15.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ශරීර අවධානයට පත් වනවා යනු යක්ෂ ගති ගුණයක් ආරූඪ කර ගැනීමක් වැනි දෙයකි. ඔබ ඔබගේ ශරීර අවධානය නැති කොට දිව්‍යමය චරිතයක් ඇති කරගත යුතුයි. එවිට ඔබ රාවන්ගේ කූඩුවෙන් එළියට එනවා ඇත.

ප්‍රශ්නය:
ඔබ සියලුම දෙනා ඔබගේ පාපකාරී ක්‍රියා සඳහා දඬුවම් ලබන්නේ කෙසේද? ඔබ එම දඬුවම නොලබා සිටීමට නම් කළ යුත්තේ කුමක්ද?

පිළිතුර:
ප්‍රථමයෙන්ම සෑම ජීවයක්ම මවගේ ගර්භාෂය තුළදී ඔවුන්ගේ පාපයන් සඳහා මෙම දඬුවම ලබනවා. දෙවනුව, සෑම ජීවයක්ම රාවන්ගේ කූඩුවෙහි සිට මෙම දුක අත් දකිනවා. දරුවනි, බාබා මෙහි පැමිණ සිටින්නේ ඔබ එම කූඩු වලින් මුදාලන්නටයි. එමනිසා, ඒවායින් මිදීමට නම් ඔබ වඩා ශිෂ්ටත්වයට පත් විය යුතුයි.

ඕම් ශාන්ති.
මෙම නාටකයට අනුව බාබා මෙහි අසුන්ගෙන ඔබට විස්තර කර දෙනවා. බාබා තමයි ජීවාත්මයන් රාවන්ගේ කූඩුවෙන් ගලවා ගන්නේ. මන්ද, සියලුම දෙනා මේ අවස්ථාවේ දී පාපකාරී තත්ත්වයට පත් වී තිබෙනවා. මේ මුළු ලෝකයේම සිටින අය පාපකාරී වී තිබෙන්නේ ඔවුන් රාවන්ගේ කූඩුවෙහි සිටින නිසයි. ජීවාත්මයන් ඔවුන්ගේ ශරීර අත්හැර ගොස් ගර්භාෂය නැමති කූඩුවට වැටෙනවා. බාබා දැන් පැමිණ සිටින්නේ මේ කූඩු දෙකෙන්ම ඔබ ගලවා ගැනීමටයි. ඉන්පසු ඉතිරි කල්ප භාගය තුළදී ඔබ රාවන්ගේ කූඩුවට හෝ ගර්භාෂය නැමති කූඩුවට යන්නේ නැහැ. ඔබ දන්නවා බාබා ඔබව රාවන්ගේ කූඩුවෙන් හා ගර්භාෂය නැමති කූඩුවෙන් කෙමෙන් කෙමෙන් ගලවා ගන්නවා කියා. නමුත් එය සිදු වන්නේ ඔබ විසින් දරණ උත්සාහය අනුවයි. බාබා ඔබට කියනවා ඔබ සියලු දෙනාම දැන් බොහෝ පාපකාරී ලෙස තමයි මෙම ලෝකයේ වෙසෙන්නේ කියා. ඉන්පසු රාමාගේ රාජ්‍යයෙහි දී ඔබ නැවතත් ශිෂ්ටත්වයට පත් වනවා. එහිදී කිසිම යක්ෂ ගති ගුණයක් ඔබ තුළට ඇතුල් විය නොහැකියි. ශරීරය පිළිබඳව උඩඟුභාවය එන විට අනෙක් සියලුම පාපයන් නිරායාසයෙන්ම ඇතුල් වනවා. දරුවනි, ඔබ දැන් ජීවාත්ම අවධානයට පත් වීම සඳහා උත්සාහ දැරිය යුතුයි. ඔබ ලක්ෂ්මී හා නාරායන් බවට පත් වූ විට ඔබ දිව්‍ය තත්ත්වයේ සිටිනවා කියා කිව හැකියි. මේ අවස්ථාවේ දී ඔබව හඳුන්වන්නේ බ්‍රහමින් ලෙසයි. බාබා මෙහි පැමිණ සිටින්නේ මෙම රාවන්ගේ කූඩුවෙන් වෙන් වන හැටි කියා දීමටත් නරක් වී තිබෙන සියලුම චරිතයන් නැවත හැඩගස්වාලීමටත්ය. කල්ප භාගයක් තිස්සේ සියලුම දෙනාගේ චරිතයන් නරක් වුණු නිසා දැන් එය බොහෝ නරක අතට හැරී තිබෙනවා. දැන් ඔබගේ චරිතය තමෝප්‍රධාන් තත්ත්වයට පත් වී තමයි තිබෙන්නේ. දිව්‍යමය ගති ගුණ ඇති චරිතයකත් යක්ෂ ගති ගුණ ඇති චරිතයකත් විශාල වෙනසක් තිබෙනවා. එය හරියට දහවලත් රැයත් වගෙයි. බාබා විස්තර කරනවා දැන් ඔබ විසින් හොඳින් උත්සාහ දැරුවහොත් පමණයි ඔබට ඔබගේ යක්ෂ ගතිගුණ දිව්‍යමය ගතිගුණ බවට පත්කර ගත හැක්කේ. ශරීර අවධානය තමයි යක්ෂ ගතිගුණ ඇති වීමට බලපාන පළවනම කාරණය. ආත්ම අවධානයෙන් සිටින ජීවාත්මයක් කිසිම විටෙක නරක් වන්නේ නැහැ. සියලුම දේ තීරණය වන්නේ කෙනෙකුගේ චරිතය මතයි. දේවී දේවතාවන්ගේ චරිතය නරක් වන්නේ කෙසේද? ඔවුන් පාප මාර්ගයට වැටී පාපකාරී වූ විට තමයි ඔවුන්ගේ චරිතය පවා නරක් වන්නේ. ජගත්නාථ කෝවිලෙහි ඔවුන් කොහොමද මේ පාපකාරී තත්ත්වයට පත්වන්නේ කියා පැහැදිලි කර ඇති පින්තූර ඔබට දැකගත හැකියි. එම කෝවිල් බොහෝ පැරණි වන අතර ඒවායෙහි දේවී දේවතාවන් මෙන් හැඳ සිටින පින්තූර දක්නට ලැබෙනවා. ඔවුන් දේවී දේවතාවන් පාප මාර්ගයට ඇද වැටෙන්නේ කෙසේද කියා එහි පෙන්නුම් කර තිබෙනවා. ප්‍රථම පාපකාරී චරිතය වන්නේ රාගයෙන් පිරි චරිතයයි. එවිට ඔවුන්ගේ වර්ණය සම්පූර්ණයෙන් අඳුරු වූ තත්ත්වයක් පෙන්නුම් කරනවා. සත් යුගයෙහි දී නම් දේවී දේවතාවන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර වූවා ඉන්පසු ඔවුන් කලා දෙකක් නැති කර ගත්තා. රිදී යුගය දිව්‍යලෝකය ලෙස හැඳින්විය නොහැකියි. එය අර්ධ වශයෙන් වූ දිව්‍යලෝකයක් පමණයි. රාවන් මෙහි පැමිණි විට ඔබ තුළ නැවතත් මළකඩ බැඳෙනවා කියා බාබා කියා තිබෙනවා. දැන් අවසානයේදී ඔබ නැවතත් මේ පාපකාරී වූ චරිතයකින් යුතු අයෙක් බවට පත් වී තිබෙනවා. මේ වන විට මිනිසුන් 100%ක්ම පාපකාරී තත්ත්වයට ඇද වැටී තිබෙනවා. ඔබ 100%ක්ම පාපයෙන් තොර වී සිට පසුව 100%ක්ම නැවතත් පාපකාරී තත්ත්වයට ඇද වැටෙනවා. බාබා කියනවා දැන් දිගින් දිගටම ඔබගේ චරිතය හැඩගස්වා ගැනීමෙහි යෙදෙන්න. රාවන්ගේ කූඩුව බොහොම විශාලයි. සියලුම දෙනා දැන් ඉන්නේ රාවන්ගේ කූඩුවෙහි නිසා ඔවුන් සියලුම දෙනා දැන් පාපකාරී තත්ත්වයට පත් වී තිබෙනවා. ඔවුන් රාවන්ගේ රාජ්‍යයෙහිත් රාමාගේ රාජ්‍යයෙහිත් ඇති විශාල වෙනස දන්නේ නැහැ. ඔබ දැන් උත්සාහ කරන්නේ ඒ රාමාගේ රාජ්‍යය කරා යාමටයි. කිසිම කෙනෙක් තවමත් සම්පූර්ණත්වයට