්න ! අච්චා.

ඔබ සැම මෙහි වාඩි වී සිටිනවා, නමුත් බාප්දාදාට ඈතින් වාඩි වී සිටින දරුවන්ගෙන් බොහෝ සෙනෙහස හා ස්මරණය ලැබුණා, ඒ වගේම සෑම දරුවෙකුම ඔහුගේ ඇස්වල ඒකාබද්ධ කරන අතරතුර, බාප්දාදා සෑම කෙනෙකුටම ඔහුගේ හදවතින් බොහෝ ආශිර්වාද දෙනවා. භාරතයෙන් හෝ විදේශයකින් වේවා, බාබාට ලිපි සහ විද්‍යුත් තැපෑල හරහා බොහෝ දරුවන්ගෙන් ස්මරණයන් ලැබුණා. ඒ සියල්ල බාබා වෙත ළඟා වුණා. අච්චා.

බාප්දාදාට තත්පරයකින් ඔබ අශාරීරික වන අභ්‍යාසය දැකීමට අවශ්‍යයි. ඔබට අවසානයේ සමත් වීමට අවශ්‍ය නම්, මෙම අභ්‍යාසය අත්‍යවශ්‍යයි. එමනිසා, මෙ තරම් විශාල රැස්වීමක වාඩි වී සිටින අතරතුර, තත්පරයකින් ඔබේ ශරීර අවධානයෙන් ඔබ්බට යාමේ අවධියේ ස්ථාවර වන්න. කිසිදු ආකර්ෂණයක් ඔබව ආකර්ෂණය කර ගැනීමට ඉඩ නොදෙන්න. (අභ්‍යාසය පවත්වන ලදී.) අච්චා..

සෑම තැනකම සිටින දැඩි උත්සාහවන්ත දරුවන් සියලු දෙනාටම, ස්වයං පරිවර්තනයේ සහ ලෝක පරිවර්තනයේ නිරන්තරයෙන් සේවයේ නියැලී සිටින සියලුම විශේෂ ජීවාත්මයන්ට, බ්‍රහ්ම පියා වැනි නිරන්තර කර්ම යෝගීන් වන සහ කර්මයේ සහ ඕනෑම භෞතික අවයව වල කිසිදු ආකර්ෂණයකින් තොර සියලුම ජීවාත්මයන්ට, පියාට සමීප හා සමාන වන සහ ඔවුන්ගේ සෑම සිතිවිල්ලක්ම සහ වචනයක්ම ප්‍රායෝගික ස්වරූපයකට ගෙන එන දරුවන්ට, කරුණාකර බාප්දාදාගේ හදවතින් ආශිර්වාද පිළිගන්න. තවද හදවතින් සෙනෙහස හා ස්මරණය පිළිගන්න. නමස්තේ.

දාදීජිට: ඔබ නිරෝගී වෙලා. අසනීපය දැන් පහව ගිහින්. මහාරාතීන්ට සමුදෙන්න අසනීප එනවා. ඔබ අභ්‍යන්තරව කර්මතීන් වීමට පෙරහුරු කරනවා. (දාදී ජන්කි පැවසුවේ දාදීජි යනු බාධක වලින් තොර අධිරාජ්‍යයෙකු බවයි.)

ඔබට කිසියම් බාධකයක් තිබේද? ඔබ දෙදෙනාම ඉතා හොඳ චරිත රඟපානවා. බලන්න, ඔබ සියලු වගකීම් වලින් ශ්‍රේෂ්ඨතම ඔටුන්න පැළදීමට උපකරණයක් බවට පත් වුණා. මේ සියල්ලෝම ඔබේ සහකරුවන්. ඔබ සියල්ලන්ම දකින විට, ඔවුන්ට උනන්දුවක් සහ උද්යෝගය ඇතිවෙනවා. (අපි දැන් කරන්න යන අලුත් දේවල් මොනවාද? බාබා යම් ආශ්වාදයක් ලබා දිය යුතුයි.) බාප්දාදා ඔබට පවසා ඇත්තේ සෑම වෘත්තියකම මල් කළඹක් පැමිණිය යුතු බවයි. එනම් මයික් එකක් සහ බලයක්. මයික් එකක් සහ සම්බන්ධතාවයක් ඇති කෙනෙකු පමණක් නොව, ඔහු සමීප සම්බන්ධතාවයක ද සිටිය යුතුය. එවැනි මල් කළඹක් මතු වීමට සලස්වන්න. එවිට එම කණ්ඩායම සේවය කිරීමට උපකරණයක් බවට පත්වනු ඇත. ඔවුන් මයික් බවට පත් වන අතර ඔබ ශක්තිය වනු ඇත. "බාබා" ඔවුන්ගේ හදවත් වලින් මතු වූ විට, එවිට බලපෑමක් ඇති වේ. ඔවුන් සමීප සම්බන්ධතාවයකට ගෙන එන්න. ඔබට ඔවුන් සමඟ සම්බන්ධතා ඇත්තේ සමහර විට පමණක් වන අතර එබැවින් ඔවුන්ගේ කුල්මත්භාවය ටිකක් අඩු වේ. හැකි සෑම විටම, යම් සම්බන්ධතාවයක් සහ නෑ සබැඳියාවක් ඇති වේවා, එය හොඳ වනු ඇත. අච්චා.