පත් වී නැහැ. සමහරු පළවන ශ්‍රේණියේ තවත් සමහරු දෙවන ශ්‍රේණියේ තවත් සමහරු තුන්වන ශ්‍රේණියේ. දැන් බාබා ඔබට මේ සියලුම දේ උගන්වනවා. ඔහු ඔබට දිව්‍යමය වූ ගුණාංග ඇතිකර ගැනීමට උදව් කරනවා. දැන් සියලුම දෙනා ශරීර අවධානයෙන් තමයි ඉන්නේ. ඔබ සේවයෙහි කෙතරම් දුරට යෙදී සිටිනවාද ඒ තරමට ඔබගේ ශරීර අවධානය ඔබ තුළින් තුරන් වී යනවා. ආත්ම අවධානයෙන් සිටින අය ඉතා හොඳින් සේවය කරනවා. බාබා ආත්ම අවධානයෙන් සිටින නිසා ඔහු විසින් කෙරෙන සේවය ඉතාමත් අසහායයි. ඔහු මේ පාපකාරී වූ රාවන්ගේ කූඩුවෙහි සිටින සියලුම දෙනා එයින් ගලවා ගන්නවා. ඔවුන් හට විමුක්තිය ලබා දෙනවා. ඉන්පසු ඒ කූඩු දෙකෙන්ම ඔවුන් නිදහස්. මෙහිදී ඔබ කූඩු යුගලයකට හසු වී සිටිනවා. සත් යුගයේ දී නීති කූඩු හෝ පාපකාරී ජීවයන් හෝ රාවන්ගේ සිර කූඩු හෝ කිසිවක් නැහැ. රාවන්ගේ සිර කුටිය අසීමිත වූ එකක්. සියලුම දෙනා පාපයන් නැමති රැහැනින් බැඳී සිටිනවා. දැන් අසීමිත වූ දුකක් ලෝකය පුරා තිබෙනවා. දිනෙන් දින මේ දුක තවත් වැඩි වනවා. සත් යුගය තමයි රන් යුගය ලෙස හඳුන්වන්නේ. ත්‍රේතා යුගය හඳුන්වන්නේ රිදී යුගය ලෙසයි. සත් යුගයේ තරම් සන්තෝෂයක් ඔබට ත්‍රේතා යුගයෙහිදී අත්දැකිය නොහැකියි. මන්ද එහිදී ජීවයන්ගේ කලා දෙකක් අඩු වී තමයි තිබෙන්නේ. එසේ කලා බැසගෙන එන විට ඔවුන්ගේ ශරීරයත් ඒ ආකාරයෙන්ම වෙනස් වනවා. එමනිසා, මෙම රාවන්ගේ රාජ්‍යය තුළ අනිවාර්යෙන්ම ඔබ ශරීර අවධානයට පත් වී සිටින බව ඔබ දැනගත යුතු අතර බාබා දැන් මේ රාවන්ගේ සිර කුටියෙන් ඔබ ගලවා ගැනීමටත් පැමිණ සිටිනවා. කල්ප භාගයක් තිස්සේ පැවති ශරීර අවධානය නැති කිරීමට තරමක් අපහසුයි. මේ සඳහා ඔබ බොහෝ සෙයින් උත්සාහ දැරිය යුතුයි. මුලින් මේ ඥානයෙහි සිට මිය ගිය අයට නැවතත් ඔවුන් වැඩෙන විට මෙම ඥානය ලබා ගත හැකියි. නමුත් පසු වී මිය යන අයට ඒ සඳහා කාලයක් නැහැ. මේ උත්සාහය ඔවුන් හට දරන්නට බැරි වෙනවා. මිය යන අයට නැවතත් මෙහි පැමිණිය හැකියි. නමුත් නැවත ඥානය ලබා ගැනීමට නම්, ඔවුන්ගේ ඉන්ද්‍රිය පරිණතභාවයට පත් වී තිබිය යුතුයි. ඔවුන් සිහි බුද්ධියෙන් යුතු අය බවට පත් වුවහොත් පමණයි ඔවුන්ට යම් දෙයක් කළ හැක්කේ. නමුත් පසු වී මිය යන අයට මේ කිසිම දෙයක් නැවත ලබා ගන්නට නොහැකි වනවා. ඔවුන් ඉගෙන ගන්නේ මෙම උපත තුළදී ඔවුන් විසින් ඉගෙන ගෙන තිබෙන දේ පමණයි. එමනිසා, ඔබ මිය යන්නට පෙර මෙම උත්සාහය දැරිය යුතුයි. හැකි උපරිම අයුරින් මෙහි රැඳී සිටීමට ඔවුන් උත්සාහ කරනවා. සියලුම දෙනා එම තත්ත්වයට පත් වනවා. මෙම වෘක්ෂය නොකඩවා වැවෙනවා. මෙම විස්තර කිරීම ඉතා පහසු දෙයක්. බොම්බායේ සිටින අයට මෙම ආරංචිය ලබා දීමට බොහෝ අවස්ථා පැමිණෙනවා මේ තමයි අපගේ පියා. ඔබ අනිවාර්යෙන්ම ඒ සත් යුගයේ උරුමය බාබාගෙන් ලබා ගත යුතුයි. මෙය ඉතා පහසු දෙයක්. ඔබගේ හදවත ඉතා හොඳින් ක්‍රියාත්මක විය යුතුයි. මොහු විසින් තමයි ඔබට උගන්වන්නේ ඒ වගේම මෙය තමයි ඔබගේ ඉලක්කය හා අරමුණ වන්නේ. මුලදී ඔබ එම විමුක්තිය අත් දැක්කා. නමුත් පසුව ඔබ නැවතත් බැසගෙන ආවා. ඔබ දැන් නැවතත් මේ තත්ත්වයෙන් විමුක්තිය ලැබිය යුතුයි. ශිව බාබා කියනවා මා පමණක් සිහිපත් කරන්න. එවිට උපත් ගණනාවක් තිස්සේ ඔබ තුළ ඇති පාපයන් ඔබට විනාශ කර දැමිය හැකියි. දරුවනි, ඔබ දන්නවා තඹ යුගය ආරම්භ වන විට රාවන්ගේ පාපයන් පහ තමයි සෑම තැනකම තිබෙන්නේ කියා. මේ පාපයන් සියල්ලක්ම සෑම තැනකම තිබෙන විට මමත් සෑම තැනකම සිටින්නේ කෙසේද? සෑම ජීවයක්ම දැන් පාපකාරී තත්ත්වයට පත් වී තිබෙනවා. බාබා දැන් පෞද්ගලිකවම මෙහි සිටිනවා. ඔහු කියනවා මා කිසිම විටෙක මා සෑම තැනකම සිටිනවා කියා කිව්වේ නැහැ. මා විසින් කියන ලද දෙය ඔබ නිවැරදිව තේරුම් ගෙන නැහැ. භාරතයේ මිනිසුන් මෙය නිවැරදිව තේරුම් ගෙන නොමැති නිසාත් රාගයට පෙළඹ ඇති නිසාත් බාබා අපහාසයට ලක් කර ඇති නිසාත් භාරතයේ තත්ත්වය දැන් මේ තත්ත්වයට පත් වී තිබෙනවා. ක්‍රිස්තියානිවරුන් පවා දන්නවා මීට අවුරුදු 5000කට ප්‍රථමත් මෙම භාරතය සතෝප්‍රධාන් තත්වයේ තිබුණා කියා. නමුත් භාරතයේ මිනිසුන්ගේ බුද්ධිය දැන් තමෝප්‍රධාන් තත්ත්වයට පත් වී තිබෙන නිසා ඔවුන් කියනවා ඒ මීට අවුරුදු සිය දහස් ගණනකට ප්‍රථමයි කියා. නමුත් පිට රටවල සිටින මිනිසුන් ඔබ තරම් උසස් වන්නේත් නැහැ ඔබ තරම් තත්ත්වයෙන් බසින්නේත් නැහැ. ඔවුන් දන්නවා දිව්‍යලෝකයක් මෙහි තිබුණා කියා. බාබා කියනවා ඔවුන් විසින් කියන දේ නිවැරදියි. මා මීට අවුරුදු 5000කට ප්‍රථම රාවන්ගේ සිර කුටියෙන් ඔබ ගලවා ගැනීමට පැමිණියා. දැන් නැවතත් මා ඒ සඳහා මෙහි පැමිණ සිටිනවා. කල්ප භාගයක් තිස්සේ රාමාගේ රාජ්‍යයත් කල්ප භාගයක් තිස්සේ රාවන්ගේ රාජ්‍යයත් පවතිනවා. දරුවනි, මෙය