වරදානය:
ඔබ පහසු සේවාදායකයෙකු වී, නිරන්තරයෙන් උසස් සහ නව ආකාරයේ සේවාවක් කිරීමට වර්ධනයක් ඇති කරත්වා.

ඔබේ සිතිවිලි සමඟ දේව සේවය කිරීම සේවය කිරීමේ නව සහ උසස් ක්‍රමයකි. මැණික් වෙළෙන්දෙකු සෑම දිනකම තම මැණික් පිරිසිදු ද, ඒවා දිලිසෙනවා ද සහ නිසි ලෙස ස්ථාන ගත කර තිබේද යන්න පරීක්ෂා කරයි. එලෙසම, සෑම දිනකම අම්රිත් වේලාවේදී ඔබේ මනසෙහි, ඔබේ සිතිවිලි සමඟ ඔබේ දැක්ම ඔබ සමඟ සම්බන්ධ වන ජීවාත්මයන් වෙත යොමු කරන්න. ඔබේ සිතිවිලි තුළ ඔබ ඔවුන්ව වැඩි වැඩියෙන් සිහිපත් කරන තරමට, ඔබේ සිතිවිලි ඔවුන් වෙත ළඟා වනු ඇත. මේ ආකාරයෙන් මෙම නව ආකාරයේ සේවය කිරීමෙන්, ඔබ වර්ධනයක් ඇති කර ගැනීම දිගටම කරගෙන යනු ඇත. ඔබේ පහසු යෝගයේ සියුම් බලය ස්වයංක්‍රීයව ජීවාත්ම ඔබ වෙත ආකර්ෂණය කර ගනු ඇත.

පාඨය:
නිදහසට කරුණු දැක්වීමේ ක්‍රීඩාව ඉවත් කර අසීමිත නිරාශාවේ ආකල්පයක් මතු වීමට ඉඩ දෙන්න.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

මෙම දැනුම මතගෑමට අමතරව, සුබ පැතුම් සහ පිරිසිදු හැඟීම් පිළිබඳ සිතිවිලි සහ සකාෂ් ලබා දීම පමණක් පුහුණු කිරීමෙන් මනස නිශ්ශබ්ද කිරීමට හෝ මනසෙහි ගමනාගමන පාලනය කිරීමට දිනයක් නියම කරන්න. ඔබ ඔබේ අභ්‍යන්තරික කාමරයේ වාඩි වී සිටින විට, ඔබට ඇති වන ස්පර්ශයන් වැඩි වනු ඇත, ඒවා සියල්ලටම වඩා හොඳයි. මෙම ස්පර්ශයන් හරහා, බොහෝ ආත්මයන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇත.

සටහන: අද 3 වන ඉරිදා ජාත්‍යන්තර යෝග දිනයයි, සියලුම සහෝදර සහෝදරියන් සාමූහිකව සවස 6.30 සිට 7.30 දක්වා යෝග සඳහා වාඩි වී අත් විඳින විට: මම නළල් මධ්‍යයෙහි අසුන් ගෙන සිටිමි. මම පරමාත්ම දෙවියන්ගේ සියලු බලයන්ගෙන් පිරී ඇති, වඩාත්ම උසස් රාජයෝගි ජීවාත්මයකි. භෞතික ඉන්ද්‍රියන් ජයගත් සහ පාපකාරී ක්‍රියා ජය ගත් ජීවාත්මයකි. දවස පුරාම, ආත්ම ගෞරවය පවත්වා ගන්න: මම මුළු චක්‍රයේම වීර චරිතයක් රඟපාන වඩාත්ම උසස් හා ශ්‍රේෂ්ඨ ආත්මයක්.