විස්තර කර දීමට එන ඕනෑම අවස්ථාවකදී ඔබ විසින් එය විස්තර කර දිය යුතුයි. බාබාත් ඔබට මේ ආකාරයෙන් විස්තර කර දීමට උගන්වනවා ඇයි දැන් මේ තරම් දුක ඇති වී තිබෙන්නේ? ලක්ෂ්මී හා නාරායන්ගේ රාජ්‍යයන් තිබෙන විට එහි අසීමිත වූ සතුටක් දක්නට ලැබුණා. ඔවුන් සෑම දිව්‍යමය ගුණාංගයකින්ම සමන්විත වූවා. මෙම ඥානය ඔබ සාමාන්‍ය මිනිසුන්ගෙන් දිව්‍යමය වූ මිනිසුන් බවට පත් කරවනවා. මෙම ඥානය මාර්ගයෙන් තමයි ඔබට ඔබගේ චරිතය දිව්‍යමය චරිතයක් බවට පත් කර ගත හැක්කේ. මේ රාවන්ගේ රාජ්‍යයේ සිටින සියලුම දෙනාගේ චරිතය දැන් නරක් වී තිබෙනවා. රාමා හට පමණයි ඔබගේ චරිතය හැඩගස්වන්නට හැකි වන්නේ. මේ වන විට නොයෙකුත් ආකාරයේ ආගම් දක්නට ලැබෙනවා. මනුෂ්‍ය ජනගහනය කෙමෙන් කෙමෙන් වැඩි වනවා. මේ ආකාරයෙන් මෙම ජනගහනය වැඩි වුවහොත් ඔවුන් හට ආහාර පවා නැති වෙනවා. මේ ආකාරයේ සිදුවීම් සත් යුගයේ සිදුවන්නේ නැහැ. කලි යුගය තමයි දුක් ලෝකය සියලුම දෙනා පාපයෙන් පිරිලා. නමුත් එය තමයි සියලුම දෙනා කිසිම පාපයකින් තොර වන සත් යුගය, සතුටේ දේශය. ඔවුන් හට නැවත නැවතත් මෙය කිවහොත් තමයි ඔවුන් මඳක් හෝ මේ ගැන තේරුම් ගන්නේ. බාබා කියනවා මම තමයි පාරිශුද්ධකරුවා. මා සිහි කිරීමෙන් ඔබ තුළ ඇති සෑම පාපයක්ම විනාශ වී යනවා. බාබා කුමන ආකාරයකින්ද ඔබට මෙය පවසන්නේ ? ඔහු අනිවාර්යෙන්ම මේවා කීම සඳහා ශරීරයක් යොදාගත යුතුයි. බාබා පමණයි පාරිශුද්ධකරුවා ඒ වගේම වීමුක්තිදායකයා. මේ සඳහා ඔහු අනිවාර්යෙන්ම ශරීරයක් යොදා ගත යුතුයි. බාබා කියනවා මා මේ ඇතුළු වන්නේ ඔහුගේවත් උපත් ගැන නොදන්නා අයෙකුගේ ශරීරයකටයි. බාබා කියනවා මෙම නාට්‍යය උපත් 84ක කතාවක්. මුලදීම මෙහි පැමිණි අය තමයි දැන් බාබා හමුවීමට පැමිණ සිටින්නේ. ඔවුන් තමයි උපත් බොහෝමයක් ගෙන තිබෙන්නේ. අනෙක් අය උපත් ලබා ඇත්තේ ටිකයි. දේවී දේවතාවන් එන්නේ ඒ සියලුම දෙනාට කලින්. දරුවනි, බාබා ඔබට කතාවක් කර මෙය විස්තර කර දෙන ආකාරාය කියා දෙනවා. ඔබ බලවත් ස්මරණයකින් යුක්ත වනවා නම්, ශරීර අවධානයෙන් තොර වනවා නම් ඔබට හොඳ කතාවක් කරන්නට පුළුවන් වෙනවා. බාබා සිටින්නේ ආත්ම අවධානයෙන්. ඔහු නිරන්තරයෙන් කියන්නේ දරුවනි, ආත්ම අවධානයට පත් වන්න කියාය. ඔබ තුළ කිසිම පාපයක් නොතිබිය යුතුයි. කිසිම යක්ෂ ගතිගුණයක් ඔබ තුළ නොතිබිය යුතුයි. ඔබ කිසිම කෙනෙක් අසතුටට ලක් නොකළ යුතුයි. දරුවනි, ඔබ කිසිම ඕපාදූපයකට සවන් නොදිය යුතුයි. බාබා හට කියන්න මේ මේ කෙනා මෙවැනි දෙයක් කිව්වා එය නිවැරදිද ? බාබා ඔබට එය කියයි. එසේ නැතිනම්, මිනිසුන් බොරු කතා වලට සවන් දෙමින් සිටිනවා. ඉතින් අහවල් අහවල් තැනැත්තා මේ මේ දේ ඔබට කිව්වා. එවැනි දේ කීමෙන් මිනිසුන් අවසානයකට ලක් වනවා. බාබා දන්නවා අනිවාර්යෙන්ම මෙම සිද්ධිය සිදුවනවා කියා. ඔවුන් නොයෙකුත් දේ කියමින් අනුන්ගේ සිත රිදවනවා. එමනිසා, ඔබ කිසිම විටෙක බොරු කතා වලට සවන් දී ඔබ හදවත් උණුකර ගන්න එපා. ඔබට අහන්න පුළුවන් මේ මේ කෙනා මා ගැන මෙසේ කිව්වාද? ඔබ තුළ පිරිසිඳුභාවය තිබිය යුතුයි. ඕපාදූප වලට සවන් දීමෙන් බොහෝ දරුවන් නොයෙකුත් දබර ඇති කර ගන්නවා. දැන් ඔබ බාබා හමු වී සිටින නිසා ඔබ බාබාගෙන් මෙය ඇසිය යුතුයි. බොහෝ දෙනා හට බ්‍රහ්ම බාබා ගැන විශ්වාසයක් නැහැ ඔවුන් ශිව බාබා පවා අමතක කර දමනවා. බාබා මෙහි පැමිණ සිටින්නේ සියලුම දෙනා උසස් තත්ත්වයට පත් කිරීම සඳහායි. ඔහු සියලුම දෙනා උසස් තත්ත්වයට පත් කරන්නේ සෙනෙහස මඟිනුයි. ඔබ සත්‍යය විසින් උපදෙස් ලබා ගත යුතුයි. ඔබ හට කිසිම විශ්වාසක් නැතිනම් ඔබ ඔහුගෙන් අහන්නේ නැහැ එවිට ඔබට ප්‍රතිචාර ලැබෙන්නේත් නැහැ. බාබා විසින් කියන සියලුම දේ ඔබ විසින් ධාරණය කර ගත යුතුයි. ශ්‍රීමත් අනුගමනය කිරීම මඟින් ඔබ මෙම ලෝකයේ සාමය පතුරුවාලන දරුවන් බවට පත්විය යුතුයි. බාබාගේ උපදෙස් තරම් උසස් වූ තවත් උපදෙසක් නැහැ. මේවා අනුගමනය කිරීමෙන් තමයි ඔබට උසස් තත්ත්වයක් ලැබිය හැක්කේ. බාබා කියනවා ඔබටම ප්‍රයෝජනයක් කරගෙන මෙවැනි උසස් තත්ත්වයක් හිමිකර ගන්න. මහාරාතී කෙනෙක් බවට පත් වන්න. ඔබ විසින් අධ්‍යයනය කළේ නැතිනම් ඔබ එම තත්ත්වය ලබන්නේ කෙසේද? මෙය සෑම කල්පයකදීම සිදුවනවා. සත් යුගයේ සියලුම සේවකයන් අනුපිළිවෙලක් අනුව තමයි එන්නේ. බාබා මෙහි පැමිණ සිටින්නේ ඔබ උසස් තත්ත්වයකට පත් කරලීමටයි. කොහොමනමුත්, ඔබ ඉගෙන ගත්තේ නැතිනම්, ඔබ විසින් ලබන තත්ත්වය කුමක්ද? සේවකයන්ගේ තත්ත්වයේද ඉහළ තත්ත්වයක් හා පහළ තත්ත්වයක් තිබෙනවා. මෙය බුද්ධියෙන් තේරුම් ගත යුතුයි. මිනිසුන් යන්නේ කොහෙද කියාවත් ඔවුන් දන්නේ නැහැ. දරුවනි, බාබා දැන් මෙහි පැමිණ ඔබට විස්තර කර දෙනවා ඔබ ස්වර්ණම යුගයේ හා රිදී යුගයේ සිටියා. දැන් ඔබ සිටින්නේ යකඩ යුගයේයි. ඔබ මේ සියලුම දේ හොඳින් තේරුම් ගන්නවා නම් එය තමයි ඥානය වන්නේ. බොහෝ දරුවන් එක් කණකින් අසා අනෙක් කණින් එය ඉවත් කර දමනවා. හොඳ මධ්‍යස්ථානයක හොඳ දරුවන් පවා පාපකාරී වනවා. ඔවුන් ඔවුන්ගේ යහපත, පාඩුව, ගෞරවය ගැන සිතන්නේ නැහැ. ප්‍රධානම දෙය තමයි ඔබගේ පාපකාරී ඇස. බාබා කියනවා රාගය තමයි ඔබගේ ලොකුම හතුරා. මිනිසුන් එයින් ගැලවීම සඳහා බොහෝ උත්සාහ කරනවා. ප්‍රධානම දෙය පාරිශුද්ධත්වයයි. පාරිශුද්ධත්වය නිසා තමයි සෑම සටනක්ම සිදුවන්නේ. බාබා කියනවා රාගය තමයි ඔබගේ ලොකුම හතුරා. ඔබ එය ජය ගතහොත් පමණක් ලෝකයම ජයගත්තා වෙනවා. දේවී දේවතාවන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරයි. ඔබ වර්ධනය වෙමින් ඉදිරියට යන විට, සෑම දේම තේරුම් ගන්නවා ඇත. මෙම ස්ථාපනය අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබට ඇසෙන කට කතා විශ්වාස කිරීමෙන් ඔබේ මනෝ ස්ථිතිය නරක් වීමට කිසි සේත් ඉඩ නොතබන්න. තමා තුළම පිරිසිඳුකම තබා ගන්න. බොරු දේට සවන් දෙමින් ඔබගේ හදවතෙහි ගින්දර ඇති කර ගන්න එපා. පියාගෙන් උපදෙස් ලබා ගන්න.

2. ජීවාත්ම අවධානයට පත් වීම සඳහා සම්පූර්ණ උත්සාහය යොදන්න. කිසිවෙකුට අපහාස නොකරන්න. යහපත, පාඩුව සහ ගෞරවය පිළිබඳව අවධානයෙන් සිටීමෙන් පාපී ඇස සම්පූර්ණයෙන්ම අවසන් කරන්න. බාබා විසින් කියන දේ එක් කණකින් අසා අනෙක් කණින් පිට වීමට ඉඩ තබන්න එපා!

වරදානය:
ඔබ සෑම ක්‍රියාවක්ම සිදු කරන අතර ඔබගේ ත්‍රිකාලදර්ශි ආසනයේ තැන්පත්ව සිටින බලවත් ජීවාත්මයක් වේවා.

සෑම ක්‍රියාවක්ම සිදු කරන අතර, තම ත්‍රිකාලදර්ශී ආසනයේ සෑම විටම තැන්පත්ව සිටින දරුවන්, බොහෝ සිදුවීම් පැමිණෙන බවත්, සිදුවන බවත් දන්නවා. තමන්ගේ මාර්ගයෙන්, අන් අය මගින්, මායා හෝ පදාර්ථ මගින්, සිදුවීම් කොහොමත් පැමිණෙයි; ඒවා අනිවාර්යෙන්ම පැමිණෙයි. කෙසේවෙතත්, ඔබගේ ආදිතම ස්ථිතිය බලවත් වූ විට, ඔබගේ ආදිතම ස්ථිතිය හා සසදන විට, සෑම බාහිර සිදුවීමක්ම මහ ලොකු දෙයක් නොවෙයි. ඕනෑම ක්‍රියාවක් සිදු කිරීමට පෙර, එම ක්‍රියාවේ තුන් කාලයම පරීක්ෂා කර බලා එය වටහාගන්න; එහි මුල, මැද සහ අවසානය, ඉන්පසුව එම ක්‍රියාව සිදු කරන්න, එවිට ඔබ බලවත් වී සියලු අහිතකර සිදුවීම් අභිබවා යයි.

පාඨය:
සියලු බල සහ මෙම දැනුමින් පිරිපුන් වීම, සංගම යුගයේ ප්‍රතිලාභයයි.